HIDDEN DEVILS 😈🔎 (Completed...

Par kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. Plus

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈Chapter 35😈

1.8K 353 188
Par kaushi_vi_ed

Chapter 35

👈

ජාන් කියද්දී ග්‍රැනීව වගේම යැන්ග්ව පුටුවකින් වාඩි කරලා ගැටගහලා අනිත් අයත් වාඩි උනා.. යීබෝයි ජානුයි එක පුටුවකින් වාඩි වෙද්දී ජාන් නැගිට්ටා..

"හැමදාම වගේ මං ආසම පිටපත ලියන්න.. ඊට පස්සේ රඟපාන්න.. ඉතින් නලු නිලියෝ උන හැමෝටම ස්තූතියි... "

👉

😈🔎😈🔎😈🔎🔎😈🔎😈🔎😈🔎😈🔎😈

.
.
.

😈HIDDEN STORY OF HODDEN DEVILS😈

.
.

"මුලින්ම මෙතන ඉන්න හැමෝටම මං මාව අඳුන්වලා දෙන්නම්... මොකද මං හරියටම කවුද කියලා දන්නේ යීබෝයි කුවානුයි විතරයි... "

ජාන් එහෙම කියලා ටිකක් ඉස්සරහට ගියා... දැන් හැමෝම ජාන් දිහා බලන් ඉද්දී ග්‍රැනීයී යැන්ග් නම් බලන් හිටියේ ජාන්ව මරාගෙන කන්න තරම් කේන්තියකින්..

"මං වන්ග් සීන් ශියාඕ ජාන්... මේ වෙනකන් චීනේ ව්‍යාපාරික පෙලගැස්මේ තුන් වෙනියා.. ඉස්සරහට නම් වෙනස් වෙන්න පුලුවන්.. "

ජාන් කිව්වේ කට කොනකින් හිනා වෙලා..

"තව විදියකින් කියනවා නම් චීනේ රජ පවුල වන වන්ග් පවුලේ වර්තමාන රජකම දරන වන්ග් යීබෝගේ නීත්‍යානුකූල ස්වාමිපුරුශයා.. ඒ වගේම ලෝකේ බලවත්ම මාෆියා කණ්ඩායම ගෝල්ඩන් මාෆියා කණ්ඩායමේ දෙවනියා අන්ඩර්බොස් මාස්ටර් සීන්.... "

ජාන් එහෙම කියලා ගෝල්ඩන් ස්පිනර් එක අතට අරන් ඇගිලි අතර කරකවලා කට කොනකින් හිනා උනා..

"ඒ වගේම මේ වෙනකොට චීනේ විතරක් නෙමෙයි ලෝකේම නොවිසඳිය හැකි අභිරහස් කියන ඒවා ගොඩක් විසඳලා තියෙන.. දැනට චීන රජයේ බලපත්‍රලාභී  රහස්පරීක්ෂකයින් අතරින් ඉහලින්ම ඉන්න ඩිටෙක්ටිව් සීන්..... "

ජාන් එහෙම කියලා කට කොනකින් හිනා වෙලා හැමෝම ඉස්සරහා ඔලුව නමලා ආචාර කලා.. කුවානුයි යිබෝයි හිනා වෙද්දී  අනිත් හැමෝම හිටියේ කටත් ඇරගෙන ජාන් දිහා බලාගෙන...

"ආශ්... මං හිතුවා මං හිතුවා ගගා තමුසේ ශර්ලොක් හෝම්ස් වගේ මං හැරුනත් ඔක්කොම හොයාගද්දී.. ඊව්.. අයියෙක් ඉන්නවා මදිවට ඒකා ඩිටෙක්ටිව් කෙනෙකුත් උනා කියන්නේ මං මොන තරම් පවුද.... "

යි කෑ ගහද්දී අනිත් අය හිනා උනා.. කුවාන් යීගේ කරට අත දාලා එයාගෙ උකුලෙන් වාඩි කරෝගත්ත..

"ආහා... මේ මොන විකාරයක්ද.. වාඩි වෙනවා ඔය පුටුවෙන්.. "

කොච්චර කලත් අයියගේ ඊරිසියාව එලියට පැනපු නිසා යී කුවාන් ලඟින්ම පුටුවෙන් වාඩි උනා..

"හරි මං කතාව පටන් ගන්නම්.. මගේ පැත්තෙන් මං කතාව කියන් යන්නම්.. ඔයාලට පුලුවන් ඕනි ප්‍රශ්නයක් අහන්න.. මිසිස් වන්ග් යැන්ග්.. මිස්ටර් යැන්ග් ඔයාලටත් පුලුවන්... "

ජාන් කිව්වේ කට කොනකින් හිනා වෙලා...

"හිටපන් හිටපන් පොප් කෝන් එකක් අරන් එන්නම්.. "

ජැක්සන් එහෙම කියලා නැගිටලා කිචන් එකට දුවලා කලින්ම ලෑස්ති කරන් හිටිය පොප්කෝන්  බකට් තුන හතරකුත් අරන් ඇවිත් කපල් වලට දීලා මාකෝ ලඟින් වාඩි උනා..

ජාන් ගිහින් යීබෝ ලඟින් වාඩි වෙද්දී යීබෝ හෙමීට ජාන්ගේ අත ඇල්ලුවත් කාටවත් නොපෙනෙන්න ජාන් යීබෝගෙ අත අතෑරවගෙන යීබෝගෙන් ටිකක් එහාට ගියේ යීබෝ බර හුස්මක් පිට කරද්දී...

"මීට මාස හයකට විතර කලින් යීබෝ චීනෙට එන්න කලින් මිස්‍ටර් යැන්ග් ආවා මාව හම්බෙන්න. මගේ ඔෆිස් එකට.. ශියාඕ ජාන්ව හම්බෙන්න.. මට මගේ බිස්නස් වලට උදව් කරන්නම් කිව්වා චීනේ දෙවනියා වෙන්න.. එයා එක්ක එකතු වෙලා එයාට උදව් කරන්න කිව්වා...

ඇත්තටම මට නම් ඒකට ලොකු පැහැදීමක් තිබ්බේ නෑ.. මොකද මං මේ ගමන ආවේ තනියම.. ඉතින් එහෙම දේවල් මට ඕනි උනේ නෑ.. ඒත් වෙන්න ඕනි දේ මොකක්ද කියලා මට දැනගන්න ඕනි උන නිසා මං ඒක මිස්ටර් යැන්ගෙන් ඇහුවා..

