SEPALIKA | COMPLETED

cHerRy_MinShi_ द्वारा

3.4M 349K 84.8K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... अधिक

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

58 කොටස

18.8K 2K 380
cHerRy_MinShi_ द्वारा

" ඒ ෂනෙරුවා.. සිරාවටම මාවත් තෝරගෙනද බං.."

" ඔව් බං.. දැන් ඉතින් උඹත් ස්ටුවර්ඩ් කෙනෙක් තමා.. ලේසි පාසුද..ම්ම්..ම්ම්.."

මම සෙනුකයයි උදේම ඉස්කෝලෙ ඇවිත් ගේට් එක දිහාවට ඇවිදගෙන යනගමන් ඉදියෙ.. ඌත් ඉතින් ගේට් ඩියුටි තමා, මමත් ගේට් ඩියුටි නම්.. ෆ්‍රෙන්ඩ් ගෝල්ස් කියන්නෙ ඒවටනෙ.. කලින් දවසේ අර ගෙම්බා මාව ආතල් එකකට ගත්තු නිසා මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර යනකල් කතාකරන්නෙ නැතුවනෙ හිටියෙ.. පස්සෙ ඉතින් පව් කියලා රෑ කෝල් එකක් ගත්තෙ.. මොකක් වුනත් කවදහරි යාලුවෙන්න ඉන්න එක්කෙනානෙ.. එහෙම කරන එක ලාවට වගේ හරි නෑනෙ..

" ඒ පකක් නෙමේ බං ඔය මගුලට දැන් හැමදාම ඉස්කෝලෙ එන්න වෙයිද.."

" අනේ මේ පිස්සු හැදෙයි.. මට එන්න වෙන්නෙත් සතියට තුනයි බං.."

" ඒකනෙ.."

" උඹට අවුලක් නෑනෙ ඉතින් ඇපෘවල් නිකන්ම ලැබෙනවනෙ.. ඉස්කෝලෙ හෙඩා බෝයිපෙන් නෙ.."

" අනේ පලයන්.."

" ඒකනෙමේ.. දැන් අයුක අයියට මොකද.."

" දැන් නම් ඉන්නවා.. කලින් වගේම ලොකු අවුලක් නෑ.. ඒ වුනාට ලොකු හොදකුත් නෑ බං.."

" අයියට ඉක්මනට සනීප වෙයි.. උඹ ඒකා එක්ක ඉන්නවනෙ.."

මම සෙනුකයගෙ කරට අතක් දාගත්තා..

" උඹ වගේ එකෙක් ලැබෙන්න උගේ මොකක් හරි පිනක් තියෙන්නැති බං.."

" ඒ මොකෝ.."

" නෑ උඹ මාරයි.."

" ම්ම්.. ම්ම්.."

සෙනුකයයි මමයි ගේට් එක ගාවට යද්දි සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා පස් දෙනෙක් ගේට් එක ගාව ඉදගෙන බෑග්ස් චෙක් කරනවා.. උදේ නිසා ඉතින් කට්ටිය ලොකුවට නෑ.. රධ්‍ය අයියත් පේන්න හිටියෙ නෑ අද උදේ මොකක්ද වැඩකට ඔෆිස් එකට යනවා කිව්වනෙ.. අපි ගියාට පස්සෙ එතන ඉදපු අයියලා දෙන්නෙක් අපි ගාවට ආවා.. අපි දෙන්නටම බැජ් තිබ්බෙත් නෑ.. ඒ වුනාට ඒ අයියලව මම දන්නවා..

" කෝ බැජ්??"

" රධ්‍ය අයියා අද ඉල්ලගන්න කිව්වා.."
" මම ඊයෙ ආවෙ නෑ අයියෙ.."

" ආ හා කමක් නෑ.. උඹලා දෙන්නා අර ලයින්ස් දෙකට ගිහින් බලපන්.. අපි මෙහෙන් ඉන්නම්.. අවුලක් නම් කතාකරහන් හොදේ.."

