HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈chapter 18😈

2.4K 403 87
By kaushi_vi_ed

Chapter 18

👈

යිබෝ යන බෝට්ටුව නොපෙනී යනකන් බලන් හිටිය ජාන් ආයේ ගේ දිහා බැලුවේ ලොකු හුස්මක් හෙලන ගමන්..

"I'm gonna miss you again yibo.. "

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

දින තුනකට පසු.......

"කුවාන්.... කුවාන්... "

"මිස්ටර් ජාන්.... "

"කීයටද අපි යන්නේ... ?? "

"වෙලාවක් නෑ මිස්‍ටර් ජාන්.. මාස්ටර් එයාගේ private jet එක එවලා තියෙයි.. අපි යන වෙලාවට යන්න පුලුවන්.. "

"අහ්.... කුවාන්. එහෙනම් මාත් එක්ක පොඩ්ඩක් ගෙදර ගිහින් යමුද.. මට මමාවයි නංගිවයි බලලා යන්න ඕනි.. "

"අහ්... මේ මිස්ටර් ජාන්.. මාස්ටර්ගෙන් අහන්න වෙයි නේද.. මට කියලා තියෙන්න් කිසිම හේතුවකට කොහෙවත් යවන්න එපා කියලා... "

"අනේ ඌට පිස්සු.. ඉන්නකො මං කතා කරන්නම්.. "

මේ උදේම ජාන් කුවාන් එක්ක ඉතාලි යන්න ලෑස්ති වෙලා ඉන්නේ.. යීබෝ ඔක්කොම ලෑස්ති කරලා හරියටම දවස් තුනකින් ජාන්ව ඉතාලි වලට ගන්න ලෑස්ති කලා...

ඒත් යන්න කලින් ජාන්ට එයාගේ මමාව බලලා යන්න ඕනි උන නිසා ජාන් යීබෝට කෝල් කලා...

"හෙලෝ යීබෝ... "

"ආ... ජාන්.. තමුසෙලා දැන් ඔහෙන් එනවද..?? ඔහේ වෙලාව උදේ 8යි නේද.. මෙහෙට දෙකයි.. ම්ම්.. ඒ කියන්නේ රෑ 12 වගේ වෙනකොට මෙහේ එන්න පුලුවන්.. "

කෝල් එක ගත්ත ගමන් ජාන් මුකුත් කියන්නත් කලින් යීබෝ කියාගෙන කියාගෙන යද්දී ජාන්ගේ මූණට හිනාවක් ආවා...

"යීබෝ යීබෝ..... මේ....... අහන්න... අපි තාම පිටත් උනේ නෑ... "

"Tsk.. මොනා කරනවද ඕයි තාම.. මං flight එක උදේ හය වෙද්දී ඔහෙට එව්වා.."

"යීබෝ.. මේ අහනවකෝ.. මං මමාව බලන්න ගිහින් එන්නම්.. හුඟක් වෙලා ඉන්නේ නෑ.. ආයේ කවදා එන්න වෙයිද දන් නෑනේ... "

යීබෝගෙන් ටික වෙලාවක් යනකන් සද්දයක් තිබුනේ නෑ..

"යීබෝ... "

"ම්න් ගිහින් එනවා.. ඔහෙන් එද්දී මට කියනවා.. "

යීබෝ එහෙම කියලා phone එක තියද්දී ජාන්ගේ මූණට හිනාවක් ආවා...

"හදිස්සිය මේකාට.... "

ජාන් හිමින් මුමුණන ගමන් එයාගේ බෑග් ටිකත් අරන් කුවාන් එක්ක එලියට ආවා..

මුලින්ම ගියේ ජාන්ගේ මමා ලඟට.. ඒක මහ ලොකු ගෙයක් නෙමෙයි.. සාමාන්‍ය ගෙයක්.. ජාන් පොඩි කාලේ ඉදන් ජීවත් උන ගෙදර.. පුතා රටේ තුන් වෙනියට පෝසත්ම කෙනා උනත් ඒ ගෙදර වෙනස් කරන්නවත් වෙන ලොකු ගෙදරකට යන්නවත් මමා කැමති උනේ නෑ..

