HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈

😈Chapter 40😈 (THE END)

3.1K 448 253
By kaushi_vi_ed

Chapter 40 (The End)

.
.
.
.

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්.. ආදරේට මේ ලෝකේ කරන්න බැරි දෙයක් තියෙද....

ආදරේට පුලුවන් කලු ගලක් උනත් දිය කරන්න.. හරියට හදවතක් නැති.. හිතක් පපුවක් නැති.. ගල් හිතක් තිබුන.. හිනා කලඳක් නැති.. ආඩම්බරකාර ලෝකෙම නම කිව්වත් බය වෙන මාස්ටර් ලියෝගේ ඒ ගල් හිත එයා වගේම ආඩම්බර සෙල්ලක්කාර නපුරු සල්ලි විතරක්ම ජීවිතේ කරගත්ත ඩිටෙක්ටිව් සීන් දිය කරලාම දැම්මා වගේ....

ආඩම්බර හිත් දෙකක්.. නපුරු හිත් දෙකක්.. දඩබ්බර හිතුවක්කාර හිත් දෙකක්.. ආදරේ කියන්නේ මොකක්ද කියලවත් නොදන්න සෙල්ලක්කාර හිත් දෙකක්... කවදාවත් ගැලවෙන්න බැරි තරමටම ආදරේ නාමෙන් බැඳුන අපූරුව දැක්කද...

ආදරේ කියන්නේ අනිත් කෙනා වෙනුවෙන් වෙනස් වෙන එකම නෙමෙයි.. නොගැලපීම් ගලපගෙන තමුන්ගේ ඇත්ත චරිතෙට ආදරේ කරන එක.. තමුන්ට තමුන්ම වෙන්න නිදහස දෙන ආදරයක් කියන්නේ ඒ බැඳීම් හරි ශක්තිමත්.. ආදරේ නිසා කවදාවත් මාස්ටර් ලියෝ ඩිටෙක්ටිව් සීන්ටවත් ඩිටෙක්ටිව් සීන් මාස්ටර් ලියෝටවත් වෙනස් වෙන්න කිව්වේ නෑ.. එයාලා ආදරේ කලේ එයාලගේ ඇත්ත චරිතෙටමයි..

වචන වලින් කරන ආදරෙට වඩා සමහරක්විට දැනෙන්න කරන ආදරෙ හරි ගැඹුරුයි.. හුරතල් බොලඳ ආදරයක් වගේම ආඩම්බර නපුරු ආදරයක් අස්සෙත් නොපෙන්නුවට ආදරේ පිරිලා ඇති...

හැම වෙලාවෙම මැණික රත්තරන් වස්තුව බබා කියලා කතා කරනවා වෙනුවට උබ බන් බොලං කියලා කතා කරගන්න ආදර කතාවක් අස්සේ, ඉදලා හිටලා 'මහත්තයෝ' කියලා කතා කරද්දී ඒ ආදරේ හදවතටම දැනෙනවා ඇත්තේ හදවතේ හිර කරන් ඉන්න ඒ මුලු ආදරේම ඒ වචනේ අස්සෙන් එලියට එන නිසා වෙන්න ඇති...

හැම වෙලේම තුරුල් කරන් හුරතල් නොකලට.. හැම වෙලේම ඉඹ ඉඹ ආදරේ නොකලට ඉදලා හිටලා කරන පොඩි පොඩි දගකාරකම් ඊරිසියාකාරකම් නපුරුකම් වගේම රාගය අස්සෙන් හිර වෙලා පිට කරන ඒ වෙනස් ආදරෙත් එක්තරා විදියක ගැඹුරු ආදරයක් වෙන්න පුලුවන්..

හරියට මාස්ටර් ලියෝගෙයි ඩිටෙක්ටිව් සීන්ගෙයි ආදරේ වගේ....

වෙනස් ආදරයක්.. දරදඩු ආදරයක්.. නපුරු ආදරයක්... ඒත් හරි ගැඹුරු ආදරයක්...

"සැරයටියෙන් අපි යනෙන තුරා... සංසාරේ අපි එකට ඉමූ.. "

මතකද..... එයාලාට හැමදාම ඕනි උනේ වයසට යනකන් එකට ඉන්න... දෙන්නාම එකට වයසට යන්න... කොණ්ඩේ සුදු වෙලා ඇඟ රැලි වැටෙනකනුත් අල්ල ගත්ත අත අත්නොහැරම එකට ඉන්න... එකෙනෙකාට ශක්තියක් වෙලා ලඟින්ම ඉන්න... මැරෙන මොහොතෙත් එකටම ඒ හුස්ම පිටකරන්න...

දන්නවද.... එයාලා සාර්තකයි... දැන් එයාලගේ ආදරේට අවුරුදු පනහක්... ඔව්ව් ඔයා කියෙව්වා හරී.. අවුරුදු පනහක්.. මං කිව්වේ වයස නෙමෙයි.. ඒ ආදරේට දැන් අවුරුදු පනහක්...

හරියටම කියනවා නම් ඒ දවස් වල අවුරුදු විසිපහක් උන මාස්ටර් ලියෝට දැන් අවුරුදු හැත්තෑපහක්...

.
.
.
.
.
.
.
.
.
.
.
.

හ්ම්ම්.. කොණ්ඩේ සුදු වෙලා.. මූණ රැලි වැටිලා... ඒත්.. ඒ නපුරුකමයි ආඩම්බරකමයි නම් චුට්ටක්වත් අඩු වෙලා නෑ...

.
.
.
.
.
.
.
.
.
.
.

එතකොට ඩිටෙක්ටිව් සීන්... එයා මාස්ටර් ලියෝට වඩා අවුරුදු හයක් වැඩිමල්.. ඉස්සර තරුණ කාලේ ඒක නොදැනුනාට දැන් නම් එයා හොඳටම වයසයි... අවුරුදු අසූ එකක්.... ඉස්සරට වඩා ඇඟ දුර්වල උනත් හැමදාම වගේ ඒ හිත නම් තවමත් හයියයි...

