මඟ බලමින් 👀
දෙවන දිගහැරුම
ඒ හඬෙහි පෙරටත් වඩා කෝපයක් ගැබ් වී තියෙද්දී ආහේලි හිස ඔසවා අපහසුවෙන් මුත් ඒ දෙනෙත් මතම ඇගේ දෙනෙත් පටලවා ගත්තා...සිව් දෙනෙත් යා වෙද්දී ඇගේ මුළු ගතම වෙව්ලා ගියේ ඒ ආඩම්බර දෑස් වල ඇති දීප්තිය අහිංසක ඇගේ සිතට බර වැඩි නිසයි...
" What if we rewrite the stars?
Say you were made to be mine
Nothing could keep us apart
You'd be the one I was meant to find
It's up to you, and it's up to me
No one can say what we get to be
So why don't we rewrite the stars?
Maybe the world could be ours
Tonight.........."
ඒ සිරුරු අතර ඇති ඉඩ ටිකෙන් ටික අඩු වෙද්දී සෞරට නම් වගක් නැති වුනත් ආහේලි නම් සිටියේ පියවි සිහියෙන් නොවේ.....ඒ නපුරු දෑස් දෙසම බලාගෙන ඇය භාවනාවක යෙදුනේ ඔහුත් ඇගේ දෑස් මතම නෙතු අයාගෙන සිටිද්දී...
සංගීතය නතර වනවාත් සමගම ඇසෙන විසිල් හඬින් පසු සෞර ඇගේ බද වටා තිබූ ඔහුගේ අත නිදහස් කලේ ඒ නෙතු මතින් ඔහුගේ දෑස් වෙනතකට යොමු කරමින්...
" වාව්.....වාව්.....සෞරයෝ......සුපර්බ් ඩාන්ස් මචන්....එක්සලන්ට් ප්‍රෆෝමන්ස්....ආහේලි ඔයත්....වාව්...."
මාහීර්ව ඩාන්සි ෆ්ලෝ එකට පැමිණියේ මයික්‍රොෆෝනයත් අතැතිවයි...
" මේ මාහියෝ මට දැන් යන්න ඕනේ ගෙදර..අබීශා කෝල් එකක් දුන්නා තාත්ති අද ඔෆිස් එනවා කියලා...."
" හුටා.....ඒකත් එහෙමද??? අන්කල්කාරයාගේ නීතී ටික මතකයිනේ....පොඩ්ඩ මිස් වුනොත් අද අපි දෙන්නවම මස් කරයි....හිටපන් මේ මයික් එක දීලා වාෂ්ප වෙමු...."
" හ්ම්...හ්ම්....ඉක්මනට වරෙන් යන්න...."
යන්න ගිය මාහීර්ව ආපසු සෞර දෙසට හැරුනා...
" මේහ් සෞරයෝ උඹේ ප්‍රියම්භිකාව මට බැන්නද???"
" අබීශා මොකුත් කිව්වේ නෑ මාහියෝ....දැන්වත් ඕක තියලා වරෙන් යන්න....ටූ ලේට් මචන්....හරි අප්...."
" විනාඩියක් දීපන්....පටාර් ගාලා එනවා....."
ආහේලි හදවත රිද්ද ගත්තේ සෞරගේ කතාවටයි...ඇගේ හිතේ ඔහු ගැන හැඟීමක් ලියලා වැඩෙමින් තිබුනත් ඇය එය උපන් ගෙහිම වළලා දැමුවේ ඔහු අන් සතු වස්තුවක් වෙද්දී..
ඒ උරහිසෙහි මෙතෙක් වේලා තිබූ අතත් ඔහුගේ අතේ පැටලී තිබුන අනෙක් අතත් ඇය නිදහස් කර ඔහු දෙස ආපසු හැරී හෝ නොබලා ගියේ ඇගේ අතිජාත යෙහෙලියන් වෙතට...
