HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈Chapter 33😈

1.6K 348 144
By kaushi_vi_ed

Chapter 33

👈

"ඔයත් පරිස්සමින් මහත්තයෝ.. "

ජාන් කිව්වේ යීබෝගේ නලලින් සිපුමක් තියලා.. යීබෝ ලාවට හිනා වෙලා ජාන්ගේ තොල් වලින් පොඩි කිස් එකක් තියලා කුවාන් එක්ක බෝට් එකට නැගලා දුරට යනකන් ජාන් බලන් හිටියා..

බෝට්ටුව නොපෙනෙන මානෙට යද්දී ජාන්ගේ කට කොනට ආවේ ලා හිනාවක්..

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"පුතේ.... සුදු පුතා ඉක්මනට එයි... "

"ඔව් මමා අනිවාර්යයෙන්ම එයා එයි.. හැබැයි....... "

ජාන් ආයේ කට කොනකින් හිනා උනා...

"ලෙලේ අන්කල්... ඔයාව කාලෙකින් දැක්කේ... "

"ඔව් මිස්ටර් ජාන්.. මං ඉතින් silver palace එක බලාගෙන හිටියා.. මාස්ටර් වන්ග් නැති උනාට පස්සේ ඉදන් ඒකත් බලාගන්න ඔනිනේ.. යිබෝ බේබි මට ඒක බලාගන්න කිව්වා.. "

"ම්න්.. තාම මේරිලා එහෙම වැඩද එහේ..."

"ඔව් මිස්ටර් ජාන්.. "

"ම්න්.. "

ජාන් කට කොනකින් හිනා වෙලා ගේ ඇතුලට ගියා...

"මං පොඩි වැඩක් කරන්න යනවා.. ලන්ච් එන් නෑ.."

ජාන් එහෙම කියලා gold spinner එකත් කරකවලා phone එකත් අරන් සාක්කුවට දාගෙන හැදුවේ ගෙදරින් එලියට යන්න..

"මිස්ටර් ජාන්.. ඉන්න මාත් එන්නම්.. "

"නෑ එපා ලෙලේ අන්කල්.. ඔයා ගෙදර ඉන්න.. මං එන්නම්.. "

"ඒත්.. යීබෝ බේබී..... "

"එයා මාව තනියෙන් යවන්න එපා කිව්වට මං බබෙක් නෙමෙයිනේ ලෙලේ අන්කල්.."

ජාන් එහෙම කියලා කවුරුත් කතා කරන්නත් කලින් ගෙදරින් එලියට ගියේ අර පොතයි මැප් දෙකයි දාගත්ත පොඩි බොක්ස් එකකුත් අතින් අරන්...

.
.

ආයේ ජාන් ගෙදර එද්දී රෑ වෙලා තිබුනා.. උදේ ගිය විදිහට නෙමෙයි ජාන් ගෙදර ආවේ.. පිස්සෙක් වගේ.. කොණ්ඩේ ඇවිස්සිලා ටයි එක භාගෙට ගැලවිලා ගිහින් කෝට් එකත් කරේ එල්ලන් විතරක් නෙමෙයි හොඳටම බීලත් හිටියා..

ගෙනිච්ච කිසි දෙයක් ආයේ එනකොට ජාන්ගේ අතේ තිබුනේ නෑ.. ඇස් රතු වෙලා පිස්සෙක් වගේ ඉන්න ජාන්ව දැක්කම ගෙදර හැමෝම බය උනා...

"පුතේ... ඇයි මේ... "

"මමා මං උඩට යනවා.. ලෙලේ අන්කල් මට කෝපි එකක් එවන්න... "

ජාන් එහෙම කියන් ගිහින් ඔෆිස් රූම් එකේ සෝෆා එකක වාඩි වෙලා ගෝල්ඩ් ස්පිනර් එක අතට ගත්තා...

"Let's play.. "

ජාන් කට කොනකින් හිනා වෙලා ඇස් පියාගත්තේ ගෝල්ඩ් ස්පිනර් එක කරකවන ගමන්...

කොච්චර වෙලා එහෙම හිටියද කියලා ජාන්ට මතකයක් තිබ්බේ නෑ... කොහොම හරි ඒ විදිහටම ජාන්ට නින්ද ගිහින් තිබ්බා..

උදේ නැගිටලා නාලා කරලා අලුත්ම ඇඳුමක් ඇඳගෙන ජාන් පහලට ආවේ ලා හිනාවක් එක්ක...

"මමා... චූටි.. ලෑස්ති වෙන්න අපි ගමනක් ගිහින් එමූ.. "

"කොහෙද මිස්ටර් ජාන්.... "

"ලෙලේ අන්කලුත් ලෑස්ති වෙන්න.. ග්‍රැනීලගේ ගෙදර ගිහින් එමූ.. යීබෝ තව ටිකකින් එහෙන් එයි. එයත් කෙලින්ම ග්‍රැනීලගේ ගෙදරට එයි.. "

"හදිස්සියේ ඇයි පුතේ.... "

"හදිස්සියක් නෙමෙයි මමා.. ගෙදර හැමෝම එකට ඉදලා තාම කෑම වේලක්වත් ගත්තේ නෑනේ.. මායි යීබෝයි ආයේ හෙට උදේම ඉතාලි යනවා.. එහෙ වැඩ හිර වෙලාලු සෑහෙන්න...අපි දෙන්නාම නැතුව ඒවා කරගන්න බෑ.. යීබෝට මං නැතුව ඉන්නත් බෑනේ.. ඉතින් යන්න කලින් ගිහින් ග්‍රැනීවත් බලලා එමූ. ග්‍රැනී කියන්නේ වන්ග් පවුලෙන් ඉන්න එකම වැඩිහිටියා... "

"ඒක හොඳයි පුතේ ගිහින් එමූ.. "

මමා කියද්දී කට්ටියම උදේ කෑම අරන් යන්න ලෑස්ති උනා.. ජාන් සාලේ හිටියේ කෝපි එකක් බිබී පත්තර ටික කියවන ගමන්..

"මිස්ටර් ජාන්... "

"ලෙලේ අන්කල්... මටත් ජාන් බේබි කියන්නකෝ..  "

ජාන් කියද්දී ලෙලේ හිනා උනා....

"යිබෝ බේබි කෝල් කරාද ජාන් බේබි.. "

"ඔව් අන්කල්.. උදේ කතා කලා.. ඊයේ meeting එක postponed කරලා.. ඉතින් දැන් තමයි meeting එකට යනවා කිව්වේ.. ඉවර උන ගමන් එයි.. "

"ආ... අපේ යීබෝ බේබීට දැන් ජාන් බේබි නැතුව ඉන්නම බෑ.. මට නම් හරි සතුටුයි බේබි.. "

ලෙලේ අන්කල් කියද්දී ජාන් හිනා උනා..

