SEPALIKA | COMPLETED

By cHerRy_MinShi_

3.5M 350K 84.9K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... More

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

73 කොටස

22.1K 1.8K 428
By cHerRy_MinShi_

" අනේ එපා.. අම්මා.."

මාව එකපාරම ලොකූ නින්දක ඉඳලා ගැස්සිලා ඇහැරුණා.. පපුව වේගෙන් ගැහෙන ගමන් මාව දාඩියෙන් පෙගිලා ගිහින් තිබුනේ.. ඒත් එළියෙ තියෙන්නෙ පුදුම සීතලක්.. මම බ්ලැන්කට් එක ඇඟෙන් අයින් කල්ලා දාලා පපුවට දෙතුන්පාරක් ගහගත්තා..

මම මොකක්ද දැක්කෙ.. මොනවද වුනේ කියලවත් මට මතකයක් නෑ.. මම රධ්‍ය අයියා දිහා බලද්දි එයා හොඳටම නිදි.. සෙනුකලත් නිදි.. පාන්දර තුනට විතර ඇති.. බැල්කනි එකේ දොර ඇරලා දාලා හුළං කාමරේට වදිනවා.. දොර වහන්න අමතක වෙලාද..

මම සද්දයක් නැතිවෙන්නෙ හිමින් නැගිටලා ගිහින් බැල්කනි එකේ දොර වහලා උඩ අගුල තද කල්ලා එන්න හදද්දිත් මට පේනවා උඩ තට්ටුවේ බැල්කනියට ආධ්‍ය අයියගෙ කාමරේ ලයිට් දාලා තියෙනවා.. අපි ඉඳපු කාමරේ වතුර තිබ්බෙත් නැති නිසා මම හිමිහිට පහලට බැස්සා වතුර බෝතලයක් අරගන්න..

හවස අපි ඔක්කොම Ninearch Bridge එකට ගිහින් සන්සෙට් එක දිහා බලාගෙන ඉදියා..  අර පහළ තියන තේ පැල තිබ්බ හරියෙ ඇවිදින්න ගියා.. පාලමේ ගැට්ට උඩට වෙලා සෑහෙන්න වෙලා පිස්සු කෙළ කෙළ ඉඳියා.. අද උදේ යන්න හිටියේ ලිට්ල් ඇඩම්ස් පීක් එකට හයික් එකක්.. උදේම ගිහින් හුගක් හවස් වෙන්න කලියෙන් ආපහු රිසෝට් එකට එන්නයි හිතාගෙන ඉඳියේ.. ඊටපස්සෙ අපි කතාවෙලා හිටියෙ හොරර් මූවි එකක් බලන්න.. 

මම සද්දයක් නැතුව පඩිපෙල බැහැගෙන කුස්සියට ගිහින් ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලයක් අරගෙන කවුන්ටර් එකට හේත්තුවෙලා වතුර බොද්දි ඇහැ කොණට පෙනුනා සාලෙ මොකක් හරි එහාට මෙහාට වෙනවා.. හරි ඉක්මනට.. ඒක කොච්චර ඉක්මනට මට පෙනිලා නොපෙනිලා ගියාද කියනවනම් මට ආයෙමත් හිතාගන්න බැරිවුනා මට කලින් එහෙම එකක් පෙනුනද කියලා..

අඩේ හොල්මන්ද..

මම වතුර බීලා බෝතලේ එහෙමම තියලා ආයෙම උඩට දුවන්න ලෑස්තිවෙද්දි මම දැක්කා මගේ ෆෝන් එක සෝෆා එක උඩ වයිබ්‍රේට් වෙනවා..

මගේ ෆෝන් එක සෝෆා එක උඩට ආවෙ කොයි වෙලාවෙද..???

මම පඩිපෙල දිගේ උඩට දුවන්න හදලත් ආයෙම ගිහින් ෆෝන් එක අතට ගත්තා.. ෆෝන් එක අම්බානෙක රත් වෙලා.. මට මේ හෙන ගනන් ෆෝන් එකක් නෙමේ තියෙන්නෙ.. පොඩ්ඩක් පාවිච්චිකරපු ගමන් රත් වෙන හෙන දෙකයි පනහෙ ෆෝන් කබලක් තිබ්බෙ.. මගෙත් නෙමෙයි අම්මයි මමයි හවුලෙනෙ පාවිච්චි කරන්නෙ.. 

මම ෆෝන් එක අතට ගද්දිම වයිබ්‍රේට් වෙන එක නැවතිලා ගියා.. ඒ එක්කම මාව උඩ ගිහින් බිම වැටිලා මැරෙන්න ගියේ රධ්‍ය අයියා හොල්මන වගේ බ්ලැන්කට් එකත් ඇඟ වටේ ඔතාගෙන පහළට බහිනවා දැකලා.. මේ මිනිහා මාව මරනවා කොයි වෙලේ හරි..

" වරද්.. ඔයා මොකද පහළ කරන්නෙ.."

" මම බය වුණා මනුස්සයෝ..!! ඔය මොන මගුලක්ද ඇඟ වටේ ඔතාගෙන ගේ පුරා ඇවිදින්නෙ.."

" මමද ගේ පුරා ඇවිදින්නෙ.. මම බලද්දි ඔයා ඇදේ නෑ.. ඒකයි ආවෙ.."

" ආ මම වතුර බොන්න පහළට ආවා.. හදිසියේ ඇහැරුණා.."

මම ෆෝන් එක අතට අරගෙන රධ්‍ය අයියා ගාවට ගියාම එයා මං දිහා අමුතුවට බලලා අතේ තිබ්බ ෆෝන් එක දිහා බැලුවා..

" එන්නකො කාමරේට යන්න.."

රධ්‍ය අයියා මගේ අතිනුත් අල්ලගෙන කාමරේට ගිහින් ඇඳට නොයා බැල්කනි එකට ආවා.. සෙනුකලා හොඳටම නිදි.. කාමරේ කතාකල්ලා උන් දෙන්නගෙ නින්ද කඩන්න ඕන නැති නිසා වෙන්න ඇති..

" ඇයි බයවෙලා වගේ ඉන්නෙ.."

" මොකුත් නෑ.. මම පහළට යද්දි ෆෝන් එක සෝෆා එක උඩ තිබ්බා.."

" සෝෆා එක උඩ..??"

" ඔව්නෙ.."

" සෝෆා එක උඩ තියෙන්නෙ කොහොමද වරද්.. ඔයයි මමයි දෙන්නම අම්මට කතාකල්ලා නිදාගන්න ගියේ.. ඒක තිබ්බෙ ඇඳේ නෙමෙයිද.."

" ඒකතමා මාත් කල්පනා කලේ.. ඔයා රෑ ඇහැරිලා පහලට ගියේ නෑ නේද.."

" නෑ.. ඉතින් ගියත් ඔයාගෙ ෆෝන් එක ඕන නෑනෙ.. මේ ලයිට්ස් තියෙන්නෙ දිගටම ඕන් කල්ලා.."

