HIDDEN DEVILS 😈🔎 (Completed...

Von kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. Mehr

intro 😈
😈 chapter 1 😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 28😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈Chapter 2😈

2.4K 417 149
Von kaushi_vi_ed

Chapter 2

👈

"මං මගේ කැසිනෝ එක ඇරෙන්න අනිත් ඒවට යන්නේ නෑ මිස්ටර් යීබෝ.. ඒත් ඔයා කියනවා නම් ගිහින් බලමූ... "

ජාන් කිව්වේ එයාගේ රතු පාට බුගාටි එකට නගින ගමන්...

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"අර කෙල්ල කෝ....?? "

"Room එකෙ මාස්ටර්.. "

"ඒකිව හෙට golden cassino එකට දාන්න.. දැන් දෙන sallary එක අහලා ඒ වගේ තුන්ගුණයක් ගෙවනවා කියන්න.. "

"Ok master... "

යීබෝ කට කොනකින් හිනා වෙලා කිව්වේ watch එකෙන් වෙලාව බලලා... පාන්දර තුන හමාරයි..

යීබෝ කෙලින්ම ගියේ එයාගේ room එකට.. bath tub එකට වතුර පුරවලා යීබෝ ඒක ඇතුලට බැස්සේ ඇස් පියාගෙන ගැට්ටට හේත්තු වෙන ගමන්...

"මිස්ටර් ජාන්... හෙට බලාගමූ අපි... "

.
.
.

"Good morning master.. "

යීබෝ උදේම හිටියේ එයාගේ black coffe එක බොන ගමන්... කවුරු good morning කිව්වත් යීබෝ ඒ කාටවත් ආයේ good morning කිව්වේ නෑ...

"Master ලෙලේ අන්කල් ඇවිත් ඉන්නවා..."

කුවාන් කියද්දී යීබෝ කුවාන්ට එක බැල්මක් දුන්නා...

"එන්න කියනවා... "

යීබෝ කිව්වේ එතන තිබුන සෝෆා එකෙන් වාඩි වෙන ගමන්...

"Good morning yibo baby.. "

හැමෝම යීබෝට මාස්ටර් ලියො කියද්දී ලෙලේ අන්කල් කිව්වේ යීබෝ බේබි කියලා.. ඒකට යීබෝ ආස කලා..

"Good morning ලෙලේ අන්කල්.. වාඩි වෙන්න... "

යිබෝ ලා හිනාවක් එක්ක කියද්දී ලෙලේ හිනා වෙලා වාඩි උනා..

"බේබිව කාලෙකින් දැක්කේ.. චීනෙට ආවා කිව්වට කොහෙද ඉතින් අපිම එන්න ඕනිනේ බේබිව බලන්න... "

ලෙලේ අන්කල් කියද්දී යීබෝ ආයෙත් ලාවට හිනා උනා...

"ඉතින් ලෙලේ අන්කල් කොහොමද... "

"අනේ මන්දා බේබි.. මාස්ටර් වන්ග් ඉන්නේ ටිකක් අසනීපෙන්.. බේබිව බලන්න ඕනි කියනවා... "

යීබෝ බිබී හිටපු කෝපි එක බීලා ඉවර කරලා කෝප්පේ පැත්තකින් තිබ්බා..

"අන්කල් ඕක කියන්න නම් ආවේ මට අන්කල් එක්ක කතා කරන්න දෙයක් නෑ අන්කල්.. "

"බේබි... දැන්වත් ඔයාගේ තාත්තට වෛර කරන එක නතර කරන්න... ඔයාට නැත්නන් පස්සේ පසු තැවෙන්න වෙයි.. "

"අන්කල්... ඔයා මුකුත් නොදන්නවා වගේ කතා කරන්න එපා.. දන්න කාලේ ඉදන් මං හැදුනේ මගේ සීයා පපා එක්ක.. ඉතාලි වල.. එතකොට මගේ පපා මගේ ලඟ හිටියද.. එයා කලේ මට මමාව විතරක් නෙමෙයි පපාත් නැති ලමයෙක් කරපු එක.."

"බේබී... මේ හැමදේටම බේබි නොදන්න ලොකු හේතුවක් තියෙයි.. මට මාස්ටර් විඳවනවා බලන් ඉන්න බෑ බේබි.. මාස්ටර් හැම වෙලේම කියන්නේ බේබිව බලන්න ඕනි කියලා.. "

ලෙලේ කියද්දි යිබෝ සෝෆා එකෙන් නැගිට්ටා...

"ලෙලේ අන්කල් ඇයි එයාට බැරි ඇවිත් මාව බලන්න... ඇයි මාව හම්බෙන්න එන්න බැරි.... "

යීබෝ ඇහුවේ කේන්තියෙන්...

"බේබි... මාස්ටර්ට පුලුවන් උනා නම් එනවා.. "

"ඉතින්.. ඇයි එන්න බැරි අන්කල්.. මොකෝ එයාට ඇවිඳගන්න බැරිද.... "

"ඔව්...... "

ලෙලේ අන්කල් කියද්දී යිබෝ ලෙලේ දිහා බැලුවේ ඇස් ලොකු කරන්..

"මො.. මොකක්ද.... ?? "

"බේබි මාස්ටර් ඉන්නේ අසනීපෙන්.. එයාට ඇවිඳගන්න බෑ... "

"ම... මං ඒක දන්නේ නෑනේ අන්කල්.. සීයා පපා කිව්වෙත් නෑ.. "

"කවුරුත් දන්නේ නෑ බේබි... පුලුවන්නම් ඇවිත් යන්න... මං යනවා... "

ලෙලේ අන්කල් යනකන් බලන් හිටිය යීබෝ ආයෙත් සෝෆා එකෙන් වාඩි උනා...

