Vmin ff collection 💗

By parkshinhay5427

2K 417 227

විමින් සිංහල 💛💞💚 More

day 02/14 💖
I can't do this 😩💔(part 1)
I can't do this 😩💔 (part 3)
I can't do this 😩💔 (part 4)
I can't do this 😩💔 (part 5)
I can't do this 😩💔 (part 6)
I can't do this 😩💔 (final part)
Mr.park (part 1)
Mr.park (part 2)
Mr.park (part 3)
Mr.park (part 4)
Mr.park (Last part)
My boy....😚💖 (part 1)
My boy....😚💖 (part 2)
My boy....😚💖 (part 3)
My boy....😚💖 (part 4)
My boy....😚💖 (part 5)
My boy....😚💖 (part 6)
My boy....😚💖 (part 7)
My boy....😚💖 ( Last part)

I can't do this 😩💔 (part 2)

107 33 14
By parkshinhay5427

"හොදයි ටේහියුන්..මන් තමයි අද ඉදන් ඔයාගේ ඩොක්ටර්..ඔයාගේ නම ගොඩක් දිග නිසා මන් ඔයාට ටේටේ කියන්නම්..."

"...."

"දැන් මේක හොදට අහගන්න.ඔයා මෙහෙ ඉන්න අයට පැනලා යන්න උදව් කරන එක ගොඩක් වැරදි වැඩක්.ඒ නිසා ආයේ ඒම කරන්න එපා."

"..."

"ඒ වගෙම ඔයා ඔයාගේ බෙහෙත් ගන්න උනන්දු උනොත් ඔයාට පුලුවන් ඉක්මනින් මේ හොස්පිට්ල් එකෙන් පිට වෙන්න.ඔයාට මෙහෙන් යන්න ඕනි කමක් නෑ කියලා මන් දන්නවා.ඒත් මේ හොස්පිට්ල් එකෙන් පිට ලස්සන ලෝකයක් තීනවා.."

"..."

"ඔයා දන්නවද ඒ ලෝකේ කටුක උනත් වෙලාවකට හරිම රසවත්..ඔයා ඉක්මනින් හොද උනොත් ඒ රසවත් ලෝකේ ජීවත් වෙන්න මන් ඔයාට උදව් වෙනවා.ඒක මගේ පොරොන්දුවක්.."

"..."

"මන් දන්නවා මන් කියවන දේවල් ඔයා අහම් ඉන්නේ කියලා.ඒ දේවල් ඔක්කොම ඔයාට නොතේරුනත් ඔයා බෙහෙත් බීලා ඉක්මනින් හොද වෙන්න ඕනි කියන එක ඔයාට තේරෙන්න ඇති කියලා මන් හිතනවා..දැන් දෙන්න බලන්න මට ඔයාගේ අත..."

ඩොක්ටර් ජින් එක්ක ටේ ගැන කතා කරලා විස්තර දැනගත්තු ජිමින් ටේගේ රූම් එකට ගිහින් ටේගේ handcafe අයින්කරලා අතේ
තිබුන සීරීම් වලට බෙහෙත් දාන ගමන් ටේ එක්ක කතා කලා..

එයාට ජින් කිව්ව විදිහටනම් ටේ කියන්නේ අවුරුදු 3ක් තිස්සේ මෙහේ ප්‍රතිකාරගන්න දැන් සුව වෙන්න ආසන්න රෝගියෙක්.ඒත් හොස්පිට්ල් එකෙන් පිටවෙන්න අකමැති ටේ එයාගේ බෙහෙත් ප්‍රතික්ෂේප කරලා හොස්පිට්ල් එක හැම නිතරම කලබලකාරී තැනක් කරලා සතුටක් ලබනවා..

ඒත් ටේට ඇත්තටම ඕනි උනේ එයා වගේ අසරන විදිහට ජීවිතේ ගෙවන අනික් ලෙඩ්ඩුන්ට පුන්චිම හරි සහනයක් දෙන්න කියන එක හොස්පිට්ල් එකේ කිසිම dr. කෙනෙක්ට තේරුම් ගියේ නෑ..

ටේටේ කියන්නේ මයින්ඩ් අවුට් ගිය කෙනෙක් උනත් එයා අනික් ලෙඩ්ඩුන්ට වඩා වෙනස්.

එයා හැමදේ ගැනම අවදානෙන් වැඩකරන අනික් අයට හොදින් සවන් දෙන ඒ උනත් බාහිර ලෝකෙන් ඈත් වෙලා තමන්ගෙම කියලා ලෝකෙක ජීවත් වෙන විනෝදකාමී මනුස්සයෙක්..

ඒත් මීට අවුරුදු තුනකට කලින් dr.jimin දන්න බෙයාර්නම් හරිම හුරතල් අහිංසක ඒත් පොඩ්ඩ ඇත්තන් ගස්සන නිතරම අනික් අයගේ අවදානය දිනාගන්න කැමති පුංචි දගකාරයෙක්..

ඒම කොල්ලගේ දෛවයේ එක චැප්ටර් එකක් හරිම නරක විදිහට ලියවුනේ ටේගේ කතාවේ මුලයි අගයි දෙකම හොදම හොද විදිහට ලියවුන නිසා වෙන්න ඇති..

"කෝ ඔයා මට ඔයාගේ අත දෙන්නේ නැද්ද..ඔයා අත නුදුන්නොත් මන් කොහොමද ඔයාගේ පෙශර් චෙක් කරන්නෙ.."

