SEPALIKA | COMPLETED

Par cHerRy_MinShi_

3.1M 333K 81.9K

රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලා... Plus

සේපාලිකා - හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
91 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස
149 කොටස
150 කොටස
151 කොටස
152 කොටස
153 කොටස
154 කොටස
155 කොටස
156 කොටස
157 කොටස
158 කොටස
159 කොටස
160 කොටස
161 කොටස
162 කොටස
163 කොටස
164 කොටස
165 කොටස
166 කොටස
167 කොටස
168 කොටස
169 කොටස
170 කොටස
171 කොටස
172 කොටස
173 කොටස
174 කොටස
175 කොටස
176 කොටස
177 කොටස(අවසාන කොටස)
මගෙන් සටහනක්...
ANNOUNCEMENT!

8 කොටස

22.6K 2.3K 482
Par cHerRy_MinShi_

" (පොඩ්ඩක් ඉදපන් පගයො.. අඩෝ අඩෝ අන්සර් කලා-අහ්ම්-)හලෝ.. මේ ෂනෙරු ද..?"

එහා පැත්තෙන් පිරිමි කටහඩවල් දෙක තුනක්ම ඇහෙද්දි මම ආන්සර් කල්ලා ෆෝන් එක කනේ තියාගෙන කතානොකරම හිටියා..

" අ.. ඔව්..?? කවුද මේ..??"

මම කතාකලේ සැකෙන් වගේ.. එහෙම ඉතින් කතාකලාම සැක හිතෙනවනෙ..

( ස්පිකර් ඕන් කරපන් පගො)
" අහ් ෂනෙරු මම කියාන් කතාකරන්නෙ.."

පසුබිමින් අපහැදිලි කටහඩවල් ඇහුනත් කතාකලේ කියාන් අයියා කියද්දි මම ඇදෙන් වාඩිවෙලා කලිසම තනි අතින් කකුලකට දාගත්තා.. 

" අහ්.. ඔව් අයියෙ.."

" මේ බං.. උබට මම කතාකලේ..( හවුස් මීටින් හවුස් මීටින්) මම කතාකලේ බං උබව Aphrodite එකේ වයිස් කැප්ටන්ට දාලා.. ඒක කියන්න.. උබ අද ආවෙ නෑනෙ.."

" මම?? වයිස් කැප්ටන්?? අපේ හවුස් එකේ??"

මාව හෝන්දු මාන්දු වෙලා ගියා.. මේ වැඩ අස්සෙ කොහොමද යකෝ ඕවගෙත් වැඩ කරන්නෙ.. අපේ ඉස්කෝලෙ හවුසස් පහක් තියෙනවා.. Zeus, Poseidon, Ares, Aphrodite, Athena.. ඉස්කෝලෙ එක වසරෙ ඉදන්ම ඉවරවෙනකල්ම තමන්ට හම්බෙන්නෙ එකම හවුස් එකක්.. ඒක වෙනස් කරන්න බෑ.. අපෙ ඉස්කෝල වල ඉතින් ස්පෝර්ට්මීට් එක කියන්න හෙන ලොකු ඉවෙන්ට් එකක්.. අනික පිට පිට ඇෆ්‍රොඩයිට් එක පස් වතාවක්ම එක වෙච්ච නිසා ඒකත් එක්ක අනිත් හවුසස් වලට තියෙන්නෙ මාර තරගයක්.. එහෙම එකක හවුස් කැප්ටන් වෙනවා කියන්න බලද්දි හෙන විසාල වගකීමක් ඉතින්.. මම වයිස් කැප්ටන් වුනත් මටත් වැඩ සෑහෙන්න කරන්න වෙයි.. අම්මගෙන් ගියාම අහගන්න වෙනවා දැන්.. කරදර සෙට් වෙන්නෙ වැල වගේ එකදිගට..

" ඇයි ෂනෙරු මොකක් හරි අවුලක්ද..??"

කියාන් අයියා අහද්දියි මම ආයෙම හරි සිහියට ආවෙ..

" අහ්..න්-නෑ අයියෙ එකපාරට මාවම දැම්මෙ?? මම හිතුවෙ නෆ්‍රාස්ට දෙයි කියලා ඒකයි.. "

නෆ්‍රාස් අපේ හවුස් එකේ ස්පෝර්ටි පොර.. අපේ වයසෙන් ඉතින් වැඩ්ඩෙක්ට ඉන්නෙ ඌ තමා..