" යේනු අපි ගෙදර යමුද???අනේහ් ප්ලීස්....."
" මොකද බන් හේලි වුනේ උඹට...අර සෞරයා මොනවා හරි කිව්වද????කිව්වා නම් කියපන් උගේ හොම්බ කට සමතලා කරන එක එච්චර වැඩක් නෙමෙයි අපි දෙන්නට...නේද නමිනියෝ ..."
" ඔව් හේලී මොනවා හරි කිව්වා නම් දැන්ම කියපන්..පස්සේ කුරු කුරු ගාන්න තියාගන්න එපා...විසදගන්න තියන දේ මෙතනම විසදගෙන යන් යන තූත්තුකුඩියක...."
නමිනි පැවසුවේ සෞර දෙස නොපහන් බැල්මක් හෙලමින්....
" අනේහ් නෑහ් බන්....එයා මොකුත් කිව්වේ නෑ....මගේ ඇඟට හරි නෑ අද...අනේහ් ප්ලීස් යමුකෝ...."
ආහේලි ඔවුන් දෙදෙනාට පෙරැත්ත කලේ ඇයට තවත් මෙහි රැදෙන්න සිත් නොදුන් නිසයි...
" හ්ම්.....හ්ම්.......පස්සේ නම් උඹ අඩන්න තියන්න ගන්න එපා හේලී මතකයිනේ උ ඹේ අම්මාගෙනුයි තාත්තගෙනුයි අපි දෙන්නා අද එක්කගෙන එන්න පර්මිෂන් ගත්ත විදිය...."
යේනූ තදින්ම ආහේලිට පැවසුවේ ඇය කෙතරම් නැහැ කිව්වත් ඇගේ විශාල වෙනසක් මේ වන විටත් යේනූ දැකලයි තිබුනේ...
" සොරි බන්...මන් හින්දා ඔයාලටත් කරදරේ...."
ඒ දෑස් මග හරිමින් බිම බලාගෙන ආහේලී මිමිණුවේ ඇගේ මනසෙන් සෞරව තවමත් අන්සතු වුනත් මැකිය නොහැකි වෙද්දී...
" අපිට නම් කරදරයක් නෑ...නේද නමිනියෝ....හැබැයි මට නම් ෂුවර් එකක් නෑ උඹ ආපහු බදුල්ලට යන්නේ අපි එක්කගෙන ආපු හේලී විදියටමද කියලා...."
නමිනිත් එක අනුමත කරමින් හිස සැලුවා...ආහේලිට ඇගේ දුක වේදනාව ඔවුන්ගෙන් සගවන්න දැඩි පරිශ්‍රමයක් දරන්න සිදුවුනේ ඔවුන් තිදෙනා පෙර පාසල් සිටිම එකට හැදී වැඩුනු නිසා තිදෙනාගෙන් එක් අයෙකුගේ හෝ වෙනසක් ඔහුට හොදින්ම දැනෙන නිසයි...
" කොහොමද හිත හදාගන්නේ එයාට අයිතිකාරියෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මන්...."
ආහේලි තනිව මුමුණමින් බරට හුස්මක් හෙළුවේ ලය සැහැල්ලු කරගැනීමට මෙන්....
" වරෙන් යන්න...ආය අරුන් ලයිට් ඩිම් කරන්න කලින්...."
යේනූ ඇගේ අතත් අල්ලාගෙන හෝල් එකෙන් පිටතට පැමිණියා...
" හේලී කවද්ද උ ඹ ආපහු යන්න හිතන් ඉන්නේ...."
" හෙට නමිනි....."
" මොකක්...අනේහ් මේහ්....උඹට නම් හොල්මන්.....දැක්කෙත් මාස ගානකට පස්සේ...හෙට නම් උඹව යවන්නේ නෑහ් හේලියෝ....සතියක් දෙකක් තියාගෙන තමා යවන්නේහ්...."
