" ඒ ළමයා හොදට හැදුණු දරුවෙක්නම් තමයි.. මටනම් දැක්ක ගමන්ම හිතුනා.."
" ම්ම්.."
අපේ අම්මා කෑම කන ගමන් රධ්‍ය අයියව මතක් කලා.. අම්මට ලොකු පැහැදීමක් රධ්‍ය අයියා ගැන මුල ඉදන්ම තිබුන බව මට දැනිලා තිබුනා.. ඒ වුනාට මේවගෙ ඇත්ත තත්වෙ දැනගත්තු දවසක මේ පැහැදීම මේ වගේම තියෙයිද කියලා මම දන්නෙ නෑ..
" කැළණියෙ හුගක් සෙනග ඉන්න ඇති නේද සුදුමහත්තයො.."
" ඔව් අම්මෙ.. හිටියා හුගක්.. ඒ වුනාට පොඩ්ඩක් ගිහින් ආපු එකනම් හිතට හොදයි.."
" ඔව් මේ දවස් ටිකේම මූණ එල්ලගත්තු ගමන්මනෙ.. දැන් නම් ඔන්න යන්තම් හිනාවක් පේනවා.."
" ම්ම්.. අම්මෙ ඒකනෙමේ.. නිකමට හිතන්නකො.. කවදහරි අම්මා ආයෙම මැරි කලොත්.. හොදයි වගේ නැද්ද.."
" කසාද බදින්න..?? මේ මම.. අර මොකටද.."
" නෑ මම නිකම් හිතිලා ඇහුවේ.. ගනන් ගන්න එපා.."
" ඒකමිසක්.. අටල්පහුරු අහනවා.."
මම අම්මට හිනාවෙලා පිගානත් අරගෙන කුස්සියට ගිහින් සින්ක් එකේ තිබ්බ වලං දෙකතුනත් සෝදලා නවලා කාමරේට එන්න ආවා..
මට නිකමට හිතෙනවා.. අම්මට ආයෙම කසාද බැන්දොත් ජීවිතේට වටිනාකමක් එකතු වෙයි කියලා.. ඒත් හැමදේම ගහෙන් ගෙඩි එනවා වගේ කරන්න බැහැනෙ.. මට අම්මව මගේ පණ රැකිලා තියෙන තාක්කල් ඇහැක් වගේ බලාගන්න පුලුවන්.. ඒත් අම්මටත් ජීවිතේ එක මිටක් අතෑරිලනෙ තියෙන්නෙ.. හිතට දවසින් දවස හීන ගොඩගැහෙනවා.. කැම්පස්ම ගිය පලියට මදි කියලා ඒ ලෙවෙල් වලට මාස පහමාරක් වගේ තියෙන මේ කාලෙදි හොදටම දැනුනා.. හීන තිබ්බත් වදේ නොතිබ්බත් වදේ..
රධ්‍ය අයියලගෙ රිසාල්ට්ස් මේ සතියේ අවුට් වෙනවා කියලා කතාවක් කියනවා.. එයා නම් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නෙ හොද රෑන්ක් එකක් ඒවි කියලා.. එයාටත් වඩා එයාගෙ අප්පච්චි.. අප්පච්චි ඉන්නෙ රධ්‍ය අයියා කරන කියන හැමදෙයක්ම හොදට බලාගෙන.. ආධ්‍ය අයියට වඩා අප්පච්චි හොයලා බලන්නෙ රධ්‍ය අයියා ගැන.. මොකුත් නිසා නෙමෙයි.. ආධ්‍ය අයියනම් අම්මලා අප්පච්චිලා කියන දේ අහගෙන පාඩුවේ ඉන්නවා.. ඒත් රධ්‍ය අයියා එහෙම නෙමෙයිනෙ.. එයා මුරන්ඩුයි..
ඉතින් අප්පච්චි හැමතිස්සෙම කියන්නෙ මුරණ්ඩුකමලු කවදහරි එයාගෙ විනාසෙට මුල් වෙන්නෙ.. සමහරවිට එයාලා කියන කතාවෙ ඇත්තක් තියෙනවද දන්නෙ නෑ.. මටනම් හිතුනෙ ඔය කියන තරමට රධ්‍ය අයියා මුරන්ඩු නෑ.. එයා අකමැති ජීවිතේට අනවශ්‍ය විදියට බලපෑම් කරන එකට විතරය්.. නැත්නම් හිතේ අප්පච්චිගැන ලෙන්ගතු හැගීමක් තියෙනවා.. නැත්තෙ නෑ.. එයාලා විහින්ම රධ්‍ය අයියට කියලා එයාලවම එපා කරගන්නවා.. ගහකට කොලේකට වුනත් ආදරේ දුන්නොත් තමා අපිට ඒකෙන් මලක් පලතුරක් හරි ලැබෙන්නෙ.. සතෙක්ට වුනත් ආදරෙන් සැලකුවොත් තමා උන් අපිට ලෙන්ගතු වෙන්නෙ.. ඕක තේරුම් ගන්න මිනිස්සු අඩු එකයි ප්‍රශ්නෙ..