"අපේ මාස්ටර් වන්ග් පොඩි කාලෙම යීබෝ බේබිව එයාගේ සීයා පපා ලඟට යැව්වේ එයා වගේ දුර්වල වෙනවට අකමැති නිසා.. පොඩි කාලේ ඉදන් යීබෝ බේබි ආදරේ කියන වචනෙවත් දන්නේ නැති හැඟීම් දැනීම් මරලා දාපු මිනිහෙක් උනා ජාන් බේබී.. සෙක්ස් කියන දේ ගැන උනත් එයා බැලුවේ වෙනම කෝණෙකින්.. යීබෝ බේබි stress release කරගන්න තමයි ඒකත් පාවිච්චි කලේ.. තමන්ගෙම පපාට වෛර කරන්න තරම් බේබී දරදඩු උනා.. අන්තිම කාලෙදි මාස්ටර් වන්ග් උනත් දුක් උනා යීබෝ බේබිව බොස් ලඟට යවපු එකට..."

ලෙලේ අන්කල් ලොකු හුස්මක් පිට කලා.. ජාන් හිටියේ කෝපි එක බිබී ලෙලේ කියන දේවල් අහගෙන..

"මං දන්නවා අන්කල් එයාගේ අතීතේ ගැන..."

"අද මාස්ටර් වන්ග් හිටියා නම් යීබො බේබිව දැකලා ගොඩක් සතුටු වෙයි.. ජාන් බේබිව හම්බුන දවසේ ඉදන් යීබෝ බේබී ගොඩක් වෙනස් උනා.. ඉස්සර ආසාවට හිනාවක් දකින්න නැති මූණෙ දැන් හැම වෙලාවෙම හිනාවක් තියෙයි.. අර දරදඩු මිනිහා අස්සේ හිටිය අහිංසක මනුස්සයාව එලියට ගත්තේ ජාන් බේබි තමයි.. මාස්‍ටර් වන්ග් ඉන්න තැනක ඉදන් සතුටු වෙනවා ඇති.. එයාගේ පුතා දිහා බලලා... "

"ලෙලේ අන්කල් මිස්ටර් වන්ග්ට ගොඩක් හිතවත් නේද.. යීබෝයි කුවානුයි වගේ.. "

"ඒ අපේ රස්සාව ජාන් බේබි.. මං මිස්ටර් වන්ග් ගැන දන්න තරම් යිබෝ බේබිගේ මමාවත් දන්නේ නැතුව ඇති... "

"ම්න්. කොහොමත් යීබෝ ගැන කුවාන් දන්න තරම් මාත් දන්නේ නෑ තමයි.. හහ් හහ් හා... අපි යමු ලෙලේ අන්කල්... මමා චූටි එන්න... "

ජාන් හයියෙන් හිනා වෙලා එහෙම කියන ගමන් ලෙලේ අන්කලුයි මමායි නංගියි එක්ක කෙලින්ම ගියේ cristol palace එකට...

"ග්‍රැනියෝ..... ග්‍රැනියෝ..... මේ බලන්නකෝ මං ඔයාට යාලුවෝ එක්ක ආවා... "

ජාන් දුවලා ගිහින් පුටුවේ වාඩි වෙලා හිටිය ග්‍රැනීව තුරුල් කරගනිද්දී ග්‍රැනී හිනාවෙලා ජාන්ගේ ඔලුව අතගාන ගමන් ඉස්සරහා බැලුවා...

"කවුද චූටි පුතේ මේ..... "

"මගේ මමායි නංගියි ග්‍රැනියෝ.. එයාලා දැන් දන්නවා ඕන්.. මායි යීබෝයි ගැන... "

ජාන් ග්‍රැනී ලඟ හුරතල් වෙද්දී ග්‍රැනී ජාන්ගේ කම්මුලක් මිරිකලා කම්මුලක් සිපගත්තා...

"වාඩි වෙන්න දුවේ දෙන්නම.. මං චූටි පුතාට කොයි කාලේ ඉදන්ද කියන්නේ ඔයාලට මේක කියල එක්ක එන්න කියලා.."

ග්‍රැනී හිතවත් විදිහට කියද්දී ජාන්ගේ මමාත් හිනා උනා...

"මේ නංගිද චූටි පුතා.. ඔයා වගේම ලස්සන හුරතල් කෙල්ලෙක්නේ.. "

"හුම්.. මං තරම් නම් නෑ හරිද ග්‍රැනියෝ..."

ජාන් කිව්වේ කටකුත් උල් කරන්...

"අනේ මේ කොල්ලා නම්... දෙන්නාම එක වගේ තමයි.. සුදු පුතා කතා කලාද පුතේ..."

"ඕ ග්‍රැනී හවස් වෙද්දී එයි එයා.. තාම meeting එකෙ ඇත්තේ... "

ටිකකින් කෝපි ගෙනත් දෙද්දී හැමෝම හිටියේ හිනා වෙවී කතා කර කරම කෝපි බොන ගමන්...  ඒ අතරේ ජාන්ගේ ඇස් සැරින් සැරේ phone එකට ගියේ යීබෝගෙන් කෝල් එකක් එනකන්...

"ග්‍රැනී......... චූටි ග්‍රැනී........ "

දොර දිහාවෙන් ඇහුන කටහඬ නිසා මෙච්චර වෙලා ග්‍රැනීගේ උකුලෙන් ඔලුව තියාගෙන හිටිය ජාන් ඉක්මනින් ඔලුව ඉස්සුවා..

"ඈන්....... "

ජාන්ගේ කටින් මිමිණෙද්දී ඈන් හිටියේ පුදුම වෙලා ජාන් දිහා බලාගෙන..

"නංගි උබට මොන ගායක්ද දුවන්නේ... ග්‍රෑනී මේකි............ "

පිටිපස්සෙන් දුවන් ආව ජැක්සනුත් ඈන්ගේ ඇගේ වැඳෙද්දී ජැක්සනුත් ජාන් දිහා බැලුවෙ පුදුමෙන්..

"ශියාඕ ජාන්....?? "

ජැක්සන් අහද්දී ජාන් බොරු කැස්සක් අරන් හෙමීට ග්‍රැනී ලඟින් නැගිටලා ගිහින් එයාලගේ මමාලා ඉන්න තැනට ගියා..

"ඈන් ජැක් මොකෝ.. යමූ ඇතුලට.... "

පිටිපස්සෙන් මිස්ටර් යැන්ග් එද්දී එතන හිටපු හැමෝම බය වෙද්දී වැඩිපුරම බය උනේ ජාන්ගේ මමා....

"පුංචී....?? ශියාඕ ජාන්.. ඔයා කොහෙද මෙහේ....? "

යැන්ග් ඉස්සරහට ඇවිත් අහද්දී ජාන් ටිකක් ගැස්සුනා..