තොල් උල්කල ජිමින් එහෙම අහද්දි ජිමින් කියන දේවල් අහන් හිටියත් තමන්ගේ අවදානය ජිමින්ගේ තොල්වලට දුන් ටේටේ මූන හිනාවකින් පුරවන් ජිමින්ගේ පිම්බුනු තොල් දෙක එයාගේ ඇගිලි වලින් ඇද්දා..

"ආ..ව්...මොකක්ද ඒ කලේ.."

ටේගේ දිග ඇගිලිවලට තද උන තොල් ඇගිලි වලින් පිරිමැදගත් ජිමිනි මූන පුම්බන් එහෙම අහද්දි ටේටේ එයාගේ පෙට්ටි හිනාව දාගෙන හයියෙන් හිනා වුනා.

ටේටේ කතාකරන්න පුලුවන් තරමට හොද වුනානම් අනිවා ජිමින් හරිම කියුට් කියලා කියාවී...

*හනේව්...ඔය හිනාවට මන් වශී වෙනවා රත්තරං..*

ටේටේ ආයේ ආයේ ජිමින්ගේ තොල් අදින ගමන් මූන පුරා හිනාවෙද්දි ඒ හිනාව දිහා ලා තෙත් ඇස්වලින් බැලුව ජිමිනිගේ හිත ඒම කියලා කෑගහද්දි ජිමිනි එයාගේ තොල් අදින ටේගේ අත තදින් අල්ලගත්තා.

"ම්හ්.."

"කෝලං ඇති..මට මේ කොලේ පුරවලා ජින් හියුන්ට දෙන්න ඕනී.."

ජිමිනිගේ ස්පර්ශයෙන් ගැස්සුන ටේටේගේ ඇස් දිහා බලන් හීනියට රැව්ව ජිමිනි ඒම කියලා ටේව චෙක් කරන්න ගද්දි ටේටේ මූන ඇද කරගත්තා..

"ඔයා සනීප උනාම ඕනි තරම් වෙලා මන් එක්ක කෝලං කරන්න පුලුවන් බබෝ...."

ටේගේ ඇදවුන මූනේ කම්මුලක් ඇද්ද ජිමිනි ඒම කියද්දි ඇස් හීනී කරගත්තු ටේටේ ජිමිනිට හොදටම රැව්වේ මූන කේන්තියෙන් රතු කරගෙනයි..

"හපෝ කොටියෙක් වගේනේ...මට බයත් හිතුනා.."

ජින්ගෙ විස්තර කිරීම් වලින් ටේගේ හැසීරීම් රටා ගැන තේරුම් අරන් හිටි ජිමිනි ටේටේ එක්ක තවදුරටත් කතාවට නොයා තමන්ට අදාල වැඩෙ විතරක් කරලා ටේගේ රූම් එකෙන් පිටවුනේ ටේට බෙහෙත් ටිකත් පොව්වලයි..

"මොකක්ද කියන්නේ ?? කිම් ටේහියුන් බෙහෙත් බිව්වා..හහ්..සිරාවටමද..."

"නෑ ධමනියට..එයා බෙහෙත් බිව්වා හියුන්.."

"වෙන්න බෑ..!!! ඒ කොල්ලට බෙහෙත් පොව්වන්න හොබීගේ කෝලම් වැඩ වලටවත් බැරි වෙද්දි wwh face එක පෙන්නලා මං එයාට බෙහෙත් පොව්වන්න ගත්තු උත්සහයත් අසාර්තක උනා.එහෙම එකේ කොහොමද ඔයා එයාට බෙහෙත් පෙව්වේ.."

"මම් ඉතින් දස්සයිනේ..මම් එයාට බෙහෙත් බොන්න කිව්වා.එයා බෙහෙත් ටික බිව්වා..එයා හරිම හොද බබෙක්..😁"

"වෙන්න බෑ.."

ටේගේ රිපෝට් එක බාරදෙන්න ජින්ව මුන ගැහුන ජිමින්ගෙන් දැනගත්තු විස්තර වලින් කන්ෆියුස් වුන ජින් හෝප් දෙන්නා ජිමින් දිහාට සැකසහිත බැලමක් එක්කලා.

"මට දැන මහන්සියි.මන් ටිකක් රෙස්ට් කරලා එන්නම්.."

තව ටිකක් එතන රැදුනොත් ටේට බෙහෙත් පොව්වන්න තමන්ට විදින්න උන අනේක විද හිරිහැරයන් ගැන පාපොච්චාරනයක් තමන්ට කරන්න සිද්ද වෙන බව තේරුන් ගත්තු ජිමිනි ඉක්මනින් එතනින් චුත වෙද්දි ජින් හෝප් දෙන්නා මූනට මූන බලාගත්තා.

------------------------------------------------------------

ගොඩාරියක් ස්තූතියි අක්කි..මන් ආදරෙයි ඔයාට කියාගන්න බැරි තරම්..🫂❤️💫

Continue Reading

You'll Also Like

1.3M 56.9K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
251K 7.4K 87
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
365K 13.1K 57
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six ━ season se...
89.2K 3.1K 52
"𝐓𝐫𝐮𝐭𝐡, 𝐝𝐚𝐫𝐞, 𝐬𝐩𝐢𝐧 𝐛𝐨𝐭𝐭𝐥𝐞𝐬 𝐘𝐨𝐮 𝐤𝐧𝐨𝐰 𝐡𝐨𝐰 𝐭𝐨 𝐛𝐚𝐥𝐥, 𝐈 𝐤𝐧𝐨𝐰 𝐀𝐫𝐢𝐬𝐭𝐨𝐭𝐥𝐞" 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Caitlin Clark fa...