HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 40😈 (THE END)

😈Chapter 39😈

2.1K 359 121
By kaushi_vi_ed

Chapter 39

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

මසකට පසු.....

.
.

"යීබෝ... ඇඳුම් ඔක්කොම පැක් කරගත්තද... මාසෙකට ඈ... "

"හරි හරි... පැක් කරලා තියෙන්නේ... "

"පැක් කරලා තියෙන්නේ කියලා ගියාට පස්සේ ආයේ මගේ ඇඳුම් එහෙම ඉල්ලන් ආවොත් බලාගන්නම්කෝ...."

"අනේ මට තමුසෙගේ ඒවා ඕනි නෑ.. මං අරගත්තා.. කීයටද flight එක..?? "

"අද හවස.... "

"අපේ pvt jet එක තියෙද්දී තමුසෙ මොකටද ඔය public flight වල යන්න දාගත්තේ..?? "

"තමුසෙගේ ආසාවනේ... "

"මගේ..?? මොකක්ද...?? "

"ඇයි මතක නෑද යීබෝ.. ඔයාටනේ ඕනි කිව්වේ.. සාමාන්‍ය ජීවිතේට තමයි මං ආසම... මට ඕනි ඈත ගමක අපි දෙන්නා තනියම නිදහසේ ඉන්න.. අරකයි මේකයි කිව්වේ මතක නෑද...?? "

"ඉතින්...?? "

"ඒකට තමයි අපි මේ යන්නේ..... "

ජානුයි යිබෝයි හිටියේ ඇඳුම් කන්දක් ඇඳ උඩ දාගෙන බෑග් වලට පැක් කරන ගමන්..

"ආව්... ආව්.... මාසයක් හනීමූන්... ලේසි නෑ නෙහ්.. ලෑස්තිද දැන්...?? "

ඒ එක්කම කඩාගෙන බිඳගෙන කාමරෙ ඇතුලට ආවේ ජැක්සන්...

"මැනර්ස් නෑද යකෝ.. අලුත බැඳපු ජෝඩුවක් ඉන්න කාමරෙකට ඔහොම යනවද.. "

ජැක්සන්ගේ පස්සෙන් කාමරෙට ආවේ කුවාන්...

"අනේ මුන්ගේ අලුත බැඳපු.. ඊයේ ලෝකෙට පේන්න බැන්ඳට දැන් බැඳලා අවුරුද්දකටත් ලඟයි.. හනිමූන් යනවලු.. යන්න තව දෙයක් ඉතුරු වෙලා තියෙද දන් නෑ... "

කුවාන්ගේ පිටිපස්සෙන් මාකෝත් කාමරේට එද්දී යීබෝයි ජානුයි නම නම හිටිය ටී ශර්ට් එකත් අතේ තියාගෙන මේ තුන් දෙනා දිහාම බලන් හිටියේ රවාගෙන...

"ගගෝ..... ගගෝලා... ඔයාලා... "

*දඩාස්*

"ඊව්ව්ව් දුශ්ටයා... ඇරපියකෝ මේක..."

පිටිපස්සෙන් ඈනුයි යීයි මිශෙලුයි තුන් දෙනත් කෑ ගහන් එද්දිම ජැක්සන් ගිහින් දඩස් ගාලා දොර වහලා දැම්මා..

එලියේ ඉදන් ඈනුයි යීයි කෑ ගැහුවත් ජැක්සන් දොර ලොක් කරලාම දැන්මා..

"මේක බෝයිස් ඔන්ලි.. පල පල... ගිහින් අපිට හොඳ කෝපි ටිකකුයි හපන්න මොනා හරියි හදන් වර. එතකොට අරින්නම්.. "

"හුහ්.. හිතේ ඇති හදන් එයි කියලා... මෝඩයෝ රැල... "

කෙල්ලෝ ටික ආපහු යද්දී කට්ටියම ගිහින් යීබෝගෙයි ජාන්ගෙයි ඇඳේම වාඩි උනා..

ඉතින් යීබෝයි ජාන්ගෙයි විතරක් නෙමෙයි.. සෙට් එකම ඊයේ තමා මැරි කලේ.. ඒක මුලු ලෝකෙටම කතා කරන්න ලොකු මාතෘකාවක් උන වෙඩින් එකක් උනා...

විශේෂම දේ මාස්ටර් ලියෝ වගේම ලයන්ස්ලාගෙත් බොස් ගේ කියලා මුලු ලෝකෙම රාවයක් යද්දී පෙලක් අය හොඳ කියලා සතුටු වෙද්දී තව අය විවේචනය කලා...

ඒත් ඕවා මේ අයට නම් ගාණක්වත් උනේ නෑ.. grand royal wedding එකකින් පස්සෙ අනිත් එවුන්ට ඕනි කුදයක් ගහ ගනිම් කියලා යීබෝයි ජානුයි නම් මේ හැම දේකින්ම මාසයක් නිදහස් වෙන්න තීරණය කලා..

ඉතින් දැන් දෙන්නා හනිමූන් කියලා යන්න හදන්නේ යීබෝගේ ආසාවක් ඉශ්ට කරන්න... ජාන්ගේ තමයි ඉතින් අදහස..

Norway එක ලස්සන ගමක් වෙන geiranger වල මාසයක් පදිංචියට තමයි යන්නේ.. සම්පූර්ණෙන්ම මෙහෙ connection නැතුව සාමාන්‍ය ජීවිතයක් තමයි ඒ මාසේ ගත කරන්න තීරණය කරලා තිබ්බේ..

සල්ලි උනත් ගොඩක් අඩු ප්‍රමාණයක් එක්ක ඒ ගමේ තියෙන පොඩි ගෙයක් අරගෙන කාර් එකක් නැතුව බයික් එකක් අරගෙන ඒ දෙන්නා තනියම ඉන්න තමයි ඉතින් ප්ලෑන් එක..

"මේ ජානා උබට සුවර්ද බන් උබලට ගිහින් ඉන්න පුලුවන් වෙයි කියලා... "

ජැක්සන් ඇහුවේ ටිකක් සීරියස් පිට..

"මුගේ ආසාවනේ... "

කුවාන් කිව්වෙ යීබෝව පෙන්නලා...

