SEPALIKA | COMPLETED

By cHerRy_MinShi_

3.4M 347K 84.5K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... More

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

41 කොටස

19.7K 2K 453
By cHerRy_MinShi_

" අනේ මේ මාමෙ.. මට බෑ අප්පා.. මගුල.. කොන්දත් රිදෙනවා.."

" පිස්සු කෙලින්නැතුව ගිහින් කිකිරිඳිය ටිකක් කඩාගෙන වරෙන්.. අර වෙල නියරෙ ඇති ඕනතරම්.."

" නියරෙ තියනවා ලබ්බක් තමා.. රෙද්ද.. මම යනවා දමලා ගහලා යන්න.."

" ඔව්.. ඔහොම ගිහින් අන්න අතනින් වෙලට බැහැලා කඩාගෙන වරෙන්.. හොද එකානෙ.."

" අනේ පලයන් මාමෙ.."

මම මාමටත් රවලා ගස්සගෙන දාගෙන වෙලට බැස්සා.. මේ අපේ අම්මගෙ මලයා ඉන්නවා ඌට පුදුම ඇම්මනෙ තියෙන්නෙ.. අත පය නිකම් තියාගෙන ඉන්න බෑ.. දැන් බෙහෙත් තෙලක් හිදින්න ඕනලු ඔලුවෙ ගාන්න.. මොන මගුලකට ඩෙන්ටල් ඩොකෙක් උනාද මටනම් හිතාගන්න බෑ.. මේකා යවන්න තියෙන්නෙ වෙද ගෙදරට.. 

මාමා ආමි මෙඩිකල් කොප්ස් වල ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක්(යුධ හමුදා වෛද්‍ය බලකායෙ).. මම හම්බුන අවුරුද්දෙ තමා ඩයල් එක දෙපාරක් ඒ ලෙවෙල් ලියලා කැම්පස් සිලෙක්ට් වුනේ.. ඒකනිසා ඒකා කියන්නෙ මමලු එයාගෙ ලකී ස්ටාර් එක.. පලවෙනියටම මාමා කෙනෙක් වුනේ මම නිසාලුනෙ.. ඒකලු කැම්පස් ගියේ ඒ අවුරුද්දෙ.. කොහොමහරි කමක් නෑ ඩයල් එකට පිස්සු තදටම.. කැම්පස් කාලෙ ලව් එකක් තිබිලා ඒක එහෙමම කැඩිලා තාම බැදලා නෑ.. ගෙදරට නාකි වෙවි ඉන්නවා.. මම ඕක අල්ලගෙන දවසක් කියවද්දි මට කියනවා උඹ ආදරේ ගැන දන්න පකක් නැහැල්ලු.. කමක් නෑ දැන් දැනගන්නනෙ ඉන්නෙ.. 

මම වත්ත පල්ලෙහායින් වෙලට බැහැලා නියර දිගේ මාමගෙ අර මොකක්ද පැලේ හොයන්න බිම පාත් වෙවී වෙවී ඉස්සරහට ගියා.. ඉස්සර වගේ නෙමේ.. කිකිරිදිය දැන් නෑ හොයාගන්න කොහේවත්.. නාකි විසේ.. කොණ්ඩෙ කලු වෙන්න තෙල් හිදිනවා පුප ඉරාගෙන.. හිතේ ඇත්තෙ තාම කොල්ලා කියලා.. ලස්සනයි තමා ඒ වුනාට වයසනෙ.. 

මම නියර දිගේ නැමීගෙන ඇවිදගෙන ඇවිදගෙන ඉස්සරහට යද්දි මට එකපාර ඇහැට හම්බුනේ කළුපාට නියපොතු තියෙන සුදු පාට කකුල් දෙකක්.. ඉර මද්දහනෙ යක්කුත් ගස් නගිනවා.. මම බයවුනා නහුතෙටම.. ඒ වුනාට ගස් නගින වෙලාවනෙ.. ඉතින් මේ ඉන්නෙ ගහෙන් බිමනෙ.. මාව දැකලා බිමට බැස්සද දන්නෙත් නෑනෙ.. මම එහෙමම නැමිලා කකුල් දෙක උඩට උඩට බලාගෙන බලාගෙන එද්දි මේ යකා ගානට කකුල් දෙක ශේව් කරලනෙ දෙයියනෙ.. රාබු අල දෙකක් වගේ.. ඉතින් මම මොකක්ද කිය කිය හිටියෙ.. ආ.. උඩට බලාගෙන ඒදි මම දැක්කෙ ලා රෝස පාට ගවුමක්.. මම එහෙමම බයවෙලා කොන්ද කෙලින් කරගත්තා.. සැක් ගෑනියෙක් නේද මේ.. මම පහල ඉදන් උඩට බැලුවහම මොනව හිතුවද දන්නෙ නෑ..