" අනේහ් කෙල්ලේ...තාත්තා නම් කැමති වෙන්නේ නෑ ඔය වැඩේට...."
" හා හා ඒ අකමැත්ත අපි බලාගන්නම්කෝ නේද යේනූ....උඹ පැහෙන් නැතුව හිට පන්කෝ....."
නමිනිත් යේනූත් සමග තර්ක කර ඇයට කවදාවත් දිනන්නට බැරි බව දන්නා නිසාම ඇය නිහඩ වුනා...
" කැබ් එකක යන් බන්....මේකි දැන් බෙල්ල ගලෝග න්නවා කොයි වෙලාවේ හරි ගවුමටම පෑගිලා..."
සෞරගේ වදන් දෙසවන් වල දෝන්කාර දෙන්න ගත්තේ නමිනි ඇගේ දිගු ගවුමට පැවසූ දෙයටයි...
" අමතක කරන්න හේලි එයාව...එයාව ඔයාට ආය දකින්න වත් හම්බෙන්නේ නැති වෙයි ආපහු බදුල්ලට ගියාම...."
ආහේලි ඈටම තරවටු කරගත්තේ දෑස් වලින් කඳුළු නොගැලුවත් හදවත හඬා වැලපෙන්නේ පිරිමියෙක්ට යැයි මුලින්ම සිත බැඳුනේ ඔහුටම වුනත් ඒ ආදරය ඇයට කිසිදාක උරුම නොවන නිසාත්..
" මොන ලෝකේද ඉන්නේ හේලී උඹ....නැ ගපන් කැබ් එකට...."
යේනු කේන්තියෙන් කෑගසද්දී ඇය කැබ් රථයට නැග්ගේ ඔවුන් සිටි හෝටලය දෙස ආපසු හැරී බලමින්....කොළඹ කර්කෂ පරිසරය ඇයට කවදත් හුරුපුරුදු වුනත් ඇය සැමදාම ප්‍රිය කලේ ඇය කුඩා කල සිට හැදුණු වැඩුනු ගැමි පරිසරයටයි...
ඇගේ උපන් ගම බදුල්ල වුවත් ඇය අධ්‍යාපන කටයුතු අවසන් කලේ කොළඹ ප්‍රධාන පෙලේ පාසලක වෙද්දී ඇය පාසලේ නේවාසිකාගාරයේ නැවතුනේ පාසල් කටයුතු අවසාන වෙන තෙක්...
ආහේලිගේ දෙමව්පියන් ගුරුවරු වීම නිසාත් ඇයට කුඩා කල සිටම ලැබුණු අධ්‍යාපනික පසුබිම නිසාත් ඇය පාසලේ දිදිළන ශිෂ්‍යාවක් වුනා...
වීදුරුව අසල ශීට් එකෙන් හිද ගත් ආහේලී පසු වී යන ගොඩනැගිලි සිය දහස් ගනන් දෙස බලා සිටියේ ඇය මේ කොළඹ පුරවටයට පා තැබුවේ වසර පහකට පමණ පසු නිසයි...නිවාඩු සමයට ඇගේ මිතුරියන් දෙදෙනා ඇයව බැලීමට බදුල්ලට පැමිණියත් ආහේලිගේ පියා නැවත ඇයට කොළඹ තහනම් පුරවරයක් කලේ ඇයි දැයි කියන්න ඇයට තවමත් පිළිතුරු නැති ප්‍රශ්නයක් වුනා...
" බැ හැපන් යකෝ...යකෙක් ගහලද නැත්තම් ගැහුවද උඹට????"
යේනු කෑගැසුවේ කල්පනාවෙන් හුන් ඇය තිගැස්සී යද්දී...ආහේලි හිස බිමට බර කරගෙන යේනුගේ නිවසේ නතර වෙද්දී නමිනි ඔවුන් පැමිණි කැබ් රථයෙන් ඇගේ නිවසට ගියා....
