HIDDEN DEVILS 😈🔎 (Completed...

De kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. Mai multe

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈Chapter 22😈

2K 384 108
De kaushi_vi_ed

Chapter 22

👈
"Hello Mr.Enzo.. "

ජාන් හිනා වෙලා එන්සෝට අත දෙද්දී පුටුවෙන් නැගිට්ට එන්සෝ ජාන්ට අතට අත දුන්නේ ජාන්ගේ යට ඉඳන් උඩට ජරා බැල්මක් දාන ගමන්...

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"Hello Miss lisa.. "

එන්සෝ කියද්දී ජාන් සරාගී හිනාවක් දුන්නා...

"Take a sit Miss lisa... "

එන්සෝ කියද්දී ජාන් වාඩි උනේ කකුලක් පිට කකුලක් දාගෙන.... එන්සෝගේ ඇස් ජාන්ගේ කකුල් වල නතර වෙද්දී ජාන් කට කොනකින් හිනා උනා..

"ඉතින් මිස්ට එන්සෝ.. අපි කෙලින්ම කාරණේට එමූ... මොකද අපිට කාලේ කන්න වෙලාව නෑ... ඩීල් එක ඉක්මනට කලාට පස්සේ මගෙන් මිස්ට එන්සෝට special treat එකක් තියෙයි... "

ජාන් කිව්වේ එයා ලඟ තිබුන රෙඩ් වයින් ග්ලාස් එකේ කට වටේට හෙමීට ඇගිල්ලක් ගෙනියන ගමන් සරාගී බැල්මක් එන්සෝට දාලා.. එන්සෝ කට කොනකින් වල් හිනාවක් දැම්මා..

"මිස් ලීසාට ඕනි කිවේ අපි ලඟ තියෙන හොඳම බඩු.. ?? "

"ඔව්.. ඔටුන්න හිමි කුමාරයගේ crown එකට select කරපු ටික... "

"ම්න්.. මිස් ලීසා කිව්ව fake ඒවා මට චෙක් කරන්න පුලුවන්.. "

"අනිවාර්‍යෙන් මිස්‍ටර් එන්සෝ..."

ජාන් එහෙම කියලා හෑන්ඩ් බෑග් එක ඇරලා පොඩි කලු පාට බොක්ස් එකක් එන්සෝට දුන්නා...

"මිස් ලීසා අපිට මාස්ටර්ගේ කනෙන් රිංගන්න ලේසි නෑ.. ඉතින් ෆේක් උනත් හරියටම තියෙන්න ඕනි.. "

එන්සෝ කියද්දී ජාන් වයින් උගුරක් හරි සරාගී විදිහට බීලා ග්ලාස් එක පැත්තකින් තිබ්බා..

"මිස්ටර් එන්සෝ.. ඔය තියෙන්නේ ඇත්තම diamond.. හැබැයි ගොඩක් වටින්නේ නෑ.. මිස්ටර් එන්සෝට චෙක් කරලා බලන්න පුලුවන්.. "

ජාන් කියද්දී එන්සෝ ඒක අරන් වතුර වීදුරුවකට දැම්මා.. ඒ එකක්වත් පා උනේ නෑ.. ඔක්කොම යටගියා... ඒ කියන්නේ ඇත්ත diamond.. එන්සෝ rainbow reflection එකත් චෙක් කලා.. ඒවා ඔක්කොම gray reflection. ඒ නිසා අවුලක් නෑ.. බරත් සමානයි..

ඉතින් එන්සොගේ මූණට ආවේ හිනාවක්..

"මෙච්චර දක්ෂ විදිහට fake ඒවා හැදුවේ කොහොමද මිස් ලීසා... "

"මිස්ටර් එන්සෝට මං කිව්වනේ අපි මාස්ටර් ලියෝ තරම් ලොක්කෝ නොවුනට අපිත් මේ ෆීල්ඩ් එකේ තමයි.. ඒත් මිස්‍ටර් එන්සෝ මට මගේ අනන්‍යතාව හෙලි කරන්න බෑ.. අපි එකඟ උනානේ.. "

ජාන් එයාගේ හඬ සරාගී වගේම තියුණු කලා..

"ඇත්තටම මිස් ලීසා දක්ෂයි.. "

"ඔව් අනිවාර්යයෙන්ම.. මේවට විතරක් නෙමෙයි මිස්ටර් එන්සෝ.. ගොඩක් දේවල් වලට දක්ෂයි... "

ජාන් කිව්වේ මේසේ උඩ තිබුන චෙරි ගෙඩියක් නට්ටෙන් අරන් සරාගී විදිහට ඒක කටට දාගන්න ගමන්.. ඒ දිහා බලන් හිටිය එන්සෝට කෙල ගිලෙද්දී එන්සෝ diamonds වලට අවදානය දුන්නා..

"එතකොට මිස් ලීසා මේවා ෆේල් ඒවා කියලා ඔප්පු කරන්නේ කොහොමද... "

"මිස්ටර් එන්සෝ.. සාමාන්‍යයෙන් ඔයාලාගේ හොඳම ඩයමන්ඩ් එක උඩට 10kg බරක් දුන්නත් පොඩිවත් පලුද්දක් වෙන් නෑ.. ඒත් මේවා අනිවාර්‍යෙන් කැඩිලා යනවා.. "

ජාන් කියද්දී එන්සෝගේ මූණට ආවේ ජයග්‍රාහී හිනාවක්...

"මං ඩීල් එක කරන්න ලෑස්තියි මිස් ලීසා.. "

එන්සෝ එහෙම කියලා එයා ලඟ තිබුන ලොකු ගෝල්ඩ් කලර් බොල්ස් එක අරන් රහස් අංකයක් දීලා ඒක ඕපන් කලා.. ඒකේ වෙන වෙනම කේස් වලට දාලා පොඩිවත් හානියක් නොවෙන්න පැක් කරලා තිබ්බේ දැනට මේ ලෝකෙන් තියෙන වටිනම දියමන්ති දහය..

මේවා golden mafia එකට දුන්නේ ඔටුන්න හිමි කුමාරයා.. මොකද මේක එයාලගේ අතේ තියාගන්න තරම් ආරක්ශාවක් තිබ්බේ නෑ.. ඉතින් මේක golden mafia වලට අයිති පොලව යට තියෙන අධි ආරක්ශිත කලාපෙක දැඩි ආරක්ශාවක් යටතේ තමයි තිබ්බේ.. මේකට යන්න අවසර තිබ්බේ ලියෝටයි එන්සෝටයි විතරයි..