" අහ් සොරි නංගි.."

මූණ දිහා බලද්දි නාලා කොණ්ඩෙත් කඩාගෙන මගේ ඉස්සරහා නැලවි නැලවි ඉන්නෙ අල්ලපු ගෙදර රක්තපාතෙ හැදිච්ච නංගි.. මම ඉතින් මැනර්ස් ඇති එකා වගේ නියරෙන් වෙලට බැහැලා නංගිට යන්න දුන්නා.. පලයන්කො ඉතින්.. මූණ දිහා බලාගෙන මොන මගුලක් කරනවද..

" නංගි යන්නෙ නැද්ද.."

" නෑනෙ අයියෙ.. ඔහේ මක්කයි බිමට නැමීගෙන කරන්නෙ.."

" ඈ.."

සැක්.. මේ මොනෞත්තක්ද මට සෙට් වුනේ.. අපිට සෙට් වුනොත් ඔහොම හත්වලාමක් තමා..

" ආ නංගි මම මේ බෙහෙත් පැලයක් හොයනවා.."

" අයියට උදව්වක් ඕනෙයි.."

" ආ එපා නංගි..මම හොයාගන්නම්.. තැන්ක් යූ.."

" ඕක මොකක්ද අයියෙ මම ඔහෙට හොයලා දෙන්නම්.. මොකක්ද ඔය පැලේ නම.."

" කිකිරිඳිය.. දන්නවද.."

" මොකෝ මම දන්නැත්තෙ.. මෙ පැත්තෙ ඔහේ හොයන ඒවා නෑ අයියෙ.. අර කුඹුක් ගහ යට හරියෙ ඇති ඕනතරං.."

" ආ හරි හරි.."

මම නියර උඹම තියාගනින් නංගී කියලා වෙලෙන්ම මඩ උඩින්ම කුඹුක් ගහ පැත්තට යන්න යද්දි මෙන්න මේකි පගෙ පස්සෙන් එලෝනවා.. එහෙම කිව්වට හිමින් ආවෙ..

" අයියෙ ඔහේ ඒ පැත්තට යනවනං මාත් එන්නෙයි.. අපෙ අම්ම මට කලවම් පලා හදන්න කොළ කඩාගෙන එන්නෙයි කිව්වනෙ.."

" ම්ම්.."

මම පය ඉක්මන් කල්ලා මාමගෙ අර පැලේ හොයන්න ගියා.. හරිනෙ ඔය ගොඩදාගත්තෙ හොදවයින් හූනියමක්.. මේකිට කොණ්ඩෙ බැදගන්න කිව්වනම් හරි.. බය හිතෙනවා කොණ්ඩෙ හුළගෙ යද්දි.. යකින්නියෙක් කියලා.. අනික දාඩිය නැද්ද මන්දා.. අනේ ඒකිට දාඩිය දැම්මා තියා මීමැස්මොරේ හැදුනත් මට අමාරුවද..

ඒකි කලවම් පලා කඩද්දි මම ඒකිට මීටර් සීයෙ ඈතින් ඉදගෙන අර කිකිරිදිය ගාලෙන් මුල් පස් සේරම එක්ක පැල අහුරක් ගලවගත්තා..

" නංගී මම යනවා.."

" ඕ ඉන්න මාත් එන්නං.."

" ආ-හ් හා.."

එහෙම කිව්වට මම හිටියෙ නෑ ඉක්මනට ගේ පැත්තට ආවහම අරකිත් තියන සේරම හොල්ල හොල්ල නියරවල් වලින් පැන පැන මගෙ දිහාවට දුවගෙන එනවා.. මේකි හොදයි ගම හරහා දුවන්න යවන්න.. කොහොමහරි මගේ කකුල් දෙකට පිං සිද්ද වෙන්න මම වත්තට අඩිය තියද්දි අපේ මාමා ඉන්නවා ඔංචිල්ලාවෙ පැද්දි පැද්දි.. යසයි.. මාව කට්ට අවුවෙ යවලා ඔංචිල්ලා පදින්න.. මම පිටිපස්සෙන් ගිහින් ඔංචිල්ලාවට පාරක් දුන්නහම මාමා දඩාස් ගාලාබිම ඇදගෙන වැටුනා..

" පිස්සුද උඹට.. කොන්දත් ඇද වුනාද කොහෙද.."