ආහේලි ඇද සිටි ගවුම උනා දමා ඇඳ බදා ගත්තේ ගතට දැනෙන තෙහෙට්ටුව නිසාමයි...දෑස් පියවෙද්දී ඇගේ දෑස් ඉදිරියේ මැවුනේ ඇය අසීරුවෙන් මුත් අමතක කරන්න හදන සෞරගේ හැඩි දැඩි කඩවසම් ආඩම්බර රුව.
" මට ඉන්න දෙන්න....ඇයි ආයෙ ආයේ මාව රිද්දන්නේ...ප්ලීස් එන්න එපාහ්...."
" කාටද දැන් උඹ ඕවා කියන්නේ ආහ්....මට නම් වෙන්න බෑ....ඈ හේලියො....කියපන් මොකද්ද වුනේ කියලා....."
ආහේලී ඇද මතින් හිද ගත්තේ තවත් ඇගෙන් මෙය සගවා පලක් නැති නිසයි...
" යේනු...."
" යේනු තමයි...දැන් කියපන් මොකද තෝ මිනිහා මැරිච්ච ගෑණි වගේ හූල්ලන්නේ කියලා..."
ලය පිරෙන්නම හුස්මක් ගත්ත ආහේලි,
" සෞර..........."
" හරිනේ....මන් කිව්වේ ගොනා හැරෙද්දිම....ඒ වෙලාවේ කිව්වනම් ඕ ක ගේ මූනත් තහඩුව සමතලා කරනවනේ...."
" කියනකම් හිටපන්කෝ යේනුවෝ ඇඩ් දාන්නේ නැතුව...."
" හ්ම්.....හ්ම්....ඉක්මනට කියපන්කෝ...මට අද නයිට් ෂිෆ්ට් එක...."
" එහෙනම් උඹ ගෙදර ආපුවහම මන් කියන්නම් යේනු...."
" අනේහ් මේහ්...මට කියලා ඔය ලස්සනට තියන මූණට දෙක තුනක් ඇණ ගන්න කලින් වුන දේ කියපන් ඉස්පිලි පාපිලි ඇතුව......"
" සෞරට මන් කැමති වගේ යේනු...."
යේනු අත තිබුන ප්ලාස්ටික් වතුර කෝප්පය හැලී ගියේ ඇගේ දෑස් පවා විසල් වෙද්දී...
" මො....මො....මොකක් කිව්වා....හේලීයෝ ජෝක් නේහ් කෙල්ලේ...."
" නෑහ් බ න්....මන් ඇත්තටමයි කියන්නේ...."
" උඹ දන්නේ නැද්ද ඌ එන්ගේජ් වෙලා ඉන්නේ කියලා....කවද්ද එහෙම ෆීලින් එකක් ආවේ උඹට...."
" අද බ න්....කපල් ඩාන්ස් එක වෙලාවේ.....ඒත් ඊටත් කලින් ඉදලම සෞරව මට හුරුයි වගේ....උඹ දන්නවනේ මන් ඉගෙන ගත්තා මිසක් ලව් කියන සබ්ජෙක්ට් එකට ඒ දවස් වල ඉදන්ම නෑ කියලා...එයා එන්ජේජ් වෙලා කියලා මන් කලින් දැනන් හිටියේ නෑ යේනු..."
" හ්ම්...........උඹ ඒ සබ්ජෙක්‍ට් එකේ නැති එක සැබැයි බ න් හේලියෝ....ඒත් කරන්න දෙයක් නෑ....ඌ බැදපු මිනිහෙක්නේ..අහක යන ගූ ගොඩවල් වලට කර ගහන්නේ නැතුව පාඩුවේ හිටපන් කෙල්ලේ....උඹට විදවන්න වෙයි....සෞරගේ තත්තා මල යකෙක් වගේ මිනිහෙක්...සෞරයාත් ඉන්නේ මේ දැන් පුපුරයි වගේ....ඒ වගේ මූලග්ගිනිකාරයෙක් උඹ වගේ අහිංසක කෙල්ලෙක්ට ගැලපෙන්නේ නෑ...ගැලපුනත් කරන්න දෙයක් නෑ ඌ මැරීඩ්...ඒක හින්දා නියපොත්තෙන් කඩන්න තියන දේට පොරොවෙන් කොටන්න තියන්න එපාහ්...."
