HIDDEN DEVILS 😈🔎 (Completed...

By kaushi_vi_ed

104K 17.2K 5.9K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. More

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈chapter 13😈

2.3K 432 150
By kaushi_vi_ed

Chapter 13

👈

"යීබෝ ඔයා ඒක බොරු එකක් කියලා හොයාගත්තේ නැත්නම් මෙච්චර ඉක්මන්ට හොයන්න වෙන් නෑ.. තෑන්ක්ස්.. තමුසේ වගේ දක්ෂ පාට්නර් කෙනෙක් ඉන්න එකේ ටිකක් සැර කේස් එකක් එනවා නම් ආසයි දැන්.... "

ජාන් කිව්වේ දෙන්නම බෝට් එකට නඟිද්දී..

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"මාස්ටර්..... මාස්ටර් දෙයියනේ මේ මොකද..?? මං කිව්වා මං කිව්වා මං එන්නම් කියලා.. ආයේ නම් තනියම ලෑස්ති වෙන්න එපා.. මොනා වෙලාද මාස්ටර් මේ.."

දෙන්නම බෝට් එකෙන් බැහැලා එද්දී ඉස්සරහට ආපු කුවාන් කෑ ගහන්න ගත්තා..

"පොඩි තුවාලයක් බන්... "

"මේ මුලු ඇගේම කුණු... කොහෙ රිංගුවාද මාස්ටර්... "

"එහාට පලයන් කුවාන්.. මං පොඩි එකෙක් කියලා හිතුවද... මඟුලක් කියවන්නේ... "

යීබෝ පුපුර පුපුරම වේගෙන් ගේ ඇතුලට යද්දී ජාන් එලියේ ඉදන් හිනා වෙවී බලන් හිටියා...

"මිස්ටර් ජාන්... මාස්ටර්ට මොනා උනාද... "

"පොඩ්ඩක් ලිස්සුවා කුවාන්.. වැඩිය හිතන්න එපා.. මං බෙහෙත් දැම්මා.. "

"අනේ මන්දා.. මං කිව්වා යන්න එපා කියලා තනියම.. මාස්ටර් චීනේට ආපු දවසේ ඉදන් වෙනස් හොඳටම... ඉස්සර හිටපු මාස්ටර් නෙමෙයි දැන් ඉන්නේ... "

කුවාන් කිව්වේ ජාන් එක්ක ඇතුලට යන ගමන්...

"ඇයි කුවාන් එහෙම කියන්නේ... "

"ඉස්සර මාස්ටර් ඔහොම නෑ මිස්ටර් ජාන්.. හරි දරදඬු මිනිහෙක්.. මං නැතුව කොහෙවත් යන් නෑ.. ඔය එහෙ මෙහෙ රවුම් ගහන වැඩ හරියන්නෙම නෑ ඉස්සර.. චීනෙට ආවම කරන්න දෙයක් නැති වෙනවා කියලා එන්නත් බෑ කිව්වා... "

"ඉතින්.... ආවේ...?? "

"මිස්ටර් වන්ග්ව බලන්න ආවේ.. ආපු ගමන් ඒ මනුස්සයත් නැති උනා.. සතියෙන් ආයේ ඉතාලි යන්න ආවේ.. දැන් නම් යන්න හිතක් නෑ.. පුදුමයි මාස්ටර් ඉන්න විදිහ.."

"මොනාද යීබෝ එහෙ කලේ කුවාන්. "

"එහෙ මොනාද කරන්න නැත්තේ මිස්ටර් ජාන්.. අපි ඕන තරම් බිස්නස් ඩීල් කරනවා.. ඒ හැමදේම හැන්ඩ්ල් කරන්නෙ මාස්ටර්.. ඒ නැතත් මාස්ටර් ඉන්නේම අපේ training island එකේ.. මාස්ටර් ආසම දවසම ඒකේ ඉන්නේ.. එයාගේ දක්ෂතා තව වැඩි කරගන්න... මෙහෙ ඇවිත් මාස්ටර් ඔහේ කාලේ කනවා.. "

කුවාන් කියද්දී ජාන් ඇතුලට නොයා එලියේ ඉස්තෝප්පුව වගේ තිබුන හරියෙ පුටුවකින් වාඩි උනේ මුහුද වගේ ලොකු විල දිහා බලාගෙන... හුලඟ නම් මුහුද වගේම තිබුනා..

"කුවාන් මට කොපි එකක් ගේනවද... ?? "

"හරි මිස්ටර් ජාන්..."

යීබෝ මේ වෙද්දී උඩට ගිහින් තිබ්බා... ටිකකින් කුවාන් කෝපි එකක් ගෙනත් ජාන්ට දුන්නා...

"මිස්ටර් ජානුත් ගිහිම් නාගෙන ආවා නම් හරි.. ලන්ච් රෙඩී... "

"බඩගිනි නෑ කුවාන්.. මං දවල්ට කන්නෙම නැති තරම්... කුවාන් ටිකක් වාඩි වෙන්නකෝ... මට යීබෝගේ විස්තර ටිකක් කියන්නකෝ.. "

"මොනාද මිස්ටර් ජාන්... ?? මං නම් හිතුවෙ නෑ අපේ මාස්ටර් මෙච්චර ඉක්මනට මැරි කරයි කියලා.. *laughing * මට තාම හිතාගන්න බෑ ඇයි කියලා අපෙ මාස්ටර් මිස්ටර් ජාන්ව මැරි කරන්න කැමති උනේ.. "

"හහ් හා.. කුවාන්.. ඒක නම් ඒ නොකර බැරි කමට... එයාට මගේ උදව් ඕන නිසා.. "

"මිස්ටර් ජාන්.. මං මේක කිව්වට තරහා වෙන්න එපා.. ඒත් මං හිතන් නෑ අපේ මාස්ටර්ට ඕකට මිස්ටර් ජාන්ගේ උදව් ඕනිමයි කියලා.. මිස්ටර් ජාන් යීබෝ යීබෝ කියන නිසා අමතක වෙලා ගිහින්ද මන්දා.. මේ ඉන්නේ මාස්ටර් ලියෝ මිස්ටර් ජාන්.. ලෝක බලවතා ඇමරිකාවේ ජනාධිපති උනත් මාස්ටර්ට බයයි මිස්ටර් ජාන්.. ගෝල්ඩන් මාෆියා එකේවත් මාස්ටර්ගේවත් උදව් නැතුව ඒ කාටවත් පැවැත්මක් නෑ මිස්ටර් ජාන්... "

කුවාන් කියද්දි ජාන් කෝපි එකෙන් උගුරක් බිව්වා...

