HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈chapter 19😈

2.3K 389 117
By kaushi_vi_ed


Chapter 19

👈

ඒක අලුත්ම විදිහේ ලොකු ගෙයක්.. ඒත් පිටිපස්සේ තිබුන ගස්කොලං වල නම් පොඩි artificial ගතියක් තිබුනා..

"යීබෝ මේ ඇත්ත ගස්ද... "

"මෙහෙ කොහෙද බන් ඇත්ත ගස්...ඕවා ඔක්කොම 3D... "

"ආ.....හ්? "

"ඇතුලට එනවකෝ..... "

යීබෝ ජාන්ගේ උරහිසෙන් අත් දෙක තියාගෙන ජාන්ව තල්ලු කරන් ගේ ඇතුලට ගියා..

👉

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

ඒ ගෙදර කලු වැඩිපුර තිබුනේ කලු පාට..

"Lights on , make two  black coffees "

යීබෝ කියද්දී මුලු ගෙදරම ලයිට්ස් ඔන් උනා.. එතන තිබුන coffee machine එකෙන් coffee 2ක් හැදුනා...

"ම්න්.. ආ... බොනවා.. තමුසෙගේ අමෘතේ..."

"Coffee?? "

"ම්න්. මං ඩොකාගෙන් ඇහුවා.. දවසට දෙකක් විතර බිව්වට කමක් නෑ කිව්වා..  තමුසේ විස්සක් තිහක් බොන එක තමයි ප්‍රශ්නේ... "

යීබෝ කියද්දී ජාන්ගේ මූණට ලොකූ හිනාවක් ආවා.. මුලින්ම කෝපි කෝප්පෙට ඉව අල්ලලා ඒකේ සුවඳ බලලා ජාන් කෝපි උගුරක් බිව්වේ ඇස් දෙකත් පියාගෙන.. යීබෝගේ මූණට ආවේ හිනාවක්..

"මේක මගේ ගේ.. අද ඉදන් තමුසෙගෙත් ගේ.. මහ ලොකු නම් නෑ ඉතින්. චීනේ අපේ ගෙවල් වගේ පැලස් නෙමෙයි ඉතින් කාමර තුනයි.. එකක් මට අනික තමුසෙට අනික සීක්‍රට් එකක්... "

යීබෝ කියද්දි ජාන් රැව්වා....

"සීක්‍රට් එක නම් මොකක්ද කියලා මං දන්නවා.. මටයි තමුසෙටයි දෙකක් මොකටද යීබෝ.. ආහ්.... ???"

"ආව් අව්ව් ඕයි... හැම වෙලේම ඕකම මිරිකන්න එපා බන්.. කොයි වෙලේ හරි තමුසෙගේ අතේ තියෙයි... ඌයි ඌයි... "

යීබෝ කියන්න කියන්න ජාන් නිපල් එක තව තද කලා...

"ආහ්.... හරි හරි.. දෙන්නම ඉන්නේ මගේ එකේ.. අත අරිනවා දැන්..."

යීබෝ කියද්දී ජාන් කට කොනකින් හිනා වෙලා යීබෝගේ පපුවට තට්ටුවක් දැම්මා..

"My devil boy.. මෙන්න මෙහෙ එනවා ගේ පෙන්නන්න... "

යීබෝ ජාන්ගේ පස්ස මිරිකගෙනම ඉස්සරහට ගියා...

මුලින්ම පහල තට්ටුවේ එක දොරක් ඇරිය...

"මේ තියෙන්නේ මගේ gaming room එක.. අලුත්ම technologies.... "

ටික වෙලාවක් ඒක බලලා ආයේ තව කාමරේකට ගියා.. 

"මේක තමයි මගේ gym එක... හැමදේම තියෙනවා.. මේකේ අපි exercise කරද්දී අපේ පිටවෙන කැලරි ගාණ අර screen එකෙන් බලන්න පුලුවන්.. ඒ වගේම අපේ ඇග අනුව බර අනුව ඕනි exercise shedule කරලා දෙනවා.. "

"Woow.. "

"තමුසෙත් හෙට ඉදන් මිදුලේ යන්න ඕනි නෑ.. මේකට එනවා.. මේ 3D screen දාගෙන එලියේ වගේම ඉන්න පුලුවන්.. "

"අනේ මට එපා.. මට ඕනි නැවුම් වාතය.. ඉර එලිය ඇත්ත තණකොල.. "

"ආහ්... එහෙනම් පලයන් චීනෙට.. මෙන්න මෙහෙ එනවා.. හෙට උදේට මං තමුසෙට පෙන්නන්නම් මේක garden එකක් කරලා..."

යීබෝ ජාන්ගේ කොලර් එකෙන් ඇඳන් ඒකෙන් එලියට ආවා...

ඊලඟට ගියේ තව room එකකට..

"Woow... මේ මොකක්ද...?? "

තනිකරම කලුවර කාමරේට ගිහින් ජාන් ඇහුවේ ඇස් වටේ යවන ගමන්..

"රෑ අහස.. ඔය telescope එකෙන් ඔයාට බලන්න පුලුවන්.. පුංචි ග්‍රහලෝකාගාරේ.. මං ඉන්න ආසම තැනක් මේ.. "

ජාන් කට ඇරන් බලන් ඉද්දී යීබෝ ගිහින් telescope එකෙන් ජාන්ට බලන්න දුන්නේ පිටිපස්සේ ඉදන් හෙමින් හෙමින් බෙල්ල කිස් කරන ගමන්..

"Tsk... එහාට යනවකෝ යීබෝ.. මට මේක බලන්න දීලා...."

"ම්හ්ක්.. මට දැන් වෙන telescope එකක් බලන්න හිතිලා තියෙන්නේ... "

යීබෝ ජාන්ගේ කලිසමේ ඉස්සරහට අත තියද්දී ජාන් යීබෝව එහාට තල්ලු කලා...

"ඉතුරු ටිකත් පෙන්නලා ඉන්නවකෝ... "

යිබෝ ඊලඟට ජාන් එක්ක ගියේ ලොකූ library එකකට.. පොත් පුරෝලා තියෙන එකක්..

"අනිත් හැම එකකම ලොකු ලොකු අලුත් technology.. මේකේ මුකුත් නෑද... "

"ම්න්.. අර table tab එකෙන් ඔයාට ඕනිම පොතක් කියවන්න පුලුවන් එතන ඉදන්.. ඒ උනාට මං ආස නෑ ඒකට... "

"ඇයි යීබෝ... ? "

"පොතක් කියවද්දී දැනෙන්නේ ඒ පිටුවල සුවඳ එක්ක.. පිටුවෙන් පිටුව පෙරලද්දී ඒක දැනෙනවා වැඩියි.. screen එකක් දිහ බලන් ඉන්නවා වගේ නෙමෙයි.... "

යීබෝ කියද්දී ජාන් ඔලුව හොල්ලලා ඒකට එකඟ වෙන ගමන් යීබෝගේ තොල් වල එල්ලුනා...

හුඟ වෙලාවකට පස්සේ දෙන්නාම එලියට ගියේ බෙල් එකක් ඇහුන නිසා..

"Lunch අරන් ඉමූ.. "

යීබෝ ජාන්ගේ තොල් වලට පොඩි කිස් එකක් දීලා එලියට ගියා. Lunch එක පොඩි ට්‍රොලි එකක එලියේ ඉදන් ඇතුලට එද්දී යීබෝ ගිහින් ඒක අරන් ආවා..

දෙන්නම ඒක කාලා ටිකකින් ආයේ උඩට ගියා...

මුලින්ම ගියේ පොඩි room එකකට... ඒක පොඩි theater room එකක්.... ලොකු 3D screen එකක් එක්ක... බෙඩ් එකක් වගේ ලොකු පුටු දෙකක් තිබුනා...

"මේක සීක්‍රට් රූම් එක ජාන්.. ඒකට යන්න ඕනි නෑනේ.. ඒක අපි දෙන්නට ඕනි වෙන එකක් නෑ.. වහලා ලොක් කරලා තියෙන්නේ.. එන්නකෝ.. "

ඒ රූම් එක පහු කරන් යිබෝ ජාන්ව ඊලඟට එක්කන් ගියේ එයාගේ room එකට..

ඒකට තනිකරම තිබුනේ ඇඳ විතරයි.. තනි කලු කාමරයක්.. ඇඳට පිටිපස්සෙන් බිත්තියේ දිගට වතුර කඩන් හැලුනේ දිය ඇල්ල්ක් වගේ..

(ඇඳ පිටිපස්සෙන් ඕම එකක් මවාගන්න 🤧)

"Woow... "

"අපේ කාමරේ... "

යීබෝ කිව්වේ ජාන්ව බැක්හග් කරගෙන...

"මේ ඇත්තම වතුරද යීබෝ.... ?? "

"අල්ලලා බලන්න... "

යීබෝ කියද්දී ජාන් ගිහින් ඇල්ලුවා.. ඒත් වතුර ගෑඋනේ නෑ..

"3D screen එකක් ජාන්.. අපි කැමති දෙයක් දාගන්න පුලුවන්.. "

යීබෝ කිව්වේ ඇඳ අයිනේ තිබුන පොඩි ටැබ් එක අරන්..ටිකකින් එතන තිබුනේ මාලු පීනන මාලු ටැංකියක්.. ආයේ ටිකකින් මුහුදු වෙරලක්.. ආයෙත් ටිකකින් හිම වැටෙන හිම කන්දක්...

ජාන් හිටියේ කට ඇරගෙන ඒක දිහා බලාගෙන....

යීබෝ ජාන්ව එහෙන්ම ඇඳට තල්ලු කරන් ජාන්ගේ ඇඟ උඩට ආවේ ජාන්ව සිපගන්න ගමන්..

"යී....බෝ..... "

"ජාන්.. මට තමුසෙව හැමදාම ඕනි.. දවසට දෙපාරක්වත්.. මට ටොප් මංද තමුසෙද අදාල නෑ.. ඒත් මට ඕනි.. තමුසේ මාව පිස්සෙක් කරලා... "

යිබෝ කිව්වේ පිස්සුවෙන් වගේ ජාන්ව ඉඹින ගමන්.. 

"යී....බෝ... තව බලන්න ඒවා තියෙයිනේහ්... "

"පස්සේ.. දැන් මට බලන්න වෙන ඒවා තියෙයි.... "

යීබෝ කිව්වේ ජාන්ගේ ටයි එක ගලවලා දාලා බෙල්ල සිපගන්න ගමන්...

.
.
.

රෑ වෙලා යීබෝ ජාන්ව එක්කන් ගියේ තව රූම් එකකට...

"මේ මොකක්ද යීබෝ..?? "

"Wash room එක... "

"What...?? "

ජාන් ඇහුවේ ඒ ලොකූ රූම් එක දිහා බලාගෙන..

"ම්ම්ම් මෙතන ඉතින් ශවර් තියෙයි.. ඔයාට වැස්සේ තෙමෙනවා වගේ නාන්න පුලුවන්.. ඒත් මං නම් ආසම අර පූල් එකට... "

යීබෝ ජාන් එක්ක ටිකක් එහාට ගියා.. වටේම වීදුරු දිග කාමරේක මැද තිබුනේ පූල් එකක්.. දිග පූල් එකක්..

"ජාන් ඔයාට යන්න ඕනි කොහෙටද.. මං මෙතන ඉදන් එක්ක යන්නම්.. "

"ඒ කිව්වේ... ?? "

"ලෝකේ ඕනි තැනක්.. "

"ම්ම්ම්.... iceland... "

ජාන් කියද්දී යීබෝ ගිහින් එතන තිබුන tab එකක් ඔබන්න ගත්තා.. ටිකකින් කාමරේ වටේම තිබුන වීදුරු වලින් අයිස් කඳු පේන්න ගත්තේ එයාලා ඉන්නේ ඇත්තටම අයිස් කඳු මැද වගේ.. උඩින් අහස පෙනුනා.. ඒ එක්කම කාමරේ අඳුරු වෙලා හීතල වෙන්න ගත්තේ ඇත්තට හිම කාලේ වගේ...

"යීබෝ... අම්මෝ ඇති..."

ජාන් අත් බැඳන් හීතලේ කියද්දී යීබෝ කට කොනකින් හිනා උනා..

"නාමුද ජාන්.. "

"ම්න්.... "

කියන පරක්කුවට ජාන් එයාගේ ඇඳුම් ගලවද්දී යීබෝ එහාට ගිහින් වයින් බෝතලක් එක්ක glass දෙකක් අරන් ගිහින් පූල් එකේ අයිනකින් තිබ්බා...

ජාන් boxer එක පිටින් පූල් එකේ එහා කොනෙන් පැනලා පීනගෙන අනිත් පැත්තට ගියා.. පූල් එකේ කොනක බුබුලු දම දම තියෙන ඉඳගන්න තියෙන තැනකිම් ජාන් වාඩි උනේ අත් දෙක දිග ඇරලා බැම්මට තියාගෙන.. උණු වතුර වල සනීපේ විඳින ගමන් ඇස් පියාගෙන බැම්මටම ඔලුව තියාගන්න ගමන්..

යීබෝ වටේ screen වලට රැලි ගහන මුහුද එක්ක මුහුදු වෙරලක් දැම්මා.. ලාවට හඳ පායලා තියෙන මුහුදේ සද්දෙත් එක්ක දැනුනේ එයාලා ඇත්තටම මුහුදක ඉන්නවා වගේ.. උඩින් තරු පිරුනු අහසක්.. මුලු රූම් එක කලුවර වෙලා හඳ එලිය වගේ ලා කහ එලියක් වැටුනා.. ඒ එක්කම සද්දෙට ගැලපෙන්නම සැරින් සැරේට හුලඟකුත් ආවේ මුහුදේ ඉන්නවා වගේමයි..

ජාන් පූල් එකේ එහා කොනේම බුබුලු එන වතුර එකේ වාඩි වෙලා හිටියේ යීබෝ දිහා බලාගෙන.. යීබෝත් එයාගේ ඇඳුම් අයින් කරලා boxer එක පිටින්ම වතුරට පැනලා කෙලින්ම පීනගෙන ජාන් ලඟට එද්දී ජාන්ගේ කට කොනකින් හිනාවක් ගියා..

යීබෝ පීනගෙන ජාන් ලඟට ගිහින් ඒ ගිය විදිහටම ඉන්න ගමන් ඔලුව උස්සලා ජාන්ගේ තොල් වලට පොඩි කිස් එකක් දුන්නා... ජාන්ගේ කකුල් දෙක මැදින් ජාන්ගේ ඇගට හේත්තු වෙලා යීබෝ එයාගේ ඔලුව ජාන්ගේ උරහිසට හේත්තු කරගත්තා...

"යී....බෝ... "

"ම්න්.. "

"ආ..... "

ජාන් එතන තිබුන රෙඩ් වයින් ග්ලාස් දෙකෙන් එකක් යීබෝගේ අතට දීලා අනික ජාන් ගත්තා...

"යී...බෝ... "

"ම්න්... "

"මං මෙහෙ මේම ඉන්න එක ප්‍රශ්නයක් නෑද..."

"ම්හ්ක්.. නෑහ්.. "

ජාන් හෙමීට යීබෝගේ බෙල්ල උරහිස් සිප ගන්න ගමන් කතා කලේ හෙමීට..

"ඇයි... එහෙම නිකන්ම මෙහෙට එන්න පුලුවන්ද....?? "

"බෑ.. තමුසේ මගේ හස්බන්ඩ්නේ ජාන්.. "

"ඉතින්..?? "

"මේකට කිසිම කෙල්ලෙක්ට එන්න බෑ.. අන්න ඒකයි සීයා පපා දෙපාරක් නොහිතා තමුසෙව මට බැන්ඳුවේ.. මොකද නැත්නම් මං තනි වෙනවා කියලා දන්නවා.. අනික දන්නවද ජාන්.. සීයා පපා දැනගෙන ඉඳලා ඔයා තමයි සීන් කියලත්.. "

"ආ......හ්....?? "

"ම්න්. අපි එකට ඉන්නවා කියලා දැනගත්ත ගමන් සීයා පපා තමුසේ ගැන හොයලා.. එතකොට දැනගෙන.. අනික අපි එදා boyfriend කියද්දි උනත් සීයා පපා දන්නවලු ඒ බොරු කියලා.. ඒත් කවදාහරි සෙට් වෙයි කියලා හිතලා බන්ඳලා දුන්නලු.. "

"ඈහ්.. සීයා පපා මාර එක්කෙනෙක්නේ... "

"හ්ම්.. අනික මට තියෙන විසේ හැටියට කෙල්ලෙක් හරියන් නෑ කිව්වේ.. තමුසෙම තමයි කිව්වා හරියනම කෙනා... "

"ඇත්ත හැබැයි.. මංම නිසා හොඳයි.. වෙන එකෙක් නම් මැරිලා... "

ජාන් කිව්වේ යීබෝගේ පපුව පුරාවට එයාගේ දිග ඇගිලි ගෙනියන ගමන්..

"ජා...න්... සීයා පපා අපිට වඩා ගොඩක් දුර හිතලා.. එයා දැනගෙන ඉඳලා එයාගේ අසනීපේ ගැන.. ඒකයි එයාගේ අන්තිම කාලේ මාව පිලිවෙලක් කලේ.. "

"ම්න්.. යීබෝ අපි මේ කොහෙද ඉන්නේ.. මෙතන මෙච්චර දේවල් කොහොමද.. ?? "

"ඔයා ඉන්නේ අපේ මූලස්තානේ... මේක තියෙන්නේ අපි අර ආපු දූපතේ තමයි.. හැබැයි පොලව යට.. මේ place එක redar වලටවත් අහු වෙන් නෑ.. මේ පේන මානෙකින් නැවක්වත් යන්නේ නෑ.. "

යීබෝ ජාන්ගේ අත අරගෙන ඒ දිග ඇගිලි පුරාම සිපුම් තියන ගමන් කතා කලේ වයින් එකත් බොන ගමන්...

"යීබෝ.. මං සාමාන්‍ය කෙනෙක් නෙමෙයි.. චීනේ තුන්වෙනියට පෝසත්ම කෙනා.. මට මගේ සල්ලී වැඩිත් එක්ක.. මට ඕනි ඕනි හැමදේම ගන්න පුලුවන් උන.. ඒත් මට මහ ලොකු ලොකු හීන තිබුනේ නෑ.. ඒත් ඔයාලා එක්ක බලද්දී ඔයාලගේ ආදායම මට හිතාගන්න බෑ... "

"ඔයාලටම වෙනම port එකක් පවා තියෙනවා.. ඉතින් කොහොමද යීබෝ ඔයා කියන්නේ ඔයාලා වැටිලා ඉන්නේ කියලා.. මට හිතාගන්න බෑ... "

"දක්ෂම detective කිව්වට මහ මෝඩයිනේ මගේ හස්බන්ඩ්... "

යීබෝ කිව්වේ ඉන්න විදිහටම පිටිපස්ස හැරිලා ජාන්ගේ තොල් වලට පොෆි පික් එකක් තියලා.. ජාන් ඉතින් රැව්වා..

"හරි හරි යීබෝ.. මට තේරෙනවා ඉතින් ඕව තියෙනවා වගේම නඩත්තු කරන්න වියදම් යනවා කියලා.. ඒවට ඔයාලගේ එන ආදායම මදි වෙන එකනේ ප්‍රශ්නේ.. "

"අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නනේ මේ මෝඩ ඩිටෙක්ටිව්ව මං හස්බන්ඩ් කරන් මෙහාට අරන් ආවේ.. "

යීබෝ අනිත් පැත්ත හැරිලා ජාන්ගේ මූණ දිහා බලන් කිව්වේ පස්ස මිරිකන ගමන්..

"කෝපි නැතුව මගේ ඔලුවට කිසී දෙයක් එන් නෑනේ.... 

"ආහා... අපි ඕක වෙනස් කරොත් කොහොමද හස්බන්ඩ්.. මට යීබෝගෙන් කිස් එකක් නැතුව මගේ ඔලුවට කිසී දෙයක් එන් නෑනේ.. එහෙම නැත්නම් යීබෝ එක්ක......... "

"ආ... ආ.... ඇති ඇති... මාස්ටර් ලියෝ කැමතිද හෙට කොර ගහ ගහ ඇවිඳින්න ආ... "

ජාන් කිව්වේ යීබෝව එයාගේ පැත්තට හරවලා උකුලේ වාඩි කරවගන්න ගමන් කට කොනකින් හිනා වෙලා.. 

"හෙට මට ගොඩක් වැදගත් මීටින් එකක් තියෙනවා ජාන්.. "

"ඒ ඔක්කොටම වඩා මට මේක වැදගත්...."

ජාන් කිව්වේ යීබෝගේ තොල් හෙමීට සිපගන්න ගමන්..

.
.
.
.

ජාන් උදේ ලෑස්ති වෙලා හිටියේ යීබෝගේ ඇඳුමේ ටයි එක හදන ගමන්....

"මාස්ටර් ලියෝ... ගොඩක් වැදගත්ද අද මීටින් එක.... "

"ම්න්.... ගොඩා....ක්.. ගෝල්ඩන් මාෆියා එකේ අනාගතේ තිරණය කරන්නේ ඒකෙන්.. "

"එහෙනම් අනිවාර්‍යෙන් සාර්තක වෙයි.. "

"සුවර්ද...?? "

"ම්න්... "

ජාන් කිව්වේ යීබෝගේ නලලට සිපුමක් තියලා..

"අවුල තියෙන්නේ කොර ගහ ගහ යන්න එපැයි.. ඊයේ මං තමුසෙට කොච්චර කිව්වද... "

"ආ...හ්.. වැඩිය හිතන්න එපා.. ඒක ගාණක්  වෙන එකක් නෑ... "

ජාන් හිනා වෙලා කියද්දී යීබෝ රවලා අමාරුවෙන් කොර නොගහ ගෙදරින් එලියට බැස්සා..

යීබෝ අර දොරවල් වලින් එකක් ඇරලා meeting room එක ඇතුලට ගියා.. දිග මේසයක් එක්ක වටේම පුටු තියලා තිබුන මේසයක් එක්ක ඉස්සරහින් ලොකූ screen එකක් තිබුනා.. මේසේ මැද 3D laser ray එකෙන් golden mafia එකේ logo එක කැරකි කැරකි තිබුනා...

යීබෝ ගිහින් එයාගේ meeting එකට අදාල ඔක්කොම ලෑස්ති කලා.. 8.30ට meeting එක.. තව විනාඩි පහක් තියෙන නිසා යීබෝ පිටිපස්ස හැරිලා පිටිපස්සේ තිබුන වීදුරුවෙන් එලියේන් පේන මුහුද ඇතුල දිහා බලන් හිටියා...

හරියටම 8.30 වෙද්දී office room එකේ දොර ඇරුන...

දෙන්නෙක්ගේ සපත්තු සද්ද දොර ලඟින් ඇහුනා...

"මාස්ටර්... "

ඒ කුවාන්ගේ කටහඬ..

"Ok Mr. Kuan.. "

යීබෝ අනිත් පැත්ත හැරිලාම කියද්දී කුවාන් දොර වහගෙන එළියට ගියා.. යීබෝට ඇහුනේ බර අඩි තියන සපත්තු සද්දේ... ඒක යීබෝගේ පිටිපස්සට ඇවිත් නතර උනා...

"Hello Master Leo... "

ඒ ගැඹුරු හඬ යීබෝගේ පිටිපස්සෙන් ඇහෙද්දී යීබෝ කට කොනකින් හිනාවක් දාලා අනිත් පැත්ත හැරුනා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"Hello Master sean.. Nice to meet you.."

යීබෝ කිව්වේ අතට අත දෙන ගමන්.. ඒ හිටියේ ජාන්..

මීට හරියටම දවස් තුනකට කලින් Detective seanගේ official email එකට golden mafia එකේ official email එකෙන් email එකක් ආවා.. ඒ එයාලා එක්ක එකතු වෙන්න කියලා...

ඒකට ජාන්ගේ උත්තරේ උනේ පැහැදිලි කිරීමකින් පස්සේ contract sign කරන්නම් කියලා.. ඉතින් ඊයේ මිස්ටර් ජාන්.. එහෙමන් නැත්නම් detective sean ඉතාලි වලට ආවේ ඒ important meeting එකට.. golden mafia වල වර්තමාන බොස් Master Leoව  හම්බෙන්න...

"Take a sit Master sean.. "

"Thank you.. "

ජාන් එහෙම කියලා යීබෝ පෙන්නපු පුටුවෙන් වාඩි උනා.. එතන්ට ආපු මනුස්සයෙක් දෙන්නා ලඟින්ම coffe දෙකක් තියලා එලියට ගියා...

"මුලින්ම thanks master sean අපේ invitation එක පිලිගත්තට.. "

"ඒක සුළු දෙයක් මාස්ටර් ලියෝ.. අපි පටන් ගමුද.. "

යීබෝ ජාන් දිහා බලන් ඉද්දී ජාන් කිව්වේ screen එක පෙන්නලා..

"අහ්.. ආ ඔව්.. "

මුලින්ම යීබෝ screen එකට diagram එකක් දැම්මා....

"ඉතින් මාස්ටර් සීන්.. මේක තමයි අපේ ටීම් එකේ ව්‍යුහය.. ඉහලම කෙනා boss එහෙම නැත්නම් don.. ඒ කියන්නේ දැන් නම් මං.. ඉස්සර නම් මගේ සීයාපපා Mr. Qiren "

"මං මිස්ටර් සීන්ට දැන් තියෙන ව්‍යුහය කියන්නම්.. බොස් මං.. ඒ කියන්නේ මාස්ටර් ලියෝ...