" ඇපෝ කයිය කොහොමද හමුදාවෙ අරකයි මේකයි.. වැඩක් නෑනෙ ඕයි මේකෙන් වැටුනහම පොට ගියාද.."

" ගියා පොට නෙමේ-"

" අයියේ..!! මම යනවා..!!!!!!!!! ඔහේට බෙහෙත් මක්කහරි ඕනනං අපේ වත්තෙන් කඩාගන්න.."

අර එහා ගෙදර නියපොතු කළුකරපු මල යස්සනී පලා මිටියත් වන වන එහා වත්තට යද්දි මාමා මගේ දිහා මහා කුප්ප මනමාල බැල්මක් දැම්මා.. හරිනෙ.. මේ ගෑණු මාවමනෙ කන්නෙ..

" මගෙ පුතාට සිකුරා ලබලා වගෙ-යී~"

" අනේ මේ මාමෙ.. සිකුරා නෙමේ ඒකිනම් මහ වාමන ග්‍රහයෙක්.. කක්ශගතව නෙමේ රොන්ග්සයිඩ් එන්නෙ.. බයත් හිතෙනවා.. කටේ සද්දෙ බලනවකො.."

" සැක් උඹ මේකි එක්ක එහෙම යාලුවෙන්නෙපා.. ඕකිගෙ අප්පා මම පොඩිකාලෙ මම ඇලේ නාද්දි මගේ රතුකෝප්පෙ පැළුවා.. පරයා.. කියන්න ඕන උන්ට දෙන්නෙ මෙහෙ කොල්ලො නෑ කියලා.."

" මොනවද බං මාමෙ මේ කියවන්නෙ.. ගංජ ගැහුවද.."

" මම මතින් තොරයිනෙ පුතේ.."

මාමා බුලත් කොලේක තඩි දුංකල කෑල්ලක් ඔතාගෙන කටේ ඔබාගන්න ගමන් මට කිව්වා.. ඇයි.. ඇයි මම මේකා එක්ක කතාකරන්නෙ.. මට එපැයි ගහන්න.. අර වෙලේ ඔබල මැටි ගහන්න ඕන..නල්ල මලේ ඩෙන්ටල් ඩොක්ට.. ඒවුනාට බුලත් කනවා.. මොකෙක්ද මන්දා.. මම මාමට රවලා ගෙයි පිටිපස්සෙන් කුස්සියට රිංගගත්තා.. අම්මයි ආච්චියි තඩි පචයක් හලනවා කුස්සියෙ ඉදන්.. 

" අම්මේ මාමා බුලත් කනවා.."

" බුලත්..?? බුලත් කොයින්ද.. එන්න කියනවා මාමට.."

අපෙ අම්මා පොල් බෑයත් පැත්තකින් තියලා එලියට බැස්සා.. දෙන්නම් පුතේ.. අපේ මාමා අපේ අම්මගෙ සහෝදරයට වඩා පුතෙක් වගේ.. මේකා බුලත් කනවට අපෙ අම්ම කැමති නෑ.. 

" මහත්තයෝ.. මෙහෙ එනවා.."

" ඕ පොඩි අක්කෙ.."

" උඹ බුලත් කනවද.. ඇරපං බලන්න කට.."

අම්මා බිත්තියට හේත්තු කල්ලා තියෙන ඉදලත් උරුක් කරගෙන මාමගෙ කට අරින්න යද්දි මම ශේප් එකේ ආච්චිඅම්මගෙ වටේ වටයක් කැරකිලා කාමරේට ගියා.. අදට ඔය වැඩ කලා මදෑ.. පිටිත් කොටලා බෙහෙත් කොළත් හොයන්න ගියානෙ.. ආ තව දරත් කඩන්න ගියා..

මම ඇදේ හරහට හාන්සි වෙලා ෆෝන් එක අතට අරගෙන ආපු මැසේජ් බලද්දි ආධ්‍ය අයියා මට වීඩියෝ එකක් එවලා.. මම ඒක ඕපන් කල්ලා ඒක බලපු පාර උගුරෙ කෙලත් හිරවෙලා මට කැස්සකුත් අල්ලලා මැරෙන්න ගියා..

රධ්‍ය අයියා බැල්කනියෙ ටවල් එකකුත් ඇදගෙන පස්ස එහෙ වනනවා මෙහෙ වනනවා.. ඒ රිදම් එකටම කියාරාත් පස්ස එහෙට වනනවා මෙහෙට වනනවා.. මරු ජෝඩුව..