.
.
.
.

හොඳම දේ දන්නවද.... මෙයාලා දැන් තෙදරු පියවරු.. ඔව් ඔව් අර එකෙක් හදාගත්තම හොඳටම ඇති කියපු දෙන්නා තමයි.. හැබැයි ඕක උවමනාවෙන් කරගත්ත දෙයක් නෙමෙයි.. ලැබීම තමයි..

ජීවිතේ ටික කාලයක් නිදහසේ ඉදලා දෙන්නාම දරුවෙක් ගැන හිතද්දී යීබෝට වයස තිස්පහක්.. ඉතින් කලින් කතා උන විදිහටම හොඳ දක්ෂ ඉතාලි ජාතික කාන්‍තාවකගේ ගර්භාශයක් රෙන්ට් කරන් එයාලා බබෙක් හදාගන්න තීරණය කලා..

ඉතින් ඒ වන්ග් පරපුර අරන් යන්න ඕනි නිසා වෙද්දී ඒ දරුවා යීබෝගෙන් තමයි හදන්න හිතුවේ.. ඒත් උනේ නොහිතපු දෙයක්.. පලවෙනි පාර මෙයාලට හම්බුනේ ට්වින්ස්ලා ඒකත් කෙල්ලොම දෙන්නෙක්...

ඉතින් ලැබුන දේ ආදරෙන් දෙන්නාම භාරගත්තට ලමයි දෙන්නාව නම් බලාගත්තේ යීයි ඈනුයි මිශෙලුයි ජාන්ගේ මමායි තමා.. මොකද මේ යක්කු දෙන්නාට බබාලා දෙන්නාව වඩා ගන්නවත් තේරුමක් තිබ්බේ නෑ.. හැබැයි ඉතින් කවන පොවන නිදි කරවන නාවන කරන වැඩ ටික අනිත් අය කලාට හුරතල් කරන ආදරේ කරන උගන්නන සෙල්ලම්කරන වැඩ ටික ඔක්කොම මේ තාත්තලා දෙන්නා හොඳටම කලා...

ඒ කාලේ බ්ලැක් පැලස් එක තනිකරම යුද්ධ පිටියක් වෙද්දී යීබෝයි ජානුයි මේ යක්ෂ පැටව් දෙන්නා එක්ක ආදරෙන් හිටියා..

"යිබෝ මේ ලමයින්ට තමුසෙගේ ගතිමයි තියෙන්නේ... ඇට්ටරකමයි.. හිතුවක්කරකමයි... "

"අනේ යනවා ජාන් තමුසේ තමයි ඔය කෙල්ලෝ දෙන්නාව හුරතල් කරලා ඔච්චර හිතුවක්කාර කලේ.. දැන් මෙතන කෑ ගහන්න එපා..."

ඕක ඉතින් ඒ කාලේ ඒ ගෙදර දවසට දෙතුන් පාර ඇහෙන දෙබස් උනා...

ගෙදර හුරතලෙන් පිරිලා යද්දී කෙල්ලෝ දෙන්නත් හොඳට ඉගෙනගත්තා.. ඒත් ජානුයි යීබෝයි එයාලට ලොකුවට සටන් අනම් මනම් කියා දුන්නේ නෑ.. මොකද ඒ දෙන්නාට නිදහසේ සරල ජීවිතයක් කෙල්ලෙක් විදියට ගත කරන්න එයාලා ඉඩ දුන්නා..

Wang xiao Yizi සහ Wang Xiao Yizu කියන නම් දෙක තමයි එයාලගේ නම් උනේ... දැන් නම් වයස හතලිහක්.. දෙන්නාම මැරි කරලා චූටි බබාලත් හිටියා...

ඔව් ඔව් දැන් එයාලා සීයලා....

කෝම හරි ඒ කාලේ කෙල්ලෝ දෙන්නාට යන්තම් අවුරුදු හය වෙලා ස්කෝලේ දාද්දී එයාලා තව බබෙක් හදන්න හිතුවේ කොල්ලෙක් ඕනි නිසා.. ඉතින් ඒ පාර නම් සාර්තක ලෙස පොඩි කොලු පැට්ටෙක් හම්බුනා...

ආයේ ඉතින් ඇරපු අතක් නැතුව යීබෝගෙම කපාපු පලුවක් උන පොඩි එකා උපතින්ම නපුරු ආඩම්බර හිනාවෙන්නේ නැති තාත්තා වගේම personality එකක් තියෙන කොල්ලෙක් උනා...

"මං හිතන්නේ වන්ග් පරම්පාරවෙන් එන කේස් එකක් මේක.. මුන්ට හිනාවෙන්න වෙනම පන්ති දාන්න ඕනි... "

"අනේ මේ ජාන්.. අනම් මනම් කියන්න එපා මගේ කොලු පැටියට... පේනවනේ ඩැඩී වගේම චණ්ඩියෙක් තමයි.. ගැම්මක් ඉතින්.."

"එව් එව්.. ඩැඩී වගේ ගැම්මක් උනාට වැඩක් නෑ.. ඩැඩීගේ වගේ ගොන් මොලයක් සෙට් උනොත්.. ඒ නිසා මං කොල්ලව ඩැඩා වගේ මොල කාරයෙක් කරලා ගන්නම්.. "

"ම්න්.. ඩැඩීගේ චණ්ඩිකමයි ඩැඩාගේ මොලෙයි එකට සෙට් උනොත් ඉතින් මගේ කොල්ලා මේ ලෝකේ හොල්ලයි... "

පොඩි කාලේ ඉදන් කොල්ලාව ඩැඩායි ඩැඩීයි දෙන්නා එක්ක එකතු වෙලා හදලා ගනිද්දී ඉතින් මේ වෙද්දී කිව්වත් වගේම පොඩි එකා ලෝකේ හොල්ලලා තිබුනා..

