HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈Chapter 34😈

1.8K 387 351
By kaushi_vi_ed

Chapter 34

👈

සපත්තු අඩි සද්දේ ජාන් ලඟින්ම නවතිද්දී ජාන් ඇස් ඇරලා ඒ දිහා බැලුවේ උරපු දුම් ටික පිට කරන ගමන්...

"තමුසෙගේ රඟපෑමට ඔස්කා දුන්නත් මදිනේ මිස්ටර් ශියාඕ ජාන්....." 

ඒ මනුස්සයා කියද්දී ජාන් කට කොනකින් හිනා උනා.....

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"වාඩි වෙන්න මිස්ටර් යැන්ග්... "

ජාන් ජාන්ට ඉස්සරහින් තියෙන පුටුව පෙන්නලා කියද්දී යැන්ග් එතනින් වාඩි උනා...

ජාන් යැන්ග්ට සිගරට් එකක් දික් කරලා ඒක පත්තු කරගන්න ලයිටර් එක පත්තු කලා..

"Thanks zhan.. "

"It's ok... මගේ මාමණ්ඩිට ලයිටර් එක පත්තු කරලා දෙන එක සාමාන්‍ය දෙයක්නේ.. "

ජාන් කියද්දී යැන්ග් වගේම ජාන් හයියෙන් හිනා උනා....

"මිස්ටර් ජාන් කාලෙක ඉදන් සද්දයක් නැති වෙද්දී ඒත් මං හිතුවා හිත වෙනස් වෙලා අරූට ඇත්තටම ආදරේ හිතිලා කියලා.. "

"ඕහෝ මිස්ටර් යැන්ග්... I'm not gay.. ඒක මං පොඩි කාලයක් enjoy කලා.. just for fun.. මං කිව්වා මිස්ටර් යැන්ග් මට මේකට ටික කාලයක් ඕනි කියලා... "

ජාන් කට කොනකින් හිනා වෙලා කියද්දී යැන්ග් හිනා උනා...

"මං හිතුවා ඌව ඉවරයක්ම කරලා දායි කියලා ජාන්.. "

"ම්හ්.. දැන්ම බෑ.. මොකද සමහරක් දේවල් තියෙයි මිස්ටර් යැන්ග් මං උගේ නීත්‍යානුකූල ස්වාමිපුරුශයා උනත් මට ලැබෙන්නේ  නැති.. ඉතින් ඒවට මිනිහගේ ඇඟිලි සලකුණ ඕනි වෙනවා.. ඊට පස්සේ ඉවරයක්ම කරලා දාමු... "

ජාන් කියද්දී යැන්ග් කට කොනකින් හිනා උනා...

"මං දැනන් හිටියා ශියාඕ ජාන් තමුසේ තමයි මේකට ගැලපෙනම මිනිහා කියලා.. මීට මාස හයකට කලින් වන්ග් යීබෝ චීනෙට එන්න කලින් තමුසෙව හම්බෙන්න ගිය එක ගැන අදටත් මට පසුතැවිමක් නෑ.. මට ඕනි උනේ තමුසේ උගේ යාලුවෙක් කරලා ඇතුලේ විස්තර ගන්න.. ඒත් නොහිතපු විදිහට තමුසේ ඌව බැඳලා ඌ උබ මත්තෙම නැහි නැහි එන තැනට උබ ඌව ගෙනිච්චා.. තමුසේ දක්ෂයි ජාන්... "

යැන්ග් කියද්දී ජාන් හිනා වෙලා කකුලක් පිට කකුලක් දාගෙන ටයි එක ටිකක් බුරුල් කරගත්තා...

"මං ආසම හැඟීම් එක්ක සෙල්ලම් කරන්න මිස්ටර් යැන්ග්.. මං ඒක අරූටත් ඕනි තරම් කියලා ඇති.. උගෙ මෝඩ මොලේට තේරුනේ නෑ.. මං කරන්නේ උගේ හැඟීම් එක්කත් සෙල්ලම් කරන එක කියලා... "

ජාන් කියද්දී යැන්ග් හිනා උනා...

"ඔයාට මං තෑග්ගක් ගෙනාවා මිස්ටර් ජාන්..."

"මට.......?? "

යැන්ග් අහද්දි ජාන් ඇහුවේ එයාටම ඇඟිල්ල දික් කරන්...

"ම්න්.. ජාන් කැමති වෙයි... දූ. එන්න... "

යැන්ග් කියද්දී ජාන් දොර දිහා බැලුවා.....

"ජාන් ගගා..... "

දොර පැත්තේ ඉදන් දුවගෙන එන ඈන්ව දකිද්දී ජාන්ට ඉබේම නැගිට්ටුනේ මූණට හිනාවක් එද්දී.... ඈන් දුවගෙන ඇවිත් නැවතුනේ ජාන්ගේ පපුවට තුරුල් වෙලා බදාගන්න ගමන්..

"මැණික...... "

ජාන් එහෙන්ම නැමිලා ඈන්ගේ නලලින් සිපුමක් තිබ්බා...

"ආ...හ්.... ආ...හ්... මස්සිනා පොඩ්ඩ කෙල බේරෙනවා.. එහාට කරපන් මගේ නංගිව..."

"ජැකියා... පලයන් යකෝ යන්න.. උබට ඊරිසියාව... "

ඈන්ගේ පිටිපස්සෙන් ආපු ජැක්සන් ඈන්ව ජාන්ගෙන් ඈත් කරලා කිව්වෙ ජාන්ගේ කරට අත දාගෙන...

"අනේ වැඩේමයි තොට ඊරිසියා කරන්න...."

"ආ... අහ්හ්... ජැකියා... උබව මං අල්ලගන්න හිටියේ.. උබ මොන හෙණ ගෙඩියක්ද යකෝ අර එදා අරූගේ ඔලුවට දැම්මේ... ඈන් ගැන කියලා... "

"ඌ උබව කන්න වගේ බලන් ඉද්දී මට අපේ නංගි වෙනුවෙන් ඊරිසියාවක් ආවා.. ඉතින් චූ.....ට්ටක් රිද්දුවා... "

"මඟුලක්.. මතක් කරන්න එපා මට එදා නම්. එදා ඌ මට කරපු දේට මං ඌව මරනවමයි... "

ජාන් කියද්දී යැන්ග් හයියෙන් හිනා උනා..

"හරි හරි වාඩි වෙන්න හැමෝම... ජාන් කො අරූ.. "

"ඌ ඇඳේ.... "

"තමුසෙට මේකට මෙච්චර කල් ගියේ ඇයි ජාන්..... "

"මිස්ටර් යැන්ග්... මං සාමාන්‍යයෙන් මගේ වැඩ භාගෙට කරන්නේ නෑ.. ටික කාලයක් යද්දී මාස්ටර් ලියෝ කියන එකා මගේ ඉස්සරහා බ$$ වගේ පස්සෙන් එද්දී මට ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතුනා.. ඉතින් උගේ දේපලයි උන්ගේ උරුමෙටයි වඩා වැඩි දෙයක් උනත් උගෙන් ගන්න පුලුවන් කියලා හිතුනා... "

ජාන් කිව්වෙ ජැක්සන්ටත් සිගරට් එකක් දීලා ජාන් ආයේ එකක් පත්තු කරගන්න ගමන්...