"කුවාන්..... "

"මාස්ටර්...."

" ලෑස්ති වෙන්න.. පපාව බලලා එන්න යන්න... "

යීබෝ කියද්දී කුවාන් යීබෝ දිහා බැලුවේ පුදුමෙන්..

"ඇයි උබට කියන දේ තේරුණේ නෑද... "

"ආ..හ්.. හා හරි මාස්ටර්... "

ටික වෙලාවකින් යීබෝ ලෑස්ති වෙලා එද්දී කුවාන් යීබෝගේ අවුඩිය ලෑස්ති කරලා driving seat එකේ වාඩි වෙලා හිටියා.. අනිත් වාහන දෙකත් තිබ්බේ රෙඩි කරල.

යීබෝ ලෑස්ති වෙලා ගෙයින් එලියට එද්දි කාර් එක ගෙදර දොර ලඟ.. ඉක්මන්ට යීබෝ ඒකේ පිටිපස්සෙන් නගිද්දී ඉස්සරහින් ඩිෆෙන්ඩර් එකයි පිටිපස්සෙන් එකයි එක්ක යීබෝගේ කාර් එක gold palace එකේ ලොකු ගේට් එකෙන් එලියට ගියා...

.
.
.

ටිකකින් කාර් එක ගිහින් නතර කලේ තව ලොකු රෝයල් ටයිප් එකේ ගෙදරක.. යීබෝගේ gold palace එක තරම් ලොකු නොවුනත් ඒකත් සාමාන්‍යෙන් ලොකු ගෙයක්..

මුලින්ම ගේට් එක ලඟ කාර් එක නතර කරද්දී එතන්ට security එකෙන් ආවා... කුවාන් ඉස්සරහා වීදුරුව පාත් කරල ඇස් වලින් පිටිපස්සේ සීට් එක පෙන්නුවා..

පිටිපස්සේ සීට් එක බලද්දී ගැස්සුන සෙකුරිටි ඉක්මනින් අඩියක් පස්සට ගිහින් ඔලුව නමලා ආචාර කලා...

"ස්ස් සෝ.. සෝරි මාස්ටර්... "

සෙකුරිටි අතින් ගේට් එක අරින්න කියද්දී එතන තිබුන විශාල swing gate එකේ දෙපැත්තට ඇරෙද්දි කුවාන් කාර් එක ඇතුලට දැම්මා...

ඒක ගිහින් නතර කලෙත් හරියටම දොර ඉස්සරහා.. කුවාන් සීට් එකෙන් බැහැලා එතන හිටපු කෙනෙක්ට කී එක දෙද්දී එතන හිටපු තව මනුස්සයෙක් ඉක්මනින් කාර් එකේ පිටිපස්සෙ දොර ඇරියා...

යීබෝ ඒකෙන් බහිද්දී හිටපු හැමෝම පුලුවන් තරම් ඔලුව නමලා යීබෝට ආචර කලා.. මේ කාවුරුත් යීබෝ දිහා කෙලින් බලන්න පවා බය උනා.. ඒ යීබෝගේ චරිතේ ගැන වගේම යීබෝගේ කේන්තිය ගැනත් හැමෝම දැන්ගෙන හිටිය නිසා... මාස්ටර් ලියෝ කිව්වම golden mafia වල හැමෝම වෙව්ලන තරම් බය උනා..

වන්ග් කියන්නේ golden mafia වගේම චීනේ පරම්පරාගත පෝසතුන් විදිහට ගොඩක් ප්‍රසිද්ධ පවුලක්.. wang කියන එකේ තේරුම මැන්ඩරින් වලින් king / royal කියන එක.. ඉතින් මේ පවුල ඒ නමට ලොකු සාධාරණයක් කරලා තිබ්බේ.. wang family එක චීනේ හිටියේ රජ පවුල විදිහට...

Wang Qiren කියන්නේ යීබෝගේ සීයා පපා.. දැනට වන්ග් ෆැමිලි එකේ ඉන්නේ වැඩිමල්ම කෙනා.. Wang Fu කියන්නේ යීබෝගේ පපා.. ඔහු වන්ග් ෆැමිලි ෆැමිලි එකේ දෙවනි පුරුක.. ඒත් ඔහු කිසිම දවසක Golden mafia වලට සම්බන්ද උනෙ නෑ..

ඔහුගේ බිරුඳගේ මරණයෙන් පස්සේ තනියම ඔහුගේම රහස් මෙහෙයුමක නිරත උනේ එයාගේ එකම පුතාවත් ආරක්ෂාවට පුංචි කාලෙදිම Wang Qiren ලඟ නතර කරලා..

Wang Yibo කියන්නේ වන්ග් ෆැමිලි එකේ අනාගත භාරකාරයා.. පුංචි කාලේ ඉදන්ම එයාගේ සීයා පපා ලඟ හැදුන යීබෝ ශක්තිමත් දක්ෂ ඒ වගේම ගොඩක් නපුරු චරිතයක් උනා.. God Of the Death , Lion of the Wang , heartless prince වගේ නම් වලින් තමයි ගොඩක් යීබෝව හැඳින්වූවේ..

අවුරුදු 25ක් උන යීබෝ කොයිම වෙලාවකවත් සිල් රැකලා තිබුනෙත් නෑ.. එයාට ඕනි වෙලාවට ඔනි කෙල්ලෙක් එක්ක ඉන්න යීබෝ කොයිම වෙලවකවත් දෙපාරක් හිතුවෙත් නෑ.. හැබැයි ඒ හැම වෙලාවකම විශේෂයක් තිබුනා.. යීබෝ කිසි කෙනෙක් ඉස්සරහා සම්පූර්ණෙන් නිරුවත් වෙලා තිබුනේ නෑ.. ඔහු කැමති කාන්තාවව ඔහු විඳිනවා ඇරෙන්න ඔහුව විඳින්න කිසි කෙනෙක්ට අවස්තාව දීලා තිබුනෙත් නෑ..

