HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈Chapter 27😈

1.9K 365 104
By kaushi_vi_ed


Chapter 27

මට cover එකක් හබුනානේ... ලස්සනයි නේද.. thankui chethana නංගෝ.. 💚❤️😘

👈

දෙන්නාම ඇතුලට යද්දීම training කර කර හිටිය soldiersලා කිහිප දෙනෙක්ම ඉක්මනට ඔලුව නමලා ආචාර කලා...

"Master.."

"Leave.. "

යීබෝ කිව්වේ එච්චරයි... ඒ හැමෝම ඉක්මනින් එතනින් පිටත් උනා...

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

ජාන් ටිකක් ඉස්සරහට ගියා... එතන තිබුනේ තනිකරම හිස් වීදුරු කාමරයක්.. කිසිම දෙයක් තිබුනේ නෑ... ජාන් පුදුම වෙලා බලන් ඉද්දී යීබෝ එතනම තිබ්බ පොඩි කැබින් එකට ගියා...

"ජාන් එන්න.... "

යීබෝ කතා කරද්දී ජාන් ඇතුලට ගියා.. ඒකේ තිබුනේ පොඩි computer එකක්... යීබෝ ඒකට log වෙලා start click කරපු ගමන් අර වීදුරු කාමරේ ඇතුලේ සම්පූර්ණෙන් ගේම් එකක් වගේ උනා....

කණු කණු ගොඩක් තියෙන පරණ බිල්ඩින් එකක් වගේ.. ඒ වගේම තැනින් තැන soldiersලා එහෙ මෙහෙ ඇවිඳ ඇවිඳ හිටියේ guns අතේ තියාගෙන.... ඒක හරියට තනිකරම 3D game එකක් අස්සට ගියා වගේ උනා...

යීබෝ ඒකේ hard level එක click කරලා එතන තිබුන කණ්නාඩි දෙකකුත් දාගෙන පිස්ටල් දෙකකුත් අතට අරගත්තා...

"බලන් ඉන්න.... "

යීබෝ එහෙම කියලා එතන තිබ්බ දොර ඇරගෙන ඇතුලට ගියා.. ජාන් හිටියේ එලියේ ඉඳන් බලාගෙන..

යීබෝ අත් දෙකට පිස්ටල් දෙක අරන් ඉස්සරහට එන හැම එකාටම හරියටම ඒම් කරලා.. එහෙට මෙහෙට හැම තැනටම වෙඩි තිබ්බා... ඒ වගේම එන උන් එක්ක ෆයිට් කලා...

ටික දුරක් එහෙම ගිහින් කණුවකට මුවා උනා... ආයෙත් වෙඩි තිබ්බා....ආයේත් මුවා උනා...

ජාන් යීබෝ දිහා බලන් හිටියේ පුදුමෙන්.. යීබෝ ඒ හැමෝම එක්ක හොඳටම සටන් කලා... අන්තිමට ඔක්කොමට ගහලා මරලා එහා පැත්තට ගිහින් තිබ්බා.. ජාන් බැලුවේ computer screen එක දිහා.. ඒකේ blood එක දශමයක්වත් අඩු වෙලා නෑ.. ඒ කියන්නේ යීබෝට තුවාල වෙලාවත් නෑ.. ජාන්ගේ මූණට ආවේ ආඩම්බර හිනාවක්...

"ආ... තමුසේ යනවා දැන්...."

යීබෝ level 1 දාලා ජාන්ව ඇතුලට යැව්වේ අතට එක පිස්ටල් එකක් දීලා... ඒක ගොඩක් අමාරු උනේ නෑ.. තැනින් තැන හිටියේ soldiersලා දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි..

ජාන් level 1 එක හොඳටම face කලා.. ඒත් යීබෝ ජාන්ට එලියට එන්න එපා කියලා level 2 එකට දැම්මා... එතනදි අන්තිම මොහොතේ ජාන්ගේ එක අතකට වෙඩි වැඳුනා.. ඒකෙන් blood level එක චුට්ටක් අඩු උනා..

ඒත් යීබෝ එහෙන්ම level 3 එකට දැම්මා... එතනදිත් ආයේ වෙඩි වැදුනා වගේම ෆයිට් එකකදි එක soldier කෙනෙක්ගෙන් කකුලකට පහරක් වැඳුන නිසා blood level එක තව අඩු උනා...

Level 4 එක වෙනකොට වෙඩිත් වැදිලා ගුටිත් කාලා ජාන්ගේ blood level එක තිබුනේ භාගයයි..  යීබෝ ජාන්ගේ අතට තව පිස්ටල් එකක් දීලා level 5 දැම්මා... ඒ කියන්නේ hard level එක...

ජාන් පිස්ටල් දෙකෙන්ම වෙඩි තියාගෙන ඉස්සරහට ගියත් අඩි දෙක තුනක් යද්දි ඔලුවටම වැදුන වෙඩි පාරකින් මැරුනා...

"Game Over "

එහෙම sound එකක් ඇවිත් මුලු හෝල් එකම ආයේ සම්පූර්ණෙන් හිස් උනා...

"එලියට එනවා... "

යීබෝගේ කටහඬ ඇහුන නිසා ජාන් එතනින් එලියට ඇවිත් control unit එකට ගියේ හිනාවක් දාගෙන...

"මොකද හිනා වෙන්නේ... යවන්න හිතෙනවා දත් ටික බඩට.. ඉවරයිනේ තමුසෙ මලා.. ඉතින් කොහොමද කියනවකෝ මං system එක hack කරන අතරේ තමුසෙව ඇතුලට යවන්නේ.. මැරිලා වැටිලා තියෙයි... "

යීබෝ බැනගෙන බැනගෙන යද්දී ජාන් කටත් ඇඳ කරලා ගිහින් පුටුවෙන් වාඩි උනා..