" හා.."

" දන්නවනෙ.. කලිසම් කොට වෙන්න බෑ.. කොණ්ඩෙ රැවුල් වවලා තියෙන්න බෑ.. ෆෝන් ගේන්න බෑ.. පෙන් ඩ්‍රයිව් අනම් මනම් බෑ.. එස් ආර් බී එකයි ලන්ච් බොක්ස් එකයි තියෙන්න ඕන.."

" හරි අයියෙ.."

" ඒවා පිලිවෙලට නැත්නම් 'මම පාසලේ නීති කඩ නොකරමි' සී ආර් කොලයක් පිරෙන්න ලියවලා තමා මෙතනින් යවන්නෙ.. පරක්කු වෙලා එන සේරම කෙලින්ම ග්‍රවුන්ඩ් එකට.. උන්ගෙ එස් ආර් බී එක අරගෙන ප්‍රමාද වී පැමිනීම චාර්ට් එකේ නෝට් එකක් දාන්න ඕන.. තේරුනානෙ.."

" හරි අයියෙ.."

" දැන් යන්න.."

මම ඉතින් දෙයියනේ කියලා පලවෙනිම දවසේ ස්ටුවර්ඩ් රාජකාරිය ආරම්භ කලා.. ගේට් ඩියුටි සාපයක් කියන්නෙ සාපෙනුත් සාපයක්.. සාමාන්‍ය පෙළවත් එච්චර සාපයක් වුනේ නෑ.. අනිත් එක මේ පොඩි පගයො දෙන්න හිතයි.. හොම්බ කට සමතලා වෙන්න.. බෑග් එක පෙන්නන්න කිව්වහම සිප් එක වහගෙන එන්නෙ අපි ගාවට.. මම ඉතින් ඉහ වහා යන කේන්තිය හිතේ කොනට ගුලි කරගෙන බොහොම අමාරුවෙන් කට පියන් උන්ගෙ බෑග් බැලුවෙ.. ඒ මදිවට එන එන මැඩම්ට සර්ට ග්‍රීට් කරන්නත් ඕන.. හිනාවෙලා.. 

මම හත විතර වෙනකල් ගේට් එක ගාව එසේ මෙසේ කට්ටක් නෙමේ කෑවෙ.. හතේ ඉදන් හත හමාර කියන්නෙ.. ඉස්කෝලෙ හොස්ටල් වල උන් එළිබහින වෙලාව නිසා තව හෙන පෝළිමයි.. ස්කූල් බස් එනවා.. ඒවගෙ ඉන්න හැත්ත බුරුත්ත සේරමත් එකතු වෙලා.. මටනම් දැන් අර රධ්‍ය කියන සිප්පි කට්ටා එක්ක මලපැනලා හිටියෙ.. මේකා හිතලමද කොහෙද මට ගේට් ඩියුටි දුන්නෙ.. ඉදපන්කො.. අද මගේ හන්දිපත් රුදාව ඇල්ලුවොත්නම් අම්මපා මම ඕකව මරලා මහනවා හොද හයිය තියන අපේ අම්මට පොලේ යන්න මල්ලක්.. 

ඔහොම මම බෑග් වලට එබි එබි කොල්ලොන්ගෙ කලිසම්,කොණ්ඩ දිහා බල බල හිටගෙන ඉද්දි එකපාරට මහා හෙනයක් ගැහුවා වගේ මගේ පෝලිමේ හිටපු උන් බාගෙට බාගයක් මගේ එහාපැත්තෙයි මහා පැත්තෙයි වෙන පැතිවල තියෙන පෝලිම් වලටයි පැනලා ගියා.. එකපාරට වෙච්ච දෙයින් මම සෑහෙන්න කොන්ෆියුස් වුනත් ඒ එක්කම අපේ ගයනිකා මැඩම් ආපු නිසා මම හිනාවෙලා මැඩම්ට ග්‍රීට් කලා.. මැඩම් මට හෙන ලව්.. අපි පොඩි කාලෙම ඉදන් මගෙ ආදරබර මියුසික් ටීචර් නෙ.. දැන් නම් මැඩම් ප්‍රෙග්නට්.. 