"ඔව් කුවාන්.. යීබෝට ආසයිලුනේ.. ඉන්න පුලුවන්.. මොකෝ බැරි... නෙහ් ඒයි...?"

ජාන් ඇහුවේ යීබෝට වැලමිටෙන් ඇනලා..

"ඔව් නැතුව නිදහසේ අපිට ඉන්න පුලුවන් තොපි නැතුව.. ඇයි උබලට ඊරිසියාද... "

"අපෝ නෑ.. අපි බලමුකෝ.. තනියම උයාගෙන කාලා වැඩ කරන් ඉන්න හැටි.." 

යීබෝ අහද්දී උත්තර දුන්නේ ජැක්සන්.

උදේ ඉදන් බඩු ටික ඔක්කොම ලෑස්ති කරගන්න අනිත් අයත් උදව් කලා.. චට්නි, කිම්චි පේස්ට් වර්ග දෙක තුනක් කෙල්ලෝ ටික හදලා දුන්නේ මුල් දවස් ටිකේ බඩගින්නේ ඉන්න වෙයිද කියන සාධාරණ සැකේත් ආපු නිසා..

ඉතින් හවස් වෙද්දී කට්ටියගෙන්ම සමු අරන් දෙන්නාම කුවානුයි යීයි එක්ක එයාර්පෝට් එකට ආවා..

"මේ යීබෝ.. ඕනි උනොත් කෝල් කරන්න.. ආ කාඩ් එක.. නැත්නම් මං හරියටම මාසෙකින් එන්නම්කෝ.. බයික් එකක් රෙඩි කලා.. ගෙදරක් ගත්තා ඉතින් ලොකු නෑ පොඩි එකක්. තව..... "

"ඇති ඇති බන්.. දැන් ඔවා කට පාඩම්.. "

අන්තිම මොහොතෙත් කුවාන් කියද්දී යීබෝ එහෙම කියලා ඒ දෙන්නාවත් හග් කරලා සමු අරගෙන දෙන්නාම එයාපෝට් එකට ගියා..

පැය අටක විතර ගමනක් නිසා දෙන්නාම නිදහසේ පොඩි නින්දක් දාගෙන.. චීනෙන් හවස හතරට පිටත් වෙලා එයාලා නෝවේට ලෑන්ඩ් කරද්දී එහෙ වෙලාව හවස පහයි..

එතන ඉදන් කැබ් එකක් අරගෙන එයාලා ගෙදර ගත්ත පැත්තට ගියා... ඇත්තටම ඒ පලාතේ පොඩි සීතලක් තිබුනත් හරිම ලස්සන ආස හිතෙන ලස්සන සුන්දරත්වයක් තමයි තිබුනෙ..

යායට තියෙන තණකොල පිට්ටනි එක්ක තැනින් තැන දිය ඇලි කඳුපන්ති පොඩි ඇලපාරවල් ගංඟාවල් තැනින් තැන තියෙන චූටි ඒත් අමුතු ලස්සනක් තිබුන ගෙවල් නිසා නෝවේ ගොඩක් ලස්සන රටක් කියලා එයාලට තේරුනා..


අන්තිමට කැබ් එක දුන්න ලොකේශන් එකෙන් නතර කලා.. පුංචි ගෙයක්.. එක ලඟ ඒත් ටිකක් ඈතින් ඈතින් වගේ තව ගෙවල් තිබුනත් ඒ තැන හරිම ලස්සන උනා.. කඳු යායක් එක්ක ඉස්සරහින් ගඟක් දිය ඇල්ලක් ඇස් මානේන් පේන්න තිබුනා.

ඉතින් කැබ් එකට පේ කරලා ඇඳුම් බෑග් ටිකත් අරගෙන දෙන්නාම ගේ ලඟට යද්දී දැක්කේ ගැරෙජ් එකේ තිබුන කොල පාට බයික් එක.. යීබෝ ඒක වටෙත් රවුමක් කැරකිලාම ජාන් එක්ක ගේදර දොර ඉස්සරහට ගිහින් යතුර අරගත්තා..

"Sir... ඔයාලද මෙහාට අලුතෙන් ආවේ.. කොච්චර හොඳද... "

එතන්ට ආව පිරිමි කෙනෙක් චූටි බබෙකුත් වඩාගෙන හිනා වෙලා කතා කරද්දී යීබෝයි ජානුයිත් ලෝභ නැතුව හොඳට හිනා උනා..

"ඔව්ව්.. එතකොට ඔයා..?? "

"අපි තමයි මේ එහා ගෙදර ඉන්නේ සර්.  කැබ් එකක් ආපු නිසා බලන්න ආවේ.. මායි වයිෆුයි බබාලා තුන් දෙනයි තමයි ඉන්නේ.."

ඒ මනුස්සයා ලෙන්ගතුව කියද්දී යීබෝයි ජානුයිත් හිනා වෙලා ටිකක් කතා කලා..

"සර් කියන්න ඕනි නෑ අයියේ.  අපි දැන් අසල්වැසියොනෝ.. "

"එහෙනම් මහන්සිත් ඇතිනේ මල්ලිලා රෙස්ට් කරන්න.. හෙට රෑ කෑමට අපේ ගෙදර එන්නකෝ.. "

ඒ මනුස්සයා හිනා වෙලා සමුඅරන් එතනින් ගියා... 

ඒක පුංචි ගෙයක්.. පොඩි සාලයක් එක්ක කෑම කාමරයක්.. පුංචි කුස්සියක්... හුරුබුහුටි ඒත් ලස්සන ගෙයක්.. ගෙදර දැක්කම දෙන්නාටම ආස හිතුනා..


ගෙදර වටේ පොඩ්ඩක් ඇවිඳලා බෙඩ්රූම් එකට ගියා.. ඒකත් පුංචි ඒත් ලස්සන බෙඩ් රූම් එකක්.. එතන ජනේලෙන් එලිය ලස්සනට පෙනුනා..

තව පොඩි පඩිපෙලකින් සොල්දරේට නගින්නත් පුලුවන්.. ඒ සොල්දරෙ ජනේලෙන් බලද්දී මුලු ගමම ලස්සනට පෙනුනා.. ඉස්සරහා කඳු පන්තියත් එක්ක දිය ඇල්ලක්.. දෙන්නාටම මේවා දැක්කම ආස හිතුනා..