යැන්ග් කිව්වේ තව දවස් පහකින් වන්ග් යීබෝ චීනෙට එනවා.. ඌට ලන් වෙන්න කියලා.. යාලුවෙක් විදිහට ෆිට් වෙන්න බලන්න.. එතනින් එහාට වෙන්න ඕනි ටික එයා කියන්නම් කිව්වා.. මං එදා ඒකට කැමති උනා.. කැමති වෙන්න විශේෂ හේතුවක් තිබුනා..

ඒ තමයි මේ වන්ග් යීබෝ කියන්නේ ගෝල්ඩන් මාෆියා එකෙ අනාගත හිමිකාරයා කියන්න මං හොඳටම දැනගෙන හිටියා.. මාස්ටර් ලියෝ කියන මිනිහා ගැන මං අහලා තිබ්බා.. මේ ඉන්නේ මාෆියා ලොක්කෙක් කියලා මුලු ලොකෙම දැනන් හිටියත් කිසිම නීති විරෝධී වැඩකට මේ මිනිහව අතඅඩංගුවට ගන්න බැරි තරම් සූක්ෂම විදිහට වැඩ කරන්නේ කියලා මං අහලා තිබ්බා..

ඉතින් මේ මිනිහාව අල්ලගන්න පුලුවන් උනොත් ඒක මං ඩිටෙක්ටිව් කෙනෙක් විදිහට ලබන ලොකු ජයග්‍රහණයක්.. මං අන්න ඒ නිසා මේකට කැමති උනේ යැන්ග්ගේ උපකාරත් ලැබෙන නිසා..

ඉතින් හරියටම දවස් පහකින් යීබෝ චීනෙට ආවා කියලා වගේම අනිවාර්‍යෙන් මගේ ක්ලබ් එකට එයි කියලා මට යැන්ග් කියලා තිබ්බා.. මිස්ටර් යැන්ග් මට කියන්න පුලුවන්ද හරියටම යීබෝ එයි කියලා කිව්වේ කොහොමද කියලා... "

ජාන් යැන්ග් දිහා බලලා අහද්දී යැන්ග් වගේම ග්‍රැනී කට කොනකින් හිනා උනා.. යැන්ග් වෙනුවට උත්තර දුන්නේ ග්‍රැනි..

"තමුසේ ඔය ඉහ උඩින් තියාගෙන පිලිගත්තට තමුසෙගේ මිනිහා අමු සල්ලාලයෙක්.. ඌට එක රැයක් ක්ලබ් නොයා ඉන්න බෑ.. ඌට හිත යන ඕන ගෑනියෙක්ව ඇඳට ගන්නත් දෙපාරක් හිතුවේ නෑ.. ඉතින් ඌ මෙහෙ ආපු ගමන් ක්ලබ් බහිනවා.. ඒත් ඌ උන්ගේ ඒවට යන්නේ නෑ.  ඉතින් උන්ගේ එකට පස්සේ තියෙන හොඳම එක තමුසෙගේ ඩබල් සීරෝ එක.. ඉතින් ඌ ඒකට යනවා කියලා මං දැනන් හිටියා.. මොකෝ මූට ගෑනියෙක් නැතුව නින්ද යන්නේ නෑ.... "

ග්‍රැනී කියද්දී ජාන් කට කොනකින් හිනා උනා.. තවමත් ග්‍රැනීට ඕනි ජාන්ට යීබෝව එපා කරවන්න කියලා ජාන්ට තේරුනා..

"ගැලපෙන අය හම්බෙන එක ලෝකේ ස්වභාව මිසිස් යැන්ග්.. මොකද මං කියලත් වෙනසක් නෑ.. ඒ විදිහම තමයි.. ඒ කාලේ අපිට ගෙදරක් තිබ්බේ නෑ රසට කෑම දෙන.. ඒ නිසා කඩ කෑම වලට පුරුදු වෙලා තිබ්බා.. ඒත් දැන් නම් මිසිස් යැන්ග් කඩ කෑම හරියන්නෙම නෑ.. ඒ තරම් ගෙදර කෑම රසයි...... "

ජාන් කට කොනකින් හිනා වෙලා කියද්දී ඈන් යී අතින් කට වහගනිද්දී යීබෝ දැම්මේ මනමාල හිනාවක්..

"ආහා... කටකට ජාන් මෙතන පොඩි කෙල්ලෝ ඉන්නවා... "

කුවාන් කියද්දී ජාන් කට ඇඳ කලා..

"මං වැරදි දෙයක් කිව්වේ නෑනේ.. මං කියපු දේ තේරුණා නම් ඉතින් උන් බබ්බු වෙන්න බෑනේ... ඉතින් මිසිස් යැන්ග්... එනි වේ එදා යීබෝව මීට් කරපු එකට තෑන්ක්ස්... "

ජාන් ග්‍රැනීගේ මූණට ලන් වෙලා කියලා ආයේ ඇවිත් වාඩි උනා.. වෙනදාට ජාන්ගේ අතේ කැරකෙන ගෝල්ඩ් ස්පිනර් එක යීබෝ අරන් කරකව කව ඉද්දී ජාන් ආයේ කතා කලා..

"ඉතින් එදා මං යීබෝව පිලිගන්න ලෑස්ති වෙලාම හිටියා.. සුපිරිම වාහන තුනකුත් එක්ක ඇවිත් බැහැලා මගේ කැසිනෝ එක ඇතුලට එද්දී මට ඒ කවුද කියලා අඳුරගන්න අමාරු උනේ නෑ.. මොකද ඉතින් මං කලින් වන්ග් යීබෝව දැකලා තියෙයි. කිව්වා වගේම දැක්ක ගමන් තේරුනා මූ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ලොකුකම ඔලුව උඩ තියාගත්ත හිනාව කියන්නේ මොකක්ද කියලාවත් නොදන්න කෙනෙක් කියලා....

බොරු කියන්න ඕනි නෑනෙ.. එදා දැකපු දවසෙම මට ඒකව එපා උනා.. ජීවිතේට හිතුවේ නෑ මට මේ මනුස්සයා එක්ක ජීවිත කාලෙම පවුල් කන්න වෙයි කියලා.. යීබෝ.. එදා ඔයාට කාමරේදී මං කියපුවා ඇහුනා කියලා මං දන්නවා.. මොකද ඒකත් මං කලේ හිතලම තමා.....