" ගුඩ් මෝනින් මැඩම්.."

" ගුඩ් මෝනින් උද්‍යෝග පුතා.. ආ මේ රධ්‍ය පුතත් ඉන්නෙ.."

" ගුඩ් මෝනින් මැඩම්.."

මම ක්ශනිකව බෙල්ලෙ පොට යන ගානටම හැරිලා පිටිපස්ස බැලුවා.. යකෝ!! කොයිවෙලේද මෙතෙන්ට ආවෙ.. මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ.. ඉන්නවා මරුමුස් විදියට හිනාවේගෙන උසට උසේ හෙනකදයා වගේ..

" කොයිවෙලේද ආවෙ.."

" දැන් ටික- ඒ මෙහෙ වරෙන්..!! ඔය රතු පාට බෑග් එක.. ඔව්.. මම තමා.. මෙහෙ වරෙන්..!!"

මේකා එකපරටම මුල් ටික හොදින් කතාකල්ලා මැදහරිය ගිරිය පලාගෙන කෑගැහැව්ව කිව්වා නිසා මාව ගැස්සිලා ගියා.. යකෝ කටේ සද්දෙ.. මේකගෙ උගුරු දණ්ඩ කැඩිලා යයි මෙහෙම කෑගහලා..

" උඹ අද කොහෙ එන්නද ආවෙ.."

රධ්‍ය අයියා මගේ එහාපැත්තෙ ඉදගෙන එකෙක් අල්ලගෙන බනිද්දි මම මගේ පාඩුවේ පෝලිමේ ඉදපු උන් චෙක් කර කර යැව්වා.. යකෝ බය හිතෙනවනෙ.. මේ මොන මගුලක්ද.. මලයකෙක් වගේ.. ඇහිබැමත් එකට හා වෙලා.. මේකා යකෙක් වගේ එකෙක්ද කොහෙද.. ඇහිබැම එකට ගෑවිලා තියෙන උන් නපුරුයි කියලා අපේ ආච්චිඅම්මා කිව්වනෙ.. මූත් එහෙමද කොහෙද.. 

" අ-අයියෙ.."

" අයියෙ හුයියෙ නෙමේ..!! මට මතකයි.. ගිය සතියෙත් උඹට ක්ලාස් එකේ ප්‍රිෆෙක්ට් කිව්ව නේද රැවුල කපන් වරෙන් කියලා.."

" අ-අ"

" කිව්වද නැද්ද කියපන්!!!"

" කිව්වා අයියෙ.."

" එතකොට උඹ රැවුල කැපුවෙ නැද්ද.."

" න්-න්"

" ඉෂාන් මූව ඔෆිස් එකට එක්කන් පලයන්.."

" අනේ අයියෙ-"

" ඉෂාන්!!!!!!!!!"

" ඒ මෙහෙ වරෙන් යන්න.."

අර එකොළහ වසරේ පොඩි එකා මූණ ඤොරොක් කරගෙන ඉෂාන් අයියා පස්සෙන් ඔෆිස් එකට යන්න ගියා.. අනේ පුතේ.. මූ කියන තරම් උපාසක බළලෙක් නෙමේද කොහෙද.. ඌට කෑගහලා එතන දෙවනත් කල්ලා ආයෙම රධ්‍ය අයියා උගුර පාදගෙන හිමීට මගේ පැත්ත හැරුණා..

" වරද්.. බැජ් එක.."