ටික වෙලාවක් වටපිට බලලා ගමන් මහන්සිය නිසාම දෙන්නාම wash එකක් දාගෙන මඟින් අරන් ආව කෑම එකත් කාලා නිදාගත්තා..

.
.

පුරුදු විදිහට ඊලඟ දවසේ උදේම ඇහැරුනේ යීබෝ.. ජාන්ගේ කකුලක් තිබුනේ යීබෝගේ කට ලඟ...

"ආශ් මේ යකා නම්.. අඩුපඩු ටික තියාගෙන නිදාගන්න බෑනේ.. මේ ඇඳත් පොඩියි.."

යීබෝ නැගිටලා කකුල පැත්තකට දාලා ඇඳේ වාඩි උනා.. ජාන් පුරුදු විදිහට කටත් ඇරගෙන දොයි... බෙඩ් ශීට් එකේ තියෙන චූටි කෙල පැල්ලම දැක්කම යීබෝට හිනා ගියා..

"මෝඩයා.. ලාවට කට ඇරන් ඉද්දී අර තඩි දත් දෙක එලියට පනිනවා හාවෙක්ගේ වගේ.. නිදාගෙන ඉද්දී අහිංසකයා.. ඇහැරුනාට පස්සේ තමයි ඔක්කොම චන්ඩිකම්.. පණ්ඩිතයා.. "

යීබෝ තනියම මුමුණන ගමන් හැමදාම දෙන මෝනින් කිස් එක ජාන් ඇරන් කටට දීලා ඇඳෙන් නැගිට්ටා..

පොඩි වොශ් එකක් දාගෙන හුඩියක් එක්ක බොටම් එකක් ඇඳගෙන යීබෝ එලියට ගියේ වටපිටාව ටිකක් සීතල නිසා.. ජිම් එකක් නැති නිසා මිදුලට ගිහින් ටිකක් අත පය ගසලා හෙමින් හෙමින් වෝමප් කරන්න ගත්තේ මීදුමෙන් වැහුන වටපිටාවත් බල බල...

"Good morning bro... කෝ අනිත් මල්ලී.."

"අහ්.. good morning අයියේ.. එයා නිදි තාම.. අයියා ජොගින් ගියාද..."

"ඔව් මල්ලී.. යමූ ඕනි නම් හෙට. පොඩ්ඩක් ගම වටේ ගිහින්  එද්දී ඇඟට සනීපයි... "

යීබෝ වෝමප් කරන ගමන් හිටියේ ඉස්සරහා ගෙදර කෙනා එක්ක කතා කර කර...

"යීබෝ..... යීබෝ... යී.........බෝ........ "

"මං එලියේ බන්..... "

ජාන් ගේ ඇතුලේ බෙරිහන් දෙද්දී යීබෝ එලියේ ඉදන් කෑ ගැහුවා..

හූඩියක් බොටමක් ඇඳන්ම ජානුත් එලියට ආවේ සීතලේ..

"අහ් අයියේ ගුඩ් මෝනින්.. "

"ගුඩ් මෝනින්.. දෙන්නා එහෙනම් ඩිනර් එකට එන්න.. මං යන්න ඕනි බබාලා ඉස්කෝලේ එක්ක යන්න.."

ඒ මනුස්සයා යද්දී ජාන් යීබෝ ලඟට ගියා..

"මෙහෙ හීතලයි යීබෝ.. "

"හීතල නැති කරලා ගන්නද ජාන්.. "

"අනේ පලයන් යන්න.. "

දෙන්නා එක්ක ටිකක් වෝමප් කරලා වොශ් දාගෙන කියේ කිචන් එකට..

"යීබෝ.. පාන් අරන් බටර් ගාන්නකෝ.. මං කෝපි හදන්නම්.. "

දෙන්නත් එක්ක වැඩ බෙදාගෙන කොහොම හරි උදේ කෑම නම් ලෑස්ති කරගත්තා..

බටර් ගාලා පාන් පෙතියි.. බිත්තර දෙකක් චුට්ටක් ලුණු වැඩි උනත් බැඳගෙන.. උදේ කෑම ශේප් කරගත්තා..

උදේ වරුවම ඇඳුමස්පස් කරගන්න යද්දී ඉවර වෙනකොට දවල් වෙලා තිබුනා..

ආයේ දෙන්නා එක්ක කිචන් එකට ගිහින් youtube video බල බල රයිස් එකක් හදන්න ගත්තා..

"ආශ්.... මේ ලූණු සැරයි.. ආහ්.. මගේ ඇස් දෙක..... "

ටිකකින් ජාන් කෑ ගහද්දී යීබෝ වතුර ගාලා මූණ හේදෙව්වා.. කැරට් ලීක්ස් නම් කැපුවේ යීබෝ.. චූටියට කපන්න යීබෝට පැය ගාණක් ගියා..

අන්තිමට කොහොම හරි කන්න පුලුවන් ගාණට රයිස් එකකුයි මස් බැඳලයි හදාගනිද්දී හවස් වෙලා තිබුනා..

"යීබෝ අනේ තමුසේ මේවා හෝදන්න ඈ.. මං රයිස් එක හැදුවනේ. "

ජාන් කිව්වේ පිස්සන් කොටුවක් වෙලා තිබුන කිචන් එක පෙන්නලා..

"ඇයි යකෝ මං මස් බැද්දේ.. මේ බලනවා මගේ අත තාම දැවිල්ලයි තෙල් බිංඳු විසි වෙලා.. මට බෑ තනියම නම්.. "

කොහොම හරි දීර්ඝ විවාදයකින් පස්සේ දෙන්නාම එකතු වෙලා කිචන් එක අස් කරලා ඉවර කරද්දී හොඳ පණ ගිහින් දෙන්නාම හිටියේ සෙටියේ හතරගාත දාගෙන...

එදා රෑ කෑම නම් අනිත් ගෙදරින් හම්බුන නිසා කටට රසට කෑම ටිකක් කෑවා..