ඊට පස්සේ කොහොම හරි ෆිට් වෙන්න ක්ලබ් එකට ගියේ.. මනුස්සයෙක්ව මරන්න දෙපාරක් නොහිතන මේ මාස්ටර් ලියෝ එදා මට පිස්ටල් එක දික් කරත් ඇස් වල නම් තිබ්බේ කලබලයක්.. මට ඕනි මනුස්සයෙක්ගේ ඇස් බලන් හිත කියවන්න පුලුවන්.. ඕනි ඔට්ටුවක් යීබෝට මං ගැන තිබ්බේ ෆස්ට් සයිට් ලව් එකක් නම් නෙමෙයි.. මොකෝ ඒ ඇස් වල දෙගිඩියාවක් තිබ්බට ආදරයක් නම් ගෑවිලාවත් තිබ්බේ නෑ... "

ජාන් යීබෝ දිහා බලලා කියද්දී යීබෝ ජාන් කියන දේ පිලිගන්න ඔලුව වැනුවා..

"තමුසෙට වෛර කලා මිසක් ලව් නම් කලේ නෑ.. ඒත් තමුසෙගෙ ඇස් දිහා බලන් මට ශූට් කරන්නත් බැරි උනා.. "

යීබෝ කියද්දි ජාන් ලාවට හිනා උනා..

"ම්න්. හේතුව මගේ ඇස් ඔයාගේ පිස්ටල් එකට ගැස්සුනේ නෑ.. එහෙම උනාම ඕන එකෙක්ට කෙලින් ශූට් කරන්න අමාරු වෙනවා....

ඊට පස්සේ තමා මට යැන්ග් කෝල් කරලා කිව්වේ එකෙක් නම් ඉවරයි නාකියා කොහොමත් වැඩි කල් ඉන් නෑ යීබෝ ගැන මට බලාගන්න කියලා..  අන්න එතකොට තමා මට තේරුනේ යැන්ග් ගහන ගේම ලේසි නෑ කියලා.. මොකද මිස්ටර් වන්ග්ව ඒක මිනීමැරුමක් කියලා පවා නොපෙනෙන්න මරලා තිබ්බා..

ඊට පස්සේ තමයි මං කොහෙත්ම නොහිතපු දෙයක් උනේ.. අන්න එතනින් තමා මේ මුලු කතාවම කණපිට ගැහුනේ.. වන්ග් මැරුනා කියලා පැයක් දෙකක් යද්දී ඩිටෙක්ටිව් සීන්ගේ ඔෆීශියල් මේල් එකට මේල් එකක් එනවා.. මේ මනුස්සයා ගොඩක් තොරතුරු හංඟලා කතා කරන්නේ කියලා මට තේරුනා.. ඒ නිසා මට සත්‍ය තොරතුරු එවන්න කියලා මං යැව්වා...

ඒකට එවලෙම රිප්ලයි ආවේ නෑ.. ඒත් ටිකකින් ආපු ඒ තොරතුරු මං කවදාවත් බලාපොරොත්තු උන ඒවා නෙමෙයි.. මට මිස්ටර් යැන්ග් කියපු විදිහට ඒක මිනී මැරුමක් කියලා කිසි කෙනෙක් සැක කරන්නේ නෑ.. ඒත් මිස්ටර් වන්ග්ගේ පුතා වන්ග් යීබෝ.. මට මේල් එකක් දාලා තියෙනවා එයාට මේක මිනී මැරුමක් කියලා සැකයි කියලා..

මට එවලේ හිතුනා මේ මාස්ටර් ලියෝ කියන මනුස්සයාව ටිකක් හරියටම අඳුරගන්න.. ඒ නිසයි මං කිව්වේ මගෙ තැනට ඇවිත් මාව හම්බෙන්න කියලා.. මොකද මං එතන්ට යනවට වඩා ඒක සේෆ් නිසා...

එදා ඒක ඇතුලේ උන ඒවා අපි කතා නොකර ඉමූ.. ඊට පස්සේ මං මිස්ටර් වන්ග්ගේ ගෙදරට යන්නේ යීබෝගේ යාලුවෙක් විදිහට.. ඒ දවස් වල මං දන්නේ නෑ මේක පිටිපස්සේ මිසිස් වන්ග් යැන්ග් ලී ඉන්නවා කියලා."

ජාන් කිව්වේ ග්‍රැනී දිහා බලලා ග්‍රැනී ලා හිනාවක් දැම්මා...

"මං හිතුවා තමුසෙ හරි කුයික් කියලා.. දවස් දෙක තුනෙන් යීබෝව යාලුවෙක් කරගන්න තරම්... "

ග්‍රැනී කේන්‍තිය පිරුනු ඇස් වලින් බලන් කියද්දී ජාන් ලාවට හිනා උනා..

"එදා වන්ග්ගේ මරණේ ගැන බලද්දී මට තේරුනා මේ යැන්ග් කියන උන් ලේසි පහසු නෑ කියලා.. මොකද ඒවා හොඳටම ප්ලෑන් කරලා කරපු මිනී මැරුම්... ඒත් මගෙන් හංඟන්න නම් ලේසි නෑ... 

යීබෝ මේක මං කිව්වට තරහා වෙන්න එපා.. ඔයාලා දැකලා තියෙද මාස්ටර් ලියෝගේ ඇස් වලින් කඳුලක් ගලනවා.. කුවාන් ඇර මෙතන කවුරු හරි දැකලා තියෙද.. කුවාන් ඔයාත් යීබෝට අවුරුදු පහ හයෙන් පස්සේ කවදා හරි යීබෝ අඬනවා දැකලා තියෙද....?? "

එතන හිටපු හැමෝම නෑ කියන්න ඔලුව වැනුවා...

"මීට දවස් පහකට විතර කලින්.............. "

"කුවාන්... "

කුවාන් කියන්න ගියත් යීබෝ කෑ ගහපු නිසා කුවාන් එතනින්ම කතාව නතර කලා.. ජාන් දෙන්න දිහාම බැලුවේ විමසිලි බැල්මක්..

"නෑ ජාන්.... "

කුවාන් කියද්දී ආයේ ජාන් හොඳට දෙන්නා දිහාම බලලා කතාව පටන් ගත්තා..

"කවුරු නොදැක්කත් මං දැක්කා මාස්ටර් ලියෝගේ කඳුලු... එදා මගේ ඉස්සරහා කවුරු ඉස්සරහවත් අඬලා නැති මාස්ටර් ලියෝ ඇඬුවා.. අඬ අඬ එයා මගෙන් ඉල්ලුවේ එකම එක දෙයයි... එයාගේ පපාගේ මිනී මරුවා අල්ලලා දෙන්න කියලා..