ජාන් ඒ උනාට කිසිම අඩුපාඩුවක් නැතුව මමාටයි නංගිටයි උදව් කලා.. නංගී චීනේ තියෙන ලොකුම කැම්පස් එකක digree එකක් කරන්නේ computer security ගැන.. ඒක එයාගේ පොඩි කාලේ ඉදන් ආසාවක් නිසා ජාන් ඒක එයාට හදලා දුන්නා.. ඒත් නංගිත් ඉන්නේ ජාන්ගේ මමා එක්ක.. ජාන් ගෙදර එන්නෙම නැති තරම්. එයා කරන රස්සාව එක්ක එයා නිසා ගෙදර අයට ප්‍රශ්නයක් වෙයි කියලා ජාන් හැම වෙලේම බය උනා.. ඒකයි එයා ගෙදරින් ඈත් උනේ..

"මමා...... "

"අනේ පුතූ... ඔයා ආවද..?? කොච්චර කාලෙකින්ද මගේ වස්තුව දැක්කේ.. මගේ රත්තරන්.. උබව දකින්න තියෙන ආසාවක්.."

ජාන් ගේ ඇතුලට ගිය ගමන් ජාන්ගේ මමා එයාව තුරුල් කරන් අඬ අඬ ඉබින්න ගත්තා.... ජාන් හිටියේ ඇස් වල කඳුලු පුරවන්..

කුවාන් හිටියේ දොර ලඟ ඉදන් මේ දිහා බලාගෙන..

"ගගා...... "

ජාන්ගේ නංගී කාමරේ ඉදන් දුවගෙන ඇවිත් පිටිපස්සෙන් ජාන්ව තුරුල් කරන් පිටට හේත්තු උනා.. ජාන් ඉතින් මේවා දරාගත්තේ අමාරුවෙන් කඳුලු හංඟන්..

"ගගා බූරුවා තමුසෙට අපිව මතකත් නෑ.."

ජාන්ගේ නංගි කියද්දී ජාන් කඳුල අතරින් හිනා උනා..

"කුවාන් එන්න ඇතුලට.. මමා මේ මගේ යාලුවෙක්.. කුවාන්.. කුවාන්... "

"අහ්. ආ... මිස්ට්.. අහ් නෑ.  ජාන්.. "

ජාන්ලා දිහා බලාගෙන කොහෙදෝ ලෝකෙක අතරමන් වෙලා හිටිය කුවාන් ජාන්ගේ කටහඬින් පියවි ලෝකෙට ආවා..

කුවාන්ගේ අමුතු හැසිරීමට ජාන් රවද්දී කුවාන් ඇවිත් ඇතුලෙන් වාඩි උනා..

ටික වෙලාවක් ගෙදර අය එක්ක කතා කර කර හිටිය ජාන් එයාලගෙන් සමු අරන් ආයෙ එන්න හැදුවා..

"මමා මං ටික කාලෙකට ඉතාලි යනවා.. පරිස්සමින් ඉන්න.. නංගී තමුසේ හොඳට ඉගෙන ගන්නවා.. පිස්සු නටන්න ලෑස්ති වෙන් නෑ.. කොල්ලෙක් එහෙම ඉන්නවද තමුසෙට.. අහු වෙන්න එපා යාලු වෙලා උබේ ඉහේ ඉදන් පට්ට ගහනවා.. "

ජාන් කිව්වේ එයාගේ නංගිගේ කනක් මිරිකන ගමන්.. ජාන්ගේ නංගී xiao yi.. එයා හුරතල දගකාර චරිතයක්.. එයාටත් ජාන්ට වගේම හා දත් දෙකක් නම් තිබුනා..

"ආව්... ආව්.. හරි අප්පා.. ම්හ්ක්. කොල්ලෝ හොයාගන්න දෙන් නෑ.. යාලු උනොත් ඌට තලලා තර්ජනය කරනවනේ ඉතින්. යක්ෂ අයියෙක්නේ මට ඉන්නේ.. ඔහොම ගිහින් මං කෙල්ලෙක් හොයාගත්ත දවසට තේරෙයි.. ඇයි අප්පා.. අවු.25ක් තාම කොල්ලෙක් නෑ.. "

"තමුසෙටත් 25ක්ද දැන්.. එතකොට අර යකා තමුසෙගේ වයසද..?? "

"කවුද..?? "

"කවුරුත් නෑ.. තමුසෙ පණ්ඩිත නොවී ඉන්නවා.. ගැලපෙන කොල්ලෙක් ඉන්නවා නම් ඉතින් යාලු වෙනවා.. හැබැයී ඊට කලින් මට කියනවා.. මං හොයලා බලන්න.. "

"හරි හරි අප්පා මල වාතේ.. අයියලා නම් සාප..ම්හ්ක්.. "

"මමා මං යනවා.. චූටි.. පරිස්සමින් ඉන්නවා... "

ජාන් එයාගේ නංගිගේ ඔලුවත් අවුස්සලා කුවාන් දිහාට හැරුනා..