ඔය විදිහට දවස් දෙක තුනක් ගෙවිලා ගියා... දෙන්නාටම තිබුන ලොකුම ප්‍රශ්නේ උනේ උයන එක.. ඒ ඇරෙන්න දෙන්නා සතුටෙන් වගේම විනෝදෙන් හිටියා..

එලියේ වෙනම එක එක ජාතියේ මල් පැල හිටෙව්වා.. බයික් එකේ වටපිටාවේ ඇවිඳින්න ගියා..

බයික් එකේ යන වැඩේට නම් දෙන්නාම ආස උනා.. තුරුල් වෙලා නිදහසෙ ඔහේ යන එක එයාලට අලුත් අත්දැකීමක් උනා..

තුන්වෙනි දවසේ දෙන්නාම කිචන් එකේ හිටියේ රෑට නූඩ්ලස් හදන ගමන්...

"යීබෝ.."

"ම්න්.. "

"මේ නූඩ්ලස් ඉවරයි.."

"අනිත් ඒවත් ඉවරයි බන්.. හෙට මාකට් යන්න වෙයි... "

ජාන් කියද්දී යීබෝ කිව්වේ ජාන්ව බැක් හග් කරගෙන...

"හෙට උදේම යමූ.... "

"ම්න්... "

යීබෝ ජාන්ගේ බෙල්ලටත් කිස් එකක් තියල ජාන් නූඩ්ලස් තම්බන අතරෙ යීබෝ එලවලු ටික කපන්න ගත්තා.. ටිකකිම් නූඩ්ලස් එකත් හදාගෙන සාලෙට ගියේ ෆිල්ම් එකකුත් දාගෙන..

පොඩි කෝක් ටින් දෙකක් එක්ක නූඩ්ලස් එක කන ගමන් දෙන්නාම තුරුල් වෙලා ෆිල්ම් එක බැලුවේ සැරින් සැරේ දෙන කිස් එක්ක.. ෆිල්ම් එක ඉවර වෙද්දී යීබෝ ජාන්ව එහෙන්ම පෙරලාගත්තේ වෙන ෆිල්ම් එකක් පටන් ගන්න ගමන්...

ටිකෙන් ටික ජාන්ගේ සද්දේ වැඩි වෙද්දී යීබෝ ජාන්ගේ කට අතින් වහගත්තා..

"කෑගහන්න එපා යකෝ.. වටේපිටේ මිනිස්සු දුවන් එයි මිනී මරනවා කියල හිතාගෙන..."

"එහෙනම් මාව මරන්නේ නැතුව හෙමින් කරනවා... "

"මට බෑ... කෑ ගැහුවොත් කට බඳිනවා... "

"ආශ්... තමුසේගෙ මඟුල් ආසාවල් යීබෝ මේවා.. නිදහසෙ මේකවත් කරගන්න නෑ.. ආහ්හ්හ් අව්.. ම්ම්හ්..."

ජාන් කියද්දී යීබෝ ජාන්ගේ කට අතින් වහගෙනම එයාගේ වැඩේ කරගෙන ගියා..

.
.

ඊලඟ දවසේ උදේටත් කාලා දෙන්නා එක්කම බයික් එකේ ගියේ මාකට් එකට... මුලු  geiranger වලටම තිබුන ඒ සුපර් මාකට් එකට ගිහින් දෙන්නා එක්ක වට දෙක තුනක් කැරකිලා ඉවර වෙද්දී කාට් එක පිරිලා තිබුනා..

හැබැයි ඒ බීම බෝතලුයි බිස්කටුයි චිප්ස් වගේ අනම් මනම් වලින්..

"යීබෝ... මේවා හරියන් නෑ අනේ.. උයන ජාතිනේ ගන්න ඕනි..."

"මං ඕවා දන්නේ නෑ බන්.. "

යීබෝ ඔලුවත් කස කස කියද්දී ජාන් ටිකක් වටපිට බලලා ඒ හරියේ හිටියේ කෙල්ලෙක්‍ට කතා..

"Excuse me.. පොඩි උදව්වක් කරන්න පුලුවන්ද..? "

"ඔව් කියන්න සර්... "

"අපිට දවස් තුනකට හතරකට වගේ ගෙදර උයන්න ඕනි බඩු ටික තෝරලා දෙන්න පුලුවන්ද..?"

ඒ කෙල්ලට මුලින්ම චුට්ටක් හිනා උනත් හිතවත් හිනාවක් එක්ක හිනා වෙලා දෙන්නා එකම කන කෑම ජාති අහ අහා ඕනි බඩු ටික තෝරලා දුන්නා..

"ජාන්... "

"මොකෝ... "

"Lube ඉවරයි.... "

යීබෝ කියද්දී අර කෙල්ල අතින් කටවහගනිද්දී ජාන් හොඳම එකෙන් යීබෝට රැව්වා...

"හිටපියකෝ අද මං තමුසෙට ඒවා නැතුව කරන විදිහ කියා දෙන්නම්..."

ජාන් යීබෝගේ කනට කරලා කියලා කේන්තියෙන් කියලා එහාට යද්දී යීබෝ නසරාණි හිනාවක් දැම්මේ මෙච්චර වෙලා ජාන් එක්ක කෝලම් කරපු කෙල්ලටත් රවලා..

.
.

ටිකෙන් ටික දවස් ගෙවිලා ගිහින් සතියක් ගෙවිලා ගියා.... ඇත්‍තටම ඒ කාලේ දෙන්නටම ලොකු නිදහසක් උනා.. ප්‍රශ්න බිස්නස් එක්ක හිර වෙලා හිටිය ඒ දෙන්නට මේ සරල ජීවිතේ අලුත් අත්දැකීමක් උනා...

වෙනදාට ඔක්කොම කරලා මේසෙට එද්දී තියෙන කෑම වේල නැති එක තමයි දෙන්නටම තිබුන ලොකුම අවුල උනේ.. උයන එක දෙන්නාම එකතු වෙලා කරත් ඒක දෙන්නාටම එපාම කරපු වැඩේ වෙලා තිබුනා..

ලස්සන ලස්සන ලොකේශන් වලට ගිහින් photo ගහන එකයි ජාන් drawing කරන එකයි තමයි දෙන්නාගෙ විනෝදාංශෙ වෙලා තිබුනේ..