" ම්ම්.. අනේ මන්දා.."

මම බැල්කනි එකේ ලී අත්වැටට හේත්තු වෙලා ආධ්‍ය අයියගෙ කාමරේ දිහා බලාගෙන හිටියා.. රධ්‍ය අයියා බ්ලැන්කට් එක මගේ ඇගට දාලා කාමරෙ පැත්ත හැරිලා අත් වැටට හේත්තු වුනා..

" ඔයා රෑ බැල්කනියෙ දොර ඇරියද වරද්.."

රධ්‍ය අයියා අහද්දි මම ආධ්‍ය අයියගෙ කාමරේ පැත්තෙන් ඇස් දෙක අරගෙන බය වෙලා වගේ රධ්‍ය අයියා දිහා බැලුවා..

" මම ඇරියෙ නෑ පිස්සුද.. ඇයි එහෙම අහන්නෙ.."

" නෑ ඒක හුළගට වදින සද්දෙට මම ඇහැරුනේ.. ඒ බලද්දි ඔයා ඇදේ හිටියෙ නෑ.."

" මො-මොක.. මම නැගිටිද්දිත් කාමරේ බැල්කනි එකේ දොර ඇරලා තමා තිබ්බෙ.. මමමයි ඒක අගුලු දාලා පහළට ගියේ.."

" ආ..??"

" ඔව් ඇත්තමයි.. මම ඒක වැහුවා.. වහලා පහලට ගියේ.."

" එහෙම වෙන්න බෑනෙ.."

" බෑ නෙමෙයි වුණා.. ඒ ගිහින් ටිකකින් තමා ඔයා ආවෙ.. අඩේ මොනමගුලක්ද.."

" සමහරවිට ඔයාට අගුල උඩට දාන්න බැරිවෙන්න ඇති.. ආයෙම හුළගට ඇරුණද දන්නෑ.. ඕක හිතන්නෙපා.."

රධ්‍ය අයියා මගේ කොන්ඩෙ අවුල් කල්ලා කියද්දි මම එයා ගාවට ගිහින් බ්ලැන්ක්ට් එක එයාගෙ වටේ දාලා මමත් ඒක අස්සට පැනගත්තා.. රධ්‍ය අයියා ගාව උණුම උණුයි.. හීටරයක්ම තමයි..

" ඇයි හදිසියේ අවදිවුනේ.. නයිට්මෙයර් එකක් දැක්කද.."

" ම්ම්.."

රධ්‍ය අයියා මාව එයාගෙ බූවලු අඬු වලින් ඔතාගෙන උස්සලා ලී අත්වැටෙන් ඉන්දුවා..

" වැටෙයි අනේ.."

" එහෙම වැටෙනවද බොල.. මම අල්ලගෙනනෙ ඉන්නෙ.. නටන්නැතුව ඉඳපිය.."

මම ඒ වුණාට කෝකටත් රධ්‍ය අයියගෙ උරහිසින් අල්ලගත්තා.. මේක එහෙම කිව්වට වැටුණොත් එහෙම.. හැපීකව්වට බඳින්න එක්කෙනෙක් නැතිවෙනවනෙ..

" මොකක්ද දැක්ක නයිට්මෙයර් එක.. "

" දැන් මතක නෑ.. මාව නිකන් කොහේටහරි ඇදගෙන වැටෙනවා වගේ.. මට එහෙම හැමතිස්සෙම පේනවා.. ඒ වුණාට අද අවදි වුනා එකසැරේම.."

" එහෙමද.. දැන් ඒක ඉවරනෙ.. ආයෙම ඇත්තටම වැටුනොත් මෙතනින් තමා.."

රධ්‍ය අයියා මාව එහාපත්තට තල්ලු කරන්න වගේ හදලා ආයෙම පපුවට තුරුල් කරගත්තා..

" පිස්සු හැදීගෙන එනවද.. මගේ පපුවත් රිදෙන්න ඇල්ලුවා.. මරනවා මාව කොහොම හරි.."

" ඇඤේ බය වෙන්නෙපා.."

රධ්‍ය අයියා මගේ කම්මුල් දෙක පොඩි වෙන්නම අල්ලලා තොල් වලින් පෙක් එකක් තිබ්බා.. මම එයාගෙ කර වටේ අත් දෙක යවාගත්තා..

" මට නිදිමතයි.."

" මම ඔයාගෙ නයිට්මෙයර් එක ඔයාගෙන් ඈතට යවන්න හදන්නෙ.. All you have to do is close those luminescent eyes.."

මම හිනාවෙලා මගේ ඇස් දෙක පියාගත්තහම එයා මගේ කම්මුලකින් උණුහුම් අතක් තියලා මාව පරිස්සමට කිස් කලා.. මගේ බඩේ සමනල්ලු එක සැරේට දාස් ගානක් තටු ගහලා පියාඹනවා වගේ.. මම එයාගෙ කම්මුලක් උඩින් මගේ අතක් තියලා සිනිදුවට ඇගිලිතුඩු වලින් අතගෑවා.. එයාගෙ කම්මුල් හුගක් සිනිදු නෑ.. කටු කටු ඇනෙනවා ලාවට.. රධ්‍ය අයියා මාව තව ටිකක් තුරුල් කරගෙන බ්ලැන්කට් එකෙන් වහගත්තා..

විනාඩි පහලොවක් විතර යන්නැති.. අපි දෙන්නම හිටියේ වෙනම ලෝකෙක.. අපේ වටේ වෙන මොකුත්ම අපි දෙන්නට දැනුනේ නෑ.. ආදරේම විතරක් හිතෙන වෙලාවක.. මම ඉඳියේ එයාට තුරුල් වෙලා..

*සලාංංංංංංං*

මම එකපාරම ගැස්සිලා පිටිපස්සට යන්න ගියත් රධ්‍ය අයියා මාව ඇදලා අරගෙන පපුවට තුරුල් කරගත්තා.. කොහේහරි වීදුරුවක් බිඳුනා.. ආධ්‍ය අයියගෙ කාමරේ ලයිට්ස් ඒවෙද්දි ඕෆ් කල්ලා තිබ්බෙ.. රධ්‍ය අයියා මාව බිමින් තියලා මාව එයාගෙ පිටිපස්සට කරගත්තා..

" මොකක්ද ඒ.."

" මොකක් හරි බිඳුනා නේද.. පහළින් ඇහුනෙ.."

" ඔව් ආධ්‍ය අයියගෙ කාමරේ පැත්තෙන් නේද.."

" ආශිලා නැගිටලාද දන්නෙ නෑ.."

ඒ එක්කම අපිට බලල්ලු පොරකන සද්දයක් ඇහුණා.. ඒ සද්දෙට මම ආයෙම සැරයක් බයවෙලා රධ්‍ය අයියගෙ ශර්ට් එක තද කල්ලා ගුලි කරගත්තහම එයා මගේ අතකින් අල්ලගත්තා..

