HIDDEN DEVILS 😈🔎 (Completed...

Por kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. Más

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈chapter 12😈

2.4K 411 152
Por kaushi_vi_ed

Chapter 12

👈

"මැරෙච්ච මිනිහෙක්ගේ ගෙදර බෙල් එක ගහන්න පිස්සුද ජාන්.. "

යීබෝ අහද්දී ගෙදර දොරේ ලොක් එක ඇරලා කෙනෙක් එලියට එද්දී ජාන්ගේ කට කොනින් හිනාවක් ඇඳුනා...

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"Hello... Mr.jin.... "

ජාන් ඇහුවේ හිනාවත් එක්කමයි.. හැබැයි ඒ මනුස්සයා දෙන්නම දිහා මාරුවෙන් මාරුවට බැලුවේ ප්‍රශ්නාර්ත බැල්මකින්.. යීබෝ වගේම ජාන් පිලිවෙලට ෆුල් සූට් ඇඳලා හිටියේ මාස්ක් දාගෙන..

"Ohh.. sorry Mr.jin.. I'm detective sean.. මං තමයි මිස් xue yiගේ කේස් එක භාරව ඉන්නේ... එතකොට මේ මගේ පාට්නර්.. ලියෝ...."

"අහ්... අහ්..ම්ම්.. මිස්‍ටර් සීන්.. පොලිසියෙන් මට උදේම කෝල් කරලා කිව්වා අද පරීක්ෂණේකට අපාට්මන්ට් එකට එනවා කියලා... "

"අපි ඇතුලට ගිහින් කතා කරමූ නේද ජින්.."

"ඔව් එන්න ඩිටෙක්ටිව් සීන්... එන්න සර්.. "

ඒ මනුස්සයා දෙන්නටම කතා කරල ඇතුලට එන්න කියලා ඉස්සර වෙද්දී ජානුයි යීබෝයී පස්සෙන් ආවා...

"බලන්නකෝ අපේ  ලුතිනන් ශූ යැන්ග් අපිට කොච්චර ලොකු උදව්වක්ද කරලා තියෙන්නේ කියලා යීබෝ.. උදේම අපි එනවා කියලා දැනුම්දීලා... "

ජාන් යීබෝගේ කනට කරලා කිව්වේ ඇතුලට යන ගමන් වටපිට බලලා.. මුලු ගෙදරම හොඳට අස් කරලා තිබ්බා...

"වාඩි වෙන්න... ඩිටෙක්ටිව් සීන් බොන්න මොනාද හදන්නේ... "

ඒ මනුස්සයා අහද්දී ජාන්ගේ මූණට මලක් පිපුනා වගේ ලස්සන හිනාවක් ආවා...

"අනිවාර්‍යෙන්ම බ්ලැක් කෝපි එකක් මිස්ටර් ජින්... "

"එතකොට මේ සර්ට..... "

ජින් යීබෝ දිහා බලලා අහද්දී යීබෝ හිටියේ අත මිටමොලවන් රවාගෙන ජින් දිහා බලාගෙන.. ඒත් මුකුත් කිව්වේ නෑ..

"අහ්.. ආ.... එයාට කූල් මොනා හරි ගේන්න... "

ජාන් මෝඩ හිනාවක් දාලා කිව්වේ යීබෝගෙන් උත්තරයක් නැති නිසා.. අනික ජාන් මේ දවස් ටිකට දැනගෙන හිටියා යීබෝ කෝපි බොන්නේ නෑ කියලා..

ජින් හිනාවක් දාලා කුස්සියට යද්දී යීබෝ ජාන්ගේ කන ලඟට කිට්ටු උනා...

"මේ ඕයි.. ඌට කියනවා මට මිස්ටර් ලියෝ කියලා කතා කරන්න කියලා... සෑර් සෑර් ගාන්නේ නැතුව... ආයේ ඌ එහෙම කතා කලොත් මං තමුසෙගේ ඔය ඉස්සරහා තියෙන පොල් දත් දෙක බඩට යවනවා.."

යීබෝ ජාන්ගේ කනට කරලා කියද්දී වට පිටේ ඇස් යව යව හිටිය ජාන් එතනින් නැගිට්ටේ යීබෝ කියපු කිසි දෙයක් ඇහුනෙවත් නැති ගාණට...

යීබෝට සර් කියලා කතා කරන එක පේන්න බැරි උනා.. එයාලගේ ඇතුලේ කෙනෙක් යීබෝට සර් කිව්වොත් අනිවාර්යයෙන්ම ඒ මනුස්සයාට යීබෝ එවලෙම වෙඩි තියන්න දෙපාරක් හිතුවේ නෑ.. ඒ නිසා කවුරුත් යීබෝට කතා කලේ මාස්ටර් කියලා... සර් කියන එක යීබෝට දැනුනේ මදිකමක් වගේ...

"මෙන්න ඩිටෙක්ටිව් සීන් කෝපි එක... මෙන්න ස........ "

"අහ් එයා මිස්ටර් ලියෝ ජින්.. එයාට එහෙම කතා කරන්න..... "

ජාන් කිව්වෙ ට්‍රේ එකේ තිබුන කෝපි එක ගන්න ගමන්.. කේන්තියෙන් පුපුර පුපුර හිටිය යීබෝගේ අත තිබුනේ ඉනේ ගහලා තිබ්බ පිස්ටල් එක උඩ...

"ආ... අහ්... සොරි.. මිස්ටර් ලියෝ.. මං milkshake හැදුවා... "

"ම්න්.. "

පිස්ටල් එක උඩ තිබ්බ අත ගන්න ගමන් යීබෝ මිල්ක්ශේක් එක අතට ගත්තා..

"මිස්ටර් ජින් වාඩි වෙන්නකෝ.. අපි ටිකක් කතා කරමූ.. "

ජාන් කියද්දී ජින් එතනින් වාඩි උනා...

"මිස්ටර් ජින්.. අපි කෙලින්ම කතාවට යමූ.. මීට දවස් කීපෙකට කලින් පත්තරේ තිබුනා මිස් සූයීට ප්‍රශ්නයක් උනා කියලා.. මං හිතන්නේ ඒ ගැන පැහැදිලි විස්තරයක් අපිට මිස්ටර් ජින්ගෙන් පුලුවන්... "

"අනිවාර්‍යෙන්ම ඩිටෙක්ටිව් සීන්..."