සිල්වර් පාට රවුම් බැජ් එකක් මගේ අතේ තියපු රධ්‍ය අයියා මගේ පිටට තටුවක් දාගෙන සෙනුකයා ඉන්න තැනට ගියා.. ඩියුටි බලන්නද ඇවිත් තියෙන්නෙ.. හරිම හොදයි වරද් පුතේ!! ගේට් ඩියුටි චෙක් කරන්න ඉන්නෙ මූ කියල මෙච්චර කල් දැනගෙන ඉදියෙ නෑනෙ.. එහෙමත් තියෙද්දි තමා අර සේපාලිකා ගස් අස්සෙ පැල් බැදන් කියව කියව හිටියෙ.. කියාන් අයියා හරි පෞ.. මෙච්චර කල්ම රධ්‍ය අයියගෙ කට්ට නෙ ඇදලා තියන්නෙ..

ඔක්කොමත් හරි පෙනේද මේකා වෙස් මාරු කරන හැටි.. මූ වෙස් මාරු කරන නාග කන්‍යාවියක්ද දන්නෙ නෑ.. සැක්.. කන්‍යාවියක් නෙමෙයිනෙ.. කන්‍යාවෙක්ද.. කොහොමද කන්‍යාවියගෙ පිරිමි සතාට කතාකරන්නෙ.. වර්ජින් මේල්?? මොකක් හරි.. අන්න එහෙම එකෙක් වෙන්න ඇති.. මේ දැන් කෑගැහුවා.. ඊටපස්සෙ ආයෙම හොදට කතාකලා..ම්ම්..ම්ම්.. හිටපු හැටියෙ පණ යනවා ආයෙත් පණ මතුවෙනවා පුංචි රධ්‍ය මගෙ පැ- මොනෞත්තක්ද මට මේ වෙලා තියෙන්නෙ..

මම ඔලුව ගසාගෙන හරි සිහියට ආවා..

කොහොම හරි හත හමාර වෙනකල්ම රධ්‍ය අයියා ගේට් එක ගාව අර මැණික රකින නාග වර්ජින් මේල් වගේ කැරකි කැරකි හිටියා.. ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක ගහද්දි මගේ අතේ 'මම පාසලේ නීති කඩ නොකරමි' කොළ බන්ඩ්ල් එකයි.. දැන් ඉතින් මේක ලිව්වහම මේ ලියපු හැම එකාම නීති රකිනවද.. මල සමයං නෙ.. මේ මමත් මේ වගේ කොළනම් කීයක් ලිව්වද.. දවසක් මේ රධ්‍ය අයියම ජූනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා ඉද්දි මම මේ වගේ කොළයක්ම ලියලා ඌට දුන්න කියලා ඌ මට ලගදි මතක් කලා.. දැක්කනෙ.. මම පොඩි කාලෙ ඉදලම හැදුනේ සිරිමත් වගේ.. පොඩ්ඩක් එහෙන් මෙහෙන් සමානකම් තිබ්බා..

මම ඉතින් හත හමාරෙ ඉදන් අට වෙනකල් බුදුන් වැදලා පරක්කු වෙලා ආපු උන්ගෙ එස් ආර් බී වලත් ලියලා පන්තියට එන්න එද්දි සෙනුකයත් දුවගෙන ඇවිත් මගේ කරට අතක් දාගත්තා..

" මේ ගේට් ඩියුටි මොන කරුමයක්ද බං.. බුදුමැදුර වගේ සෙට් කරගන්න බැරිවෙයිද අපිට.."

" ඒ ඔව් නේ බං.. එතකොට අපිට පාඩුවේ බුද්ධ පූජාව ඉවරවෙනකල් ඉදලා ශේප් එකේ ක්ලාස් එකට එන්න තිබ්බා.."

" මේ උඹේ අයියණ්ඩිගෙන් අහලා බලපන්කො.."

" ඒ දියබරියා ගත් කටටම 'එපා දම්සාරී~!' කියයි.. සතියක් විතර ගිහින් අහමු.."

" හා.."