මාස්ටර් ලියෝගේ දක්ෂකමයි ඩිටෙක්ටිව් සීන්ගේ මොලෙයි දෙකම කොල්ලාට තියෙද්දී මේ වෙනකොට ගෝල්ඩන් මාෆියා එකේ බොස් වෙලා ඉන්න දැන් අවුරුදු 34ක් වෙන Master carlo (king) එහෙම නැත්නම් carlo wang xiao wei මේ වෙද්දී ඩැඩී වගේම නම කිව්වත් බය වෙන තැනට ලෝකේ හොල්ලලා තිබුනා...

ආයේ ඉතින් කිසි වෙනසක් නෑ ඩැඩීගේ කපාපු පලුව උනා.. හැබැයි ඩැඩීට වඩා කොණ්ඩේ වවලා ටිකක් ෆැශන් කලා...

එයාත් මේ වෙද්දී මැරි කරලා තිබ්බේ ඇවැස්ස නෑනා උන කුවාන්ගෙයි යිගෙයි දුවව.. එයාලගේ පුතා ගෝල්ඩන් මාෆියා එකේ අන්ඩර් බොස් උනා..

ජැක්සන්ලා මාකෝලා අතරේ තිබුන බැඳීමත් කිසි වෙනසක් නැතුව තවමත් ඒ විදිහටම තිබුන..

අපි චුට්ටක් ගිහින් බලමූ.. මේ සීයලා දෙන්නා දැන් ජීවිතේ සැඳෑ කාලේ ගෙවන්නේ කොහොමද කියලා...

.
.
.
.
.
.

වසර පනහකට පසු.......

.
.

"ජාන්.... තමුසෙගේ ප්‍රෙශර් පෙත්ත බිව්වද...??"

"නෑ යීබෝ... අමතක උනානේ.. "

"ඤෑ තමා... කවදාද ඉතින් තමුසෙට ඕක මතක තිබ්බේ..."

"මට වඩා ඕක ඕනි වෙන්නේ තමුසෙට.. කොයි වෙලෙත් ප්‍රෙශර් නග්ගගත්ත ගමන්නේ.. "

"ප්‍රෙශර් නෙමෙයි.. තව එකක් තියෙයි.. නග්ගගන්න නම් පුලුවන්.. වයසට ගියාට ඉතින් තාම එව්වා වැඩ.. ට්‍රයි කරලා බලමුද ජාන්... "

"අනේ ඇත්තමයි යීබෝ.. උබේ නාකි විසේ.. ඔන්න ඕක දෙනවා.. මට උබ එක්ක හැප්පෙන්න දැන් අමාරුයි.. "

යීබෝ පොඩි කුප්පියකුත් අරන් ඒකෙන් පෙත්තක් එයා අරන් අනික ජාන්ට දුන්නා.. ඇත්තටම ඉතින් යීබෝට වඩා ටිකක් වයසත් එක්ක ජාන් දුර්වල වෙලා තිබුනා..

ඇඳේ වාඩි වෙලා ජාන් හිටියේ පොතක් බල බල.. ඉතින් යීබෝ වතුර එකයි පෙත්තයි අතටම දීල එතනින් වාඩි උනා..

ජාන් ඒක බිව්වට පස්සේ වතුර එක පැත්තකින් තියලා යීබෝ ජාන්ගේ ඇඟට හේත්තු වෙද්දී ජාන් යීබෝගේ නලලින් සිපුමක් තිබ්බා..

"ඉස්සර අපේ වයස් පරතරේ වැඩිය නොදැනුනාට දැන් නම් දැනෙනවා යීබෝ.. ඉස්සර වගේ දැන් කරට කර උබ එක්ක හැප්පෙන්න අමාරුයි මහත්තයෝ... දැන් මේ නාකි මිනිහාව උබට එපා වෙලා ඇති.."

"අනේ නිකා හිටපන් ජාන්.. උබ විතරක් ඈ. මාත් නාකියිනේ.. දැන් මටත් ඕවා එක්ක හැප්පෙන්න බෑ. කොන්ද කැක්කුමයි. මේ නහින දෙහින කාලේ උබටත් ඒකම තමයි ඕනි නේද.. මලක් පහනක් පූජා කරලා පිනක් කරන් හිටපන්.. මෙතන හැම්ම්ම්..හ්හ්.."

යීබෝ කියවන් යද්දී ජාන් යීබෝගේ කට අතින් වැහුවේ රවාගෙන..

"තමුසෙගේ ඔය කට නම් නාකි උනත් වෙනසක් නෑ... පොඩි උන් ඇවිත් නේද යීබෝ.. සද්දේ ඇහෙන්නේ.. එලියට යමුකෝ... "

"හ්ම්.... දෝණිලා ඇවිත් පොඩි උන් ටික එක්ක.. යමූ.. එන්නකෝ... "

"මගේ අර බස්තම අරන් දෙන්නකෝ යීබෝ.. "

ජාන් කියද්දී යීබෝ බස්තම අරන් ඒක ජාන්ගේ අතට දීලා ජාන්ගේ අතින් අල්ලලා නැගිට්ටෙව්වා.. දෙන්නාටම ඉතින් ඉස්සර වගේ ඇවිඳින්න ශක්‍තියක් නෑ.. ඒත් දෙන්නාට දෙන්නා වාරු වෙලා හෙමීට ඇවිද්දා..

මොකක් නැතත් දෙන්නාටම දෙන්නාගේ අත් දෙක තවමත් විශ්වාස උනා..

යිබෝ ජාන්ගේ අතිනුත් අල්ලගෙන හෙමින් හෙමින් කාමරෙන් එලියට ආවා.. දෙන්නාම තාම ඉන්නේ බ්ලැක් පැලස් එකේ.. හැබැයි පහල තට්ටුවේ..

පොඩි උන්ගේ සද්දේ එන්නේ එලියෙන් නිසා දෙන්නාම හෙමින් එලියට ගියා....

"අනේ..... සීයා ඩඩාලා....... "

එලියට යද්දීම පොඩි ඉන් හතරක් ඇවිත් දෙන්නාගෙම ඇඟේ එල්ලුනේ දෙන්නාගෙම මූණු වලට හිනාවක් එද්දී...