ජින් පුටුවේ වාඩි වෙලා කියද්දී ජාන් spinner එක අතට ගත්ත..

"එදා ඒ කියන්නේ මිස්ටර් සීන් මීට සතියකට විතර කලින් මැඩම් හිටියේ මේ අපාට්මන්ට් එකේ.. එදා ටිකක් ෆ්‍රී තිබුන නිසා.. එතකොට තමයි ඔය චෙන් කියන මනුස්සයා ගෙට ආවේ... "

"කවුද මිස්ටර් ජින් ඒ.. මට ඔයා දන්න ඇත්ත කියන්න... "

"ඒ මැඩම්ගේ ex bf.. මැඩම් ෆීල්ඩ් එකට එන්න කලින් ඉදන් තමයි ඒ ලව් එක තිබ්බේ... දැනට අවුරුදු දහයක් විතර වෙනවා මං හිතන්නේ... ඒක මෑතක් වෙනකන්ම තිබුනා මිස්ටර් සීන්... ඒත් මැඩම්ගේ ඒජන්සි එකෙන් තදින්ම අවවාද කලා ඒක නවත්තන්න කියලා... "

"ඉස්සර මැඩම් චෙන්ව හම්බෙන්න යන්නේ ඔය බීච් එකට.. ඒක ප්‍රයිවට් ඒරියා එකක් නිසා එයාලට පැපරාසින්ගෙන් බේරිලා එතන හම්වෙන්න පුලුවන්.. ඒත් ඔය ප්‍රශ්නෙන් පස්සේ මැඩම් චෙන්ට කතා කරලා කිව්වා එයාලා breakup වෙමු කියලා... "

"ඒත් මිස්ටර් සීන්.. මැඩම් චෙන්ට ගොඩක් ආදරේ කලා.. එදායින් පස්සේ මැඩම්ගේ මූණේ හිනාවක්වත් තිබ්බේ නෑ... මැඩම් ගොඩක් දුකෙන් තමයි ජීවත් උනේ... දවසම හිටුයේ හූල්ල හූල්ල... ඒ අතරේ තමයි එදා චෙන් apartment එකට ආවේ."

"මං හිතන්නේ මිස්ටර් සීන් එද්දීත් දකින්න ඇති..  මේ පැපරාසියෝ ප්‍රසිද්ධ උන්ගේ ගෙවල් ඉස්සරහා ඉන්නේ ස්ථීරව පදිංචි වෙලා.. එදා චෙන් ඉද්දිත් හිටපු නිසා තමයි ප්‍රශ්නේ දුර දිග ගියේ... "

"ම්න්... එ කියන්නේ මිස්ටර් ජින්.. මිස් සූයී චෙන්ගෙන් breakup උනත් ඒකට දුකෙන් හිටියේ... "

"ඔව් මිස්ටර් සීන්... "

"එතකොට... ඔය කියන චෙන්ගේ එදා හැසිරීම කොහොමද... "

ජාන් අහද්දී මිල්ක්ශේක් එක බීලා ඉවර කරපු යීබෝ එතනින් නැගිටලා ඊට එහායින් තිබ්බ වීදුරු ජනේලෙ ලඟට ගිහින් blind එකෙන් එලිය බැලුවා..

ඒ වෙනකොටත් පැපරාසියෝ පැල් බැඳගෙන හිටියේ.. කැමරා ඔක්කොම ෆුල් ටයිම් රෙකෝඩ් වෙන්න අපාට්මන්ට් එක පැත්තට හැරිලා තිබුනා..

"එදා චෙන් නම් ආවේ කේන්තියෙන්මයි මිස්ටර් සීන්.. එදා මෙතන මැඩම්ට හොඳටම කෑ ගැහුවා.. මැඩම්ගේ කනටත් ගැහුවා.. "

"ඒ මනුස්සයා කිව්වේම මැඩම්ගේ බෙල්ලේ තිබුන මාලේ දෙන්න කියලා.. මැඩම් ඒක බෑ කියලා හිටියේ තද කරලා අල්ලගෙන.. ඒත් ඒ මිනිහා ඒක ගන්න මැඩම්ගේ ඇගට පනිද්දී මං මැඩම්ව බේරගන්න ඉස්සරහට පැන්නා.. "

"එතකොට ඒ මිනිහා එතන තිබ්බ පුටුව තල්ලු කරපු නිසා ඒක පෙරලුනේ මගේ කකුලට.. මගේ කකුල හිර උන නිසා මට නැගිටගන්න බැරි උනා... "

"ඒ නිසා වෙන්න ඕනි මිස්ටර් ජින් තාම කකුල කොර ගහන්නේ... "

"ඔව් මිස්ටර් සීන්.. ඒක තාම අඩු නෑ.. "

යීබෝ ජනේලේට හේත්තු වෙලා ඉන්න ගමන්ම ජින්ගේ කකුල දිහා බැලුවේ.. යීබොගේ මූණට ආවේ කට කොනකින් හිනාවක්..

"ඉතින් මිස්ටර් ජින්.. මාලේ ගෙනිච්චද..."

"නෑ මිස්ටර් සීන්.. ඒක මැඩම් අල්ලන්නවත් දුන්නේ නෑ.. මැඩම් කිව්වේ එයාට ඒක ගොඩක් වටිනවා කියලා.. ඒත් චෙන් දිගටම කිව්වේ breakup උන එකට හිලව් වෙන්න ඒක එයාට ඕනි කියලා... යනකොට එලියට ගිහිල්ලා චෙන් මැඩම්ගේ කම්මුලට ගහපු එක තමයි පැපරාසින්ට රජ මඟුල් උනේ... "

"ම්න්....... "

ජාන් ටිකක් සෝෆා එකටම හේත්තු වෙලා ඇස් පියාගත්තා.. ඒ අතරේ යීබෝ එතන බිත්තියේ එල්ලලා තිබ්බ මිස් සූයීගේ photo එකින් එක බලන්න ගත්තා.. ඒ වගේම එයාගේ සම්මාන ටිකත්...

"Thank you Mr. Jin.. අපි ටිකක් වටපිටාව හෝදිසි කලාට කමක් නෑනේ.. "

"කමක් නෑ මිස්ටර් සීන්... "

ජාන් යීබෝ එක්ක ගෙදර ඇතුල වගේම පිටත්තත් හෝදිසි කරලා ගෙදරින් එලියට බැස්සා...