"මට ඔය මාෆියා ගැන ලොකු දැනුමක් නෑ කුවාන්.. ඒවගේ වෙන ඒවවත්.. මට මාස්ටර්ගේ කතාව කියන්න පුලුවන්ද...? "

" මාස්ටර්ගේ කතාව කියලා මොකක්ද දැනගන්න ඕනි මිස්ටර් ජාන්.. "

කුවාන් කිව්වේ එතනම එහා පැත්තේ තිබුන පුටුවේ වාඩි වෙලා...

"මාස්ටර් දැන් වෙනස් කියන නිසා මං මේ අහන්නේ කුවාන්.. පොඩි කාලේ ඉදන් කියන්න පුලුවන්ද.. "

"ම්න් කියන්නම් මිස්ටර් ජාන්.. අපි පොඩ්ඩක් අර එලියට යමූ.. "

දෙන්නා එක්කම එලියේ තියෙන කබානා එකට ගිහින් ඒකේ තිබුන පිටු දෙකෙන් වාඩි උනා...

"අපේ මාස්ටර්ගේ මමා නැති වෙද්දී එයාට මාස හයයි මිස්ටර් ජාන්... "

"මාස හයයි... ?? මං හිතුවේ ඉපදෙද්දි නැති වෙලා කියලා..."

ජාන් කියද්දී කුවාන්ගේ මූණට ලා හිනාවක් ආවා...

"නෑ මිස්ටර් ජාන්.. මාස්ටර්ගේ මමා නැති උන ගමන් මිස්ටර් වන්ග් මාස්ටර්ව කිරන් ලඟට එව්වා.. එත්කොට මට වයස අවුරුදු හයයි මිස්ටර් ජාන්.. මගේ මමා පපා කවුද කියන්නවත් මං දන්නේ නෑ.. මං දන්න කාලේ ඉදන් හැදුනේ ඉතාලි වල.. මිස්‍ටර් කිරන් එක්ක... "

"මාස්ටර්ව ගෙනල්ලා දුන්නේ මගේ අතට.. මට එයාව පරිස්සන් කරන්න කිව්වා බලාගන්න කිව්වා... ඉතින් එදා ඉදන් මං මාස්ටර් ලඟින් හෙල උනේ නෑ... පොඩි කාලේ පවා එක චුට්ටක්වත් මං මාස්ටර්ගෙන් ඈත් උනේ නෑ මිස්ටර් ජාන්.. මගේම ඩිඩී වගේ.. සෙල්ලම් කලෙත් එකට... "

"ඒත් මාස්ටර් පොඩි කාලේ ඉදන් ඔහොමයි.. හරියට කේන්ති යනවා.. හිතුවක්කාරයි... කිසි කෙනෙක් එක්ක කතාවක් නෑ.. අනික තනි තීරණ ගන්නේ.. කා ගැනවත් අනුකම්පාවක් නම් ගෑවිලාවත් නෑ...එයාට ඕනි දේ ආයේ දෙපාරක් නොහිතා කරනවා... පොඩි කාලේ ඉදන් ඔය මූණේ කවදාවත් මං හිනාවක් දැකලා නෑ... එක්කෝ කට කොනින් හිනාවක්.. ඕනිම උනොත් පෙනෙන නොපෙනෙන ගානට හිනාවක් දානවා.. මේ අවුරුදු විසිපහටම එහෙම තමයි... "

කුවාන් කියද්දී ජාන්ට මතක් උනේ අද එනකොට යීබෝ ලස්සනට හයියෙන් හිනා උන විදිහ.. ජානුත් ඒ යීබෝ හිනා වෙනවා දැකපු පලවෙනි පාර....

"මිස්ටර් කුවාන් තාමත් යීබෝගේ හිනාවක් දැකලා නෑද ඒ කියන්නේ... "

"කොහෙ දකින්නද මිස්ටර් ජාන්.. දකින්නත් හිනා වෙන්න එපැයි.... "

කුවාන් කියද්දී ජාන් ලා හිනාවක් දැම්මා....

"මාස්ටර් පොඩි කාලේ ඉදන් කිරන් බොස්ගේ නීති වලටයි කාල සටහන් වලටයි යටත් වෙලා ඉදලාද මන්ද ඔහොම උනේ... තනියමනේ හැදුනේ මිස්ටර් ජාන්.. යාලුවෙක්ට සහෝදරයෙක්ට ඔක්කොටම හිටියේ මං තමයි.. පොඩි කාලේ නම් මාස්ටර් දුක හිතුනාම මගේ ලඟට ඇවිත් අඬනවා.. අවුරුදු පහේදි විතර.. ඊට පස්සේ නම් මාස්ටර් අඬනවාවත් මං දැකලා නෑ..."

කුවාන් කියද්දී ආයේ ජාන්ට මතක් උනේ යීබෝ පපා නැති උන වෙලේත් ජාන් ඉස්සරහා ටිකක් හරි ඇඬුවා කියලා...