"මිස්ටර් යැන්ග්.. මං චීනේ උගේ දේවල් විතරක් නෙමෙයි ඉතාලි වල ගෝල්ඩන් මාෆියා එකටත් අත තිබ්බා.. දැන් මගේ eyeiris වලට ඒකේ ඕනිම system එකකට යන්න පුලුවන්.. මං උන්ගේ අන්ඩර්බොස්.. බොස් නෑ කියන්නේ ඒකේ පාලනේ මගේ අතේ යැන්ග්... "

"වාව්.... ජාන්... තමුසේ යකෙක්නේ.... "

"ඒක මට ඕනි මිස්ටර් යැන්ග්... ඔයාලට චීනේ ඔක්කොම දෙන්නම්... "

"නෝ ප්‍රොබ්ලම් ජාන්.. උබ මගේ බෑනනේ.."

යැන්ග් කියද්දී ජාන් කට කොනකින් හිනා උනා...

"ඉතින් මිස්ටර් යැන්ග් මං ඔයාගේ අතට පොතයි මැප් එකයි දුන්නා.. ඔයා ලඟ කී එක තියෙයි කිව්වනේ.... "

"ම්න්.. ඔව් ජාන්.. මං දන්න තරමින් වන්ග්ලාට තමයි ලෝකේ ලොකුම රත්තරන් නිදිය හිමි වෙලා තියෙන්නේ.  ඉතින් මේක ඇතුලේ තියෙන රත්තරන් ප්‍රමාණෙ අපිටවත් හිතාගන්න බැරි වෙයි..."

යැන්ග් කිව්වේ එයාගේ සාක්කුවේ ගහලා තිබ්බ යීබෝගේ පපා දුන්න නයාගේ සලකුණ තියෙන පෑන එලියට ගන්න ගමන්..

"ම්න්.. අනිවාර්යයෙන්ම යැන්ග්...."

"ජාන් ඉතින් අපි මොකද කරන්නේ කවදද මේක පටන් ගන්නේ.. ඔයා එනවද... "

"නෑ මිස්ටර් යැන්ග්.. මට අර මිනිහාව දාලා එන්න බෑ.. එහෙම උනොත් ප්‍රශ්නයක්.. අනික අර නාකි ගෑනි කොයි වෙලේ එයිද කියන්න බෑ.. ඒ නිසා මං ඉන්න ඕනි.. අපි මේක කල් දාන්න ඕනි නෑ මිස්ටර් යැන්ග්.. හෙටම පුලුවන්නම් එන්න... "

ජාන් කියද්දී යැන්ග් නැගිට්ටේ ලා හිනාවක් එක්ක...

"ම්න්.. හෙට මං ලොකු වැඩක් ජාන්.. අනිද්දා අපි කෙලින්ම වැඩේ කරමූ.. හෙට දවස ජාන්ට පුලුවන් ප්ලෑන් එක හදාගන්න.. මට හිතාගන්න බෑ මේ ගොල්ඩන් පැලස් එක අස්සේ රත්තරන් ආකරයක් තියෙනවා කියලා.... "

යැන්ග් කිව්වේ එයාලා හිටිය ගෝල්ඩන් පැලස් එක වටේටම ඇස් යවන ගමන්... පොඩි රවුමක් කැරකිලා...

ටිකකින් සර්වන්ට්ලා ඇවිත් හැමෝටම කෝපි දුන්නා...

යැන්ග් කෝපි එකත් අරන් ජාන් එක්ක ගියේ යීබෝ හිටපු කාමරෙට... හතරවටින් මැශින් ගහලා ඔක්සිජන් දීලා කිසි හැල හොල්මනක් නැතුව ඇඳේ ඉන්න යීබෝ දිහා යැන්ග් බලන් හිටියේ කෝපි එකක් බොන ගමන්... යැන්ග්ගේ කට කොනකට ආවේ හිනාවක්..

"ජාන්.. මේ යකාට මොකද බන් උනේ.. අපේ අත් වල ලේ නොගෑවෙන්න උබ වැඩේ ශේප් කලානේ.... "

"මේ මාෆියා කේස් එකක් අන්කල්.. ඔටුන්න හිමි කුමාරයා දන්නවා නේද.. අන්න ඌ එක්ක මූ ඩීල් එකක් කරලා.. ඩයමන්ඩ් වගයක් ගැන... ඉතින් ඒ ඩයමන්ඩ් වලට මූ හිලව් කරලා තියෙන්නේ මුගේ ජීවිතේ.. "

ජාන් කිව්වේ යීබෝ ඉන්න ඇඳේ සයිඩ් එකකින් වාඩි වෙලා....

"ඉතින් මට අතපසුවීමක් වෙලා ඇත්ත ඩයමන්ඩ් ටිකත් එක්ක ෆේක් ඒවා චූට්ටක් මාරු වෙලා.. මට වැරදිලා ෆේක් ටික තමයි ගිහින් දෙන්න කියලා තියෙන්නේ... "

ජාන් ඇහැක් ගහලා කියද්දී යැන්ග්ගේ මූණට ආවේ හිනාවක්...

"ඉතින් අසරණ මාස්ටර් ලියෝ එයාගේ හස්බන්ඩ්ව දැඩි ලෙස විශ්වාස කරලා ඒක ගිහින් දීලා.. ඉතින් ඒ අතපසු විම නිසා කුමාරයාට කේන්‍ති ගිහින්.. රවට්ටපු එකට මාස්ටර් ලියෝව අරන් ගිහින් දස වද දීලා.. අන්තිම හුස්ම යන්න ඔන්න මෙන්න තියෙද්දී මං මුගේ බලු කුක්කා අතේ ඇත්ත ටික යවලා හුස්ම ඉතුරු කරගත්තා... එච්චර ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන් එකේ ඇයි අන්කල් අපේ අත්වල ලේ ගාගන්නේ.. "

ජාන් ගාණක් නැතුව කියද්දී යැන්ග් හයියෙන් හිනා වෙන්න ගත්තා..

"උබ මාර මිනිහෙක්නේ ජාන්... මිනිහාට ගොඩක් අමාරුයිද ජාන්.. "

"කෝමාලු.. ඔය කොමාව තව ටික දවසකින් මං නැවතීමේ තිත කරනවා.. මේ මැශින් නිසා මූ ජීවත් වෙන්නේ.. "

ජාන් කිව්වේ යීබෝ දිහාට හැරිලා..

"එච්චර අමාරුද... ?? "

"ඔන්න බලාගන්න යැන්ග් අන්කල්... "

ජාන් එහෙම කියලා කට කොනකින් හිනා වෙලා මෙච්චර වෙලා යීබෝට දීලා තිබුන ඔක්සිජන් එක ගලෙව්වා...