මේ වෙද්දිත් මුලු අපාට්මන්ට් එකටම පොලිස් ආරක්ෂාව දාලා තිබ්බේ.. ජානුයි යීබෝයි එලියට එද්දී පොලිසියේ දෙන්නෙක් ඉක්මන්ට කලු කුඩයකින් දෙන්නවම පැපරාසින්ගෙන් කවර් කරන් ගිහින් කාර් එකට අරන් ගියා...

යීබෝ ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙද්දී ජාන් අනිත් පැත්තෙන් වාඩි උනා...

"දැන් මං තමුසෙගේ driver ගානට වැටිලානේ... "

යීබෝ කිව්වේ කාර් එක රේස් කරන් කැමරා උස්සන් ඉන්න උන් දෙපැත්තට විසි වෙන වේගෙන් එතනින් කාර් එක අරන්‍ යද්දී...

"නෑ... එහෙනම් මං පස්සට යන්න එපැයි.. අපි හරියටම හස්බන්ඩ් ඇන්ඩ් හඩ්බන්ඩ් විදිහට ඉන්නවා.. "

"එහෙනම් තමුසේ drive කරනවාකෝ... "

"ඉතින් දෙනවා මං drive කරන්නම්.. ඕකනේ මං කුවාන්ව එක්කන් එමු කිව්වේ.."

ජාන් රවලා කියද්දී යීබෝ මුකුත් නොකියා ඩ්‍රයිව් කරන්න ගත්තා..

"යීබෝ..... "

ටිකක් දුර නිහඬව ගිහින් ජාන් කතා කලා.. යීබෝ ඔලුව හරෝලා බැලුවා විතරයි.. 

"අපි පොලිසියට යන්.. "

"ම්න්.. "

"යීබෝ...... "

ආයේ ටිකකින් ජාන් කතා කලා...

"මොකෝ... "

"මිස් සූයීගේ පරණ photo බැලුවා නේද.. ඒවායි බොඩියෙයි වෙනසක් දැක්කද... "

"ඔව්.. ඔය කියන මාලේ නෑ.. ඒක කඩාගෙන මං හිතන්නේ බොඩියේ බෙල්ල තුවාල වෙලත් තිබ්බේ... "

යීබෝ කියද්දී ජාන්ගේ මූණට හිනාවක් ආවා...

"තමුසෙගේ මොලේ ඩිංගක් තියෙයි නේද.."

"හහ්.. මාව මෝඩයෙක් වගේ පේනවද... "

"පේන්න දෙයක් නෑ මෝඩයෙක් තමයි.. තේරුම් ගන්න ඕනිම දේ තේරෙන් නෑ කියන්නේ මොලේ තියෙන්නේ මැටි.. "

ජාන් ජනේලෙන් එලිය බලන් මිමිණුවේ යීබෝට ඇහෙන් නැති වෙන්න...

"මොනාද තමුසේ කුටු කුටු ගාන්නේ... ?? "

"මුකුත් නෑ... "

ජාන් අනිත් පැත්ත බලන්ම කියද්දී ටිකක් ජාන් දිහා බලන් හිටිය යිබෝ අහක බලාගත්තේ මූණට හිනාවක් එද්දී..

"ආ... ජාන් තමුසෙට කියන්න බැරි උනානේ.. තමුසේ දැක්කද දන් නෑ. ජින්ට පිස්ටල් දෙකක් තිබුනා.. "

යීබෝ කියද්දී ජාන් යීබෝ දිහා බැලුවා..

"දෙකක්.... ?? "

"ම්න්.. එකක් ඉනේ... ශර්ට් එකට අසෙන් ගහලා.. අනික තුවාල කකුලේ නෙමෙයි අනිත් කකුලේ මේස් එකක් අස්සේ... "

යීබෝ කියද්දී ජාන් ටිකක් යීබෝ දිහා බලන් හිටියා..

"තමුසේ කෝමද යීබෝ දැක්කේ... "

ජාන් අහද්දී යීබෝ කට කොනකින් හිනා උනා..

"තමුසේ මනුස්සයෙක්ව දැක්ක ගමන් මූණ දිහා බලලා හැඟීම් තේරිම්ගන්න පුරුදු වෙලා තියෙනවා වගේ මං පුරුදු වෙලා තියෙන්නේ මිනිහෙක්ව දැක්ක ගමන් ඒ මනුස්සයා හංඟන් ඉන්න weapons මොනාද කියලා බලන්න.... "

යීබෝ කිව්වේ ඉස්සරහා බලන්මයි...

"ඒවාගේ වර්ගේ මොනාද යීබෝ... "

ජාන් අහද්දී යීබෝ රැව්වා..

"ඇයි තමුසේ හිතුවද.. මගේ ඇස් වලින් විනිවිද බලන්න පුලුවන් කියලා ඉනේ ගහන් ඉන්න පිස්ටල් එකේ වර්ගේ හොයන්න... "

"ආ.... බැරිද... මං හිතුවා එදා බුලට් එකේ වර්ගේ කිව්වා වගේ පුලුවන් කියලා... "

ජාන් කියද්දී යීබෝ කට කොනකින් හිනා උනා..

"ටිකක් ප්‍රායෝගික වෙනවා ජාන්.. පොඩි කාලේ ඉදන් මේ ලෝකේ තියෙන හැම වර්ගෙම බුලට් weapons අල්ලලා තියෙන මට ඒක දැක්ක ගමන් කියන එක ලොකු දෙයක් නෙමෙයි... බුලට් ටිකක් දෙනවා මං ඇස් වහන් අල්ලලා බලලා වර්ගේ කියන්නම්... "

යීබෝ කියද්දී ජාන්ගේ මූණට නසරාණි හිනාවක් ආවා...

"මොකද තමුසේ හිනා වෙන්නේ.... ?? "

"මේහ්....... බුලට් එකක් නම් නෑ.... හැබැයි මිසයිලයක් තියෙයි... අල්ලලා බලලා වර්ගේ කියන්න බැරි වෙයිද දන් නෑ නේහ්.."

ජාන් තොලකුත් හපාගෙන එයාගේ එයාගේ කලිසමේ මැදට පොඩි තට්ටුවක් දාලා කිව්වේ යීබෝ දිහා බලාගෙන... යීබෝ ජාන් දිහා බලල කට කොනකින් හිනා වෙලා කාර් එක පොලිසියට හැරෙව්වා...

"ඕකේ අල්ලලා බලන්න දෙයක් නෑ.. දැක්කම පේනවා.. පුස් මිසයිලයක් කියලා.."

