#දුඹුරු_සඳ_102
____________🌙🤎𝓐 𝓻 𝓸 𝓱 𝓲 𝓨 𝓪 𝓼 𝓱 𝔀 𝓲 𝓻 𝓪_
"හෙට උදේ වෙනකොට අරකි මගෙ දෑහට පේන්න ඉන්න බෑ අයියෙ උඹට මං දැන්ම කීවා."
ආග්නගේ මුවින් වදන් ලෙස තවමත් විටින් විට එළියට එන්නේ සායිරා පිළිබඳවූ කෝපය.
"ගොඩක් රිදෙනවද?"
තූර්වී විණාරාගෙන් විමසන්නට වූයේ විණාරා හිස දෙපසට වනද්දී.
"රිදෙනව වුණත් මේන් කියල කියයි බලාගෙන ඉන්නවා.
මෙච්චර දෙයක් වෙලා අන්කන්ෂියස් ඉඳලත් මං අහද්දි අරකි ගැන කටක් හෙල්ලුවෙ නෑ. මතක් වෙද්දිත් මට තමුසෙ ගැන එන කේන්තියක්..."
ආග්නගේ වදන් ප්‍රවේගකාරී වන්නේ සිදුවූ දෙය ඔහු මනසින් ඉවත්ව නොයද්දී.
"සිරාවට නංගි එච්චර දෙයක් කරනකන් තමුසෙ උඩබලන් හිටියද?"
ආග්නට නෑසෙන්නට ආද්නව් විමසන්නට වූයේ විණාරා දෙස සියුම් රැවුමක් පා කරමින්.
"අයියෝ හරි හරි අනේ ලෙඩාව වටකරන් ප්‍රශ්න අහන්නයි බනින්නයි තියාගත්තා ඒ පාර ...විණා දීදී ඇවිත් ඉඳගන්නකො ඔක්කොටම කලින්."
පීහු කළේ විණරාව අල්වාන එහි වූ එක් එළිමහන් හාන්සි පුටුවක වාඩිකරවීම.
"දැන් පුප්පන්නැතුව ඉන්නවා. ඒක ඉවරනේ. සායිරාව යවන්න කියල මං රොවේන්ට කියන්නම්."
ආග්නගේ කෝපය පිළිබඳව හොඳාකාරවම දන්නා නිසාවෙන් ආද්නව් පවසන්නට වූයේ ආග්න රවාගෙනම ඉද්දී.
"නංගි ඔයාට අමාරුනම් රූම් එකට යන්න. අපි හෙට දිහාවට සෙට් වෙමු ආයෙ."
ආද්නව් පවසද්දී විණාරා කළේ අමාරු නැහැයි කියන්නට හිස දෙපසට වැනීම.
"ශේප්ද එහෙනම්?"
ආද්නව් නැවතත් විමසූයේ විණාරාට අපහසුවක් නැති බවට තහවුරු කරගන්නට.
"ඔව්... දැන් දැවිල්ලත් අඩුයි."
"හා හා හරි එහෙනම්. මේ වහංගතයක් නිසා අපේ පාටි එක රුයින් කරගන්න ඕනෙ නැහැනේ..."
ආද්නව් පවසන්නට වූයේ තූර්වීත් එයට එකඟව හිස වනද්දී.
"කූල් වෙන්නත් එක්ක කට්ටියම මොනවහරි බීල ඉමු."
![](https://img.wattpad.com/cover/341848930-288-k106872.jpg)