තප්පර දෙක තුනක් යද්දී යිබෝ හුස්ම ගන්න වේගේ වැඩි වෙලා හයියෙන් හුස්ම ගන්න ගත්තා.. බෙල්ලේ මූණේ නහර පෑදෙන තරම් වේගෙන් හුස්ම ගනිද්දී යීබෝ එන්න එන්න රතු උනා... යීබෝ හුස්ම ගන්න අමාරුවෙන් දගලද්දී යැන්ග් බැලුවේ ජාන් දිහා.. ජාන්ගේ මූණෙ තිබුන කට කොනේ හිනාව...

යීබෝටම අමාරුම වෙද්දී ජාන් ඒක ආයේ යීබෝගේ නහයෙන් තිබ්බේ ටික ටික ආයේ යීබෝ සාමාන්‍ය අතට හැරෙද්දී..

"උබට දැන්ම යන්න බෑ මාස්ටර් ලියෝ... "

ජාන් හෙමින් කියද්දී යැන්ග් හයියෙන් හිනා උනා..

"ඔව් මිස්ටර් වන්ග් යීබෝ තව ටික දවසක් හිටපන්.. උබේ සීයා පපා, උබේ පපා වගේම උබේ මමාත් ඉන්න තැනට උබවත් ලඟදිම යවන්නම්.. උබව පිලිගන්න උන් බලාගෙන ඇති... "

යැන්ග් කිව්වේ හයියෙන් හිනා වෙලා...

"පපා.... ඈන්ට ඩාන්සින් ක්ලාස්.. මටත් වැඩක් යන්න ඕනි.. ඔයා එනවද... ?? "

ජැක්සන් අහද්දි ඈන් ඇවිත් ජාන්ගේ අත අල්ලගත්තා... ජාන් හිනා වෙලා ඈන්ගේ නහයට තට්ටුවක් දාලා කොණ්ඩේ ඇවිස්සුවා..

"ම්න් යමූ.. ජාන් මං අනිද්දාට එන්නම්.. වැඩේ ලෑස්ති කරලා තියන්න... "

"හරි අන්කල්... මේ ජැකියා... "

ජාන් කතා කලේ කාමරේ දොර ලඟ ඉන්න ජැක්සන්ට..

"කියපන් ජානා.. "

"හෙට පපාට වැඩ උනාට උබටයි ඈන්ටයි වැඩ නැතුව ඇතිනේ.. හෙට වරෙන් මේ පැත්තෙ.. මට කම්මැලියි බන් ඉන්න ගියාම.."

"අනේ ඉතින් උබත්.. හරි හරි නංගිව එක්ක එන්නම් මං.. යමුද පපා.. "

"යමූ.. ඈන් යමූ.. "

"ජාන්ග මං ගිහින් එන්නම්...."

"ම්න්.. "

ජාන් හිනා වෙලා කිව්වේ ඈන්ගේ කොණ්ඩෙත් අවුස්සන ගමන්.. ජැක්සන් හැරිලා යීබෝ දිහාත් බලලා කට කොනකින් හිනා වෙලා ඈන් එක්ක එලියට ගියා..

.
.

ඊලඟ දවසේ උදේ ග්‍රැනී ඇවිත් ටික වෙලාවක් ඉදලා ගියාට පස්සේ ඈන් ආවේ ජැක්සන් එක්ක...

එයාලත් හවස් වෙනකන් ඉදලා යද්දී අන්තිමට ජාන් මැප් ටිකයි පොතයි අරගෙන යීබෝ ඉන්න කාමරේට ගියා..

ඒ කාමරේ අයිනක තිබ්බ සෝෆා එකේ වාඩි වෙලා කෝපි එකකුත් හදාගෙන ජාන් මැප් දෙක දිග ඇරගෙන එකින් එක චෙක් කලා.. පොතත් දිග ඇරගත්ත.. මේ ඔක්කොම ආයේ බලපු ජාන්ගේ මූණට ආවේ කට කොනකින් හිනාවක්....

"හෙට තමයි දවස..... "

ජාන් මුමුණලා ඒ ටික පැත්තකින් තියලා සෝෆා එකේම හාන්සි උනා...

.
.

"මිස්ටර් ජාන්.... "

"මිස්ටර් යැන්ග් එන්න... "

යැන්ග් ඇවිත් තිබුනේ හෙලිකොප්ටර් එකක... ඈන් වගේම ජැක්සනුත් ඇවිත් තිබුනා...

"ජාන් ඔයා ලෑස්තිද...?? "

"ඔව් අනිවාර්යයෙන්ම අන්කල්.. එන්න ඇතුලට මුලින්ම... "

යැන්ග් ඇතුලට එද්දී ජාන් එයාලව එක්කන් ගියේ ඔෆිස් රූම් එකට...

Projecter එකක් දාලා screen එකට ජාන් මැප් එක දාලා තිබුනා..

"වාඩි වෙන්න මිස්ටර් යැන්ග්.. වාඩි වෙන්න ජැක්සන් ඈන්.. "

ජාන් කියද්දී හැමෝම එතනින් වාඩි උනා..

"ඉතින් මේ තියෙන්නේ මිස්ටර් යැන්ග් වන්ග් පවුලේ උරුමේ එහෙම නැත්නම් නිධානේ තියෙන මැප් එක.. මුලින්ම මං මේ මැප් එක පෙන්නන්නම්.. මේ මිස්ටර් වන්ග් කිරන් ලඟ තිබුන මැප් එක.. "

"එතකොට මේ මැප් එකේ පෙන්නන්නේ මේ නිධානේ යතුර තියෙන තැන.. ඒ කියන්නේ මේ ගෝල්ඩන් පැලස් එකේ අර ඉස්සරහා තියෙන statue එකේ මාලේ පෙන්ඩන්ට් එක විදිහට තමයි මේ කී එක තියෙන්නේ..."

"ඉතින් මං ඒක ඊයේ චෙක් කරද්දී දැක්කා පෙන්ඩන්ට් එක නෑ කියලා.. ඒ කියන්නේ කී එක නෑ.. ඒත් යැන්ග් අන්කල් මට කිව්වා කී එක එයාගේ අතේ කියලා... "

ජාන් ඇහුවේ යැන්ග් දිහා බලලා..

"ඔව් ජාන්.. ඒක මගේ ලඟ.. අපි ඒක අරන් හුඟක් කල්... "

යැන්ග් කියද්දී ජාන් කට කොනකින් හිනා වෙලා ඔලුව වැනුවා...

"ම්න්.. එහෙනම් බලමු මිස්ටර් යැන්ග්.. අනිත් මැප් එක.. මේ තියෙන්නේ ඒක... ඇත්තටම අපිට මේක බැලූ බැල්මට කිසි දෙයක් හොයාගන්න බෑ.. ඒ නිසා වෙන්න ඇති මිස්ටර් වන්ග්ට මේක හොයාගන බැටි උනේ.."