" මම හිතන්නෙ අර බළලෙක් වෙන්න ඕන.. වෙන මොකුත් නෙමේ.. ඔයා ඇතුලට යන්න වරද්.."

" ඉතින් ඔයත් එන්නකො.. එළීයෙ ඉන්නෙ ඇයි.."

රධ්‍ය අයියා ටිකක් වෙලා එළිය බලාගෙන ඉඳලා බැල්කනි එකේ දොරත් වහලා කර්ට්න් එකත් ඇදගෙන ඇදට ඇවිත් නිදාගත්තා.. මම එයාගෙ පපුවට මූණ තියාගෙන ඇස් දෙක පියාගත්තා.. රධ්‍ය අයියගෙ ඇගිලි මගේ කොණ්ඩෙ අස්සෙන් තැනින් තැන නතරවෙලා එහෙමම නැවතිලා එයාගෙ අත පහළට කඩා වැටුණා.. මටත් ඒ එක්කම නින්ද ගියා..

" වත්සල්.. සුදූ නැගිටින්න.. ගිහින් ලෑස්ති වෙන්න.."

" ම්හ්.. අනේ බෑ නිදිමතයි.."

" එන්න එන්න.. ඔය ඇති නිදාගත්තා.. කෝ නැගිටින්න.. සුදූ..!!"

මම මූනට කොට්ටෙ තියාගෙන බ්ලැන්කට් එක අස්සටම වෙලා රධ්‍ය අයියගෙ අතකට හේත්තු වෙලා කකුලක් එයාගෙ ඇඟ උඩින් දාගත්තා.. රධ්‍ය අයියත් මාව අත් දෙක අස්සට ගුලි කරගත්තා..

" රධ්‍ය.. මේ නැගිටිනවකො.. උඹලා නිදිපෙති ගහලද මෙච්චර නිදාගන්නෙ... අර කියාන්ලා ඇඳගන්නවත් එක්කන්.."

" මල්ලි.. නැගිටින්නකො.."

අයුක අයියා මගේ කකුලෙන් දිගටම අදිද්දි මම බ්ලැන්කට් එක මූණෙන් අහක් කල්ලා ඇදේ ඉඳගත්තා..

" ම්හ්..??"

" ගිහින් චේන්ජ් කරගන්න ෂනෙරු.. අරගොල්ලො යන්න ලෑස්තිත් වෙනවා.."

" ම්ම්.. ම්ම්.."

මම මගේ එහාපැත්තෙ නිදාගෙන ඉන්න රධ්‍ය අයියට කකුලෙන් එකක් ඇන්නා..

" මේ නැගිටින්නකො.."

" මම නිදි අනෙ.."

රධ්‍ය අයියා එහාපැත්ත හැරිලා කොට්ටෙ මූන උඩින් තියාගත්තා.. අම්මපා මේ මිනිහා එක්ක මේ වෙලාවට යන තරහා.. අයුක අයියා බැරිම තැන සෙනුකයව උස්සගෙන ගිහින් වොශෲම් එකේ තියලා ශවර් එක ඇරියද කොහෙද.. උදේ පාන්දරම සෙනුකයගෙ උච්ඡ ස්වරය බිත්ති හරහා දෝංකාර දීලා අයුක අයියට මේ ලෝකෙ ඔක්කොම සත්තුන්ගෙ නම් කියලා බනිනවා ඇහුනා.. අයුක අයියා ඒ එක්කම එළියට පැනගත්තා විතරයි ඒකාකාර ප්‍රවේගයකින් පියාඹගෙන ආපු ටූත්පේස්ට් එකක් අයුක අයියගෙ ඇඟේ වැදී නොවැදී ගියා.. 

" ඒක මෙහෙට දෙනවා!!!"

අයුක අයියා ආයෙම වොශෲම් එකේ දොර බාගෙට ඇරලා ටූත්පේස්ට් එක ඇතුලට දාලා දොර වහගෙන ඇදුම් වගයක් මදින්න ගත්තා.. 

" මම මදින්නද ඕක.. අයියා ගිහින් චේන්ජ් කරගන්න.."

මම නැගිටලා මූණට වැටිලා තිබ්බ කොණ්ඩෙ අත් දෙකින් පිටිපස්සට කරගෙන අල්මාරිය ඇරියා..

" පුලුවන්ද ඔයාට.."

" මම කරන්නම්.."

අයුක අයියා අයන් එක එහෙමම ඕෆ් කල්ලා ටවල් එකත් කරට දාගෙන වොශෲම් එකට ගියා.. මම අඳින්න ඇදුමක් හොයාගෙන රධ්‍ය අයියා ගාට ගිහින් ආයෙම කතාකලා.. පස්සෙ ලොකු.. උඩදාගෙන නිදාගෙන ඉන්න හැටි විතරක්.. මුළු ඇගම වහගෙන පස්ස විතරක් එළියෙ..

" මේ කෝකද අඳින්නෙ.. මේකද මේකද.."

මම හැන්ගර් එකක දාලා තිබ්බ කළුපාට ශර්ට් එකකුයි තද කොලපාට ශර්ට් එකකුයි පෙන්නලා ඇහුවහම මේ හකරැල්ලා පස්ස දෙපාරක් විතර වනලා ආයෙම නිදාගන්න හැදුවා..

" අර අයන් එක අම්මපා ගෙනැත් ඇඟෙන් තියනවා අයියෙ.. පරක්කු වෙනවා නැගිටපිය!!"

මම රධ්‍ය අයියා පොරවගෙන ඉඳපු බ්ලැන්කට් එක ඇදලා අරගෙන ගුලි කල්ලා විසික් කල්ලා පුපට පයින් පාරක් දුන්නහම යාන්තම් ඇස් දෙක ඇරලා මරන්න වගේ ඇදෙන් ඉඳගත්තා..

" ඇයි.."

" කෝකද අඳින්න දාන්නෙ.."

" කළු එක දාන්න.."

" කළු ඇදගෙන එන්නෙපා.. මම කොළ එක දානවා.. කළු විතරද මේ ලෝකෙ පාටකට තියෙන්නෙ.."

" දැන් කළු එක දාන්නෙ නැත්තන් මොන එහෙකටද ඇහුවෙ.."

" ස්වයං වින්දනයට.. නැගිටලා ඇඳ හදනවා.."

මම අර අපේ අම්මා වගේ හෙන ඇදුම් ලොට් එකක් තියාගෙන ඔක්කොම අයන් කල්ලා අයුක අයියල ඉඳපු ඇඳ උඩින් තිබ්බා..

" මේ ඒකනෙමේ.. කවුද අර පාන්දර කෝල් කලේ වරද්.."

" ආ ඒක බලන්න බැරිවුනානෙ.. කෝ ෆෝන් එක.. බලන්නකො පොඩ්ඩක්.."

මම මගේ සපත්තුදෙක හොයලා ලේස් එක හරිගස්සනගමන් රධ්‍ය අයියට කිව්වහම එයා ඇඳේ වාඩිවෙලා මගේ ෆෝන් එක බැලුවා..