"Level 2 එකෙන්ම අතට වෙඩි වද්දගත්තා.. ඊට පස්සෙත් වෙඩිත් කාලා ගුටිත් කෑවා..  අන්තිමට ඔලුවටම වෙඩි වද්දගෙන මලා.. game එකක් නිසා හොඳයි.. නැත්නම් කෝමත් තමුසේ මඟදිම මැරිලා.. "

"මට ඉතින් තමුසෙට වගේ ඕවා බෑ යීබෝ.. මං එහෙම ලොකුවට ඉගෙනගෙන නෑ.. "

"යැයි යැයි තමා... කට විතරයි.. එනවකෝ වීඩියෝ එක බලන්න.. මං වැරදි ටික කියා දෙන්නම්.. "

යීබෝ ජාන් play කරපු වීඩියෝ එක play කලා...

"මේ මෙතන තමුසේ කණුවට මුවා වෙලා ඇස් දෙකත් වහන් මක් කලාද ජාන්.. ඒ එක්කම එලියට ගියා විතරයි කකුලටයි බඩටයි වෙඩි දෙකක් වැදුනා... "

යීබෝ ඇහුවේ රවලා...

"මං ටිකක් මහන්සි ඇරියා... "

"අනේ ඇත්තමයි මට තමුසේගේ ඔලුව හිල් කරන්න හිතෙනවා.. අපි ඒ කණුවකට මුවා වෙන්නේ මහන්සි අරින්න නෙමෙයි.. ඊලඟ ඉලක්කෙට රෙඩි වෙන්න බන්.."

"ඈහ්.... "

"හ්ම්.. මෙහෙමයි.. අපිට ඉස්සරහා හිටපු අයව නෝට් කරගන්න එයාලා හිටපු තැන් එක්ක.. ඒ එක්කම කාටද ශූට් කරන්නේ කියලා තීරණය කරලා අනිත් තැනට යද්දී හරියටම උන්ට ශූට් කරන්න ඕනි... "

"ආ.......... "

"එනවකෝ මාත් එක්ක මං කියා දෙන්නම්.."

යීබෝ ජාන් එක්ක ගිහින් මුල ඉඳන් face කරන්න ඕනි විදිහ අවදානේ තියන් ඉන්න ඕනි විදිහ කියා දුන්නා.. අන්තිම වෙද්දී level පහම complete වෙද්දී ජාන්ට වෙඩි වැදිලා තිබුනේ දෙපාරයි...

"අනේ දැන් ඇති.. මට හති.... "

අන්තිමට ජාන් එතනම බිම පෙරලුනා.. උදේ පාන්දර ආපු ගමන් දැන් රෑ එකොලහත් පහු වෙලා තිබුනා... දෙන්නාම පොඩි හරි රෙස්ට් එකක් ගත්තේ කෑම කන වෙලාවට විතරයි..

යීබෝ මේවාට මෙච්චර දක්ෂ උනේ පොඩි කාලේ ඉදන් ඉගෙනගෙන.. ඉතින් එහෙම එකේ ජාන් මේ මට්ටමට ඉන්නවා කියන එක ලොකු දෙයක් උනා.. යීබෝ උඩින් කේන්තියෙන් වගේ හිටියත් හිත යටින් සතුටින් හිටියේ ජාන් ඉක්මනට ඒවා අල්ලගත්ත නිසා..

එතනින් එදා දවසේ training ඉවර කලා.. ඊලඟ දවසේ ආයෙත් යීබෝ ජාන්ව උදේම බලෙන්ම ඇඳගෙන ආයේ ආවේ training room එකට.. හැබැයි ඊයේ එක නෙමෙයි වෙන එකක්...

ඉස්සරහා මිනිස් රූප ගහලා තිබුනා එතනම තිබුන පොඩි කැබින් එකක තිබුනේ එක එක ජාතියේ ගන්ස්...

"තමුසේ මැශින් ගන් පාවිච්චි කරන්න දන්නවද ජාන්... ?? "

"හෑ....හ්.. පිස්සුද.. මං යුද්ධෙට ගිහින් නෑ.."

"එහෙනම් එනවා කියාදෙන්න... "

"ඒ මොකටද.. ඕවා අරන් මං යුද්ධෙට යන්නද..?? "

"බක පණ්ඩිතයෙක් නොවී මෙහෙ වරෙන්.."

යීබෝ ජාන්වත් ඇඳගෙන ගිහින් අතට මැශින් ගන් එකක් දුන්නා..

"අම්මටසිරි කිලෝ විස්සක් විතර බරයි ඒක..."

"ඇයි උස්සගන්න අමාරුද...?? "

ජාන් ගන් එක අතට අරන් කියද්දී යීබෝ ඇහුවේ රවාගෙන.. ජාන් කට කොනකින් හිනා වෙලා ගන් එක හරියට උස්සගත්තා...

" කිලෝ සීයක් විතර බර තමුසෙව වඩාගෙන කරන්න පුලුවන් නම් මට මේක මොකක්ද මාස්ටර් ලියෝ... "

ජාන් කටත් හදලා ලොකුකමකින් වගේ කියද්දී යීබෝ රවලා හයියෙන් පාරක් ජාන්ගේ පස්සට ගැහුවා...

"උබේ ඔක්කොටම වඩා වල්කම වැඩියි.. ඒකයි ප්‍රශ්නේ.. හැරියන් අනිත් පැත්ත... "

යීබෝ ජාන්ගේ කනට හෙඩ්සෙට් එකක් දාලා ඇස් වලට කණ්නාඩියක් දැම්මා.. යීබෝ ජාන්ව අනිත්පැත්ත හැරවලා ජාන්ගේ පිටිපස්සෙන් හේත්තු උනා..