යීබෝ කිව්වෙ කාර් එක පාකින් එකට දාලා..

"ඇත්තට...??  බලාගමුකෝ ඉස්සරහට... "

"මොකක්ද.... ?? "

"මුකුත් නෑ... "

සීට් බෙල්ට් එක ගලවලා දාපු ජාන් කාර් එකෙන් බැස්සේ එහෙම කියාගෙන.. යීබොත් කාර් එකෙන් බැහැලා කාර් එක ලොක් කලා..

"ඒක තමයි මාත් කියන්නේ.. බලන්න දෙයක් නෑ. මුකුත් නෑ තමයි... "

යීබෝ කාර් එක ලොක් කරලා කිව්වෙ ජාන්ගේ පස්සෙන් එන ගමන්.. ජාන් යීබෝට මැද ඇගිල්ල පෙන්නගෙන පොලිසියට ඇතුල් වෙද්දී යීබෝගේ මූණට ආපු හිනාවත් එක්කම යීබොත් ජාන්ගේ පස්සෙන් පොලිසිය ඇතුලට ගියා...

.......

"මිස්ටර් සීන්...."

"ශූ යැන්ග්.. මට චෙන් එක්ක කතා කරන්න ඕනි... "

"ඕකේ.. මං රෙඩි කරන්නම්... "

ශූ යැන්ග් එලියට යද්දී ජාන් යීබෝ එක්ක investigation room එකට ගියා..

"ඌ මෙහෙද... "

"ඔව් ප්‍රධාන සැක කාරය විදිහට arrest කරල.. සූ යීගේ phone එකේ අන්තිම කෝල් එක තියෙන්නේ චෙන්ට.. ඒ වගේම කලින් උන සිද්ධිය එක්ක චෙන්ව arrest කරලා... "

"ම්න්.. "

ටිකකින් ශූ යැන්ග් චෙන්ව එක්ක ඇවිත් යීබෝයි ජානුයි හිටිය තැන මේසේ ඉස්සරහා පුටුවෙන් වාඩි කෙරෙව්වා.. චෙන්ගේ අත් වලට මාංචු දාලා තිබ්බා.. ඒ වගෙම චෙන් හිටියේ ඔලුව බිමට කඩා වැටිලා...

ශූ යැන්ග් චෙන්ව තියලා එලියට ගියා... ජාන් ටික වෙලාවක් හොඳට චෙන් දිහා බලන් හිටියා.. චෙන් හිටියේ බිම බලාගෙන.. මේසේ උඩ තිබුන දුම් දාන කෝපි කොප්පයක් සීන් චෙන්ට දුන්නා... චෙන් ඒක දිහා බලලා ආයේ අහක බලාගත්තා...

"බොන්න... "

"එපා... "

"ම්න්.. මිස්ටර් චෙන්.. අපි කෙලින්ම කතාවට යමූ.. වටේ යන්න ඕනි නෑ...  මාලේ කෝ..... ?? "

සීන් අහද්දී මෙච්චර වෙලා බිම බලන් හිටිය චෙන් ගැස්සිලා සීන් දිහා බැලුවා... එවලේ තමයි සීන් චෙන්ගේ මූණ හරියටම දැක්කේ.. චෙන්ගේ ඇස් ඉදිමිලා මූණත් තඩිස්සි වෙලා තිබුනා..

"මො.. මොන.... ?? "

"චෙන්.... මීට සතියකට කලින් ඔයා ගොඩක් වටිනවා කියලා සූයිගෙන් ඉල්ලපු blue diamond necklace එක..."

"ඒක... ඒක... එයාගේ බෙල්ලේ... එයා ඒක කවදාවත් ගැලෙව්වේ නෑ... "

චෙන් කිව්වේ පුදුමෙන් ජාන් දිහා බලාගෙන..

"ඔව් චෙන්.. ඒත් බොඩි එකේ ඒක නෑ... අපිට ආරංචි උනා ඔයා කලින් දවසක් ඇවිත් ඒක ඉල්ලුවා කියලා... ලොකු රණ්ඩුවකුත් උනා කියලා... "

ජාන් කියද්දී චෙන් ලොකු හුස්මක් පිට කලා...

"ඔව්... මං ඒක ඉල්ලුවා... ඒක මං එයාට දුන්න පලවෙනි ගිෆ්ට් එක.. ඉතින් එයාට අපේ සම්බන්දේ වටින් නැති උනාට මට ඒක වටිනවා.. ඒ නිසා මං එක ඉල්ලුවා..."

"මට ආරංචි උනේ චෙන් ඔයා සාමාන්‍ය පවුලක කෙනෙක් කියලා... ඉතින් කොහොමද blue diamond එකක්... ?? "

"ඒක blue diamond එකක් නෙමෙයි සීන්.. ඒක fake එකක්.. cristol වලින් ඒ වගේම හදපු එකක්.. හොඳින් බැලුවොත් පේනවා ඒක බොරු එකක් කියලා... "

ජාන් අහද්දී මෙච්චර වෙලා නිහඬව හිටපු යීබෝ කතා කලා... ජාන් හිටියේ යීබෝ දිහා පුදුමෙන් බලාගෙන...

"ඔව් මිස්ටර්.. ඒක cristol එකක්.. මට diamond ගන්න සල්ලි නෑ.. ඒත් ඇත්තම එකක් වගේ මං ඒක හදල දුන්නා.. සූයීව රවට්ටන්න නෙමෙයි. එයත් දන්නවා ඒක cristol එකක් කියලා.. ඒත් එයා ප්‍රසිද්ධ වෙද්දී කවුරුත් හිතුවේ නෑ එයා වගේ කෙනෙක් fake එකක් දායි කියල... "

"එතකොට ඇයි ඒක ඉල්ලුවේ චෙන්.. "

"ඒ අපේ ආදරේ සංකේතේ.. එයාට ආදරේ වටින් නැත්නම් මාලේ ඕනි නැති නිසයි ඉල්ලුවේ.. ඇත්තටම එදා මං හිටියේ තරහින්..  ඒත් පස්සේ සූයීම මට තේරුම් කරලා දුන්නම එයාගේ agreement එකේ කාලේ ඉවර වෙනකන් එයාගෙන් ඈත් වෙලා ඉන්න මං තීරණය කලා.. "

චෙන් කිව්වේ ඇඬුම් ස්වරයෙන්....