"ආ.. ආහ්... මේ.... මේ..... "

"ජාන් පුතාගේ මමා අපේ welfarw එකේ කෙනෙක්.. මං අද දන්නේ ඒ ජාන් පුතාගේ මමා කියලා.. ඒකයි මෙහෙ එන්න කිව්වේ.. වාඩි වෙන්න පුතේ.. ලොකූ.. දූ.. ඔයාලත් එන්න... "

ග්‍රැනී කියද්දී මෙච්චර වෙලා confuse වෙලා හිටිය යැන්ග් ඈන් ජැක්සන් තුන් දෙනත් හිනා වෙලා එතනින් වාඩි උනා...

"අහම්බෙන් උනත් උනේ හොඳ දෙයක්.. නේද මිස්ටර් ජාන්.. පුංචි දන්නේ නෑනේ.. යීබෝ පුතා ඉතින් අපේ ඈන්ට අකමැතියි කිව්වනේ.. දැන් අපේ ඈන් මැරි කරන්න ඉන්නේ ජාන් පුතාව.. මගේ future son in law... "

යැන්ග් කියද්දී ග්‍රැනී ජාන් දිහා බැලුවේ පුදුමෙන්.. ජාන් ග්‍රැනීට දැම්මේ මෝඩ හිනාවක්...

"ඒකත් ඉතින් දෛවය තමා.. නේද ජාන් පුතේ... ?? "

යැන්ග් ජාන් දිහා බලලා අමුතු හිනාවක් දාද්දී ජාන් යැන්ග් දිහා බලලා දැම්මේ කට කොනකින් හිනාවක්...

ටික වෙලාවක් කතා කර කර ඉඳලා කෑම මේසෙට ගියත් ජාන්ගේ ඇස් තිබුනේ phone එකේමයි.. ටිකෙන් ටික ජාන්ගේ පපුව වේගෙන් ගැහෙන්නත් අරන් තිබ්බේ එයාව කලබල කරද්දී...

"ජාන් පුතා අතගානවා විතරනේ.. කෑම ගන්නකෝ පුතේ... "

"අහ්.. ආ... ඔ ඕ අන්කල්... "

Phone එක දිහාම බලන් හිටිය ජාන් කලබලෙන් වගේ කටක් දෙකක් කද්දී යැන්ග් ජාන් දිහා බලලා කට කොනකින් හිනා උනා.. සැරින් සැරේට phone එක දිහා බලන ජාන්ව හුඟ වෙලාවක ඉදන් යී දැකපු නිසා ජාන්ගේ අත හයියෙන් අල්ලගත්තේ කලබල වෙන්න එපා කියන ගමන්..

"ඈන් දුවේ.. මේ ජාන් පුතා කන්නෙම නෑ.. ඔයා කැව්වොත් නම් කයි... "

යැන්ග් කියද්දී ජාන් විතරක් නෙමෙයි අනිත් අයත් කලබල උනා.. යී නම් හිටියේ අත් මිට මොලවන්..

"ආ.. අහ්.. අනේ එපා අන්කල් මං කන්නම්.."

"කෝ දෙන්න ගගා මං කවන්නම්... "

යී ජාන්ගේ plate එක ගන්න ගමන් කිව්වේ යැන්ග් ආයේ මුකුත් කියන්න කලින්..

ඉතින් ජාන් යී කවන ඒවා හෙමින් හෙමින් කන්න ගත්තා.. ඒ වෙලාවෙම ජාන්ගේ phone එක ring වෙද්දී phone එක අතට ගත්තේ ලා හිනාවක් එද්දී උනත් phone එක දැක්ක ගමන් ජාන්ගේ මූණෙ හිනාව නැති වෙලා ගියා...

"හෙලෝ... "

"හෙ.. හෙලෝ... මා...ස්ටර්.. සී..න්.... "

"කුවාන්.... ඇයි... කියන්න..... "

කුවාන්ගේ වෙව්ලන කටහඬ අහද්දී ජාන්ට ඉන්න තැනත් අමතක වෙද්දී කෑ ගැහුනා...

"මාස්ට...ර්... ප්‍ර..ශ්නයක්.. උනා.... "

"මොකක්ද මිනිහෝ උනේ... කියපන්.. කෝ.. කෝ මගේ යීබෝ.. එයා කෝ කුවාන්.. කියපන් යකෝ.... "

ජාන් කෑ ගහගෙන මේසෙත් පෙරලන් නැගිටලා කෑ ගහද්දී අනිත් හැමෝම ජාන් දිහා බැලුවේ පුදුමෙන්...

"මාස්ටර් සීන්.. මාස්ටර් ලොකු ප්‍රශ්නෙකට අහු උනා.. diamonds... diamonds.... "

"කියපන් කුවාන්.. diamonds ඉතින් මොකද.....?? "

"ඒවා ෆේක් ඒවා මාස්ටර් සීන්... උන් මාස්ටර්ව අරන් ගියා.... "

"නෑ............. එහෙම වෙන්න බෑ කුවාන්.. එහෙම වෙන්න බෑ.. මං යීබෝට කිව්වා.... කුවාන්... එහෙම වෙන්නේ කොහොමද..."

ජාන් කේන්තියෙන් කිව්වේ මේසේ උඩ තිබුන වීදුරුවකුත් පොලවේ ගහන ගමන්...

"දන්නේ නෑ මාස්ටර්... ඔක්කොම හරියටම උනා.. අන්තිමට diamonds උඩින් බර තියද්දී ඒක පුපුරලා ගියා.. මට හිතාගන්න බෑ මාස්ටර්.. ඔටුන්න හිමි කුමාරයා හිටියේ හොඳටම කේන්තියෙන්.. එයාව රවට්ටන්න හැදුවා කියලා... "

"දැන්.. කෝ මගේ යීබෝ කුවාන්.... "

ජාන් ඇහුවේ කොණ්ඩේ ඇඳගන්න ගමන් ගිහින් බිත්තියකට හේත්තු වෙලා...

"උන් මාස්ටර්ව අරන් ගියා මාස්ටර් සින්... ඒකට මාස්ටර් හිලව් උනේ එයාගේ ජීවිතෙන්.. උන් මාස්ටර්ට දස වද දෙයි මාස්ටර් සීන්.... උන් මාස්ටර්ව මරලා දායි..."

කුවාන් කියද්දී ජාන්ට එහෙන්ම බිත්තිය දිගේ රූටලා ඇවිත් බිමින් ඉන්ඳුනා...

"නෑ කුවාන්... ඒක වෙන්න බෑ.. කුවාන්.. මගේ අයියේ... අහපන්.. මගේ යීබෝව බේරගනින්.. මං උබෙන් වැඳලා ඉල්ලන්නම්.. මගේ මහත්තයාව බේරගනින් අයියේ..."