My name is no(පස්ස දකුණට වනනවා)
my sign is no(පස්ස වමට වනනවා)
my number is no(ආයෙම පස්ස දකුණට දෙකක් වනනවා)
You need to let it go //
Need to let it go(ආයෙම වමට දෙකයි)
Nah to the ah to the, no, no, no(දකුණටයි වමටයි තුන්පාරයි)

මම ඒකට කදුළු පැනගෙන හිනාවෙන ඉමෝජි දෙකක් යවලා රධ්‍ය අයියට මැසේජ් එකක් දැම්මා..

" ඔබගේ නර්තනය මා අමන්දානන්දයට පත් කලා.."

විනාඩි පහක් විතර ගියා.. මම මහීශා එක්ක කියව කියව හිටියෙ ඒ එක්කම රධ්‍ය අයියගෙන් මැසේජ් එකක් ආවා..

" අපේ අයියා උඹට මොකක් හරි එව්වද.."

" පිස්සුද අනේ.."

" ඔහොම ඉදපන්.."

" ඔම්කේ.."

මම නිවීහැනහිල්ලෙ ඇදේ වටයක් පෙරලිලා කොට්ටෙ අස්සෙ මූණ ඔබාගත්තා.. අපේ අම්මා මාමව මරන හොයනවද කොහෙද.. පවු ඉතින්.. මොනව කරන්නද.. අපේ තනිකඩයව හදාගන්න නෙ මේ හැමදේම කරන්නෙ..

Radhya (DGC) Calling...

" කියන්න.."

" හැබැයි උඹ ඕක කාටහරි යවලා වත් තිබ්බොත් මම උඹව මරනවා වරද්.."

" කාට යවන්නද අනේ.. මම ඒක නිකම් ෆෝන් එකේ තියන් ඉන්නම්.."

" ඒ මොකටද.."

" ස්වයංවින්දනේ කරන්නනෙ වෙන මොකටද.."

" වරද්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!"

රධ්‍ය අයියා ෆොන් එකේ එහාපැත්තෙන් මගේ කන පැලෙන්නම කෑගැහුවා.. අනේ දෙයියනේ මම මේකා ගැන හිහාගෙන හිටියෙ කොහොමද.. හෙන ගටෙන් ඉන්න පොරක් කියලනෙ.. සැක් බයවෙලත් හිටියා කාලයක්.. මටම ලැජ්ජයි දැන්නම්..

" කෑගහන්න එපා අප්පා කන රිදෙනවා.."

" මට තේරෙන්නෑ උඹනම් මොනවගේ එකෙක්ද කියලා.. ලැජ්ජාවක් නැති මහ-මහ"

රධ්‍ය අයියට මං ගැන කියන්න වචන නැතුව මගදි හිර වුනා.. කලින් හදාගෙන එපැයි කියන්න.. එතකොට හිර වෙන්නෙ නෑනෙ..

" මේ ඒකනෙමේ අයියෙ තවුසෙගෙ නම රධ්‍ය නෙ.. ඒක නිකම් රාධා වගේනෙ..ඒවුනාට මට රාධා කිව්වහම සීතාව මැවුනා.. මට මේ උදෙත් මතක් උනා.."

" ඇයි උඹට මතක් කරන්න වෙන දේවල් නැද්ද.. මගෙ නමම මතක් කරන්නෙ.."

" නෑනෙ ඒකනෙ කියන්නෙ.. ඔයාවමයි මතක් වෙන්නෙ.. I can't write one song that's not about you.. Can't drink without thinkin' about you.. Is it too late to tell you that.. Everything means nothing if I can't have you?"

"...."

" අනාව් රාධා..ඌප්ස් සොරි.. සීතා.. කෝ ඔයාගෙ රාමා.. රාමා නැද්ද.. රාමා ඕන්නෑ අනේ ඔයා එන්න මේ රාවණා එක්ක.. ගෑනු හරි චපලයි.."

" දැන් උඹ ඔය රාමායනේ ගේ වර්ශන් එකක් ගහන්නද යන්නෙ.."

" අන්න රයිට්.. වාල්මිකීගෙන් සමාව ඉල්ලගෙන ලියමු අපි රාමායනේ මුල ඉදලා.. මන්දෝදරීලත් ඕන්නෑ සීතාලත් ඕන්නෑ.. මේක ඇවිල්ලා 'රාමාවණය'.."

" උඹට පිස්සුද බං.. සිරාවටම මම අපේ අයියගෙන් අහලා සයිකැට්‍රිස්ට් කෙනෙක් චැනල් කරන්නද.."