ඊට අමතරව තව දෙයක් තිබුනා.. මෙච්චර් කාලෙකට පොඩි එකෙක් හුරතල් කරනවා තියා ඒ ගැන හිතලවත් තිබුනේ නැති දෙන්නාම එහා ගෙදර ඉන්න චූටි කෙල්ලො දෙන්නා නිසා බබාලා හුරතල් කරන්නත් චුට්ටක් ඉගෙනගෙන තිබුනා..

.

ඉරිදා හවසක වටපිටාවේ තියන සීතලයි මීදුමයි අතරේ ඉර බහින දිහා බලාගෙන දෙන්නාම හිටියේ ගෙදර ඉස්සරහා තිබුන බංකුවේ වාඩි වෙලා... උණු උණුවේ දුම් දාන කෝපි කෝප්ප දෙකකුත් අතේ තියෙද්දී යීබෝ හිටියේ ජාන්ගේ උරහිසෙන් ඔලුව තියාගෙන...

"යීබෝ.... "

"ම්න්.. "

"ඔයා මේ ජීවිතේට කැමතිද..."

"ම්න්.. ඔව්.. නිදහස්.. අපි දෙන්නා විතරයි.."

යීබෝ කියද්දී ජාන් එහෙන්ම හැරිලා එයාගේ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න යීබෝගේ නලලින් සිපුමක් තිබ්බා.. ඒ එක්කම ජාන් වශී වෙලා බලාගෙන හිටියේ ඇස් වහගෙන ඉන්න යීබෝගේ වාත්තු කරලා වගේ තියෙන මූණෙ ලස්සන..

"මගේ වීනස්.... "

ජාන් හෙමීට යීබෝගේ මූණ ඇගිල්ලකින් අල්ලන ගමන් කියද්දී යීබෝ ඇස් ඇරියා...

එහෙන්ම හෙමීට යීබොගෙ තොල් උඩ ජාන්ගේ ඇගිලි ටික වෙලාවක් එහෙ මෙහෙ ගිහින් නවතිද්දී ජාන් හෙමීට යීබෝගේ තොල් සිපගන්න ගත්තා...

"මාමි සුදූලා......... හහ්හ්... "

එහෙන්ම ටික වෙලාවකින් එහා ගෙදර චූටි කෙල්ලෝ දෙන්නා කෑ ගහන් එද්දිම යීබෝයි ජානුයි කිස් කරනවා දැකලා ඉක්මනට අතින් කට වහගත්තා..

"මේ යක්ෂ පැටව් නැත්නම් මේ ජිවිතේ තව ලස්සනයි.. "

ජාන්ගේ තොල් වලින් අකමැත්තෙන් අයින් උන යීබෝ මුමුණලා පොඩි උන් දිහා බලලා හිනාවක් දැම්මා..

"හෙලෝ ප්‍රින්සස්... එන්න... "

ජාන් කියද්දී බය වෙලා හිටපු කෙල්ලෝ දෙන්නා හිනා වෙවීම ඇවිත් දෙන්නාගේ උකුලෙන් වාඩි උනා...

"ඕඕ.. ඒ මාමිලා දෙන්නා උම්මියක් දුන්නද...?? අපේ මමී ඩැඩී වගේ... "

"හ්ම්ම් ඔව්.. "

යීබෝගේ කකුල උඩ හිටිය කෙල්ල අහද්දී ‍යීබෝ උත්තර දුන්නේ කම්මුලකුත් මිරිකලාද..

"ආ..... ඔයාලා දෙන්නම බෝයිස්ලානේ.. "

ඒ ජාන්ගේ අතේ හිටිය කෙල්ල..

"හ්ම්ම්... ඔව්ව්.... "

"ඉතින් දැන් මාමිලත් මමී ඩැඩී වගේ නංගි බබාලයි මල්ලි බබාලයි ගේනවද...?? "

ඒක කෙල්ලෙක් කියද්දී දෙන්නාම මූණ මූණ බලාගත්තා..

"හ්ම්ම්... "

උත්තරයක් නැති වෙද්දී ජාන් හ්ම් මිටි තිබ්බා..

"ඉතින් බබාලා ගේන්නේ ගර්ල්ස්ලානේ මාමී.. එතෝට මාමිලා දෙන්නාගෙන් කාගේ බණ්ඩියේන්ද බබාලා එන්නේ...?? "

"මේ මාමිගේ" //

දෙන්නාම දෙන්නාව පෙන්නන ගමන් කලේ එකිනෙකාට රවාගන්න එක..

"ආ.... දෙන්නගෙම එනෝද...?? එතෝට අපේ ඩැඩීගේ බණ්ඩියේ නැත්තේ ඇයි.. "

කෙල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර නැති වෙද්දී ජාන් එක්කෙනෙක්ගෙ කම්මුලක් කිස් කලා..

"මාමිලා දෙන්නාටම බබාලා එන්නේ නෑ ප්‍රින්සස්.. ගර්ල්ස්ලා තමා බබාලා ගේන්නේ.."

"ආ.......... උම්මි දුන්නේ ඇයි මාමිලා.."

"ඒ ඉතිම් මං මේ මාමිට ආදරේ නිසානේ ප්‍රින්සස්.... "

"ආ......"

දෙන්නාම එකට ආ කියද්දී ජාන් කතාව වෙනස් කලා..

"චොකෝ ඕනි කාටද...??"

"අනේව් මට...... "

"අන්න මේසේ උඩ ඇති ගිහින් ගන්න... "

යිබෝ කියද්දී දෙන්නම දූවගෙන ගේ ඇතුලට ගියා..

"යීබෝ බබෙක් හදමුද අපිත්..."

"ඔයා කැමති නම් හා මහත්තයෝ.. මං රෙඩි...."

යීබෝ ඇහැක් ගහලා ජාන්ගේ පස්ස ලාවට මිරිකද්දී ජාන් රැව්වා..

"විහිලු නෙමෙයි යීබෝ.. වන්ග් පරම්පාරව ගෙනියන්න ඉතින් බබෙක් ඕනිනේ යීබෝ.."

"ම්න්.. මාත් හිතුවා ඕක.. ඔයාගෙන් පස්සේ අහන්න හිටියේ.. කෙල්ලෙක් සෙට් කරගත්තට කමක් නෑද කියලා...ආහ්.. ආහ්... අව් අව්ව්.... රිදෙනවා අතෑරපන් ජාන්..."