"මේ තියෙන ලකුණු මුකුත් පැහැදිලි නෑ.. කොච්චර බැලුවත්.. ඒත් මිස්ටර් යැන්ග් මේ පොත මේ වන්ග් උරුමේ ගැන ලිය උන පොතක්.. ඒකේ තියෙනවා මේ වගේ වාක්‍යයක්... "

ජාන් එහෙම කියලා අතේ තිබුන පොත අරන් ඒක කියෙව්වා...

තුන් වන වන්ග් රාජ සමය....

දිනෙන් දින රාජ්‍යය දුර්වල විය.. රට වැසියන් සාගින්නේ මිය යාමට පටන් ගත්හ.. ආර්ථිකය පහලටම ඇඳ වැටුනි..

රජුගේ දුර්වල බව.. ඔහුගේ අවාසනාව. රාජ්‍යයේ අවාසනාවයි.. හොර සතුරන් රාජ්‍යය යටත් කර ගැනීමට කල්ලි ගැසෙන්නට සූදානම් විය...

වන්ග් රජු කිසි දිනෙක බිය වූවකු නොවේ.. ඔවුන්ගේ රුධිරය බිය නොහදුනන්නේය.. ඔහු සටනට සූදානම් විය...

නමුත් සිදු වූවේ බලාපොරොත්තු වූවක් නොව.. රජු සටනට පෙර දිනයේ ඔහුගේ එකම පිවිතුරු ආදරය විඳ ගැනීමට ඔහුගේ අගරැජින කරා දිව ගියේය..

නමුත්සයනයක් මත ගෙවන සරාගී හෝරා කිහිපයක් නොව.. ඔවුන් නිදහස සොයා ඇවිඳ ගියේ නිදහස් නිස්කලංක භූමියකටයි.. ආදරයේ දේශය..

තරු පිරුනු අහසක් යට ඔවුන් බලා සිටියේ ඈත දියඹ දෙසයි.. වන්ග් රජුගේ එකම ආදරයේ හිමිකාරිය වාසනාවේ දේවතාවියයි...

ඇය පිවිතුරුය.. අහංකාරය.. රන් මෙන් දිදුලන්නීය.. සියලු දෙනා නොදන්නා එක් කරුණක් ඇත.. ඒ ඇය නාග කන්‍යාවක් වීමයි.. එදින වන්ග් රජුගේ පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් ඇය ඇගේ රහස ඔහු ඉඳිරියේ පිළිබිඹු කලාය.... ඇය දිදුලන රන් පැහැ නාග කන්‍යාව කි..

මවිත වූ දැසින් ඔහු ඇය දෙස බැලූ විට ඇය ඉදිරියෙන් ගමන් කලාය.. රජු ඇය පසුපසින් ඇඳුනි.. වසර දහස් ගණනක් ඇය රැක ගත් මහා රන් ආකරය ඇය ඔහුගේ දෑස් මානයට ගෙන හැර පෑවාය.. රජු මවිත විය.. ඒ පිවිතුරු ආදරයේ නාමයෙන් ඇය ඔහුට ලබා දුන් දායාදයයි..

රජුට සටන් අවශ්‍ය නොවීය.. ඔහුන් සටන ජය ගත්හ.. රාජ්‍යය දියුණු විය... පරම්පරා දහස් ගණනක් රජ කිරීමට වන්ග් පරපුරට රන් හමු විය... බලය හමු විය...


"Woooow.... ජාන්ග.. ඕක ඇත්ත කතාවක්ද... "

මෙච්චර වෙලා සද්දයක් නැතුව කතාව අහගෙන හිටිය ඈන් ඇහුවේ පුදුමෙන්.. ජාන් හිනා උනා..

"කතාවේ මුලින්ම තියෙනවා ප්‍රබන්ධයක් පමණයි කියලා ඈන්.. ඒත් මේක තමා උරුමේ හංඟලා තියෙන තැනට හින්ට් ටික දෙන්නේ අහගන්න... "

ජාන් එහෙම කියලා කතාව කියවන්න ගත්තා...

වසර ගණනාවක් මෙය රැක ගැනීමට ඔහුවට උවමනා විය.. ඔහු රන් ආකරයම ගෙන කුට්ටි කලේය.. ඔහුගේ ආදරයේ දේශයේ උමඟක් තනා ඔහු ඒවා තැන්පත් කලාය..

ඔහු එහි රං මාලිගයක් ඉදි කලේය... වන්ග් පරපුරේ දිදුලන මහා පැරණිම කාල මාලිගය ඔහු ඉදිකලේය.. උමං දොරටුවේ පිවිසුම ඇයට භාරදුන්නේය.. ඇය එය අදටත් රකින්නීය.. වාසනාවේ ඇය සියල්ල කර මත දරාගෙන සිටින්නිය..

ඇයගේ දෑස් ජල දහරාවට එල්ල වී ඇත.. ජල දහරාව පිටුපස සියල්ල සඟවා ඇය බලා සිටින්නීය.. ඇය රකින්නීය... ආදරයේ නාමයෙන් අදටත් ඇයඋරුමය රකින්නීය...


"වාව්... ලස්සන කතාවක් නේද... "

ඈන් ඇහුවේ අනිත් හැමෝම දිහා බලාගෙන.. ජාන් මුකුත් නොකියා හිනා උනා..

"ජාන් පුතා ඕකෙන් මොකක්ද කියවෙන්නේ...?? "

"යැන්ග් අන්කල්.. වන්ග් පවුලේ පරණම රං මාලිගාව ගැන හැමෝම දන්නවා.. අපි මේ ඉන්නේ ඒක ඇතුලෙනේ.. මේක කෞතුකාගාරයක් වගේ.. මේ තියෙන ගොඩක් දේවල් ගොඩල් වටිනවා.. "

"ම්න් ඔව්.. "

"ඉතින් ඔය කියන උරුමේ තියෙන්නේ එයාලගේ පරණම රං මාලිගාවේ.. ඒ කියන්නේ මේකේ.. අන්කල් දන්නවද වන්ග් පවුලේ වාසනාව... ?? "

"ම්න් ඔව්... අර ඉස්සරහා තියෙන statue එකනේ ජාන්.. ඒක හැමොම දන්නවා.."

"වාසනාවේ ඇය සියල්ල කරමත දරා සිටින්නීය.....  පොතේ තිබුනා මතකද අන්කල්.. අර මැප් එකේ පැහැදිලිව ඒක තිබ්බා.. යතුර තිබුනේ ඒ statue එකේ..."

"වාව්..... ඔව්මයි..... එතකොට... එතකොට.."

යැන්ග් ගොත ගැහෙද්දි ජාන් ගිහින් මේසෙට හේත්තු උනා...