"එක කකුලක් ඉස්සරහින් තියන්න... ගන් එක උස්සන්න.. "

යීබෝ කියද්දී ජාන්ගේ මූණට ආවේ හිනාවක්..

"මොකො තමුසේ හිනා වෙන්නේ... "

"දෙයක් මතක් උනා... "

"මොකක්ද... ?? "

"තමුසේ මුලින්ම මට ශූට් කරන්න උගන්නපු දවස... "

"ඉතින් මොකද.. "

"මහ ලොකුකමින් මාව ඇගට හේත්තු කරන් ශූට් කරන්න ඉගැන්නුවට තමුන්ගේ ඔය නාහෙට අහන්නේ නැති මොන්ස්ටර් බේබි එදාත් හිටියේ මට ඇන ඇන... "

"ඇත්තට.... එහෙනම් මොකෝ අයින් උනේ නැත්තේ... ?? "

"හේතුව මේ වෙනකොට ඔයත් දන්නවා මාත් දන්නවනේ යීබෝ... ඇත්තමයි ඔක්කොමත් හරි ඔය ලොකුකම තමයි මට ඒකාලෙත් දිරෙව්වේ නැත්තේ... "

"අහා.. ඇති හැරෙනවා ඉස්සරහා.. මෙතන කියව කියව ඉන්න කාලයක් නෑ.. "

යීබෝ ආයේ ජාන්ව හරවද්දී ජාන් ඉස්සරහා හැරුනේ කටත් ඇඳ කරලා..

"පිස්ටල් එකේ මිට උරහිසට තියලා තද කරගන්නවා.. මට මේක කරලා පෙන්නන්න බෑ මගේ තුවාලේ නිසා.. අන්න හරි එහෙම තද කරගන්න. උරහිස් ලූස් කරන්න එපා තද කරගන්න... "

"හරි දැන් ඉස්සරහා තියෙන බටේ අනිත් අතින් අල්ලගන්න.. ඔච්චර ඉස්සරහින් එපා මේ හරියෙන්.. කම්මුලට තද කරගන්න ගන් එක.. දැන් ඒම් කරලා ශූට් කරන්න... "

"ජාන් උරහිස් තද කරගන්නවා.. ඇහැ ගලෝගන්නද ඕනි.. ම්න්. දැන් ශූට් කරනවා... "

යීබෝ ජාන්ව හරියට හදලා ටිකක් එහාට උනා.. ජාන් ඔලුව ඒම් කරලා වෙඩි තිබ්බත් ජාන්ව අඩියක් පස්සට විසි වෙද්දී ඒක පිට ගියා...

"ආ...හ්......."

ජාන් කෑ ගැහුවේ උරහිස අල්ලන්...

"ආයිශ්... මං කිව්වා උරහිස් තද කරගන්න කියලා... ඉස්සරහට බුලට් එක යද්දි ඒ pressure එක එන්නේ පස්සට.. උරහිසට ගන් එක තියලා හොඳට හිර කරගන්න.. කෝ ආයේ... "

යීබෝ කියද්දී ජාන් ආයේ ශූට් කලා.. තාම එකක්වත් හරියට නොවැදුනත් ටික ටික ජාන් ගන් එක අල්ලන්න පුරුදු උනා..

දැන් ගන් එක හුරු උනත් ජාන්ට ශූට් කරපු එකක්වත් හරියට තියාගන්න බැරි උනා.. ඔක්කොම පිටට ගියේ..

"උබට වෙන වෙන ඒවා නම් පිටට නොයන්න ගාන්ට ඒම් කරලා ගහන්න පුලුවන්.. මේක බෑ... අවදානේ හරියට දීලා ශූට් කරනවා... "

යීබෝ කෑ ගහද්දී ටික ටික ජාන්ට ගන් එක හුරු උනා... ඒත් ඒම් එකට නම් තියාගන්න බැරි උනා.

හවස් වරුවේ යීබෝ ජාන් එක්ක ගියේ තව රූම් එකක්ට...

"මේ මොකක්ද... "

ජාන් ඇහුවේ එහාට මෙහාට ගිහින් තියෙන ලේසර් රේ දිහා බලලා..

"ඔයාට ඇතුල් වෙන්න තියෙන්නේ high security area එකකට ජාන්.. මාකෝ කියපු විදිහට මේක අනිවාර්‍යෙන් තියෙනවා.. "

"ඉතින් ඒකටනේ යීබෝ තමුන් system එක  hack කරන්නේ.. "

"ඔව් ඒත් පුරුදු වෙන්න... අවදානමට පෙර සූදානම.. බලන් ඉන්න මං එහාට යන්නම් මුලින්ම... "

යීබෝ එහෙම කියලා එහාට මෙහාට ගිහින් තියෙන lacer ray අතරින් ඉස්සරහට යන විදිහ ජාන් බලන් හිටියේ ඇසුත් ලොකු කරන් කටත් ඇරගෙන.. music එකක් තිබ්බා නම් බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ ඩාන්ස් එකක් වගේ..

යීබෝගේ ඇඟ මාරම flexible උනා.. ගාණට එහාට මෙහාට නැමිලා ඒ ඔක්කොම මඟ ඇරලා අනිත් පැත්තට ගියා..

"Woow "

"දැන් ඔයා යන්න ජාන්.. "

"මට බෑ... මට ඕවා කරන්න බෑ යීබෝ.. මං ඩාන්සින් කරලා නෑ.. "

"ඒකට කමක් නෑ හැමදාම පාන්දරට warmup කරනවනේ ඔය flexible ඇති.. අවදානේ තියාගෙන යන්න... "

යීබෝ බලෙන්ම වගේ ජාන්ව යැව්වත් ජාන්ට ඒක ලොකුවට කරගන්න බැරි උනා..