" ඔයාලගෙ මාමා.. ඇයි දන්නෙ නෑ හදිසියෙ ගත්තෙ.."

" මැසේජ් එකක් තියලා නැද්ද.."

" ආ තියෙනවා.. ඇයි කෝල් කලේ කියලා අහලා තියෙන්නෙ.."

" මොකක්.. පිස්සුද මාමට.."

" මාමට වැරදිලාද දන්නෙ නෑ.."

" එහෙම වෙන්නැති.. කොහොමත් අපේ මාමට පොඩි ට්‍රැක් ගතියක් තියෙනවා.."

මම ඇදෙන් ඉදගත්තහම රධ්‍ය අයියා මගේ කම්මුලකින් හාද්දක් තිබ්බා..

" හොඳට නින්ද ගියාද.."

" ම්ම්.."

ආයෙම රධ්‍ය අයියා මගේ කම්මුල් දෙක දෙපැත්තෙන් අල්ලලා තොල් වලට පෙක් එකක් තිබ්බා.. ඒ එක්කම අයුක අයියා සෙනුක එක්ක එළියට ආවා..

" ඔයා වොශ් එකක් දාගෙන එන්න.."

" හලොව් ගායිස්.. ඔයාලා චේන්ජ් කරනවදෝ.. කවුරුහරි ඇවිත් මේ ට්‍රේ එක ගන්නකො ප්වීස්.. මගේ අත් දෙක රිදෙනවා.."

මම ඇදුම් ටික අරගෙන වොශෲම් එකට යද්දි රධ්ය අයියා ලාවට දොර ඇරලා ආශි ගෙනැත් තිබ්බ ටී ට්‍රේ එක ඉල්ලගත්තා..

" කෝ අනේ මගේ ආධ්‍ය අයියා.. ආධ්‍ය අයියේහ්~"

අපි ඔක්කොම සාලෙට වෙලා යන්න ලෑස්තිවෙන ගමන් හිටියේ.. මහීශා පික්නික් බොක්ස් එකක් රෙඩි කරනවා.. කියාන් අයියා රධ්‍ය අයියත් එක්ක එළියට ගියා මේක ක්ලීන් කරන අයට කී එක දෙන්න ඕන කියලා.. ආධ්‍ය අයියා එළියට ආවෙ නැති නිසා මම එයාඑ කාමරේට දෙපාරක් තට්ටු කල්ලා ඇතුළට යද්දි ආධ්‍ය අයියා මොනවහරි බෙහෙත් වගයක් බොනවා මම දැක්කා.. මම ආවා දැක්කා විතරයි ආධ්‍ය අයියා ඉක්මනට කාඩ් එකක් ලොකර් එකට දාලා වහලා සාක්කු දෙකට අත් දෙක ඔබාගත්තා..

" ඔයා එළියටවත් එන්නෑනෙ අයියො.. මම ආවා ඔයා හොයාගෙන.."

" ගුඩ්මෝනින් චූටියො.."

ආධ්‍ය අයියා හිනාවෙලා මගේ කොණ්ඩෙ ඇවිස්සුවා..

" ඔයා රෑ වෙනකල් ඇහැරලා හිටියා නේද.."

" ම්ම්..? අ-ආ ඔව් නින්ද යන්නෑ අනේ.. පුරුදුවෙලා ඇහැරලා ඉඳලාම.."

" එහෙමද.. මම පහළට වතුරබොන්න ආවහම දැක්කා කාමරේ ලයිට් දාලා තියෙනවා.."

" අහ්.. කෝ පොඩී.."

" එයා එළියට ගියා කි එකක් දෙන්න ඕන කියලා.."

ආධ්‍ය අයියා අයිවරි පාට ට'ට්ල් නෙක් ජර්සි එකක් ඇඳලා දුඹුරුපාට ලූස් පෑන්ට් එකක් ඇදලා ඉදියේ.. එයා හරි පියෝ ලුක් එකක් තියෙන එක්කෙනෙක්.. කියන්න තේරෙන්නෑ.. අමුතු හිත ඇදිලා යන ලස්සනක් තියෙනවා.. අපේ අම්මත් කියලා තියෙනවා ආධ්‍ය අයියා රධ්‍ය අයියට වඩා වෙනස් හරි නිමිච්ච පාටක් තියෙනවා කියලා.. රධ්‍ය අයියට තියෙන්නෙ මහ ආඩම්බර පාට නපුරු ලුක් එකක්නෙ..

" ඇයි අයියෙ බෙඩ් කවර් එක චේන්ජ් කලේ.. මේකෙ මෙට්‍රස් එක විතරනෙ තියෙන්නෙ.."

මම ආධ්‍ය අයිඅගෙ ඇදේ වාඩිවෙලා බම්ප් වෙන ගමන් ඇහුවා..

" මගේ අතින් වතුර වගයක් හැලුනා උදේ.. ඒක හෝදන්න දැම්මා.. ක්ලීන් කරන්න ආවහම එකක් දාන්න කිව්වනම් හරි.."

" ම්ම්.. ඒකතමා නේද.."

මම නැගිටලා යන්න හැදුවත් ආධ්‍ය අයියා මගේ අතින් අල්ලගෙන මගේ නළලට හාද්දක් දීලා මගේ කොණ්ඩෙ ආයෙම අතින් හදලා 'හරි ලස්සනයි' කිව්වා.. එයා හිටියේ ටිකක් සුදුමැළි වෙලා.. නිදිමරපු නිසාද දන්නෙ නෑ..

ඊටපස්සෙ අපි Little Adam's Peak එකට එන්න ආවා.. ඒකනම් මාරම අත්දැකීමක් තමා.. මම කලින් ලොකුවට හයික් වලට ඇවිත් නෑ.. ආශි කිව්වා එයාලා ගයිඩින් කරද්දි එකපාරක් හයිකින් කල්ලා තියනවා කියලා..  ඒ පැත්ත මාරම ලස්සනයි.. හැබැයි ගොඩක් ඇවිදින්න තියෙනවා.. අපි මාරම විදියට හයික් එක එන්ජෝයි කලා.. මම හිතුවෙ නෑ ඇල්ලෙ එන එක මෙච්චරම ශෝක් වැඩක් වේවි කියලා..

" අනෙ මේ කියාන් අයියෙ.. දැන් තවුසෙට මාව පේන්නෙ ඉත්තෑවෙක් වගේද ආ..??"

" කවුද බබා ඔයාට ඉත්තෑවෙක් කිව්වෙ.."

" එහෙනම් උදේ කිව්වෙ මට ඉත්තෑවි කියලා.. කටු ගොඩක් කිව්වෙ.."

" ඉතින් උදේ කිව්ව එකට දැන් බැනලා හරියනවද.."

" මට ඒක දැනුයි මතක් වුනේ.. කම්බි පණුවා.."