"ඒ තරම් හීතල ගතිගුණ තියෙන කෙනෙක්ද... මට එච්චර එහෙම දැනිලා නෑනෙ.. "

"ඒක තමයි මිස්ටර් ජාන් මාත් කියන්නේ මාස්ටර් චීනෙට ආවට පස්සේ වෙනස් උනා කියලා.. කිරන් බොස් උනත් ආවට ගියාට කිසි දෙයක් කරන කෙනෙක් නෙමෙයි.. එහෙම එකේ මේ හදිස්සියේ එක පාරට මාස්ටර්ව මිස්ටර් ජාන්ට බන්ඳලා දීලා මාස්ටර්ව මෙහෙ ටික කාලෙකට හරි හිර කලේ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.. මට නම් මේක නිකන් විහිලුවක් වගේ.. මේ ෆැමිලි එක මෙහෙම විහිලු කර කර හිටිය ෆැමිලි එකක් නෙමෙයි.... "

"මිස්ටර් ජාන් දන්නවාද.. මාස්ටර් තමයි මේ ලෝකේ ඉන්න හොඳම ශූටර්.. පොඩි කාලේ ඉදන් එයාටවත් උස්සගන්න බැරි වෙපන් එක්ක ජීවත් උන මාස්ටර්ට ඔය ඕනි එකක් හුරුයි.. අනික ඉතින් ඔය ඇගේ තියෙන්නේ පුදුම ශක්තියක්... එහෙව් එකේ එදා උනත් මිස්ටර් ජාන්ට වෙඩි තියන්න මාස්ටර් හිත හිත හිටපු එක මට හිතාගන්න බෑ.. එදා එහෙනම් මිස්ටර් ජාන්ගේ ඩබල් සීරෝ එකේදීම වෙඩි තියනවා.. ඒත් එදා මාස්ටර් හරියට කලබල උනා.. එහෙම කලබල වෙන කෙනෙක් නෙමෙයි එයා.. දෙපාරක් නොහිතා වෙඩි තියන කෙනෙක්.."

"ඒක නම් මාත් දන්නවා... කොහොමත් යීබෝ මට පිස්ටල් එක දික් කරත් බෙල්ල මිරිකුවත් එයාට මාව මරන්න ඕනිකම තිබ්බේ නෑ කියලා මාත් දැක්කා.. ඒ ඇස් වල තිබ්බේ දෙගිඩියාවක්... ඒකයි මාත් බය නැතුව මේ යකෙක් එක්ක එකට ජීවත් වෙන්නේ... "

ජාන් කිව්වේ හයියෙන් හිනා වෙලා..... කුවානුත් ජාන් එක්කම ටිකක් හිනා උනා...

"මට පේන්නේ මිස්ටර් ජාන්... මාස්ටර් වෙනස් උනේ චීනේ නිසා නෙමෙයි... මිස්ටර් ජා.......... "

"කුවා......න්..... "

කුවාන් කියන්න ගිය දේ කියලා ඉවර කරගන්න බැරි උනේ පිටිපස්සෙන් ඇහුන යීබෝගේ කටහඬ නිසා...

ජානුයි කුවානුයි දෙන්නම ගැස්සිලා නැගිට්ටුනේ යීබෝට කියපු දේවල් ඇහුනද කියලා හිතාගන්න බැරි උන නිස.. කොහොම උනත් යීබෝ හිටියේ දෙන්නවම එතන පුච්චලා අලු කරලා දාන්න පුලුවන් බැල්මකින්...

"මා... ම.. මාස්ටර්.... "

කුවාන් කිව්වේ ගොත ගහ ගහ....

"මොන මඟුලක්ද ඕයි තමුසෙලා මෙතන කරන්නේ... ආ.. මට බඩගිනී.. බලනවා කුවාන් කෑම සීතල වෙලා... ඒක බලන්නවත් බැරි තරම් තමුසෙට සිහිය නැති උනේ කවදා ඉදන්ද... ගේ හතර වටේ මං තමුසෙව හොයන්න ඕනි... "

"සො... සොරි... මාස්..ටර්... "

"තමුසේ දන්නවා කුවාන්.. මට පේන්න බෑ සොරි කියන එක... සොරි නොකියන්න තමුසේ වගබලා ගන්නවා... යනවා මෙතනින් දැන්... "

යීබෝ කේන්තියෙන් කෑ ගහද්දී කුවාන් ඉක්මනට එතනින් ගේ පැත්තට ගියා... කුවාන් එක්කම නැගිටලා හිටිය ජාන් නම් යීබෝ කොච්චර කේන්තියෙන් හිටියත් සතේකට ගණන් නොගෙන කට කොනින් හිනාවක් දාලා එතන වැටට හේත්තු උනේ අත් දෙකත් බැඳගෙන...

"තමුසේ මොන ජරාවක්ද බලනවකෝ ජාන්.. තාම අර ජරා ඇඳුම් පිටින්.. අප්පිරියාවක් නෑද.. කුණු පෙරන් ඉන්න.. ඔව් සිහියන් නෑනේ වෙන වෙන මඟුල්නේ.. කුවාන් නැතුව ඉන්න බෑ වගේ තමුසෙට.. ආපු ගමන් මුල්ලකට රිංගන් කුටු කුටු ගාන්නේ... "

යීබෝ බනිද්දී ජාන් මුකුත් නොකියා කට කොනින් හිනා උනා...

"තමුසේ ඒ පාර මගේ බොඩිගාඩ් එක්ක මඟුල් නටන්න තියාගත්තද හලෝ.. තමුසේට ඔච්චර ඕනි නම් කියනවා.. මං තමුසෙට ඩිවෝස් එක දීලා කූවන්ව බන්ඳලා දෙන්නම්... "

යීබෝ කියද්දී මෙච්චර වෙලා ඔහේ අහන් හිටිය ජාන් හෙත්තු වෙලා හිටිය තැනින් ටිකක් ඉස්සරහට අවා...

"ඇත්තටමද යීබෝ.... ඔයාට ඒක අවුලක් නෑද... ආ.... කමක් නෑද.. "

ජාන් හෙමීට සීරියස් පිට අහද්දී ජාන් බලන් ඉද්දීම යීබෝගේ මූණ අඳුරු වෙලා ගියා... ඒත් යීබෝ මුකුත් කිව්වේ නෑ...