අන්න එදා තමයි මට තේරුනේ යකා කියන තරම් කලු නෑ කියලා... "

"කොහොමත් කලු නෑ තමයි.. තමුසෙගෙනේ දු........ "

"යී....බෝ........" //

ජාන්ගේ කතාවට යීබෝ මැදින් පනිද්දී කුවාන් වගේම ජානුත් කෑ ගැහුවා..

"හරි හරි ඉතින්.. කියන් යනවා... "

ජාන් යීබෝට හොඳම එකෙන් රවලා ආයේ කතාව පටන් ගත්තා..

"ඉතින් එදා මං උවමනාවෙන් තමයි කිව්වේ මට යීබෝගේ ගෙදරම ඉන්න ඕනි කියලා.. මොකද ඔය මාස්ටර් ලියෝට ලන් වෙන්න තියෙන හොඳම ක්‍රමේ ඒක.. ඔන්න ඔය දවස් දෙක තුන ඇතුලත තමයි ගොඩක් දේවල් උනේ.. 

ඔන්න ඒ වෙද්දි නම් මාස්ටර් ලියෝ මගේ ලඟදි චූට්ටක් වෙනස් කියල මට තේරුනා.. කොහොම හරි මං මිනී මරුවා නම් හොයාගත්ත.. වන්ග්ගේ කොපි එකට නිදි බෙහෙත් දාලා ඊට පස්සේ එන ක්ලීනින් එකේ ගෑනි තමා drug inject කලේ..

ඉතින් ඒක වගේම යීබෝගේ මමාව මැරුවෙත් ඔය ගෙදර ඉන්න සේවකයොමයි කියලා මට තේරුනා. මේ ඔක්කොම යැන්ග්ගේ වැඩ කියලා තමා මං හිතුවේ.. ඒ වෙනකොට මට යැන්ග් කියන මිනිහා එක්ක කේන්තියකුයි මාස්ටර් ලියෝ ගැන අනුකම්පාවකුයි තිබුනා...

ඊට පස්සේ තමා නොහිතපු විදිහට සීයා පපා අපි දෙන්නගේ මැරේජ් එක ලෑස්ති කරන්න ගත්තේ.. හැබැයි මිසිස් වන්ග් යැන්ග්... ඔයාගේ ප්ලෑන් ඔක්කොම වතුර යන්න ගත්තෙත් අන්න එදා..."

ජාන් කට කොනකින් හිනා වෙලා කියද්දී යීබෝ ලා හිනාවක් දැම්මා...

"මිසිස් යැන්ග් ලී.... මං උබට වන්ග් කියන නම කියන්න කැමති නෑ.. මොකද තමුන් මගේ ග්‍රැනී උනාට තමුන්ට ගරු කරන්න දෙයක් කරලා නෑ.. ඒ වගේම කොහෙත්ම උබ අපේ පවුලේ කෙනෙකුත් නෙමෙයි.... "

යීබෝ කිව්වේ ඉදගෙනම ජාන්ගේ ගෝල්ඩ් ස්පිනර් එක කරකවන ගමන්..

"උබ ඔච්චර දුෂ්ටකම් කරද්දි උබ දන්නවද මගේ සීයා පපා උබට කොච්චර ආදරේ කලාද කියලා.. මිසිස් යැන්ග් ලී.. එදා තමුසේ ප්ලෑන් කරලා මගේ පපාවයි මමාවයි මරලා දැම්මා.. ඒ විතරක් නෙමෙයි තමුසේ තමුසෙගෙම මිනිහාටත් වස දුන්නා... ඒ වගේම මාවත් මරන්න හැදුවා..

යීබෝ පුටුවෙන් නැගිට්ටේ කේන්තියෙන්..

"මගේ සීයා පපා උබ මේ හැමදේම කරනවා කියලා දැනගෙන හිටියා.. මූසල ගෑණි.. ඒ මදිවට උබ ලස්සනට රැඟුවා.. එදා උබ මට ජාන්ව බන්ඳන්න කතා කරපු වෙලේ සීයා පපා මාව කාමරේට එක්ක ගිහින් හැමදේම කිව්වා මිසිස් යැන්ග් ලී.. සියා පපා මෝඩයෙක් නෙමෙයි.. එයා දැනගත්ත මං ජාන්ට ආදරේ නෑ කියලා.. ඒත් යැන්ග් පවුලෙන් බේරෙන්න තියෙන එක ක්‍රමේ මාව පිටට බන්ඳන නිසා වගේම ජාන් කොල්ලෙක් නිසායි සීයා පපා කැමති උනේ..

පස්සේ සීයා පපාගේ අන්තිම කාලෙදි මං ජාන් ගැන සීයා පපාට කිව්වා.. අන්න එතකොට තමයි සීයා පපා කිව්වේ ජාන්ට පුලුවන් තරම් ග්‍රැනී එක්ක ෆිට් වෙන්න කියලා.. ඒ දවස් වල ජාන් හැමදාම තමුසෙව හම්බෙන්න ආවේ තමුසෙගේ හිත හදන්න කියලද හිතුවේ....*laughing* තමුසෙට වැරදිලා මිසිස් යැන්ග්... ජාන් ආවේ තමුසේ එක්ක ෆිට් වෙන්න.. තමුසේ දන්න දේවල් දැනගන්න... අපි ආදරේ කරන්න ගන්නත් කලින් ඉදන් මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ තමුසේ කියලා දැනගත්තා.... "

යීබෝ ග්‍රැනීගේ ලඟටම ගිහින් කියද්දී ග්‍රැනී හිටියේ අත් මිටමොලවගෙන කේන්තියෙන්.. යීබෝ ඉද්දී ඊලඟට ආයේ කතා කලේ ජාන්..

"පේනවනේ මිසිස් යැන්ග්... මෙතන රැවටිලා තියෙන්නේ අපි නෙමෙයි තමුසෙමයි.. උබ රඟපාන්න දක්ෂ ඇති ඊට වඩා අපි දක්ෂයි.... එතනින් එහාට උනේ අපේ පිටපතට උබ රඟපු එක...