"අයියෝ.. ලමයිනේ.. ඔය සීයලට ඉන්න දෙන්නකෝ.. කෝ මෙහාට වෙන්නා.. "

"ඔහෙ හිටපු දෙන් යීසි... "

ජාන් කිව්වේ පොඩි උන්ගේ ඔලුව අතගාලා..

"ඩැඩා නම් කියයි. පණ්ඩිතයි අප්පා දෙන්නාම.. ඉන්න අර බංකුවට යමූ... කිව්වා නම් අපි එනවනේ එක්ක එන්න.. තනියම ආවේ ඇයි.."

"අනේ මේ යීසු.. අහකට ගනින් අත.. මටයි මගේ මිනිහාටයි තාම එච්චර බැරිකමක් නෑ.. අපි යන්නම්.. "

"මන්දා ඩැඩී ඔයාලා නම්.. පුදුම පණ්ඩිතයි.. තාම හෙන කොල්ලෝ දෙන්නා කියලා හිතේ... "

යීසු කියද්දී යීබෝ කෙල්ලෝ දෙන්නටම හොඳවයින් රවලා ජාන් එක්ක මිදුලේ තිබුන බංකුවක් ලඟට ගිහින් වාඩි උනා...

පොඩි උන් ටිකත් වට වෙලා දෙන්නා ලඟින්ම වාඩි උනාම ටික වෙලාවක් දෙන්නාම පොඩි උන්ව හුරතල් කලා..

"යීසි ඩිඩී කතා කලේ නෑද... "

"කතා කලා ඩැඩා අද මෙහෙ එන කතාවක් කිව්වා... "

"පොඩි චණ්ඩියාවත් එක්ක එන්න කියපන්.. ආසයි ඌව බලන්න... "

"එක්ක එනවා කිව්වා ඩැඩී... "

යීසි කියද්දී යීබෝගේ මූණට ආවේ ලස්සන හිනාවක්... ඒ ඉතින් වන්ග් පරම්පාරාවේ අලුත්ම පුරුක.. කාලෝගෙ පුතා... යීබෝගෙයි ජාන්ගෙයි මුණුපුරා..

ටික වෙලාවක් ඉතින් පොඩි උන් එක්ක සෙල්ලම් කර ඉද්දී ටිකකින් බෝට් එකකින් එතන්ට ආවේ යීසිගෙයි යීසුගෙයි හස්බන්ඩ්ලා දෙන්නා...

"ඩැඩා.. ඩැඩී... "

"ආ කොල්ලෝ දෙන්නා.. මොනාද අතින් කටින් උස්සන්.. කොහෙද ගියේ..."

ජාන් ඇහුවේ එයාලා ඉස්සරහා ඉන්න මැදි වයසේ පිරිමි දෙන්නාගෙන්...

"මල්ලී එනවා කිව්වනේ.. කාලෙකින්.. පොඩ්ඩක් සෙට් වෙන්න කියලා විස්කි ටිකක් ගෙනාවා... "

"අම්මෙහ් ලොකු පිනක් බන්.. අපි දෙන්නාත් මේ වේලි වේලි හිටියේ නැද්ද මහත්තයා... "

යීබෝ ඇහුවේ ජාන්ගේ කරටත් අත දාගෙන....

"අම්මෙහ් ඔව්ව්...... මේ යක්ශනියෝ දෙන්නා ගෙදර තිබ්බ ටිකත් අරන් ගිහින්.."

ජාන් කෙල්ලෝ දෙන්නාටත් රවලා කියද්දී හැමෝම හිනා උනා....

"නැත්නම් ඉතින් මේ දෙන්නගේ වයසට නෙමෙයිනේ වැඩ ඒයි... "

යීසු කියද්දී ජානුයි යීබෝයි දෙන්නම ඒකිට ඇඳකරලා රැව්වා...

හවස් වෙනකන්ම ඉතින් හැමෝම කෑම කාලා එහෙම හිටියේ හරිම සතුටෙන්.. මුණුපුරු මිණිබිරියෝ එක්ක ඉද්දී ජාන්‍ටයි යීබෝටයිත් දවස යනවා තේරුනේ නැති තරම්..

ඒ අතරේ දෙන්නාගෙම ඇස් වැඩිපුර තිබුනේ ලේක් එකේ.. ඒ ඉතින් එයාලගේ කොල්ලයි.. කොල්ලගේ පොඩි චණ්ඩියවයො දකින්න.. මොකද ඔය කාලෝ චීනෙට එන්නේ අදුරුද්දකින්..

වීඩියෝ කෝල් වලින් දැක්කට පොඩි චණ්ඩියාව අවුරුද්දකින් දැකපු නැති නිසා එයා එනකන් හිටියේ ඉතින් ආසාවෙන්..

හවස් වෙන්න ඇරලා බෝට් එකක සද්දයක් ඇහෙද්දී දෙන්නාගෙම ඇස් දිලිසෙන්න ගත්තේ ආසාවෙන්...

ටිකකින් කාලෝ ඒ පැත්තේ ඉදන් එයාලා ඉන්න දිහාට එද්දී ජාන්ගේ මූණට හිනාවක් ආවා...

"තමුසෙගේ කපාපු පලුව යීබෝ... මට කොල්ලාව දකිද්දී තමුසෙගේ තරුණ කාලේ මතක් වෙනවා.. "

ජාන් යීබෝගේ කනට කරලා කියද්දී යීබෝගේ මූණට ආවේ ආඩම්බර හිනාවක්..

"ඩැඩා ඩැඩී.... ඔයාලා තව කොච්චර කල් මේකේ ඉන්න හිතාගෙනද ඉන්නේ ආ.. හෙටම ගෝල්ඩ් පැලස් එකට යමූ.."

කාලෝ ආවෙම රවාගෙන..

"තමුසෙම තමා... "

ජාන් යීබෝගේ කනට කරලා මිමිණුවා...

"ඒ මොන මඟුලටද.. මැරෙනකන් අපි ඉන්නේ මේකේ...."