ඉතින් තව මාස තුනකින් ඒ diamonds වලින් crown එක හදන්න පිරිසක් ඔටුන්න හිමි කුමාරයා එවන්න හිටියේ.. ඊට පස්සේ මාස්ටර් ලියෝගෙම අතින් භාර දෙන්න.. ඒත් මේක ෆේක් කියලා අහු උනොත් එවලෙන ලියෝව මරණ එකේ දෙකක් තිබුනේ නෑ.. ඉතින් එන්සොට ඕනි වෙලා තිබුනේ ඒක.. 

ජාන්ට කේන්තියක් ආවත් ජාන් ඒ කේන්තිය පාලනය කරගත්තේ අත් මිට මොලවන්... යීබෝ අර තරම් පරිස්සම් කරපුවා ඒ මිනිහා සෙල්ලම් බඩු වගේ මේ club එකකට ගෙනත් තිබ්බා...

එන්සෝ ඒක open කරලා ජාන්ට දික් කලත් කවුරුත් දකින්න කලින් ජාන් ඉක්මනට ඒක වැහුවා..

"Thank you Mr. Enzo..."

ජාන් ඒ බොක්ස් එක එයාගේ අතට ගත්තේ හෙමීට එන්සෝගේ අත අල්ලලා සරාගී බැල්මක් දාන ගමන්..

ජාන් phone එක අරන් ටිකක් එබුවා... ටික වෙලාවකින් එන්සෝගේ phone එකට මැසේජ් එකක් ආවා එයා ඉල්ලපු ගාණ වැටුනා කියලා.. එන්සෝගේ මූණට හිනාවක් ආවා..

"ඔන්න එක පොරොන්දුවක් ඉශ්ට කලා මිස්ටර් එන්සෝ.. "

"මිස් ලීසා අනිකටත් උදව් කරනවනේ.. "

"අනිවාර්‍යෙන්ම.. මට මාස්ටර් ලියෝගෙන් පලිගන්න ඕනි.. මිස්ටර් එන්සෝට තමයි එතකොට ගෝල්ඩන් මාෆියා අයිති වෙන්නේ... හැබැයි..... "

ජාන් එයාගේ පුටුවෙන් නැගිටලා එන්සෝ ඉන්න තැනට ගියා.. ජාන්ගේ ඇගිල්ලක් එන්සෝගේ මූණ දිගේ එහා මෙහා අරන් ගියෙ සරාගී විදිහට..

"අපිටත් සලකන්න වෙයි මිස්ටර් එන්සෝ.."

එන්සෝ මුකුත් නොකියා කට කොනින් හිනා වෙලා ජාන්ගේ ඉන වටේට අත දාලා ලඟට ඇඳලා ගත්තේ ජාන්වත් ගැස්සිලා යද්දී...

"මිස් ලීසාට ඕනි විදියට සලකන්නම්.. "

එන්සෝ කියද්දී ජාන් අමාරුවෙන් හිනා වෙලා එන්සෝගේ අත අයින් කරන්න ට්‍රයි කලත් ඒ අත තව තද උනා විතරයි..

"මිස්ටර් එන්සෝ... come with me.. "

ජාන් සරාගීව මුමුණලා ඇහැක් ගහලා ඉස්සර උනේ අර බොක්ස් එක එයාගේ බෑග් එකට දාගෙන එන්සෝගේ අත අතඇරවන ගමන්..

ජාන් එයාගේ උපරිම හැකියාවෙන් කැට් වෝල්ක් එක දාගෙන ගිහින් එතන තිබුන counter එකෙන් කී කාඩ් එකකුත් අරන් එන්සෝ දිහා සරාගී බැල්මක් දාන් පඩි පෙලෙන් උඩට නගින්න ගත්තා..

ජාන් දිහා බලන් හිටිය එන්සෝගේ මූණට හිනාවක් එද්දී ජාන් දීපු fake diamonds ටික අරන් පඩිපෙල ලඟ තිබුන glass bowl එකෙන් කොන්ඩම් පැකට් එකකුත් අරන් ජාන්ගේ පස්සෙන් උඩ තට්ටුවට ගියා..

ජාන් සැරින් සැරේට පිටිපස්ස හැරි හැරි ගිහින් කෙලවරේම තිබුන තනි රූම් එක ලඟ නැවතිලා එන්සෝ දිහා බලාගෙනම කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා..

එන්සෝ එතනට යද්දී ඒ දොර තිබුනේ භාගෙට ඇරිලා.. එන්සෝ ලාවට හිනා වෙලා රූම් එක ඇතුලට ගිහින් දොර වහලා ලොක් කලා...

මුලු කාමරේම තිබුනේ තනිකරම අඳුරු වෙලා...

"මිස් ලීසා...."

"I'm here Mr Enzo.. "

ජාන්ගේ සරාගී කාන්තා කටහඬ ඇහුනේ එන්සෝගේ කන ලඟින්ම..

ඒ එක්කම ජාන්ගේ අත් එන්සෝගේ ඇගේ උඩ කොටස පුරාම දුවද්දී එන්සෝගේ මූණට ආවේ හිනාවක්...

හැමතැනම දුවපු ඇගිලි ඉන ලඟ නැවතිලා එන්සෝගේ ඉනේ තිබුන පිස්ටල් එක අරන් ජාන් ඒක ඇඳ තියෙන පැත්තට විසි කලා..

"මිස් ලීසා.. හදිස්සියි වගේ... "

එන්සෝ කිව්වේ ඊලඟට ජාන්ගේ අත එන්සෝගේ කකුල් දිගේත් අත ගාගෙන පහලට ගිය නිසා... ජාන් මුකුත් නොකියා පහලටම ගිහින් මේස් එක අස්සේ තිබුන අනිත් පිස්ටල් එකත් අරන් ඇඳ පැත්තට විසි කලේ කට කොනින් හිනා වෙලා...

"මිස් ලීසා අපි දැන්වත් ලයිට් ඔන් කරමුද..."

"අනිවාර්‍යෙන්ම මිස්ටර් එන්සෝ.... "

ජාන් කාන්තා හඬින්ම කියන ගමන් එන්සෝගේ අත් පිටිපස්සට කරලා මාංචු දැම්මා...