උබලා හැදුවේ ඈන්ව යීබෝගෙන් අයින් කරලා මගේ කරේ ගහන්න.. මොකද ජැක්සන් මේ බිස්නස් වලට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා තමුසේ දැනගෙන හිටියා.. මේවා මට භාරදීලා මාව උබලගේ රූකඩයක් කරගන්න... ඒත් උබලට වැරදුනෙත් එතනමයි.. මොකද හැමදේටම වඩා බලවත් ආදරේ.. ඈන්ට අපි එයාගේ ආදරේට උදව් කලා ඈන් අපිට උදව් කලා.. *laughing* අපි මේක දිනන්න ලොකුම හේතුව ආදරේ මිසිස් ග්‍රැනී.. කලබල වෙන්න එපා එකින් එක පැහැදිලි කරන්නම්...

මාෆියා ලීඩර් කෙනෙක් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි.. පේ වෙලාවම ඒවම කරන්න ඕනි.. ඒත් යීබෝ වැඩිපුර මගේ අස්සෙම ඉද්දී.. එයාගේ වැඩ පාඩු කරගෙන මගේ වැඩ වලට උදව් වෙද්දී.. ඒ ඇස් වලින් ඒ හැසිරීමෙන් ආදරෙ උතුරද්දී නිකන්ම මාත් යීබෝට ආදරේ කරන්න ගත්තා.. අපි ආදරේදි කරපු කිසි දෙයක් බොරුවක් නෙමෙයි. මුලින් මගේ හිත පිලිගන්න මට බැරි උනත් මාත් ඒ වන්ග් යීබෝට ඇත්තටම ආදරේ කලා.. අන්න එතකොට තමා මිසිස් යැන්ග් අපි අතරේ තිබ්බ බොන්ඩ් එක ගොඩක් ශක්තිමත් උනේ...

මං ආයේ යිබෝ එක්ක ඉතාලි ගියාට පස්සේ තේරුනා මාෆියා කල්ලියක් උනත් ගෝල්ඩන් මාෆියා එකේ ජඩ වැඩ නෑ කියලා.. එයාලා බිස්නස් කලේ එයාගේ දක්ෂතාව.. අලුත් ටෙක්නොලොජි එක.. අලුත් වෙපන්ස්.. ආරක්ශාව සලසන එක.. ඒ වගේ දේවල්.. ඉතින් ගෝල්ඩන් මාෆියා එකට එකතු වෙලා මං වැඩ කලේ කැමැත්තෙන්..

අපේ හතුරා තමුසෙලා කියලා දැනගෙන හිටියට අපි දැනන් හිටියේ නෑ ලයන්ස්ලා කියන්නෙත් තමුසෙලාමයි කියලා... ඔය ඩයමන්ඩ් කේස් එක උනාට පස්සේ අපිට ඈන් කතා කරලා කිව්වා මේ කාලේ ගෙදර වැඩිපුර කතා වෙන්නේ ඩයමන්ඩ් සම්බන්ද දෙයක් කියලා...

අන්න එතකොට තමා අපිට මුලින්ම තමුසෙලා ගැන සැක හිතුනේ.. ඉතින් අපි ලයන්ස්ලා ගැන රහසෙන් හෙව්වා.. capoලා ගැන හෙව්වා.. එයාලගේ ඉතිහාසේ ගැන හෙව්වා.. එතකොට තමයි අපිට මාකෝ ගැන හොයාගන්න හම්බුනේ...

මාකෝ කියන්නේ ඉතාලි වල මිදි ඉඩම් සෑහෙන්න ප්‍රමාණයක් අයිති වෙලා හිටිය පරම්පරාවක කෙනෙක්.. ඉතින් අපි හොයලා බැලුවා මේ වෙද්දී කවුද ඒවා පාලනය කරන්නේ කියලා... එතකොට තමා මිස්ටර් යැන්ග් ඔක්කොම අහු උනේ.. මොකද ඒ වෙනකොට ඒ හැමදේම පාලනය කලේ ජැක්සන්... "

ජාන් ආයේ ගිහින් පොඩ්ඩක් ටයි එක බුරුල් කරන් හේත්තු උනා.. ටිකකින් සර්වන්ට්ල ඇවිත් හැමෝටම කෝපි දෙද්දී කට්ටියම ඒක බොද්දී ජානුත් උගුරක් දෙකක් බීලා ආයේ කතාව පටන් ගත්තා..

"ඉතින් මිස්ටර් යැන්ග් ඊට පස්සේ අපි මාකෝව අල්ලගත්තා... එදා මාකොව අල්ලගෙන ඉද්දී මේ ඔක්කොම කලබල අස්සේ ඈන් අපිට කෝල් කලා.. එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කරදරයක් කියලා.. එයාව බේරලා දෙන්න කියලා ඇඬුවා.. තමුසේ තමුසෙගේ දුවගේ ආදරේ ගැන දැනගෙන හැදුවේ ඒ කෙල්ලව උස්සන්න... ඒත් මිස්ටර් යැන්ග් තමුසෙගේ කරුමේ කියන්නේ ඒ වෙලාවෙම අපේ කුවාන් හිටියේ මාකෝගේ නංගිව ෆලෝ කරන ගමන්..

එවලේ තමයි අපි දැනගත්තේ ඈන්ගේ කෙල්ලයි මාකෝගේ නංගියි කියන්නේ දෙන්නම එක්කෙනෙක් කියලා.. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි මිස්ටර් යැන්ග්.  අපි උබේ උන්ට ගහලා කෙල්ලව බේරගත්තා.. ඇත්තටම එවලේ අපි කරේ අපිට උදව් කරපු නිසා ඈන් ආදරේ කරන කෙනාව බේරපු එක.. ඒත් ඒකෙන් අපිට මාකෝ එක්ක සුහදව කතා කරන්නත් අවස්තාවක් හම්බුනා.... "

"උබලා දෙන්නා තමයි යකෝ දවසකටත් මිනිස්සු දෙන්නා. තකට තක... මරු ඩබල.. කපටි යක්කු... "

මාකෝ ජාන්ටයි යීබෝටයි කෑ ගහද්දී දෙන්නාම මාකෝට මෝඩ හිනාවක් දැම්මා..

"කෝම හරි මචං අපි උබේ නංගිව බේරුවනේ..... "

"අනේ පලයන්.. කපටි බ## "

"ආ.. ආ.... මොකෝ.. දැන් ඒකෙන් උබට වරදක් උනාද... බලපන්කෝ...සුපිරි කොල්ලෙක් සෙට් වෙලා තියෙන්නේ දැන් අපි නිසා තමයි.. ඇයි යකෝ.... "

"ඒකට නම් තෑන්ක්ස් මචං ඈ.. මං කොහොමත් ගේ තමයි.. හැබැයි ආස උනේ කියුට් කොල්ලන්ට.. හැබැයි උබලා දෙන්නාව දැක්කම මටත් ආස හිතුන මං වගේම සුපිරි කොල්ලෙක්ට.. එතකොට දෙන්නටම එකට කොරගහන්න පුලුවන්නේ..... "

මාකෝ කියද්දී හැමෝම කලේ හයියෙන් හිනා උන එක...