"කුවාන්.... යන්.. "

ඇහිපිය නොගහා ජාන්ගේ නංගි දිහා බලන් හිටිය කුවාන්ගේ උරහිසට තට්ටුවක් දාලා ජාන් කිව්වේ කට කොනකින් හිනා වෙලා.. කුවාන් යීටත් හිනාවක් දාලා එලියට ආවා..

ජාන් ගිහින් flight එකට නගිද්දී උදේ දහයයි.. ජාන් යීබෝට කෝල් කරලා කිව්වා එයාලා එන්න හදන්නේ කියලා.. යිබෝ කිව්වේ පාන්දර එක දෙක වෙද්දී ජාන්ට ඉතාලි වලට එන්න පුලුවන් කියලා..

"කුවාන්.... "

Flight එකේ යන ගමන් ඇස් පියාගෙන හිටිය ජාන් ඒ ඉන්න විදිහටම කුවාන්ට කතා කලා..

"මිස්ටර් ජාන්... "

"අපේ නංගි ගැන අදහසක් හිතට ආවා නම් ඒක දැන්ම අමතක කරලා දාන්න.. චූටිට ඔයාලගේ ජීවිත බර වැඩියි.. මං ආස චූටි ගුරුවරයෙක් වගේ සාමාන්‍ය කොල්ලෙක්ව මැරි කරනවට.. එයාගේ නිදහස නැති වෙනවට මං කැමති නෑ කුවාන්.. ඒ නිසා එහෙම හිතක් ආවා නම් දැන්ම ඒක වළලන්න... "

"මිස්ටර්.. ජා..න්.. නෑ.. නෑ... "

"මට බොරු කරන්න එපා.. මං කවුද කියලා කුවාන්ට අමතක නෑනේ.. මට ඇස් වලින් කිව්වැකි.. අනික අපේ එකිත් තමුසේ දිහා හොරෙන් බලනවා මං දැක්කා.. ඒකයි කිව්වේ ඔතනින්ම ඒක අමතක කරන්න.. "

ජාන් ඇස් පියාගෙනම කියද්දී කුවාන් අහක බලාගත්තා..

"බය වෙන්න එපා මිස්ටර් ජාන්.. කොහොමත් අපේ රස්සා එක්ක ආදරේ කරනවා කියන එක හීනයක්.. මගේ ජීවිතේ කැප කරලා තියෙන්නේ මාස්ටර්ගේ ආරක්ෂාව වෙනුවෙන්.. "

කුවාන් කියද්දි ජාන් මුකුත් නොකියා නිහඬවම හිටියා..

.
.
.

පාන්දර 2 වෙනකොට ජාන් කුවාන් එක්ක ඉතාලි වලට ආවා.. ආපු ගමන් ජාන් කලේ යීබෝට කෝල් කරපු එක...

"හෙ...ලෝව්... "

ජාන්ට ඇහුනේ යීබෝගේ නිදිමත වොයිස් එක.. ජාන්ගේ මූණේ තිබුන ලොකු හිනාව ලාවට අඩු උනා..

"යීබෝ අපි ඉතාලි වල.. කෝ ඔයා.. කොහෙද ඉන්නේ... ?? "

"ඕකටද මේ රෑ තමුසේ කෝල් කලේ.. ඇයි ඕක මං කුවාන්ට අලුතෙන් කියන්න ඕනිද.. කුවාන් එක්ක යනවා.. ගිහින් හොටෙල් එකෙන් wash එකක් දාන් නිදාගන්නවා.. හෙට උදේ හරියටම 7 වෙද්දී මං එනවා.. ලෑස්ති වෙලා ඉන්නවා එතකොට.. good night.. "

යීබෝ කියාගෙන කියාගෙන ගිහින් phone එක කට් කරද්දී ජාන්ට ආවේ යකා ආවේශ වෙන කේන්තියක්..