යීබෝත් ඊට නොදෙවනිවම රවාගෙන කිව්වා..

"හදිස්සියක් අසනීපයක් උනොත් හොස්පිල්වත් යන්න පුලුවන්ද ඩැඩී.. අර බෝට්ටු වල යන්නයි... "

"අනේ නිකන් හිටපන් කාලෝ.. අර දොස්තරයෙක් ඉන්නේ ගෙදරම.. ඌ ඉන්නවා ඕනි උනොත්.. අපි දෙන්නා මැරෙන්නෙත් මෙතන... "

ජාන් ස්ථීර හඬකින් කියද්දී ආයේ එතනින් එහාට ඒක ඇදුනේ නෑ.. යීබෝ එක්ක වලියට ගියත් කාලෝ ජාන් කියන එක වචනෙට කන්ට්‍රෝල් උනා..

"කෝ අපේ කුමාරයා... "

යීබෝ ඇහුවේ කාලෝගෙන්..

"අන්න එන ගමන් බයික් එකක් ඕනි කියල නැටුවා.. අරන් දුන්නට පස්සේ ඒකේ සිහිය.. දැන් ඒකෙ නැගලා මෙතන්ට එන්න උවමනාව මිනිහට.. "

මාකෝ කියද්දී යීබෝගෙයි ජාන්ගෙයි දෙන්නාගෙම මූණට ආවේ හිනාවක්..

ටිකකින් සුදු පාට පොඩි සෙල්ලම් බයික් එකක හෝන් එකත් ගහගෙන නසරාණි කොලු පැටියෙක් ඇවිත් එතනින් නතර කලා...

"ආ... චණ්ඩියා.. බයික් එකක් ගත්තද..."

යීබෝ ඇහුවත් කිසිම උත්තරයක් නොදී හිනාවත් නොදී කොල්ලා රවාගෙන වගේ බලන් හිටියා...

"ඕවා ලේවල ප්‍රශ්න... "

ජාන් හෙමින් මුමුණද්දී යීබෝ ජාන්ටත් රැව්වා...

"චූටි චණ්ඩියා එන්නකෝ.. සීයලා ලඟට.. ඩැඩා සීයාවත් ඕකේ රව්මක් එක්ක යනවද..."

"ම්න්... "

ජාන් කියද්දී පොඩි කොල්ලා ම්න් කියලා ඔලුව වනන ගමන් ඇවිත් යීබෝගේ කකුලක් උඩින් වාඩි උනා...

ඉතින් පොඩි අයගේ සද්දෙයි සෙල්ලමුයි... ලමයින්ගේ කතායි අතරේ ජානුයි යීබොයි හිටියේ සතුටෙන්..

රෑ වෙද්දී යීබෝයි ජානුයි හිටියේ සාලේ වාඩි වෙලා.....

.
.
.
.
.
.
.
.

"Happy 50th golden Anniversary Daddy & Dadda.... "

.
.
.
.
.
.
.
.
.
.

එක පාරට හැමෝම හයියෙන් කෑ ගහද්දී ජාන්වයි යීබෝවයි ගැස්සිලා ගියා.... එතන තිබුනේ ගෝල්ඩ් කලර් කේක් එකක්...

දෙන්නාගෙම ඇස් වලට කඳුලු පිරෙන්න ගියේ තප්පරගානයි.. එයාලට වයසත් එක්ක අමතක වෙලා ගියත් එයාලගේ පනස්වෙනි විවාහ සන්වත්‍සරය එයාලගෙම ලමයිනුයි මුණුපුරෝ මිනිබිපිරියොයි එකතු වෙලා මතක් කරද්දී දෙන්නාම හිටියේ අඬන්න ඔන්න මෙන්න...

"අයියෝ ඕම බෑ ඉතින්. කෝ ලව් බර්ඩ්ස්ලා කේක් කවලා ආදරෙයි කියන්න ඉතින්... "

යීසි කියද්දී දෙන්නාම කේක් කෑල්ලක් කපලා අතට ගත්තා...

"දෙන්නාම එකට කවන්න ඉතින්.. "

ආයෙත් යීසු කෑ ගහද්දී දෙන්නාම එකම සැරේට දෙන්නට කැව්වා...

"ආදරෙයි මගේ මහත්තයෝ.... "

යීබෝ කිව්වේ ජාන්ගේ නලලින් සිපුමක් තියලා...

"අවුරුදු පනහක් උබ මගේ මේ අත අතාරින්නේ නැතුව මට ශක්තියක් උනා... මගේ ලඟින් හිටියා.. මාත් ආදරෙයි මගේ මහත්තයෝ..... "

ජානුත් එහෙම කියලා යීබෝගේ නලලට කිස් එකක් දෙද්දී හැමෝම අප්පුඩි ගැහුවා...

යීබෝ ලස්සනට හිනා වෙලා හෙමීට ජාන්ගේ රැලි වැටුන මූණ එයාගේ වෙව්ලන ඇගිලි වලින් අල්ලලා හෙමීට ජාන්ගේ වෙව්ලන තොල් සිපගනිද්දී මෙච්චර වෙලා ඇස් අස්සේ පොරකාපු කඳුලු කම්මුල් දිගේ ගලාගෙන ගියා...

දෙන්නාගෙම හිත් වල තිබුනේ කියාගන්න බැරි තරම් ආදරයක් සතුටක්.. එයාලගේ ආදරේ අවුරුදු පනහක් යද්දිත් වෙනස් නැතුවම තියෙද්දී එයාල හිත ඇතුලෙන් ආඩම්බර උනා... ඒ තරම් ලස්සන ආදරයක් ලැබුන එක ගැන ආඩම්බර උනා...

බෑනලා දෙන්නයි පුතයි එක්ක චූට්ටක් ඩ්‍රින්ක් එකකුත් දාලා සිංදුවක් කියලා එයාලා හිටියේ සතුටෙන්..

ඇත්තටම එයාලා එයාලගේ සැඳෑ කාලේ නිදහසේ සතුටෙන් ආදරෙන් ගත කලා...