"කෙල්ලෙක් හිටපිය මං උබට කෙල්ලෝ පෙන්නන්නම්.. "

ජාන් යීබෝට ගහද්දී යිබෝ ඒවගෙන් බේරුනේ හිනා වෙවී....

"හරි හරි බන්.. විහිලුවක් කලේ.. වාඩි වෙනවකෝ ඔහොම... "

යීබෝ ජාන්ව උකුලෙන් වාඩි කරවගත්තා..

"අපි ගර්භාශයක් රෙන්ට් අරන් බබෙක් හදාගමූ.. හැබැයි දැන්ම නෙමෙයි ජාන්.. ටිකක් නිදහසේ ඉන්න ඕනි.. "

යීබෝ කියද්දී ජාන් ආයේ හැරිලා යීබෝගේ තොල් හෙමින් සිපගත්ත...

.
.

තවත් සතියක් ගෙවිලා ගියා.. දැන් නම් දෙන්නාම හිටියේ පණ ගිහින්.. එපා වෙලා..
වැඩක් නැතුව ඔහේ ඉන්න එකත් කම්මැලි  වෙලා ගිහින් තිබ්බා...

දෙන්නාම හිටියේ මාකට් ගිහින් තව සතියකට බඩු ගන්න ගමන්.. මාසෙකට කියලා කුවාන් දාලා තිබුන සල්ලිත් සති දෙක ඉවර වෙද්දී ඉවර වෙලා ගිහින් තිබ්බේ කොහොමද කියලා දෙන්නාටම හිතාගන්න බැරි උනා..

ජාන් හිටියේ කාට් එකත් තියාගෙන freeze කරපු කෑම ජාති තෝර තෝර... මොකද උයන එක දෙන්නාටම වහකනවා වගේ උනා..

යීබෝ ටික වෙලාවක ඉදන් පේන හරියක හිටියෙත් නෑ... ටික වෙලාවකින් ශේප් එකේ ජාන් ඉන්න තැනට ඇවිත් අතේ තිබ්බ එක කාට් එකට දැම්මේ කිසි ගාණක් නැතුව..

ජාන් ඒක දිහා බලලා ආයේ යීබෝ දිහා බැලුවේ ඇහි බැමක් උස්සලා... එතන තිබ්බේ gun toys සෙට් එකකුයි dart board එකකුයි...

"මේ මොකටද යීබෝ... "

"තමුසෙට වැඩක් නෑනේ.. ඕක ඔහොම තිබුන දෙන්කෝ.. "

"අර කෙල්ලෝ දෙන්නාට මේවා හරියන් නෑ බන්.. බෝනික්කෝ ගන්න.."

"කවුද කිව්වේ උන්ට කියලා.. තමුසෙට ඒක වැඩක් නෑනේ... "

යීබෝ රවලා කියද්දී ජාන් යිබෝ දිහා හොඳට බලලා එහාට ගියා...

"ජාන් යමූ... "

ජාන් එතන හිටිය මනුස්සයෙක් දිහා හොඳට බලන් ඉද්දී යීබෝ උරහිසට තට්ටු කරද්දී ජාන් ඔලුව හොල්ලලා එතනින් එලියට ගියා..

"ආ.. මේ ටික හැන්ඩ්ල් එකේ එල්ලගන්නවා.. දැන් මේ ටික ඔහොම අතේ තියාගන්න මං නගිනකන්.. "

බෑග් මලු ටිකත් අමාරුවෙන් උකුලෙන් තියාගෙන ජාන් යීබෝව අල්ලගත්ත..

"පියාඹන්නේ නැතුව හෙමින් යමූ ඇ.. මේවා උස්සන් මං බිම ඉදියි... "

ජාන් කියද්දී යීබෝ ටිකක් හෙමින් යද්දී මඟදී වැස්සක් වැටෙන්න ගත්ත නිසා යීබෝ වහලා තිබ්බ කඩයක් අයිනට කරලා බයික් එක නතර කරලා...

"තමුසෙගේ මඟුල් ආසාවල් යිබෝ... රෙද්ද විහින් විඳවනවා කියන්නේ මෙන්න මේවට.. "

"අනේ මේ ජාන්.. මං කිව්වද මට එන්න ඕනි කියලා.. තමුසෙනේ මේ මේක ලෑස්ති කරන් තිබ්බේ. මිනිස්සු දන්නවා නම් එහෙම මේවා අපිට පස්සෙනුත් හිනා වෙයි... "

"යැයි යැයි තමා.. යමු වැස්සෙම... ගිහින් නාගමූ.. කෑමත් ගත්තනේ.. මේ වැස්ස අඩුවෙන එකක් නෑ යීබෝ.. "

ජාන් කියද්දී යීබෝ වැස්සෙම රේස් කරලා බයික් එක පාරට දැම්මේ ජාන් කිටි කිටියේ යීබෝව තුරුල් කරගනිද්දී...

වැස්සයි සීතලයි නිසා ගල් වෙන්න ඔන්න මෙන්න තිබ්බත් බඩු ටිකත් අතින් එල්ලගෙන ජාන් තව තව යීබෝව තුරුල් කරගනිද්දී යීබෝටත් සීතලට වඩා ඒ මොහොත වටින නිස වේගේ චුට්ටක් අඩු කලා..

"යීබෝ... සීතලයි.. "

ජාන් කිව්වේ යීබෝගේ බෙල්ලෙන් හෙමීට තොල් තියලා යීබෝගේ බෙල්ලේ තියෙන වැහිබිංදු උරන ගමන්..

"ජාන්.. තමුසේ මාව අවුස්සනවා.."

"ගෙදර යන්... "

ජාන්ගේ කෙඳිරීම එක්ක යීබෝගේ අතින් ඇක්සිලේටර් එක තව කැරෙකෙද්දී ටික වෙලාවක් ඇතුලත බයික් එක ගෙදර ඉස්සරහා නතර කරලා..