"ආ... යීබෝ.... "

ජාන් ආයේ අහද්දී කේන්තියෙන් දත් මිටි කාපු යීබෝ ජාන්ව එහෙන්ම එතන තිබ්බ කණුවකට හේත්තු කලේ බෙල්ලෙන් අල්ලගෙන... යීබෝගේ මූණ කේන්තියෙන් පුපුරද්දී ජාන්ගේ මූණේ තිබුනේ ලා හිනාවක්...

"මේක අහගන්නවා මිස්ටර් ජාන්.. තමුසේ මෙතන්ට ආවේ වැඩක් කරන්න.. වෙන මඟුලකට නෙමෙයි... ඒක කරලා යනවද නැත්නම් ලෝකෙටම අතුරුදහන් වෙනවද කියලා හොඳට හිතලා බලනවා.... "

යීබෝ තව බෙල්ල ටිකක් තද කරද්දී නම් ජාන්ට කැස්සක් ආවා....

"අනික..... මතක තියාගන්නවා... තමුසේ මගේ හස්බන්ඩ්.... "

යීබෝ මගේ කියන එක බර කරලා කියද්දී ජාන් අමාරුවෙන් උනත් කට කොනකින් හිනා උනා....

"තාවකාලිකව... නමට විතරයි යීබෝ.. "

දත් මිටි කාගෙන ටික වෙලාවක් ජාන් දිහා බලන් හිටපු යීබෝ බෙල්ල තව ටිකක් තද කලා...

"My properties are mine..  keep in mind zhan.. "

යීබෝ කිව්වේ හෙමින් උනත් ගැඹුරු ස්ථීර හඬකින්.. ජාන්ගේ ඇස් දිහා බලන් එහෙම කියලා යීබෝ ජාන්ගේ බෙල්ල අත ඇරලා අනිත් පැත්ත හැරුනා...

"I'm not your property yibo.. "

ජාන් කිව්වෙ ජාන්ට පිටුපාලා යන යීබෝට...

"Will be.. "

යීබෝ කට කොනකින් හිනා වෙලා අනිත් පැත්ත හැරිලාම කියන ගමන් එතනින් එහාට යද්දී ජාන් එතන කණුවට හේත්තු වෙලා අත් දෙක බැඳගත්තේ මූණට හිනාවක් එද්දී...

"Yeah... I'm not your property.. but... you will be my property Master liyo.."

යීබෝ ඇතුලට යනකන් බලන් හිටපු ජාන් තමන්ටම කියා ගන්න ගමන් ගේ ඇතුලට ගියා...

.
.
.

ඊලඟ දවසේ උදේම යීබෝ මුලින්ම නැගිටලා ජිම් එකට ගියා... ඊයේ දවල් සිද්ධියෙන් පස්සේ ආයේ ජාන් යීබෝවවත් යීබෝ ජාන්වවත් දැක්කේ නෑ...

ජාන් එයාගේ investigation එකේ report එක හදන්න ගත්ත නිසා ආයේ කාමරෙන් එලියට ගියේ රෑ එකොලටහ විතර.. ඒ වෙනකොට යීබෝ dinner අරගෙන තිබුන නිසා යීබෝ රූම් එකට ගිහින් තිබ්බා.. ඒ නිසා දෙන්නට දෙන්නා හම්බුනෙ නෑ..

යීබෝ ජිම් එකට ගිහින් සෙල්ලම් කරලා ටිකකින් බැල්කනි එකට ආවා..  ඒත් මේ ගෙදර බැල්කනි එකට ආවට ජාන්ව පේන්නේ නෑ.. ජාන් ඉන්නෙ ඊට එහා පැත්තේ මිදුලේ... හේතුව ජාන් ඉර පායන පැත්තේ තමයි exercise කලේ.. ඒත් මෙහෙ ඉර පායන පැත්තට නෙමෙයි යීබෝගේ ජිම් එක තිබ්බේ.. ඒ නිසා උදේට දෙන්නව දැක්කේ නෑ...

මේක දෙන්නටම අපහසුවක් උනා.. මොකද මේ වෙනකොට දෙන්නට උදේම ඒ දෙන්නව දකින්නේ නැතුව ඉන්න එක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙලා තිබ්බා...

ටිකකින් wash දාලා මුලින්ම මේසෙට ගියේ යීබෝ... ටිකකින් ජානුත් wash එකක් දාගෙන breakfast වලට ගියා.. ඒ යනකොට යීබෝ වාඩි වෙලා ඔහේ බලන් හිටියේ ජාන් එනකන්.. මොකද මේසේ තිබ්බ ඒවා කන්න යීබෝ දන්නේ නෑ...

"Good morning yibo... "

"Good morning... "

"කන්නේ නෑද යීබෝ... "

"කොහොමද මේ මඟුල් කන්නේ... දර කෑලි වගේ... "

මේසේ තිබ්බේ dough sticks.. යීබෝ රවාගෙන කියද්දී ජාන්ට හිනා ගියා..

"ඔහ්හ්.. කුවාන් දන්නෙත් නෑද මේවා කන්න... "

"දන්නවා මිස්ටර් ජාන්.. "

"ඉතින් යීබෝ අහගන්න තිබ්බනේ... "

"තමුසේ කියලා දෙනවා... තමුසේනේ මේ අමුතු කෑම මේසේට ගෙනාවේ... කුවාන් තමුසේ ගිහින් අර මං කියපු වැඩේ ලෑස්ති කරනවා... "

"ඒත් මාස්ටර්... "

"කිව්වම කිව්ව දේ කරනවා මනුස්සයෝ... "

යීබෝ කේන්තියෙන් කෑ ගහද්දී කුවාන් එතනින් එලියට ගියා.. ජාන්ගේ මූණට හිනාවක් ආවත් ජාන් අමාරුවෙන් පාලනය කරගත්තා...

"යීබෝ මේ soybean milk එක ගන්න.. ඊට පස්සේ මේක අරන් මෙන්න මෙහෙම පොඟවලා කන්න... "

ජාන් කරලා පෙන්නද්දී යීබෝත් එහෙම කෑවා... ඒක රසයි.. යීබෝගේ මූණ දිලිසෙද්දී ජාන් හිනා වෙලා ආයේ කන්න ගත්තා..