"ඔහ්.. මිස් ලීසා ඇයි මේ... මිස් ලීසා... "

එන්සෝ කෑ ගැහුවත් ආයේ කිසිම දෙයක් ඇහුනේ නෑ...

"ම්හ්හ්ම්ම්.. "

තනිකර කලුවර කාමරේ ටිකකින් ඇහුනේ පිරිමි කෙඳිරියක හඬක්...

"මි...ස්... ලී....සා.."

එන්සෝ ගොත ගැගෙන හඬින් කිව්වේ මොකක් හරි වැරද්දක් උනා කියලා තේරෙද්දී...

"My noughty husbund.. මායම් ටික දාලා අල්ලගත්තා නේද... උබේ ඉන අල්ලපු එක ගැන මං පස්සේ උබ එක විසඳගන්නම් ජාන්.. "

"අනේ මේ යීබෝ.. මේ ලබ්බ ගලවනකන් ඉන්න බැරුව මං හිටියේ... රෙද්ද.. මගේ කකුල් රිදෙනවා.. "

කාමරේ ඇතුලෙන් පිරිමි කටහඬවල්ම දෙකක් ඇගෙද්දී එන්සෝ හිටියේ කිසි දෙයක් තේරුම් ගන්න  බැරුව... ඒ අතරින් එක හඬක් ගොඩක් හුරුපුරුදු වෙද්දී එන්සෝගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ එයා හිතන දේ වෙන්න එපා කියලා හිතින් ප්‍රාර්තනා කරද්දී....

"මිස් ලීසා.... "

"ඔහෝ ජාන්.. ඔයා අපේ මිස්ටර් එන්සෝව අමතක කලාද... අර බලන්න ඒ මනුස්සයා බය වෙලා... එහෙම බය කරන්න හොඳ නෑ කොල්ලෝ... උබ මහ නරකයි.. ලයිට් එක දාමු අපි.. අපිව බලාගන්න... "

යීබෝ කියද්දී ජාන්ගේ මූණට ආවේ හිනාවක්...

"සොරි මිස්ටර් එන්සෝ මිස් ලිසා නම් මේ දැන් පොඩ්ඩක් එලියට ගියා.. දැන් ඉන්නේ.. ජාන්.... "

ජාන් එහෙම කියන ගමන් කාමරේ ලයිට් එක ඔන් කලා...

ලයිට් ඔන් කරපු ගමන් දැකපු දෙයින් එන්සෝගේ ඇස් ලොකු වෙලා කකුල් දෙකටත් වාරු නැතුව බිත්තියට හේත්තු වෙද්දී ජානුයි යීබෝයි කලේ හයියෙන් හිනා උන එක...

"මා.... මා..ස්ට..ර්... "

එන්සෝ බයෙන් අකුරු අමුණද්දී ආයෙත් ජාන් යීබෝ එක්ක හයියෙන් හිනා උනා...

"ඉතින් මිස්ටර් එන්සෝ.... ඇයි මේ බය වෙලා... "

ඇඳේ නිදාගෙන වගේ හිටිය යීබෝ ඇහුවේ ඇඳෙන් වාඩි වෙන ගමන්...

"ඔයාව මගේ හස්බන්ඩ් බය කලාද මිස්ටර් එන්සෝ.. ජාන්.. ආ... මේ ඇඳුම් මාරු කරන් එනවා... බලනවා අපේ අත්දැකීම් බහුලම capoව තමුසේ බය කරලනේ...."

යීනෝ ඇඳුම් බෑග් එකක් ජාන්ට විසි කරද්දී ජාන් ගලවලා දාපු සෙරප්පු දෙකත් පැත්තකට දාලා බොරු කොණ්ඩෙත් ගලවලා දාලා wash room එක ඇතුලට ගියා...

එන්සෝ බය වෙලා බිත්තියට හේත්තු වෙලා ඉද්දී යීබෝ වයින් එකක් ග්ලාස් එකට දාගෙන උගුරක් බිව්වා... බීලා ග්ලාස් එක පැත්තකින් තියලා ඇඳ උඩ තිබුන එන්සෝගෙම පිස්ටල් එකක් අතට අරන් ඒක ලෝඩ් කලා... ලෝඩ් කරලා කෙලින්ම දික් කලේ එන්සෝ ඉන්න පැත්තට...

"මා... මාස්ට...ර්.. ම... ම... මං... "

*ඩෝං 💥*

"ආ....හ්...... "

එන්සෝ කෑ ගහගෙන කන් දෙක වහගෙන පාත් උනත් ඒ වෙඩිපාර එන්සෝට වැඳිලා තිබුනේ නෑ.. ඒ වෙනුවට එන්සෝට එහා පැත්තේ තිබුන වීදුරු මල් වාස් එක බිඳිලා කුඩු වෙලා ගිහින් තිබ්බා...

යීබෝ කට කොනකින් හිනා වෙලා පිස්ටල් එක ආයේ ඇඳ උඩට දාලා එන්සෝ ලඟට ගියේ වයින් එකත් අතට අරන්.. එන්සෝ හිටියේ ඇස් වහගෙන කන් දෙකත් වහගෙන බිම වාඩි වෙලා වෙව්ල වෙව්ල..

මාස්ටර් ලියෝ එක පාටින් වෙඩි තිබ්බේ නෑ කියන්නේ අන්තිම හුස්ම යනකන් තමුන්‍ට අපා දුක් විඳින්න වෙනවා කියන එක එන්සෝ අත් දැකීමෙන් දැනගෙන හිටියා..

යීබෝ ගිහින් එන්සෝ ඉස්සරහින් ඇණ තියලා වාඩි උනා...

"මිස්ටර් එන්සෝ... කොහොමද මගේ හඩ්බන්ඩ්.. ලස්සනයි නේද.. උබත් උගේ මායම් වලට අහු උනා නේහ්.. ඇත්තටම උබට කියන්න එන්සෝ ඕකා හෙන මායම්කාරයා... ගෑණු ලඟවත් නෑ එච්චර මායම්.. කපටි රජා ඕකා... "

යීබෝ හෙමින් හිව්වේ වයින් එක බොන ගමන්...