"බූරුවා... මං හිතුවා උදේ තිබ්බ හදිස්සියට මෙතන ඇති කියලා.. හහ්.. ඌට මාව ගාණක් නෑ.. ඊට වඩා ඒ යකාට නින්ද ලොකුයි.. හැයියචම හෙච උජේ හච වෙජ්ජී එඤවා.. යැයි යැයි යැයි තමා.. ආපු ගමන් දෙන්නම්කෝ හොම්බ කට සමතලා වෙන්න ශොට් එකක්.. මෝඩ බූරුවට... "

ජාන් තනියම කුටු කුටු ගගා ගියේ කුවාන් ඉන්න හරියට...

"කුවාන් කොහෙටද අපි යන්නේ.. "

"මාස්‍ටර් කිව්වේ අද රෑට හොටෙල් එකකට යන්න කියලා..  මාස්ටර් උදේම එන්නම් කිව්වා මිස්ටර් ජාන්.. "

"ම්න් යන්.."

කුවාන් ජාන් එක්ක යද්දී ඉස්සරහා නතර කරලා තිබ්බේ black color එක්ක gold mix උන rolls royce එකක්...

"මිස්ටර් ජාන්.. නඟින්න... "

ජාන් ඇස් ලොකු කරන් බලන් ඉද්දී කුවාන් ගිහින් කාර් එකේ දොරක් ඇරලා ජාන්ට නඟින්න කියද්දී ජාන් කුවාන්ට ලා හිනාවක් දීලා කාර් එකට නැග්ගා...

කාර් කෙලින්ම ගියේ ලොකු හොටෙල් එකකට.. ඉතාලියේ තියෙන ලොකුම හොටෙල් එකක... කාර් එක කෙලින්ම ගිහින් හොටෙල් එකේ main door එක ඉස්සරහා නතර කලා... එතන හිටිය ඉතාලි විදිහට ඇඳගෙන මනුස්සයෙන් කාර් එකේ ජාන් ඉන්න තැන දොර ඇරලා පස්සට ගිහින් හිටියේ ඔලුව නමාගෙන...

"මිස්ටර් ජාන්... ඇතුලට යන්න.. රූම් බෝයි කෙනෙක් මිස්ටර් ජාන්ට රූම් එක පෙන්නයි.. "

"ඇයි කුවාන් එන් නෑද... ?? "

"නෑ මිස්ටර් ජාන්.. මට මාස්ටර් එන්න කිව්වා.. බය වෙන්න එපා ඔය හොටෙල් එක මාස්ටර්ගේ. ඇතුලට යන්න.. "

ජාන් කුවාන්ටත් රව රව කාර් එකෙන් බැස්සා.. 

"කුවාන් මගේ බෑග්ස්.. ?? "

"ඒවා මං ගෙනියන්නම් මිස්ටර් ජාන්.. ඇඳුම් රූම් එකේ ඇති.. "

කුවාන් එහෙම කියලා ජාන් වෙන මුකුත් කියන්නත් කලින් එතනින් ගියේ ජාන් කුවාන්ට රවද්දී... ජාන් එහෙන්ම අනිත් පැත්ත හැරිලා මාලිගාවක් වගේ ලොකුම ලොකු හොටෙල් එක ඇතුලට ගියා...

"benvenuto maestro"

එතන හිටපු මනුස්සයෙක් ජාන්ට ඔලුව නමලා කිව්වත් ජාන්ට කියපු දේ නම් තේරුනේ නෑ.. ඒත් ඒ පොඩි තරුණ කොල්ලා ජාන්ට හිතවත් හිනාවක් දීලා ඇතුලට අත් දික් කරලා පෙන්නද්දී ජාන් ඇතුලට ගියා..

ඒ කොල්ලා එක්කම VIP ලිෆ්ට් එකට නැඟලා ජාන් උඩට ගියා... උඩම තට්ටුවේන් ලිෆ්ට් එක නතර වෙද්දි ඒ කොල්ලා රූම් එකක් ලඟට ගිහින් key card එක දීල ආයේ පහලට ගියා..

ජාන් හිටියේ පැය දහයක් විතර flight එකේ ඇවිත් මහන්සියේ.. ඉතින් ඉක්මනට නාලා නිදාගන්න හිතාගෙන ජාන් කාමරේ දොර ඇරන් ඇතුලට ගියා...