ඒ වගේම ඒ කිසි කෙනෙක්ට යීබෝගේ සිපුමක් තියා හුස්මක පහසක්වත් ලැබිලා තිබුනෙත් නෑ. ඔහු හැමදෙම කලේ ස්පර්ශයෙන් විතරක් උනා වගේම ඒ හැම වෙලාවකම ඔහුගේ අතේ කලු පාට ග්ලවුස් දෙකක් තිබ්බා.. ඒ වගේම කොන්ඩම් නැතුව කිසි කෙනෙක් එක්ක සම්බන්ද වෙලා තිබුනෙත් නෑ.. ඔහු dominant කෙනෙක් නිසා ඔහු සතුටු උනේ අනිත් කෙනාගෙන් වේදනාවෙන් විතරයි.. ඒ ඇරෙන්න වෙන කිසිම සතුටක් ඔහුට ඒ එකතු වීමකදි ලැබිලා තිබුනෙත් නෑ.

ඒ මොනා උනත් යීබෝ ගැන හොඳටම දැනගෙන හිටියා උනත් කෙල්ලෝ හිටියේ යීබෝගේ පස්සෙන් වැටිලා.. ඒ කිසි කෙනෙක්ව කොයි වෙලාවකවත් නියපොත්තක් තරම්වත් යීබෝ care කලේ නෑ.. ඒ වගේම එකම කෙනා එක්ක කොයිම වෙලාවකවත් යීබෝ දෙපාරක් ඉදලා තිබුනෙත් නෑ...

(A/N - මේ කොටස ගැන සමාවෙම්න.. හිතකින් නෙමෙයි ලිව්වේ.. ඒත් යීබෝගේ චරිතේ හඳුන්වන්න මේවා ඕනිමයි.. 🙂)

ඉතින් යීබෝගේ මේ ගතිගුණ හැමෝම හොඳටම දැනගෙන හිටිය නිසා යීබොව දැකපු ගමන් හැමෝම කොන්දෙන්ම නැමිලා ඔහුට ආචාර කලා..

මේ යීබෝ එයාගේ පපා ඉන්න ගෙදරට ආපු පලවෙනි පාර. යන්න කොහෙටද පපා ඉන්නේ මොන room එකේද කියලා දන්නේ නැති යීබෝ ගේ ඇතුලට ගිහින් මැදින් හිටගත්තා...

"යීබෝ බේබී..... "

ලෙලේ අන්කල්ගේ කටහඬ නිසා යීබෝ ඒ හිටපු විදිහටම උඩ බැලුවා...

"උඩට එන්න බේබි.. "

ලෙලේ අන්කල් කියද්දී යීබෝ කුවාන් එක්ක පඩි පෙල නැගල උඩට ගියා..

"බේබි එයි කියලා මං හිතුවෙ නෑ.. කිව්වෙවත් නෑනේ.. මාස්ටර් ගොඩක් සතුටු වෙයි බේබි ආවා කියලා දැනගත්තම.. එන්න.. දැන් නම් මාස්ටර් නිදි බේබි.. කමක් නෑ එන්න. "

"ම්න්.. "

ලෙලේ අන්කල් ඉස්සර වෙද්දී යීබෝ ඒ පිටිපස්සෙන් ගියා.. ලෙලේ අන්කල් ගිහින් කාමරේක දොර ඇරලා ඇතුලට යද්දී යීබෝත් එතනින් ඇතුලට ගියේ කුවාන් දොර ලඟ නතර වෙද්දී...

ඇතුලට ගිය ගමන් දැකපු දේ එක්ක යීබෝට දැනුනේ එයාගේ කකුල් පණ නැති වගේ.. පුංචි කාලේ යීබෝ එයාගේ පපාව දැක්කට පස්සේ මේ යීබෝ එයාගේ පපාව මූණට දැකපු පලවෙනි පාර...

යීබෝගේ පපා හිටියේ ලෙඩ ඇඳක.. ඔක්සිජන් දිලා අතය කැනියුලා ගහලා සේලයින් ගහලා මැශින් හයි කරලා.. යීබෝට දැනුනේ පපුවේ පිච්චිලා යනවා වගේ.. යීබෝ මොන තරම් උඩින් පපාට වෛර කරනවා වගේ පෙන්නුවත් ඇතුලින් ගොඩක් ආදරේ කලා...

"අන්..කල්.. ප..පා... කවදා ඉදන්ද මේ.. ?? ඇයි මේ.. මොනා වෙලාද අන්කල් මගේ පපාට..?? "

යීබෝ ඇහුවේ වෙව්ලන කටහඬකින්..

"යීබෝ බේබී.. වාඩි වෙන්නකෝ... "

ලෙලේ අන්කල් අයිනක තියෙන සෝෆා එක පෙන්නද්දී යීබෝ ගිහින් එතනින් වාඩි උනේ වන්ග් නිදි නිසා ඩිස්ටබ් නොකර.. ලෙලේ අන්කලුත් ඇවිත් එතනින් වාඩි උනා..