මමයි සෙනුකයයි ක්ලාස් එකට ගියාම තමයි අපිට දැනගන්න ලැබුනේ අපේ සෙක්ශන් එකේ කෝඩිනේටර්ගෙ ගෙදර මළ ගෙයක් වෙලා සෙක්ශන් එකේම මැඩම්ලා සර්ලා ඒකට උදේ ගිහින් කියලා.. ඉතින් මමයි සෙනුකයයි පන්තියේ ඉන්න කම්මැලි නිසා පේපර් වගේකුත් උස්සගෙන අර අපේ ඉස්කෝලෙ අඹ ගහ යට බංකු තියෙලා තියන තැනට ගියා ගනන් හදන්න.. සෙනුකයා කොහොමත් ඉතින් පොඩ්ඩක් පොත් ගුල්ලා සීන් එකේ නෙ ඉන්නෙ.. 

අපි දෙන්නා නිවාඩු පාඩුවේ පැය දෙකක් විතරම පාඩම් කලා.. ඉස්කෝලෙ මේ වගේ තැන් හදලා තියෙන්නෙ කොහොමත් ළමයින්ට පාඩම් කරන්න තමා.. අපිට එහායින් තව පොඩි ලමයි වගේකුත් පාඩම් කර කර හීයා.. අපේ කොමස් උගන්නන හාමුදුරුවොත් අපිව දැකලා පිටට වේවැලෙන් තට්ටුවක් දාගෙන ගියා.. උන්වහන්සේ ඉතින් තට්ටු දාන්න දන්නෙ වේවැලෙන් විතරයි.. කියාන් අයියා කිව්වා හාමුදුරුවො දවසක් වේවැලෙන් දාපු තට්ටුවකට සතියක් බෙහෙත් දාන්න වුනා කියලා..

ඒ වුණාට හාමුදුරුවෝ හරි හොදයි.. සැර වුණාට අපි ඕලෙවෙල් කාලෙ කොමස් උගන්නන්න ඉදියෙ හාමුදුරුවො තමා.. මට මතක හැටියට මුලු ක්ලාස් එකටම කොමස් වලට තිබ්බෙ ඒ.. දෙතුන් දෙනෙක්ට බී තිබ්බා.. හොදම දේ අපේ උන් එකෙවත් ටියුශන් ගියේ නෑ.. ඒ තරමට ඒ හාමුදුරුවො නැහිලා අපිට ඉගැන්නුවෙ.. 

මමයි සෙනුකයයි ගනන් හද හදා ඉදලා මට ඊටපස්සෙ දෙන්නම හෙන කතාවකට සෙට් වුනා.. අයුක අයියා රට යන කතාවක් දැන් ඇදිලනෙ තියෙන්නෙ.. සෙනුකයා ඒක ගැන කතාකලා.. ඌ නම් කියන්නෙ හැමදේටම කලින් ජීවිතේ හදාගන්න එපැයිනෙ කියලා.. ඒකනම් ඇත්ත තමයි.. සෙනුක කිව්වා ඒ ගැන පුලුවන් තරම් අයුක අයියට තේරුම් කල්ලා දෙන්න බලනවා කියලා.. මොකක් හරි කමක් නෑ උන් දෙන්නට නරකක් නොවී ඕනදෙයක්..

අපි දෙන්නා කතාකර කර ඉද්දී රධ්‍ය අයියා තනියම මොකක්ද කොළ ඉත්තකුත් අතේ තියාගෙන මේ පැත්තට එනවා මම දැක්කා.. ඔය එන්නෙ.. මගේ වෙන්ඩ නාග වර්ජින් මේල්.. මුගෙ වෝක් එක යකෝ.. ඕක දාන්න බැරිවුනාද මං අහන්නෙ එදා අවුරුදු කුමාරයට ස්ටේජ් එකේ වෝක් එක යද්දි.. බලන් යද්දි මේකා ඇත්තටම වෙස් මාරු කරනවද කොහෙද..

" මොකද කරන්නෙ.."