බඩු ටික උස්සගෙන ගෙට ගිය ගමන් ගෙනාපුවා ඔක්කොම එහෙන්ම දාලා දොරත් වහගෙන ජාන් යීබෝවත් තල්ලු කරගෙන බාත් රූම් එක ඇතුලට ගියා.. ශවර් එකෙන් හොට් වෝටර් වැටෙද්දී දෙන්නාගේම අතින් ඉක්මනින්ම දෙන්නාව නිරුවත් වෙලා ගියේ තොල් සිපගැනීම් අතරතුරමයි...

.
.
දවල්ටත් කාලා හවස් වෙද්දී දෙන්නාම හිටියේ සොල්දරේ.. යීබෝ නම් ඩාට් බෝඩ් එකයි ගන් එකයි අරන් තනියම වැඩ... එහා කොනේ ඉදන් මෙහා කොනට ඩාට් බෝඩ් එකට ඩාට් ගහනවා..

ජාන් කෝපි එකක් බිබී හිටියේ ජනේලෙන් එලිය බලාගෙන..

"යීබෝ... තමුසෙට අර පහල ගෙදට මනුස්සයා සැක නෑද..."

"මොකාද... "

"අද අර මාකට් එකේ හිටියේ.. මිනිහා දිහා මං හුඟ කාලෙක ඉදන් බලන් ඉන්නේ.. මට නම් මිනිහාගේ හැසිරීම සැකයි.."

"ඇයි.... "

යීබෝ ඒම් එකට ඩාට් එකක් යවන ගමන් කතා කලා..

"මිනිහා වැඩි හරියක් ඉන්නේ අර පාලුවට ගිය පල්ලියේ.. මං දැන් දවස් දෙක තුනක් දැක්කා.. මිනිහා මොනා හරි හොයනවා වගේ.. අද මාකට් එකෙන් ගතෙත් ලණුයි සවලුයි එහෙම.. "

"ම්ම්... "

"දවසක් මං ඒ පල්ලිය හරියෙන් යද්දී මිනිහා ඇතුලේ ඉදන් එලියට ආවා.. මාව දැක්කම පොර ගැස්සුනා.. උගේ පූස් පැටියා හොයන්න ආවා කියලා ඌ කිව්වේ මං මුකුත් අහන්නත් කලින්.. "

"ඉතින් වෙන්නැති බන්... "

"නෑ.. යීබෝ.. ඒ මනුස්සයාට ඇති පූසෙක් නෑ.. අනික මං දැක්කා උගේ අතේ පස් තියෙනවා.. සපත්තු වල මඩත් තිබ්බා.. එවලේ ගෑවුන අලුත් ඒවා.. ඒත් එදා වැස්ස දවසකුත් නෙමෙයි.. මිනිහා ඇතුලේ මොනා හරි හොයනවා වගේ... "

ජාන් කියද්දී යීබො toy arrow එකක් අරන් ජාන්ගේ ඔලුව ඒම් කරලා එව්වත් ඊට කලින් ඉක්මන් උන ජාන් අනිත්පැත්ත හැරිලා ඒක අල්ලගනිද්දී යීබෝගේ මූණට ආවේ හිනාවක්..

"තමුසෙට වැඩක් නෑනේ ජාන්.. පාඩුවේ ඉන්නවා... මෙහෙ නිදහසේ ඉන්න ඇවිත් ඕවා හිතන්නේ නැතුව.. පුරුද්දනේ... "

"එතකොට මේවා මොනාද යීබෝ..  "

යීබෝ කියද්දී ජාන් ඇහුවේ අතේ තිබ්බ එක පෙන්නලා..

"මට කම්මැලි බන් මෙහෙම ඉන්න... රෙද්ද..."

"මටත් එහෙම තමා ඉතින්.. පිස්සු වගේ.. මේවා මං හිතලා කරන ඒවා නෙමෙයි ඉබේ වෙන්නේ.. "

"අපි යමුද ජාන්... දැන් ඇති වගේ... සරල ජීවිතේකට හුරු වෙන්න අපිට ටිකක් අමාරුයි වගේ... "

යිබෝ කිව්වේ ජාන්ගේ පිටිපස්සෙන් ගිහින් ජාන්ව තුරුල් කරගෙන...

"තව චූට්ටක් ඉවසමු නේද මහත්තයෝ.."

"ම්ම්ම්... උබ ලඟ ඉන්න නිසා ඉතින් මට ඉන්න පුලුවන්... ඒත් මීට වඩා සැපට මට උබව දැන් ලඟ තියාගන්න පුලුවන්නේ මහත්තයෝ.... ඇයි බොරුවට දුක් විඳින්නේ.. "

"යීබෝ මං මාෆියා බොසෙක් බැන්ඳ නිසා මගේ ජොබ් එක ගහලා ගිහින් අන්න.. ශූයා මේල් එකක් දාලා... "

ජාන් කියද්දී යීබෝට ලා හිනාවක් ආවා..

"මං මගේ මහත්තයාට මාෆියා ඩිටෙක්ටිව් පොස්ට් එකක් හදලා දෙන්නම්.. මේ මොලෙන් වැඩ ගන්න ඕන තරම් මිනිස්සු ඉදියි...."

යීබෝ කියද්දී ජාන් අනිත් පැත්ත හැරිලා යීබෝගේ තොල් වලට කිස් එකක් දුන්නා..

"මං උබට මෙච්චර ආදරේ කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ යීබෝ... අපි ආදරේ කරන විදිහ හරි වෙනස් උනත්... ඒ ආදරේට මං ආදරෙයි... මං උබට කලින් වයසට යද්දී උබට මාව එපා වෙයිද මහත්තයෝ.... "

ජාන් අහද්දී යීබො හෙමින් හෙමින් ජාන්ගේ මූණ පුරාම සිපුම් තිබ්බා...

"කවදාවත් නෑ ජාන්.. මං කවදා හරි මැරුනත් මැරෙන්නේ උබේ මේ පපුව උඩ.. මටත් ඕනි මගේ මහත්තයා වයසට යනකන් උබ ලඟින් ඉන්න... උබෙ මේ අත අල්ලගෙනම වයසට යන්න... "

"ආදරෙයි යීබෝ.... "

ජාන් කියද්දී යීබෝ ලාවට හිනා වෙලා ජාන්ගේ තොල් හෙමින් හෙමින් සිපගත්තා....