"බලපන් මේ වෙලාවෙවත් ඕකා මට සිගරට් එකක් බොන්න දුන් නෑනේ.. ඒ උනාට මචං එන්සෝ කොල්ලා හැන්ඩියා.. ඌට යකා වැහුනොත් මටවත් පාලනය කරගන්න බෑ.. "

යීබෝ කිව්වේ එන්සෝගේ කරට අත දාගෙන...

"යීබෝ..... "

ජාන් කතා කරද්දී යීබෝ හැරිලා ජාන් දිහා බැලුවා.. ජාන් අර ඇඳුම් මාරු කරලා ඇවිත් තිබ්බා...

"ආන් බලපන් එන්සෝ මගේ හස්බන්ඩ් හැන්ඩියා නෙහ්.. "

යීබෝ කිව්වත් එන්සෝ හිටියේ බයේ ගැහී ගැහී බිම බලාගෙන...

"ඕයි බලපන්... උබලගේ මාස්ටර් සීන් දිහා.."

යීබෝ නැගිටලා කිව්වේ එන්සෝට පයින් ගහලා.. ඒත් එන්සෝ ඔලුව ඉස්සුවේ නෑ...

"ඕයි හු%$@ තොට හොඳින් කිව්වම තේරෙන් නෑද.. බලපන් ඔලුව ඔලුව උස්සලා උබලගේ underboss දිහා... "

යීබෝ ආයේ පයින් පාරක් ගහලා කෑ ගහලා කියන ගමන් ආයේ ගහන්න අත ඉස්සුවත් යිබෝ ඒක අල්ලලා නතර කලා...

ජාන් සිගරට් එකක් අරන් ඒක යීබෝට දීලා ලයිටර් එක පත්තු කලා...

"මාස්ටර් ලියෝට මේ වගේ වෙලාවට මේක නැති උනාම මදිකමක් වගේ.. "

ජාන් කිව්වේ ඒක පත්තු කරන ගමන්.. යීබෝ කට කොනින් හිනාවක් දාලා සිගරට් එකෙන් උගුරක් ඇද්දා.. එහෙන්ම ජාන්ගේ ඉනෙන් අල්ලලා ඇඳලා අරන් යීබෝගේ කටේ තිබුන දුම් ටික ජාන්ගේ කටට මාරු කලා...

"කැහ්... කැහ්.... ආහ්... මෝඩයා... තමුසේ.."

ජාන් බනිද්දී යීබෝ ලා හිනාවක් දැම්මා.. ජාන්ගේ අතේ තිබුන සිගරට් එක ඇඳලා අරන් ජන් ඈශ් ට්‍රේ එකට දැම්මේ යීබෝටත් රවලා..

ජාන් එහෙන්ම එන්සෝ ඉස්සරහා ඇණ තියාගෙන එන්සෝගේ මූණ තද කරලා අල්ලලා උඩට ඉස්සුවා...

"ඇස් ඇරලා බලපන් මිනිහො උබලගේ මාස්ටර්ගේ හස්බන්ඩ් දිහා... මං උබලගේ දෙවනි බොස්.. මාස්ටර් සීන්... බලපන්... "

ජාන් දත් මිටිකාගෙන කියද්දී එන්සෝ ඇස් ඇරියා.. ජාන් කට කොනකින් හින උනා...

"තෝ කොහොමද බල්%$ලෝ මාස්ටර් ලියෝව මරන්න ප්ලෑන් කලේ.. ආහ්.. තොට ඕනි ගෝල්ඩම් මාෆියා එකද... ආ.. තොට ඕනි ඒකද හු&$# කතා කරපන්.... "

ජාන් කිව්වේ වේගෙන් අතුල් පහරල් එන්සෝගේ කම්මුලට ගහනවා...

"ම...ම...ට සමා... වෙන්න... මාස්.. ටර්..  "

එන්සෝ කියද්දි ආයේ ජානුයි යීබෝයි කලේ හයියෙන් හිනා උන එක...

"සමාවෙන්න... ආහ්... සමාවෙන්න.. ඈ පාහර බ&# තොට සමාව දෙන්න පුලුවන් දෙයක්ද කලේ හු%$ තෝ රෙදි ඇඳන්ද සමාව ඉල්ලන්නේ.. නැත්නම් උබ මං ගැන දන් නෑද... "

යීබෝ ඇහුවේ බිම හිටපු එන්සෝව කොලර් එකෙන් උස්සලා ආයේ කනේ පාරක් ගහලා...

"උබට දුක් විඳින්නේ නැතුව මැරෙන්න ඕනි නම් කියපන් කවුද තොගේ මේ වැඩ පස්සේ ඉන්නේ... ආ... "

යීබෝ ඇහුවේ එයාගේ පිස්ටල් එක බෙල්ලෙන් තියලා තද කරලා...

"ක... කවුරුත් නෑ... මා... මාස්ටර්... මට.. මට ඔනි උනා.. "

"තෝ බොරු කියන්න.. වරෙන්..... "

යීබෝ එන්සෝව ඇඳගෙන බාත් රූම් එකට යද්දී ජාන් බාත් ටබ් එකට වතුර ඇරලා ඒ අයිනෙන් වාඩි වෙලා spinner එක අතට අරන් කරකවන්න ගත්තා....

බාත් ටබ් එක පිරෙද්දී යීබෝ එන්සෝගේ ඔලුව වතුර අස්සේ එබුවා... ජාන් එක අතකින් spinner එක කරකවන ගමන් යීබෝ දිහා බලාගෙන අනිත් අතින් ඇගිලි ගනිද්දී යීබෝ ජාන් දිහා බලන් හිටියේ කට කොනකින් හිනා වෙලා...

ජාන් ඇගිලි දහපාරක් නමද්දී යීබෝ එන්සෝගේ ඔලුව එලියට ගත්තා.. එන්සෝ එලියට ආවේ ලොකු හුස්මක් ගන්න ගමන්.

"කියපන්.... කවුද... "

"ක... කවුරුත් නෑ.. මාස්... ම්ම්ම්ම්ම්"

ආයෙත් යීබෝ එන්සෝගේ ඔලුව ඇතුලට ඔබද්දී ජාන් මේ පාර හිටියේ කැරකෙන spinner එක දිහා බලාගෙන...

"යීබෝ එලියට ගන්න... "

ජාන් කියද්දි යීබෝ එන්සෝව එලියට ගත්තා...

"උබට ඇයි මාස්ටර්ව මරන්න ඕනි උනේ... "

ජාන් ඇහුවේ spinner එක දිහා බලන්මයි..

"මට.. මට... ගෝල්ඩන් මාෆියා එක ගන්න ඕනි උනා මාස්.. ටර්... "

එන්සෝ කියද්දී ජාන් කට කොනින් හිනා උනා..

"උබ capoලා එක්ක එකතු වෙලා කල්ලි ගැහිලා හැදුවේ underboss වෙන්න.. ඊට පස්සේ මාස්ටර්ව පාලනය කරන්න... හැම අතින්ම ගෝල්ඩන් මාෆියා එකට එන ආදායම් කඩාකප්පල් කලා... black market එකේ golden mafia එක බොරුකාරයෝ කියලා බොරු ප්‍රචාර යැව්වා.. ඒ මිනිස්සු අපිට දෙන ඩීල් ඔක්කොම උබ capoලා අල්ලගෙන නැති කරලා දැම්මා...."

ජාන් කියන් යද්දී එන්සෝ වගේම යීබෝත් ජාන් දිහා බලන් හිටියේ පුදුම වෙලා.. ජාන් කට කොනකින් හිනා වෙලා ආයේ එන්සෝ දිහා බැලුවා...

"මං underboss උනාට පස්සේ උබේ ඔක්කොම බලාපොරොත්තු නැති උනා.. අනික උබ හිතන් හිටියේ අපේ ආදායම් අඩුයි කියලා යීබෝ උබලා ඉස්සරහා නහයෙන් අඬයි කියලා නේහ්... ඒත් උබ නොහිතපු විදිහට ඔක්කොම කණපිට හැරෙද්දී තුත්තිරි ගහෙත් එල්ලෙන තැනට උබ පත් උනා... සොරි පත් උනා නෙමෙයි පත් කලා..."

ජාන් කට කොනකින් හිනා වෙලා නැගිටලා ඇවිත් එන්සෝගේ කොලර් එකෙන් අල්ලලා ලඟට ඇඳලා ගත්තා..

"උබ මුල ඉදන්ම මගේ ස්ක්‍රිප්ට් එක අස්සේ රඟපෑවා එන්සෝ... මං දාපු දැලේ ලස්සනට අහු උනා.. මං දැක්කා අපේ ඩීල් ඔක්කොම අනිත් පැත්තට යන black market එකේ plan එක.. ඒවගේ එකක් කරන්න පුලුවන් ඇතුලේ එකෙක්ටමයි.. ඉතින් ඌව අල්ලගන්න තමයි එදා මිටින් එක තිබ්බේ.. උබ හරි සාර්තක විදිහට ඒකට අහු වෙලා කරකියාගන්න දෙයක් නැතුව ඉද්දී උබට එල්ලෙන්න තුත්තිරිගහක් වෙලා මිස් ලීසා විදිහට ඇම දැම්මා... උබ අහු උනා... "

"තෝ පාහර බල්%$ කන්න දීපු අත හපා කන අවලම් යක්කු.. උබලා මරලත් මදි හු%# "

ජාන් කියලා ඉවර වෙද්දී යීබෝ එන්සෝට තව පහර පිට පහරවල් ටිකක් ගහලා එතනින් එලියය යන්න හැදුවේ එන්සෝවත් ඇඳගෙන...

ඒත් යීබෝට එක පාර මතක් උන දේ එක්ක යීබෝ එන්සෝගේ ඇගිලි ටික දොර අස්සෙන් තියලා ඩෝං ගාලා දොර වැහුවේ එන්සෝ බෙරිහන් දෙද්දී..

"ආ.......හ්....."

"යීබෝ.... "

ජාන් කෑ ගහද්දී යීබෝ කට කොනකින් හිනා උනා..

"උබ මගේ මිනිහාගේ ඉන ඇල්ලුවේ ඔය ඇගිලි ටිකෙන්නේ.. ආයේ කවදාවත් උබට ඔය ඇගිලි වලින් මුකුත් අල්ලන්න බෑ.. he's  mine.. mine mean only mine.. only master leo's property... "

යීබෝ එන්සෝගේ කනට කරලා කියලා කොලර් එකෙන් අල්ලන් එලියට යද්දී ජාන්ගේ මූණට ආපු හිනාව එක්කම ජාන් අර box එක අරන් එලියට ආවා...

දෙන්නාම හෙමින් හෙමින් පඩිපෙල බැහැන් පහලට ගියා... ඒත් ටිකක් යද්දී යීබෝගේ තියුණු ඇස් වලට පෙනුනේ වටේ ඉන්න උන් එයාලට අවදානේ දෙනවා කියලා...

"ජාන්.... මොකාක් හරි අවුලක් තියෙයි... "

"ම්න්.. පිස්ටල් එක තියෙයිනේ..."

"ඔව්.. මොකක් උනත් උබ ඔය box එක අරන් එලියේ තියෙන lambogini එකට නැගපන්... කුවාන් එක්ක යනවා... ජාන් පණ්ඩිත වැඩ නොකර කියපු දේ කරපන්.."

ජාන් මුකුත් නොකියා කට කොනින් හිනා උනා විතරයි...

"හෙලෝ කුවාන්.. මොකක් හරි කේස් එකක්... "

"ඔව් මාස්ටර් හරි... අපේ උන් බලාගනියි.. මං එලියේ කාර් එකේ ඉන්නවා... දෙන්නම ඇවිත් නඟින්න.. "

කුවාන් කියද්දී යීබෝ ජාන්ගේ ලඟින්ම ගියේ එන්සෝවත් එක අතකින් ඇඳගෙන... ඒත් යීබෝ හිටියේ හොඳ අවදානෙන්... යීබෝගේ කන් පොඩි කාලේ ඉදන් කොකා ගැස්සෙන සද්දෙට සන්වේදි උනා..

ටිකක් දුර යනවත් එක්ක ඇහුන පිස්ටල් එක ලෝඩ් කරන සද්දේ එක්ක ඒ පැත්ත ඇස් කොනින් බලපු යීබො ජාන්වත් ඇඳලා අරන් කණුවකට මුවා වෙනවා එක්කම ආපු උන්ඩේ ඒ කණුවට ඇදුනා.. ඒම් කරලා තිබ්බේ යීබෝව..