කටත් පුරෝගෙන වෙලාවකට හුරු නැති නිසා කිරි එක්ක ඒක හපද්දී පෙඟිලා තියෙන daugh stick එකෙන් වැක්කෙරන කිරි ටික යීබෝගේ මූණ පුරායි අත දිගෙයිත් පෙරෙනවා... හොරෙන් හොරෙන් මේ දිහා බලන් ජාන් හිටියේ හිනා වෙවී...

"යීබෝ ආ.... "

ජාන් ටුශූ එකක් දික් කරද්දී යීබෝ රවලා ඒක අරන් කට පිහිදාගත්තා...

"විකාර කෑම ගේනවා.. කන්න වෙනම දුකක් විඳින්න ඕනි... "

යීබෝ කිව්වේ ජාන්ට රවලා...

"කෝ දෙන්න..."

ජාන් යීබෝගේ කිරි දාලා තිබ්බ බෝල් එක අරන් අර dough stick ටික පොඩියට කඩලා ඒකට දැම්ම... දාලා හැන්දක් අතට දුන්නා...

"ආ... ඔහොම කන්න එතකොට හරි.. "

එහෙම දුන්නම යීබෝ හොඳට සාමාන්‍ය විදිහට කෑවා...

.
.
.

දෙන්නම කෑම කාලා පුරුදු විදිහට සෙටිය උඩ වාඩි වෙලා පත්තර ටික කියවන්න ගත්තා... ටිකකින් එතන්ට ආවේ කුවාන්...

"මාස්ටර් රෙඩි කලා.... "

"ම්න්. එහෙනම් තමුසේ යනවා... බැරි වෙලාවත් ඒ පැත්තට එන්න එපා..."

"ඕකේ මාස්ටර්.... "

කුවාන් එතනින් එහාට යද්දී යීබෝ පත්තරේ ආයේ මේසේ උඩට දැම්මා...

"ජාන්... එනවා මාත් එක්ක... "

"ඒ කොහෙද... මං මේක කියෝනවා... "

"තමුසේව රේප් කරන්න.. ඔන්න ඔය මඟුල පස්සේ කියවනවා.. දැන් එනවා... "

යීබෝ ජාන් කියෝ කියෝ හිටිය පත්තරේ අරන් මේසෙට විසි කලා...

"කියලා රේප් කරන්න එක්ක යන එකෙක් දැක්කමයි... "

ජාන් කිව්වේ යීබෝගේ පස්සෙන් යන ගමන්..

"රේප් කරන්න කිව්වම පස්සෙන් එන එකෙකුත් දැක්කමයි... "

යීබෝ කට කොනින් හිනා වෙලා කියද්දී ජාන් රව රව පස්සෙන් ආවා...

යීබෝ ගියේ ගෙදර පිටිපස්සට.. පිටිපස්සෙන් තිබ්බා පොඩි ලෑලි ගහපු පාලමක් වගේ එකක්..

යීබෝ ඒකට යද්දී ජානුත් ආවා... යීබෝ මඟක් ගිහින් නවතිද්දී ජාන් යීබෝව ඉස්සර කරන් ඉස්සරහට ගියා...

එතනින් ඉස්සරහා තියෙන තෙරක් පේන්නේ නැති විලේ තැනින් තැන එක එක පාට බැලූන්ස් වතුර උඩ පාවි පාවි තිබුනා...

ජාන් ඉස්සරහට ගිහින් ඒ බැලූන් දිහා බලන් හිටියා..  එතන ඉදන් බලද්දී ඒක හරි ලස්සනට පෙනුනා..

"මේ ඇයි යීබෝ..... "

ජාන් ඇහුවේ පිටිපස්ස බලන්නේ නැතුවම ඈතට යනකන් තැනින් තැන පාට පාටින් විලේ තිබුන බැලූන් දිහා බලාගෙන....

*ඩෝං.. *

ඒ එක්කම ජාන්ගේ කන ලඟින් ඇහුන වෙඩි සද්දේ නිසා ගැස්සුන ජාන් ඉක්මන්ට අත් දෙකෙන්ම කන් දෙක වහගෙන ඇස් දෙකත් පියාගෙන පාත් උනා....

ටික වෙලාවක් යනකම් ආයේ සද්දයක් නැති නිසා ජාන් ආයේ හෙමිට ඇස් ඇරලා පිටිපස්ස බැලුවේ යීබෝ දිහා... යීබෝව දැක්ක ගමන් ජාන් ආයේ ගැස්සුනා..

යීබෝ හිටියේ එයාගේ golden pistol එක අතේ තියාගෙන ඒක කෙලින්ම ජාන්ට දික් කරන්. යීබෝගේ ඇස් වල තිබුනේ තියුණු බවක්.. තනි අතින්ම බුලට් දාන එක කරකවලා ආයේ සෙට් කරන් ලෝඩ් කරලා යීබෝ පිස්ටල් එක ජාන්ට දික් කලා...

අද නම් යීබෝගේ ඇස් දැක්කම ජාන්ට බය හිතුනේ ඒවගේ දෙගිඩියාවක් තිබුනේ නැති නිසා.. යීබෝ පිස්ටල් එක අරන් අඩියෙන් අඩිය ඉස්සරහට එද්දී ජාන් අඩියෙන් අඩිය පස්සට ගියා...

"යී... යී...බෝ... "

ජාන් ගොත ගහ ගහ කියද්දිත් යීබෝගේ මූණෙන් කිසිම හැඟීමක් පිට උනේ නෑ.. යීබෝ අඩියෙන් අඩියෙන් ඉස්සරහට එද්දී ඒ ගාණටම අඩියෙන් අඩිය පස්සට ගිය ජාන් අන්තිමට පාලමේ ගැට්ටෙන් කකුල තියනවා එක්කම වැටෙන්න ගියත් ආයේ අමාරුවෙන් බැලන්ස් උනා....