රධ්‍ය අයියා අපි හිටපු මේසෙ ඉතුරු බංකුවකින් ඉදගත්තා..

" අපි හඳට යන්න රොකට් එකක් හදනවා.. එනවත.."

" කොහෙට?? හඳටද??"

" නැතුව ඉතින්.."

" මම උඹට හද පෙන්නන්නද.."

" හා.."

" ඉඳපන් පස්සෙ දවසක පෙන්නන්නම්.. සෙනුක මල්ලි.. අයුක කතාකල්ලා ඔයා අහනවා.. කෝල් එකක් ගන්න පුලුවන්ද කියලා අහන්න කිව්වා.."

" මං ගාව ෆෝන් එකක් නෑනෙ අයියෙ.."

සෙනුකයා ඇගිලි අඹර අඹර පොත දිහා බලාගෙන කිව්වා.. 

" ආ ඒකට මොකද බං.. මේ අයියෙ තවුසෙගෙ ෆෝන් එක ගෙනාවා නේ..??"

" ම්ම්.."

" අන්න ඒකෙන් ගනින් බං.. හයයි නමයයි නමයයි හය ගහලා ලොක් එක ඇරගනින්.."

මම හෙන පණ්ඩිතයා වගේ කියද්දි සෙනුකයා ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉදලා රධ්‍ය අයියා දිහා බැලුවා..

" ගිහින් ගන්න.."

රධ්‍ය අයියා ගන්න කියන කෑල්ල කියන්න පටන් ගත්තා විතරයි සෙනුකයා ආලෝකේ වේගෙන් බංකුවෙන් නැගිටලා ඇවිදගෙන ඇවිදගෙන ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට ගියා.. 

" කෝ බලන්න මොනවද හදපු ගනන්.."

" හද හද හිටියෙ එක ගානක්.. ඒකෙ මගක් යද්දි තේරෙන්නෙ නෑ වගේ.."

මම පැන්සලෙන් කම්මුලට ඇනගත්තහම රධ්‍ය අයියා මගේ පැන්සලයි පොතයි එයාගෙ පැත්තට අරගෙන පොතට එබුනා..

" කෝකද.."

" මේ තියෙන්නෙ.. මේකේ ටීටා සමානයි සයින් ඍණ එක වාරයක් සයින් ඇල්ෆා මූල එන් වර්ගයයි ඍණ එක ඍණ කොස් ඇල්ෆා බව පෙන්වන්න කියලා තියෙනවා.. එන් කියන්නෙ ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකයලු.."

මම කියවගෙන කියවගෙන යද්දි රධ්‍ය අයියා කටත් ඇරගෙන පිටසක්වල එකෙක් වගේ මං දිහාබලාගෙන ඉන්නවා.. සැක්.. මූට තේරුනේ නැතුවැතිනෙ..

" ඒක රැප් එකක් වගේ.."

" අනේ මේ.. මෙන්න මේක හදලා දෙනවා.. මට බෑ ආයෙම ඉංග්‍රීසියෙන් පහදන්න.."

" ම්ම්..ම්ම්.. ඉන්න බලන්න.. ආ මේක ලේසිනෙ.."

රධ්‍ය අයියා ගාන දිහා බලාගෙන ඉදලා මගේ උත්තරේ දිහාත් ටික වෙලාවක් බලාගෙන ඉදලා මම හදපු සමීකරණෙන් බාගයක් පැන්සලෙන් කපලා දැම්මා..

" මේක වටයක් වරද්.. මේ වගේ ගනන් වලදි මෙහෙම දත්ත ටික ලියාගෙන හිතෙන් හදලා බලන්න ඉස්සෙල්ලා.. ඊටපස්සෙ උත්තරේට යන්න.. මෙච්චර ලිය ලිය ඉන්න ගියොත් වෙලාව අපතේ යනවා.."

රධ්‍ය අයියා මගේ පොතේ ගානෙ වැරදි හදලා උත්තරේ ගන්න විදිය පෙන්නුවා.. 