"මූව අරන් පලයන්.."

යීබෝ එන්සෝව එතන වේටර් කෙනෙක් විදිහට හිටිය එයාලගේ කෙනෙක්ට තල්ලු කරද්දී මුලු ක්ලබ් එක පුරාම වෙඩි සද්ද එහාට මෙහාට ගියා...

"මාස්ටර්.. පිටිපස්සෙන් දොරෙන් එන්න.. "

කුවාන් කියද්දී යීබෝ ඉනේ තිබ්බ පිස්ටල් එක අතට අරන් ජාන්ගේ අතේ තිබ්බ බෑග් එක යිබෝ අරන් ජාන්ව ඇඳලා ලඟට ගත්තා.. ජාන් එයාගේ පිස්ටල් එක අතට ගත්තා..

"පිටිපස්සේ දොර ලඟට... එලියේ කුවාන් ඉන්නවා.. මං එන්න පරක්කු උනොත් බලන් ඉන්න එපා පලයන්.. "

යීබෝ ජාන්ගේ කනට කරලා කියන ගමන් එතනින් එලියට ගියේ ඉස්සරහට එන හැමෝටම එක දිගට වෙඩි තියන ගමන්.. ජානුත් ඒ විදිහටම වෙඩි තියාගෙන ඉස්සරහට එද්දී ඒ දෙන්නාව හරස් කරන්න ඉස්සරහට එන හැමෝටම දෙන්නාම ගහන්න ගත්තේ වෙඩිත් තියන ගමන්..

යීබෝගේ සටන් ක්‍රම එක්ක එකෙක්ටවත් ලඟටවත් එන්න බැරි වෙද්දී ජාන්ට ගහන්න එන උන්ටත් ගහන ගමන් දෙන්නාම පිටිපස්සට දිව්වා... හැම වෙලාවෙම යීබෝගේ එක අතක් තද කරලා ජාන්ව අල්ලන් හිටියා..

ඒත් නොහිතපු මොහොතක මිනිහෙක් පිහියක් උස්සන් ජාන්ට අනින්න හදද්දිම යීබෝ ඒක දැකපු නිසා ඉක්මනට පැනලා ජාන්ව කවර් කරගත්තා.. ජාන්ට ඇනපු පිහිය යීබෝගෙ උරහිස පසාරු කරන් යද්දී යීබෝට කෑ ගැහුනා....

"ආහ්හ්හ්හ්හ්හ්....... "

"යී....බෝ... "

ජාන් ඉක්මනින් යීබෝගේ පැත්තට හැරුනත් යීබෝ අමාරුවෙන් අනික් අතෙන් පිහිය ලඟින් අත තියාගත්තා...

"ජාන් යනවා.... යනවා මිනිහෝ යනවා.... "

ජාන් යීබෝව වාරු කරගනිද්දී යීබෝ කෑ ගැහුවත් ජාන් යීබෝව උරහිසෙන් අත දාගෙන ඉස්සරහට අරන් ගියේ.. ඉස්සරහට එන ඔක්කොටම පිස්සුවෙන් වගේ ගහන ගමන්.. ජාන් ගොඩක් උන්ට මැරිලාම වැටෙන්න ගහද්දී යීබෝ පුදුමෙන් බැලුවේ ජාන් දිහා..

ජාන්ගේ මූණ දකින කෙනෙක්ට බය හිතෙන තරම් නපුරු උනා.. යීබෝ අත අල්ලගෙන උනත් පයින් ගහලා සටන් කරද්දී ජාන් හැම එකාටම ගහ ගහ දොරෙන් එලියට ආවා...

ඒත් ආවා එක්කම එක පාරට මෙච්චර වෙලා යීබෝගේ අතේ තිබුන diamonds දාපු බොක්ස් එක එකෙක් යීබෝගේ අතින් උඳුරන් දුවද්දී යීබෝ ඒ එක්කම ඌට වෙඩි තිබ්බේ දත් මිටිකාගෙන..

ඒත් ඌ වෙඩි කාගෙන ඒක ඈතට විසි කරද්දී වෙන එකෙක් අරන් දුවන්න ගත්තා.. යීබෝ තුවාල අතත් තියාගෙන දුවන්න හැදුවත් ජාන් යීබෝව අල්ලගත්තා..

"අත ඇරපන් යකෝ... උන් ඩයමන්ඩ් ටික ගත්තා... "

"මැරෙන්නේ නැතුව නැගපන් යීබෝ කාර් එකට... "

ජාන් යීබෝව උපරිම ශක්තියෙන් ඇඳන් ඇවිත් කාර් එකේ දොර අරිද්දී යීබෝ ආයේ දුවන්න හැදුවත් ජාන් යීබෝව ඇඳලා කාර් එකට දාලා ජානුත් නැග්ගා...

"කුවාන් යමු.. ඉක්මනට... "

ජාන් දොර වහන ගමන් කියද්දි start එකේ තිබුන ලැම්බෝගිනිය වේගෙන් ඉස්සරහට ගියේ වෙඩි වදින්නේ නැති වීදුරු වලට බුලට් එක දිගට වදිද්දී...

"කුවාන් හරෝපන් කාර් එක... මං තොපි දෙන්නවම මරන්න කලින් හරෝපන්.. diamond ටික උන් ඉස්සුවා යකෝ.. උබලට පිස්සුද... හරෝපන්.. "

"යීබෝ... දගලන්න එපා.. තුවාලේ පෑරෙනවා.. දගලන්නේ නැතුව ඉන්නවා.. "

"පෑරුන දෙන්.. ඩයමන්ඩ් ටික නැති උනොත් මං කොහොමත් මැරෙනවා.. ඕක හරෝපන් කුවාන්.. "

"කුවාන් හෙලිකොප්ටර් එක ලඟට යමූ.. ඉක්මනට යමූ... "

ජාන් කියද්දි කුවාන් කාර් එකේ වේගේ තව වැඩි කලා...

"තමුසෙට පිස්සුද ජාන්... අහ්..ම්ම්ම්ම්ම්හ්හ්ම්ම්.. "

යීබෝ නතර නොවීම දගලද්දී ජාන් යීබෝගේ තොල් තද කරලා අල්ලලා සිපගන්න ගත්තා.... මුලදී යීබෝ දගලලා ජාන්ව තල්ලු කරන්න හැදුවත් ටිකකින් යීබෝ නිකන්ම ජාන්ගේ සිපුමට අවනත උනා.. ටිකෙන් ටික යීබෝ සන්සුන් වෙද්දී ජාන් සිපුම නතර නොකරම එයාගේ ශර්ට් එක ඉරලා යීබෝගේ අත තද කරලා ගැට ගැහුවා..

යිබෝ ඉවසන් හිටියාට පිහි ඇනුම තදට වැදිලා පසාරු කරම් ගිහින් තිබ්බා.. පිහිය තාමත් එහෙන්ම තිබුනේ යීබෝ ගලවන්න හැදුවත් ජාන් ගලවන්න නොදුන්න නිසා..

ජාන් යීබෝව සිපගන්න ගමන් ඉද්දි කුවාන් කෝල් එකක් ගත්තා..

"ඩොක්ටර්ස්ලා ලෑස්ති කරලා තියනවා operation එකකට.. මාස්ටර්ට පිහියක් ඇනුනා.. "

ටිකෙන් ටික යීබෝගේ සිපුම බාල වෙද්දි මෙච්චර වෙලා හිර වෙලා තිබුන ජාන්ගේ කඳුලු කම්මුල් දිගේ වැක්කෙරෙන්න ගත්තා.. ඒ වෙනකොට කාර් එක හෙලිකොප්ටර් එක ලඟටම ගෙනිහින් කුවාන් නතර කලා..

මේ වෙනකොට යීබෝට සිහි නැති වෙලා ගිහින් තිබ්බා.. යීබෝගෙන් සෑහෙන්න ලේ ගිහින් ඒවා ජාන්ගෙත් ඇගේ ගෑවිලා තිබුනා.. යීබෝ තුවාලේ තියන් දගලපු නිසා යීබෝ හිටියේ ගොඩක් දුර්වල වෙලා..

ජාන් යීබෝව උස්සගෙන ගිහින් හෙලිකොප්ටර් එකට නඟිද්දී කුවානුත් නැග්ගා..  ඒ එක්කම හෙලිකොප්ටර් එක එතනින් පිටත් වෙලා ඉක්මනින්ම යීබෝලගේ රහස් දූපතට ඇතුල් උනා..

හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරද්දී හැමෝම හිටියේ ලෑස්ති වෙලා.. නතර කරපු ගමන් මේල් නර්ස්ලා ඇවිත් යීබෝව ට්‍රොලි එකක තියන් ඇතුලට අරන් ගියේ ජාන් වගේම කුවානුත් ඇතුලට යද්දී..

එවලේ ඉදන් පැය දෙකක් විතර ඩොක්ටර්ස්ලා යීබෝට operation එක කරද්දී කුවාන් හිටියේ එක දිගට වටේටම කෝල් අරන් සෙට්ල් කරන ගමන්..

ජාන් නම් හිටියේ ඇස් දෙකේ කඳුලු පුරවගෙන operation room එක දිහා ඇහිපිය නොගහා බලාගෙන...

හොඳම ඩොක්ටර්ස්ලා එක්ක මේ පහසුකම් ඔක්කොම මේ පොඩි දූපත ඇතුලේ තිබුන.. ටිකකික් ඩොක්ටර් එලියට එද්දී ඉස්සරහට දුවගෙන ගියේ ජාන්..

"ඩොක්ටර්... "

"මාස්ටර් සීන්.... "

"යීබෝට කොහොමද.. "

"දැනට මාස්ටර්ට සිහිය නෑ මාස්ටර් සීන්.. තුවාලේ ගොඩක් ගැඹුරට කැපිලා.. ලේ ගොඩක් ගිහින්.. පිහිය අයින් නොකලේ හොඳ වෙලාවට මාස්ටර් සීන්.. මැහුම් ගොඩක් දාන්න උනා අපිට.. ටික කාලයක් ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා මාස්ටර් සීන්.. අද රෑට උන ගැනෙන්න පුලුවන්.. අපි පිටගැස්මට vaccine එක දීලා තියෙන්නේ.."

"ඩොක්ටර්.. යීබෝව ගෙදරට එක්ක යන්නද... "

"කමක් නෑ මාස්ටර් සීන්.  හැබැයි පරිස්සම් කරන්න.. තුවාලේ පෑරෙන්න දෙන්න එපා.. තෙමන්න එපා... "

"හරි ඩොක්ටර්... ගොඩක් ස්තූතියි.. "

"මේ මගේ රාජකාරිය මාස්ටර් සීන්.."

ඩොක්ටර් යද්දී වැඩ ටික කුවාන්ට බලාගන්න භාරදීලා ජාන් යීබෝව එක්කගෙන ගෙදරට ගියා..

යීබෝව ඇඳෙන් තියලා සේලයින් දීලා ඩොක්ටර් පිටත් උනාම ජාන් යීබෝ ලඟින් එහා පැත්තෙන් ඇල උනා...

ජාන්ගේ ඇස් වලින් කඳුලු ගලද්දී ජාන් බලන් හිටියේ සුදු මැලි වෙලා ගිය යිබෝගේ මූණ දිහා...

"ඇයි යීබෝ මට ඇනපු එකට මැදට පැන්නේ.. ඔයාට ඔයාගේ ජීවිතේටත් වඩා මාව වටිනවද බෝ බෝ.... මට ඒ තරම් ආදරෙයිද යීබෝ.. "

ජාන් එයාගේ ඇගිලි යීබෝගේ කොණ්ඩේ අස්සේ යවන ගමන් කතා කලා..

"මගේ ජීවිතේට ඇවිත් නපුරුකම් කර කර ඉදලා මාව මේ තරම් උබට ඇබ්බැහි කලේ ඇයි යීබෝ... මං උබේ ආදරේට වහ වැටිලා බන්.. ගැලවිලා යන්න බැරි තරම්.. නැතුව ඉන්න බැරි තරම්ම. උබේ මේ වේදනාව මට දරාගන්න බැරි තරම් වේදනවක් යීබෝ.. මගේ පපුවට උබේ වේදනව දරාගන්න අමාරුයි මගේ බෝබෝ... "

ජාන් හෙමීට යීබෝගේ නලලෙන් ගැඹුරු හාදුවක් තිබ්බේ ගැඹුරු හුස්මක් එක්කමයි....

"මගේ හිතත් උබේ හිත වගේම ගලක් යිබෝ.. මං කවදාවත් හිතුවේ නෑ මං මෙහෙම වෙයි කියලා.. ඇයි බන් ආදරේ මෙච්චර බොලඳ.. මුල් කාලේ අපි බොලඳ ආදරේට බැන්නට දැන් දැන් අපිත් බොලඳ වෙලාද මන්දා... ඉක්මනින් සනිප වෙන්න බෝබෝ.. "

ජාන් එහෙම කියන ගමන් යීබෝගේ බැන්ඩේජ් කරලා තියෙන අත දිහා බලන් හිටියේ වේදනාවෙන්...

ජාන්ට මහන්සියට නිදිමත තිබ්බත් ජාන් එක චුට්ටක්වත් නිදාගත්තේ නෑ.. යීබෝට උණ ගැනෙන්න පුලුවන් කිව්ව නිසා ජාන් සැරින් සැරේට යීබෝට උණද බල බල හිටියේ යීබෝව ඉඹින ගමන්..

පැය කිපයක් යද්දි යීබෝට ගිනි කබලෙට රත් වෙලා උණ ගැනෙද්දී සීතලට යීබෝව වෙව්ලන්න වගේම තුවාලේ වේදනාවට සැරින් සැරේට කෙඳිරි ගාන්න ගත්තා...

ජාන් එවලේ ඉදන් තෙත ටවල් එකක් තියන් යීබෝව තවන්න ගත්තේ ‍යීබෝට උන බහින්න.. යීබෝ සැරින් සැරේ කෙඳිරි ගාද්දී ජාන් සනිපෙට ඔලුව අත ගගා ලඟට වෙලා ඉද්දි ටික්ස්කින් කෙඳිරීම් නැති උනා...

රෑ වෙනකොටත් යීබෝට සිහිය තිබ්බේ නෑ.. ඊයේ රෑ ඉඳන් දෙන්නම තාම කිසි දෙයක් කාලා තිබුනේ නෑ.. ජාන් වතුර විතරක් බිබී යීබෝ ලඟටම වෙලා හෙල්ලෙන්නෙවත් නැතුව හිටියේ යීබෝට සැරින් සැරේට උණ ගැනෙන නිසායි තුවාලේ පෑරෙයි කියන බයටයි...

රෑ වෙද්දි යීබෝට සිහිය ආවා.. යීබෝ එයාගේ අතෙන් දැනෙන වේදනාවත් එක්කම හෙමීට ඇස් ඇරලා එහා පැත්ත බැලුවා...

උදේ ඉදන් ඇහැරන් හිටිය ජාන්ට නින්ද ගිහින් තිබ්බා.. නිකන් නෙමෙයි යීබෝගේ අතක් උඩින් කම්මුල තියාගෙන යීබෝගේ අත බදාගෙන.. ඒ මූණ දකිද්දී යීබෝට හැම කරදරයක්ම අමතක වෙද්දී ඒ හිත නිවන රූපේ දිහා යීබෝ ආදරෙන් බලන් හිටියේ  එයාගේ තුවාලේ වේදනාවත් අමතක වෙද්දී...

ටිකකින් ජාන්ට එක පාරට ඇහැරිලා ඉක්මනට යීබෝ දිහා බලද්දී ජාන් දැක්කේ එයා දිහා ආදරේ පිරුනු ඇස් දෙකකිම් බලන් ඉන්න යීබෝව...

"සිහිය ආවා නම් ඇහැරවන්න එපැයි යීබෝ.."

"ඇහැරවන්න ලෝභ හිතුනා.. "

"අනේ මේ ඉන්නව යීබෝ කෝලම් නැතුව... කෝ උණ අඩුයිද.. තුවාලේ රිදෙනවද... "

ජාන් ඇහුවත් යීබෝගෙන් උත්තර නෑ... ඒවා තිබුනේ ජාන්ට වශී වෙලා වගේ ඒ දිහා බලාගෙන...

"කිස් එකක්... "

යීබෝ කියද්දී ජාන් යිබෝ දිහා බැලුවේ රවලා..

"ජාන්... දෙනවකෝ... "

යීබෝ කියද්දී ලස්සනට හිනා උන ජාන් හෙමීට යීබෝව කිස් කලා...

ටිකකින් සුප් දෙකක් ගෙන්නගෙම ජාන් යීබෝටත් පොවලා එයත් බිව්වා.. යීබෝට බෙහෙත් ටික දීලා ආයෙ ඇඳට ආවා.

යීබෝගේ බෙහෙත් සැරට යීබෝටත් ආයේ නිදිමත එද්දී හටිහමන් නින්දක් තිබුනේ නැති ජාන්‍ටත් හොඳටම නිදිමත තිබුනා..

දෙන්නාම හිටියේ ඔක්කොම වහලා දාලා ආයේ නිදාගන්න ලෑස්ති වෙලා...

"ජාන්... "

"ම්න්... "

"Diamonds ටික......... "

.
.
.
.
.
🥀kaushy....

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

👉අද photo upload වෙන්නේ නෑ ලමයි..🥺 අමාරුවෙන් දෙකක් තුනක් දැම්මා 😣

👉 ඉතින් ලමයි මේ කතාවෙ ලොකු ලොකු බාල්දි නෑ.. (දැනට) 🙂 කඳුලු stock කරන් තියාගෙන බලන්න... අවසානේ වෙනකන් ඔයාලට අඬන්න දෙන් නෑ.. 😌🙂💥

👉 කතාවට වෝට් කමෙන්ට කරන වීඩියෝ හදලා දෙන.. photo හොයලා දෙන.. පරක්කු උන ගමන් කතාව කෝ කියලා වද දෙන ඔක්කොටම ගොඩාක් ආදරෙයි ගොඩක් හොඳේ... ❤️😘

👉 ගිහින් එඤ්ඤං 😘❤️

(3556words)

Continuă lectura

O să-ți placă și

31K 7.9K 31
I can't see...But I can hear his whispers of Love...❤️💚
53.4K 9.4K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
3.2K 1.1K 71
A/N - I published all the chapters in a day. so you are feel free to read and enjoy in one go. අවුරුදු එකොළහේ ඉදන් අසේල පස්සෙ වැටිලා ඉන්න ඒ පුන්චි පහ...
154K 22.1K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."