"ඒත් මං හිතුවේ නෑ... මෙහෙම වෙයි කියලා.. එතකොට මිස්ටර් ඔයාලා කියන්නේ මගේ සූයීගේ මරණෙට හේතුව මං එයාට දිපු මාලෙද... "

"අපි සැක කරනවා විතරයි චෙන්.. අපි බලමූ.. "

ජාන් යීබෝ එක්ක ශූ යැන්ග් ගෙනුත් සමු අරන් පොලිසියෙන් එලියට ආවා...

ටික දුරක් යනකන් දෙන්නා අතරේම තිබුනේ නිහැඬියාවක්....

"ආ යීබෝ... තමුසේ දැනන් හිටියා නම් කියන්න එපැයි හලෝ ඒක ෆේක් එකක් කියලා... "

"මං හිතුවේ නෑ මහ ලොකු ඩිටෙක්ටිව් ඒක හොයාගන්න බැරි මෝඩයෙක් කියලා.. "

යීබෝ නෝන්ඩියට හිනාවක් දාලා කියද්දී ජාන් රැව්වා...

"ඒක ඇත්තම වගේනේ යීබෝ.. කොහොමද ෆේක් කියලා හොයාගත්තේ.. "

"Tsk tsk tsk Mr.zhan.. ඔයා මාව සෑහෙන්න අවතක්සේරු කරලා වගේ.. ජාන් මං මාස්ටර් ලියෝ.. ගෝල්ඩන් මාෆියා වල අනාගත භාරකාරයා.. අපි ලෝකෙ ගනුදෙනු කරන්නේ කට්ට කයිරාටික මිනිස්සු එක්ක.. diamond gold pearls gems ඔය බිස්නස් කරද්දී අපි හොඳ හෙවිල්ලෙන් ඉන්න ඕනි.. මොකද උන් diamond 100ක් දුන්නොත් ඕකෙන් දහයක් හරි ෆේක් ඒවා... උන් එක්ක ගනුදෙනු කරලම මට හුරුයි.. උන් කවුරුත් මාත් එක්ක බොරු කරන්න එන්න බය ඒකයි.. තමුසේගේ මෝඩකමට මාව ගණන් නොගත්තට මේ ලෝකේ ඕනි එකෙක් ලියෝ කියන නමටත් ගැහෙන්නෙ ඒකයි... "

යීබෝ හෙන ආඩම්බරෙන් කිව්වේ වාහනේ ඩ්‍රයිව් කරන ගමන්..

"හැයි හැයි තමා.. ඇහුවේ එකක් කියවන්නේ මුගේ ලොකුකම.. මෑශ්චර් ඤියො.. "

ජාන් කට ඇතුලෙන් යිබෝට බනින්න ගත්තේ යීබෝට ඇහෙන් නැති වෙන්න...

"මොකක්ද... ?? "

"මුකුත් නෑ... "

"ඔව් ඔව් හැම වෙලේම කියවන්න ඕනි නෑ..  පේනවා මුකුත් නෑ කියලා... "

යීබෝ කිව්වෙ ජාන්ගේ පහල බලලා කටත් ඇඳ කරලා...

"හිටපන්කෝ.. මං වෙලාවක පෙන්නන්නම් මුකුත් නැද්ද කියලා.. මේ කේස් එක ඉවර උන ගමන් නිදහසෙ... "

ජාන් කියද්දී යීබෝ කට කොනකින් හිනා උනා...

"හරි හරි කියනවකෝ දැනගත්ත විදිහ.. නිකන්ම ඒක ෆේක් එකක් කියන්න බැනේ තමුන්ගේ කටවචනෙට.."

"මිස්ටර් ජාන්.. diamind හොයන්න ඕනි තරම් ක්‍රම තියෙයි.. ඒත් මේක අපි ඇත්තට දැකලා නෑනේ.. ඒ නිසා ඒක ක්‍රමයයි තියෙන්නේ.. ඒ පරාවර්තය වෙන විදිහ.. මිස් සූයීගේ පෙන්ඩන්ට් එකේ පරාවර්තනය හොඳට බැලුවොත් පේනවා rainbow color කියලා.. ඒකයි ඒක ෆේක් වෙන්නේ ජාන්.. original dimond නම් පරාවර්තනය වෙන්නේ gray color එකෙන්... "

යීබෝ කියද්දී ජාන් මිස් සූයීගේ weibo එකේ තියෙන photo අරන් ඒක චෙක් කලා.. යීබෝ කිව්වා හරි.. හොඳටම බැලුවොත් පේනවා ඒකේ පරාවර්තනය rainbow color කියලා.. ජාන්ගේ මූණට ආයෙත් ආවේ ආඩම්බර හිනාව...

"මට සතුටුයි යීබෝ ඔයා මගේ partner උන එක ගැන... "

"ඔව් ඉස්සරහාට තව සතුටු වෙයි... "

"ඒ මොකටද... "

"බලන් ඉන්නවකෝ... "

යීබෝ කියද්දී ජාන් අහක බලන් හිනා උනා...

.
.
.
.

ඊලඟ දවසේ උදේම යීබොයි ජානුයි ආයේ ලෑස්ති උනා... breakfast අරන් දෙන්නම එලියට ගියේ කුවාන්ව බලෙන්ම ගෙදර නතර කරවලා...

"මේ කුවානයා මහ ඇණයක්.. කොහෙ ගියත් එල්ලිලා එන්න ඕනි... "

යීබෝ කිව්වේ කේන්තියෙන් කාර් එක ලඟට යන ගමන්..

"ඒ ඔයාගේ බොඩිගාඩ්නේ යීබෝ.. හරි නම් එක්ක යන්න ඕනි තමයි.. "

"අනේ මේ ඉන්නවා.... "

"යීබෝ මං ඩ්‍රයිව් කරන්නද... ?? "

"ඇයි මගේ කාර් එකත් හප්පලා මාවත් මරන්නද.. අනේ මේ ජාන්.. තමුසේ එක පාරට track පනිනවා.. ඒ නිසා පාඩුවේ ඔන්න ඕකේ වාඩි වෙලා එනවා.. "

දෙන්නම අද හිටියේ casual.. mask දාගෙන දෙන්නම කාර් එකට නැග්ගා..

"යීබෝ pistol එක ගත්තද.. සමහරක්විට ඕනි වෙයි අපිට.. "

"ඒක මගේ අතේ වරදින් නෑ... "

"ම්න්... අදින් මේ කේස් එක ක්ලෝස්ඩ්.. පොඩිම පොඩි දෙයයි හොයාගන්න තියෙන්නේ..  අපි යමූ යීබෝ.."