"ම්න්.. ඇයගේ දෑස් ජල දහරාවට එල්ල වී ඇත.. ජල දහරාව පිටුපස සියල්ල සඟවා ඇය බලා සිටින්නීය. එතන තමා හැමදේම තියෙන්නේ මිස්ටර් යැන්ග්.... " 

"වාව් ජාන්.. තමුසෙ නම් වැඩ්ඩෙක්.. තමුසේ හිටියේ නැත්නම් කවදාවත් මේක හොයාගන්න වෙන්නේ නෑ... "

යැන්ග් කෑ ගැහුවේ සතුටෙන්.. ජාන් ලා හිනාවක් එක්ක බලන් හිටියා...

"ජාන් පුතා අපි යමූ නේද.. මේක ඉක්මනට බලන්න... "

"ටිකක් ඉවසන්න අන්කල්.. මේ දවල් ඕක කරන්න බෑ.. අපි රෑ වෙනකන් ඉවසමූ.. "

ජාන් කියද්දී ඒකට හැමෝම එකඟ උනා...

එන්න හවස් වෙද්දී යැන්ග් හිටියේ කලබලෙන්.. දවස ඇතුලත කී සැරයක් satue එක ලඟට ගියාද කියලා කාටවත් මතක නෑ.. හැම වෙලේම ගිහින් ඒ statue එකේ ඇස් දෙක හොඳට බලලා යැන්ග් එන්නේ මූණ එල්ලගෙන...

හවස හය වෙද්දී වට පිටාව අඳුරු වැටෙන්න ගත්තා...

"මිස්ටර් ජාන්.. ඇයි අර statue එකේ ඉන්න ගෑනිගේ ඇස් නැත්තේ... ඒකි බලන් ඉන්නේ කොහෙද කියලා හොයන්න බෑනේ.. "

යැන්ග්ගේ උදේ ඉදන් ඔලුවේ වැඩ කරපු දේ ජාන්ට ගිහින් කිව්වේ පුදුමෙන්... ජාන් හිටියේ ගෝල්ඩ් ස්පිනර් එක කරකව කව..

දැන් අඳුර වැටිලා කලබල ගතිය ටිකෙන් ටික අඩු වෙලා ගිහින් තියෙද්දී ජාන් නැගිට්ටා..

"එහෙනම් අපි පටන් ගමූ යැන්ග්..... "

ජාන් නැගිටලා ඇඳගෙන හිටිය කෝට් එක පිලිවෙලට හදාගෙන බට්න් එක දාගත්තා..

"යමූ.... "

ජාන් එහෙම කියලා ගියේ statue එක ලඟට.. යැන්ග් කිව්වා වගේම ඒ ඇස් වල බෝලයක් තිබුනේ නෑ.. ඉතින් ඒක බලන් ඉන්නේ කොහෙද කියලා හොයන්න බෑ..

"මට ටිශූ එකක් දෙන්න මිස්ටර් යැන්ග්... "

ජාන් කිව්වේ statue එක දිහාම බලාගෙන යැන්ග්ට අත දික් කරලා.. යැන්ග් ටිශූ එකක් අරන් ජාන්ගේ අතින් තිබ්බා..

"Thank you.. "

ජාන් එහෙම කියලා හෙමීට අර ඇස් ටිශූ එකෙන් පිහිදැම්මා.. පිහලා පිම්බා...

"ෆු... හරි.... "

ජාන් කියද්දී එතන්ට දුවගෙන ගිය යැන්ග් හොඳට ඒ දිහා බලලා ඒ ඇස් බලන් ඉන්න දිහා බැලුවා..

ඒ ඇස් කෙලින්ම තිබුනේ සාලේ එක බිත්තියක එල්ලලා තිබුන චිත්‍රෙක.. උඩ ඉදන් පහලටම දිග ඒ බිත්තියේ සම්පූර්ණෙන්ම තිබුනේ දිය ඇල්ලක් තියෙන චිත්‍රයක්...

යැන්ග් ඒක තියෙන දිහාට දුවගෙන යද්දී ජාන් ඒ පස්සෙන් හෙමීට ගියා... ජැක්සන් ඈන් දෙන්නත් ඒ පිටිපස්සෙන් ආවා..

යැන්ග් දුවලා ගිහින් ඒ චිත්‍රේ දිහා බලන් ඉදලා ඒක ඉරන්න ගත්තේ පිස්සුවෙන් වගේ...

"හෝව් හෝව් අන්කල්.. ඕක අවුරුදු ගාණක් පරණ චිත්‍රයක්.... "

ජාන් ඉක්මනට දුවලා ගිහින් යැන්ග්ව අල්ලගත්තත් ඒ වෙනකොටත් චිත්‍රෙ ඉරලා දාල තිබ්බා..

"ඔයා මේ ඉරුවේ මේ ගෙදර තියෙන පරණම චිත්‍රෙ මිස්ටර් යැන්ග්...."

"ඕක දැන් තියාගෙන මොනා කරන්නද ජාන්.. කෝ.... එහාට වෙන්න.. "

යැන්ග් ආයේ ඉරන්න හැදුවත් ජාන් ඉක්මනින් යැන්ග්ව නැවැත්තුවා...

"ඔහෝ එහාට වෙන්න මිස්ටර් යැන්ග්..."

ජාන් යැන්ග්ව නවත්තලා පස්සට කලා.. ජැක්සන් යැන්ග්ව පස්සට ඇඳලා ගනිද්දී ජාන් ඒ photo එකේ ෆ්‍රේම් එක දිගේ අත අරන් ගියා....

ටිකක් එහාට මෙහාට අරන් ගිහින් ජාන් පිටිපස්ස බලලා කට කොනකින් හිනා උනා...

ඊට පස්සේ එක පාරම frame එකෙන් අල්ලා අදිද්දී ක්‍රෑස් සද්දක් එක්ක photo එක දොරක් වගේ ඇරෙද්දි යැන්ග්ගේ කටත් ඒ විදිහටම ඇරිලා තිබුනා...

ඒක ඇතුලේ තිබුනේ රත්තරන් පාට පරණ සේප්පුවක්... මැදින් යතුරක් දාන්න පොඩි හිලක් තිබුනා..

"මිස්ටර් යැන්ග් කී එක....... "

ජාන් අනිත් පැත්ත හැරිලා ඇහුවේ කලිසම් සාක්කුවට අතත් දාගෙන... පරීක්ෂාකාරී බැල්මක් යැන්ග්ට දාන ගමන්..

යැන්ග් කට කොනකින් හිනා වෙද්දී මෙච්චර වෙලා වැහිලා තිබුන ගෙදර ඉස්සරහා දොර එක පාර ඇරෙද්දී හැමෝගෙම ඇස් යොමු උනේ එහාට...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ග්... ග්.... ග්‍රැ..... නී.......... "

.
.
.
.

ජාන්ගේ ඇස් ලොකු වෙලා පුදුමෙන් ඒ දිහා බලන් ඉන්න ගමන් මුමුණද්දී කට කොනින් ඇඳුන හිනාවක් එක්ක බස්තමක් අතින් අරන් ග්‍රැනී හෙමින් හෙමින් ජාන් ඉස්සරහට ඇවිඳගෙන ආවේ ජාන් දිහා බලාගෙන...