මම රෑ දෙකහමාර විතර වෙනකල්ම පාඩම් කරලා පහුවදා ඉස්කෝලෙ යන්න බෑග් එකත් හදලා නිදාගන්න ගියා.. රධ්‍ය අයියට මහන්සී කියලා කලින් නිදාගන්න ගිහින් තිබුනා.. මටත් අද දවල් මහන්සි වුනු නිසා ඉක්මනින්ම නින්ද ගියා..
පහුවදා ඉස්කෝලෙට ඇවිත් තුන්වෙනි පීරියඩ් එකේ මම පහළට යද්දි රධ්‍ය අයියා කැඩෙට් යුනිෆෝම් එකත් ඇදගෙන මේන්හෝල් එක පැත්තට යනවා.. එයාලට අද මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා කියලා මට ඊයේ කියලා තිබ්බට මම කැඩෙටින් ගැන ලොකුවට මොකුත් දන්නෙ නෑ.. මොකක් හරි අලුත් අයට බැජ් දෙනවා වගේ එකක්..
රධ්‍ය අයියට ඒ යුනිෆෝම් එක මරුවට ගැලපෙනවා.. බූට්ස් දෙකයි ඇගට ෆිට් වෙන යුනිෆෝම් එකයි ඒකෙ ගහලා තියෙන එක එක ජාතියෙ බැජ් ගොඩයි.. මාරම ලස්සනයි.. මම කීප වතාවක් විතරයි එයා ඔහොම ඇදගෙන ඉන්නවා දැකලා තියෙන්නෙ.. ඒක ඇදලා ගිරිය පලාගෙන මාච් පාස්ට් කරද්දි මම ග්‍රවුන්ඩ් එකේ ඉදන් බලාගෙන ඉදලා තියෙනවා..
රධ්‍ය අයියා ඈත තියලා මාව දැකලා නැවතිලා මට ලගට එන්න කියලා කතාකලා.. එයා ඉතින් හදිසියෙ ගියාට මට හදිසියක් නෑනෙ.. මම ඉතින් කකුල් දෙකත් අද්ද අද්ද හිමින් සැරේ රධ්‍ය අයියට කිට්ටු කලා.. බූට්ස් දෙක දැම්මහම මේකා උසයිනෙ.. ලග ඉන්න මම කොටයි වගේ හිතෙනවා..
" මොකද එළියෙ කරන්නෙ.. දැන් මොකුත් නැද්ද.."
" ඉංග්ලිශ් තියෙන්නෙ.. මැඩම් අද එන්නෙ නැහැල්ලු.."
" එහෙමද.. එළියෙ කරක් ගහන්නැතුව ගිහින් පන්තියෙන් හිටපන්.. පොතක් පතක් බලාගෙන.."
" පොතක් පතක් බලාගන්න තිබ්බා.. සෙනුකයා වගේ පාප මිත්‍ර සේවනයක් මට නොතිබ්බනම්.. ඌට අයුක අයියව හම්බෙන්නෝන කිව්ව නිසා මට එළියෙ තනි රක්කින වුනා.."
" කෝ අයුක දැන්.."
" අර ලැබ් එකට එහාපැත්තෙ ඉන්නවා කණුවක් බදාගෙන.."
" ම්ම්.."
" ඔයා අර ඉවෙන්ට් එකට යන ගමන්ද.."
" ඔව්.. උඹට අද විතරයි මම මේ යුනිෆෝම් එකෙන් බලාගන්න පුලුවන්.. ආයෙ කිසිම දවසක නෑ.."
" එතකොට ආයෙම ඔයා කැඩෙටින් කරන්නෙ නැද්ද.."
" නෑ අදින් මගේ වැඩ ඉවරයි.. මගේ තැනට වෙන කෙනෙක් ඒවි.."
" ඔයාලා තව ටික දවසයි නේද ඉස්කෝලෙ එන්නෙ.. අපි ඒ ලෙවෙල් කලාම එන්නෙ නෑනෙ.."