"Practise කරාම හරියයි.. "

මේ විදිහට දවස් පහක් විතර එක දිගට කලේ ජාන්ව train කරන එක.. එක එක දේවල් එක එක විදිහට හැමදේම වගේ පුලුවන් විදිහට යීබෝ ජාන්ට කියලා දුන්නා.. 

.
.
.

"ආහ්.. අහ්හ් අම්මෝ.. අන්න හරි.. එතන ටිකක් මසාජ් කරන්න යීබෝ.. "

"කොතනද මෙතනද.. "

"තව ටිකක් පහල අන්න හරි.. ආහ් අම්මෝ.. මාව මැරෙයි වගේ.. උණවත් ගැනෙයි... "

"තමුසෙගේ ඇඟ හරි හොර ඇඟක් ජාන්.. ඒකයි වෙලා තියෙන්නේ.. "

"ම්හ්ක්.. මට මේවා හුරු නෑ යීබෝ.. ම්ම්.. මං දවසම කරන්නේ මොලේ වෙහෙසන එක මිසක් ඇඟ වෙහෙසන එක නෙමෙයි.."

කරාටි වගේ සටන් ක්‍රම ගැන training එකකට පස්සේ රෑ ජාන් හිටියේ ගෙම්බා පොලේ ගැහුවා වගේ ඇඳේ හතරගාතේ දාලා නිදාගෙන ඇස් පියාගෙන.. යීබෝ හිටියේ ජාන්ගේ ඇඟ මසාජ් කරන ගමන්..

"මේවත් පුරුදු වෙන්න... "

යීබෝ ජාන්ගේ පිට මසාජ් කරන ගමන් හිටියේ සැරින් සැරේට තැන් තැන් වලට පොඩි පොඩි සිපුම් තියන ගමන්..

"මෙච්චර මේවා පුරුදු වෙන්නේ මොකටද යීබෝ.. ඔය මැශින් ගන් එහෙම මට ඕනි වෙන්නේ නෑනේ... "

ජාන් කියද්දී යීබෝ මුකුත් නොකියා ජාන්ගේ පිට දිගේ කිස් කරන්න ගත්තා..

"ම්ම්ම් යීබෝ කියන්නකෝ. "

ජාන් ඇහුවේ ඔලුව උස්සලා යීබෝගේ උකුල උඩින් ඔලුව තියාගන්න ගමන්..

"මේවා ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි ජාන්.. අනික කවදා හරි මං නැති උනොත් ඔයා ම්ම්ම්හ්හ්ක්ක් "

යීබෝ කියන් යද්දී ජාන් ඒක කියන්න නොදී යීබෝගේ තොල් අල්ලගත්තේ නිපල් එකක් හයියෙන් මිරිකන ගමන්..

හුඟ වෙලාවක් රිදෙන්න යීබෝගේ තොල් සිපගත්ත ජාන් ඒවා අත ඇරියේ කටට ලේ රහක් එද්දී...

"ඕක කියන්න එපා කියලා මං තමුසෙට කොච්චර කියනවද යීබෝ..... ආ.... උබට කියන දේ තේරෙන් නෑද... ඇයි ඇයි උබ එකම දේ ආයි ආයි කියන්නේ... "

"ආහ් අහ් බන් රිදෙනවා මගේ නිපල් එක අත අරිනවකො.. "

"ඇයි යීබෝ මගේ හිත රිද්දන්නේ.. ඔයා ඔහොම කියද්දී මගේ පපුව රිදෙනවා ඒයි.. ඔයා නැති ජීවිතයක් ගැන එක තප්පරේකටවත් හිතන්න මං බයයි මහත්තයෝ.. ඕකම පුන පුනා කියන්න එපා... හික්.. "

ජාන් ඇස් වල කඳුලු පුරවන් යීබෝගේ පපුවට අත මිට මොලවලා ගහන ගමන් කියද්දී අන්තිම වචන වෙව්ලලා ගියේ ඉකියක් පිටවෙද්දී....

"ඒ.. ඒ.. කෝ ජාන්.. අඬනවද... එයි.. කෝ එන්න... සොරි ඉතින්... කෝ.. "

යීබෝ ජාන්ව එහෙන්ම පපුවට තුරුල් කරගනිද්දී ජාන් යීබෝගේ පපුව අස්සේ මූණ ගහන් අඬන්න ගත්ත.. ඉකි ගහ ගහ ටී ශර්ට් එක මිරිකන් අඬන්න ගත්තා..

"ජාන්... ඇති දෙයියෝ දැන්.. කෝ.. ඔලුව උස්සන්නකෝ ඒයි... "

" යී..බෝ... ඔයාට මං හැම වෙලේම.. ඔහොම කිව්වොත් ඔයාට කොච්චර රිදෙයිද.. ම්ම්.. යීබෝ.. ඔයාට කොච්චර කේන්ති යයිද.. ඕකම ආයේ ආයේ කියද්දී මට බය හිතෙනවානේ මහත්තයෝ.. ඇයි මට මෙහෙම රිද්දන්නේ. මාත් උබට පපුව පිරෙන්නම ආදරෙයිනේ යීබෝ.. හැමවෙලේම ආදරේ නොපෙන්නුවට මගේ පණටත් වඩා ආදරෙයිනේ යීබෝ.. ඔයාට ඒක දැනෙන් නෑද මහත්තයෝ මෙහෙම කුණු කතා කියන්නේ... "

ජාන් අඬන ගමන්ම නහය උඩට අඳින ගමන් කියද්දී යීබෝ ජාන්ව තව තව තුරුල් කරගත්තේ ජාන්ගේ නලලෙන් තොල් තියාගෙන තද කරගෙන... මේ වෙද්දී යීබෝගේ ඇස් අගත් කඳුලු බිංදුවක් තිබුනා..