" මේ ඒකනෙමේ.. මේ ටිකේ මම ඔහේ නිකන් ඉන්න එකේ එනවා උඹට ගණන් ටිකක් හදවන්න.."

" කොහෙ??.."

" ඉස්කෝලෙදි තමා.. දැන් ඉස්සරහට ළමයි එන්නෙත් නෑනෙ.. එතකොට නිකම්මනෙ ක්ලාස් එකේ ඉන්නෙ.. සෙනුක මල්ලිටත් එන්න කියන්න.."

" හා.."

" ම්ම්.."

රධ්‍ය අයියා එයාගෙ අතේ තියෙන මුද්ද කරක කරක මගේ පොතේ තිබ්බ ගනන් දිහා බලාගෙන හිටියා..

" මේ ඇත්තටම තවුසෙ මාව කිස් කලේ නෑ නේද අයියෙ.."

මම ඈත ඉන්න කාක්කෙක් දිහා වපරෙට බලාගෙන රධ්‍ය අයියගෙන් ඇහුවා..

" නෑ බං නෑ.."

" නැත්තං කමක් නෑ ඉතින්.. මම දැනගන්න ඇහුවෙ.."

" ඒකට කියන්නෙ කිස් එකක් කියලද.. ඒ මන්දා උඹත්.."

" අපි මේ ඔවාලා වගේ ඩ්‍රාමා බලලා ඕවා හුරුකරගෙන නෑ.. මම ඇවිල්ලා පොතක් පතක් බලාගෙන පාඩුවෙ ඉන්න මනුස්සයනෙ.."

" ඔව් ඔව්.. උඹකියන එකක් තමා.. මේ නියපොතු කපාගෙන වරෙන් ඊලග දවසෙ.."

" හරි හරි අනේ.. අපරාදෙ මම ලස්සනට තියාගෙන ඉදිය මගේ රෝස පාට නියපොතු ටික.."

මම දුකින් මගේ ලස්සන නියපොතු ටික දිහා බලාගෙන හිටියා.. පස්සෙ වැවෙමු මගෙ යාලුවනේ.. වවන්නෝ.. දිනන්නෝ..

" ආ මේ.. මම උඹට පොඩි වැඩක් ගෙනාවා.."

රධ්‍ය අයියා මෙච්චරවෙලා නටුවෙන් අල්ලගෙන කරක කරක ඉදිය කොළ අත්ත මට දික් කලා.. සැක් ඇඹරැල්ලා ඉත්තක් නේද මේ උස්සන් ඇවිත් තියෙන්නෙ..

" මේ මොකෝ.."

" උඹ ඇඹරැල්ලා දලු කනවනෙ.. දළඹු පැටියා වගේ.."

ඔහොම තමා.. අන්න දැක්කනෙ.. ඒ කාලෙ කොහොමද.. ට්විස්ට් ටොබ්ලරෝන් අරවා මෙව්වා.. දැන් දෙන්නෙ ඇඹරැල්ලා කොළ.. අපේ මාමා කිව්වා හරි මම ආදරේ ගැන දන්න පකක් නෑ තමා.. දැන් නෙ මේ ඉගනගන්නෙ.. 

" අනේ මේ.. පලයං යන්න.."

මම ඇඹරැල්ලා ඉත්ත දෙකට තුනට නමලා සාක්කුවේ ඔබාගත්තා.. පස්සෙ කන්න බැරියැ.. මොකක් වුනත්.. මාව මතක් වෙච්ච නිසාලුවෙ ගෙනාවෙ.. 