" නෆ්‍රාස් කැප්ටන්.. ඒකයි ෂනෙරුට වයිස් ආවෙ.. ඔය දෙන්නා එකතුයිනෙ..( කොහෙද ඉන්නෙ අහපන් බල්ලො)"

" අහ් එහෙමද.."

" මල්ලි හෙට ඉස්කෝලෙ එනවද..?? නෑ එතකොට අපිට මීටින් එකක් ගන්න පුලුවන්නෙ.. ඒකයි-"

" අයියේ මේ මම ආයෙ ඉස්කෝලෙ එන්නෙ සදුදා.. හදිසියකට ගමේ ආවා.."

" (මම කිව්වෙ බං.. උබ ඇහුවෙ නෑනෙ) අහ් හරි හරි ෂනෙරු.. එහෙනම් මෙ නම්බර් එක සේව් කරගන්න.. මම ඔයාව හවුස් ගෲප් එකට ඇඩ් කරන්නම්.. (මූන පුප කරගන්නැතුව ඉදහන්කො බං)"

මට කියාන් අයියගෙ කටහඩ අස්සෙන් අයුක අයියගෙ කටහඩත් ඇහෙනවා ඇහෙනවා වගේ..

" හරි අයියෙ.. මම තියන්නම්.."

" බායි ෂනෙරු.."

බීප්.. බීප්..බීප්..

කෝල් එක කට් වුනා..

රෑවෙලා ආච්චිඅම්මා එක්ක කෑම කකා අපි දෙන්නා එක්ක නිවුස් බැලුවා.. රෑට සුදු කැකුළු බත් එක්ක පොලොස් ඇඹුලකුයි කලවම් පලා මැල්ලුමකුයි පරිප්පුයි හදලා ආච්චිඅම්මා පපඩම් එක්ක මිරිස් කරල් බැදලා තිබ්බා..

අන්න කෑම.. කනවානම් ආච්චිඅම්මගෙ කෑම තමා මේ ලෝකෙ රසම කෑම.. අනේ මන්දා මොන වගේ මැජික් එකක්ද කියන්න ආච්චිඅම්මගෙ අතින් පොල් සම්බෝලයක් හැදුවත් එකේ තියෙන්න ඕන රහ ඒ විදියට අඩුවක් නැතුව හරිම පදමට තිබ්බා.. මම ඉතින් දවසෙම කෑම කාපු නැති එකේ තුන් පාරක් විතර බෙදාගෙන කට ලගටම බඩ එනකල් කෑවා කෑමක්.. අම්මොහ් පිස්සු හැදෙනවා..

ඊට පස්සෙ ගෙදර තිබ්බ මීකිරි හට්ටියකුයි කුතුල් පැණී බෝතලේකුයි උස්සගෙන ආයෙම ආච්චි කුස්සියට අඩගැහුවම මම පිඹගෙන දිව්වෙ කුස්සියට.. මෙහෙ සතියක් හිටියත් ඌරෙක් වගේ මහත්වෙනවා.. ආච්චිඅම්මා පව් දෙයියනේ හරි ආසාවෙන් මහන්සිවෙලා උයලා.. මට එයාගැනනම් දැනෙන ආදරේ මෙතෙකැයි කියන්න බෑ.. ආච්චිම සමහර වෙලාවට කියනවා අපි ගිය ආත්මෙ අම්මයි පුතයිද දන්නෙ නැහැල්ලු මෙච්චරම එකතු.. ඒ බැදීම ගැනනම් කියන්න වචන නෑ.. මගෙ පිනකට පහළ වෙලා වගෙ..

" අම්මෝ කොල්ලො හත් අවුරුද්දකින් කාලා නෑ වගේනෙ.."

" එහෙම තමයි ආච්චියෙ ඉතින්.. මේ සුදු අත් දෙකෙන් හදන කෑමක් කන්නත් පිනයි බඩේ ඉඩයි තියෙන්නෙ එපැයි.."

මම ආච්චිගෙ අත් දෙකම එකට අල්ලලා හාදුවක් තිබ්බම ආච්චි කෝල වෙලා හිනාවුනා.. 