"සොරි ජාන්.. ආයේ කියන් නෑ. ආයේ හිත රිද්දන්නේ නෑ ප්‍රොමිස්... අඬන එක නතර කරන්නකෝ ඒයි... උබේ කඳුලු මට බලන් ඉන්න බෑනේ දෙයියෝ.. ම්න්.. කෝ.. ඇති දැන්.. මගේ හොටු කොල්ලා.. ටැප් එක අරින්නත් පුරුදු වෙලා... "

"මෙහෙම ජීවත් උනාට මගේ හිතත් දන්නවා යීබෝ අපි දෙන්නාගේම ජීවිත තියෙන්නේ අවදානමක කියන්න... ඒක සැරින් සැරේ මතක් කරන් හිත රිද්දගන්නේ ඇයි.. ම්ම්. මගේ ආදරෙ දැනෙන් නෑද යීබෝ... "

"ඇති ජාන් දැන්.. උබේ ආදරේ මට ඕනිවටත් වඩා දැනෙනවා.. උබ බන් බොලං  කියාගෙන හිටියට හැම වෙලේම ආදරෙයි කියලා නොකිව්වට ඔය බැල්මෙන් පවා ඒ ආදරේ දැනෙනවා ජාන්.. මං ආස ඒ ආදරේට.. පිටට නොපෙනෙන හිතෙන් පැලෙන්න කරන ඒ ආදරේට... දන්නවද ඒයි..... "

ජාන්ගේ ඇඬිල්ල නතර වෙලා පපුවට තුරුල් වෙලා ඉද්දී යීබෝ ආයේ ජාන්ගේ නලලින් තොල් තියලා ගැඹුරු සිපුමක් තිබ්බා...

"වැඩ කරන අස්සේත් උකුලෙන් වාඩි වෙලා ඉද්දී... ඊරිසියා හිතුනාම රවද්දී.. හිතෙන හිතෙන වෙලාවට හපද්දී.. අඩුම මගේ නිපල් එකක් හරි මිරිකුවත් ඒ ඔක්කොගෙම තියෙන්නේ ආදරේ කියන්න මං දන්නවා ජාන්.. එක වගේ ගල් හිත් දෙකක් තියෙන අපි දෙන්නා ආදරේ කරන විදිහ වෙනස් ඇති.. ඒත් ලෝකෙට පේන්න වචන වලින් කරන ආදරේට වඩා මේ ආඩම්බර ආදරේ හරි ගැඹුරුයි ජාන්..."

යීබෝ කිව්වේ ජාන්ව එහෙන්ම පපුවට තුරුල් කරන් ඇඳේ හාන්සි වෙලා දෙන්නාම වැහෙන්න පොරෝගන්න ගමන්...

ඇඳ ලඟ තියෙන ස්විච් එක ඕෆ් කරලා ජාන්ව පපුවට තුරුල් කරන් යීබෝ නිදාගත්තේ ජාන්ගේ නලලින් ආයේ කිස් එකක් තියලා... ජාන් ඒ එක්කම යීබෝගේ පපුවට කිස් එකක් දුන්නා.... වචනෙන් නොකිව්වත් ඒ සිපුම් දෙකේම ආදරේ පිරෙන්න තිබුනා...

.
.
.

රෑ අති රෝමාන්තික වෙලා පපුවට තුරුල් වෙලා නිදාගත්තත් සුපුරුදු පරිදි උදේ ඇහැරුනේ හතරගාතේ දාගෙන....

හැබැයි අද නම් ජාන්ගේ ඔලුව තිබුනේ යීබෝගේ පපුව උඩ... ඔලුව විතරයි... යීබෝගේ ටී ශර්ට් එක උඩ තඩි කෙල පැච් එකක් නම් හිටලා තිබ්බා....

යීබෝ උදේම නැගිටලා බැලුවේ එයාගේ පපුවේ උඩ ඔලුව තියන් ඉන්න ජාන් දිහා...

"ඊව්... මගේ කෙල මෝලා... කෙල පෙරාගෙන නිදි.. මගේ කපටියා... පණ්ඩිතයා... මගේ පණ ටිකනේ... "

යීබෝ ජාන්ව ඇඳෙන් තියලා ඇරන් ඉන්න කටටත් කිස් එකක් දිලා ඇඳෙන් නැගිට්ටා...

සතියක් දෙන්නාම කලේ හොඳටම වැඩේ ප්ලෑන් කරපු එකයි ට්‍රේන් උන එකයි.. මේ දෙන්නා ඒ දෙන්නාව ඇරෙන්න කිසි කෙනෙක්ව විශ්වාස කලේ නෑ.. ප්ලෑන් එක දැනන් හිටියේ එයාලා විතරයි.. කුවාන්ව එලියෙන් තියලා තිබ්බේ හදිස්සියකට ඕනි උනොත් කියලා...

යීබෝ එයාගේ ඇඳුම් බෑග් එකක් ලෑස්ති කරලා පැත්තකින් තිබ්බා...

"හෙට ඉඳන් ඉතින් දවස් පහක් යනකන් මට මේ තුරුලේ නිදියන්න වෙන් නෑනේ.."

යීබෝ කිව්වේ ජාන්ගේ ඇගට හේත්තු වෙලා...

"අනේ නිකන් ඉන්නවා යීබෝ.... බොරුව... නිදාගද්දී හිටියාට උදේට ඉන්නේ වෙන කොහෙවත්නේ... "

"ඒ උනාට නිදාගද්දී ඕනිනේ... "

"මටත් ඉන්න අමාරු වෙයි.... කොහොම හරි ඉමූ ඉතින්.. දවස් පහයිනේ.."

