🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete...

By YUNHEE8431

22.8K 3.2K 474

🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක... More

P𝚊𝚛𝚝 0️⃣1️⃣
P𝚊𝚛𝚝 0️⃣2️⃣
P𝚊𝚛𝚝 0️⃣3️⃣
P𝚊𝚛𝚝 0️⃣4️⃣
P𝚊𝚛𝚝 0️⃣5️⃣
P𝚊𝚛𝚝 0️⃣6️⃣
P𝚊𝚛𝚝 0️⃣7️⃣
P𝚊𝚛𝚝 0️⃣8️⃣ 🍁 Bounce 🍁
P𝚊𝚛𝚝 0️⃣9️⃣
P𝚊𝚛𝚝 1️⃣0️⃣
P𝚊𝚛𝚝 1️⃣1️⃣ 🍁Bounce🍁
P𝚊𝚛𝚝 1️⃣2️⃣
P𝚊𝚛𝚝 1️⃣3️⃣
P𝚊𝚛𝚝 1️⃣4️⃣
P𝚊𝚛𝚝 1️⃣6️⃣
P𝚊𝚛𝚝 1️⃣7️⃣
P𝚊𝚛𝚝 1️⃣8️⃣
P𝚊𝚛𝚝 1️⃣9️⃣
P𝚊𝚛𝚝 2️⃣0️⃣
P𝚊𝚛𝚝 2️⃣1️⃣
P𝚊𝚛𝚝 2️⃣2️⃣
P𝚊𝚛𝚝 2️⃣3️⃣
P𝚊𝚛𝚝 2️⃣4️⃣
🍁 End 🍁
Sσσɳ......🍁

P𝚊𝚛𝚝 1️⃣5️⃣

689 119 24
By YUNHEE8431

පැය ගණනක් ඔහුගේ රුව වෙනුවෙන් දැස් දල්වා සිටියත් ඔහු නොමැතිව වූයේන් ,
සුවයක් නැතත් ජානුල්‍යගේ දෙනෙත් පියවුනේ අධික ගත විඩාව හේතුවෙන් ...


___________________

සිදු කල එකදු පරික්ෂණයක හිතට සහනයක් දෙන ප්‍රතිඵල නැති තැන,
අත තිබු වාර්ථා අභින්ස පසෙකට විසි කලේ ඔළුවට දැනෙන බර එන්න එන්න වැඩි වෙද්දී

දෑස් පියන් අසුනට බරව සිටි ඔහුට මතක් වුනේ එදා ඔහුගේ මවගේ හා පියාගේ වදන්

**********

" ජානුල්‍ය දරුවට කරන්න කිසිම වෙන ප්‍රතිකාරයක් නැද්ද පුතේ......
ඒ අහිංසකයාගේ අම්මා තාත්තා අපේම පවුලේ අය වගේ......මට අද වගේ මතකයි ඒ දරුවගේ අම්මා අන්තිම මොහොතේ අපෙන් ඉල්ලුවේ කොල්ලව බලාගන්න කියලා "

" අපි පුළුවන් හැම දේම කරනවා අම්මා ...."


" ඒ දරුවාට මෙහේ් එන්න කියන්න පුතේ, තනියම හිටියා ඇති දැන් ,
හදිසියේ අමාරුවක් වුනොත් එහෙම කවුද ළඟ ඉන්නේ "




" මං හැමදාම ඕක කියනවා , ඒත් ජානුල්‍ය කොච්චර කිවත් එන්න කැමති නැ අම්මා .....
මටත් වෙලාවකට පිස්සු වගේ, සහෝදරයෙක් වගේ ඉන්නේ මට ඌ විතරයි "



" අභින්ස ......
පුතා ! "




" තාත්තා ? "



" ඔයාට පුළුවන් හැමදේම කොල්ලා වෙනුවෙන් කරන්න දරුවෝ,
මාත් මගේ කීපදෙනෙක්ටම ඒ ගැන කියලා තියෙන්නේ ....
මොන රටකට හරි අරන් ගිහින් කොල්ලව සනීප කරගන්න පුළුවන් නම් සනීප කරමු. "