ආශි බිමින් කෝට්ටක් අහුලගෙන හැමෝටම ඇන ඇන ඉස්සරහින් යනවා.. ඒකි නිල් පාටින් කලර් කරපු කොණ්ඩ කෑලි දෙපැත්තට පද්ද පද්ද පැන පැන වටේම තියන දේවල් අපිට පැහැදිලි කල්ලා දෙනවා.. මාර්ගෝපදේශිකාවක්‍ ය කියන්නෙ.. අනේ මන්දා මටයි සෙනුකයටයිනම් මෙලෝ ලබ්බක් තේරුනේ නෑ.. අපි දෙන්නා පිටීමපස්සෙන් හතරවටේ ඉන්න උන්ට එක එක ඒවා කිය කිය හිමින් හිමින් එන්න ආවා..

" උඹට කියන්න බං.. මෙන්න පුප.. දෙන්න හිතයි බේසික ගෑනිට.."

" අපරාදෙ නම්බර් එකක්වත් දැනගන්නනෙ තිබ්බෙ.."

" ඒ අඩේ මේ රධ්‍ය අයියගෙ ගෙදර ඉස්සරහා කෑල්ලට අපි කෝල් එකක් ගමුද.."

" මං ගාව නම්බර් එක නෑ බං.."

" ඒ උබ ගාවනෙ.. මං ගාව තියෙනවා.."

" අඩෝ ඒ බේසික කෙල්ල උඹටත් දුන්නද නම්බර් එක.."

" නෑ නෑ එදා රධ්‍ය අයියගෙ ඇඳ උඩ තිබිලා මම හොයාගත්තෙ.. උඹලා දෙන්න කලින් ගෙදර ගියානෙ.."

" සිරාවට.. ගමුත.."

" ඉඳහන්.. ආ තියේ තියේ.."

සෙනුකයා හිමිහිට ඉස්සරහා ගෙදර අක්කගෙ නම්බර් එකට ඩයල් කල්ලා ස්පීකර් ඕන් කලා.. අපිට ඉස්සරහා ඉඳපු කියාන් අයියයි රධ්‍ය අයියයි අයුක අයියයි අපි දිහා එකපාරම හැරිලා බැලුවා..

" කාටද ඔය ගන්නෙ.."

" කැමිලා පාකර්ට අනේ.. පොඩ්ඩක් ඉන්නකො.."

රධ්‍ය අයියා ෆෝන් එකට එබිලා මට ලාවට රවලා ඉස්සරහා බලාගත්තා.. කියාන් අයියා අපි ගාවට ආවා..

" අඩෝ මල්ලෙ.. මේ අර අරියා නේද.. අර අපේ එකාගෙ ගෙදර ඉස්සරහ ඉන්නෙ.."

" යෑස්.."

" ටහික්.. මගේ පරන කෑල්ල.."

" සිරාවට!!!!! අඩෝ කියාන් අයියෙ.. උඹ මේකි එක්කත් යාළුවෙලා හිටියද.."

" කෑගහන්නෙපා ඕයි.. අර ඉස්සරහා ඉන්න කෙල්ල මාව මෙතනම අවසන් ගමන් යවාවි.."

සෙනුකයා කෝල් එක කට් කල්ලා කියාන් අයියා දිහා රවලා බැලුවා..

" මේ කියාන් අයියෙ.. තවුසෙ අපේ එකීව රවට්ටනවා නෙමේ නේද.."

සෙනුකයා කේන්තියෙන් අහද්දි කියාන් අයියා බයවෙලා වගේ නැවතුනා.. රධ්‍ය අයියා හැරිලා ඇවිත් මගේ කරට අතක් දාගත්තා..

" උබට පිස්සුද බං.. මම දන්නවා.. මගේ අතේ සෑහෙන්න වැරදි තිබ්බා.. ඒ වුණාට.. ආශුව එහෙම මම පාවිච්චි කරන්නෑ.."

" හැබැයි අයියෙ.. මොකක් හරි ලබ්බක් කල්ලා අහුවුනොත්නම්.. අම්මපා උඹව තියන්නෑ.."

සෙනුකයා විහිලුවෙන් වුනත් ටිකක් තදින් කියද්දි කියාන් අයියා සෙනුකයා දිහා බයවෙලා වගේ බලාගෙන ඉදියා..

" උඹලට පේනවද මම එහෙම කරනවා වගේ.."

" පිස්සුද බං.. අපි නිකම් කිව්වෙ.. අපි දන්නවා දැන් හැදිලා ඉන්නෙ කියලා.."

මම ගිහින් කියාන් අයියගෙ පිටට එකක් ගැහුවා..

" ඕන මනුස්සයෙක්ගෙ අතින් වැරදි වෙන්නැද්ද කියහන්.. වෙනවනෙ.. දැන් ඉතින් ඒවා වෙලා ඉවරයි.. උබ අර කෝච්චිය බඳින දවසට කියහන් මමයි සෙනුකයයි එන්නම් බෙස්ට්මන්ලට.."

" උබලට කසාදෙකට කතාකරන්නත් බයයි.."

" අනේ මේ අයියෙ උබ අර මල් පොකුරද මොකක්ද එක විසික් කරද්දි ආශිට කියහන් අපි දෙන්නගෙන් එකෙක්ට ගාන්ට අතට දාන්න කියලා.. අපි බැරිවුනත් මේ ඉස්සරහා දෙන්නගෙ අතට වුනත් කමක් නෑ.."

" මොන??.. මල් පොකුරද විසික් කරන්නෙ ඒ.. මම දන්නෙ නෑ බං.."

" මල් පොකුර නෙමේ ආශිව උස්සලා දාපන් අපි අල්ලගන්න.. මහ මැටි අලයක් තවුසෙනම්.."

අපි කතාකර කර යද්දි අර අක්කගෙන් සෙනුකයට කෝල් එකක් එනවා.. අම්මටසිරි.. ඇරියා අක්කා..

" ෂනෙරු උඹ කතාකරහන්.."

" අපි ඕවට නෑ.."

කියාන් අයියා ශේප් එකේ ඉස්සරහට ලිස්සල ගියාම අපිට මහීශා සෙට් වුණා..

" ඔන්න ගන්නවා ඈ.."

" හලොව්.."

" හේයි.."

" ම්ම්.. කවුද මේ කතාකරන්නෙ..??"

" ඔයා මාව දන්නවා.. පොඩ්ඩක් මතක් කල්ලා බලන්නකො.."

ඒ එක්කම සෙනුකයා මගේ අතින් ෆෝන් එක උදුරලා ගත්තා..

" මම මේ නම්බර් එක දන්නෙ නැහැනෙ.. ප්ලීස් මේ කවුද කියනවද.."

" ම්ම්.. You gave me your number when we met once.."

" ඔහ්.. මේ අර ජිම් එකේ ඉඳපු හොට් බෝයි නේද.."