" නිකා ඉදින් කොලුවො.. උබලගෙ අම්මා මට කතාකලා ආයෙම.. උඹ නැතිවුනාම අගේ දැනෙනව ඇති.. යස වැඩේ දෝනිඇන්දට.. තියන මුරන්ඩුගතිය.."

" අම්මා ගැන නම් වැඩක් නෑ ආච්චිඅම්මෙ කතාකල්ල.. ඉතින් මොකෝ මේ පැත්තෙ විස්තර එහෙම.."

බොරු කියන්නෝනෑනෙ ඉතින් පිරිමි කම පොඩ්ඩක් පැත්තකින් තියලා අපෙ ආච්චි එක්ක චීත්ත බේසම් ගනන් හෝදන්න මම හෙන ආසයි..

" උඹට කියන්න බං සුදුමහත්තයෝ.."

අටට විතර පටන්ගත්තු කතාව අපි දෙන්නම බඩ පැලෙනකල් හිනාවෙලා හිනාවෙලා ඉවරවෙද්දි දෙයියනේ කියලා ඉවරකරද්දි දොළහමාරයි.. මම ආච්චිව ඇදෙන් වාඩිකරවලා වැදලා ජනෙල් දොරවල් සේරම වහලදත් කියලා බලලා මගේ රාජධානියට ආවේ ෆෝන් එකක් ෆුල් චාර්ජ් වෙලා තියෙනවා දකිද්දි.. මේ තරම් ආද්‍යාත්මික සුවයක් වෙන කොයින්ද ඉතින්.. නයිට් ටයිම් ඩේටයි ෆුල් චාර්ජ් වෙච්ච ෆෝන් එකයි.. ෆීලින් ඕසම්.. මම වට්සැප් ලොග් වෙලා මැසේජ් බැලුවා.. මහීශා උවමනා මැසේජ් වගයක් දාලා සදුදා වෙද්දි ඉස්කෝලෙ ආවෙ නැත්තන් මගෙ වෘශන කෝශ දෙක කපලා විකුණනවා කියලා තර්ජනය කල්ලා මැසේජ් එකක් දාලා තිබ්බා.. දෙනෝ උඹට කපන්න මම.. 

මේකි යකෝ..

මම එහෙමම ඒකිගෙ ඩීපී එක බැලුවා..

" කැහ්-ඃඇහ්-ඃඅහ්ක්කැ-හ්-කැහ්-හ්"

එකපාරට පුදුමෙන් කෙළ ගිලින්න ගිහින් මගෙ උගුරෙ කෙළත් හිරවෙලා මට හුස්මගන්න බැරුව මාව මැරෙන්න ගියා.. මේ මොන මගුලක්ද හත්වලාමෙ මේ.. 

මහීශාගෙ ඩීපී එකේ හිටියේ මේකී කහපාට ගවුමක් ඇදගෙන ඇහැල මල් වගයක් එක අතකින් අල්ලගෙන ස්මයිල් ඉන් පේන් වගේ හිනාවක් දාගෙන ඉන්න ෆොටෝ එකක්.. මම මේකි මෙහෙම ඉන්නවා දැක්කෙ පළවෙනි වතාවට.. ලස්සනයි කෙල්ල මාරම.. ඒ වුනාට දැන් ටික දවසක් තිස්සෙ ඉදලා මේකී වෙනස්.. හම්බෙලාම අහන්නෝන.. මැසේජ් දැම්මට මේකි කියන්නෙම නෑනෙ.. මම එහෙමම ස්ටේටස් බලන්න ගියා.. මහීශා අපෙ අම්ම එක්ක සෙල්ෆියක් ගහලා දාලා.. මේ බේසික කෙල්ලට ඕනවට වැඩී.. හිටපියකො දෙන්න.. 

ඒකිගෙ ස්ටේටස් එකට පස්සෙ ජස්ට් නව් කියලා වැටුනේ කියාන් අයියගෙ කන්ටෑක් එක.. ආ ඔව්නෙ මම සේව් කරගත්තනෙ..දැන් උගෙ ස්ටේටස් මටත් පේනවා.. මම ඕපන් කල්ලා බලද්දි වැල වගේ ෆොටෝ හතරක්ම දාලා.. අයුක අයියයි, රධ්‍ය අයියයි, කියාන් අයියයි තුන්දෙනාම.. මොකෙක්ගෙහරි ගෙදරකට සෙට් වෙලා පිස්සු කෙලිනවා..