" හරි තාත්තා ..දැනට අපි කරන්න පුළුවන් ට්‍ර්ට්මනට් පටන් අරන් තියෙන්නේ "


" අම්මයි මායි ජිවිතේ අමාරුවෙන්ම ⁣ගෙවපු කාලේ , එයාලගේ තාත්තලා අපිට කරේ වචනයෙන් වත් විස්තර කරන්න බැරි තරම් උදව් පුතේ.. "

" ඔයාලගේ අම්මා ඔයාව හම්බවෙලා දවස් ගානක් හිටියා සිහිය නැතුව,
ඒ කාලේ මං හිටියේ පිස්සෙක් වගේ.........
ඒ දවස් ටිකට ජානු පුතාගේ අම්මා එ් දරුවා එක්කම ඔයාවත් බලාගත්තේ එයාගෙම දරුවෙක් වගේ,"

" දන්නවා ද පුතා එයාගේ තාත්තා මං ළඟ හිටියේ මගේ සහෝදරයෙක්වත් ඉන්නේ නැති විදිහට "

" මගේ යුතුකම එයලාගේ ඇස් දෙක වගේ උන්නු ඒ දරුවව බලාගන්න එක .......
සල්ලි ගැන ටිකක් වත් හිතන්න එපා අභින්ස , ඔයාට ජානු පුතා වෙනුවෙන් කරන්න තියන හැමදේම කරන්න ගන්න "







" ඌ මගේ සහෝදරයා තාත්තා !
ඔයාලා එපා කිවත් මං උෟ ගැන බලනවා තාත්තේ "


************


අභින්ස දැනුනේ දුකක්,
මේ විදිහට තම සහෝදරයෙක් වන් ඔහුට කුමක් හෝ වනතුරුත් බලා ඉන්න හැකිද...?
නැත කෙසේ හෝ ඒ ජිවිතය රැකිය යුතුයි .......
ඔහුගේ මාපියන්ට වු පොරොන්දුව ඉටු කලයුතුයි.



_________________________

🍁#තෙවාන්

තෙවාන් ⁣ගෙවුන සති කීපයට නෙදීෂ්හා , නෙදීෂ්ගේ ව්‍යාපාරය වෙනුවෙන් සම්බන්ධ වෙලා කටයුතු කරද්දී නෙදීෂ් හිතුවටත් වඩා ඔහු දක්ෂ ලෙස ඒ හැමදේම අල්ලා ගත්තා .

තෙවාන් අදත් මේ එවැනි කටයුත්තක් සදහා මදකට කාර්‍යාලයේන් පිටතට පැමිණියේ ....

තම කාර්‍ය අවසන් වී ආපසු එන අතර මගදි ඇසගැටුන රෑපයක් නිසා ඔහු කලබල වුනේ පාරේ මැද්දේම වාහනය නතර වෙද්දී ......

නොනවත්වා පිටුපසින් ඇහෙන වාහන නලා නිසා පියවි සිහිවට ආ තෙවාන් ඉක්මනින් වාහනට පසකට ගත්තේ පාරෙන් අනෙක් පස සුදු රෝස පොකුරක්ද අතැතිව වාහනය නැගි ජානුල්‍ය දෙසින් ඇස් අහකට නොගෙනමයි...

හේතුවක් දන්නේ නැ........
තෙවාන් වාහනය හරවා ඔහු පසු පස වැටුණා,

කොච්චර දුරක් ආවද දන්නේ නැ..... අවසානයේ ඔහු නතර වුනේ ටිකක් පාලුවට ගිය තැනක,

සුසාන භූමියක් ......
ඔහු නතර වුනේ එක ළඟ ඉදි වු සොහොන් කොත් දෙකක් ළඟ,..
ජානුල්‍ය පසුපස ආ තෙවාන් ඔහුව පෙන නොපෙනන දුරින් සිට ගත්තේ සිදුවෙන දේ ගැන වැටහීමක් නැති නිසා..

පුරා පැයක් යනතුරුත් ඔහු එතන වාඩි වී සිටියදී ,
ඔහුට නුදුරින් තෙවාන් හිටගෙන.