*ඩෝං *

ඒත් ඒ එක්කම නොහිතපු වෙලාවක යීබෝ කොකා ගස්සපු නිසා ආයෙත් ජාන්ගේ බැලන්ස් එක නැති වෙලා වැටෙන්න යද්දීම යීබෝ ජාන්ගේ අතින් අල්ලලා උඩට ඇද්දේ ජාන්ව ඇඳිලා ඇවිල්ලා යීබෝගේ ඇගට හේත්තු වෙද්දී...

මේ හැම දෙයක්ම උනේ අසුරු සැනකින්...

ඒ එක්කම ජාන් අනිත් පැත්ත හැරිලා යීබෝ වෙඩි තිබ්බේ කොහාටද කියලා බලද්දී දැක්කේ විල මැද තිබුන එක බෝලයක් පුපුරලා ගිහින් තියෙනවා..

යීබෝගේ කට කොනකින් හිනාවක් එද්දී ජාන් යීබෝට රවලා එහාට උනා...

"ආ....... මේක ගන්නවා... "

යීබෝ එයාගේ ඉනේ ගහලා තිබුන තව ගෝල්ඩ් කලර් පිස්ටල් එකක් ජාන්ට දික් කරද්දී ජාන් රව රවම ඒක යීබෝගේ අතින් ගත්තේ යීබෝගේ මූණට හිනාවක් එද්දී...

"ශූට් කරනවා.. බැලූන් එකකට.. "

යීබෝ කියද්දී ජාන් කට කොනකින් හිනා වෙලා මැද තිබුන එක රතු පාට බැලූන් එකකට ශූට් කලා... ඒත් ඒක වැදුනේ නෑ.. යීබෝ ආයේ කට කොනකින් හිනා උනා..

"තමුසෙගේ කට විතරයි හලෝ.. පිස්ටල් එක අතේ තිබ්බට වැඩක් නෑ.. ශූට් කරගන්න බැරුව.. අඩුම තරමේ තමුසේ පිස්ටල් එක අල්ලන්නවත් දන්නේ නෑ... "

"අනේ මේ යිබෝ.. මං පිස්ටල් පාවිච්චි කරන්නේ තමුසේ වගේ මිනිස්සු මරන්න නෙමෙයි.. ආරක්ෂාවට... "

"ඒකටත් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්නවා ජාන්.. තමුසේ ඔහොම අල්ලලා ආරක්ෂාවක් නෑ.. එදා පලවෙනිම දවසෙත් තමුසේ මහ ලොකුවට මට පිස්‍ටල් එක දික් කලාට අල්ලන් හිටිය විදිහ වැරදියි.. එක ශොට් එකෙන් මට තමුසෙගේ පිස්ටල් එක වට්ටන්න තිබ්බා... ඒකෙන්ම තේරුනා තමුන්ට ඕක හුරු නෑ කියලා.. ඊයේත් එහෙමයි.. එනවා කියා දෙන්න.... "

යීබෝ එහෙම කියලා ජාන්ගේ අතේ තිබ්බ පිස්ටල් එක අතට අරන් ඉනේ ගහගත්තා...

"මුලින්ම කෙලින් වෙනවා.. ආ දැන් අත් දෙක ඉස්සරහට දික් කරනවා.. කෝ.. අත් දෙක මෙන්න මෙහෙම වඳිනවා වගේ හදාගෙන V අකුර හැඩේට තියාගන්නවා..."

යීබෝ කරලා පෙන්නද්දී ජාන් අත් දෙක ඒ විදිහට හදාගත්තා..

"ඔහොම නෙමෙයි බන්.. දරදඩු කරගන්න එපා.. අත ලූස් කරන්න.. මෙහෙම.. කෝ අන්න හරි... "

යීබෝ ජාන්ගේ අත අල්ලලා ඉන්න විදිහට අත හදලා පිස්ටල් එක අත මැදින් තිබ්බා..

"හුරු අත දකුණ නේද... "

"ඔව්... "

"එහෙනම් සුලඟිල්ලයි එතන ඇගිලි තුනෙන් මේක අල්ලගන්න තදට.. දැන් දබර ඇගිල්ලෙන් කොකා ලඟින් තියන්න.. මෙහෙම.. මහපට ඇගිල්ල ඔය උඩින් තියන් නෑ.. මේ පැත්තට ගන්න.. "

යීබෝ ජාන්ගේ ඇගිල්ලෙන් ඇගිල්ල අල්ල අල්ල තියන්න ඕනි විදිහ කියා දුන්නා..

"දැන් කෝ දෙනවා වම් අත... ඒකේ ඇගිලි හතරෙන් මේ ඇගිලි තුන උඩ හිටින්න තද කරලා අල්ලගන්න..  මහපට ඇගිල්ලත් තියෙන්න ඕනි මේ පැත්තෙමයි... අන්න හරි... "

"ඉතින් මෙහෙම ඇල්ලුවාම මොකෝ වෙන්නේ... "

"ඕක තමුන්ට තද කරලා අල්ලගන්න පුලුවන්.. කවුරු හරි අතට ගැහුවත් අත ඇරෙන් නෑ... "

"ආ...... "

ජාන් එහෙම කියලා බැලුන් එකකට ඒම් කලා...

"අයියෝ ඔහොම අත් දෙකම දික් කරන් නෑ මෝඩයෝ.. කෝ.. "

යීබෝ ජාන්ගේ පිටිපස්සට ගිහින් ජාන්ව යීබෝගේ ඇගට හේත්තු කරගත්තා... ජාන්ගේ ඇග දෙපැත්තෙන් අත් දෙක දාලා ජාන්ගේ අත් දෙක අල්ලගත්තා...

"දකුණ නමන්න.. වැලමිටෙන්.. ම්න්.. දැන් ඇස් මට්ටමට ගන්න පිස්ටල් එක... හරිද.."