ජාන් අඬද්දී කුවානුත් එහා පැත්තේ ඉඳන් ඇඬුවත් ජාන් වටේ ඉන්න අය හැමෝම ජාන් දිහා බලන් හිටියේ පුදුම වෙලා...

"ජාන්.... ඇත්ත ඩයමන්ඩ් හොයාගන්න ඕනි..... අපිට කාලයක් නෑ... "

කුවාන් කියද්දී ජාන් ඔලුව බදාගත්තා...

"කුවාන්.. අහපන්.. යීබෝ ගත්තේ වාස් එක ඇතුලේ තිබුන ටික නේද.. ලොකර් එකේ තිබුන ටික නෙමෙයි නේද.. මං යීබෝට කිව්වා වාස් එකේ තියෙන ටික ගන්න කියලා... "

ජාන් ඇහුවේ එයාට එක පාර මතක් උන දේ නිසා....

"මං දන්නේ නෑ ජාන්... මාස්ටර් තමයි උදේ ගිහින් ඒ ටික ගෙනාවේ.. "

"කුවාන් ඉක්මනට අපේ ගෙදරට පලයන්.. අපේ බෙඩ් රූම් එකට ඉක්මන් කරපන් කුවාන්... "

"ඒකට මට යන්න බෑ ජාන්.. ඔයාලා දෙන්නාට විතරයි අරින්න පුලුවන්... "

"ආ..ශ්.... පුලුවන් යකෝ.. පලයන්.. emergency දීපන්.. ඒකෙන් උබේ eyeiris වලට ගේට් එක ඇරෙයි... ඉක්මන් කරපන් කුවාන්.... "

එහා පැත්තෙන් කුවාන් දුවනවා ඇහෙද්දී ජාන් ඔලුව බදාගත්තා...

"මේ අපි කතා උන විදිහ නෙමෙයි මහත්තයෝ... උබ මොකක්ද මේ කරන්නේ..."

ජාන් ඇහුවේ කොණ්ඩේ ඇඳගන්න ගමන්..

"ජා..න්.. පුතේ.. ඇයි.... "

ග්‍රැනී ඇහුවේ බයෙන් වගේ.. මමාත් ජාන් ලඟට ඇවිත් හිටියත් ජාන් මුකුත් කතා කලේ නෑ...

"හෙලෝ ජාන් මං ඔයාලගේ බෙඩ් රූම් එකේ... "

"ඔය වාස් එක බලපන් කුවාන්.. එකේ ඩයමන්ඩ් ටික තියෙද බලන්න... "

ජාන් කියද්දී කුවාන් ඒ වාස් එක පොලේ ගහන සද්දේ ජාන්ට හොඳට ඇහුනා..

"ඒක හිස් ජාන්.. ඒකේ මුකුත් නෑ... "

"නෑ කුවාන් වෙන්න බෑ.. එහෙම වෙන්නේ කොහොමද...?? ලොකර් එක බලපන් කුවාන්.. ලොකර් එක.... "

ජාන් කියද්දී කුවාන් ලාච්චුව අරිනවා ඇහුනා..

"ඒකේ ටිකක් බොක්ස් එකක් තියෙයි ජාන්.... "

"නෑ...... මාරු වෙන්න විදිහක් නෑ.. කොහොමද... කොහොමද එහෙම....... "

ජාන් බය වෙලා වගේ ආයේ එතනින් නැගිටිද්දී යැන්ග්ගේ මූණේ තිබුන ලා හිනාව කිසි කෙනෙක් දැක්කේ නෑ...

"කුවාන් ඒක වෙන්න බෑ.. ඔය ෆේක් ඒවා කුවාන්.... "

"ජා...න්... තව එක දෙයයි ඉතුරු වෙලා තියෙන්නේ.. මං මේ ටික අරන් යන්නම්.. මාව මැරුවත් කමක් නෑ.. මෙච්චරයි අපිට තියෙන අන්‍තිම බලාපොරොත්තුව.. මං මේ ටික ගෙනියන්නම් ජාන්... "

කුවාන් එහෙන් කියද්දී ජාන් phone එක කනේ තියාගෙනම ඔලුව බිත්තියට ඇනගත්තා...

"මගේ යීබෝ මගේ මහත්තයා.. කුවාන් මාත් එන්නම්.. මාත් දැන්ම මෙහෙන් එන්නම්.. මගේ මහත්තයාට මුකුත් වෙන්න දෙන් නෑ කුවාන් මං... මම දැන් එන්නම්.. "

"එපා ජාන් එපා... ඔයා ඔහෙන් එද්දී පැය නවයක් යනවා අඩුම.. ඒ වෙනකොට වෙන්න තියෙන දේවල් වෙලා ජාන්.. ප්ලීස් ඔහේ ඉන්න.. මට ඔයාව contact කරන්න පුලුවන් ඔහේ හිටියොත්.. අනික ඔයා මෙහෙ එන එක භයානකයි ජාන්.. ඔයා ඉන්න... ප්ලීස්.. "

"නෑ... බෑ... කුවා..... ආශ්.. හෙලෝ.. හෙලෝ.. කුවාන්..... ආහ්හ්හ්හ්... f*uck... "

කුවාන් එහා පැත්තෙන් phone එක තියද්දී ජාන් කේන්තියෙන් phone එක පොලවේ ගහන්න හැදුවත් ඊට කලින් යී ඇවිත් ඉක්මනින් ජන්ගේ අත අල්ලලා phone එක උදුරලා ගත්තා...

"මගේ මහත්තයා.. මගේ යීබෝ... "

ජාන් පිස්සුවෙන් මුමුණන ගමන් එහෙන්ම ඔලුව බදාගෙන බිම වාඩි වෙද්දී මමා වගේම ග්‍රැනී එතන්ට ආවා..

ඈන් ජැක්සන් ගල් ගැහිලා ඉද්දී යැන්ග් මේ දිහා බලන් හිටියේ මූණේ ලා හිනාවක් එක්ක...

"චුටි පුතේ... ඇයි.. සුදු පුතාට ඇයි.... "

"අනේ... ග්‍රැනී.. මමා... උන්.. උන්.. මගේ යීබොව අරන් ගිහින්.. උන් මගේ මහත්තයාව අරන් ගිහින්.. මගේ වැරැද්ද. මං ඇයි එයාව තනියම යැව්වේ.. අනේ මගේ යීබෝ.. මං යන්න ඕනි. ඔව් ඔව් මං යන්න ඕනි.... "

ජාන් පිස්සෙක් වගේ හැසිරෙද්දී යී හිටියේ කුවාන් එක්ක කෝල් එකක..

"යී ජාන්ව එවන්න එපා.. ඔහේ තියාගන්න   මං ලෙලේ අන්කල්ට කියන්නම්.. මේ වෙලාවේ ජාන් එන එක dangerous.. "

"හරි ගගා.. ඔයාත් පරිස්සමින්.. "

යී කියද්දී කුවාන් කෝල් එක කට් කරලා තිබ්බා..

"මං යනවා මගේ මහත්තයාව බේරගන්න මං යනවා.. උන් මහ නරුමයෝ... උන් යීබෝට වද දෙයි.. මගේ මහත්තයාගේ ඇස් වල මං බය දැක්කේ ඔය ප්‍රශ්නෙදි විතරයි.. එයා උන්ට බයයි.. උන් නරුමයෝ නිසා එයා බයයි.... "

ජාන් නැගිටලා යන්න ලෑස්ති උනත් ගෙදර දොරවල් වහලා දාලා තිබ්බා... ජාන්ට යන්න බැරි වෙන්න ඔක්කොම වහලා...

"මේවා ඇරපන් යකෝ... උබලට ඇහෙනවද.. මේවා ඇරපන්.. මට යන්න දීපන්.. මේවා ඇරපන්... මගේ යීබෝ.. මං එනවා..  මේවා ඇරපන් හු%$# "

ජාන් කෑගහද්දී ග්‍රැනී මමා යී ලෙලේ අන්කල් අඬ අඬම ජාන්ව නවත්තන්න හැදුවත් යැන්ග් හිටියේ පාඩුවේ කෑම මේසේ ඉදන් කෑම ගන්න ගමන්.. කාටවත් යැන්ග්ට අවදානේ යොමු උනේ නෑ..

බලන් ඉන්න බැරිම තැන ඈන් වගේම ජැක්සන් හැරුනේ යැන්ග් දිහාට...

"පපා.....  මොකක්ද මේ වෙන්නේ.. "

"වෙන මොකක්ද ඌ වැන්දඹු වෙන්න යන එකේ දුක පිට කරනවා.. අපි යමූ. "

යැන්ග් කට කොනකින් හිනා වෙලා එතනින් නැගිට්ටා.. ජැක්සන් ජාන් දිහා බලලා ලා හිනාවක් දාද්දී ඈන්ත් ඒ පස්සෙන් ගියා..

"උබලා අපිව රැවැට්ටුවා එහෙනම්.. නේද..."

යැන්ග් ගිහින් අහද්දී එතන හිටිය හැමොම යැන්ග් දිහා බැලුවේ ගැස්සිලා... ජාන් නම් හිටියේ මෙලෝ සිහියක් නැතුව...

යැන්ග් ගිහින් අඬ අඬ ඉන්න ජාන්ගෙ කම්මුල් මිරිකලා ඇල්ලුවා..

"අපි බලාගමු මිස්ටර් ශියාඕ ජාන්.... "

යැන්ග් කට කොනකින් හිනා වෙලා ජාන්ව එහෙන්ම තල්ලු කරන් එහාට ගියත් ජාන් හිටියේ ඒ මෙලෝ දෙයක් ඇහෙනවත් දැනෙනවත් සිහියක නෙමෙයි...

"මගේ යීබෝ.... මගේ මහත්තයා.. උබට මුකුත් වෙන් නෑ.. උබට මුකුත් වෙන් නැ.. උබ පොරොන්දු උනා පරිස්සමින් මගේ ලඟට එනවා කියලා.. උබ පොරොන්දු උනා යීබෝ.. මං දන්නවා මාස්ටර් ලියෝ පොරොන්දු රකිනවා කියලා.. ඒ කියන්නේ උබ ආයේ එනවා.. මගේ යීබෝ.. "

ජාන් දැන් සෑහෙන්න වෙලාවක ඉඳන් ඉන්නේ බිම වාඩි වෙලා phone එකේ lock screen එකේ තියෙන එයාලගේ photo එක දිහා බලාගෙන කියවනවා....

(ඕතරීගේ lock screen එක.. 😒 හුවෑහ් 😭 )

දැන් පැය දෙකක් විතර ගෙවිලා ගියත් කුවාන්ගෙන්වත් කෝල් එකක් නැති වෙද්දී ගෙදර හැමෝම හිටියේ කලබල වෙලා.. මමායි ග්‍රැනී දෙපැත්තක ඉඳන් අඬද්දී යී හිටියේ phone එක දිහා බලන් එහාට මෙහාට ඇවිඳ ඇවිඳ..

ජාන් අඬලා අඬලා.. දොරවල් කඩන්න හදලා බඩු පොලේ ගහලා ජනෙල් බිඳලා මහා විනාශයක් කරලා දැන් දොරට හේත්තු වෙලා බිම වාඩි වෙලා පිස්සෙක් වගේ කියවනවා..

කැඩුන බිඳුන ඒවට ජාන්ගේ අත තුවාල වෙලා ලේ ගලන් යද්දී ජාන් බිම ඉඳගෙන phone එක දිහා බලන් කියෝනවා...

"ගගා... අත තුවාල වෙලා.. එන්නකෝ බෙහෙත් දාන්න... "

"බෙහෙත්... හහ් හහ් හා... මගේ මහත්තයාට මොනා වෙලාද කියලා දන්නේ නැතුව ඉන්න මගේ පපුව මීට වඩා වේදනායි යකො... උබලා උබලා මාව හිර කරන්.. මට මගෙ යීබෝ ලඟට යන්න නොදී හිර කරන්.. මගේ යීබෝට මොනා හරි උනොත් මාත් මැරෙනවා යකො.. මාත් මෙතනම මැරෙනවා.... "

"චූටි පුතා....."//

"ගගා..... "

ජාන් වීදුරු කෑල්ලක් අරන් එයාගෙම උගුරෙන් තියාගනිද්දී යී වගේම මමායි ග්‍රැනීයිත් බෙරිහන් දෙද්දී ලෙලේ ඉක්මනට ඇවිත් ඒක අරන් විසි කරේ ලෙලේගෙත් අත කැපිලා යද්දී..

ජාන්ගේ අල්ල දිගේ ලේ බිංදු බිංදු බිමට වැටෙද්දී ජාන් ඒ වැටෙන ලේ බිංදු දිහා බලන් හිටියා...

"මගේ යීබෝ මාව දාලා යන්නේ නෑ.. මගේ මහත්තයා එනවා.. එයාට මුකුත් වෙන් නෑ.."

පැය තුනකුත් යද්දී කුවාන්ගෙන් කෝල් එකක් නැති වෙද්දි යී බලන් ඉන්න බැරිම තැන කුවාන්ට කෝල් කලත් phone එක වැඩ කලේ නෑ. යී හිටියෙත් හොඳටම බය වෙලා. දෙතුන් සැරයක් කෝල් කලත් කුවාන්ගේ phone වැඩ කලේ නෑ.

ටික වෙලාවක් යනකන් මුලු ගෙදරම තිබුනේ සැරින් සැරේට ඇහෙන ඉකියකුයි ජාන්ගේ කියවිල්ලයි විතරයි... 

එක පාරට ජාන්ගේ phone එක ring වෙද්දී ජාන් ඉක්මනින් phone එක අතට ගත්තා.. ඒක පිටරටක unknown number එකක්..

ජාන් ලේ ගෑවිච්ච ගැහෙන ඇඟිලි වලින්ම phone එක answer කලා..

"හෙ.. හෙලෝ.. "

"හෙලෝ... ජාන්... මං... කුවාන්... "

"කුවාන්.. කුවාන්.. දෙයියනේ කුවාන්.. මගේ යීබෝ කෝ.. අනේ එයා හොඳින් නේද.. කුවාන්... කතා කරපන්කෝ.... "

ජාන් අහද්දී ජාන්‍ට ඇහුනේ කුවාන් අඬනවා කියලා...

"කුවා...න්.. මගෙ යී...බෝ කෝ.හ්.. "

"ජා....න්... මා..ස්ටර්...ව හොස්පිල් ඇඩ්මිට් කලා... ඒත්..... "

"කියපන් යකෝ... මගෙන් මැරුම් නොකා කියපන්... මගේ මහත්තයාට ඇයි... එයා හොඳින් නේද... කියපන් කුවාන්.... "

"මාස්ට..ර්ට ටිකක්.. අමාරුයි ජාන්... ඩොක්ටර්ස්ලා එයාට ට්‍රීට් කරනවා.... ඒත්... ජීවිතේ තියෙන්නේ අවදානමක ජාන්... "

"අනේ.... මගේ යීබෝ.... ඇයි ඇයි උබ මට මෙහෙම කරන්නේ මහත්තයෝ.. උබට දුක නෑද... ඇයි උබ මං කියපු විදිහට නොකලේ.... යීබෝ"

ජාන් ආයේ කෑ ගහලා අඬන්න ගත්තා...

"ජා...න්..."

"මං එන්නම්.. මං දැන් එනවා.. එයාට මාව ඕනි.. මං එන්නම්.... "

"ජාන්... අහපන් ජාන්... කලබල නොවී අහපන්.... මෙහේ යුද්ධේ වගේ... දැන් එන්න එපා.. අනික යීබෝ මැරි කරලා කියලා කවුරුත් දන්නේ නෑ.. ප්ලීස්.. මේක අපේ හතුරන්ට හොඳ අවස්තාවක් ජාන්.. ඔයා ඔහේ ඉන්න... එන්න එපා... "

"මොන හු%$# මිනිහෝ කියවන්නේ... ඔය මැරෙන්න වැටිලා ඉන්නේ මගේ මිනිහා යකෝ.. මට ඒකට එන්න බෑද.. මට මගේ මිනිහා ලඟට එන්න බෑද.. එයා ලඟින්ම ඉන්න ඕනි වෙලේ මට එන්න බෑද... ඇයි... ඇයි... කියපන් ඇයි... මගේ යීබෝ.... "

ජාන් ආයේ අඬන්න ගද්දී ජාන්ගේ අතේ තිබ්බ phone එක යී උඳුරලා ගත්තා..

"හෙලෝ කුවාන් ගගා.. "

"යී... ජාන්ව තියාගන්න.. නිව්ස් දාන්න.. ලෝකෙම ගිනි අරන් වගේ.. මේ වගේ වෙලාවකට ජාන්ව එවන්න එපා.. ජාන්ව හංඟන් තියන් ඉන්න.. අපේ උන් ගේ ගාඩ් කරනවා.. බය වෙන්න දෙයක් නෑ."

"යිබෝට කොහොමද කුවාන්.. "

"ගොඩක් අමාරුයි යී.. ජීවිතේ විශ්වාසයක් නැ කියලා ඩොක්‍ටර්ස්ලා කියන්නේ.. එයාලා ගොඩක් උත්සහ කරනවා... "

"අනේ කූ ගගා..  "

"ලෙලේට phone එක දෙන්න යී.... "

කුවාන්ගේ කටහඬ අඬලම බර වෙලා තියෙද්දී යීටත් දරාගන්න බැරි උනා..

"හෙලෝ ලෙලේ අන්කල්.. "

"ඔව් කුවාන්.. "

"ජාන්ව පාලනය කරගන්න බැරි උනොත් වැක්සින් එක දෙන්න... මේ වෙලාවේ අපි ජාන්ව පරිස්සම් කරන්න ඕනි.. "

"හරි කුවාන්.. "

කුවාන් කෝල් එක කට් කරද්දී යී ගිහින් ටීවි එක දැම්මා...

ලෝක ප්‍රකට ප්‍රධාන මාෆියා කල්ලියේ නායක මාස්ටර් ලියෝ ගනුදෙනුවක් අතර සිදු වූ සටනකින් තුවාල ලබා රෝහල් ගත කර ඇත.. ඔහුගේ තත්ත්වය බරපතල වන අතර ජීවිතය අවදානමක පවතී..

වන්ග් පවුලේ අවසාන පුරුක ලෙස සිටින ඔහු තවමත් තනිකඩයෙක් වන අතර ඔහුගේ මරණෙන් වාසි ලබා ගැනීමට අනෙක් මාෆියා කල්ලි සූදානමින්..............


"මගේ යීබෝ මැරිලා නෑ යකෝ.. උබලා මොනාද කියවන්නේ... "

ජාන් කේන්තියෙන් ඇවිත් ටීවි එක ඕෆ් කරලා පොලේ ගහන්න හදද්දී ලෙලේ ගිහින් ඉක්මනට අල්ලගත්තා..

"මගේ සුදු පුතා.. දෙයියනේ මේ පවුලට මොන ශාපයක් වැදුනද මේ........ "

ග්‍රැනී එක පැත්තක ඉඳන් අඬද්දී අනිත් අයත් අඬන්න ගත්තා... ජාන් එන්න එන්නම මුරණ්ඩු වෙද්දී තවත් පාලනය කරගන්න බැරි වෙද්දී ලෙලේ ජාන්ට වැක්සින් එකක් ගැහුවා.. ජාන්ව ටික වෙලාවකට සිහි නැති වෙද්දී ලෙලේ ජාන්ව උස්සන් ගිහින් කාමරේක ඇඳ උඩින් තිබ්බා...

පැයෙන් පැය ගෙවිලා ගියෙ ලෝකෙම ප්‍රධාන නිව්ස් එක මේක වෙද්දී...

පැය තුන හතරක් යද්දී ජාන්ට ආයේ සිහිය ආවා... ජාන් හෙමීට ඇස් ඇරලා වටපිටාව බලද්දී එයා ලඟම ඇඳ ලඟ බිම ඉන්න යීව...