"ජාන් තමුසේ මට ආදරෙයි නම් උදව්වක් කරනවකෝ.... "

"මොකක්ද....?? "

"මට තමුසෙගේ ජොකෙක් දෙනවකෝ.. මගේ ටික ඉවර වෙලා..."

"ඇයි ඒවා expire වෙනවද...."

"නෑ බන් හෝඳලා නෑ.... "

"ඊව් උබ නම්....... "

ජාන් එහෙම කියලා යීබෝවත් ඇඳගෙන පහලට ඇවිත් ජාන්ගේ බොක්ස් එක බලද්දී දැක්කේ ඒකත් හිස් කියලා..

වෙනදාට ගලවන ඇඳුම් ඔක්කොම දවස් දෙක තුනක් ඇතුලට හෝඳලා මැදලා කබඩ් එකේ තියෙද්දී ඇඳුම් හෝදන වැඩේ දෙන්නාටම තේරුමක් නැති වෙලා ගිහින් තිබ්බා...

"මගෙත් ඉවර වෙලානේ යිබෝ... "

ජාන් ඔලුව කස කස කියද්දී යීබෝ එතන මේසෙට කකුල් ගැහුවා..

"ආශ්.... හොඳටම ඇති ජාන්.. හොඳටම ඇති.. අන්තිමට ඒකත් නෑ.. අදම කුවාන්ට කෝල් කරමු..  දැන් ඇති.. මට හති.. "

"ඔව් ඔව්ව්... ගන්න ගන්න... මටත් බෑ තව... "

ජාන් කියද්දී යීබෝ ඉක්මනට කුවාන්ට කෝල් කලා... කුවාන් එවලෙම එහෙන් පිටත් වෙන්නන් කිව්ව නිසා දෙන්නම නිදහසේ ඇඳට වැටුනා...

"ආයේ නම් සරල ජීවිත එපාමයි.. අපි ගෙවන ජීවිතේ හොඳයි.. "

"ඒ අපි පුරුදු වෙලා තියෙන විදිය යීබෝ.. අපි ආස අපිට පුරුදු ජීවිතේට... හැමදෙයක්ම පිටින් පේන තරම් සුන්දර නෑ.. "

.
.

"මාස්ටර්.... මාස්ටර්.... "

කුවාන් කෑ ගහද්දී ෆිල්ම් එකක් බල බල හිටිය යීබෝ හිටිය ගිහින් දොර ඇරියා...

"මාස්ටර් ඇයි... "

කුවාන් ගේ ඇතුලට යන ගමන් අහද්දී කුවාන් ඔලුවේ අතගහ ගත්තා..

මුලු සාලෙම පිස්සන්කොටුවක් වගේ උනා.  පීසා පෙට්ටි බියර් ටින්.. විස්කි බෝතල්.  තැනින් තැන ගලවපු සෙරප්පු ඇඳුම්..

කුස්සිය නම් ගන්නම දෙයක් තිබ්බේ නෑ.. තනිකරම පිස්සන්කොටුවක් වගේ වෙලා තිබුනා...

"දෙන්නාම දැන්ම යන්න ලෑස්ති වෙන්න.."

කුවාන් එහෙම කියලා කෝල් එකක් අරන් තව කට්ටිය ගෙන්නවලා මුලු ගේම අස් කෙරෙව්වා.. ඒ අතරේ යීබෝයි ජානුයි සෙල්ලම් බඩු ගොඩක් ගෙනල්ලා අර කෙල්ලෝ දෙන්නාට දුන්නා..

ඒ ගෙදර අයටත් ලොකු සල්ලි ප්‍රමාණයක් එක්ක ටවුන් එකේ කොෆි ශොප් එකක් දාන්න හදලා දුන්නා...

එතකොට අර ජාන් සැක කරපු මනුස්සයා අර පරණ පල්ලිය ඇතුලේ පොඩියට එලවලු වගාවක් තමයි කරලා තිබුනේ.. ඒ මනුස්සයාට ඉඩමක් නැතු නිසා.. ඉතින්.. ඒ මනුස්සයාටත් වගා කරන්න ඉඩමක් එක්ක බඩු අරන් දුන්නා..

මුලු ගමටමත් එක එක දේවල් දීලා කෑම වේලකුත් දීලා හැමෝගෙන්ම සමු අරන් දෙන්නාම එහෙන් පිටත් උනා..

"ඒ උනාට එහෙ මරු නේද ජාන්.. "

"උයන්න කරන්න මනුස්සයෙක් හිටියා නම් ශෝක්.. "

"ම්න්.. අපි නිවාඩුවට එහෙම එමූ.. "

"ඔව්.. මං ආදරෙයි මෙහාට.. අත්දැකීම් ගොඩක්.. අපි දෙන්නා උයන්න හරි පුරුදු උනානේ.. "

"ම්න්.. "

දෙන්නාම අන්තිමට එයාලා හිටිය පුංචි ගේ දිහා බලන් ඉදලා මාසයක් ඉන්න ආපු ගමන සති දෙකෙන් ඉවර කරලා ආයේ චීනෙට එන්න පිටත් උනා...

.
.
.
.
.
.
🥀kaushy...

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉 මෙලෝ රහක් නැති චැපියක් කියලා දන්නවා.. කොටස් 40 ඉවර කරන්න බලන් වැඩිපුර දාපු එකක්.. 🤧 හිතන්න එපා..

👉 අවසාන කොටස එක්ක හෙට හම්බෙමු එහෙනම්.. 😋👉👈

👉vote එකක් comment එකක් දාන් යන්න.. 🤧 ලස්සන නැති උනාට කමක් නෑ.. ඕතරී පව්නේ.. 😒❤️💚 comment 50ක්වත් ඕනි ඈ...

👉 ගිහින් එඤ්ඤං 😘❤️

Continue Reading

You'll Also Like

3.4K 1.1K 71
A/N - I published all the chapters in a day. so you are feel free to read and enjoy in one go. අවුරුදු එකොළහේ ඉදන් අසේල පස්සෙ වැටිලා ඉන්න ඒ පුන්චි පහ...
79.9K 13.7K 31
Don't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your...
31K 7.9K 31
I can't see...But I can hear his whispers of Love...❤️💚
155K 23K 17
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."