යීබෝ ජාන්ගේ අත් දෙක අල්ලගෙන යීබෝගේ මූණ ජාන්ගේ කම්මුලේ ගෑවෙන ගාණට උරහිස ලඟන් මූණ තියාගෙන කතා කලා.. 

යීබෝගේ කටහඬ කන ලඟුන්ම ඇහෙනකොට.. යීබෝගේ හුස්මත් ඇගේ වදිද්දී ජාන්ගේ ඇග හිරි වැටිලා යද්දී අමාරුවෙන් ජාන් කෙල ගිල්ලේ හෙල්ලෙනවත් නැතුව...

යීබෝටත් ජාන්ගේ සුවඳ ඕනිවටත් වඩා දැනෙද්දී ජාන්ගේ උණුහුම දැනෙද්දී එයාගේ හැඟීම් පාලනය කරගන්න බැරි මට්ටමක තිබ්බේ කන් දෙකත් රතු වෙද්දී....

"අත් උස්සලා ඇස් මට්ටමට ගන්න ජාන්.. දැන් හරියටම ඔතනින් බලලා aim කරන්න... "

යීබෝගේ කටහඬත් ටිකක් වෙනස් වෙලා තියෙද්දී යීබෝ කලෙ ජාන්ගේ කනට මුමුණපු එක..

ජාන්ගේ ඇග පුරාම හිරියක් යද්දී ජාන් බැලූන් එකකට ඒම් කලා... යීබෝගේ ඇස් භාගෙට පිය වෙලා යීබෝගේ හුස්ම ටිකක් බර උනේ ජාන්ගේ සුවඳට ඉව අල්ලද්දී...

ජාන්ගේ කන පිටිපස්සෙන් දාඩිය බිංදුවක් ගලන් යද්දී ජාන්ගේ උගුර කට තෙත් වෙන්න කෙල ගිලින ගමන්ම බැලූන් එකකට ඒම් කරලා ශූට් කලා...

*ඩෝං.. *

ටිකෙන් ටික පියවි ලෝකෙන් ඈත් වෙලා හිටිය යීබෝ ඒ සද්දෙට පියවි ලෝකෙට එද්දී ඉක්මන්ට ඇස් ඇරලා බැලුවා.. ඒ පාර හරියටම ජාන් බැලූන් එකකට ශූට් කරලා තිබ්බා...

තාමත් ජාන්ව බදාගෙන හිටිය යීබෝ ඉක්මන්ට ජාන්ව ඈත් කරලා ටිකක් එහාට උනේ බොරු කැස්සකුත් මවාගෙන...

"ක්හ්ම්... ක්හ්ම්.. ඔය කලේ.. එහෙම ශූට් කරනවා ජාන්.. "

යීබෝ අයින් වෙලා කියද්දී ජාන් ලොකු හුස්මක් පිට කරලා වේලිලා ගිහින් තිබ්බ තොල කට දිවෙන් තෙත් කරගත්තා...

ඉක්මන්ට ජාන් සිස්ටම් එක හරියටම අල්ලගෙන ඉලක්කෙට ශූට් කලා...

ඊලඟට තනි අතින් ශූට් කරන විදිහත් යීබෝ කියා අතින් අල්ලලා කියා දුන්නත් ආයේ බදාගන්න කරන්න ගියේ නෑ... යීබෝට එයාව කන්ට්‍රෝල් නැති වෙයි කියලා යීබෝට හිතුනා..

ජානුත් පුලුවන් තරම් හැඟීම් පාලනය කරගන්න ටිකක් යීබෝගෙන් ඈත් වෙලා තමයි ශූට් කරන්න පුරුදු උනේ..

ලන්ච් වෙනකන්ම දෙන්නා කලේ ඒක පුරුදු වෙන එක... ජාන්ට අන්තිම වෙද්දී ඒක හොඳටම කරගන්න පුලුවන් උනා...

"Thank you yibo... "

ජාන් කිව්වේ ටිකක් අවුව සැර වෙද්දී දෙන්නම ආයේ ගේ ඇතුලට යන ගමන්..

"Thank you ඕනි නෑ... මාත් එක්ක ඉද්දී හරියට පිස්ටල් එකවත් අල්ලගන්න බැරි වෙද්දී මට ලැජ්ජා නිසා මං කියාදුන්නේ.. "

"යැයි යැයි යැයි තමා... ලොකුකම... "

යීබෝ කියද්දී ජාන් පිටිපස්සේ ඉදන් මිමිණුවා...

"මොනාද තමුසේ හැම වෙලේම කුටු කුටු ගාන්නේ.. කියන්න තියෙන දේ කියනවකෝ කෙලින්ම... "

යීබෝ නැවතිලා කියද්දී ජාන් කට කොනකින් හිනා උනා...

"මාත් කියන්නේ ඒකමයි.. කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා නම් මොකෝ..... "

ජාන් එහෙම කියාගෙන යීබෝගේ මූණට එබුනා..

"හිතේ තියන් ඉන්නේ නැතුව... "

ජාන් හෙමීට යීබෝගේ ඇස් දිහාම බලාගෙන කියලා හිනාවක් දාලා ඇතුලට ගියා...

.
.

මේ විදිහට දවස් දෙක තුනක් ගෙවිලා ගියේ වැඩි හරියක් දෙන්නම ඔෆිස් රූම් එකේ හිර වෙද්දී...

"ආ ජාන්.. සීයා පපා ඇවිත්.. හෙට ෆැමිලි ඩිනර් එකක්ලු.. යැන්ග්ලා එක්ක.. golden palace එකේ.. ඔයා එනවද... "

යීබෝයි ජානුයි හිටියේ ඔෆිස් රූම් එකේ... යීබෝ අහද්දී ජාන් කට කොනින් හිනා උනා..

"අනිවාර්‍යෙන් එනවා.. හැබැයි පේන්න නෙමෙයි.. මොකද මං ඔයාලා එක්ක සම්බන්දයි කියලා දැනගත්තොත් ලොකු ප්‍රශ්නයක්.. මොකෝ දන් නෑ හදිස්සියේ.. "

"මං නම් හේතුව දන්නවා.. සීයා පපාත් කිව්වා.. ගිහින් බලමුකො ජාන්.. සීයා පපාත් කිව්වා ඔයාට එන්න කියලා "

.
.
.