"එතකොට මේ අතරට ඉන්නේ counselor.. ඒ කියන්නේ බොස්ට උපදෙස් දෙන කෙනා.. එයා බොස්ගේ ලඟම කෙනෙක්.. විශ්වාසවන්ත යාලුවෙක්ව වගේ තමයි ගන්නේ.. ඒ කියන්නේ මේ කෙනා තමයි අපේ මාෆියා ෆැමිලි එකේ තුන්වෙනියා වෙන්නේ.. "

"අපේ මාෆියා ටීම් එකේ counselor තමයි Mr.Kuan.. "

යීබෝ පැහැදිලි කරද්දී ජාන් හොඳ කල්පනාවෙන් අහගෙන හිටිය්..

"එතකොට ඊලඟ එක තමයි මාස්ටර් සීන් වැදගත්ම එක... underboss.. ඒ කියන්නේ මාෆියා ටීම් එකේ දෙවනියා.. ගොඩක් දුරට මේකට ගන්නේ පවුලෙම කෙනෙක්.. ඉස්සර බොස් Mr. Qiren වෙද්දී මං තමයි underboss උනේ.. "

"ඒත් Mr. Qirenගේ මරණෙන් පස්සේ මං බොස් උනා.. ඒත් මේ තැනට කෙනෙක් අපේ පවුලෙන් නෑ.. පුරප්පාඩුයි.. පුතා සහෝදරයා වගේ තමයි මේ තනතුරට අපි ගන්නේ.. ඉතින් ඒ තනතුරට බොස්ගේ හස්බන්ඩ් උනත් ගැලපෙනවා... "

යීබෝ කියද්දී ජාන් කට කොනකින් හිනා උන..

"ඉතින් මාස්ටර් සීන්.. මං ඔයාගෙන් ඉල්ලුවේ මේ තනතුර භාරගන්න කියලා.. ඔයා තමයි එතකොට මේ ටීම් එකේ දෙවනියා වෙන්නේ... කවදා හරි බොස්ගේ ජීවිතේට හානියක් උනොත් ඉස්සරහට මාෆියා ටීම් එක භාරගන්න ඕනි.. "

යීබෝ කියද්දී ජාන්ගේ ඇස් ගැස්සුනා.. යීබෝ ලාවට හිනා වෙලා ඔලුව වැනුවා..

"ඒක තමයි මිස්ටර් සීන් වගකීම. බොස්ගේ ජීවිතේ හැම වෙලාවකම තියෙන්නේ අවදානමක.. ඒ නිසා දෙවනියෙක් ඉන්නම ඕනි.. "

යීබෝ හිනා වෙලා අනිත් පැත්ත හැරුන.. ජාන් ඇස් වලට ආව කඳුලු වැටෙන්න නොදී ජාන් අමාරුවෙන් පාලනය කරගත්තා..

"ඊලඟට මං කියන්නම් soldiersලා ගැන.. එයාලා තමයි අපිට සේවය කරන අය.. ඒ හැමෝම ඉතාලියේ වගේම චීනේ දුශ්කර පලාත් වල ආර්ථික මට්ටම ගොඩක් දුර්වල පවුල් වලින් එක්ක ආව පිරිමි ලමයි.  පොඩි කාලේ ඉදන් පුහුණු කරලා අවු.18න් පස්සේ වැඩ වලට ගන්නවා.. "

යීබෝ කියද්දී ජාන් කට කොනින් හිනා උනා..

"ඉතින් මාස්ටර් ලියෝ ඒක නෙමෙයිද් මිනිස් ජාවාරම් කියන්නෙ..?? "

"හහ්.. මාස්ටර් සීන්ට හරියට ඇහිලා නෑ.. මං කිව්වේ අරන් ආව නෙමෙයි එක්ක ආව.. මොකද ඒ හැමෝම ආවේ කැමැත්තෙන්.. ලොකු පඩියකට.. රස්සාවකට..  හැබැයි එයලා ඇතුලට ආවා කියන්නේ ආයේ පිටවීමක් නෑ.. එයාලට විතරක් නෙමෙයි මාස්ටර් සීන්.. හැමොටම.. ඇතුල් උනොත් පිටවීමක් නෑ.. තේරුනාද..??"

යීබෝ බර කරලා කියද්දී ජාන් කට කොනකින් හිනා වෙලා ඔලුව වැනුවා..

"ඊලඟට මාස්ටර් සීන්... capo.. ඒ කියන්නේ soldiersලාව පාලනය කරන අය.. military captain වගේ තමයි.. අපේ මේකට කට්ටිය කිහිප දෙනෙක් ඉන්නවා... "

"එයාලව විශ්වාසද මාස්ටර් ලියෝ??? "

"දැනට ඔව්ව්.. Mr. Don ඉන්නේ අපේ weapons deal සම්බන්දව.. Mr. Enzo තමයි  gems diamonds වගේ සම්බන්දව ඉන්නේ.. Mr. Bruno ඉන්නේ bodyguardලාව අනුයුක්ත කිරීම් සම්බන්දව... Mr. Angelo තමයි අපේ soldiersලගේ මූලික පුහුණුව සම්බන්දව ඉන්නේ... තව අය ඉන්නවා.. මේ ඉන්නේ මූලිකම අය... "

යීබෝ screen එකේ photo දාන ගමන් පෙන්නද්දී ජාන් හොඳ අවදානෙන් ඒවා බලන් හිටියා..

"ඊට පස්සේ මේ තියෙන්නේ වැදගත්ම එක මාස්ටර් සීන්... "

Screen එකේ තිබුනේ සිංහයෙක්ගේ හිසක් තියෙන lion logo එක....

"Lions... මෙයාලා තමයි ලෝකයේ දෙවනියට බලවත්ම මාෆියා ටීම් එක.. කෙලින්ම කියනවා නම් අපේ හතුරා.."

" මොකද mafia team වල ප්‍රධානම දේ බලය රඳවා ගැනීම දියුණු වීම.. ඉතින් මාෆියා ටීම් දෙකක් අතර තියෙන යුද්ධ සාමාන්‍යයි.. මෙයාලා බලන් ඉන්නේ අපි දුර්වල වෙනකන් අපිට attack කරන්න.. මේකෙ බොස් කවුද කියලා කවුරුත් දන්නේ නෑ. ඒක තමයි භයානකම දේ මාස්ටර් සීන්.. මොකද අපේ හතුරා අදෘශ්‍යමානයි "

යීබෝ කියද්දී සීන් කට කොනකින් හිනා උනා..

"මට agreement එක දෙන්න මාස්ටර් ලියෝ.. අදෘශ්‍යමානයි කියන අයව මං ඉක්මනින්ම දෘශ්‍යමාන කරලා දෙන්නම්.."

ජාන් කියද්දී යීබෝ ටැබ් එකක් ජාන්ගේ අතට දුන්නා.. ජාන් ඒක sign කරලා ආයේ යීබෝට දුන්නා..

"Welcome to Golden Mafia Master sean.."

"Thank you Master Leo.. එහෙනම් මං ගිහින් එන්නම්.. "

අතට අත දීලා ලා හිනාවක් දාලා ජාන් එතනින් එලියට එන්න අනිත් පැත්ත හැරුනා...

ඒත් අඩියක්වත් යන්න හම්බුනේ නෑ.. ජාන්ව ආයේ පස්සට ඇඳිලා ගියා...

යීබෝ ජාන්ගේ අතින් ඇඳලා අරන් ඉනෙන් උස්සලා මේසේ උඩින් තිබ්බා.. ජාන් ඇහි බැමක් උස්සලා යීබෝ දිහා බලද්දී යීබෝ කට කොනකින් හිනා උනා..

"මාස්ටර් ලියෝයි මාස්ටර් සීනුයි ගියා.. දැන් ඉන්නේ යීබෝයි එයාගේ හස්බන්ඩ් ජානුයි...."

"යී....බෝ...ම්ම්ම්ම්හ්.."

ජාන් ආයේ කතා කරන්න කලින්ම යීබෝ ජාන්ගේ ලිප්ස් කිස් කරන්න ගත්තා...

"ජාන්... "

"ම්න්... "

කිස් එකෙන් පස්සේ ජාන්ගේ බෙල්ල හෙමින් සිපගන්න ගමන් යීබෝ කතා කලා...

"Golden mafia එකට සම්බන්ද උනාට පොඩි ගිෆ්ට් එකක් තියෙනවා... "

"ආ....හ්...?? මටද මාස්ටර් සීන්ටද...?? "

"මාස්ටර් සීන්ට නම් මං කලින් දෙනවානේ. මේක මගෙන් මගේ හස්බන්ඩ්ට... "

"මොකක්ද.... "

ජාන් අහද්දී යීබෝ හිනා වෙලා සාක්කුවේ තිබුන බොක්ස් එකක් ජාන්ට දික් කලා..

"මො.. මොකක්ද මේ...?? "

"බලන්න ඉතින්... "

යීබෝ කියද්දී ජාන් ඒක ඇරලා බැලුවා...

"Woow... "

එතන තිබුනේ ගෝල්ඩ් කලර් spinner එකක්..

"යීබෝ මේක.... ?? "

"පොඩි ගිෆ්ට් එකක්.. හැම වෙලේම අමතක නොවී ඔයාගේ අතේ ඕක තියෙනවානේ.. තමුසෙට wedding ring අමතක උනත් ඕක අමතක වෙන් නෑනේ..."

යීබෝ රවලා කියද්දී අදත් රින්ග් එක අමතක උන ජාන් හෙමීට එයාගේ අත පිටිපස්සේ හංඟගන්න ගමන් මෝඩ හිනාවක් දැන්මා..

"මොලේ වැඩි උන්ට කොහොමත් ඔය මොංගල් ගතිය තියෙනවා.. ඒක නිසා ප්‍රශ්නයක් නෑ.. දැන් යනවා එලියට.. කුවාන් ඇති එලියේ.. එයා එක්ක පොඩ්ඩක් කැරකිලා බලනවා මේකේ වැඩ වෙන විදිහ... දැන් යනවා හ්ම් හ්ම්.. "

මෙච්චර වෙලා හරි ආදරෙන් හිටිය යීබෝ එක පාරට මූඩ් වෙනස් කරල ජාන්ව දොර පැත්තට තල්ලු කලේ පස්සටත් ගහලා...

"වරෙන්කෝ බලන්න රෑට හඤේ හුඤේ ගාන්.. තොට පෙන්නන්නන් මං.. දුශ්ට හස්බන්ඩ්.. "

ජාන් මැද ඇගිල්ල පෙන්නලා රව රව එලියට යද්දී යීබෝ තොල් උල් කරලා flying  kiss එකක් යැව්වේ හිනා වෙවීමයි..