"ඊව්.... තොපිලගේ කටවල් නම්... "

එතන හිටිය එකම straight couple එකේ සාමාජිකයෙක් හැටියට කුවාන් බනිද්දී කට්ටියම ආයේ හිනා උනා..

"ඇත්තටම පපා අයිම් සෝ සොරි.. මුලදි නම් මාකෝ කියන්නේ මගේ හතුරෙක්.. අපි මරාගත්තු එක තමයි වැඩිපුර කලේ.. පස්සේ කොහොම හරි ලව් කරන්න අරන්.. කවදා කොහොම උනාද කියන්න දන්නේ නෑ.. ඒත් මං මෙච්චර කාලයක් බලාගත්ත මිදි ඉඩම් ඔක්කොම මාකෝගේ කියලා මං දැනගත්තා.. ඒ වගේම ඒ මනුස්සයාගේ අම්මා තාත්තා මරලා දාලා කපටිකමින් මේවා පවරගෙන කියලා දැනගත්තම තමුන් මගේ පපා කියන්නත් ලැජ්ජාවක් මට දැනුනේ.. ශික්.. තූහ්.... "

ජැක්සන් යැන්ග්ගේ ඉස්සරහට ඇවිත් කිව්වේ කේන්‍තියෙන්.. ජාන් ජැක්සන්ගේ උරහිසට තට්ටුවක් දාලා ආයේ කතාව කියන්න ගත්තා..

"අන්තිමට අපිට ඕනි උනේ උබලව පොඩ්ඩක් වට්ටන්න... ඒ නිසායි එදා ඩ්‍රග් ටික ඉස්සුවේ.. මොකද යුද්ධයක් පටන් ගන්න මුල් පියවරක් තියන්න ඕනිනේ.. හැමදේම ලස්සනට උනා.. ඊට පස්සේ තමයි උබ දැනගත්තේ මාත් මේකට උදව් කලා කියලා...

ඒත් ඒකෙන් පස්සේ චීනෙට ගිය ගමන් මං මුලින්ම උබව හම්බෙලා පොඩ්ඩක් ශේප් කලත් උබ බය උනා.. මං උබට විරුද්ධ වෙයි කියලා..  පාහර බල්##... උබ ඒ නිසා එන්සෝ ලව්වා මගේ නංගිව ඉස්සුවා.. මාව උබේ අත උඩ නටවන්න උබ හැදුවේ මගේ නංගිව බිල්ලට ගන්න... අන්න එතනදිත් උබ ආදරේ නිසා පරාද උනා යැන්ග්.. මොකද මට වඩා මගේ එකී ගැන හොයලා බලන ඒකිව ඇහේ තියන් රකින ආදරයක් ඒකිට තිබ්බා.. කුවාන් නිසා එදාත් උබ පරාද උනා....

උබට පේනවද මිස්ටර් යැන්ග්.. මෙතන ඉන්න හැමෝම උබට විරුද්ධ උනේ උබ දැන හෝ නොදැන මේ ඔක්කොගෙම ආදරේට බාධා කරන්න ගිය නිසා.... "

ජාන් කිව්වේ කට කොනකින් හිනා වෙලා...

" ඔක්කොම හරිගියේ නැති නිසා උබ අන්තිමට උබේ අන්තිම තුරුම්පුව ගැහුවා.. මගේ යීබෝව මරන්න... මට ඒක මේ මිනිහා කිව්වෙ නෑ.. ඒත් මං හොයාගත්තා.. මූ මැරෙනවා ගගා කියවද්දිම මට තේරුනා මොකක් හරි ඇති කියලා.. ඒකයි උබ ඉස්සර වෙන්න කලින් එදා මං ඉස්සර උනේ.. යීබෝ ඉතාලි ගිය දවසේ මං යැන්ග් හම්බෙලා කිව්වා යීබෝ ගැන මං බලාගන්නම් රත්තරන් තියෙන තැන හොයාගත්තා කියලා.. ඒකයි මං එදා තමුසෙගේ අතට මැප් එක දුන්නේ...

එහෙන්ම උබවයි මේ ගෑනිවයි අල්ලගන්න මං ප්ලෑන් කලේ.. ඒත් උබ ඒ වෙද්දිත් මගේ යීබෝව ඉතාලි වලදි මරන්න ප්ලෑන් කරලා.. එදා රෑ මට ජැක්සන්ව හම්බුනේ නැත්නම් මොකක් වෙයිද කියලා මට තාම හිතාගන්න බෑ..  යීබෝ උබ......... මං පස්සේ ඒ ගැන උබ එක්ක කතා කරගන්නම්.. එදා රෑම පිස්සුවෙන් වගේ කල්පනා කරලා තමයි මං මගේ මිනිහව බේරගෙන උබව අල්ලගන්න ප්ලෑන් කලේ....

එදා රෑ යැන්ග්ට මං කතා කරලා කිව්වා යීබෝව මං එදාම මරනවා කියලා.. නැත්නම් උබ හැදුවේ යීබෝගේ ෆ්ලයිට් එකේ දෝශයක් ඇති කරලා ඒකේ ඔක්සිජන් වෙනුවට විශ වායුවක් දාලා යීබෝව මරන්න.. වෙලාවට උබ කෝල් කරලා කියන ඒවා ජැක්සන්ට ඇහිලා ජැක්සන් මට කිව්වේ.. ඒ නිසයි මං ඉස්සර උනේ.. 

එවලෙම යීබෝට කෝල් කරලා මීටින් එක උදේට කල් දාන්න කියලා මං කිව්වා.. ඔටුන්න හිමි කුමාරයා කියන්නේ යීබෝගේ හොඳ යාලුවෙක්.. ඉතින් එදා රෑ යීබෝ ඒ මනුස්සයාට කෝල් කරලා සම්පූර්ණ විස්තරේ කිව්වා.. ඒ මනුස්සයාගේ ඩයමන්ඩ් ලයන්ස්ලා උස්සන්න හැදුවා කියලා දැනගත්තාම එයා අපිට උදව් කරන්න කැමති උනා.. අපි උගේ ඩයම්න්ඩ් ටික පරිස්සම් කරපු නිසා..