" ම්ම්.. එහෙම තමා.. අවුරුදු දහතුනකුයි තව වැඩිපුර අවුරුද්දකුයි අපි පුලුවන් තරම් ඉස්කෝලෙට වැඩ කලානෙ වරද්.. ඊළගට එන අයට ඉඩ දීලා අපිට යන්න වෙනවා.."
" අවුරුද්ද අද ඊයෙ පටන් ගත්තා වගේ දැනෙන්නෙ.."
" මටත්.. අද හවසට ඔයා කලින් ගෙදර යනවද.."
" එහෙම තමා හිතාගෙන ඉන්නෙ.. ඔයා එන්න හවස් වෙනවනෙ.. ක්ලාසුත් නෑ.."
" ස්කූල් බස් එකේ යන්න.. පාරෙ බස් වල යන්න ඕන නෑනෙ.. මම රෑට කතාකරන්නම්.."
" හා.. මම යන්නම්.. සෙනුකයා මොකක් කරනවද දන්නෙ නෑ.."
" ම්ම්.. පරිස්සමට යන්න.."
" හරී~"
මම රධ්‍ය අයියා යනකල් ඉදලා ආපහු එන්න ආවා.. සෙනුකයා එළියෙ ඉන්නවා නියපොත්තකුත් හපාගෙන.. අපි හිටියේ කොමස් සෙක්ශන් එක ඉස්සරහා..
ආර්ථිකය ගැන හෙන හෑලි ගොඩක් කඩ්ඩෙන් ගහපු අපේ ඉස්කෝලෙ කොමස් සෙක්ශන් එක.. අයුක අයියගෙයි කියාන් අයියගෙයි ඉස්සර ක්ලාස් තිබ්බෙ මෙහේ.. රධ්‍ය අයියා විතරයි මැත්ස් කලේ.. උන් කොහොම සබ්ජෙක්ට් තෝරගත්තත් හැමදාම හොදම යාලුවො තමා.. ඒක කොහොමටවත් වෙනස් වෙන්නෙම නෑ.. අපි කොමස් සෙක්ශන් එක ගාව දාලා තිබ්බ බංකුවකින් ඉදගත්තා.. සෙනුකයා නියපොතු හපන්නෙ ඌ මොකක් හරි ගැන සීරියස් හිතද්දි තමා.. මම දන්න තරමට එහෙව් සීරියස් ප්‍රශ්න මූට ඇත්තෙම නෑ..
" මොකෝ.."
" ෂනෙරුවා.. බං.. මම මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා.. ඒ වුණාට.. උඹට හිතෙන්නෙ නැද්ද බං.. නෑ එක්කො ඕන නෑ.. අපි ඒ ගැන කතා නොකර ඉමු.."
" නෑ නෑ කියපු එක ඉවර කරපන්.. ගොත ගහන්නැතුව.."
" ෂනෙරුවා.. මට බයයි බං.."
" ඒ මොකද ඒ බය.."
" අයුක අයියා.. අනේ මන්දා.. මම අයුක අයියට ආදරෙයි තමා.. ඒ වුණාට.. අපි මේ යන පාර හරිද බං.. මගෙ හිතට ලගකදි ඉදන් හොදක් දැනෙන්නෙ නෑ.. මොකක්ද බයක් දැනෙනවා.."
" ඒ කිව්වෙ.."
" ඒ කිව්වෙ බං.. මට උඹට හංගන්න දේවල් නෑ උඹ දන්නවනෙ.. අපේ ගෙවල්.. හිතන පතන විදිය.. අනික අපි මේ හෙනට තියෙන කියන මිනිස්සු නෙමේනෙ බං.. මට හැමදාම අයුක අයියා එක්ක කතාකල්ලා එද්දි හිතට අමුතු බයක් දැනෙනවා.."
" ම්ම්.. උඹ කියන කතාවෙ ඇත්තක් නැත්තෙ නෑ තමයි.."
" අනික මේ දවස්වල ප්‍රශ්ණ ප්‍රශ්ණ ඉවරයක් නැතුව.. මේවා කොහෙන් ඉවරවෙයිද හිතාගන්න බෑ.. දැනටම මේකෙ අපි පැටලිලා ඉවරයිනෙ.."
" මම ඕක ගැන හිතනවා බං.. හැමතිස්සෙම හිතේ තියෙනවා.. ඒත් ඔක්කොම දමලා ගහලා අතෑරලා දාන්න උඹයි මමයි හුගක් දුර ඇවිත් වැඩී කියලා හිතෙන්නැද්ද.."