" තේරුණා යේනු....මන් හිත හදාගෙන ඉන්නේ..."
" හොද කෙල්ල...දැන් ගිහින් මෙතන ගද ගගහා ඉන්නේ නැතුව වොෂ් එකක් දාලා අන්න අම්මා උඹ ආසම පුස්නාම්බු හදලා තියනවා...ඇති තරම් කාලා නිදාග නින්...මන් උදේ හතට ඕෆ්....ඊට පස්සේ තුන් දෙනා එක්ක යන් රවුමක් ගහන්න...."
යේනු ආහේලිගේ කොන්ඩෙත් අවුස්සමින් බෑග් එක කරට දමා ගත්තේ ඇගේ ස්කූටියේ යතුරද අතට ගනිමින්...
" පරිස්සමට යේනුවෝ...."
" මගේ මොනවා පරිස්සම් වෙන්නද බ න්...උඹ පරිස්සම් වෙයන්...නැත්තම් දේවසිංහ සර් අපි දෙන්නව පණ පිටින් වළලයි....."
" තාත්තා සැර වුනාට හොදයි බන්...."
ආහේලි ඇයට දිවත් දික් කර පවසන්නේ නෝක්කාඩු ස්වරයෙන්..
" ඔව් ඔව් ඒ දවස් වල කාපු වේවැල් පාරේ සනීපේ තාම පස්ස පැත්තට දැනෙනවා...මේ කෙල්ල මට පරක්කු වෙනවා....මන් යනවා හොදේ....එළියට යන්න එපා තනියම...හෙටම ඇවිදිමු...සති දෙකක් විතර ඉන්නවනේ...හාද????"
යේනු කාමරයෙන් එළියට ගොස් නැවතත් දොරෙන් හිස පමණක් කාමරය තුලට දමා පැවසුවේ ආහේලිට මහ හඩින් සිනහවක් යද්දී...
" උඹට හිනා....මමයි නමිනියයි ගුටි කෑවේ උඹ කරපු වැඩ වලටත් අල්ලලා...."
" යමන් යමන්....පරක්කුවෙයි...."
යේනු ගියේ ආහේලිව කාමරය තුල තනි කරමින්...ඇය ගතෙහි තෙහෙට්ටුව නැතිවන තුරු සීතල වතුරෙන් නාගෙන හිසත් බාගෙට පිසිමින් දුරකථනය අතර ගත්තේ දැනුන අලසකමටයි...
" හේලි දූ කන්න එන්න....ඔයාගේ ෆේවරිට්....."
යේනුගේ මව කුස්සියේ සිටම කෑගැසුවේ ආහේලි තවමත් කාමරයටම වී සිටිද්දී....
" ඉන්න ආන්ටි ඉක්මනට එනවා....."
දුරකථන ඇද මතින් තබා තුවාය දවටගෙන සිටි ඉන ලගට තෙක් දිග කෙස් කළඹ පිට මැදට වෙන්න කඩා දමා ඇය කුස්සියට ගියේ කුසගින්නක් නැති වුනත් යේනුගේ මව ඇයට හඬ ගෑ නිසයි...
" සුවදටම බඩ පිරෙනවානේ ආන්ටි...."
" බොරු කියන්න එපා දූ....ඔයාලගේ අම්මට වගේ ගමේ රහට නම් මන් කෑම හදන්න බෑ......"
ඇය ආහේලීගේ මව වර්ණනා කරන්න ගත්තේ ඇත්තට ආහේලිගේ මවගේ ආහාර වල රස මතක් කරමින්..