පලවෙනි ෆොටෝ එකේ හිටියේ රධ්‍ය අයියා කොකාකෝලා බොතලේකට බටයක් ගහන් ඒක කටේ ගහගෙන ජනේලෙන් එලිය බලාගෙන ඉන්න මහ අජූත ෆොටෝ එකක්.. මට ඒක දැක්කහම බකස් ගාලා හිනාගියා.. යකෝ ගෑනි පිටමං වෙලා වගේ බලාගෙන ඉන්න හැටි.. කැප්ශන් එකට දාලා තිබ්බෙ 'ආදරය සුන්දර වරදකි මීට රධ්‍ය හෙලාක්ෂ😪💔😂'

මට ඒකට බකස් ගාලා හිනා ගියා.. මුන් ඉස්කෝලෙ සද්දෙ දාගෙන හිටියට සිරාම ආතල් පොරවල් තුනක් වගේ.. ඒවුනාට හෙලාක්ෂ කියන නමේ මට පොඩි හුරු ගතියක් දැනුනා.. කලින් අහලා තියෙනවා වගේ.. ඒ එක්කම මට අර බස් එකේ හිටිය සුදුතාත්තියව මතක් වෙච්ච නිසා මම ඔලුව ගසලා හරි සිහියට ආවා.. ඒ හිපාටුවා ලගින්වත් තියන්න පුලුවන්ද අපේ ඩිපියුටි ගේම්ස් කැප්ටන්ව.. පිස්සුනෙ.. රධ්‍ය අයියා හෙන සුදුයි.. අරහෙම රැවුල වවලත් නෑ.. පිස්සු හැදෙයි ඌ දෝනි දෝනි කිය කිය කෑල්ලට කතාකලොත්.. අනික ඒකා සීරුවෙනුයි පහසුවෙනුයි විතරයිනෙ ඉන්නෙ.. අර වගේ කොන්ද නමාගෙන අස්සවල් වල අත දාන්න යන්නෑනෙ.. 

සැක් මම මේ මොනවද හිතන්නෙ.. මම ඊටපස්සෙ තිබ්බ ෆොටෝ එක බැලුවා.. ඒක අයුක අයියා දිවත් ඇදගෙන ගහපු ෆොටෝ එකක් පැත්තක රධ්‍ය අයියා කොට්ටෙකුත් හපාගෙන පස්ස හරෝගෙන නිදි.. මුන් උගෙ පස්සට කොටුවෙ පොඩි හාමුදුරුවොන්ගෙ ස්ටිකර් එකක් දාලා ඒ ස්ටිකරේ ගහලා තියෙනවා 'අපිට ඉතින් ස්පර්ශය තහනම්නෙ..බලන්න විතරයි පුලුවන්' කියලා.. මුන් හොරෙන් කසිප්පු පෙරලද මන්දා.. ඊටපස්සෙ එකේ කියාන් අයියා වහලෙ ෆෑන් එකේ අන්ඩර්වෙයාර් එකක් එල්ලලා 'බැට්මෑන්' කියලා පහල ඉදන් ඒකදිහා බලන් ඉන්න අයුක අයියගෙ කුජීත ෆොටෝ එකකුයි අවසානෙ 'ඕක නවත්තපන් හු#තො' කියාගෙන රධ්‍ය අයියා ඇවිත් ෆෝන් එක උදුරගන්න වීඩියෝ කෑල්ලකුයි දාලා යටින් කැප්ශන් එකක් දාලා 'වරදක් කළත් සිතකින් නොවේ' කියලා.. යකූ අද මුන් වැරදි විතරමද කල්ලා තියෙන්නෙ.. පිස්සු මගුල් ටිකක්.. මම ඇතිපදම් ඒ කුජීත ෆොටෝවලට හිනාවෙලා ෆෝන් එක මේසෙ උඩට දැම්මෙ තදටම නිදිමතක් ගලාගෙන ආපු නිසා.. ඒ එක්කම ෆෝන් එකට මිස් කෝල් එකක් ඇවිත් කට් වෙනවා දකිද්දිම මට සිහියක්පතක් නැතුව මැරිලා වගේ නින්ද ගියා..

පහුවදා මට ඇහැරුනේ අපේ ගෙදර ඉන්න කම්මැලි පූස් තඩියා ඇවිත් වට දෙක තුනකුත් කැරකිලා උගෙ සිරියහන වගේ මගෙ මූන උඩින් පස්ස තියාගත්තු නිසා.. සැක් විතරක් මලජරාව..