"ම්න්.. ඉන්න වෙනවනේ... "

"යීබෝ හෙට උදේම රියා ලඟට ගිහින් ඔයා hotel silverRay එකට යන්න... මතකයි නේද කියපුවා... "

"ම්න්... "

"ඔයා ගිය දවසේ ඉදන් බුම්මන් ඉන්න එපා.. හොඳට හිනා වෙලා කතාකරන හුරතල් ආශි වෙන්න.. හැමෝගෙම ආදරේ දිනාගන්න බලන්න.. පලවෙනි දවස් තුනම එහෙම කරන ගමන් ඉන්න අයව හොඳට අඳුරගන්න... මොකද සමාජය හැසිරවීම තමයි ප්‍රධානම දේ වෙන්න ඕනි.. "

"ම්න්... "

"තුන්වෙනි දවසේ ඔයාගේ වැඩ පටන් ගන්න.. කාටවත් නොදැනෙන්න.. සැක නොහිතන්න.. පස්වෙනි දවසෙ තමයි පාටි එක තියෙන්නේ... අන්න එදාට තමයි මිස් ලීසා එන්නේ... ඒ වෙනකන් ඔයාට වැඩේ ඇඳගෙන යන්න වෙනවා.. "

"හරි බන් හරි.. ඔය ටික දැන් මට කට පාඩම්... "

"ඒ උනාට මතක් කරලා දෙන්න එපැයි... වැඩේ ඉවර උනාට පස්සේ අපි කෙලින්ම china යනවද... "

"ම්න්.. China BIZ Conference එක තව සතියකින්.. අපි දෙන්නාම ඉන්න එපැයි.."

යීබෝ කියද්දී ජාන් එහෙන්ම යීබෝව පෙරලගෙන යීබෝගේ ඇඟ උඩට ආවා...

"හෙට ඉදන් දවස් පහක් නෑනේ ඉතින්.. ආශි බබා චුට්ටක් කොර ගැහුවට කමක් නෑ.... "

"තව දවස් දහයයි සුද්දා.. ඊට පස්සේ උබ ඉවරයි.... "

යීබෝ කියද්දී ජාන් කට කොනකින් හිනා වෙලා යීබෝගේ තොල් අල්ලගත්තා...

ඊලඟ දවසේ උදේ නම් ඇත්තටම යීබෝ ටිකක් කොර ගැහුවා.. ඒ වගේම ඇග පුරාම හයිකීස් එක්ක දත් පාරවල් තිබ්බා.. නිපල් එකක් නම් තුවාල වෙන්නම ජාන් හපලා තිබුනා..

"උබ මගේ ඇඟ කාලා ජාන්... "

යීබෝ කිව්වේ ඊලඟ දවසේ ඇඳුම් ඇඳගන්න ගමන්...

"දවස් පහකට හරියන්න මතක සටහන් තිබ්බා... ආහ්... ආහ් ආව් යීබෝ.... "

ජාන් කියද්දී යීබෝ කලේ ජාන්ගේ බෙල්ල හයියෙන් හපලා හයිකි එකක් තිබ්බ එක.. කොහොමත් අලුතෙන් තියන්න දෙයක් තිබුනේ නෑ ජාන්ගෙත් ඇඟ පුරාම හයිකි තිබුනා...

ඒ හයිකි එක උඩින්ම කිස් එකක් තියලා යීබෝ ජාන්ගේ තොල් අල්ලගෙන හුඟ වෙලාවක් කිස් කලා.. පැය භාගයල් විතර.. කිස් එක ඉවර වෙද්දී දෙන්නාගෙම ඇස් බර වෙලා තිබුනා...

"මට ඔයා නැතුව පාලු හිතෙයි යීබෝ.. "

"ම්න්.... මටත්..... ගොඩක්.... "

"පරිස්සමින් වැඩ ටික කරගන්න හොඳද... ආදරෙයි.... "

ජාන් කිව්වේ යීබෝගේ නලලෙන් කිස් එකක් තියලා...

"ම්න්... මාත්.... ආදරෙයි ජාන්.. එලියට බහින්නේ නැතුව ගෙදරම ඉන්න... "

යීබෝත් ජාන්ගේ නලලට කිස් එකක් තියලා ගෙදරින් පිටත් උනා...

.
.

ජාන් නැතුවම යීබෝ මුලින්ම ගියේ රියා ලඟට.. එහාට මෙහාය අඹරන රියාගේ ආඩපාලි අස්සේ යීබෝ මේක් අප් එක දාගත්තේ තනියම ඒක දාගන්නත් චාටුවෙන් රියාගෙන් අහගන්න ගමන්..

"එදා බුම්මන් හිටියට ඔයා හරි ස්වීට්නේ අනේ.... "

"එදා මං හිටියේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්කනේ ඉතින්... "

යීබෝ කිව්වේ රියාට ඇහැක් ගහලා...

"ආපෝ නෝටියා.... "

"මටත් ඕක දාගන්න කියා දෙන්නකෝ රියා.. "

"අයියෝ හරිම ලේසි.. ඉන්නකෝ කියා දෙන්නම්.. ඒ උනාට ඔයා මොකට මෙහෙම දානවද මන්දා අප්පා... ඔයාට හරියන්නේ අර රවාගෙන ඉන්න මරුමුස් මූණනේ.. "

රියා කියද්දී යීබෝ හිනා වෙලා කොහොම හරි වැඩේ කරගෙන මේකප් එක දාන්න ඕනි බඩු ටිකත් රියාගෙන්ම ඉල්ලගෙන එතනින් එලියට ආවා...

Blonde hair එක්ක තිබුන කියිට් ලුක් එකෙන් මේ ඉන්නේ මාස්ටර් ලියෝ කියන්න කිසි කෙනෙක්ට අඳුරන්න පුලුවන් උනේ නෑ..