යීබෝ ජන් එක්ක ගිහින් සූයීගේ apartment එකට යන පාරේ හරියෙන් කාර් එක නතර කරලා.. ඊට පස්සේ apartment එකට පිටිපස්ස පැත්තෙන් පැපරාසියෝ ටික මඟ ඇරලා ගිහින් බැම්මෙන් පැන්නා..

ජාන් යීබෝ එක්ක ගියේ apartment එකේ පිටිපස්සට..

"යීබෝ... බට දිගේ නගින එක අමාරු නෑනේ.. එක තට්ටුවයි... "

"පිස්සුද හලෝ.. ඕක මොකක්ද.. "

යීබෝ කියද්දී ජාන් මුලින්ම බටේ දිගේ නගින්න ගත්තා... යීබෝ නැග්ගේ පිටිපස්සෙන්... යීබෝ හැම වෙලේම ජාන්ගේ ලඟින්ම උඩට නැග්ගා...

ඒත් ජාන් එක තැනකින් කකුල තියනවා එක්කම ඒ ඇණේ ගැලවුන නිසා ජාන්ගේ කකුල ලිස්සලා ගියේ ජාන් අත් වලින් එල්ලිලා ඉද්දී...

යීබෝ ඉක්මන්ට තව ටිකක් උඩට ගිහින් අත් වලින් එල්ලිලා ඉන්න ජාන්ගේ කකුලක් උරහිසේ හිටින්න උඩට ඇවිත් එක අතකින් බටේ බදාගෙන අනිත් අත මිට මොලවලා උඩට දික් කලා...

"ජාන්... එක කකුලකින් මගේ උරහිසට බර දීලා.. අනිත් කකුල මගේ අත උඩින් තියලා ඒකට බර දීලා උඩට නගිනවා... "

"ඒත්.... "

"ඒත් මේත් නෙමෙයි ඕයී.. මට හුඟ වෙලාවක් තනි අතෙන් බටේ එල්ලිලා ඉන්න බෑ... "

යීබෝ කෑ ගහද්දී ජාන් යීබෝගේ මිටමොලවන් ඉන්න අතට සපත්තුවට බර දීලා උඩට ගියා... ජාන්ගේ සපත්තුවේ තිබුන වැලි කැට වලට වගේම ජාන්ගේ බරට යිබෝගේ අත තුවාල වෙද්දී යීබෝ අත ගසලා දාලා තව චුට්ටක් උඩට ගියා..

උඩ තට්ටුවේ තිබ්බ ජනේලේ ජාන් තල්ලු කරලා ඇරලා ඇතුලට පැනලා යීබෝගේ අතින් ඇඳලා උඩට ගත්තා...

"යීබෝ අත...... "

ජාන් කිව්වේ යීබෝගේ තුවාල උන අත දිහා බලාගෙන.. ජාන්ගේ මූණ තිබ්බේ ඇඬෙන්න ඔන්න මෙන්න වගේ...

"ආ... ඒක ශේප්... තමුසේ කොහොමද දන්නේ මේ ජනේලෙන් එන්න පුලුවන් කියලා.. "

ජාන් එයාගේ සාක්කුවේ තිබුන ලේන්සුව අරන් යීබෝගේ අත ඇඳලා අරන් තුවාලෙට උඩින් තදට ගැට ගැහුවා..

"මං එදා කෝකටත් කියලා මේ ජනේලේ ලොක් එක ඇරලා තිබ්බා... වෙලාව හොඳයි.. ජින් ඒක ලොක් කරලා නෑ... "

"තමුසේ මාර යකෙක්නේ ඕයි.. "

"හී.. යීබෝ එන්න.. මේ කාමරේ කොහෙ හරි මාලේ තියෙද බලන්න.. ඉක්මන්ට.. ලොකු වෙලාවක් නෑ... "

ජාන් කියද්දී යීබෝ වගේම ජාන් ඉක්මනට මුලු කාමරේම හොයන්න ගත්තා...

ටිකකින් එයාලට ඇහුනේ කවුරු හරි පඩිපෙල නගිනවා වගේ..

"ඔහ් ශිට්.. මූ හරිම ඉක්මන්නේ... "

ජාන් ඉක්මන්ට යීබෝවත් ඇඳගෙන ඒ කාමරේ තිබුන කබඩ් එකක් ඇතුලට රිංගුවා... ඒක ගොඩක් පොඩි එකක්.. දෙන්නෙක්ට ඉන්න තියා හිතන්නවත් අමාරු එකක්..

යීබෝ හිටියේ කබඩ් එකේ සයිඩ් එකට හේත්තු වෙලා.. ජාන් යීබෝගේ ඇගට හේත්තු වෙලා දොර වහගෙන හිටියා..

දෙන්නම හුස්ම ගත්තේ පවා හෙමීට.. ටිකකින් කාමරේට ආපි කෙනා කලබලෙන් කාමරේ ඇවිඳ ඇවිඳ බඩු පෙරලනවා ඇහුනා...

යීබෝ හිටියේ ඇස් පියාගෙන පුලුවන්තරම් හෙමින් හුස්ම ගන්න ගමන්.. ඒත් යීබෝව තනිකරම රතු වෙලා තිබුනා...

ජාන් හිටියේ යීබෝගේ ඇගට හේත්තු වෙලා.... ටිකකින් ජාන්ගේ මූණට ආවේ නසරාණි හිනාවක්...

( අර TU bts වල යීබෝගේ උකුලේ ඉද්දී හොර හාවගේ මූණට එන හිනාව මතක් කරගන්නකෝ.. )

ජාන් හිතලම තව ටිකක් යීබෝගේ ඇගට තද උනේ ජාන්ගේ පිටුපසට දැනෙන යීබෝගේ යටිකයේ උණුසුම නිසා තව ටිකක් යීබෝව අවුස්සන්න හිතාගෙන..

හොරෙන් යීබෝ දිහා බලපු ජාන් කලුවරේ උනත් දැක්කා යීබෝගේ උගුරු ගැටේ උඩ පහල යනවා.. ජාන්ගේ කට කොනට ආවේ හිනාවක්...

ජාන් ඒ ඉන්න විදිහටම හෙමීට අත පිටිපස්සට දාලා යීබෝගේ ප්‍රාණවත් වීගෙන එන උණුහුම තදින් මිරිකුවේ යීබෝට කෑ ගැස්සෙද්දී...