එතන ඉදන් තමයි ඩ්‍රාමා එක පටන් ගත්තේ මිස්ටර් යැන්ග්.. යීබෝව ඉස්සුවා කියලා කියපු එකේ ඉදන් බොරුවක්.. එදා ක්‍රිස්ටල් පැලස් එකේ මගේ තාත්වික රංඟනේ ඉස්සරහා උබලා රැවටුනා.. මිසිස් යැන්ග්ට ඕනි උනේ මගේ රංඟනේ හොඳද බලන්නනේ.. බලාගත්තනේ.. ඒක අති විශෂ්‍ටයි කියලා.. ඒත් ඇත්තටම එහෙම දෙයක් උනා නම් උබලා හිතනවද මං එතන ගෑනියෙක් වගේ අඬ අඬ ඉදී කියලා.. යකෝ එහෙනම් මං ඔක්කොම මරලා හරි මගේ යීබෝ ලඟට යනවා..

ඊට පස්සේ ඉතින් යීබෝ ඔය ඇඳක් උඩ හිටපුවා එහෙම ඔක්කොම අපේ රඟපෑම් තමයි.. මොනා නැතත් එදා ඔක්සිජන් එක ගලවපු දවසේ යීබෝගේ රංඟනයට නම් ඔස්කා දෙන්න වටිනවා.. මටත් ටිකක් බය හිතුනා..."

ජාන් ඔක්කොම කියලා ශර්ට් එකේ අතත් නවලා පහසුවෙන් වාඩි උනා..

"ප්‍රශ්න තියෙ නම් අහන්න පුලුවන්... මිසිස් යැන්ග්.... "

ජාන් ඇහුවේ අත් මිටමොලවන් දත් මිටිකකා ඉන්න ග්‍රැනීගෙන්...

"අර රත්තරන් තිබ්බ තැනට උබලගේ photo එකක් ගියේ කොහොමද...?? කී එක මගේ ලඟ තියෙද්දී..?? "

"ඕ....හ්... වැදගත් ප්‍රශ්නයක් මිසිස් යැන්ග්.. උබ හිතුවද ඔය සැරින් සැරේ මායි යීබෝයි උබව බදාගත්තේ ආදරේට කියලා... එහෙම හිතුවා නම් සෝ සොරි තමා...

ඇත්තටම අපි ඔය මැප් දෙක හොයා ගත්ත දවස් වලම කී එක තියෙන තැන සීයා පපාගේ මැප් එකෙන් හොයාගත්තා.. ඊට පස්සේ පොත කියවලා අනිත් මැප් එක බලද්දී රත්තරන් තියෙන තැනත් හොයාගත්තා.. ඉතින් ඒ ආපු ගමන් එදා තමුන්ව හොයන් ගිහින් තුරුල් කරගෙන කලේ උබේ බෙල්ලේ තිබ්බ ඔරිජිනල් එක ගලවලා බොරු එකක් දාපු එක...

අමතක නම් මතක් කරලා දෙන්නම් අර මගේ කොල්ලෝ දෙන්නා කියලා අපිව ඉම්බ දවසේ. තමුන්ට රඟන්න පුලුවන්නම් අපිටත් පුලුවන් වෙන්න එපැයි.. "

ජාන් කියද්දී යීබෝයී ජානුයි හයි ෆයිව් එකක් ගහලා හිනා වෙද්දී ග්‍රැනී හිටියේ ගිනි පිටවෙන තරම් කේන්තියකින්..

"ඉතින් අපි එදාම ගෝල්ඩන් පැලස් එකට ඇවිත් ඕක බැලුවා... ඒත් ඒකේ තිබුනේ රත්තරන් පිලිම ටිකක් එක්ක රත්තරන් කුට්ටි ටිකක්.. ඒක සාමාන්‍ය දෙයක්.. හැබැයි ඊට වඩා නම් එතන රත්තරන් තියෙන්න ඕනි කියලා ඕනි පොඩි එකෙක්ට තේරෙනවා.. ඒක නිකම් අනුකරණයක් විතරයි මිසිස් යැන්ග්.. වන්ග් පවුලේ අය අපි හිතනවට වඩා සෑහෙන්න බුද්ධිමත්.. පස්සේ මායි යීබෝයි හරි තැන හොයාගත්තා.. ඒක අපි දෙන්නා අතරේ විතරක් තිබුනම හොඳටෝම ඇති...

ඉතින් මෙතනිනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනි නිසා අපේ photo එකක් දාලා එදා මං අපේ මමාලා එක්ක ආපු දවසේ ආදරණීය ග්‍රැනීව හග් කරද්දී ආයේ ඔරිජිනල් එක බෙල්ලට දැම්මා.. සෝ ඊසි...

ඇයි අප්පා වන්ග් පවුලේ වාසනාව දායාදය තමා අර අරකේ ඇතුලේ තිබුනේ... මාස්ටර් ලියෝ ඇන්ඩ් මාස්ටර් සීන්.. වාහ්.....

ඔන්න ඔහොමයි ඉතින් උනේ.. මෙතනින් එහාට මේක මාස්ටර් ලියොට භාර දෙනවා... ෆුහ්...... "

ජාන් කිව්වේ යීබෝගේ අතේ තිබ්බ ගෝල්ඩ් ස්පිනර් එක ගන්න ගමන්..

"කුවාන් මුන් දෙන්නාව dragon cave එකට අරන් යන්න කියන්න... ජැක්සන් උබේ පපා උනාට කරන්න දෙයක් නෑ.. මූන් කලේ එසේ මෙසේ ඒවා නෙමෙයි. මට මේක නිකන් අත අරින්න බෑ.. මගේ මමා පපා මැරුව එකම ඇති උබලට විඳවන්න.. මං පස්සේ බලාගන්නම්.. මුන්ව අරන් යන්න..... "

"තොපි පාහර බ## "

"ඔය වයසේ පිනක් දහමක් කරගන්නේ නැතුව බලේ සල්ලි පස්සේ යද්දී ඔහොම වෙනවා ග්‍රැනී.. පපා.. මේවා කරලා ඔයාලා මොනාද බලාපොරිත්තු උනේ.. මේ තියෙන ඒවා අපිට හොඳටම ඇති.. තව මොනාටද..?? ශිට් මට නම් පිලිකුල් තමුන්ව.  මගේ පපා කියන්නත් බැරි තරම්."

මෙච්චර වෙලා කටපියාගෙන හිටිය ඈනුත් කියද්දී කුවාන් මිස්ටර් යැන්ග්ව වගේම මිසිස් යැන්ග් ලීව එතනින් එලියට අරන් ගියා..