"ආ..හ් මේ... මතක් කරලා මාස්ක් එක දාන් යනවා.. ඔය අපායේ කැලැන්ඩරේට ගහපු මූණ වගේ මූණ මිනිස්සුන්ට පෙන්නන්නේ නැතුව.. "

"අනේ මේ යනවා යන්න යීබෝ... තමුසේගේ ඊරිසියාව.. බොස්ට වඩා බොස්ගේ හස්බන්ඩ් ලස්සනයි කියලා අනිත් අය දැනගනී කියලා වෙන්න ඇති.. හුහ්.. "

"අනේ ඔව් ඔව්ව්.. හරි ලස්සන භාණ්ඩෙනේ.. පලයන් පලයන්.. "

යීබෝ අතේ ඇගිලි වලින් එලියට යන්න කියද්දී ජාන් කට ඇඳ කරලා යීබෝට විරිත්තන ගමන් එළියට ගියා.. යීබෝගේ මූණට ආවේ ලස්සන හිනාවක්..

"ඔව් ලෝකෙන්ම ලස්සනම එකා අයිති මාස්ටර් ලියෝට තමයි කොහොමත්.. "

යීබෝ තමන්ටම කියන ගමන් එතනින් වාඩි වෙලා එයාගේ වැඩ පටන් ගත්තා..

ජාන් එලියට ගිහින් මාස්ක් එකත් දාගෙන කුවාන් එක්ක ගියේ පොඩ්ඩක් ඇවිඳලා බලන්න.. මාස්ක් එක දාන්න ජාන් කලින් ඉඳලා තීරණය කරලා හිටියේ එයාගේ මූණ රහසක් විදිහට තියාගන්න ඕනි නිසා.

.
.
.

ඔය විදිහට තව දවස් දෙකක් ගෙවිලා ගියා.. ඒ දවස් දෙකේ ජාන් දවසම කලේ කුවාන් එක්ක golden mafia එකට අයිති තැන් වලට ගිහින් ඒවා ගැන බලපු එක.. යීබෝ නම් එයාගේ වැඩ අස්සේ හිර වෙලා තිබුනා.. එකට ඉන්න හම්බුනේ රෑට විතරයි..

ඊලඟ දවසේ උදේ ජාන් හිටියේ යීබෝගේ ටයි එක හදන ගමන්.. උදේට දෙන්නට දෙන්නගේ ඇඳුම් වල අඩුපාඩු හදන එක ඒ දෙන්නගේ පුරුද්දක් වෙලා තිබුනා..

"යීබෝ.... "

"ම්න්.. "

"ඔයාට මතකයිනේ කරන්න ඕනි විදිහ.. "

"ම්න්... "

අද උදේ වරුව යීබෝ බොස් උනාට පස්සේ capoලා එක්ක තියන පලවෙනි meeting එක ලෑස්ති කරලා තිබ්බා..

යීබෝ කණ්නාඩිය ඉස්සරහා ඉද්දී ජාන් යීබෝගේ පිටිපස්සේ ඉදන් කණ්නාඩියෙන් පේන යීබො දිහා බලන් කතා කලා..

"යීබෝ ඔයා කතා කරන්න ඕනි සතුටෙන්.. අපි දුර්වලයි කියන එක capoලා දැනගන්න ඕනි නෑ. ඔයා එයාලට ස්තූති කරන්න ඕනි මෙහෙම ආදායමක් ගේනවට.. ඉස්සරටත් වඩා අපි හොඳින් කියලා පෙන්නන්න.. කිසිම විදිහකින් දුර්වලයි කියලා පෙන්නන්න එපා.. හරිද.. "

"ම්න්... "

"මට ඉන්න හැමෝගෙම මූණු පේන්න කැමරාස් සෙට් කලාද..?? මං අර රූම් එකේ ඉදන් ඔක්කොම බලන් ඉන්නම්.. "

"ඔව් ඔක්කොම ලෑස්තියි ජාන්.. "

.
.
.

හරියටම නවය වෙද්දී යීබෝ conference room එක ඇතුලට ගියා.. golden mafia එකේ ඔක්කොම capoලා එතනට ඇවිත් හිටියා.. යීබෝ ඇතුලට එද්දීම හැමෝම ඔලුව නමලා යීබෝට ආචාර කරද්දී යීබෝ සුපුරුදු සීතල පෙනුමෙන්ම ගිහින් එයාගේ සීට් එක ලඟ හිටගත්තා...

මේ අතරේ ජාන් හිටියේ අනිත් රූම් එකේ.. වටේම තියෙන display වලින් හැමෝගෙම මූණු පෙනෙද්දී ජාන් head set එක ගහගෙන ඊයේ යීබෝ දීපු gold spinner එක අතට අරන් පුටුවට ඇල උනා....

.
.
.
.
.
.
🥀kaushy...

🔎😈😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉ඊයේ උදේ තමා එනවා කිව්වේ.. ඒත් අද උදේ හරි ආවනේ ඉතිම් මං 🤧

👉 බාල්දියක් නැතුව කම්මැලියි වගේද..
ලමයි..... 🙂👉👈

👉 ගිහින් එඤ්ඤං 😘❤️

Continue Reading

You'll Also Like

17.7K 2.9K 22
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
443K 62.4K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
61.6K 16.1K 56
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
258K 45.7K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)