කාමරේ ඇතුලට අඩිය තියපු ගමන් ජාන්ට හිතන්නවත් වෙලාවක් නොදී එක පාරට ජාන්ව බිත්තියකට හිර වෙද්දී වචනයක් කතා කරන්න නොදී ජාන්ගේ තොල් සීල් උනේ සිපුමකින්...

ඒ උණුහුම ඒ සුවඳ දැනුන ගමන්ම ඒ කවුද කියන්න හොඳටම දන්න ජාන්ගේ මූණට හිනාවක් එද්දී ඇස් ඇරලා එයාව සිපගන්න යීබෝ දිහා බලාගෙනම පයින් ගහලා දොර වහලා දැම්මා...

පිස්සුවෙන් වගේ ජාන්ගේ තොල් යීබෝ සිප ගනිද්දී ජාන්ට දැනුනේ තොල් පුපුරලා යන්න ඇති කියලා.. ජාන් ටිකක් යීබෝව ඈත් කරලා යීබෝව බිත්තියට හේත්තු කරලා මූණට එබුනා...

"යී....බෝ... "

යීබෝ හිටියේ මත් උන ඇස් දෙකකින් ජාන්ගේ තොල් දිහා බලාගෙන..

ඒ බැල්ම ජාන්ව අවුස්සද්දී ජාන් යීබෝව බිත්තියට තද කරන් කිස් කරන්න ගත්තා.. ටිකකින් යීබෝව ඇඳට තල්ලු කරලා ජාන් ඒ මුලු මූණම සිපගන්න ගත්තෙ දවස් තුනකින් දකින්නවත් නැතුව හිටිය එවගේ ඇරියසුත් එක්ක...

"යීබෝ... අද මගේ දවස.... "

ජාන් කියද්දී යීබෝ වටයක් කැරකිලා ජාන්ගේ ඇග උඩට ඇවිත් සිපගන්න ගත්තා..

"අද කාගෙවත් දවසක් නෙමෙයි ජාන්.. මෙච්චරයි.. හෙට අපිට කොර ගහ ගහ යන්න බෑ.. "

ජාන්ව සිප ගන්න ගමන්ම කියපු යීබෝ ජාන්ගෙන් ඈත් වෙලා ජාන්ගේ මූණ දිහා බලන් හිටියේ හෙමීට අවුල් උන කොණ්ඩේ හදන ගමන්..

"හෙට වැඩ ගොඩක් තියෙයි ජාන්.. ගිහින් wash එකක් දාන් එන්න.. "

යීබෝ ජාන්ව නැගිට්ටවලා කිව්වේ පස්ස මිරිකන ගමන්..

"ඇඳුමක්...?? "

"අනේ මේ කැටයම් නැතුව ඔය bathrobe එක ඇඳන් එනවා.. මේ මාත් ඉන්නේ... "

යීබෝ කියද්දී ජාන් ගිහින් wash දාන් ආවේ bathrobe එක පිටින්මයි.. ටික වෙලාවක් තුරුල් වෙලා සිපගෙන දෙන්නාම ඉක්මනින් නිදාගත්තේ ආයේ හෙට උදේම නැගිටින්න ඕනි නිසා...

.
.
.

"යීබෝ... මං දැන් මොකක්ද අඳින්නේ...?? ඇඳුම් නෑනේ... "

ජාන් කිව්වේ උදේ Wash room එකේ ඉදන් එලියට ඇවිත්.. යීබෝ ඒ වෙනකොටත් ලෑස්‍ති වෙලා කොණ්ඩේ හදන ගමන් හිටියේ...

"ම්න්.. ඇඳුම් නැතුව තමා යන්න වෙන්නේ.."

"හහ්. ඇත්තට...?? ආස ඇති... "

"ආසයි නම් තමයි... හැබැයි මං විතරක් ඉද්දී..... ප්‍රසිද්ධියේ නම් බෑ... "

යීබෝ කිව්වේ ජාන්ගේ පස්ස මිරිකලා...

"අනේ බන් හැම තිස්සෙම ඕක මිරිකන්න තියාගන්න එපා අප්පා.. "

"ඒ උනාට මං ආසයිනේ... සුදු ස්ටෝබෙරි වැඩක් නෑ.. රෝස වෙන්න ඕනි.. හැබැයි ආසම රතු ඒවට.. ඉතින් ඕක සුදු නොවී තියාගන්න එපැයි... "

"ආ...ව්ච්.... වල් බූරුවා.. "

යීබෝ ජාන්ගේ පස්සට හයියෙන් ගහලා කියද්දී ජාන් ඇඳුම පිටුන්ම යිබෝගේ නිපල් එකක් මිරිකලා අල්ලගත්තා...