"ආ.....හ්ව්... "

"කවුද...... කවුද..... ඔතන.... "

"හරිනේ... එනවා දැන් එලියට යන්න... "

ජාන් යීබෝටත් රවලා කබඩ් එකේ දොර ඇරන් එලියට ආවා... යීබෝ වගේම ජාන්වත් රතු වෙලා තියෙනවා දැක්කාම යීබෝගේ කට කොනට හිනාවක් ආවා...

"හායි ජින්.... හරි දාඩියයි නේද... "

ජාන් කිව්වේ එක අතකින් පවන් ගහගන්න ගමන්..

"ත.. තමුසෙලා... මොකක්ද මෙහේ කරන්නේ... "

"ෆුහ්... මේකනේ ජින්.. මං ඔයාට කෝල් කරලා කිව්වනේ අපි මාලේ හොයන්න එනවා කියලා.. ඒත් තමුන් පරක්කු නිසා අපි හරි අමාරුවෙන් අර බටේ දිගේ නැගලා මේකට පැනගත්තා.... "

"ඊට පස්සේ මේ ලියෝ කිව්වනේ නාර්නියා වලට යන දොර තියෙන්නේ මේ කබඩ් එක ඇතුලේ කියලා..  ඉතින් අපි ඒක බලන්න ගියා.. දොර අහු උනා... විතරයි.. මේ ලියෝ කෑ ගැහුවනේ... "

ජාන් යීබෝ දිහා බලලා ඇහැක් ගහලා කියද්දී යීබෝ ජාන්ට රැව්වා...

"Anyway Mr.jin.. මං හිතනේ ඔයා හොයන්නේ මේක.. අර මේසේ උඩ තමයි තිබ්බේ... මට තියෙන ප්‍රශ්නේ මිස් සූයීගේ නැති උන මාලේ ජින්ගේ රූම් එකෙන් හම්බුන එකනෙ... "

ජාන් කියද්දී ජින් එයාගෙ ඉනේ ගහලා තිබ්බ පිස්ටල් එක අරන් ජාන්ට දික් කරනවා එක්කම ජාන් වගේම යීබෝත් එයාලගේ පිස්ටල් ජින්ට දික් කලා...

"QSZ-92 semi automatic pistol"

යීබෝ කියද්දී ජාන් කට කොනකින් හිනා උනා..

*ඩෝං.. *

ඒ එක්කම යීබෝ ජින්ට ශූට් කරද්දී ජින් කන අල්ලගත්තේ අතේ තිබ්බ පිස්ටල් එකත් බිම වැටෙද්දී...

"යී...බෝ... "

"ඌ බය වෙලා හිටියේ.. කොකා ගැස්සුනා නම් ඊලඟට මැරෙන්නේ තමුසේ... "

යීබෝ කියද්දී ජාන් ඉක්මන්ට ජින් ලඟට දිව්වා... යීබෝ වෙඩි තියලා තිබ්බේ ජින්ගේ කනේ කොනක බුලට් එක වදින්න.. ඒ නිසා ජින්ගේ කනේ කොන චුට්ටක් තුවාල වෙලා තිබුනා විතරයි..

ඒ එක්කම ශූ යැන්ග් ඇතුලට එද්දී ජාන් ජින්ව ශුයැන්ග්ට භාරදුන්නා..

"Thank you Detective sean.. thank you Mr.Leo... "

ශූයැන්ග් දෙන්නටම අතට අත දිලා තෑන්ක්ස් කරද්දී ජාන් යීබෝ එක්ක ගෙයින් එලියට ආවා..

"Mr. Zhan payment එක දාන්නම්.. "

"Ok Mr. Xue Yang.. "

ශූ යැන්ග් ජින් එක්ක යද්දී පැපරාසියෝ උන්ව වට කරගනිද්දී ජාන් යීබෝ එක්ක අනිත් පැත්තට ගිහින් කාර් එකට නැග්ගා..

"යීබෝ... බෙහෙත් තියෙද... ඕකට.. "

"පිටිපස්සෙ.. "

යීබෝ කියද්දී ජාන් පිටිපස්සෙන් firstaid box එක අරන් ලේ ඇවිත් ලේන්සුවත් පොඟවලා තිබුන තිබුන තුවාලේ ලෙහුවා..

ජාන් පුලුන් කෑල්ලක් තෙමලා වටේ ලේ ටික පිහලා surgical ටිකක් අරන් තුවාල වල ගෑවෙ කටින් පිඹින ගමන්..

"මං බබෙක් කියලා හිතුවද හලෝ පිඹින්නේ.... "

යීබෝ අහද්දී ජාන් යීබෝට රවලා ආයේ පිඹ පිඹ බෙහෙත් දාද්දී යීබෝගේ මූණට හිනාවක් ආවා....

"ඇහුනද යීබෝ... තමන්ගේ ඉන්ද්‍රියන් සංවර කරන් පාලනය කරගන්න පුරුදු වෙනවා.. කියන්නේ නම් මං කොල්ලන්ට ආස නෑ කියලා... ඒ උනාට මං චුට්ටයි හේත්තු උනේ දගර ඩාන්ස් දානවා.."

ජාන් driving seat එකේ වාඩි වෙද්දී යීබෝ අනිකේ වාඩි උනේ අත තුවාල නිසා..

"මේකනේ ජාන්.. මං පැවිදි වෙලා නෑනේ.. අනික තමුසේ නිසා මට සතියකින් දෙකකින් දැන් කෙල්ලෙක්වත් සෙට් උනේ නෑ.  අපිත් ඇට මස් ලේ නහර වලින් හැදුන මිනිස්සුනේ... තමුසෙගේ ඩිකිය ඒකේ ගාවන්න කලින් හිතන්න තිබුන.. අනික විශේෂම දේ........ "

යීබෝ එහෙම කියද්දී ජාන් යීබෝ දිහාට හැරිලා ඇස් හීනි කලා...

"මට තමුසෙට වගේ මුකුත් නැත්තේ නෑනේ... තියෙනවා... අනික මං දැක්කා තමුසෙත් රතු වෙලා ඉන්නවා... "

"ඒ දාඩියට.... "

ජාන් කිව්වේ අහක බලාගෙන...