අවට තියෙන්නේ කියාගෙන බැරි තරම් නිශ්ශබ්දතාවක් වෙද්දී , තෙවාන්ගේ සිත මේ තරම් රිදෙන්නේ ඇයි කියලා ඔහු දන්නේ නෑ...
අවසානයේ ඔහු පිට වෙද්දි.......
තෙවාන් අසල පිහිටි අරලිය ගහකට මුවා වුනේ ඔහුව මුණගැසිම කීයටවත් සිදු නොවිය යුතු නිසයි.

නමුත් ඔහු.........තමා අසල සිටියත් නොපෙනෙන තරමේ බර කල්පනවකයි යන්නේ .....
ජානුල්‍ය ඇවිදින්නේ සිහියෙන් නොව, ඒක හරියට හුරුපුරුද්දට යන ගමනක් වගේ ..

ඒ වත එදා තමන් අවසන් වරට දැක්කට වඩා කෙට්ටු වෙලාදෝ හැගුනා,
කිසි හැගිම්ක් නැති මුහුණ ...... මලානික ඇස් ,
තෙවාන්ට ගෙනාවේ අමුතු රිදුමක්.

ඔහු බීමතින්වත්ද ?
එසේ නැත්නම් ඔහුට අසනීපයක්ද ? ....... තෙවාන් තවමත් බලා ඉන්න ඈත යන ඔහු දිහා,

තම ගත හිරිගඩු නංවමින් හමාගිය සුළඟ තෙවාන්ට නම් සුවදායක හැගිම්ක් ගෙන ආවෙි නැ,
ඒක හරි මුසල හැගීමක් .......
හරියට තමන් සතු වටිනවාම දේ අහිමිවෙනවා වගේ හැගිම්ක් .....

එදා ඔහු හැරදා එන විටවත් නොදැනුන අමුතු රිදුමක් තෙවාන්ගේ පපුව දැනුනේ ...
ඒ ඇස් වලට කදුළු පිරුනේ ආයාසයකින් තොරවයි.
ඇයි හිත මෙච්චර බර කියලා තෙවාන්ට වැටහිමක් නෑ.....

' එයා යනවා.... ඈ ත ට ම ! ' තමාගේ හිතෙන්ම ඇහුන ඒ වදනට තෙවාන් ගැස්සුනා ,
ඔහුට හිතාගන්න බැ ඇයි එහෙම දෙයක් හිතුනේ කියලා .........

' තම ආත්මය පවා අයිතිය ඔහු සතු වෙද්දී , ඔහු යන්නේ කොහෙද ? ' ....... තෙවාන් අහන්නේ මේ ඔහුගේන්මයි.

නැවතත් අර ඇග හිරිවට්ටන සීතල සුළඟ...

ඒක වෙන්න යන නපුරක සේයාවක්ද ? , අමුතු බයක් මුළු හිතවටා එතෙද්දී ........
ඔහු මෙතෙක් රැදී සොහොන් කොත් ලගට යාමට පා එසවු තෙවාන් නැවත හැරුණේ ක්ෂනයෙන්,

ඔහු පසු පස යන්න හිත බල කරද්දී තෙවාන් වේගයෙන් දිව්වේ තම වාහනය වෙතයි,

පාළු මාවතත්, අඳුරු වටපිවත් හැරෙන්න ඔහුගේ ඡායාමාත්‍රයක්වත් නැති වෙද්දී .....
හරි හදිසියේන් තම වාහන පාරට ගත්තේ කෙසේ හෝ ඔහුන දැකිමේ අරමුණින්..

මහ පවුරක් බැද වැටකඩොළු ලා වුන් තම සිත, ඔහුගේ රුව අභියස සියලු බාධක බිඳ ඔහුට නතු වී ගිය හැටි...
වෛර කරන්න පොරොන්දු දුන් සිතම ඒ පොරොන්දු කඩකරපු හැටි,
ඔහු එපා යයැයි කී සිතම දැන් ඔහුව සොයන හැටි,
හරි පුදුමයි.......

සංසාරගත බැඳීමක් ! ........ ඒකද ඒකට කියන්නේ ?
තෙවාන් ප්‍රශ්න කලේ තමාගෙන්මයි.

සෑහෙන දුරක් ආ නමුත් ඔහු ගිය ඉසව්වක් සොයාගන්න තෙවාන්ට නොහැක විය,
ඔහු කොහෙට ගියා ද?..... නැවත වාහනට පාරට ගන්න සැරසුනත් එය මදකට ප්‍රමාද කරන්න තම දුරකථනයට හැකි විය...

" Hello .......නෙදියා "




" කොහෙද තේවා ඉන්නේ ? , දැන් දෙපාරක් ඇවිත් යන්න වෙලාව "










" ඇයි කතා කරේ, හදිස්සියක් ද නෙදියා ? "





" නැ.... උ|ඹ|ට විසිටර් කෙනෙක් ඉන්නවා "





"මට ? ක වු ද ? "





" ඇවිත්ම බලපන් තෙවාන් , විස්තර කරනවට වඩා ඒක ලේසියි "






" කියපන් නෙදියා ......මං හදිසි වැඩක ඉන්නේ "







" මොකුත් ප්‍රශ්නයක් තේවා, කොහෙද ඉන්නේ .....
මොනවද වුනේ කියපන් කොල්ලෝ "




" ආ..... ම් මේහ් ... වාහනේ පොඩි බ්රේක් ඩවුන් එකක් වුනා නෙදියා "





" වට්.....? කොහෙද දැන් ඉන්නේ තෙවාන් , ඔතනම ඉන්න මං දැන් එනවා, මට ලෝකේශන් එක දාන්න දැන්ම "






" හරි හරි........ඒක හරි මං දැන් එන ගමන් නෙදිෂ් "





" ශුවර් ද ? මං එන්න ඕනි නැ කියලා තෙවාන් ,
නැත්නම් ඔතනම ඉන්න මං ඉක්මනින් එන්නම් ,
මහ දුරකට ගියේ නැනේ වැඩේට "




" නෝ.......නේදීෂ් I'm coming now "

තෙවාන්ට දුකයි ... මිතුරාට බොරු කියන්න වුන එක ගැන .....
ජානුල්‍ය සොයා යෑම පසකට දැමු ඔහු වාහනය හැරවිය.



වාහනය කාර්‍යාල ගොඩනැගිල්ලට ඇතුළු කරනවාත් සමඟ ඉදිරියට පැම්ණියේ ඔහුයි,
මෙතනට එන තෙක් ඔහුගේ ලද අමතුම් ගනන ත්‍රිත්වයකි......
ඒ තිබියදී ඔහු නැවත තමා පැමිණෙන තුරු කාර්‍යාල ඉදිරිපිට රැදි ඉදලා..

තවත් ඔහුව කලබල කීරිමට අවශ්‍ය නොවුන හෙයින් තෙවාන් නගාගත් සිනාවකින්මයි වාහනයෙන් බැස ගත්තේ ...

" තේවා......උඹ හොදින්ද.? මොකුත් වුනාද ? "



" මං හොදින් නෙදියා , හරිනම් බලන්න ඕනි වාහනේ නේද ? "





" මගුල වාහනේට එකට දෙකක් ගන්න බැරි ද තෙවාන් ,
උඹට නම් හිනා .....මං මෙහේ ෆ්රීස් වෙලා හිටියේ බයේ ?"





" සොරි සොරි ..........යමු "

ඔහුගේ කරට අත දමාගත් තෙවාන් පිය නැගුණේ කාර්‍යාලය වෙතටයි




" ම්ම්........ඔහොමම ඔයා ඔෆිස් රූම් එකට යන්න තෙවාන් "




" කෝ ඉන්නවා කීව විසිටර් ? "





" මං එයාව ඔෆිස් එකට එවන්නම් "




තෙවාන් ඔළුව ඉස්සුවේ දොර විවෘත ⁣වන හඬට ,
ඇතුළු වු රැව හදුනාගත්ත තෙවාන්ට අපහාසු වුයේ නෑ...

ඒ ඇය .......
ඒත් ඇය මොකද මෙතන කරන්නේ ?..... ඊ⁣ටමත් මෙච්චර කාලයකට පසුව තමාව හොයන් ආවේ කුමක් අරඹයාද ?

තෙවාන්ට ගැටළු වල සීමාවක් නැති සෙයකි.

___________

🍁#ජානුල්‍ය




ඔහු අසලදී වේගවත් වන හදවත හේතුවක් නැතුවම සුසාන භුමියේදි වේගවත් වුන විදිහ ජානුල්‍ය මතක් වුනා...

බරැති සුසමක් හෙලු ඔහු කල්පනා කලේ ඔහු කෙසේ තමා අසල සිටින්නද කියා..
තමාට වෛර කරන ඔහු තවත් තමන් වෙනුවෙන් ඉදීද ?
ජානුල්‍යට ගැටළුවක් ....

ඔහේ කල්පනාවක ගිලි වාහනය පදවමින් උන් ජානුල්‍ය පියවි සිහිට ආවේ තමාට ඉදිරියේන් පාර හරහා දැමු විසල් ට්‍රක් රථය නිසාවෙන් ....
තමා ඉක්මනින් ක්‍රියාත්මක නොවුනානම් මෙලහකටත් තම රථය එහි ගැටී අවසන්,

සසල වුන ගත තවමත් අඩුවක් නැතුව වෙව්ලද්දී , ඔහුට දැනුනේ තවදුරටත් වාහනය පැදවිය නොහැකි බවක්.
අයිනට වෙන්න වාහනය නතර කල ඔහු , බියපත්ව වේගවත් වු තම හදවත කෙලින් අත තියාගත්තේ ....
අනිසි බිය ,සතුටයන්ගෙන් ලැබෙන කම්පනය තම අසනීපයට යෝග්‍ය නොවන හෙයින් .

මීට මොහොතකට පෙර ලගපාතකවත් නැති ඔහුගේ , තමාව මත් කරවන අර්මෙන් කෝට් සුවද දැනුනදෝ කියලා හිතුනා....
ඔහු පපුවට අත තියන් ඒකයි කල්පනා කරන්නේ ,

' යන යන තැනත් ඔයාගේම සු ව ඳ දැනෙන්නේ ඇයි
අ කී ල් '

' නොලැබෙන ඔ යා ට ම මං මෙච්චර බැදෙන්නේ ඇයි කියලා මං දන්නේ නෑ .....
එක වෙලාවක මට හිතෙනවා ඔයාව හොයාගෙන එන්න '

' ඒ..ත් ඔ ය හි තේ මං වෙනුවෙන් තව ඉඩ තියනවා ද අකීල් '

දවසක ඔයා හැදේම දැන ගනී.........
ඒත් එදාට මං ඔයාට ලං වෙන්න බැරි තරම් දුරක් ගිහින් ඉදිවි,
එදාටත් මං ඉන්නේ කොච්චර දුරක වුනත් ඔයා දිහා බලන් ඉන්නම් අකීල් .....
ඔයා කැමති නම් හැම ආත්මෙම ඔයාව විතරක්ම ඉල්ලනම් ,



(මටත් අඩුනා යකු මේක ලියද්දී.......😐 )


.
.
.
.
.
.
.
🍂𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝒟𝑒𝓈𝓉𝒾𝓃𝓎┄┅┄┅ᥫᩣ
©️ 𝒲𝓇𝒾𝓉𝒾𝓃𝑔 𝗕𝘆 | ✍️.....ŋıʂɧą ✿
2022.07.07


___________☘️

📌 මෙය මා විසින් ලියන ලද හිතළුවක් පමණක් වන අතර නම් ගම් සියල්ල මනංකල්පිත වේ...

⛔ මෙහි අයිතිය මා සතු #Nisha වන බැවින් අවසරයකින් තොරව වෙන ස්ථානයක පල කිරිම හෝ උපුටාගැනම තහනම් .....🚫

Continue Reading

You'll Also Like

2.2K 298 15
ආතල් එකට අප්ලෝඩ් කරන්නෙ මේක තමයි මම ලිව්ව පලවෙනි කතාව. 😂💔
23.8K 3.1K 19
එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්...
3.4K 585 11
~ ආත්මීය ආදරයක ප්‍රේමාන්විත වියරුව ~ " ඔයයි මායි දෙන්නම එක්කෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ඒත් ඒක එහෙම නෙවේ. අපි සමාන්තර ලෝක වල නිසා එකිනෙකට සම්බන...
447K 39K 33
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