"හෙලෝ මිස්ටර් ශියාඕ ජාන්.... "

ග්‍රැනී ඉස්සරහට ඇවිත් හිනා වෙද්දී ජාන් හිටියේ පුදුම වෙලා බලාගෙන..

"ග්‍රැ...නී... ඔ.. ඔයා....?? "

"මගේ බෑනා පොඩ්ඩ මාව දැකලා පුදුම වෙලා වගේ...... හහ් හහ් හා.... "

ග්‍රැනී වගේම යැන්ග් හයියෙන් හිනා වෙද්දී ජාන් අඩියෙන් අඩිය පස්සට ගියා.....

" ඔහෝ... බය වෙන්න දෙයක් නෑ මිස්ටර් ජාන්.. අපිට ඕනි උනේ හරියටම මේක තියෙන තැන හොයාගන්න විතරයි... මොකද කී එක තියෙන මැප් එක මං ඉස්සුවට යීබෝගේ පපා අනික ඉස් මුදුනෙන් රැක්කා......"

"යීබෝගේ අම්මා අපේ පවුලේ එකියක් උනත් ඒකි මට ඒක ගන්න උදව් නොකරපු නිසා මට ඒකිව පර ලෝකේ යවන්න උනා.. යීබෝගේ අප්පාත් ඒ මිනිහාත් මැරි මැරි ජීවත් උනත් ඒක තියෙන තැන කිව්වේ නෑ..  ඒ නිසයි ඌටත් මැරෙන්න උනේ... "

"ඒ අතරේ උබව අපි මේකට ඉත්තෙක් කරගත්තේ මේක ඉවරයක් කරගන්න ඕනි නිසා... උබ හරි ලස්සනට අපිට ඕනි දේ කලා මිස්ටර් ශියාඕ ජාන්... උබ හිතුවද උබයි යීබෝයි යාලුයි කියලා උබ කියද්දී නිකන්ම අර නාකියා කැමති උනා කියලා.. හහ් හහ් හා.... "

ග්‍රැනී ඒක කියලා හයියෙන් හිනා උනා...

"උබට වැරදිලා ශියාඕ ජාන්.. මං ඊට කලින් ඉදන් ඒ නාකියාට ඒ ගැන කියලා කැමති කරවලා තිබ්බ නිසායි උබට කැමති උනේ.. නැත්නම් උබගේ ඔලුව පසාරු කරන් එවලෙම උණ්ඩ දෙකක් බහිනවා ශියාඕ ශාන්.... "

ජාන් හිටියේ බය වෙලා.. පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු වෙලා..

"තමුසෙගේ රඟපෑම අති විශිෂ්ඨයී ජාන්.. උබ අර යීබෝ කියන මල යක්ෂයාව මෙල්ල කරගෙන හැමදේම අපේ අතට අරන් දුන්නා.... හහ් හහ් හා.. බය වෙන්න එපා ජාන්.. උබ අපෙ ඉත්තෙක් උනාට අපි උබව කපලා දාන්නේ නෑ... දේපල ටික අපිට අයිති වෙනකන්........ හහ් හහ් හා.."

ග්‍රැනී හයියෙන් හිනා වෙද්දී යැන්ග් හිනා වෙලා ගිහින් ග්‍රැනී ලඟින් හිටගත්තා...

"ආ.... ඇරපන්.... "

ග්‍රැනී එහෙම කියලා එයාගේ බෙල්ලේ දාගෙන හිටිය මාලේ ගලවලා යැන්ග්ගේ අතට දුන්නා...

යැන්ග් ඒකත් අරන් කෙලින්ම ගියේ ජාන්ගේ ඉස්සරහට.. ජාන්ගේ කම්මුලට පොඩි තට්ටුවක් දාලා කනට පාත් උනා...

"උබ දක්ෂ වෙන්න පුලුවන් කොල්ලෝ.... ඒත් අපි උබට වඩා කපටියි... "

යැන්ග් එහෙම කියලා කට කොනකින් හිනා වෙලා ජාන්ව එහාට තල්ලු කලේ ජාන්ව විසි වෙලා ගිහින් එතන දණ ගැස්සෙද්දී...

ජාන්ව වැටෙද්දී හයියෙන් හිනා උන යැන්ග් ගිහින් ගෝල්ඩ් පාට ලොකු උස සේප්පුව ලඟ හිටගත්තා....

"පුංචී.. ඔයා හිතන්නේ මේක අස්සේ ඇත්තේ මොනාද.... "

යැන්ග් ඇහුවේ හෙමීට ඒක එහෙ මෙහෙ අතගාන ගමන්..

"උමගට යන පාර වෙන්න ඕනි යැන්ග්.. හහ් හහ් හා.. මොකද ඔය රත්තරන් ටික දාන්න ඕක හොඳටම මදි..... "

යැන්ග් වගේම ග්‍රැනීත් හයියෙන් හිනා වෙද්දී ජාන් බිම වැටුන විදිහටම හිටියේ බිම බලාගෙන....

"අවුරුදු ගාණක් මං මේකට පෙරුම් පෙරුවා යැන්ග්... ඇරපන් ඕක..... "

ග්‍රැනී කෑ ගහද්දී යැන්ග් කට කොනකින් හිනා වෙලා සේප්පුව අරින්න යතුර අරන් ඒක ඉබලා යතුර ඇතුලට දැම්මා..

හෙමීට ඒක කරකවලා ඒ ලොකු සේප්පුවේ දොර ඇරෙද්දී එතන හිටපු හැමෝගෙම ඇස් ලොකු උනේ කටවලුත් ඇරෙද්දී....

"Wooooooow....... "

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒකේ තිබුනේ එක ලොකූ photo එකක්....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"Such a lovely couple........ "

.
.
.
.
.
.
.
.
.
.
.
.

පිටිපස්සෙන් ඇහුන ගැඹුරු කටහඬ එක්ක මෙච්චර වෙලා බය වෙලා බලන් හිටිය යැන්ග් වගේම ග්‍රැනී පිටිපස්ස හැරෙද්දී බිම වැටිලා හිටිය ජාන්ගේ මූණට කට කොනකට හිනාවක් ආවා....

.
.
.
.
.
.
.
.
.
.

"යී......බෝ....... "

.
.
.
.
.
.

යැන්ග්ගේ වගේම ග්‍රැනීගේ කටින් එක පාර පිටවෙද්දී බෙල්ල වටයක් කරකවලා ඇට ටික කඩලා යීබෝ ඉස්සරහට ආවේ කලිසම් සාක්කු දෙකට අත් දෙක දාගෙන...

මීට ටික වෙලාවකට කලින් ඇඳක් උඩ සිහියක් පතක් නැතුව මැශින් වලින් හිටිය මනුස්සයා හරි ලස්සනට ඇඳගෙන ගාම්භීරව ඉස්සරහට එද්දී යැන්ග්ගේ වගේම ග්‍රැනීගෙත් ඇස් උඩ ගියා..

යීබෝ කෙලින්ම ඇවිත් බිම හිටිය ජාන්ට අත දෙද්දී ජාන් යීබෝගේ අතින් අල්ලලා නැගිටිද්දී යීබෝ හැමෝගෙම ඉස්සරහා ජාන්ගේ තොල් හෙමීට සිපගන්න ගත්තා...

"Woow woow woow....... තමුසේ නම් නලුවෙක් ශියාඕ ජාන්.... උබව අපි ඕනිවට වඩා underastimate කරලා වගේ.. හහ් හහ්... "

යැන්ග් හයියෙන් හිනා වෙන ගමන් කිව්වේ අප්පුඩි ගහන ගමන්...

යීබෝ කිස් එක බ්‍රේක් කරලා යැන්ග් දිහාට හැරිලා කට කොනකින් හිනා උනා..

"Thank you Mr.Yang.. කොහොමත් මගේ හස්බන්ඩ් ගොඩක් දක්ෂයි... "

යීබෝ ලා හිනාවක් එක්ක එහෙම කියලා ජාන්ගේ එහෙ මෙහෙ ගිහින් තිබ්බ ටයි එක හදලා කෝට් එක හැදුවා..

එහෙන්ම යීබෝ හැරුනේ කපටි හිනාවක් එක්ක බලන් ඉන්න ග්‍රැනී දිහාට.. යීබෝ එතන්ට ගිහින් ඉස්සරහින් හිට ගත්තා..

"හෙලෝ මයි ලව්ලි ග්‍රැනී.... ඌප්ස්.. සොරි..  මිසිස්... වන්ග්. යැන්ග්. ලී..... "

යීබෝ වචනින් වචනේ කිව්වේ හෙමීට ග්‍රැනීගේ මූණට පාත් වෙලා.. ග්‍රැනී කපටි හිනාවෙන්ම බලන් ඉදලා මහ හයියෙන් හිනා උනා...

"උබ.... උබ කවුරු කියලාද වන්ග් යීබෝ හිතන් ඉන්නේ.. ආ...  උබේ මමා පපා සියා පපා ගිය තැනට උබවත් යවන එක මට අමාරු වැඩක් කියලා හිතුවාද... හහ්.. උබේ තනිවට උබේ මිනිහවත් එවන්නම්...... "

ග්‍රැනී කෑ ගහද්දී යීබෝ කෙලින් වෙලා හිටගත්තා...

" අනිවාර්යයෙන්ම ගොඩක් අමාරුයි මිසිස් වන්ග් යැන්ග් ලී.... "

"යී.....බෝ.......... උබ................ "

ග්‍රැනී කෑ ගහද්දී යීබෝ ටිකක් පස්සට ගිහින් මූණත් අකුලන් ඇගිල්ලකින් කන ටිකක් සුද්ද කරනවා වගේ කරලා ඇගිල්ලට පිම්බා..

"ආශ්... It' so noisy grany... ඔච්චර කෑ ගහන්න එපා... ඔය වයසට නහරයක්වත් පුපුරලා  සෙට්ටපොච්චි උනොත් එහෙම.. "

‍යිබෝ කියද්දී ග්‍රැනී හිටියේ උපරිම කේන්තියෙන්... යැන්ග් යීබෝ ඉස්සරහට ආවේ යකා ආවේශ වෙලා...

"උබලා රඟලා ඉවර නම් පැත්තකට පලයන් මාස්ටර් ලියෝ... උබ අපි මොක්කු කියලාද හිතන් ඉන්නේ... හහ් හහ් හා.. උබ හිතුවද යැන්ග් පවුල වන්ග් පවුලේ දේපල ගන්න කරපු දෙයක් කියලා මේක.. ආ... "

යැන්ග් කියද්දී යීබෝ එක ඇහි බැමක් උස්සලා යැන්ග් දිහා බැලුවා... යැන්ග් කට කොනකින් හිනා උනා..

"උබලා තාම හුජ්## කොල්ලෝ යීබෝ.. උබලා තාම මේකට පය ගැහුවා විතරයි.. උබලට අපි එක්ක හැරෙන්න තියා හිතන්නවත් බෑ.... "

යැන්ග් කියද්දී ග්‍රැනී හිනා උනා..

"ගෝල්ඩන් මාෆියා එක්කේ බොස් අන්ඩර් බොස් දෙන්නාම අපිට කොටු වෙලා.. උබලා හිතුවද මේක යැන්ග් පවුලයි වන්ග් පවුලයි අතර සටනක් කියලා... නෑ යකෝ උබලට වැරදිලා.... මේක ගෝල්ඩන් මාෆියා එකයි ලයන්ස්ලායි අතර සටනක්.... "

ග්‍රැනී කියද්දී ජාන් වගේම යීබෝවත් ගැස්සෙද්දී යැන්ග් ග්‍රැනී දෙන්නම හිනා උනා...

"උබලා ඕනි නම් එලියට බැහැලා බලපන්.. මේ මුලු ගේම ලයන්ස්ලා වට කරලා.. ඇස් ඇරලා බලපන් මේ ඇතුලෙම පිස්ටල් කීයක් උබලගේ පැත්තට හැරිලද කියලා.. කන් තියෙ නම් අහලා බලපන්.. ලයන්ස්ලාගේ හෙලිකොප්ටර් කැරකෙනවා..  කෝ දැන් උබලව රකින්න උබලගේ soldiersලා... "

යැන්ග් කියද්දී යීබෝ අඩියක් දෙකක් පස්සට ගියා...

"ඇයි මාස්ටර් ලියෝ බය උනාද..?? තව ඉවර නෑ.. උබලා දන්නවද මේ වෙද්දී උබලගේ හැම පැලස් එකක්ම ලයන්ස්ලා වට කරලා.. හැම කැසිනෝ එකක්ම හැම ක්ලබ් එකක්ම වට කරලා... මේ වන්ග් පවුලේ අවසානේ යීබෝ.... "

ග්‍රැනී කියද්දී යැන්ග් වගේම ග්‍රැනීත් අතේ තිබුන පිස්ටල් දෙක යීබෝටයි ජාන්ටයි දික් කලා...

"අනේහ්.... යීබෝ.... මට බයයි... අපිව මරයිද....?? "

ජාන් ඇවිත් යීබෝගේ පිටිපස්සේ හැංඟිලා වගේ කියද්දී යීබෝ ජාන්ව බදාගත්තා..

"මටත් බයයි පැටියෝ... මේ... මාව වෙව්ලනවා... එයාලා අපිව මරනවලූ... "

"අපි අත් උස්සලා යටත් වෙමූ යීබෝ... මට හරි බයයි... "

ජානුයි යීබෝයි බොරුවට බයේ ගැහෙනවා වගේ කියව කියව අත් උස්සද්දී ග්‍රැනීයි යැන්ග් හිටියේ දත් මිටිකාගෙන...