"රතු වෙන් නැද.. මොකක්ද එක වගේ අනිද්දී.. අර කිව්වා වගේ අපිත් ඇට මස් ලේ නහර වලින් හැදුන මිනිස්සුනේ.. "

ජාන් ආයේ කුටු කුටු ගාන්න ගත්තා...

"මොකක්ද....?? "

"මුකුත්... "

ජාන් කියන්න ගිය දේ නතර කරලා යිබෝ දිහා බලලා රවද්දී යීබෝ හයියෙන් උනා...

මේ යීබෝ මෙහෙම හයියෙන් හිනා උන පලවෙනි පාර වෙද්දී ජාන් යීබෝගේ හිනාව දිහා බලන් හිටියේ ජාන්ගේ මූණෙත් ලාවට හිනාවක් ඇදෙද්දී...

"ජාන් කොහොමද හලෝ ඌ හරියටම මිනී මරුවා කියලා හොයාගත්තේ.. මටත් මුල ඉදන් සැකයක් නම් තිබ්බා... "

යීබෝ ඇහුවේ ටිකක් දුර ගිහින්..

"මෙක නම් මහ මොන්ටිසොරි කෙස් එකක් යීබෝ.. අර වෙරලේ එදා මුලින්ම දැක්කා කොහොමත් වැල්ලේ අඩි පාරවල්.. ඒවා කොරගහන කෙනෙක්ගේ.. මොකද ඒව ඇඳි ඇඳි ගිහින් තිබ්බා.. ඒ නිසා ජින්ව දැක්ක ගමන් සැක හිතුනත්.. එයා කොහොමත් එතන්ට යන්න ඇති කියලා දන්න නිසා ඒක වැඩිය හිතුවේ නෑ... "

"මොකද චෙන්වත් සැක කරන්න පුලුවන්.. මාලේ නැති නිසා.. මාලෙට එයා රණ්ඩු උන නිසා.. මං දැනන් හිටියේ නෑ ඒක බොරු එකක් කියලා.. ඒක දන්නවා නම් චෙන්ව හම්බෙන්න ඕනිත් නෑ... "

"චෙන් ඒක ඉල්ල ඉල්ල ආපු නිසා ජින් හිතුවේ ඒක ගොඩක් වටිනවා කියලා.. අනික මිනිහා බය උනා සූයී ආදරේ නිසා එක චෙන්ට දෙයි කියලා.. ඒ නිසා ජින්ම කෝල් කරලා අතන බුක් කරලා සූයීව එක්ක ගිහින් තියෙනවා... "

"එවලේ සුයීව මරන්න ජින්‍ට ඕනි උනේ නෑ.. ඒත් මොකක් හරි බහින් බස් බීමක් නිසා වෙඩි තියලා තියෙනවා.. එතන වැලි ඇවිස්සිලා තියෙන විදිහෙන් ඒක කියන්න පුලුවන්.. ඉතින් එතන ඉදන් ජින් මුලු වැරද්දම චෙන්ගේ පිට පැටවෙන විදිහට කතාව හදලා අපිටයි පොලිසියටයි කට උත්තරේ දුන්නා.. ජින් හිතුවේ අද මාලේ අරන් පනින්න... බය නැතුව ඒකයි ගේ ඇතුලේ එයාගේ කාමරේ මාලේ හැංඟුවෙ."

"මං එහෙට යන්න ටිකකට කලින් ජින්ට කෝල් කරලා කිව්වා මාලේ තියෙද බලන්න අපාට්මන්ට් එකට එනවා කියලා.. ඒ නිසා තමයි මිනිහා බය වෙලා ආවෙ මාලේ හොයන්න.. ඒ ඌ එන්න චුට්ටකට කලින් උගේ කොට්ටේ අස්සේ තිබිලා මට මාලේ හම්බුනා.. බඩුත් එක්ක මිනී මරුවා මාට්ටු."

ජාන් කතාව කියලා ඉවර වෙද්දී යීබෝ කාර් එක පාර්ක් එකට දැම්මා.. දෙන්නම බැහැලා ගියේ බෝට් එක පැත්තට...

"යීබෝ ඔයා ඒක බොරු එකක් කියලා හොයාගත්තේ නැත්නම් මෙච්චර ඉක්මන්ට හොයන්න වෙන් නෑ.. තෑන්ක්ස්.. තමුසේ වගේ දක්ෂ පාට්නර් කෙනෙක් ඉන්න එකේ ටිකක් සැර කේස් එකක් එනවා නම් ආසයි දැන්.... "

ජාන් කිව්වේ දෙන්නම බෝට් එකට නඟිද්දී..

"ඊට කලින් මගේ කේස් එක බලනවා... "

"අහ්.. හා... ඒක අපි හෙට පටන් ගමූ... "

.
.
.
.
.
🥀kaushy....

🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈

👉වචන 3547යි.. කාලෙකින් නිසා දිග එකක් ඔන්න....

👉මාස්ටර් ලියෝ දස්සයි... ශර්ලොක් හෝම්ස් එක්ක වොට්සන්ගේ තැනට දාන්න එපා.. වොට්සන්ට වඩා කොල්ලා දස්සයි..🤧🤧

👉කොටස් දොලහක් ආවනේ.. ඔන්න ඔහේ දැන් සෙට් කරමූ නේත.... 🙂🙂💥💥

👉කට්ටියට කතාව අමතක වෙලාද මන්දා.. 🤧 vote comment දාලා පලයව්.. හුම් 😒💔

👉ගිහින් එඤ්ඤං 😘❤️

Seguir leyendo

También te gustarán

1.9K 260 13
රාජ්‍යයන් දෙකක් කුමන්ත්‍රණයක් වියරු පළිගැනීමක් අවිහිංසක ප්‍රේමයක් දෛවයේ සරදමක් මත එක් වූ දෙදෙනකු ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද
1.9K 479 8
නොලද ආදරේනිසා හනාහකී පපුවේ මුල් බැහැගන්න්වාලු... පස්සේ, ඒ වේදනාවනිසාම මුල්ගිය ආදරේ දලුදාලා... අතු ලියලලා... මල් පිපෙන්න ගන්නවලු... මැරෙන්න කලින් එකමඑ...
106K 6.3K 44
တကယ်တော့ အချစ်ဆိုတာ စကားလုံးတွေနဲ့ လှပအောင် ပုံဖော်ထားတဲ့ အဆိပ်မီးတောက်လေး တစ်ခုပါဘဲ 🔥
79.8K 13.7K 31
Don't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your...