"ආව්... ආව්... ජාන්... "

"මාත් ආස ලාවට ඉදිච්ච රෝස පාට චෙරි වලට වඩා හොඳට ඉදිච්ච රතු චෙරි වලට.."

"අයි අයි... හරි හරි අත අරිනවකෝ ජාන්.. රෙද්ද.. ඇඳුමත් පොඩි වෙනවා... ඌයි.. ඕක අත ඇරලා අර ඇඳුම ඇඳගන්නවා පරක්කු වෙනවා.. "

යීබෝ පිටිපස්ස පෙන්නලා කියද්දී ජාන් පිටිපස්ස බැලුවා.. එතන තිබ්බ full suit එකක්.. ජාන් යීබෝව අත ඇරලා ගිහින් ඇඳුම අතට ගත්තා...

ගාණටම පිලිවෙලට කිසිම රැල්ලක්වත් නොහිටින්න ඇඳුම ඇඳගෙන හොඳම වර්ගයේ watch දෙකක් දාගත්තා.. branded broach දෙකකුත් ගහගෙන දිලිසෙන්න මැදලා තියෙන සපත්තු දෙකකුත් දාගත්තා.. කොණ්ඩේ ටිකක්වත් අවුල් නොවෙන්න wax කරලා පීරුවා..

දෙන්නගේම තිබුනේ ගාම්භීර කඩවසම් බවක්..  කොහොමත් නපුරු පාට ඇස් දෙක තව නපුරු පාට කරන් දෙන්නාම මූණේ තිබුන හිනාව කොහෙදෝ හංඟගත්තේ ජීවිතේට හිනාවෙන්න දන්නේ නැති දෙන්නෙක් වගේ..

"ජාන් මං ඕකේ එක දෙනකන් මාත් එක්ක කතා කරන්න එපා.. කා එක්කවත් හිනා වෙන්න එපා.. බිම බලන්න එපා.. කුවාන් දැක්කත් හිනා වෙන්න එපා.. අහන්න එන ප්‍රශ්න ඔක්කොම මතක තියාගන්න.. පස්සේ අහන්න.. හරිද... ?? "

"ඇයි ඒ... ?? "

"මං වැඩිය කතා කරන එකෙක් නෙමෙයි.. අපේ soldiersලා මගේ කටහඬවත් අහලා නෑ.. උන් ඔලුව උස්සලා කෙලින් මගේ දිහා බලලවත් නෑ.. ඔය කොච්චර මිනිස්සු හිටියත් උන් මාව ඇත්තට හරියට දැකලා නැතුව ඇති.. ඒ නිසා ඒ ගැම්මෙන්ම තමුසෙත් එනවා... "

"ම්න්... "

"Let's go zhan... "

"Ok.. "

යීබෝ ඉස්සර වෙද්දී ඒ එක්කම වගේ එලියට ආව ජාන් ලිෆ්ට් එකට නැග්ගා.. ලිෆ්ට් එක පහලට ගිහින් දොර ඇරෙද්දී මුලු හොටෙල් එකේම හිටපු ගොඩක් අයගේ ඇස් නැවතිලා තිබුනේ එයාලා ලඟ..

සාක්කු දෙකට අත් දෙක දාගෙන කොන්ද කෙලින් තියාගෙන එකම දුරින් එකම විදිහට අඩිය තියලා ගාම්භීරව ඇවිඳින ඒ දෙන්නා දිහා බලන් හිටිය ගොඩක් අය හිටියේ වශී වෙලා..

කෝල් එකෙන් කතා කරන අයට කෝල් එක අමතක වෙලා.. coffe machine එකේ කෝපි ගන්න අයගේ කෝපි කප් උතුරලා යනවා ඉඳගෙන හිටපු අයට නැගිට්ටිලා.. කටවල් ඇරිලා.. හරියට ලෝකෙම එක විනාඩි ගාණකට නතර උනා වගේ වෙද්දී හැමෝගෙම ඇස් ඒ දෙන්නා ලඟ නැවතිලා තිබුනා..

මේවා දකිද්දී දෙන්නගේ මූණට පෙනෙන නොපෙනන ගාණකට කට කොනින් හිනාවක් යද්දී දෙන්නම හොටෙල් එකෙන් එලියට ආවා...