"කාලෝ... මාවයි ඩැඩාවයි අර එලියේ කැනබි එකට එක්ක පලයන්කෝ.. "

යීබෝ කියද්දී කාලොයි යීසියි දෙන්නා යීබෝවයි ජාන්වයි එයාලා ඉස්සර ඉදන්ම ඉන්න ආසම එලියේ තිබුන කැනබි එකට එක්කන් ගියා..

"උබලා පලයන්... අපි ටිකක් මෙතන ඉන්නම්.. "

යීබෝ කියද්දී ඒ දෙන්නාව එතන දාලා එතනින් ටිකක් එහාට ගියා..

"යීබෝ.... "

"අපි කාලෙකින් ඩාන්ස් කලේ නෑ මහත්තයෝ.. චුට්ටක් ඩාන්ස් කරමුද... "

එයාලා ඉස්සර ඉදන්ම මෙතන ඉදන් නිදහසේ ටිකක් ඩාන්ස් කරන එක ආදරෙ කරන එක පුරුද්දක් වෙලා තිබුනා..

යීබෝගේ phone එකෙන් Ed Sheeranගේ Thinking Out Loud සිංදුව play වෙද්දී දෙන්නාම තුරුල් වෙලා හෙමීට හෙමීට එහාට මෙහාට පැද්දුනේ ඇස් දිහා බලාගෙන.....


(A/N මං මේ දාන සිංදු ඔයාලා අහන්නේ නෑ නේද.. 😒💔)

"Cause honey your soul can never grow old, it's evergreen"

ඒ කොටස හෙමීට ජාන් මුමුණද්දී අනිත් කොටස හෙමීට මිමිණුවේ යීබෝ...

"Baby your smile's forever in my mind and memory... "

ඒක කියලා ඉවර වෙනවා එක්කම ජාන් යීබෝගේ තොල් හෙමීට අල්ලගෙන පැද්දෙන ගමන්ම ඒවා කිස් කරන්න ගත්තා...

ටිකකින් සිංදුව ඉවර වෙද්දී යීබෝ ජාන්වත් එතන කුශන් පුටුවේ වාඩි කරවලා යීබෝත් එතන එහාපැත්තෙන් වාඩි උනා...

දෙන්නාගෙම අත් එකට පැටලිලා තියෙද්දී එයාලගේ ඇස් නැවතිලා තිබුනේ හඳ එලිය වැටිලා දිලිසෙන ලේක් එකේ... තරු පිරුන රෑ අහසයි පූර්ණ හඳයි එක්ක ඒක ඇත්තටම ලස්සන උනා..

ඔවුන් නිදහස සොයා ඇවිඳ ගියේ නිදහස් නිස්කලංක භූමියකටයි.. ඒ ආදරයේ දේශය යි..

තරු පිරුනු අහසක් යට ඔවුන් බලා සිටියේ ඈත දියඹ දෙසයි..

ජාන් හෙමීට මිමිණුවේ ඉස්සරහා බලාගෙන.... ටික වෙලාවක් යනකන් දෙන්නාගෙම තිබුනේ නිහඬ බවක්...

"ජාන්... ඒ ප්‍රබන්ධය ඇත්තක් නම් ඒ ආදරේ දේශය මේක නේද... එදා වන්ග් රජතුමයි ඒ නාග කන්‍යාවියයිත් අපි දෙන්නා වගේම මේ විල දිහා බලාගෙන ඉන්න ඇති.... "

යීබෝ හෙමීට කිව්වා...

"හ්ම්.. ප්‍රබන්ධයක් උනත්.. ඒකෙ එක දෙයක් නම් ඇත්ත යීබෝ.. මේක ආදරේ දේශය... අපි දෙන්නා බැඳලා මෙහාට ආවට පස්සේ අපි ආදරෙන් බැඳුනා.. අපේ ආදරේ ටිකෙන් ටික ලස්සනට ගලාගෙන ගියේ මේ දූපතේ.. ඉතින් මේක ආදරේ දේශය තමයි.... "

ජාන්ගේ වචන එක්ක යීබෝ ජාන්ව තව ලඟට අරන් තුරුල් කරගත්තා...

"ජාන් එදා ඔයා කොහොමද හොයා ගත්තේ රත්තරන් හංඟලා තියෙන්නේ ගෝල්ඩ් පැලස් එකේ නෙමෙයි මෙතන කියලා... "

"ම්ම්ම්... වන්ග් පරම්පරාවේ අය මෝඩ නෑ යීබෝ.. උඩින් පෙන්නුවට ඒවා තියෙන්නේ ගෝල්ඩ් පැලස් එකේ කියලා එච්චර රත්තරන් ගොඩක් එතන තියෙන්න බෑ කියලා මට මුලදිම තේරුනා... "

"ඉතින් කොහොමද ඕක ස්ථීර කරගත්තේ ජාන්.... "

වසර ගණනාවක් මෙය රැක ගැනීමට ඔහුවට උවමනා විය.. ඔහු රන් ආකරයම ගෙන කුට්ටි කලේය.. ඔහුගේ ආදරයේ දේශයේ උමඟක් තනා ඔහු ඒවා තැන්පත් කලාය..

ඔහු එහි රං මාලිගයක් ඉදි කලේය... වන්ග් පරපුරේ දිදුලන මහා පැරණිම කාල මාලිගය ඔහු ඉදිකලේය.. උමං දොරටුවේ පිවිසුම ඇයට භාරදුන්නේය.. ඇය එය අදටත් රකින්නීය.. වාසනාවේ ඇය සියල්ල කර මත දරාගෙන සිටින්නිය..

ඇයගේ දෑස් ජල දහරාවට එල්ල වී ඇත.. ජල දහරාව පිටුපස සියල්ල සඟවා ඇය බලා සිටින්නීය.. ඇය රකින්නීය... ආදරයේ නාමයෙන් අදටත් ඇය ඒ උරුමය රකින්නීය...