" ඔබ ඇපල් මලක් වාගේ~ ලස්සන වසන්ත කාලේ~ මට හදිස්සියෙන් වාගේ~ හමු වූ~"

මම හිමීට සිංදුවක් මුමුණ මුමුණ මේසෙ පුරාම තිබ්බ පැන්සල් මකන පෑන් අරවා මෙව්වා එකතු කරගෙන පර්ස් එකට ඔබාගත්තා.. රධ්‍ය අයියට ඒක ඇහිලා හිමීට කට කොනෙන් හිනාවුනා.. ඔය දැන් ඉතින් කියයි අසමජ්ජාති මෙලෝ රහක් නැති ඌට විතරක් හිනායන හරිම හාස්‍ය උපදවන  සුලු කතාවක්..

" නෑ නෑ ඔබ කෙහෙල්මලක් වාගේ~ ලස්සන වසන්ත කාලේ~"

" අයියෙ!!!!!!!!!!!!!"

" මොකද බං කෑගන්නෙ.. අර පොඩි උන් වගයක් අරහෙ පාඩම් කරනවා.."

රධ්ය අයියා මට අපේ එහාපැත්තෙ ඉන්න මල්ලිලා සෙට් එක පෙන්නද්දි එතන කණ්ණාඩි දාගෙන ඉදපු කොට කලිසම් සකලබුජම් මල්ලි රතුම රතු වුනා.. හරි ශෝක් පොඩි එකා.. 

" අම්මපා මම තව්සෙගෙ ඇට දෙක තලනවා දැනගනින්.."

මම කටට ආවට ඔහේ කිව්වට ටිකකින් තමා මීටර් වුනේ මොකක්ද කිව්වෙ කියලා.. හරිනෙ ඇට ගැන කියවලා කියවලා මිනිහගෙත් ඇට දෙක තලන්න තමයි ලෑස්තිය..

" මොකක් කිව්වා..??"

" ම්-මොකුත් නෑ.."

" වරද්.. උඹනම් මහ-"

" මොකෙක්ද මන්දා.. ඕකනෙ කියන්න ගියේ.."

මම මගේ පර්ස් එක ඇතුලේ තිබ්බ මකනයක් ශේප් එකේ රධ්‍ය අයියගෙ කටේ එබුවා.. එනවා මෙතන කට ගහගෙන.. කාපිය මගේ දොඩම් සුවද තැඹීලිපාට මකනෙ දැන්..

" තුහ්.. මොන මගුලක්ද උඹට වෙලා තියෙන්නෙ අද.."

" මොකුත් නෑ අනේ.. දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් එයි හැගුමන් මතු වී හදේ
නෙහගින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ~ "

මම රධ්‍ය අයියට ඇහැකුත් ගහගෙන බංකුවෙන් නැගිටලා සාක්කුවට අත් දෙකත් ඔබාගෙන බුදුමැදුර පැත්තට ඇවිදගෙන ගියා..

" වරද් ඔහොම ඉන්නවා.."











හොදායි මගෙ ලමයිනේ~ මගෙ ඊලග ඔයාලට ආදරෙන් අහන්න ඉල්ලන සිංදුව.. දෑසින් පෑ.. රධ්‍ය අයියගෙ ආසම අටිස්ට් ගෙ.. මේවා ඇවිල්ලා පරණ වුනාට හෙන ලස්සන සිංදු..

ඔන්න මම ආවා.. මෙන්න මම ගියා..

මම ඔයාලට ආදරේම අදරේ අනේ.. හැම කමෙන්ට් එකක් ගානෙම මම පුරෝලා දෝතින් එකක්.. ආදරේම අදරෙයි.. ඒ හැම කමෙන්ට් එකක් ගානෙම මගේ අතින් ලියවෙන චැප්ටරේ ගානෙ ලියන්න ආස හිතෙනවා.. හව් ලව්ලී යූ ආ~

එන්නාම් මගෙ සකලබුජම් කොටකලිසම් ටික.. 

ලව් යූ.. ❤🌚

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

249K 40.1K 103
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .
427K 16.1K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
2.3K 950 48
එකම Apartment එකේ පිස්සු වැඩ කරන සෙට් එකක් Description இல்லை
1.9K 527 23
හදවත පුපුරන්න කලියෙන්...