🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete...

By YUNHEE8431

22.8K 3.2K 474

🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක... More

P𝚊𝚛𝚝 0️⃣1️⃣
P𝚊𝚛𝚝 0️⃣2️⃣
P𝚊𝚛𝚝 0️⃣3️⃣
P𝚊𝚛𝚝 0️⃣4️⃣
P𝚊𝚛𝚝 0️⃣5️⃣
P𝚊𝚛𝚝 0️⃣6️⃣
P𝚊𝚛𝚝 0️⃣7️⃣
P𝚊𝚛𝚝 0️⃣8️⃣ 🍁 Bounce 🍁
P𝚊𝚛𝚝 0️⃣9️⃣
P𝚊𝚛𝚝 1️⃣0️⃣
P𝚊𝚛𝚝 1️⃣1️⃣ 🍁Bounce🍁
P𝚊𝚛𝚝 1️⃣2️⃣
P𝚊𝚛𝚝 1️⃣3️⃣
P𝚊𝚛𝚝 1️⃣4️⃣
P𝚊𝚛𝚝 1️⃣5️⃣
P𝚊𝚛𝚝 1️⃣6️⃣
P𝚊𝚛𝚝 1️⃣7️⃣
P𝚊𝚛𝚝 1️⃣8️⃣
P𝚊𝚛𝚝 1️⃣9️⃣
P𝚊𝚛𝚝 2️⃣0️⃣
P𝚊𝚛𝚝 2️⃣1️⃣
P𝚊𝚛𝚝 2️⃣2️⃣
P𝚊𝚛𝚝 2️⃣3️⃣
🍁 End 🍁
Sσσɳ......🍁

P𝚊𝚛𝚝 2️⃣4️⃣

789 116 9
By YUNHEE8431

හොටෙල් කාමරයේ ඇති කුඩා ශිතකරණයෙන් බියර් කැන් එකන් ගෙන එය මදින් මද  හිස් කරමින් අකීල් ආවේ කාමරයට අල්වා තියන සදළුතලයට....
උඩුකය නිරැවත් ඒ ගත හිරිවට්ටන්න අවට සීතලට හැකි වුවත් අකීල්ට එය ගානක් නොවිය...

මංද ඔහුගේ හිත උණුසුම් .

ඔහු දන්නවානම් සහේශ් දැන් ඉන්නේ රෝහල් සයනක කියලා........
මේ උණුසුම තියේවිද ?

____________🥀



#අකීල්

ගෙවුන රාත්‍රිය දිගු රාත්‍රියක් කියලා අකිල්ට හැගුනේ.....
සමහර  විට ඔහු එම රාත්‍රිය පුරාම නොනිදා පහන් කල නිසා විය හැකි.

ව්‍යාපාරික හමුව යොදාගත් පරිදි  සිදුවෙමින් පවතින අතර තුර සිව් වන පාරටත් ඔහුගේ දුරකථන නාද දෙන්න විය.....

බැරිම තැන මදකට අවසර ලබාගත් අකීල් ඇමතුම හා  සම්බන්ධ විය..
විශේෂයෙන් මෙය නොදන්නා අංකයක් බැවින් අකීල් හිටියේ මද නොරිස්සුමකින්..

" Hello "


" Hello .. Mr.Akeel Senadeera ? "

අකීල් මදක් කල්පනාවට වැටුනේ කතා කරන කෙනා දන්න කෙනෙක් නොවන නිසා.....
අනික ' අකීල් ' ලෙස තමාට අමතන්නේ ඔහු පමණක් නිසා.
ඔහුට දැනුනේ කුතුහලයක් ?

" Yes Speaking "





" .............*




"  Yah...Sure , මං දැන් ඉන්න වැඩේ ඉවර වුන ගමන් එන්නම් "




* ........"




" Ok. thanks Mr. Ayan "


ව්‍යාපාරික කටයුත්ත සාර්ථකව අවසන් කල.අකීල් කැබ් රියක් අමතා හැකි ඉක්මනින් එතනින් නික්මුනේ තමාට ඇමතු පුද්ගලයා පැමිණෙන්න කියු ස්ථානයටයි.