" බැහැපිය චූටි බිමට.. ආවා මෙතන ඇට දෙක මගෙ මූන උඩ තියන්න.. චිප් චිප්.. එලියට එලියට.."

මම ඌව උඩින් විසික් කල්ලා ඇදෙන් බැස්සෙ ආච්චිඅම්මා කුස්සියෙ ඉදන් මොකක්දෝ කොටනවා සද්දයක් ආපු නිසා.. මම නැගිටලා ඇද ගසලා මූනකට හෝදගෙන කුස්සියට එබෙද්දී ආච්චිඅම්මා කොළ වගයක් කොටනවා හෝ ගලා.. අප්පද බොල කොළකැද හදනවා වගේ.. 

" සුදුමහත්තයා නැගිට්ටද.. තව ටිකක් නිදාගනින්කො කොල්ලො.. මම මේක හනික හදලා ගේන්නම්.."

ආච්චිඅම්මා  ළිපේ තිබ්බ මුට්ටිය අහක් කල්ලා වෙන මුට්ටියක් තියද්දි මම ආච්චිට කලින් ළිප ගාවට ළං වෙලා ඒකට පොල් ලෙල්ලක් එබුවා.. උදේ සීතල නිසා ඇගේ රස්නෙ යවාගන්න මරු පොට් එක දර ළිප ගාව.. 

" එහෙනන් උඹ ළීප බලාගනින්.. මම අර හදාපු වැලිතලප එක එලියෙන් තියන්න..."

ආච්චි එහෙම කියාගෙන ගේ ඇතුලට ගියා.. මට එතකොටයි මතකෙට ආවෙ ඊයෙ රෑ ආපු කෝල් එක.. බැලුවෙත් නෑ නින්ද ගියානෙ..










ආයෙම හෙට එන්නම් ලමයිනේ..
රධ්‍ය අයියගෙ දුකට කවි ගී ලියවුනා මදී..හුම්
කවුත ආයෙම මූට කෝල් කලේ.. ඉන්න දෙන්න අප්පා එයාට කෝල් ගන්නැතුව.. 

ලව් යූ 🌚❤

මේ කාම ලෝකෙට ආස කරන්න එපා.. 🙂💔😂

ප.ලි.

- මෙහි එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරයාගෙ සිතුවිලි පදනම් කොටගෙන ලියැවූවකි..

- කථාංගයේ යම් යම් කොටස් උපුටා සමාජ මාධ්‍ය තුළ කතුවරයාගේ අවසරයකින් තොරව පළ කිරීමෙන් වළකින්න.. (ටික්ටොක් වීඩියෝස්/ස්ක්‍රීන්ශොට්ස්)

- කථාංගය පදනම් කොටගෙන විවිධ ආකාරයේ වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්න අවසර නෑ.. එවැනි අනවසර ක්‍රියාවල වගකීම කතුවරයා භාරගන්නෙත් නෑ.. 

Continuer la Lecture

Vous Aimerez Aussi

9.3K 1.1K 20
දැන් කාලෙ ළමයව හම්බුන ගමන් කුණු ගොඩවල් අස්සෙ දාල යන අය කොච්චර ඉන්නවද, එතකොට උන් අම්මලද? හැබැයි ඒ දරුවම කුණුගොඩෙන් ඇහිදල අරගෙන තමන්ගෙ පණටත් වඩා ආදරෙන්...
1.5M 61.5K 72
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
1.1K 246 24
ඔහෙලට කී සැරයක් මම ඒක තේරුම් කරන්න ඕනද? දන්නේ නැද්ද නන්ගි අපිට Tube Lights නේ කෙල්ලෙක් ගෙ බොරු කතාවක් හින්දා සමාජෙන් කොන්වෙච්ච අහිංසක යාළුවො දෙන්නෙක්...
2.2K 480 12
කාලය හරිම පුදුමාකාරයි කිව්වොත් ඔබ එකගද? ඔබට එකග වෙන්නම වෙනවා.මොකද එක වෙලාවකට කාලය ඉක්මනින් ගෙවෙනව නම් හිතිල ඇති.ඒ වගේම තව වෙලාවක කාලය මෙච්චර ඉක...