ඊට එහායින් සෝෆා එකේ මමායි ග්‍රැනීයි වාඩි වෙලා අඬා අඬ හිටියා..

"චූටි.... ම....ගේ යී....බෝ....... "

ජාන් කෙඳිරි ගාද්දී යී අමාරුවෙන් ඔලුව ඉස්සුවා... යීගේ ඇස් අඬලම රතු වෙලා...

"මගේ යීබෝට කොහොමද චූටි... "

යීගේ ඇස් වලින් කඳුලු ගලද්දී යී හෙමීට ජාන්ගේ ඔලුව අත ගෑවා....

"මට කියන්න චූටි... මගේ මහත්තයා මාව දාලා ගියේ නෑ නේද.. ආ.. කියන්න චූටි... "

ජාන් කඳුලු පෙරාගෙන අහද්දී යී අඬන ගමන්ම නෑ කියන්න ඔලුව දෙපැත්තට කලා..

ජාන්ගේ මූණට ආවේ වේදනාවත් එක්කම හිනාවක්.....

"මං දන්නවා... මගේ මහත්තයා මාව දාලා යන්නේ නෑ... එයා මට පොරොන්දු උනානේ... එයා හොඳින් නේද චූටි... මාව බලන්න එනවලුද.. ම්ම් චුටි.. "

ජාන් අහද්දී යී ඉකි ගහ ගහ අඬන්න ගත්තේ ජාන්ගේ අතක් තද කරලා මිරිකගෙන....

"ඇයි අඬන්නේ චූටි... කෝ phone එක දෙන්න.. මට යීබෝට කතා කරන්න ඕනි..."

"ගගා.... අනේහ්... යීබෝ හුස්ම ගන්නවා ගගා... එයා හුස්ම ගන්නවා..."

"ඔව් ඔව්.. එයා හුස්ම ගන්නවා.. මං හුස්ම ගන්නවා කියන්නේ එයා හුස්ම ගන්නවා.. එයා හුස්ම ගන්නේ නැත්නම් මාත් හුස්ම ගන්නේ නෑනේ චූටි.... මොකද අපි දෙන්නාම එක්කෙනෙක්නේ...  "

ජාන් කිව්වේ ලාවට හිනා වෙලා....

"අනේ ගගා..... "

"හරි කෝ.. මට යීබෝට කෝල් එකක් ගන්න ඕනි.... "

"ගගා.. අහන්න ගගා.. එයා කරන්නේ හුස්ම ගන්න විතරයි ගගා... එච්චරමයි... එයාගේ හාට් එක ගැහෙනවාලු.. එච්චරයි.. ඔයාගේ යීබෝ කරන්නේ හුස්ම ගන්න එකම විතරයි ගගා...."

යී කියද්දී ජාන්ගේ ඇස් වලින් කඳුලු වැක්කෙරෙන්න ගත්තා... ජාන් වචනයක්වත් කතා කලේ නෑ... ඇස් පියාගෙන ඔහේ ඇඬුවා.....

"මට මගේ මහත්තයාව බලන්න දැන්වත් යන්න දෙනවලුද චූටි.... "

හුඟ වෙලාවකට පස්සේ ජාන් ඇහුවේ එච්චරයි....

"එයා එනවා ගගා.. කුවාන් ගගා එයාව මෙහෙ එක්ක එනවා.. ඔයාට යීබෝ ගගා ලඟින්ම ඉන්න පුලුවන්... "

"මගේ මහත්තයා එනවා.... "

ජාන් කිව්වේ වේදනාව අතරින් හිනා වෙලා...

දීර්ඝ සැත්කමකින් පස්සේ යීබෝගේ හුස්ම විතරක් බේරගන්න පුලුවන් උනා කියලා කුවාන් කෝල් කරලා කියලා තිබ්බා... යීබෝ ඉන්නේ කෝමා වෙලා නිසා යීබෝගේ තත්ත්වේ එක්ක ජාන් යීබෝ ලඟින් ඉන්නම ඕනි නිසා යීබෝව කුවාන් චීනෙට අරන් එනවා කියලාත් කියලා තිබ්බා..

"ගගා.. අපි යමුද... ගෝල්ඩන් පැලස් එකට යන්න කියලා කිව්වා... "

"ඇයි... ඇයි අපේ ගෙදර.... "

"හදිස්සියක් උනොත් හොස්පිල් එක්ක යන්න ඕනි නිසා ගෝල්ඩන් පැලස් එකට යන්න කිව්වා.. "

යී කියද්දී ජාන්වත් ලෑස්තිකරන් හැමෝම ගෝල්ඩන් පැලස් එකට ගියා.. ඒ වෙනකොටත් ගෝල්ඩන් පැලස් එක මීඩියා වලින් වට කරලා තිබුනා...

තවත් පැය දෙකක් තුනක් යද්දී හෙලිකොප්ටර් එකක් ගෝල්ඩන් පැලස් එකට ලෑන්ඩ් කරද්දී මීඩියා වලට එන්න බැරි වෙන්න වටේම ආරක්ෂාව දීලා තිබුනා..

කුවාන් වගේම තව දෙනෙක් තුන් දෙනෙක් ඇඳකම තියාගෙන යීබෝව අරන් එද්දී ජාන්ට දැනුනේ එයාගේ පපුව නැවතුනා වගේ..

ඔක්සිජන් සේලයින් එක්ක ඉක්මනින් යීබෝව පහල තට්ටුවේ ලෑස්ති කරලා තිබ්බ කාමරෙන් තියද්දී ඩොක්ටර්ස්ල වගේම නර්ස්ලා කඩිසරෙන් එහෙ මෙහෙ දිව්වා...

යීබෝට එහෙන් මෙහෙන් මැශින් හයි කරද්දී කිසි හැල හොල්මනක් නැතුව ඇඳේ වැතිරිලා ඉන්න යීබෝ දිහා ඇහිපිය නොහෙලා ජාන් බලන් හිටියේ කඳුලු විතරක් ඇස් වලින් ගලන් යද්දී...

වටේ ලෝකේ මොනා උනත් ජාන්ගේ ඇස් තිබුනේ යීබෝගේ ලඟ විතරයි... ටික වෙලාවකින් ජාන්ගේ කකුල් පණ නැතුව යද්දී ජාන් එක පාරට වැටෙන්න යද්දී කුවාන් ඉක්මනින් ජාන්ව අල්ලගත්තා..

"මාස්ටර් සීන්.... "

"මගේ යීබෝ... එයා නිදි... මට මෙච්චර වේදනාවක් දිලා එයා සැනසිල්ලේ නිදි කුවාන්.. මගේ යීබො... මගේ මහත්තයා...."

ජාන් වැනි වැනිම වගේ යීබෝ ලඟට ගිහින් යීබෝගේ කම්මුල් හිමිට අත ගෑවා.. බැන්ඩේජ් කරලා ප්ලාස්ටර් ගහලා කටු ගහලා තියෙන තැන් හෙමීට අත ගෑවා...

"රිදෙනවද මහත්තයෝ... "

"ඇස් ඇරපන්කෝ යීබෝ... උබේ ජාන් දිහා බලන්නකෝ මහත්තයෝ.. පරිස්සමින් එනවා කියලා උබ පොරොන්දු උනා යීබෝ... ඇයි බන් මට මෙහෙම දුකක් දුන්නේ.. කතා කරන්නකෝ මහත්තයෝ.. ඇස් අරින්නකෝ මගේ දෙයියෝ.. කුවාන්.. මගේ යීබෝට ඇස් අරින්න කියන්නකො.. ග්‍රැනී මමා ඔයාලගේ සුදු පුතාට ඇහැරෙන්න කියන්නකෝ.. චූටි.. එයාට කියන්නකෝ එයාගේ මහත්තයා අඬනවා කියලා.. එයාගේ ජාන් අඬනවා කියන්නකෝ.... යීබෝ...... ඇහැරෙන්නකෝ..... මට පාලුයිනේ මහත්තයෝ.. "

ජාන් යීබෝව තුරුල් කරන් එක පාරම කෑ ගහලා අඬන්න ගද්දී කුවාන් අනිත් හැමෝටම එලියට යන්න කියලා දොර වැහුවා....

"මාස්ටර් සීන්...... "

"කුවාන් මගේ යීබෝ.... "

"මාස්ටර් සීන්... මේ වෙලාවේ ඔයා දුර්වල වෙලා බෑ මාස්ටර් සීන්..... "

"මගේ යීබෝ........... "

කුවාන් කියන දේ නාහා ජාන් හිටියේ යීබොව බදාගෙන අඬන ගමන්... කුවාන් බර හුස්මක් පිට කලා...

"මාස්ටර්... මං එලියෙන් ඉන්නම්... "

ජාන්ට ඇති වෙනකන් අඬන්න දීලා කුවාන් දොර වහගෙන එලියට ගියා.. ඩොක්ටර්ස්ලා එක්ක කතා කරලා එයාලව යැව්වා...

ග්‍රැනී මමා යී ලෙලේ අන්කල් එක්ක කුවාන් හිටියේ විස්තර කතා කර කර...

"දැන් මොකද කුවාන් කරන්නේ...?? "

"මෙහේ සේවකයො ඉන්නවනේ.. මිස්ටර් ජාන් මෙහෙ ඉදියි.. මාස්ටර් එක්ක.. ලෙලේ යීවයි මමාවයි එක්කගෙන බ්ලැක් පැලස් එකට යන්න... මිසිස් වන්ග්.. ඔයාත් ආයේ crystol palace එකට යන්න.. මං කිව්වා ඒක අස් කරලා දාන්න කියලා.. "

"ම්න්... එතකොට කුවාන් ඔයා.. "

"මං හෙට උදේම ඉතාලි යනවා.. ලොකු ප්‍රශ්නයක් නැත්නම්... "

"කුවාන් පුතේ... යැන්ග්...."

"ම්න්.. මට යී කිව්වා.. ඒකත් බලමූ මමා... ඔයාලා දැන් යන්න.... "

කුවාන් හැමෝවම පිටත් කරාට පස්සේ ජාන් ටිකකින් කාමරෙන් එලියට ආවේ ඇවිඳින මල මිනියක් වගේ..

"කුවාන් මට කෝපි එකක්... "

ජාන් කිව්වේ එතනම සෙටියෙන් වාඩි වෙලා..

"මාස්ටර් සීන්.... "

"මට නිදහසේ ඉන්න දෙන්න කුවාන්..... "

ජාන් කියද්දී කුවාන් මුකුත් නොකියා එතනින් එහාට ගියා.. ජාන් කෝපි එකත් තියාගෙන සිගරට් එකක් බොන ගමන් පුටුවට ඇල උනේ වචනයක්වත් කතා නොකර.....

.
.

එදා මුලු රෑම ජාන් හිටියේ යීබෝගේ කාමරේ ඇඳ ලඟ ඉඳගෙන....

ඊලඟ දවසේ උදේම කුවාන් ආයෙත් ඉතාලි ගියේ ඒ ගෙදර යීබෝවයි ජාන්වයි තනි කරලා.. උදේම ඩොක්ටර් ඇවිත් බලලා බෙහෙත් දීලා ගියා..

ජාන් හිටියේ සාලේ තියෙන සෝෆා එකේ වාඩි වෙලා ඇස් පියාගෙන සිගරට් එකක් බොන ගමන්... ඉවර උන සිගරට් කොට පහ හයක් ඈශ් ට්‍රේ එකෙ තිබුනා....

මෙච්චර වෙලා ජාන් බලාපොරොත්තු උන සපත්තු අඩි සද්දේ ටිකෙන් ටිකෙන් තමන් ලඟට එද්දී ජාන්ගේ කට කොනට ආවේ හිනාවක්...

සපත්තු අඩි සද්දේ ජාන් ලඟින්ම නවතිද්දී ජාන් ඇස් ඇරලා ඒ දිහා බැලුවේ උරපු දුම් ටික පිට කරන ගමන්...

"තමුසෙගේ රඟපෑමට ඔස්කා දුන්නත් මදිනේ මිස්ටර් ශියාඕ ජාන්....." 

ඒ මනුස්සයා කියද්දී ජාන් කට කොනකින් හිනා උනා.....

.
.
.
.
.
.
.

"වාඩි වෙන්න මිස්ටර් යැන්ග්.... "

.
.
.
.
.
🥀kaushy......

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉 හී...🙂 ඇඬෙව්වේ නැ ඔන්න.. 😒 මාස්ටර් ලියෝගේ හුස්ම හරි ඉතුරු කලානේ.. හුහ්.. 😒

👉 ඇත්තටම මොකද වෙන්න ඇත්තේ.. ඇයි diamond මාරු උනේ...??

👉 ජාන් කලේ රඟපැමක්ද...??

👉 යැන්ග් එක්ක ජාන්ගේ සම්බන්දේ මොකක්ද...??

👉 හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කියනවනේ... 🙂💥

👉 ගිහින් එඤ්ඤං 😘❤️

(3772 words)

Continue Reading

You'll Also Like

72.5K 9.8K 36
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
79.8K 13.7K 31
Don't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your...
1.9K 479 8
නොලද ආදරේනිසා හනාහකී පපුවේ මුල් බැහැගන්න්වාලු... පස්සේ, ඒ වේදනාවනිසාම මුල්ගිය ආදරේ දලුදාලා... අතු ලියලලා... මල් පිපෙන්න ගන්නවලු... මැරෙන්න කලින් එකමඑ...
257K 45.6K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)