යීබෝ එයාගේ travelling bag එකත් අරන් කෙලින්ම ගියේ SilverRay එකට... මූණට හිතාමතා හිනාවක් අරන් යීබෝ බෑග් එකත් ඇඳගෙන ගියේ recepition එකට..

"Hello Good Afternoon Sir.. "

"Good Afternoon beauty... මට ඔයාලගේ තියෙන හොඳම රූම් එකක් දවස් හතකට ඕනි... "

යිබෝ හිනා වෙලා කියද්දී ඒ කෙල්ලත් හිනා උනා...

"You are Mr....?? "

"I'm Ashi... Ashi lorenzo... "

යීබෝ කියද්දි ඒ කෙල්ල රූම් එකක් ඒ නමට බුක් කලා.. යීබෝ payment කරලා key card එකත් අරන් බෑග් එකත් ඇදගෙන ඉස්සරහට ගියා...

ඒ යද්දී යීබෝට මූණට මූණ හම්බුනේ මාකෝව.. තව දෙතුන් දෙනෙක් එක්ක.. මාකෝ යීබෝ දිහා බලද්දී යීබෝ මාකෝට ඇහැක් ගැහුවා... මාකෝ කට කොනකින් ලා හිනාවල් දාලා පෙනෙන නොපෙනෙන ගාණට ඔලුව වනලා යීබෝව පාස් කරන් ඉස්සරහට ගියේ යීබෝ මාකෝව පහු කරන් ගිහින් ලිෆ්ට් එකට නගිද්දි...

තට්ටු විස්සක විතර බිල්ඩින් එකේ යීබෝට හම්බුනේ දහවෙනි තට්ටුවේ රූම් එකක්...

යීබෝ පලවෙනි දවස් දෙකේම කලේ මුලු හොටෙල් එකේම ඇවිඳපු එක.. ඒ අතරේ reception එකේ security එකේ cleaning එකේ staff එකේ විතරක් නෙමෙයි kitchen එකේ අය එක්ක පවා යීබෝට ගොඩක් ෆිට් වෙන්න පුලුවන් උනා..

හුරතල් පෙනුම වගේම හුරතල් හිතවත් කතා බහ නිසා හැමෝම යීබෝගේ ඇම ලේසියෙන්ම ගිලලා තිබුනා.. මේ ඉන්නේ ලෝකෙම බය මාස්ටර් ලියෝ කියන්න කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ...

ඒ වගේම සැරින් සැරේ හොටෙල් එකට යන එන හොටෙල් මැනේජර් එහෙමත් නැත්නම් ලයන්ස් කවුන්සිලර් චෙන් එක්කත් යීබෝ ගොඩක් හිතවත් උනේ දෙවනි දවසෙමයි..

එදා චෙන් එනවා දැකපු නිසා යීබෝ චෙන්ගේ ඉස්සරහට ඇවිත් ඇඟේ හැප්පුනේ හිතාමතාමයි... ඒ එක්කම යීබෝ චෙන්ගේ පර්ස් එකත් ඉස්සුවා...

ඊට පස්සේ ඒක වැටිලා තිබිලා අහුලගත්තා වගේ තාත්වික රංඟනේක යෙදිලා චෙන්වත් දැලට දාගත්තා...

"මිස්ටර්... මේ මිස්ටර්... "

චෙන් ඉද්දී යීබෝ කෑ ගැහුවේ හති අරින ගමන්..

"අයියෝ මං මුලු හොටෙල් එකේම හෙව්වා ඇඟේ හැප්පුන වෙලේ මේක වැටිලා තිබුනානේ.. "

"ඕ... thank you මිස්ටර්...... "

"I'm Ashi... "

යීබෝ චෙන්ව ෆිට් කරගත්තේ ඒ විදිහට...

තුන් වෙනි දවස වෙනකොට හොටෙල් එකේ යීබෝව නොදන්න කෙනෙක් හිටියේ නෑ...

.

"හෙලෝ ජාන්.. අද තුන් වෙනි දවස.. එහෙනම් මං මගේ වැඩේ පටන් ගන්නවා.."

"ම්න්.. පරිස්සමින් යීබෝ... "

"ම්න්... "

යීබෝ හැමදාම වගේ උදේම ජාන්ට කෝල් එකකුත් අරන් ලැප් එකත් අරන් එලියට ගියා...

යීබෝ කෙලින්ම ගියේ staff එකේ කෙල්ලෙක් ලඟට....

"මේ ඔයා දැක්කද... මේ තියෙන්නේ ලෝකේ  ලස්සනම තැනලු.. වෙනම ලෝකෙකට ගියා වගේලූ... "

යිබෝ කිව්වේ ඒ කෙල්ලට photo ටිකක් පෙන්නලා...

"වාව් ලස්සනයි... කොහෙද ඒ... "

ඒ කෙල්ල ඇහුවේ පුදුම වෙලා..

"කෝ ඔයාගේ ඔය PC එකේ mail එක කියන්නකෝ.. මං link එක එවන්නම්.. "

"ආ චුට්ටක් ඉන්න.... "

ඒ කෙල්ල තමයි හොටෙල් system handle කලේ... යීබෝ කලේ hacking වල primarryම වැඩේ fishing..  link එකක් එවපු ගමන් ඔහේ ලොග් වෙනවා.. උනුත් නොදැනුවත්ව උන්ගේ phone lap වල ඔක්කොම details ටික වෙන එකෙක්ගේ අතට යනවා..

ඉතින් යීබෝගේ ඇම සාර්තකයි..  ඒ කෙල්ල ලේසියෙන්ම යීබෝට system එකට log වෙන්න දුන්නා...

යීබෝ කට කොනකින් හිනා වෙලා එතනින් එහාට ගියා...

ඊලඟට යීබෝ ගියේ උඩම තට්ටුවට...