ඊලඟ දවසේ හවස් වෙද්දි යීබෝයි ජානුයි දෙන්නම කුවාන් එක්ක golden palace එකට ගියා.. යද්දී සීයා පපායි ග්‍රැනීයි හිටියා..

ටිකක් ඒ දෙන්නා එක්ක කතා කරලා රෑ වෙන්න කිට්ටු වෙද්දි ජාන් අර පහල තට්ටුවේ තියෙන පුටුවක් විතරක් තියෙන කාමරේට ගියේ දොර ලාවට ඇරලා තියලා..

ලයිට් ඕෆ් කරලා spinner එක අතට අරන් ජාන් කෝපි එකක් බොන ගමන් ඇස් පියාගත්තේ යැන්ග් පවුලේ අය ආවා කියලා ඇහුන නිසා..

"හෙලෝ මිස්ටර් කිරන්... හෙලෝ යීබෝ.. "

යැන්ග් කිව්වේ දෙන්නටම ශේක් හෑන්ඩ්ස් කරලා..

"හෙලෝ යැන්ග්.. එන්න.. "

"හායි... චූටි ග්‍රැනී...... "

ඒ එක්කම යැන්ග්ගේ පිටිපස්සෙන් දුවගෙන ආවේ අවුරුදු විස්සක විතර කෙල්ලෙක්.. එයා දුවගෙන ඇවිත් යීබෝගේ ග්‍රැනීව බදාගත්තා..

"හායි ප්‍රින්සස්.. "

Mr. Yang, Mrs.Yang එක්ක එයාලගේ දුව Ms. Yang Ai ඇවිත් තිබුනා... නම අයි උනාට හැමෝම කතා කලේ ඈන් කියලා.. ඒ ඈන් අදුරුදු ගාණක් හිටියේ england වල නිසා...

ටික වෙලාවක් කතා කර කර ඉදලා කට්ටියම dinner table එකට ආවා.. මෙතන කතා වෙන ඒවා ජාන්ට නම් පැහැදිලිව ඇහුනා..

"ඇත්තටම මිස්ටර් කිරන් වන්ග්ගේ මරණේ වගේම මගේ නංගිගේ මරණේ ගැන මට හරි කණගාටුයි. යීබෝව තනි කරලා එයාගේ මමායි පපායි දෙන්නම කලින්ම ගිහින්.. "

යැන්ග් කතාව පටන් ගනිද්දී ජාන්ගේ මූණට හිනාවක් ආවා..

"එයාලා ගෙනාව ආයුශ තමයි Mr.Yang.. "

"හ්ම්.. දැන් යීබෝ තරුණ හැන්ඩියෙක්නේ.. ඉපදුනාට පස්සේ මං මේ ඇත්තට දැක්කමයි.. ඉතාලිනේ හිටියේ නේද..  අපේ දුවත් හිටියේ englandනේ මේ ලඟදි ආවේ.."

යැන්ග් කියද්දී යීබෝ ඇස් කොනින් කෙල්ල දිහා බැලුවා.. ඒකි හිටියේ කට පුරෝගෙන කන ගමන්.. වටපිට ගැන මෙලෝ සිහියක් තිබ්බේ නෑ.. යීබෝගේ කට කොනට හිනාවක් ආවා...

"ලමයි දැන් ලොකුයිනේ Mr.yang.. "

කිරන් හිනා වෙලා කියද්දී යැන්ග් එයා එක්කම හිනා උනා..

"ඉතින් මං හිතන්නේ මේවා කතා කරන්න කාලේ හරි කියලා Mr.qiren..  වන්ග් පවුලේ පුතාලට ඉතින් යැන්ග් පවුලෙන් හැමදාම කෙල්ලෙක් දුන්නනේ.. පරම්පරා ගාණක ඉදන් ඒවා වෙන දේවල්නේ මිස්ටර් කිරන්.. කොහොමත් නෑනව අයිති මස්සිනාටලුනේ... "

යැන්ග් කියද්දී කිරන් ලා හිනාවක් දැම්මා.. යීබෝ මුකුත් නොකියා කෑම ගද්දී කාමරේ ඇතුලේ හිටිය ජාන් කට කොනකින් හිනා උනා....

"ඉතින් මිස්ටර් කිරන්.. අපේ ඈන්ගෙයි යීබෝගෙයි කටයුත්තත් දැන් කෙරෙන්න කාලේ හරිනේ.... "

.
.
.
.
.
🥀kaushy....

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉වචන 3303 යි.. ඔන්න බනින්න බෑ.. daily නොදුන්නට දිග එව්වා දෙනෝ 🤧

👉 ඈන් ඉන්නේ යීබෝව බඳින්න කියන්නේ... අනේ මන්දා ඉතින් ඔව්වා නේද... 🤧🙂

👉 මේහ් කාවද මුලින්ම බොටම් කරන්නේ.. 🤣 නිකන් ඇහුවේ ඉතින්... මං තිරණය කොරලා ඉවරයි.. ඔයාලට ගෙස් කරන්න පුලුවන්.. 🙂🤭

👉 ගිහින් එඤ්ඤං 😘❤️

Continue Reading

You'll Also Like

12.7K 1.5K 26
Complete - Oct 20 2023 මේ කතාව mature content තියන එකක්.smut, sexual abbuse,rape වගේ දේවල් තියන නිසා අකමැති නම් කියවන්න එපා.ඒ වගේම bl / gay යටතට වැටෙ...
65.3K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
13.1K 2.1K 25
මොකද වෙන්නෙ මම අාදරේ කරන කෙනා මට අකමැති නම්.එත් එක මගේ සිතුවිල්ලක් විතරද?
1.6K 239 4
Solitar (solitary - in roman. _ හුදකලාව)