" තවුසෙ ඔය හදන්නෙ මම පිස්සෙක් කියලා හිත යටින් ගේමක් ගහලා මාත් එක්ක යාළු නොවී ඉන්නනෙ.. නේහ්.. මම දන්නවා තවුසෙ මට හොරෙන් හිතන ඒවා.. මට දැනෙනවා.."

" ආ උඹට දැනුනද.."

" ම්ම්.. නැත්නම් තවුසෙ ප්ලෑන් ගහන්නෙ මට හොරා තව එකෙක් ලයින් කරගන්න.."

" උඹ කියනකල් මට ඔහොම මගුල් හිතිලත් නෑ.."

" හිටපං අයියෙ මම කතරගම දේවාලෙ ගිහින් පොල් ගහනවා තවුසෙට සහකාරයො දෙන්නෙක් ඉන්නවා කියලා.."

" ඉතින් බං කතරගම දෙයියොන්ටත් දෙන්නෙක් හිටියනෙ.. ඒක හරියන්නෑ වෙන කොහේහරි පලයං.. උඹ එතන ගිහිල්ලත් දෙයියෝ කෝප කරනවා.."

සැක්.. ඔව්නෙ.. කතරගම දෙයියෝ මේ වැඩේට් සට් නෑනෙ.. යන්න ඕන පත්තිනි දේවාලෙටවත් එහෙනම්..

" අනේ මේ තවුසෙ ඉන්නවා.. මම ඒක කරගන්න.. අනික මම තවුසෙට කැමති නෑනෙ.."

" ම්ම්.."

" කාලද ඉන්නෙ.."

" බලපන් මම කාලා උඹෙන් කෑවද අහන්න ගත්තෙ.. මෙතන වෙන අටල්පහුරු කියවලා මට ඒකත් අමතක වුනා.."

" මම කෑවා..බලන්නකො නේද මං එක්ක කතාකරද්දි ඔයාට අහන්න තියෙන ඒවත් අමතක වෙනවනෙ..නේද.."

" ඒකතමා.."

මට හිනායන්නත් එනවා.. හරි සිහියෙන්ද දන්නෙ නෑ ඉන්නෙ..

" මොකක්.."

" මොකුත් නෑ..ඔලුව කකියන්නත් ගත්තා උඹේ රාමාවණේ අහන් ඉදලා.. මම තියනවා.."

" බුදුසරනයි.."

" බු- ටීක් ටීක් ටීක්.."

මම ඇදෙන් නැගිටලා උඩ පැනලා යෙස් එකක් දැම්මා.. හරිනෙ මම මුලින් කට් කලා.. ගැම්මක් තමා.. හිතේ ඇති හැමදාම මුලින්ම කට් කරන්න.. හෙන වැඩ්ඩා කියලා හිතාගෙන ඇත්තෙ.. මගේ වෙන්ඩ ගැටපොලොස් කොට්ටෝරුවා.. 











 එන්න අපි ඉතිහාසය අලුතින් ලියමු
-රධ්‍යගෙ සේපාලිකා මල-


ආයෙම තා එකකුත් දෙන්නත් හිතෙනවා.. මේ ළමයා තාම ගමේනෙ හලෝලා.. කරන්න දේකුත් නෑ.. එක්කො තුනක් වැඩී නේත.. රධ්‍ය අයියා ගැන වාක්‍ය එක ගානෙ කොටන් ගියොත් නම් දෙනවාමයි..

එන්නාම්.. ලව් යූ.. 🌚❤


ආදරේ නිසානෙ මේ හැමදේම.. ආදරේ ගිම්දරක්..🙂👍
-රාදා-

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 

Continue Reading

You'll Also Like

6.2K 707 69
දිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් දිළිසුමක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡
16.2K 4.5K 22
මේ මොන කෙහෙල් මලක්ද කියලා කියන්න මම දන්නෑ. මේක මොන කෙහෙල් මලක්ද කියලා දැනගන්න ඕන නම් ඔය කෙහෙල් මල් ෆෝන් එකෙන් මේ කෙහෙල් මල කියවන්න. කියවලා කෙහෙල් මල්...
10K 3.2K 34
ගැහැනියක් කියන්නේ කවුද? ගණිකාවක් කියන්නේ කවුද? පිරිමින්ගේ සෙල්ලම් බඩු ද? ගැහැණියකගේ දුක, වේදනාව කාටවත් වැදගත් නැද්ද? නැ.... මන් මට ඕනේ ජිවිතේ ජිවත්...
3.3K 606 16
අයිරීසියානු වචන සම්මුතිය තවත් එක කවි පොතක් විතරමයි! Lan_Kimra #1 in poetry