"ආ සෑම් අන්කල්.... "

"ආ ආශි සර් මෙහෙ කොහෙද... "

"කම්මැලී අප්පා උඩට ආවා... අන්කල් මං රූෆ් ටොප් එකට ගිහින් එන්නද... "

"එහෙට යන්න තහනම් සර්..  ඕකේ මුකුත් නෑ සෝලර් පැනල් ටිකක් තියෙන්නේ.. "

"අනේ අප්පා ටිකක් වටපිට බලලා එන්නම්කො... කොල්ලාට සුට්ටක් හුලං වඳින්නයි... නිදහසේ සිංදුවක් අහන්නයි..."

යීබෝ කිව්වේ හුරතල් විදිහට...

"ආහා... ආශි සර්නේ ගිහින් එන්න... පරිස්සමින්.. "

"ආදරෙයි අප්පා... "

යීබෝ එයාගේ ලැප් එකත් අරන් උඩට ගියා.. ගිය ගමන් බැලුවේ කැමරාස් ටික.. කැමරා දෙකයි..

යීබෝ ලැප් එකත් අතේ තියාගෙන හෙඩ්සෙට් එක දාගෙන ඩාන්ස් කරනවා වගේ ඇක්‍ට් කරන ගමන් එහාට මෙහාට ගියේ server box එක හොයන්න...

CCTV චෙක් කරන කෙනා යීබෝව දැක්කත් ආශි ගැන දන්න නිසා ගණන් ගත්තේ නෑ..

යීබෝ එහෙන්ම patch pannel එකට trim කරලා network cable එකෙන් lap එක server  එකට connect කලා... ලැප් එකේ IP එක server එකට connect කලා... වැඩේ කරගෙන ලැප් එකත් අරන් විසිල් එකක් ගහන් සෑම් අන්කල්ටත් තෑන්ක්ස් කරන් කාමරේට ගියා..

"හෙට මට online lectures අප්පා දවසම එපා වෙනවා... අද ඉතින් note complete කරන් ඉන්න එපැයි... "

යීබෝ ඕක ගොඩක් අයට කියලා තිබ්බේ හෙට දවසම යීබෝට එලියට එන්න වෙන් නෑ කියලා දන්න නිසා...

"හෙලෝ යීබෝ.... අවුලක් නෑ නේද... "

කාමරේට ගිය ගමන් යීබෝ ජාන්ට කෝල් එකක් ගනිද්දී එක ring එකක් යන්නත් කලින් answer කරද්දී යීබෝගේ මූණට ආවේ හිනාවක්... ජාන්ගේ ඇස් තිබිලා තිබුනේ phone එකේ.. ඒ වගේම ඒ කටහඬ කලබල වෙලා..

"වැඩේ ගොඩ මාස්ටර් සීන්.. දැන් ආශි වැඩ පටන් ගන්න යන්නේ.. හස්බන්ඩ්ගෙන් පොඩි දේකට අවසර ගන්න ඕනි.. "

"මොකක්ද යීබෝ... "

"මට මේකට පොඩි බඩුවක් ඕනි ජාන්.. මං චුට්ටක් සිගරට් බිව්වට කමක් නෑ නේද.. "

"ගොඩක් එපා... "

ජාන් කිව්වේ එයා වැඩ කරද්දී කෝපි එකේ වටිනාකම හොඳටම දන්න නිසා..

"නෑ චූට්ටයි... "

"ම්න්.. "

යීබෝ එවලේ ඉදන් රෑ නින්දක් නැතුව ඊලඟ දවස වෙනකන් එක දිගට වැඩ කලා.. අන්තිමට high security කියන මුලු system එකම යීබෝගේ අතට ගන්න යීබෝට පුලුවන් උනා...

හෙට තමයි දවස.... රෑ එකොලහයි.. යීබෝ ජාන්ට කෝල් කලා...

"ආශිගේ වැඩේ ඉවරයි ජාන්.. මිස් ලීසා ලෑස්තිද.... ?? "

යිබෝ ඇහුවේ කට කොනකින් හිනා වෙලා...

"හෙට රෑට හම්බෙමු ආශි..... "

ජාන් එයාගේ සරාගී ගෑනු කටහඬින් කිව්වේ යීබෝගේ මූණට හිනාවක් එද්දී..

"I' m waiting Miss Lisa.... "

.
.
.
.
.
🥀kaushy.... 

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉 හ්ම් මං ඔයාලා එක්ක තරහා වෙලා ඉන්නේ 😏 ඇයි අහන්න එපා තරහයි.. 😒💔 හිතුනොත් අඹරලා අතාඅරිනවා තඩි ගිනි ගෙඩියක්.... 💥

👉 ඉතින් වැඩේ කරගන්න පුලුවන් වෙයිද..🙂 සුවර්ද.....??

👉 ඒ උනාට මට හිතෙන්නේ ලයන්ස්ලාගේ බොස් මාස්ටර් ලියෝ කියලා. 😒💔 අර අහිංසක ජාන් කොල්ලාව ගාව ගන්නවා මේ ලමයි... මේ කුරුලු ජෝඩුවටනේ ඉතින් මේ කතා හදන්නේ ඔයාලා 🤧

👉 මං අලුත් කතාවක් දැම්මා yizhan එකක්.. love triangle එකක් තියෙන්නේ.. සමකෝනී ත්‍රිකෝණයකි නුබත් මාත් ඔහුත් තිදෙන... 😌 Alfa & Twin Omegas.. කැමති අය එකතු වෙන්න...

👉ගිහින් එඤ්ඤං 😘❤️

(3312 words)

Continue Reading

You'll Also Like

61.4K 16K 56
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
79.8K 13.7K 31
Don't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your...
31K 7.9K 31
I can't see...But I can hear his whispers of Love...❤️💚