" ඔයාගේ ඒවත් රසයි ආන්ටි...."
ආහේලි පවසමින්ම කුස්සියේ පුටුවකින් හිදගද්දී යේනුගේ මව ඇය අතින් පුස්නාම්බු පීරිසියක් තැබුවා...
" කන්නකෝ දූ.....මන් ඔයාට ස්ට්‍රෝන්ග් ජින්ගර් ටී එකක් හදන්නම්....මාර්කට් එකට යන්නත් ඕනේ හවස එළවළු මොකුත් නෑ ගේ හරියේ...."
" අපි දෙන්නා යමුද ආන්ටි....යේනුත් හෙට උදේනේ එන්නේ...."
" හරි දූ...පහට විතර යන්කෝ එහෙනම් පොඩි ෂොපින් පාරකුත් දාලම එන්න...."
" ආන්ටි බස් එකේ යන් හාද???බස් එකේ කොහෙවත් ගියපු කාලයක් මතක නෑ....කැබ් වල ගිහින්ම ඇති වෙලා..."
ආහේලිගේ පියා ඇය උසස් පෙළ සමත් වූවාත් හරි ඇයව තනිව කොහෙවත් යැව්වේ නැත...පොඩි ගමනට වුවත් කැබ් රථයක් සූදානම් කර දුන්නේ ඇගේ කැමැත්ත අකමැත්ත පිළිබද නොවිමසායි...ඇයට පාසල් සමයේ ලබා දුන් නිදහස නැති වුනේ ඇගේ පියාගේ හදිසි වෙනස් වීමත් සමගයි..එයට හේතුව ඇය කිහිප වරක්ම විමසුවත් පියාගෙන් ඊට පිළිගත හැකි පිළිතුරක් ලැබුනේද නැත...
" දූ ආස එහෙම නම් අපි බස් එකේම යන්කෝ.....දැන් කාලා ඉන්නකෝ...."
ආහේලි හිස වනමින් පුස්නාම්බු කෑල්ලක් රස බලන්න ගත්තේ රේඩියෝ එකේ වාදනය වන ගීතයක් තාලයට මුමුණමින්...
" මතකයන් හිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා
මැකී යයි පිය සටහන්
පාසැලින්............."
" මතකයන් හිත පෑරුවට මොකද එකම බැජ් එකේ වෙලත් මන් එයාව දැක්කේ අදනේ....ඉගෙන ගත්තට මැෂින් එකක් වගේ කොල්ලෙක් වත් මගේ පස්සෙන් ආව කියලයැ මොකෝ.....ලස්සනත් නෑනේ ඉතින්....."
ආහේලි තනිව මුමුණමින් කෑම මේසය උඩ තියන දුම් දමන ඉඟුරු තේ කෝප්පය අතට ගත්තා....දිවත් පිච්චි පිච්චිම එය ඉවර වෙනකන්ම පානය කලේ එයින් දිව්‍යලෝක රසයක් ඇයට දැනෙද්දී...
" ස්ට්‍රෝන්ග්ම ජින්ජර් ටී ආන්ටී....."
ඇය මහපට ඇඟිල්ල සහ දබර ඇගිල්ල එකට නමා අනෙත් ඇඟිලි තුන් ඔසවා යේනුගේ මවට පෙන්වමින් පුටුවෙන් නැගී සිටියා...
" ආන්ටි දැන්ම රෙඩි වුනොත් නම් පහ වෙද්දී ගෙදරින් එළියට යාගන්න පුළුවන් වෙන්....දන්නවනේ මන් ලෑස්ති වෙන්න ගියාම...."
බිත්ති ඔරලෝසුව දෙස බලමින් පැවසූ ආහේලි ඔළුවත් කසමින්ම කෝප්පය සෝදන්න ගත්තා...
" හරි දූ....එහෙනම් ඔයා ඇඳුමක් දාගන්නකෝ...මාත් වොෂ් එකක් දාගෙන එන්නම්....."