එළියේ main door එක ඉස්සරහම නතර කරලා තිබ්බේ ඊයේ ජාන් ආව rolls royce එක.. ඒක දොර එතන හිටපු කෙනෙක් අරිද්දී යීබෝ මුලින්ම ජාන්ට ඉඩ දීලා යීබෝ ඊට පස්සේ නැග්ගා..

ඊයේ වගේ නෙමෙයි.. කාර් එකේ ඉස්සරහින් වගේම පිටුපස්සෙන් gold & black  color mix උන බයික් හතක් අටක් ආවා.. ඒවෑ ඉන්න හැමෝගෙම අතේ gold color guns තිබුනා... දකින හැමෝම වගේ එහාට වෙද්දී වාහන පවා අයින් කරලා ඉඩ දුන්නා.. ඉතාලි වල සාමාන්‍ය මනුස්සයා පවා දන්න ලොකුම මාෆියා කල්ලිය උන golden mafia එකට හැමෝම බය උනා...

වාහන ටික කෙලින්ම ගිහින් නැවතුනේ high security තිබුන VIP port එකක.. ඒකේ luxury නැව් ගොඩක් නතර කරලා තිබුනා.. කාර් එක ගිහින් එක තැනකින් නතර කරද්දී යීබෝ ජාන් එක්ක එතනින් බැස්සා..

තාම ඒ දෙන්නට දෙන්නවත් කතා කලේ හිනා උනේවත් නෑ.. බැහැලා යීබෝ ඉස්සර වෙලා යද්දී ජාන් ඒ පිටිපස්සෙන් ගියා.. එතන නතර කරලා තිබුනේ gold & black yacht එකක්...

යීබෝ ජාන් එක්ක ඒකට නැග්ගා.. නැගලා වාඩි උන ගමන් දෙන්නගෙම අතට ඇපල් ජූස් දෙකක් හම්බුනා..

දෙන්නාම ඒක බොන ගමන් ගියේ වටපිට බල බල... ඒත් කිසිම වචනයක් කතා කලේ  නෑ..

ටික වෙලාවකින් ජාන් දැක්කා මුහුද මැදින් පේන ලොකු ගල්කුලක් තියෙන දූපතක්.. බෝට් එක ගියේ ඒ පැත්තට...

බෝට් එක ගිහින් ඒ දූපතෙන් නතර කරද්දී ජාන් යීබෝ එක්ක එතනින් බැස්සා.. ඒ දූපත වටේම මිනිස්සු හිටියා ඒ හැමෝගෙම අතේ ගෝල්ඩ් ගන් එකක් තිබුනා..

"Welcome Master leo.. welcome master sean... "

කුවාන් ඉස්සරහට ඇවිත් දෙන්නවම අද දැක්කා වගේ ඔලුව නමලා ආචාර කරද්දී ජානුත් යීබෝ වගේම ගණන් නොගෙන ඉස්සරහා බලන් හිටියා..

"එන්න මාස්ටර්... "

කුවාන් ඉස්සර වෙද්දී ඒ දෙන්නා පිටිපස්සෙන් ගියා.. ටිකක් ඉස්සරහට පයින් යද්දී ඒ ගල් කුලේ එක තැනකින් දොරක් ඇරුනා.. කුවාන් ඉස්සර වෙද්දී ජාන් වගේම යීබෝත් ඒතනින් ඇතුලට ගියා..

ඒක ලිෆ්ට් එකක්.. හැබැයි උඩට නෙමෙයි ගියේ පහලට... ලිෆ්ට් එකේ දොර වැහිලා ජාන් යීබෝ එක්ක කුවාන් එක්ක ටික වෙලාවකට ඒක ඇතුලේ තනි වෙද්දී යීබෝ ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන අරන් හයියෙන් ජාන්ගේ පස්සට පාරක් ගැහුවා..

"ආ...ව්......."

ජාන් ආව් කියන් යීබෝ දිහා බලද්දී යීබෝ තොල් උල් කරලා කිස් එකක් දුන්නේ ඇහැකුත් ගහන ගමන්.. කුවාන් නම් හිටියේ බිම බලාගෙන හිනා වෙවී..