" ඒකම තමා මටත් තියන ප්‍රශ්නෙ.. උඹයි රධ්‍ය අයියයි යාලුවෙලා නෑ කියමු.. ඒත් ඌ කරන දේවල් වලට කොහොමද බං කටක් ඇරලා මේ දේවල් කියන්නෙ.. අයුක අයියත් එහෙමයි.. මට පව් පිරෙනව බං.. මේ කරන දේවල් වලට.."
සෙනුකයා කටහඩ බිදීගෙන එද්දි ඉක්මනට අහක බලාගත්තා..
" සෙනුකයා.. උඹට මම ඉන්නවා.. අපි දන්නෙ නෑනෙ.. අපේ ජීවිත වලට කොහොම ප්‍රශ්න ඒවිද කියලා..දැන් කරන්න තියෙන එකම දේ.. වෙන දේකට ඒ වෙලාවට මූණ දෙන එක විතරයි.."
" එක අතකින් මෙහෙම විදවනවට වඩා මැරිලා යනවනම් ඒකත් එකක් බං.. මට වෙලාවකට එහෙමත් හිතෙනවා.. අපේ ගෙවල් මේවා දැනගත්තොත් මට ශුවර්.. මාව නම් පන්නලාම දාවි.. අනිවාරෙන්ම ඒක තමා වෙන්නෙ.."
" මේ පිස්සු දොඩවන්න එපා හු#තො.. උඹට මම ඉන්නකල් එහෙම මැරෙන්න පුලුවන්ද.. පිස්සු පකෙක් වගේ කියවන්නැතුව වෙන දේකට මූණ දෙමු.. උඹ ගෙදරින් පැන්නුවා කියලා යන එන මං නැති වෙන්නෑනෙ.. උඹට මම යාලුවෙක් වගේ නෙමේද පේන්නෙ.."
" ඉක්මනට මේ කරුමක්කාර විභාගෙ ඉවර වෙනවනම් හොදයි බං.. හිතට සැනසීමයි.."
" ඒකනෙ.. පොඩ්ඩක් ඉවසලා ඉදපන්..මේ වෙලාවෙ එක්සෑම් ඇරෙන්න වෙන දේවල් වලට උඹටයි මටයි උත්තර හොයන්න බෑ.. පොඩ්ඩක් මේවා ඉවර වුනාම උඹයි අයුක අයියයි මේ ගැන කතාකරපන්.. උඹලා දෙන්නගෙ දේවල් වෙන උන් විසදන්න ගියෝතින් ප්‍රශ්න ඇතිවෙයි.. ඒකනිසා මොකෙක්ටවත්, මටවත්, රධ්‍ය අයියටවත් උඹලගෙ ප්‍රශ්න විසදන්න දෙන්න එපා.. අපි දෙන්නගෙ ප්‍රශ්නයි උඹලා දෙනගෙ ප්‍රශ්නයි වෙනස්නෙ බං.. මම මේ උඹේ හොදට කියන්නෙ.."
" ම්ම්.. මට තේරෙනවා ෂනෙරුවා.."
" ඒකනෙ.. පොඩ්ඩක් අල්ලගෙන ඉදපන්.. හැමදාම හෙන ගගහා වහින්නෑනෙ.."
" කියන්න බෑ වැහැලා වැහැලා ගංවතුරක් දාලා සේරම විනාසවෙලා යයිද කියලා.. එහෙම වුනොත් පායපු කාලෙකට ඉන්න වෙන්නෙ උඩ බලාගෙන තමා.."
" ඒ මොකද.."
" ගංවතුරට සේරම ගහගෙන යනවනෙ.."
" ගංවතුර එනකල් වහින්නෑ බං.. උඹට පිස්සු.."
" ඒ වුනාට දිනේස් අයියා සෙංකඩගල නුවරට දාගෙන රට වටේ ගියොත් නම් වැහැලා ගංවතුර දායි.."
" දිනේස් යන්නෙ රට වටේ මිසක් උඹෙ හිත වටේ නෙමේනෙ.. උඹනම් මහ පිස්සු මගුලක්.."
මමයි සෙනුකයයි නැගිටලා ක්ලාස් පැත්තට ගියා..