නගරයට බොහෝ දුරින් පිහිටි ඒ තැන අකීල්ගේ හිත ගන්න සමත් විය.
ටිකක් උස් භුමියක ඉදි කර ඇති තනිමහලේ කුඩා නිවස
හරියට කන්දක් මුදුනේ පිපන බිම්මලක් වගේ......

අකීල්ගේ නිවස ඉදිරිපිට දුටුවේ තමන්හා සම වයස කිව හැකි තරුණයෙක්

" Hi Akeel , මං අයාන් .......
එන්න ඇතුලට "



" හායි....... ඇතුලට වඩා එළිය හොදයි වගේ "

අකීල්ට ලෝභ හිතුනා ඒ සුන්දර පරිසරයෙන් මිදෙන්න්


" ඕහ්.....හරි එහෙනම් එන්නකෝ.."

ඔහුන් ආවේ වෙනදට නිවසේ සිටියදි සහේශ් වැඩිපුර කාලය ගත කරන තැනට......
අකීල් හිටියේ වට පිටාවේ සුන්දරත්වයට වශි වෙලා.


" Photos වලට වඩා කොල්ලා හැන්සම් "





" අහ්......? "

අකීල්ට හිතාගන්න බැ ඔහු කියන කතාව



" ඒක අමතක කරන්න , ඉතින් අකීල් මං කෙලින්ම ඔයාට එන්න කිව කාරණාව කියන්නම්කෝ "





" හම්..? "





" මේක ජානුල්‍ය ගැන දෙයක් ,
මෙච්චර කාලයක් මේවා මෙහෙම වුනේ ඇයි කියලා ඔයා දැනගන්න ඕනි දෙයක් "

ඔව්....අකීල්ට ඕනි මේ දේවල් දැන ගන්න ,
නමුත් ඒ ඔහුගෙන්මයි .


" මට දැනගන්න දෙයක් තියනවා නම් මං කැමති ඒක එයා⁣ගෙන්ම දැන ගන්න "




" බට්........ අකීල් මේක ඔයා දැන ගෙන එයා  ලගට යන්න ඔනී දෙයක් "

ඉතින් මේ කලබලකාරයට දැනුනේ තරහක්,
ඔහු හැදුවේ එතනින් යන්න .........


" මිස්ටර් ආ කී ල් !!!
තමු⁣න්ගේ මේ නොවිසිල්ලිමත් කම නිසා තව කොච්චර දේවල් නැති කරගන්නව ද ආ..? "

ඒ ගැඹුරු වේගවත් හඬට අකීල් යන්න තියපු අඩිය පසුපසට ගන්න සමත් විය.
අකීල් බැලුවේ ඔහු දිහා........

" ටේක් අ සිට් ආකීල් ......
පොඩ්ඩක් ඉවසිමෙන් මං කියන දේ අහන්න , සොරි පොඩ්ඩක් මටත් තරහා ගියා "

ඔක්කෝටම වඩා අකීල්ට මතක් වුනේ ඉස්සර දවසක සහේශ් කීව කතාවක්,
තමා ඩාන්සින් ෂෝ එකක ඇග්‍රිමන්ට් එකක් ගැන කලබල වෙලා සිටි වෙලාවක ඔහු පැවසු දේ ගැන 

' අ..කී..ල් ! මෙහෙම හැමදේටම කලබල වෙන්න එපා, දවසක ඔයාගේ මේ කලබලයයි කේන්තියයි නිසා ඔයාට ඔයාවත්  නැති වෙනවා..."

ඇත්තටම ඔහු කියපු දේවල් අද කොච්චර දුරට හරිද.......

අකිල් නැවතත් වාඩි වුනේ ඔහුගේ වචනය තව තවත් ඔළුවේ දෝංකාර දුන් නිසාවෙන්.

" කියන්න අයාන් ! "





" මං දන්නේ නැ මේක කොහෙන් පටන් ගන්නද කියලා ආකීල් ........
මං මේ කියන හැමදේම මට කිවේ අභින්ස , මගේ බොක්ක....... ඒ අතරේ මේ අවුරුදු තුනට ජානුල්‍ය මට කටින් නොකිව ගොඩක් දේවල් එයා ළඟ ඉද්දි මට තේරුනා "



".........." 




" ජානුල්‍ය මේ හැමදේම ඔයාගෙන් හංගන්න පලවෙනි හේතුව එයා හාට් පේෂන් කෙනෙක් වුන නිසා,
එයා හැමදාම කිවේ ඔයාට බලාපොරොත්තු දිලා එයා නැති දවසක ඔයා ගොඩක් දුක් විදී කියලා .....

මොකද එයාගේ අම්මා තාත්තාගේ ජිවිතේ එයා දැකලා විදලා තියනවා...
අනික එදා ඔයා සිහි නැතුව හිටියා වුනත් නෙදීෂ් විහස්ලා ටීම් එක යන කනුත් සිහියෙන් ඉදලා තියනවා ...
එයා තමා හාට් එක transplant කරන්න ඉල්ලලා තියෙන්නේ .

ඒක කරත් ජානුල්‍ය ඒ හාට් එක රිජෙක්ට් කරලා ....
පස්සේ එයාව අපි මෙහාට ගෙනාවේ ස්පේෂල් ඩොක්ටර් කෙනෙක් ලවා එයට ට්‍රිට්මන්ට් කරන්න ,
ඒත් මාස හයක් විතර යනකම් ජානුල්‍ය ජිවිතේ  තිබ්බේ ලොකු රිස්ක් එකක........ කොයි වේලාවේ එයාගේ ජිවිතේ නැති වෙයිද කියලා අපි දන්නේ නැ...

හැබැයි අපිට ඒකට ලැස්ති වෙන්න කියලා තමා ඩොක්ටර් හැම වෙලාවෙම අපිට කිවෙ,
මෙතන මේ තත්ත්වයක් තියෙද්දි ඔයා සතියක් සිහිය නැතිව ඉදලා ඇහැරෙද්දි අභින්සලාට ඔයාට ඇත්ත කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ.......

එකක් ඒකෙන් ඔයා තවත් මෙන්ටලි ඩවුන් වෙයි කියන  බය,
අනික ඒ වෙද්දී ජානුල්‍ය නැති කරන්න ඔයාගේ තාත්තා , ඇමතිලා කට්ටිය පිස්සු බල්ලෝ වගේ හොයනවා.....

ඔයාට මතකනේ , ජානුල්‍ය  ළඟ තිබුන පෙන් එක ඔයා දුන්නේ කියලා, ඒකත් ඔයා ඇහැරුනාට පස්සේ  .....
අනික ඔයාගේ තාත්තා ජානුල්‍යට කීප සැරයක් තර්ජනය කරලා තියනවා ඔයා අතින් මේ දේවල් කියලා ප්‍රශ්නයක් අැති කරොත් ඔයා⁣ගේ ජිවිතේ නැති කරනවා කියලා ......

එයා ඒකට ගොඩක් බය වුනා.....
එයාට හැමදේටම වඩා වටින්නේ ඔයා නිසා,  ඒ බය වැඩි වුනේ ඔයා ඔයාගේ කම්පැනි එකේ අයිතිය තාත්තා  නමට ලියලා තිබුනත් හරි විදියට ඒකේ අයිතිය එයට ලැබෙන්නේ ඔයා හදිසියේ හරි මැරුනොත් කියලා ඔයාගේ තාත්තාගේ ඒ කියන්නේ සේනාධීර සර්ගේ ලෝයර් ජානුල්‍යට කියලා තිබුනා ......

ඔයා නොදන්නවා වුනාට ජානුල්‍ය ඔයාගේ ජිවිතේ අස්සක් මුල්ලක් නැර හොයලා තියනවා

මේක ඔයාව හදාගත්ත තාත්තා දන්නේ නැ, කොල්ලා බය වුනේ මේවා දැනගෙන ඔයාට කරදරයක් වෙයි කියලා ,
ජානුල්‍ය හැමදාම කිවේ බොළඳ වෙල මේ ප්‍රශ්නේ විසදන්න බැ....... මට මොනවා වුනත් කමක් නැ මං මැරෙන්න ඉන්න එකා , ඒත් මගේ කොල්ලා කවදාහරි  හරි සතුටින් ජිවත් වෙන්න ඕනි කියලා ..
මගේ ඇගෙන් කැල්ලක් දිලා නොදන්න කාලේ රැකපු කොල්ලට දන්න කාලේ දී වැරද්දක් වෙනකම් මට බලන්න ඉන්න බැ කියලා ......

ඔයාට ඇත්ත හංගගෙන පැත්තකට යන්න ජානුල්‍යට ඊටවඩා හේතුවක් තිබුණේ නැ මං දන්න තරමින්  ආකීල් ........

අනික .....
එදා නෙදීෂ්⁣ට ඔයා ගැන කැමැත්තක් තියනවා කියලා ජානුල්‍ය දැනගෙන තියනවා ,
එයා තාමත් දන්නේ නැ එයාගේ හාට් එකේ අයිතිකාරයා නෙදීෂ් කියලා ,
එයා දැන් හිතගෙන ඉන්නේ ඔය දෙන්නා අතරේ රිලේශන්ශිප් එකක් ඇති කියලා .....
අපිට ඇත්ත කියන්න බය හිතුනා මොකද තාමත් ජානුල්‍ය රිකවරි වෙලා නැති නිසා...... "

අකිල් අදහගන්න බැ .......
⁣මෙච්චර දෙයක් තනිවම සහේශ් කොහොම දරාගත්තද කියලා ,

ඊයේ ඔහු නෙදීෂ් ගැන අහපු එකට හේතුව දැන් තමා අකීල්ට තේරුණේ....
ඒත්  ඊයේ තමා ඔහුට කියපු දේවල් මතක් වෙද්දී අකීල්ගේ පපුවේ වේදනාව වැඩි කරා..

හිතේ වේදනවා කදුළු වලින් පිට කරන්න අකීල්ට ඕනි වුනේ නැ......
අකීල් දරාගත්ත..... අමාරුවෙන් වුනත් ඉවසුවා,
අද අදුනගත්ත මොහු ඉදිරියේ තමන් දුර්වලයි කියලා අකීල් පෙන්නන්න හිතුනේ නැ..


" ම..ට  මට සහේශ් ව හම්බවෙන්න ඕනි.?."





" ම්......... මට පොරොන්දු වෙන්න ආකීල් කලබල කරන්නේ නැ කියලා "

අකීල්ට දැනුනේ නුහුරක්.......
ඔහු කියන්න යන්නේ කුමක් ද ?


" for what "


" ඊයේ ඔයා කතා කරලා ගියාට පස්සේ ජානුල්‍ය ආයිම අසනිප වෙලා , දැන් ඉන්නේ හොස්පිටල් "




" නැ...නැ..එහෙම වෙන්න බැ,
අ..යා..න් මගේ කොල්ලා හො..දි..න්   නේ..ද ?
මා..ව  කොල්ලා  ලගට ගෙනියපන් අයාන්...
මට යන්න ඕ..නි ප්ලීස් .........."


ඒ හඬ බිදිලා........
අයාන් බලාපොරොත්තු වුනා මෙහෙම දෙයක්,
සමහර විට මීටත් වඩා කලබලයක්.

" ජස්ට් රිලැක්ස් ආකිල්........
අපි යමු "

.
.
.
.
.
.
🍂𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝒟𝑒𝓈𝓉𝒾𝓃𝓎┄┅┄┅ᥫᩣ
✍️.....©Yąʂɧน✿ 
2022.07.30

___________☘️

Continue Reading

You'll Also Like

432K 16.3K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
459K 11K 87
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
252K 40.4K 103
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .
559 66 7
අල්ලගන්නත් බැරි... අතාරින්නත් බැරි... මේ බැදීමට නමක් මම තවම හිතනවා. යේවීන් දෙහංස