ජාන් යීබෝට බනින්න කට හදද්දීම ලිෆ්ට් එක නැවතුන නිසා යීබෝ තොල් වලට ඇගිල්ලක් තියලා සද්ද කරන්න එපා කියලා ඇස් වලින් ඉස්සරහා පෙන්නද්දී ජාන් යීබෝට රවාගෙනම කුවාන් එක්ක ලිෆ්ට් එකෙන් එලියට ආවා...

එතන තිබුනේ දිගම දිග කොරිඩෝ එකක්.. හැබැයි දොරවල් පවා වෙනස්.. ඒවා ඔක්කොම ඇරිනේ eye iris වලට finger print වලට.. දොරවල් විස්සක් තිහක් පහු කරන් යීබෝ ජාන් එක්ක කුවාන් ගිහින් අන්තිමට නැවතුනේ ඉස්සරහා තිබුන දොර ලඟ..

"මාස්ටර්... "

කුවාන් නැවතිලා යීබෝ දිහා බැලුවා..

"හෙට උදේට.. "

යීබෝ කිව්වේ එච්චරයි.. කුවාන් ඔලුව නමලා එතනින් පස්සට වෙද්දී යීබෝ ඉස්සර උනා... ඒ ලොකු දොර ඇරුනේ යීබෝගේ eye iris වලට..

ඒක ඇරෙද්දී යීබෝ ජාන් දිහා බලලා ඇතුලට යන්න කිව්ව.. ජාන් ඒ දොරෙන් ඇතුලට යද්දී යීබෝත් ඒ පිටිපස්සෙන් ඇතුලට ගියා..

දොර වැහෙනකන් බලන් හිටිය යීබෝ ලොකු හුස්මක් පිට කරලා අනිත් පැත්ත හැරුනා.. ජාන් හිටියේ ඇස් ලොකු කරන් ඇස් පිල්ලම් නොගහ ඉස්සරහා බලාගෙන.. යිබෝගේ මූණට හිනාවක් එද්දී යීබෝ පිටිපස්සෙන් ගිහින් ජාන්ව තුරුල් කරගත්තා..

"යී.... බෝ..... "

"ම්න්... "

"මේක....."

"මගේ ගෙදර... යමූ.... "

යීබෝ ජාන්ගේ බෙල්ලට කිස් එකකුත් දීලා ඉස්සර උනා..

"Woow... "

ඒක අලුත්ම විදිහේ ලොකු ගෙයක්.. ඒත් පිටිපස්සේ තිබුන ගස්කොලං වල නම් පොඩි artificial ගතියක් තිබුනා..

"යීබෝ මේ ඇත්ත ගස්ද... "

"මෙහෙ කොහෙද බන් ඇත්ත ගස්...ඕවා ඔක්කොම 3D... "

"ආ.....හ්? "

"ඇතුලට එනවකෝ..... "

යීබෝ ජාන්ගේ උරහිසෙන් අත් දෙක තියාගෙන ජාන්ව තල්ලු කරන් ගේ ඇතුලට ගියා..

.
.
.
.
.

🥀kaushy....

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉අද සූටි කොටසක්... 😁 තව කොටසක් උදේට දෙන්නම්කෝ හොඳේ...ටයිප් කරපු ටික දැම්මේ ඔය... 🙈

👉ගිය කොටසට comment 50ක්වත් බලාපොරොත්තු උනේ නෑ.. ඒ උනාට වැඩිම comment ඒකටද කොහේ...😋 ආදරෙයි ඈ.. ❤️

👉 ලමයි ඕතරී ඉන්නේ ලොකූ ප්‍රශ්නෙක.. 🤧 මානසිකව වැටෙන්න පුලුවන් උපරිම වැටිලා දණිස් තුවාල වෙලා ඉන්නේ..🤧 ඉතින් පොඩ්ඩක් සමාවෙන්න.. කතාව ටයිප් කරන්න ගත්තට පිස්සු වගේ.. මේ ගාණට අමාරුවෙන් තමයි දෙන්නේ.. 🥵💔 අඩුපාඩු ඇති... සමාවෙන්න... 🥺❤️

👉 හෙට උදේට තව එකක් දෙඤ්ඤං 🙈

👉 ගිහින් එඤ්ඤං 😘❤️

Continue Reading

You'll Also Like

258K 45.7K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
5.3K 978 17
Love story in High school. ❤️❤️
72.6K 9.8K 36
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
31K 7.9K 31
I can't see...But I can hear his whispers of Love...❤️💚