"අපි මේ ගාණට බය උනොත් ඇතිද ග්‍රැනී.. මදි නම් කියන්න අපි තව බය වෙන්න...."

"උබලා.... පාහර බල්%$...... "

ජාන් කියද්දී ග්‍රැනී කේන්තියෙන් පිස්ටල් එක ලෝඩ් කලා...

"මිසිස් වන්ග් යැන්ග් ලී.. ඔක්කොටම කලින් බලන්න ඇත්තටම වටේ තියෙන පිස්ටල් දික් වෙලා තියෙන්නේ කාටද කියලා... "

පිටිපස්සෙන් තව කටහඬක් ඇහෙද්දී ග්‍රැනීයි යැන්ග් දෙන්නම පිටිපස්ස හැරෙන්න හැදුවත් ඊට කලින් ඔලුවට පිස්ටල් එකක් තද උනා...

.
.

"ජැක්සන්..... "

"සොරි පපා..... "

.
.

"ඈන්......... "

"සොරි ග්‍රැනී.. "

.
.

ග්‍රැනියි යැන්ග් කෑ ගහද්දී  ජැක්සන් යැන්ග්ගේ ඔලුවටයි ඈන් ග්‍රැනීගේ ඔලුවටයි  පිස්ටල් තද කලා....

"ගෝල්ඩන් බොස් වගේම අන්ඩර් බොස් මෙහෙ ඉද්දී ගෝල්ඩන් සෝල්ජර්ස්ලා ඉතාලියේ පොල් ගාන්නද මිසිස්  වන්ග් යැන්ග් ඇන්ඩ් මිස්ටර් යැන්ග්... "

කුවාන් ජාන්ගේ නංගි යී එක්ක ඉස්සරහින් හිටගනිද්දී ග්‍රැනී බැලුවේ කේන්තියෙන්..

යී ගිහින් ග්‍රැනීගේ අතේ තිබුන පිස්ටල් එක උදුරලා අරන් මාංචු දාද්දී කුවාන් යැන්ග්ට මාංචු දැම්මා..

ඒ කරලා කුවාන් යී එක්ක ජානුයි යීබෝයි ලඟින් හිටගනිද්දී ඈන් ජැක්සන් දෙන්නත් ඉස්සරහට ආවා.. අන්තිමට ගේ ඇතුලට ආවේ මාකෝයි එයාගේ නංගි මිශෙලුයි...

මාකෝ ගිහින් ජැක්සන්ට කිස් එකක් දීලා එතනින් හිටගනිද්දි මිශෙල් ගිහින් ඈන්ට කිස් එකක් දීලා එතනින් හිට ගත්තා...

යැන්ග් ග්‍රැනී දෙන්නා බය වෙලා බලන් හිටියේ වෙන කිසි දෙයක් තේරුම් ගන්න බැරි වෙද්දී...

ජාන් සාක්කුවෙන් සිගරට් එකක් අරන් ඒක පත්තු කරගෙන අනික යීබෝට දීලා ඒක පත්තු කලා...

"මං හිතනවා මිස්ටර් යැන්ග්... මිසිස් වන්ග් යැන්ග්.. මෙතන ඉන්න හැමෝම හොඳට අදුරනවා කියලා... "

ජාන් කිව්වේ අඩියක් ඉස්සරහට තියලා..

"දෙයක් කියන්නම්... නාකි රඟපු කාලේ ඉවරයි... දැන් තියෙන්නේ යන්ග් ජෙනරේශන් එක රඟන කාලේ.... "

ජාන් කියද්දී යීබෝත් අඩියක් ඉස්සරහට ඇවිත් ජාන්ගේ කරට අත දාගත්තා...

"වැදගත්ම දේ තමයි... මේ ලෝකේ හැමදේටම වඩා ශක්තිමත් එකම එක දෙයක් තියෙයි... ඒ තමයි.. 'ආදරේ..' "

යීබෝ කියද්දී යැන්ග් ග්‍රැනී රැව්වත් අනිත් හැමෝම හිනා උනා...

"උබලා පොඩි බල්&% උබලා කොහොමද මෙහෙම........ "

ග්‍රැනී කෑගහද්දී ජාන් ඉස්සරහාට ආවා..

"හරී.. හරී.. මං දන්නවා හැමෝටම ප්‍රශ්න තියෙනවා කියලා සෑහෙන්න... ඉතින් හැමෝම වාඩි වෙන්න.. මං මුල ඉදන් කතාව කියන්නම්... "

ජාන් කියද්දී ග්‍රැනීව වගේම යැන්ග්ව පුටුවකින් වාඩි කරලා ගැටගහලා අනිත් අයත් වාඩි උනා.. යීබෝයි ජානුයි එක පුටුවකින් වාඩි වෙද්දී ජාන් නැගිට්ටා..

"හැමදාම වගේ මං ආසම පිටපත ලියන්න.. ඊට පස්සේ රඟපාන්න.. ඉතින් නලු නිලියෝ උන හැමෝටම ස්තූතියි... "

.
.
.
.
.

"Hidden Story of Hidden Devils.."

.
.
.
.
.
🥀kaushy....

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

👉ඉතින් ලෑස්ති වෙන්න අහන්න සැඟවුණු යක්ශයින්ගේ සැඟවුණු කතාව... 😈😈

👉 මුලින්ම මට ආපු ප්‍රශ්නෙදි මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි.. 🙏 ඇත්තටම warn එක ආවේ පෙරේදා.. අද උදේ තමයි ඒක මොකක්ද කියලා හරියටම දැනගත්තේ.. මං ආවට ගියාට මුකුත් කියන කෙනෙක් නෙමෙයි.. හරියටම හොයලා කතා කරන්නේ.. හිත රිදුනා ඇඬුනා.. 😭 ඒකයි එහෙම A/N එකක් දැම්මේ. මගේ හිත හදන්න වචනයක් කියපු වගේම කතාවට ආදරේ කරන හැමෝටම ස්තූතියි.. ❤️ 🥺 සමහරක්විට වැරදිලා report touch උනාද දන් නෑ.. 🙂 කතාවේ backup එකක් තියාගත්තා.. ප්‍රශ්නයක් උනොත්.. ආදරෙයි හැමොටම ❤️

👉 කතාවේ වැදගත්ම කොටස.. මගේ ඔලුව අවුල් නිසා හරියට ආවද මන්දා.. 🥺💔 අවුල් නම් සොරි..

👉 ගොඩක් දිග කොටසක්.. 🤧 කියවන්න කම්මැලිත් හිතෙයි.. ඕතරී හෙට නෑ. පෞද්ගලික හේතුවක් නිසා.. අනිද්දා එන්නම්..

👉 ගිහින් එඤ්ඤං 😘❤️

(3920 words)

Continue Reading

You'll Also Like

59.9K 15.7K 55
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
5.3K 978 17
Love story in High school. ❤️❤️
256K 45.5K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)