"අන්කල්... "

"වාඩි වෙන්න බේබි.. මං දන්නේ නෑ මොන හේතුවක් නිසා මාස්ටර්ට මෙහෙම උනාද කියලා.. මීට අවුරුදු පහකට විතර කලින් ඉදන් මාස්ටර් ටිකෙන් ටික අසනිප වෙන්න ගත්තේ.. මාස්ටර් ඒක ගණන් ගත්තෙත් නෑ.. බෙහෙත් ගත්තෙත් නෑ.. ටිකෙන් ටික ටිකෙන් ටික මාස්ටර්ව දුර්වල වෙන්න ගත්ත බේබී.. අවුරුදු පහක් තිස්සේ බලන් ඉද්දී මාස්ටර් දුර්වල උනා.. කෙට්ටු වෙලා අසනීප පාට උනා.. ඊට පස්සේ මාස්ටර් කිරෙන් බොස්වවත් හම්බෙන්න ගියේ නෑ.. මේ ගේ ඇතුලෙමයි හිටියේ.. එයා කැමති උනේ නෑ කවුරුත් දැනගන්නවට... "

"මේක සීයාපපා තියා ග්‍රැනීවත් දන්නේ නෑද අන්කල්.. ?? "

"මිසිස් වන්ග් ලී නම් දැනගෙන හිටියා බේබි.. එයා තමයි මාස්‍ටර්ව බලාගත්තේ.. හැමදේම හොයලා බැලුවේ මිසිස් ලී.. අම්මා කෙනෙක් කොහොමද ඉතින් පුතා ලෙඩ උනාම බලන් ඉන්නේ බේබි.. "

" ග්‍රැනී ආවද අන්කල්.. ?? "

"ඔව් බේබි.. මිසිස් ලී හැමදාම උදේට ඇවිත් බෙහෙත් ටික දීලා හැමදේම බලලා යන්නේ docter එක්කම... "

"කවදා ඉදන්ද අන්කල් මේ.. පපා එක තැන.. "

"දැන් මාස පහක විතර ඉදන් බේබි.. එක තැන් උන දවසේ ඉදන් මාස්ටර්ට ඕනි උනේ බේබිව බලන්න.. මේ දවස් ටිකේම මාස්ටර් හිටියේ හිතේ වේදනාවේ.. මාස්ටර් කවදාවත් බේබිට වෛර කලේ නෑ බේබි.. එයා ගොඩක් බේබිට ආදරේ කලා.. බේබි ටිකෙන් ටික ලොකු වෙන දිහා බලන් හිටියේ සතුටෙන්.. "

"මගේ පුතා දක්ෂ සිංහයෙක් ලෙලේ.. කාටවත් ඒකාට අතක්වත් තියන්න ලේසි නෑ... කියලා මාස්ටර් හැම වෙලේම කියනවා බේබි.. "

ලෙලේ අන්කල් කියද්දී යීබෝ බැලුවේ බිත්තියේ තියෙන photo දිහා.. ඒක පිරිලා තිබුනේ යීබෝගේ photo වලින්.. පුංචි කාලේ ඉදන් මේ වෙනකන් යීබෝ ටිකෙන් ටික ලොකු උන විදිහ ඒ photo වල තිබ්බා.. යීබෝ ඒ දිහා බලන් හිටියේ හිතේ ලොකු වේදනාවක් එක්ක...

"ලෙලේ.... ක්... ක..වු..ද.... ??? "

ටික වෙලාවකින් යීබෝට ඇහුනේ අමාරුවෙන් කතා කරන හඬක්...

"මාස්ටර්... නැගිට්ටද.... ?? "

"ක.වු...ද ලෙලේ ආ..වේ..??? "

"ඕන් මාස්ටර්ම බලාගන්නකෝ.. "

ලෙලේ අන්කල් එහෙම කියලා ඇඳ රිමෝට් එකෙන් ටිකක් උස්සද්දී යීබෝ සෝෆා එකෙන් නැගිටලා හෙමීට වන්ග් ලඟට ගියා..

"ප්..පු.... තා.... හ්හ්... "

යීබෝගේ පපා කිව්වේ පුදුම වෙලා බලාගෙන...

"යී...බෝ... පු.. තේ... "

ආයෙත් වන්ග් කිව්වේ ඒ ඇස් වලින් කඳුලු කඩන් වැටෙද්දී..

"මෙහෙට එන්න පුතේ.... *cry* පපා ලඟට එන්න වස්තුවේ... මගේ කොල්ල දැන් හරි ලොකුයිනේ.. "

වන්ග් කඳුලු අතරින් කියද්දී යීබෝ ගිහින් වන්ග් ලඟින් හිටගත්තා.. යීබෝගේ ඇස් වලත් තෙතමනයක් තිබ්බා..

"මෙතනින් වාඩි වෙන්න මගේ චණ්ඩි කොල්ලෝ.. ම්ම්.. මේ බලන්න ලෙලේ මගේ කොල්ලාගේ හයිය... මගේ සිංහයා.. මගේ වස්තුව කොහොම හරි පපාව බලන්න ආවනේ... "

යීබෝගේ පපා කිව්වෙ යීබෝව එතන වාඩි කරගෙන යීබෝගේ උරහිස් අත් ගොබ අල්ලන ගමන්.. ඒවා යකඩ වගේ වෙද්දී යීබෝගේ පපා හිටියේ ආඩම්බරෙන්..

"මමාගේ ඇස්මයි යීබෝ ඔයාට තියෙන්නේ... මගේ කොල්ල හැන්ඩියා නේද ලෙලේ... බලපන් මේ නහර පෑදුන අත් වල හයිය.. මගේ එකා යකඩ වගේ ලෙලේ.. මං පෙරුම් පෙරුවා පුතේ ඔයාව අල්ලලා බලන්න... ගොඩක් පින් පුතේ මැරෙන්න කලින් ඇවිත් මාව බැලුවට... "

යීබෝගේ පපා මොනා කිව්වත් යීබෝගේ කටින් වචනයක් පිට උනේ නෑ.. ඒත් කියන්න ඕනි හැමදේම ලාවා වගේ යීබෝගේ පපුවේ පිච්චි පිච්චි තිබනා..

හුඟ වෙලාවක් යනකන් යීබෝ හිටියේ එයාගේ පපා ලඟ.. ඒත් එක වචනයක් කතා කලේ නෑ.. යීබෝගේ පපා නම් හිටියේම යීබෝව අත ගහා ඉඹ ඉඹ...

"පුතේ මේ පවුලට අයිති හැමදෙයක්ම අයිති වෙන්නේ උබට විතරයි.. ඒක වෙන කාටවත් උඳුරගන්න තියන්න එපා.. මං වගේ නෙමෙයි උබ හැදෙන්න ඕනි උබේ සීයා පපා වගේ යීබෝ.. නියම රජෙක් විදිහට.. ඒකයි පොඩි කාලේ ඉදන් මං උබව සීයා ලඟ තිබ්බේ.. මගේ එකා හයියයි.. නියම සිංහයෙක්.. මට දැන් සැනසිල්ලේ ඇස් වහගන්න පුලුවන්..

"මතක තියාගනින් කොල්ලෝ.. උබට අයිති හැමදේම පරිස්සන් කරගනින්. ඒවා උබෙන් උදුරගන්න එන්නේ කවුරු උනත් උබ උන්ව පරාද කරන්න ඕනි.. නියම කාලේ ආවම උබට හැමදේම සීයා පපා කියයි.. උබ පරදින් නෑ කොල්ලෝ.. උබ නියම වන්ග් ලේ තියෙන නියම සිංහයෙක්... උබ අපිට උරුමක්කාරයෙක් දෙන්න ඕනි.. මේ වන්ග් පවුල ඉස්සරහට ගෙනියන්න ඕනි.. මගේ එකම ඉල්ලීම ඒක පුතා... උබ ඒක කරන්නම ඕනි.. "

යීබෝගේ පපා කිව්වේ යීබෝගේ උරහිස් වලට තට්ටු කරලා...

"මාස්ටර්... treatment වලට ඩොක්ටර් ඇවිත්.. "

ලෙලෙ අන්කල් කියද්දී යීබෝ එතනින් නැගිට්ටා...

"මං හෙට උදේ එන්නම් පපා... ග්‍රැනීව හම්බෙන්න එක්කම.. ගිහින් එන්නම් පපා.. ගිහින් එන්නම් ලෙලේ අන්කල්.... "

යීබෝ එතනින් සමු අරන් එලියට ගියේ අවුරුදු ගාණකට පස්සේ පපාව දැකපු සතුට වගේම මෙච්චර කාලයක් ඒ ආදරේ උණුහුම මඟ ඇරුන එකට පපුවත් බර වෙන හැඟීමකින්....

.
.
.

මේ අතරේ ජාන් හිටියේ එයා ජීවත් වෙන එයාගේ ගෙදර... ජාන් ජීවත් උනේ තනියම.. ගෙදර වැඩ කරන්න මේරි කියලා ටිකක් වයසක ගෑනු කෙනෙක් හිටියා.. ඒ ඇරෙන්න ඒ ගෙදර හිටියේ ජාන් විතරයි..

ජාන්ට තිබුනේ සම්පූර්ණෙන්ම wooden house එකක්... ඒ ගෙදර තිබුනේ වෙනස්ම ලෝකයක්.. හැම තැනකම පොඩි අඳුරු පාටක් තිබුන.. ලා ලයිට් එලියක් එක්ක තනිකර ලී ගෙයක්..


ජාන් ජීවත් උනේ ඒ ගෙදර.. තනියම.. ජාන් අවුරුදු විස්සෙදි තමයි එයාගේ මමායි නංගියි ඉන්න ගෙදරින් එලියට බැස්සේ.. දැන් අවුරුදු දහයක ඉදන් ඉන්නේ තනියම..

ජන්ගේ පවුල මහ ලොකූ පෝසත් මිනිස්සු නෙමෙයි.. මමා ටීචර් කෙනෙක්.. ඒත් ජාන්ට පොඩි කාලෙ ඉදන් ඕනි උනේ ගොඩක් පෝසත් වෙන්න.. එයාට පුලුවන් කාලේ ඉදන් ජාන් හම්බ කලා... දැන් මේ වෙනකොට ජාන් චීනේ පෝසත්ම අයගෙන් කෙනෙක්.. ඒත් එ එයාගේ තනි මහන්සියෙන්.. තනියම දියුණු වෙලා..

ජාන්ගේ ගතිගුණ ඇත්තටම මොන වගේද කියන එක හැමෝටම අභිරහසක්.. ජාන් එක එක වෙලාවට එක එක අය ඉස්සරහා හිටියේ සම්පූර්ණෙන් වෙනස් මනුස්සයෙක් වගේ.. ඉතින් කාටවත් ජාන්ව තේරුම්ගන්න ලේසි උනේ නෑ.. අඩුම අවුරුදු 20ක්ම එකට ජීවත් උන එයාගේ මමාටවත්.

ජාන්ගේ ප්‍රධාන රැකියාව රහස්පරීක්ෂකයෙක්.. චීනේ ප්‍රසිද්ධ දක්ෂම රහස්පරීක්ෂකයා ජාන්.. හැමෝම දන්නේ detective sean කියන නමින්.. සීන් කියන්නේ කවුද කියන්න දැනගෙන හිටියේ ලෝකෙන්ම අතලොස්සයි.. සීන් මොකක් හරි දෙයක් එක්ක සම්බන්ද වෙනවා නම් එයා ඒකට connection තියාගන්නේ ඒ අදාල කෙනා එක්ක විතරයි.. ඒ වගේම ඒ agreement එකකට යටත්ව.. ප්‍රධානම දෙ අනන්‍යතාව රහසක් විදියට තියන්න ඕනි කියන එක..

ඒත් සාමාන්‍ය ලෝකෙට xiao zhan කියන්නේ දක්ෂ ව්‍යාපාරිකයෙක්.. හැමෝම එක්කම සුහදශීලි හිනා වෙලා කතා කරන කෙනෙක්.. විනෝදකාමී සෙල්ලක්කාර කෙනෙක්.. ඒත් ජාන්ගේ ඇත්ත ගතිගුණත් ඒ වගේද...?? ඒක දන්නේ ජාන්ම විතරයි..

ජාන් වැඩිපුරම හිටියේ එයාගේ ගෙදර ඔෆිස් රූම් එකේ..

ඒ මුලු ඔෆිස් රූම් එකේම තිබ්බේ එක පුටුවක්... ලී වලින් හදපු.. ජාන් වැඩි වෙලාවක් හිටියේ ඒ පුටුවේ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන... ඒ එයාගේ වෘතිය.. ඒකට ඕනි උනේ ජාන්ගේ මොලේ වෙහෙසන්න..

ඒ වගේම ජාන්ගේ අතේ හැම වෙලේම wooden spinner එකක් තිබ්බා.. එයා ගැඹුරින් මොනාට හරි අවදානය දෙනවා නම් ඒ හැම වෙලාවකම ජාන් ඒ spinner එක කරකවන එක පුරුද්දක් උනා.. එයා හරි නිගමනේකට එනකන්ම ඒක කරකවන එක නතර උනේ නෑ වගේම ඒ අතර කාලේ ජාන් කලේ උණු උණු කෝපි කෝප්පයක් බොන එක විතරයි..

මේරි ආන්ටි ජාන් එතනින් නැගිටිනකන්ම ඉවර වෙන ඉවර වෙන සැරේට එතනින් කෝපි එකක් තියන්න අමතක කලේ නෑ..

ජාන් මොන තරම් සෙල්ලක්කාර චරිතයක් උනත් පිටට තනිකරම play boy කෙනෙක් වගේ පෙනුනත් ඇත්තට ඒක ගොඩක් වෙනස් උනා.. මේ අවුරුදු 30ටම ජාන් එහෙම සම්බන්දකම් තියාගෙන තිබුනේ අතලොස්සයි.. ඒකත් ගොඩක් වෙලාවකට එක රැයකට විතරක් සීමා උනා..

ජාන් කියන්නෙත් dominant කෙනෙක්.. ඒ උනාට ජාන් සතුටක් ලැබුවේ වේදනාවක් දීලා නෙමෙයි.. ජාන් වැඩිපුරම කලේ ඉවසීම පරීක්ෂා කරපු එක.. ජාන්ට ඕනි උනෙ එයා ලඟ ඉන්න කෙනා ඉවසීමේ අන්තෙටම යවන්න..

ගොඩක් dominantලාගේ main tool එක flog එක වෙද්දී ජාන්ගේ main tool එක උනේ feather tickler එක..

(Flog )

( Feather tickler )

ජාන්ට ඕනි උනේ සියුම්ව ඒ කෙනාගේ මූණෙන් පේන හැඟීම් විඳින්න... ඒ මූණේ ඉරියව් එකින් එක රසවිඳින්න.. ජාන්ගේ සතුට උනේ ඒක...

(A/N - මට බනින්න එපා.. මට ඕනි දෙන්නගේ වෙනස තේරුම් කරන්න.. 😪)

"ජාන් බේබි... dinner හදන්නද... ?? "

උදේ ඉදන් කාමරේ පුටුවේ ඉදගෙන කෝපි කෝප්ප පහකට විතර වගකියපු ජාන් පහලට එද්දී මේරී ආන්ටි ඇහුවේ ජාන්ගෙන්..

"එපා ආන්ටි.. මං එලියට යනවා.. එද්දී රෑ වෙයි... ආන්ටි නිදියගන්න... "

ජාන් කිව්වේ යීබෝ ඊයේ දීපු golden cassino එකට vvip tickert එක අතට අරන්.. ජාන්ගේ රතු පාර බුගාටි එකේ යතුරත් අරගෙන ජාන් ගෙදරින් එලියට බැස්සා...

වෙලාව හවස හය හමාරයි.. හත වෙද්දී cassino එකට යන්න බලාගෙන ජාන් ගෙදරින් පිටත් උනා.. golden cassino එක ඉස්සරහට යද්දී වෙලාව හරියටම හතයි... ඒක තනිකරම ලොකු බිල්ඩින් එකක්.. මාලිගාවක් වගේ..

"Woah.. "

මේ ජාන් මේකට යන දෙවනි පාර.. පලවෙනි පාර normal tickert එකකින් ගියේ එතන වැඩ වෙන විදිහ බලන්න.. ඒත් VVIP එක තියා VIP එකවත් ජාන් දැකලාවත් තිබ්බේ නෑ..

ඒකේ වෙන වෙනම entrance තිබ්බා.. ජාන් කාර් එක VVIP එකට හරවලා සෙකුරිටිට ටිකට් එක පෙන්නුවම එතනින් ජාන්ට ඇතුල් වෙන්න දුන්නා.. කාර් එක ගිහින් entrance එකෙන් නතර කරද්දී එතන කෙනෙක් ජාන්ගේ කාර් එකේ දොර ඇරියා..

ඒ මනුස්සයාටම කාර් එකේ කී එක දිලා ජාන් එතනින් ඇතුලට ගියා.. මුලින්ම Reception එක... එතන හිටියේ සරාගී කෙල්ලේ..

"Good evening Master.. "

"Good Evening.. "

"Your Name Master ?? "

"Xiao zhan... "

"Ohh.. යීබෝ මාස්ටර්ගේ විසිටර් කෙනෙක්.. සෝ සොරි මාස්ටර් අදුනගන්න බැරි උනාට.. මෙයා මාස්ටර්ව එක්කන් යයි.."

ඒ කෙල්ල බය වෙලා වගේ කිව්වේ එතන ඉන්න මනුස්සයෙක්ව පෙන්නලා.. ජාන් ඒ කෙල්ලට සුහදශීලි හිනාවක් දිලා එතනින් ඒ මනුස්සයා එක්ක ගියා..

මුලින්ම lift එක.. ඒකෙන් ගිහින් VVIP area එකට ආවා.. ඒක තිබුනේ වෙන් කරලා.. පොඩි දොරවල් එක්ක කොරිඩෝ එකක්.. ඒ කෙලින්ම ගිහින් No.05 ගහපු දොර ලඟ ඒ මනුස්සයා නැවතුනා..

"ඇතුලට යන්න මාස්ටර්... "

ඒ මනුස්සයා කියද්දී ජාන් දොර ඇරගෙන ඇතුලට ගියා.. ඒක දැක්කම ජාන්ගේ ඇස් උඩ ගියා.. තනිකරම වෙනම කැසිනො එකක් වගේ.. ජාන් එකින් එක බල බල ඉස්සරහට ගියා..

"Hello Mr.zhan.. "

පිටිපස්සෙන් ඇහුන ගැඹුරු හඬ නිසා ජාන් පිටිපස්ස හැරුනා..

"Ohh Mr. Yibo.. "

ජාන් යීබෝට අත දික් කරද්දී යීබෝ ජාන්ට අතට අත දුන්නේ කට කොනින් හිනා වෙලා..

"ඉතින් වාඩි වෙන්න මිස්ටර් ජාන්.."

යීබෝ කියද්දි ජාන් එතන තිබ්බ සෝෆා එකෙන් වාඩි උනා..

ටිකකින් කෙල්ලෙක් ඇවිත් දෙන්නටම මේ වෙනකොට ලෝකේ තියෙන ගාණ වැඩිම විස්කි වර්ගෙකින් ග්ලාස් දෙකක් දුන්නා...

යීබෝ සිගරට් එකක් අරන් ජාන්ටත් බොක්ස් එක දික් කලා..

"No, Thanks Mr.yibo.. "

ජාන් කියද්දී යීබෝ කට කොනකින් හිනා වෙලා ටිකක් ජාන් දිහා බලන් ඉදලා එයාගේ සිගරට් එක පත්තු කරගත්තා..

"Mr.zhan මේ golden cassino ආපු 1st timeද... "

"ආහ්.. නෑ එක පාරක් ඇවිත් තියෙයි.. VVIP ආපු 1st time.. "

"Ohh.. so.. let's enjoy Mr.Zhan.. "

යීබෝ කිව්වේ ජාන් එක්ක play කරන පැත්තට ගිහින්. Billboard එක ලඟට ගිය දෙන්නම ඒක play කරන්න ගත්තා..

ඒත් දෙන්නම එක වගේ දක්ෂ උනා.. බලන් ඉන්න කෙනෙක්ට ආස හිතෙන තරම්.. ඒත් අන්තිමේදි ඒකෙන් දින්නේ යීබෝ..

ඊලඟට ගියේ Gambling play කරන්න.. එතනත් කරට කර තරගයක් තිබුනා වගේම එතනින් දින්නේ ජාන්..

දෙන්නම play කරලා ගිහින් ආයේ සෝෆා එකෙන් වාඩි උනා...

"ඇත්තටම සතුටුයි මිස්ටර් ජාන් මට කරට කර සෙල්ලම් කරන්න කෙනෙක් ලැබුන එකට.. "

"Me too Mr.yibo.. "

"ජාන් මෙහෙ නම් VVIP අයට bid කරලා කෙල්ලෝ ගන්න බෑ.. ඒ වෙනුවට අපි select කරන්න ඕනි.. මං Mr.zhan වෙනුවෙන් select කලා.. මං හිතනවා කැමති වෙයි කියලා.. "

යීබෝ කියද්දී ජාන් ඔලුව හෙල්ලුවේ පොඩි හිනාවක් දාලා... යීබෝ table එකේ තිබුන බෙල් එකක් ගහද්දී එයාලගේ room එක අඳුරු වෙලා එක තැනක් focus කලා..

ටිකකින් gold color ඇඳුමක් ඇඳගත්ත කෙල්ලෙක් ඇවිත් dance කරද්දී ජාන් යීබෝ දිහා බැලුවේ පුදුම වෙලා.. ඒ හිටියේ ඊයේ හිටපු කෙල්ලමයි..

" Surprise Mr.Zhan... ඇත්තටම කෙල්ල ඒ ගාණට පාඩු නෑ.. So hot & sexy... "

යීබෝ ඇහැක් ගහලා කියද්දී ජාන් යීබෝ දිහා බැලුවෙ සැක සහිත බැල්මක්...

"Mr. Zhan.. Enjoy it. මං ටිකක් එලියට ගිහින් එන්නම්.. "

ජාන්ට යීබෝ ගැන සැකයක් දැනෙද්දි ජාන් යීබෝ දිහා බැලුවේ තියුණු බැල්මක්.. ටිකකින් තව කෙල්ලෙක් ඇවිත් ජාන් ලඟින් එයාගේ බිල් එක තියලා ගියා..

යීබෝගේ invite එක නිසා ආව ජාන් කෙල්ල දිහා බැලුවේ පුදුම වෙලා.. ඒත් කෙල්ල වෙනසක් නැතුව ජාන් දිහා බලන් හිටිය නිසා ජාන් book එක අරන් බිල් එක බැලුවා..

"5 Million yuan.. "

ජාන් ඒක දිහා බලන් හිටියේ පුදුම වෙලා..

"හහ් හහ් හා.. Mr. Zhan.. ඊයේ මගේ බිල වගේ පස් ගුණයක් නේද... "

යීබෝගේ කටහඬ ඉස්සරහින් ඇහෙද්දී වෙලා තියෙන දේ තේරුන ජාන් නැගිට්ටේ කේන්තියෙන්..

"Tsk tsk tsk Mr. Zhan.. ඔයා හිතුවේ golden cassino pass කරන්නද ආහ්.. ?? පේනවද.. තමුන්ට ඒ ලඟටවත් එන්න බෑ ජාන්.. ඒ ලඟටවත් එන්න බෑ... හහ් හහ් හා... "

"යීබෝ උබ......... "

"ශ් ශ් ශ් මිස්ටර් ජාන්... තමුන් ඊයේ මගේ දත ගලවන්නනේ හැදුවේ.. මට කපටි මිනිස්සු පේන්න බෑ ජාන්.. උබ දන්නවද මං කවුද කියලා ආ... උබ මාත් එක්ක සෙල්ලන් කලේ මං කවුද කියලා දැනගෙනද.. ආ... ??? "

යීබෝ අහද්දී ජාන් හිටියේ කේන්තියේ පුපුර පුපුර...

"මං යීබෝ යකෝ වන්ග් යීබෝ.. මාස්ටර් ලියෝ.... හහ් හහ් හා.. උබ දන්නවනේ නේහ් උබ දන්නවනේ... "

යීබෝ අහද්දී ජාන්ගේ ඇස් ගැස්සුනා..

"සෝ... ඉතින් මිස්ටර් ජාන් 5 million yuan.. ඔයා ලඟ තියෙද... නැත්නම් ඒ වෙනුවෙන් මෙහෙ වැඩ කරනවද... ?? ම්ම්ම්... ?? "

"If you want.. you can be my sub Mr.Zhan... "

යීබෝ ජාන්ගේ ලඟටම ගිහින් කනට කරලා කිව්වේ හෙමීට....

"ආ...හ්හ්හ්හ්..... උබ.... "

ඒත් ඒ එක්කම ජාන් කකුල නමලා දණිස්සෙන් තද පාරක් යීබෝගේ කකුල් මැදට ගහද්දී යීබෝ කෑ ගහගෙන පස්සට ගියෙ බඩ අල්ලගෙන...

ඒ එක්කම ජාන් ඉනේ ගහලා තිබ්බ පිස්ටල් එක අරන් යීබෝට දික් කලේ කේන්තියේ පුපුර පුපුර.....

ඒත් ඒ සැනින් ඒ වගේ පිස්ටල් දහයක් විතර ජාන්ට දික් වෙද්දී යීබෝ නැමිලා බඩ අල්ලගෙනම හිනා උනා.. මහ හයියෙන් හිනා උනා..

"හහ් හහ් හා... I like you Mr. Zhan.. I like your bravery... but... "

යීබෝ කිව්වේ කට කොනින් හිනා වෙලා එයාගේ golden pistol එක ජාන්ට දික් කරල.. දෙන්නම හිටියේ දෙන්නට දෙන්නා පිස්ටක් දික් කරන්...

"මාස්ටර්.... මාස්‍ටර්..... "

ඒ එක්කම කුවාන් කෑ ගැහුවත් යීබෝ ගණන් ගත්තේ නෑ..

"මාස්ටර් කෝල් එකක්... "

"ගනින් හු%#@ තොට පේන් නෑද මං වැඩක් කියලා... "

යීබෝ කෑ ගැහුවේ ජාන් දිහා බලාගෙනම කේන්තියෙන්...

"මාස්ටර්.... ලෙලේ අන්කල්ගෙන්... "

.
.
.
.
🥀kaushy...

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉 දිග කොටසක්.. චරිත හැඳින්වීම් එකකින් ඉවර කරන්න ඕනි උනා.. දෙන්නාගේ වෙනස තේරෙන්න ඇති කියලා හිතනවා.. 🙂 ඉතින් ඕක හරියයිද... ?? ගැලපෙන් නෑ නේද.. ?? නයයි මුගටියයි වගේ.. අහසයි පොලවයි වගේ... 😪

👉 ඊලඟ කොටසේ ඉදන් හරියටම කතාව පටන් ගන්නවා.. අපි බලමූ.. 🙂👉👈

👉 ඕතරීට බනින්න එපා.. මේකේ character develop කරන විදිහ ටිකක් වෙනස්.. ඉවසීමෙන් කියවන්න 🙂

👉 ගිහින් එඤ්ඤං 😘❤️

👉 අහ් මේ අලුත් කතාවක් දුන්නානේ.. කැමති අය එකතු වෙන්න.. සුට්ටක් horror & thriller 👻 yizhan ff

Weiterlesen

Das wird dir gefallen

1.9K 260 13
රාජ්‍යයන් දෙකක් කුමන්ත්‍රණයක් වියරු පළිගැනීමක් අවිහිංසක ප්‍රේමයක් දෛවයේ සරදමක් මත එක් වූ දෙදෙනකු ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද
1.9K 479 8
නොලද ආදරේනිසා හනාහකී පපුවේ මුල් බැහැගන්න්වාලු... පස්සේ, ඒ වේදනාවනිසාම මුල්ගිය ආදරේ දලුදාලා... අතු ලියලලා... මල් පිපෙන්න ගන්නවලු... මැරෙන්න කලින් එකමඑ...
53.9K 9.4K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
110K 4.8K 46
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...