කාමරයට ගිය ආහේලී වැලමිට ලගට අත් ඇති දෙපතුල් දෙක දක්වා දිගු ගවුමක් හැඳ කොණ්ඩය මුහුණට නොවැටෙන්න පොඩි කට්ටක් ගසා ගත්තේ කොණ්ඩය තවමත් තෙත නිසයි...ෆ්ලැට් සෙරෙප්පු දෙකක්ද දමා ගෙන ඇය ආසම වික්ටෝරියා සීක්ට්‍රට්ස් ලව් ස්පෙල් පර්ෆියුම් එකත් සුවඳ වැඩි වන්න ගසාගෙන මුදල් පසුම්බියත් දුරකථනයත් රැගෙන ඉක්මනින් පහලට පැමිණියා...
" යන්ද ආන්ටි????"
" යන් දූ....ඔයා එළියට යන්නකෝ...මන් දොරවල් ටිකයි ජනෙල් ටිකයි ලොක් කරගෙනම එන්නම්...."
හිස වැනූ ආහේලී ගේට්ටුවෙන්ද පිටතට ගියේ අවට සිරි නරඹමින්..අහසේ රෑනට පියාඹන කුරුල්ලන් දෙස ඇසි පිය නොහෙලා ඇය බලා සිටියේ ඇගේ මුවත් යන්තම් විවර වෙද්දී...
" නංගි බබා කට වහ ගන්න...ඔය කුරුල්ලෙක් බෙට්ටක් එහෙම දැම්මොත් කෙලින්ම ඔයාගේ කටේනේ...."
ඔහු උරහිස් හකුලුවමින් පැවසුවත් ආහේලි තවමත් ඔහුව දුටුවේ නැත....දැනුන ලැජ්ජාවටම රතු වුනු ආහේලි බැලුවේ ඒ හඬ ආ දෙසයි...
ඇය දුටුවේ සෞර තරම්ම කඩවසම් පිරිමි රුවක්...ආර්ම්ස් කට් ටී ෂර්ට් එකකට ෂෝර්ට් එකක් හැද සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත බ්‍රේස්ලට් එකක් පැලද බාටා දෙකක් දමා සිටි ඔහුගෙන් දිස් වන්නේ දඟකාර යෞවනයෙකුගේ පෙනුමක්..
ඔහු කෙතරම් කඩවසම් වුවත් ඇයට ඔහු ගැන විශේෂ බවක් දැනුනේ නැත.. ඇගේ සිත බැඳුනේ සෞරගේ නමටම පමණයි...
" ඔයාහ් කවුද????"
" සොරී ගෝර්ජස්....රියලි සොරි....මාව ඉන්ට්‍රොඩියුස් කරන්නත් අමතක වුනානේ....අයිම් ම්ම්ම්ම්ම්.....විර්දේව් කියලා දැනගත්තම ඇති...."
" විර්දේව්........"
ඇය එයම පැවසුවේ ඔහු දෙසම දෑස් රදවමින්...
" හ්ම්ම්.....කැතයිද????"
" නෑ....නෑ.....ලස්සනයි....."
" මමද????"
" නෑහ් අයියෝහ්...නම....."
" ඒ කියන්නේ මන් කැතයිද???"
ඔහුගෙන් බේරුමක් නැති තැන ඇයට සිතුනේ ගේට්ටුවෙන් එළියට ආ මෝඩකම් කියායි....ඇයටත් නොදැනීනේ ඇගේ අත නලලට ගියා...
" ජස්ට් කිඩින් ගෝර්ජස්....මන් යනෝ....පස්සේ මීට් වෙමුකෝ.....කොණ්ඩේ නම් ගුලියක් ගහගත්තොත් හොදයි වගේ...කොහෙ හරි පැටලෙන ලයින් එකක් තියෙන්නෙ...."
කියාගෙම ඔහු ඉක්මන් ගමනින් එතැනින් ගියේ ඇයට සිතන්න දහසක් දෑ ඉතුරු කරමින්...