"හැමෝටම මහන්සි ඇතිනේ.. ඔක්කොම අපිට උදව් කලා.. අපි ආයේ දවසක හම්බෙමු ඉක්මනින්ම.. දැනට හැමෝම එහෙනම් ගෙවල් වලට යමූ.. "

යීබෝ කියද්දී කට්ටියම ටිකක් කතා බහ කරලා එතනින් පිටත් උනා..

"ගගාලා මං යනවා.. හැම උදව්වකටම ගොඩත් තැන්කිව්... "

ඈන් ඇවිත් හුරතලෙන් කියද්දී ජාන් ඈන්ගේ කොණ්ඩේ ඇවිස්සුවා..

තාම අවුරුදු දහ අටක් විතර උන ඈන්ගේ පෙනුම අවුරුදු පහලවක් විතර උනා.. ජැක්සන් උනත් පොඩි කාලේ ඉදන් ඈන් එක්ක ඉදලා නැති නිසා ඈන් යීබෝටයි ජාන්ටයි ගොඩක් ආදරේ කලා.. ජානුයි යීබෝයිත් ඈන්ට ගොඩක් ආදරේ කලේ එයා වැඩි සමාජ තේරුමක් නැති හුරතල් කෙල්ලෙක් නිසා.. ජාන් නම් යී නිසා නංගිලාට ආදරේ උනත් යීබෝ නම් එයාගෙම සහෝදරියක්ට වගේ ඈන්ට ආදරේ කලා..

"පිස්සි.. දැන් ඉතින් මිශෙල් එක්ක ඉන්න.. මිශෙල් පොඩි බබෙක් බලාගන්නවා වගේ බලාගන්න වෙන්නේ මේ කෙල්ලව.. ඔන්න එහෙනන් අපේ වගකීම් වලින් නිදහස්.. "

ජාන් කිව්වේ ඈන්ව මිශෙල්ට භාරදිලා..

"මචං..  එහෙනම් අපි කැපුනා.. මේ යීබෝ මූ මගේ නංගිට කිස් එකක් දුන්නා... මං තමයි ගලවගත්තේ... "

ජැක්සන් කියද්දී යීබොත් හිනා වෙලා ඈන්ගේ නලලට කිස් එකක් දුන්නා..

"මේ අපේ චූටි හුරතලේනේ ජැකියා.. ඒකි එක්ක ඊරිසියාවක් නෑ මට... "

"ඇද්ද උබට ආවා මෙතන ආයේ ගිනි අවුලන්න.. මාකෝ මෙන්න මූවත් අරන් පලයන්... "

ජාන් කියද්දී මාකෝ ජැක්සන් මිශෙලුයි ඈනුයි එක්ක එතනින් පිටත් උනා...

අන්තිමට ඉතුරු උනේ ජානුයි යීබෝයි යීයි විතරයි...

"චූටි අපිත් යන්... " 

"ජාන්... මා එක්ක තරහින්ද තාම..?? "

ජාන් යීබෝව ගණන් නොගෙන කියද්දී යීබෝ ඉක්මනට ජාන්ගේ අතින් අල්ලන් ඇහුවේ පසුතැවීමකින්..

"අපෝ නෑ මිස්ටර් වන්ග් යීබෝ.. පිස්සුද.. චූටි යන්... "

ජාන් යීබෝගේ අත අතෑරලා යී එක්ක යද්දී යීබෝ පිටිපස්සෙන් ගියේ ලොකු හුස්මක් පිට කරලා..

කාර් එකෙත් ජානුයි යීබෝයි දෙපැත්තේ ඉද්දී යීව මැදින් ඉන්දෝලා තිබ්බා..

Black palace එකට ආපු ගමන් ජාන් යීවත් ඇඳගෙන ගේ ඇතුලට ගියේ යීබෝ පස්සෙන් එද්දි...

"ජාන්.. ජාන්... පොඩ්ඩක් කතා කරමු අපි...."

"තව මොනාද මිස්ටර් යිබෝ අපිට කතා කරන්න තියෙන්නේ.. "

"ජාන් ප්ලීස්..... "

යීබෝ කතා කලත් ජාන් යීබෝව ගණන් නොගෙන පඩිපෙල නගින්න ගත්තා..

"චූටි, මමා එක්ක ඇඳුම් ලෑස්ති කරගන්න.. දැන්ම අපි මෙහෙන් යනවා.... "

ජාන් එහෙම කියන් උඩට යද්දී යී වගේම යීබෝත් බලන් හිටියේ පුදුම වෙලා.. යීබෝගේ ඇස් වලට ලාවට කඳුලු පටලයක් එද්දී යීබෝ ඉක්මනට උඩට ගියත් ජාන් එයාගේ කාමරේට ගිහින් දොර වහලා ලොක් කරලා තිබ්බා...

"ජ්...ජාන්.... "

.
.
.
.
.
.
🥀kaushy...

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉 අද කොටස නම් විකාරයක් වගේ ඇති.. මන්දා ලමයි ඔයාලට පැහැදිලිද කියලා නම්.. 🤧 ලෙඩ වෙලා ඉන්න ගමන් ලිවේ ඔයාලා බලන් ඉන්න නිසා.. අපැහැදිලි තැන් නොගැලපෙන තැන් ඇති..

👉 ඔයාලට නොතේරෙන තැන් තියෙ නම් අහන්න... ප්‍රශ්න තියෙ නම් අහන්න.. මං උත්තර දෙන්නම්...

👉 මෙච්චර කල් ඇඬෙව්වේ නෑ ඔන්න.. දැන් ටිකක් අඬන්න ලෑස්ති වෙන්න.. 🤧💔 මොකක් වෙන්න ඇතිද ඔය දෙන්නගේ ප්‍රශ්නේ...??

👉 ඇත්තටම රත්තරන් ඇත්තේ කොහෙද ඈ...?

👉 තව කොටස් තුනක් හතරක් වගේ තමයි ඉතින්.. 😌 ඉවරයි...

👉 ගිහින් එඤ්ඤං 😘❤️

Continuer la Lecture

Vous Aimerez Aussi

3.4K 1.1K 71
A/N - I published all the chapters in a day. so you are feel free to read and enjoy in one go. අවුරුදු එකොළහේ ඉදන් අසේල පස්සෙ වැටිලා ඉන්න ඒ පුන්චි පහ...
443K 62.4K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
5.3K 978 17
Love story in High school. ❤️❤️
61.6K 16.1K 56
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