ජාන් ආයෙත් ඒකේ තිබුන වාක්‍ය ටික කිව්වා....

"යීබෝ... මෙතන මුලින්ම කියලා තියෙනවා අර මං මුලින් කියපු එක.. ඔවුන් ඈත දියඹ දෙස බලා සිටියා කියලා.. ඒත් යීබෝ ගෝල්ඩ් පැලස් එක තියෙන පැත්ත පලාතක වතුර හොයන්න ඇලක්වත් නෑනේ.... "

"ම්ම්ම්... "

"ඒ පලවෙනි එක.. අනික බලන්න යීබෝ.. 'වන්ග් පරපුරේ දිදුලන මහා පැරණිම කාල මාලිගය ඔහු ඉදි කලේය...' දක්ක ගමන් පේන්නේ පැරණිම මාලිගය කියලා උනත් හොඳට බැලුවොත් පෙනෙයි 'කාල මාලිගය' කියලා.. ඉතින් කාල මාලිගය මේක යීබෝ.."

"ම්ම්.... ඇයගේ ඇස් ජල දහරාවට එල්ල වී ඇත කියන එක ඔයා හිතුවේ කොහොමද ජාන්....?? "

යීබෝ අහද්දී ජාන් ලාවට හිනා උනා

"හැමෝම වාසනාවේ ඇය කිව්වම මතක් වෙන්නේ අර statue එක... ඒත් යිබෝ.. හැමෝටම අමතක උන එක තමයි ඇය රත්තරන් පාට නාග කන්‍යාවක් කියන එක... හරියටම රත්තරන් හංඟලා තියෙන්නේ ඒ statue එක බලන් ඉන්න දිහා නෙමෙයි.. මේ අපේ බ්ලැක් පැලස් එකේ තියෙන අර ගෝල්ඩ් පාට නයාගේ statue එකේ ඇස් තියෙන දිහා කියලා හොයාගන්න ඉතින් ලේසි නෑ.... "

ජාන් කියද්දී ඉතින් යීබෝ ජාන්ගේ නලලින් සිපුමක් තිබ්බා...

"මගේ මහත්තයාගේ මොලේ නිසා ඉතින් මුලු වන්ග් පරම්පරාවම ගොඩ ගියා...."

"කාලෝට කිව්වද යීබෝ... "

"ම්න්.. අපි ඉතින් මේ ඉන්නේ තව පරම්පරා ගාණකට ඇති වෙන්න රත්තරන් නිධියක් උඩ තියෙන දූපතක නේද ජාන්... "

"ආදරයේ දේශය.... "

ජාන් කියද්දී දෙන්නාම ආයේ හිනා උනා.....

යීබෝ හිටියේ ජාන්ගේ උරහිසෙන් ඔලුව තියාගෙන...

"ජාන් වෙලාවකට හිතෙනවා තමුසෙද ඒ නාග කන්‍යාව කියලා.. බලනවකෝ.. මාත් අන්තෙටම වැටිලා ඉද්දී උබ තමයි මගේ ජීවිතේට ඇවිත් මේ විදිහට නැගිටින්න හයියක් උනේ.. හැබැයි මගේ මහත්තයා නාග කන්‍යාවක් නෙමෙයි.. නියම නාග රජෙක්.... "

යීබෝ කියද්දී ජාන් දැම්මේ නසරාණි හිනාවක්...

"ආහ්.... නාග රජෙක් නම් ඉන්නවා තමා යීබෝ.. ඉස්සර නම් හොඳට වැඩ ගත්තා.. දැන් ටිකක් මට අමාරුයි.. හැබැයි නාග රජා නම් තාම වැඩ.... "

ජාන් කියද්දී යීබෝ හයියෙන් හිනා උනා...

"ඒ නාග රජාගේ වැඩ මං නොදන්නවා ඈ.. කා ඉස්සරහවත් ඔලුව නමලා නැති මාස්ටර් ලියෝව දණගස්සන්න පුලුවන් තරම් බලවත් එකෙක් ඌ..... "

ටික වෙලාවක් යනකන් දෙන්නාගෙම හිනාව ඒ අවට පැතිරිලා ගියා.... ආයේ ටිකක් වෙලාවක් යනකන් තිබුනේ නිහඬ බවක්....

"යීබෝ..... "

"ම්න්.... "

"මං ඔයාට වඩා වයසයිනේ... ඉතින් කවදා හරි ඔයාට කලින් මං මැරිලා යයී නේද.. එතකොට ඔයා මොකද කරන්නේ.... "

ජාන් කියද්දී යීබෝ ජාන්ගේ මූණ එයාගේ පැත්තට හරවලා නලලින් ගැඹුරු හාදුවක් තිබ්බා....

"මගේ මහත්තයා නැතුව එක විනාඩියක්වත් මං මේ ලෝකේ ඉන්න එකක් නෑ.. මොකද මගේ හුස්ම උබ... කවදාහරි උබේ හුස්ම නවතිද්දී ඒ තප්පරෙන්ම මගේ හුස්මත් නවතියි ජාන්.."

යීබෝ කියද්දී ජාන් ආදරෙන් ඒ රැළි වැටුන මූණ එයාගේ ඇඟිලි වලින් අත ගාන ගමන් වයසට ගියත් දිලිසෙන ඒ ඇස් දිහා බැලුවා...

"ආදරෙයි මගේ මහත්තයෝ.. මගේ ජීවිතේ මේ තරම් ලස්සන කලාට..... "

ජාන් කිව්වේ හෙමීට යීබෝගේ වෙව්ලන තොල් එයාගේ තොල් වලින් අල්ලගන්න ගමන්....

.
.