අරියා අක්කා එයා වටේ යන කරත්තයක් කියලා අපි දෙනෝදාහක් මැද්දෙම කන්ෆර්ම් කලා.. සැක් මගේ ගැටපොලොස් කොට්ටෝරුවට කියන්න ඕන ගේ ඇතුලට වෙලාම ඉන්න කියලා.. මගේ මනුස්සයටත් කෙළ හැලුවද දන්නෑ..

" නෝප් නෝප්.. අපි මීට් වුනේ නම් ක්‍රිකට් මැච් එකකදි.."

" ඌප්ස්.. මේ ඔයාද.. මම හිතුවා කෝල් එකක් නොගනීවිද කියලා.."

" ගන්නෙ නැතුව ඉන්න තිබ්බා.. ඒ ඔයා නොවුනනම්.."

" ඔහ් අනේ~"

" ඔයාට හරිම හොට් නේබර්ස්ලා ඉන්නවා නේද..ලයික්.. ඔයාලගෙ ගෙදර ඉස්සරහම දෙන්නෙක් ඉන්නවනෙ.."

මම හිමීට රධ්‍ය අයියා දිහා රවලා බැලුවහම ඒකා ගස් කොළං බල බල යන්න ගත්තා.. මේකා මේ ගෑනි එක්ක මල්ගස් වටේවත් දුවලද..

" අපෝ අනේ ඔයාලා කියන්නෙ අර අපේ ඉස්සරහා ගෙදර රූඩ් බෝයි ගැනද.. එව් අනේ.. මමනම් ජීවිතේට කතාකල්ලාවත් නෑ.."

" ඇයි අනේ ඒ.."

" එයාලා අපි එක්ක කතාකරන්නෙ නෑ අපි එයාලා එක්ක කතාකරන්නෙ නෑ.."

" එහෙමද.. ඉතින් කියන්නකො ඔයාගෙ විස්තර කොහොමද කියලා.."

" මම අනේ මේ ජිම් එකේ ඉන්ට්‍රක්ටර් කෙනෙක්ගෙන් ඇඩ්වයිසස් වගයක් ගන්න කෝල් එකක් එනකල් හිටියේ.. වට් අ සප්‍රයිස්.. මට ඔයා කතාකලානෙ.."

" ඔයා ඒකට සප්‍රයිස් වුනාද.."

" ඔෆ් කෝර්ස්.. ඔයා වගේ සෙක්-ඌප්ස් අයි මීන් ඔයා වගේ බෝයි කෙනෙක් කෝල් එකක් ආපු එකම සප්‍රයිස් එකක් තමයි.. වෙන් අයි සෝ දෝස් අයිස්.. I want to give you my all.."

ඒ එක්කම සෙනුකයගෙ ෆෝන් එක උඩින් ගියා.. අයුක අයියා ෆෝන් එක අරගෙන කෝල් එක කට් කල්ලා ෆෝන් එක රාජසන්තක කරගත්තා විතරක් නෙමේ.. සෙනුකයවත් රාජසන්තක කරගත්තා.. මම දැක්කා මහීශා ශේප් එකේ ලිස්සලා සයෝන් අයියා ගාවට යනවා.. උන් දෙන්නා ආපු වෙලේ ඉඳලා මාවල් මූවි එකක් ගැනම කියවනවා.. කියවනවා කියවනවා ඉවරයක් නෑ.. ඔක්කොම ගේම්ස් ගැනයි මූවීස් ගැනයි ව්‍රෙස්ලින් මැච් ගැනයි.. මේකිටනම් මෙහෙම ගිහින් කොල්ලෙක් සෙට් කරගන්න බෑ.. අර මුස්ලිම් කෙල්ල එක්කම යන්න වෙයිද දන්නෙ නෑ.. ම්ම්.. සහසා..

මම හිමින් සැරේ රධ්‍ය අයියගෙ ඇගිලකින් අල්ලගත්තා..

" මොකෝ අනේ කතාකරන්නැත්තෙ.."

" මේ ඔයාට අපේ අයියා ඇවිදින විදියේ මොකක් හරි අවුලක් පේනවද.."

" මම ඇහුවා.. කකුල උලුක්කු වෙලා එයාගෙ.."

"එහෙමද.."

" ඔව්.. මේ එන්නකො ඔයාට රහසක් කියන්න.."

රධ්‍ය අයියා හිම්හිට මං ගාණට පහත් වුණාම මම එයාගෙ කම්මුලට හාද්දක් දුන්නා.. ඒයගෙ ඇස් ස්පාර්ක් වෙනවා එතකොට.. ආදරේ හිතෙනවා..

අපි ඇවිදලා ඇවිදලා මාරම එක්ස්පීරියන්ස් එකක් ගත්තෙ.. ආධ්‍ය අයියා සැරින් සැරේ ෆෝන් එක බලනවා ආයෙම සාක්කුවට දාගන්නවා.. එයා පොඩ්ඩක් අවුලෙන් ඉදියෙ.. මම ගියොත් නම් මගේ කොණ්ඩෙ අවුල් කල්ලා හිනාවෙනවා.. ඉඳලා හිටලා තමයි කතාකලේ.. අපි ඉතින් දඟලන්නෙ නෑනෙ ආධ්‍ය අයියට වද වෙන විදියට.. 

අපි කාලා බීලා හවස ගෙදර එද්දි හවස හතරට විතර ඇති.. ඇවිත් හැමෝම වොශ් දාගෙන ඇවිත් මූවි එකක් බලන්න හිටියේ.. මමයි රධ්‍ය අයියයිත් නාලා සාලෙට ඇවිත් මහීශා මූවි එකක් තෝරනකල් ඉඳගෙන හිටියා.. පැය බාගෙකින් විතර හැමෝම සාලෙ ඉදගෙන හිටියා.. මහීශා ඒකිගෙ ආසම මූවි එක ඇනබෙල් දාලා මුලු ගෙදරම ලයිට්ස් ඕෆ් කල්ලා ඉස්සරහා දොරවලුත් වහලා ඇවිත් ඉඳගත්තා.. ඔක්කොන්ටම සෝෆා එකේ ඉඳගන්න ඉඩ නෑනෙ.. ආශි විසාල ඉඳගන්න හදපු ටෙඩියෙන් බිම දාගෙන ඒකෙ උඩ පතබෑවිලා ඉද්දි කියාන් අයියා ටවල් එකකුත් අතේ තියාගෙන ආශිගෙ කොණ්ඩෙ පිහිදනවා.. සෙනුකයයි අයුක අයියයි මට එහාපැත්තෙ ඉඳගෙන හිටියේ.. ආධ්‍ය අයියා තනියම පුටුවක ඉඳගෙන.. මහීශා ආශි ගාව ඉඳගෙන අර වගේම ටෙඩියෙක් බිම දාගෙන.. ඊට එහාපැත්තෙන් සයෝන් අයියා ඉඳගෙන හිටියා.. හවුස් ෆුල්.. 