" පිස්සෙක්ද කොහෙද....පැටලුනත් මගේ කොණ්ඩෙනේ මෙයාට තියන අමාරුව මොකද්ද???"
නොදැනීම ඇගේ මුවින් පිටවෙද්දිත් ඔහු බොහෝ දුර ගොස් අවසන්....
" දූ......යන්ද??ඉක්මනට උයන්නත් ඕනේ..අද අන්කලුත් ගෙදර එනවා කියලා මේ දැන් කෝල් කලා...."
" සුටුස් ගාලා එමු ආන්ටි....මදැයි ෂොපින් කරන්න හිටියා...."
" අපි එළියට බැස්සොත් අන්කල් හරි ඉන්නවා හෙනේට...."
දෙදෙනාම කතා කරමින් බස් එකේම ගොස් එළවළු සැලක් ලගින් බැස්සා...සවස් වෙද්දී එළවළු මිල අඩු වන නිසා යේනූගේ මවට ලාබෙට එළවළු යහමින් ගැනීමට හැකිවුනා...අවසන දෙදෙනාටම මතු වුනේ මහා විශාල ගැටළුවක්...ඉවක් බවක් නැතිව එළවළු ගත් නිසා දෙදෙනාට එය ඔසවාගෙන යාමට බැරි තරම් එළවළු මලු ගොඩක් ඔවුන් ඉදිරියේ තිබුනා...
" අයියෝහ් ආන්ටි දැන් මොකද කරන්නේ...."
" ඒක තමා දූ මාත් කල්පනා කලේ...අපේ යේනුවත් හිටියානම් එයාට කියලා ස්කූටියේ යවලා අපි දෙන්නට බස් එකේ එන්න තිබ්බා....."
" සති තුනක් විතර කන්න එළවළු මෙතන තියනවා ආන්ටි...."
ආහේලි පවසන්නේ බෙරි කර ගත් මුහුණින්..
" ලාබයි ලාබයි කියලා මාත් ගත්තා....බලන්නකෝ දූ වෙච්ච දේ....."
යේනුගේ මව දැඩි තන්හාවට ගොස් ඇය අතින් වූ වරද තේරුණත් මේ ටික කෙසේ හෝ නිවසට රැගෙන යනාවා විනා ඇයට කිරීමට අන් දෙයක් තිබුනේ නැත...
" වීල් එකක වත් යමු ආන්ටි...වෙන කරන්න දෙයක් නෑනේ....ආන්ටි ඔහොමම ඉන්න මන් වීල් එකක් බලලා එන්නම්..."
වෙළදසැල ප්‍රධාන මාර්ගයේ සිට මදක් ඇතුලට වෙන්න පිහිටා තිබූ හෙයින් ආහේලි සැලකිය යුතු දුරක් ත්‍රී වීල් එකක් සෙවීමට යා යුතු විය..රාත්‍රී හතත් පසු වූ නිසා පාරේ පාළු ස්වාභාවයක් දිස් වුනත් ඇය බියකින් තොරවම ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කලේ තවත් ප්‍රමාද වන නිසයි....
" තමුසේ ගෑනියෙක්ද මිනිහෙක්ද කියලා මට මුලින්ම කියනවකෝ....මොකෙද්ද ගෑණියෙක් වගේ රෑට රෑ වෙලා කොණ්ඩෙත් කඩාගෙන....ඒ මදිවට මේ නැලවි නැලවි ඇවිදින්නේ මේකේ ඉන්න උන්ගේ අසහනේ තව වැඩි කරන්නද???ෂිට් තමුසෙලා වගේ උන්...."
To be continued..... 💙
ඔයාලගේ අදහසුත් එක්ක කතාවට ⭐ Vote එකක් දීලා ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා මැණිකලා .. ආදරෙයි 💙💙💙💙
විර්දේව් 💙💙💙