💚❤️සැරයටියෙන් අපි යනෙන තුරා

සංසාරේ අපි එකට ඉමූ

සංසාරෙන් අපි සමුගන්නාදා

ගමනත් අපි එකට යමූ

💚ජීවන මං පෙත මලින් සැදී ගීය

යුගයක නොව ඔබ හමු වූයේ

කටු කොහොලින් පිරි කලල් වියේ මා

තනිවම එද්දිය හමුවූයේ

❤️මින් මතු මංපෙත මලින් සදන්නෙමි

ළතැවුල් සෝ ගී නෑසෙන සේ

පමනක් නොව මේ සංසාරේ

උපදින තුරු මතු සංසාරේ

💚මතු සංසාරේ මා හුරුබුහුටිව

පෙම් කරනා කල එලඹෙනදා

කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්

පතනෙමි සසරින් නික්මෙනදා

❤️සංසිදුවා සතු පහන් කරන්නෙමි

මේ පෙම කුලුඳුල් පෙමය සිතා

එන්නෙමි පසුපස සංසාරේ

කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

💚❤️සැරයටියෙන් අපි යනෙන තුරා

සංසාරේ අපි එකට ඉමූ

සංසාරෙන් අපි සමුගන්නාදා

ඒ ගමනත් අපි එකට යමූ

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

වෙනස් ආදරයක්.. දරදඩු ආදරයක්.. නපුරු ආදරයක්... ඒත්

හරි ගැඹුරු ආදරයක්...

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•


.
.
.
.
.
.
.

එය එසේ නිමා විය.... ❤️💚

.
.
.
.

🥀Kaushy.....

ඉතින් එබැවින් නවතිමි...

හදින් පිටමන් නොකරමී..

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉 ඉතින් ඔන්න Hidden Devils ඉවරයි 🥺 මටත් දුකයි.... 🤧💔 ගොඩක් අය කතාව දික් කරන්න කිව්වට ලමයි ඉතින් මං ගොඩක් දිගට කතා දෙන්නේ නෑ.. මේකයි eyes of evil එකයි තමා මගේ දිගම කතා දෙක... 🤧

👉ගොඩක් අය ඉල්ලන නිසා ඉදලා හිටලා detective seanගේයි master leoගෙයි මාෆියා කාලේ වැඩ දෙක තුනක් special chapter විදිහට දෙන්නම්.. හැබැයි දැන්ම නම් නෙමෙයි.. 🥺💔 මගේ ඇස් ගොඩක් අමාරුයි ලමයි.....

👉 ඉතින් ඕතරීගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා.. එක chapter එකක් වචන 3000 ගානක් විතර ලියපු මහන්සිය වෙනුවෙන්වත් ලස්සනයි කියන වචන දෙක තුනට වඩා ඔයාලගේ හිතට දැනුන දෙයක් කියාගෙන යන්න... ප්ලීස්.. ඒක ඉල්ලීමක්...

👉 ඉතින් කලින් කිව්වා වගේම ඕතරී මාස දෙක තුනකට නවතිනවා.. පුලුවන් වෙලාවට update දෙන්න බලන්නම් අනිත් කතා ටික....

👉 කතාවට ගොඩක් අය ආදරේකලා.. ඇත්තටම මං මේක ලිව්වේ ආසාවෙන් නෙමෙයි.. මේකේ character develop කරපු විදිහට මගේ ලොකු ආසාවක් නෑ.. ඒත් කතාවෙ plot එකේ හැටියට මට භාශාව එයාලගේ ගතිලක්ශන සෙක්ස් ලයිෆ් එක පවා ටිකක් වෙනස් කරන්න උනා... ඒකෙන් මගේ අතින් මං ආදරේ කරන yizhanලට හානියක් උනා නම් සමාවෙන්න..... මේක නිකන්ම නිකන් කතාවක් විතරයි.. එයාලගේ ඇත්ත ජීවිතේ මේක එක්ක පටලාගන්න එපා 🙏

👉 කතාව එක්ක එකතු උන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.. මං වැටුන වෙලාවට මට හයියක් උන හැමොටම ආදරෙයි...🙏🥺❤️

👉 එහෙනම් කෞශි නවතින්නම්... ආදරෙයි... ❤️

👉YIZHAN FOREVER💚❤️💛

👉BJYXSZD ❤️💚💛

👉 කවුරු මොනා කිව්වත් එයාලගේ ආදරේ සදාකාලිකයි.... 💚❤


👉 කවදාහරි මේවා දෙන්නම්... කෙටි කතා නිසා ඔක්කොම හෙමින් දෙන්නම්.. කැමති අය ඇඩ් කරගන්න ඉතින්... 💚💛❤️

👉 ටිකක් Horror වගේ.. ඒත් එහෙම නෑ.. මුල් චැපි දෙක විතර චුට්ටක් බය හිතෙයි.. 😂 කියෝපු අය දන්නවා.. මුල එක විදිහක්.. මැද එක විදිහක්.. අග තව විදිහක්... කැමති අය එකතු වෙන්න. Yizhan ff

👉 Love triangle එකක් තියෙන්නේ... ටිකක් වෙනස් omegaverse එකක්... කැමති අය එකතු වෙන්න... yizhan ff

👉 දගකාර හුරතල් යීබෝ කෙනෙක් එක්ක ආඩම්බර ජාන් කෙනෙක්... වයස් පරතරේ අවුරුදු 12ක්... කැමති අය එකතු වෙන්න... zhanyi ff


👉 යඤ්ඤං ❤️😘

Continue Reading

You'll Also Like

271K 17.6K 75
ជុងគុក"ស្នេហាមួយនេះកើតឡើងដោយការជួបគ្នាដោយចៃដន្យរវាងបងនិងអូនតែប៉ុណ្ណោះ តែវត្តមានរបស់អូនដែលចូលមកក្នុងជីវិតរបស់បង គឺដូចជាពន្លឺដែលរះបំភ្លឺបងអោយចេញពីភាពងង...
2.4K 720 54
"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇත...
155K 23K 17
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
2.2K 381 13
නිර්මාණාත්මක රචනය එහෙමත් නැත්නම් Creative Writing කියන්නේ ලේකකයෙකුට අවශ්‍යම කුසලතාවක්. මේ ලිපිඑකතුවෙන ඉදිරිපත් කෙරෙන්නේ නිර්මාණාත්මක රචනය වගේම ප්‍රබන...