මම ඇනබෙල් පස් පාරකට වඩා බලලා තියනවා මහීශා නිසාම.. මූවි එක පටන් අරන් පැය බාගයක් විතර ගියාම මගේ එහාපැත්තෙ ඉන්න එකා ගිහින් අයුක අයියගෙ ඇගටම ඇලුනා.. එයිටීන් ප්ලස් පටන්ගන්නයි යන්නෙ.. මම ශේප් එකේ රධ්‍ය අයියගෙ ගාවට වෙලා හේත්තුවක් දාගෙනම හිටියා..

" පොඩී.. ඔය දෙන්නට මහන්සි නම් කාමරේට යන්න.."

ආධ්‍ය අයියා රධ්‍ය අයියට කියද්දි රධ්‍ය අයියා අමුතුවට ආධ්‍ය අයියා දිහා බලාගෙන හිටියා..

" ඕන නෑ අයියේ.."

" අනේ මගේ ඇඟ රිදෙනවා වගේ.."

මම පොඩ්ඩක් ඔලුවට අත තියාගෙන සෝෆා එකට හේත්තු වුනා.. ඔක්කොම මූවි එකට වශී වෙලා නිසා මම කියන ඒවා ඇහුනේ රධ්‍ය අයියට විතරයි..

" වරද්.. ඒ මොකද.."

" ඇවිදලා මහන්සි වගේ.. මම කාමරේට යන්නද.."

" මම එන්නම්.. යමු.."

මම ආධ්‍ය අයියට ඇහැක් ගහගෙන කාමරේට දුවලා ගියාම රධ්‍ය අයියත් මගේ පස්සෙන් කාමරේට ආවා.. මම කාමරේ දොර වහලා ඇවිත් බොහ් ගාලා ඇඳට පැන්නා..

" මම ඔයාට මොනවහරි හදාගෙන එන්නද.. ගොඩක් අමාරුනම්.."

" එහෙම ඕන නෑ.. එන්නකො මෙතෙන්ට.. I want to snuggle and cuddle with my botifie right now.."

මම ඇඳේ මගේ එහාපැත්තට තට්ටුවක් දැම්මහම රධ්‍ය අයියා හෙන මනමාල හිනාවක් දාගෙන ඇවින් බ්ලැන්කට් එක අස්සට ඇග ඔබාගත්තා.. 

" ඔයාට මොනවා වෙලාද.."

" දැන්හොඳ ළමයා වගේ නිදාගන්නකො.."

මම රධ්‍ය අයියව දෝත බදලාම තුරුල්කරගත්තහම ඒක දඟලලා දඟලලා මගේ අත් අස්සෙන් එහාට පැනගත්තා..

" ඒ මොකටද මම නිදාගන්නෙ.."

" මමත් නිදාගන්න නිසා.."

" හරි ඉතින් ඔයා නිදාගන්න.. මම ඉන්නම්.."

" අනෙ මේ එහෙම බෑ.. මේවට කියන්නෙ.. අර මොකක්ද..ආ!! කපල් ගෝල්ස් කියලා..මම නිදාගන්නවනම් ඔයත් හොඳ ලමයා වගේ නිදාගන්න ඕන.."

" ඒක හරි වැඩක්නෙ.."

මම බ්ලැන්කට් එක ඇඟෙන් ගසලා දාල කකුල් දෙක දෙපැත්තට දාලා රධ්‍ය අයියගෙ ඇඟ උඩින් ඉඳගත්තා.. එයා මං දිහා බයවෙලා වගේ බලාගෙන ඉදියා..

" මොකක්ද කියන්නෙ.. නිදාගන්න බැයිද.."

" ඒ පාර මොනවා වෙලාද.."

" ඔයාට බැරිද මං වෙනුවෙන් පොඩ්ඩක් නිදාගන්න.."

" හරි ඉතින් ඇයි ඒ.."

" මම ඔයාව රේප් කරන්නෙ නෑ අයියෝ.. කෝ ඇස් දෙක පියාගන්නකො.. හොඳ හැපීකව්වනෙ.."

මම රද්‍ය අයියගෙ ඇස් දෙක අත් දෙකෙන් වහැව්වා.. නිදාගනින් මා පුතා.. වද දීලා මගෙන් මරුම් කාලා සදහටම නිදාගන්න වෙන්නෙ නැත්නම්..

" වරද්..!! මොකක්ද වෙලා තියෙන්නෙ.."

රධ්‍ය අයියා මගේ අත ගලවලා එකට තියලා අල්ලගත්තහම මම වටපිට බලලා මොකක් හරි රෙද්දක් තියද බැලුවා.. ම්ම්.. ම්ම්.. අපරාදෙ මට රෙදිපටියක් හොයාගෙන කලින්ම තියන්නනෙ තිබ්බෙ.. ආ මේ තියෙන්නෙ ලේන්සුවක්..

මම ඇඳ කොනේ තිබ්බ කළුපාට ලොකු ලේන්සුව අරගෙන ඒක රෝල් කල්ලා පටියක් හදාගෙන රධ්‍ය අයියගෙ අත දෙක බැඳලා දැම්මා.. 

" ව්-වරද්.. මේක ලිහනවා.. මේ මොන මගුලක්ද කරන්න යන්නෙ.."

" ච්ප්.. නිදාගන්නවකො අනේ.. අත් දෙක බැඳලා තිබ්බහමවත් නිදාගන්න බැරිද.."

" මේක ලිහනවා.. වරද්!!!!!!!!!!!!"

මේ යකා බෙරිහන් දෙනවනෙ...

" කෑගහන්න එපා අනේ.. කෝ එන්න ඔයාව මම තුරුල් කරගන්න.."

මම රධ්‍ය අයියගෙ ඇග උඩින් බැහැලා එයාව තුරුල් කරගත්තා.. මේකා අත් දෙකේ ගැටගහලා තිබ්බ ලේන්සුව ඒ ටිකට ලිහාගෙන විසික් කල්ලා දැම්මා..

" මොකක්ද කරන්න හදන්නෙ වරද්.."

" නිදාගන හදන්නෙ අනේ.. කෝ එන්න එන්න මට ඔයාව කඩ්ල් කරන්නෝනනෙ.."

මම රධ්‍ය අයියව අල්ලලා මගේ පැත්තට හරෝගෙන තොල් වලට පෙක් එකක් දුන්නා.. ඊටපස්සෙ එයා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉඳලා මගේ අත් දෙක ඇදට තියලා තදකරගෙන මගේ තොල් වලට පහත් වුනා.. මේ යන විදියට පුතේ මේ යකා නිදාගන්න එකක් නෑ වගේ.. 

" අහ්ම්.. එපා අනේ.."

රධ්‍ය අයියා මගේ ඇඟ උඩටම ඇවිල්ලා මගේ බෙල්ල පුරාම තැනින් තැන හාදු තිය තිය හයිකී තියන්න ගත්තා.. මම දඟලලා එයාගෙන් අයින් වුනා.. 

" අනේ නිදාගමුකෝ~"

" ඉතින් ඔයා නිදාගන්න.. මට නිදිමතක් නෑ ලොකුවට.."

දැන් නම් මල් පෝච්චියකින් ඔලුවට දෙන හිතෙනවනෙ.. මනුස්සයො කොහොමද නිදි කරවන්නෙ.. ඩයිසපෑම් එකක්වත් විද්දනම්.. ඒවා ගන්න යන්න බෑනෙ.. මේකට නින්ද පලයාන් ඒස්වාහ පුඃ..

" මේ.."

" ම්ම්..??"

" මේ ඔයාට මම කුක්කු දෙන්නම්.. නිදාගන්නවද.."

මම රධ්‍ය අයියගෙන් අහද්දි ඒකා බයවෙලා වගේ මගේ දිහා බලන් ඉඳලා, ටිකකින් මහ අමුතු විදියට හිනාවෙලා මගේ එහාපැත්තට ඇවිත් හොඳ ළමයා වගේ බැල්න්කට් එකත් පොරවගෙන කොට්ටෙන් ඔලුව තියාගත්තා..

" ඇත්තටමද අහන්නෙ.."

" ඔව් නිදාගන්නවා කියලා ප්‍රොමිස් වෙන්නෝන හැබැයි.."

" ආ හා නිදාගන්නම්..මට නිදිමතයි කොහොමත්.."

සැක් මේකා මහ වල් කව්වෙක්නෙ.. මගේ පපුව දිහා බලාගෙන මාව ළඟට ඇදලා අරගෙන තොල් වලට පෙක් එකක් තිබ්බා.. ඇයි මම එහෙම එකක් කිව්වෙ.. වරද්.. උබ නම් ඉල්ලගෙන නෙමේ බෙදාගෙන කන්නෙ.. 

රධ්‍ය අයියා මගේ දිහා අර දිග ඇස් පිහාටු තියන ඇස් දෙක යටින් බල බල ශර්ට් එක උස්සලා උඩට කලා.. ඊටපස්සෙ මගේ දිහා බලාගෙනම පපුව මැද්දෙන් හාද්දක් තියලා පපුවෙන් තොල් තියාගත්තා..

" මේ ඉක්මනට නිදාගන්න හරිද.."

රධ්‍ය අයියා මගේ දිහා බලාගෙන ඇස් පිය තුනක් විතර ගහලා මගේ අතක් අරගෙන එයාගෙ කොණ්ඩෙන් තියාගත්තා.. තියාගෙන මාව අර බූවලු අඬු වලින් තද කල්ලා බදාගත්තා.. ඇගත් හිරිවැටෙනවා වගේ.. දාඩියත් දානවා.. 

මම රධ්‍ය අයියගෙ කොණ්ඩෙ අස්සෙන් ඇගිලි හිමිහිට අරගෙන යද්දි එයා ඇස් පියාගත්තා.. එයාගෙ දිහ ඇස් පිහාටු මගේ පපුවේ ගෑවෙනවා.. 

" ආහ්ව්~ හපන්නෙපා අප්පා.. නිදාගන්නවකො ඉක්මනට.."

මම රධ්‍ය අයියව පපුවට තුරුල් කරගෙන ඇස් දෙක පියාගෙන හිටියා.. එයාගෙ අත් මගේ පිට දිගේ උඩට පල්ලෙහාට හිමින් හිමින් අරගෙන යනවා.. මම තොල් පටවල් හපාගෙනම ඉඳියා.. රධ්‍ය අයියා සැරින් සැරේ ඇස් ඇරලා මං දිහා බලනවා.. ආයෙම ඇස් පියාගන්නවා.. කොහොම හරි පැය බාගෙකට විතර පස්සෙ රධ්‍ය අයියා නිදාගත්තා.. එයා නිදාගද්දි ලාවට ගොරවනවා.. මම පොඩ්ඩක්වත් දැනෙන්නැතිවෙන්න එයාගෙ අත් අස්සට කොට්ටයක් ගහලා හිමින් සැරේ ඇදෙන් බැහලා කාමරේ දොරත් වහගෙන එළියට යන්න ගියා.. සැක් මගේ පපුවත් රිදෙනවා ලිංගික අල්ලස් දීලා..

" කෝ පොඩී නිදිද.."

" අනේ මේ ආධ්‍ය අයියෙ.. මම කේන්තියෙන් ඉන්නෙ හරිත.."










අන්නාසියෝ!!! කොහොමද ඉතිම්.. ඕතරීට වැඩ ගොඩගැහෙනවා අයියෝ හැමදාම මැදියමේ තමානෙ එන්න වෙන්නෙ.. කමක් නෑනෙ නේද.. ආ ඒකනෙ.. ඔව් ඔව් කමක්නෑ.. ඔයාලා දන්නවනෙ මම ඉතින් ඔයාලට හෙන ලව් කියලා.. අපේ ආදරේ අපි විතරක් දැනගත්තම ඇති සුදාම්මියලා/සුදාත්තියලා..

සැක් නේද අනේ.. මම මොනවත මේ කියවන්නෙ..😂😭

ආ!! මට රීඩර් දළඹුපැංචෙක් එව්වා එයාගෙ හිතේ මැවිලා ඉන්න රධ්‍යගෙයි වරද්ගෙයි පික්කු දෙකක්.. ලෙම්මී සෝ යූ ගායිස්..




රධ්‍ය 

#ඒකටනම්කෙළත්_හිරවුනාහරිතෙ * ඇත්තටම ඒ කොල්ලා ලස්සනයි අනේ.. උම්ම්ව්හ්

වරද්

#ආදරේසුන්දරවරදක්මතමා  *හෙන සෝක් අනේ.. ඔයාලා මැවෙනවා කිය කිය මේ ඕතරීට ෆොටෝ එවලා පාලනය කරගෙන ඉන්න හිත මෙව්වා කරන්න එපා.. දමනය වෙලා ඉන්නෙ..

එන්නාම්.. ලව් යූ.. 🌚❤

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 

Continue Reading

You'll Also Like

322K 34.4K 172
English Name: After Retiring from Marriage, I became the Favorite of a Powerful Minister Associated Names: 退婚后我成了权臣心尖宠 Chinese Author: Lan Bai Ge Ji ...
1K 243 30
අඳුරු මගේ ලොව එලිය කෙරූ සඳ ඔබ නමුත් ඔබේ ලොව අඳුරු කෙරූ රකුසෙකි මම යලිත් එක් වතාවක් මගේ ලොව එලිය කරන්නට හැකිනම් යලි එන්න මගේ රෝස මල - 𝑲𝑻𝑯 -
2.2K 516 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
4.9K 1.1K 13
" අවුරුදු ගානක කතාවක්. නවල් එකක් කරන්න පුලුවන් මගේ කතාව " ......................... " ඇයි ඔච්චරටම මාව තේරුම් ගන්නේ? තැන්ක් යූ නංගී, තැන්ක් යූ! මට ඕනේ...