රධ්‍ය අයියා අර ඉස්කෝලෙ ඉවෙන්ට් එකේ වැඩ වලට බිසී නිසා මට එයාව ආයෙම මුණ ගැහුනෙම නෑ.. ගෙදර ගිහින් කතා කරනවා කිව්වනෙ.. සෙනුකයා හිතේ අවුලෙන් ඉදියට හිනාවෙලා කතාබහ කල්ලා සාමාන්‍ය විදියට ඉන්න ට්‍රයි කලා.. කොහොම වුනත් මම හොදම යාලුවා විදියට උගේ පොඩි වෙනසත් දැනෙනවා.. කරන්න දෙයක් නෑ.. ඌටවත් මටවත්.. අයියලා දෙන්නටවත්.. මේ ටික දවස ඉවසගෙනම ඉන්න වෙනවා..
ඉස්කෝලෙ ඉවර වුනාම සෙනුකයා පොඩ්ඩක් අයුක අයියව හම්බෙලාම යනවා කියලා ඉස්කෝලෙ ග්‍රවුන්ඩ් එක පැත්තට ගියා.. රධ්‍ය අයියා අද නැති නිසා මම බෑග් එකත් එක කරකින් එල්ලගෙන ඉස්කෝලෙන් එළියට ඇවිත් ස්කූල් බස් පාක් කල්ලා තියෙන පැත්තට ඇවිදගෙන ගියා.. හෙන දුර තියෙන්නෙ බස් ගහලා.. ඒ එනගමන් ගේට් එක ගාවින් තඩි හෑන්ඩ් බිලක් බලෙන්ම එකෙක් ඇගේ ගැහුවා..
" අපේ ජීවිත කතාව අපිම ලියාගමු - චරිත දිසානායක "
අපේ කෙමෙස්ට්‍රි සර් නළුවා වගේ රැන්ඩම් ශොට් එකකට අහක බලාගෙන ඉන්න ෆොටෝ එකක් ගහලා තිබ්බා.. මගේ කෙමෙස්ට්‍රි පොතේ පාට පාට පෑන් වලින් ලිවිමේ හා තොරන් දැමීමේ මහා බලවේගය..
' ළමයි දම් පාටින් ලියාගෙන රෝස පාටින් කොටු කරගන්න'
' ළමයි මේ ග්‍රේණිය කොළ පාටින් ලියාගන්න'
' තැබිලි පාටින් තරුවක් දාලා ලියාගන්න'
චරිත සර් එහෙම කිව්වට ඒ කියවන වේගෙට පාට මාරු කර කර ලියන්න අපිට යෝධ බල යෝධ ශක්තියවත් තියෙන්න ඕන.. කියවනවා ආලෝකේ වේගෙන්.. ලියාගන්න අපේ අත ලෙප්ට් වෙලා යනවා.. අවසානෙදි මම නිල් පෑනෙන්ම ඔක්කොම ලියාගෙන ඊතලයක් ගහලා ඒවා තැබිලි පාට, කොළ පාට කියල දාන්න පටන් ගත්තා.. නැත්නම් බ්රෑන්න්ෙ..
' සක්‍රියතා ශේණිය කියන්නෙ මොකක්ද..?? සක්‍රියතා ශ්‍රේණිය කියනෙ සක්‍රියතා ශ්‍රේණියට ඉතින්.. ලියාගන්න.. දහතුන් වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය-'
හෑන්ඩ්බිල දැක්කහම මගේ කනේ වචන දෝංකාර දෙනවා දෙනවා වගේ..
මම ඒකෙ ලියල තිබ්බ ඒවා කියව කියව ස්කූල් බස් තියන පැත්තට ඇවිදගෙන යද්දිම එකපාරටම මගේ ඇගටම කාලා බයික් එකක් නැවැත්තුවා.. මම ඌට ලයිසන් දීපු එකාගෙ අම්මා අප්පා මතක් කරන්න කට ඇරියා විතරයි..
" ඔහ්.. ෂනෙරු මල්ලි"
ෂනෙරු මල්ලි තමා පගො.. ඇයි ගහන්නත..
මීට චෙරී
ඔයාලා හිතන එකා තමා ආවෙ.. ඉම්හි ඉම්හි..
මම ඔයාලට ආදරේම ආදරෙයි ළමයි.. අනෙව්.. හුගක් අප්පා..
සෑ වෙලා එන්නත් හිතෙනවා.. මේ ළමයි හරි ආස නේ රෑ වෙලා එනවට..එහෙනම් දුම් කවුලු සුද්ද කල්ලා ජනෙල් ඇරලා නිදාගන්න.. මම එන්නම්..
ලව් යූ..❤🌚
ප.ලි.
- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..
- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)
- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ..