🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete...

By YUNHEE8431

22.8K 3.2K 474

🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක... More

P𝚊𝚛𝚝 0️⃣1️⃣
P𝚊𝚛𝚝 0️⃣2️⃣
P𝚊𝚛𝚝 0️⃣3️⃣
P𝚊𝚛𝚝 0️⃣4️⃣
P𝚊𝚛𝚝 0️⃣5️⃣
P𝚊𝚛𝚝 0️⃣6️⃣
P𝚊𝚛𝚝 0️⃣7️⃣
P𝚊𝚛𝚝 0️⃣8️⃣ 🍁 Bounce 🍁
P𝚊𝚛𝚝 0️⃣9️⃣
P𝚊𝚛𝚝 1️⃣0️⃣
P𝚊𝚛𝚝 1️⃣1️⃣ 🍁Bounce🍁
P𝚊𝚛𝚝 1️⃣3️⃣
P𝚊𝚛𝚝 1️⃣4️⃣
P𝚊𝚛𝚝 1️⃣5️⃣
P𝚊𝚛𝚝 1️⃣6️⃣
P𝚊𝚛𝚝 1️⃣7️⃣
P𝚊𝚛𝚝 1️⃣8️⃣
P𝚊𝚛𝚝 1️⃣9️⃣
P𝚊𝚛𝚝 2️⃣0️⃣
P𝚊𝚛𝚝 2️⃣1️⃣
P𝚊𝚛𝚝 2️⃣2️⃣
P𝚊𝚛𝚝 2️⃣3️⃣
P𝚊𝚛𝚝 2️⃣4️⃣
🍁 End 🍁
Sσσɳ......🍁

P𝚊𝚛𝚝 1️⃣2️⃣

754 129 26
By YUNHEE8431

තෙවාන් එහෙමම තම යතුරුපැදිය ගෙන නිවසින් පිට වුයේ ජානුල්‍යගේ හදවත තව තවත් පාරවගෙන.

සවස් වන තුරු එක දිගට තෙවාන්ගේ මොබයිල් එක ක්‍රියා විරහිත වෙද්දී ,
ඔහු ඉදි කියලා හිතපු නැති තැන්වල ඔහු නොමැති විට,
ඔහු වැඩ කරපු ක්ලබ් එකේ ඔහු ඇතැයි විස්වාස කරපු ජානුල්‍ය යන්නේ ඔහු සෙයායි..

දිවා රාත්‍රි වෙනසක් නැතිව අදුර අරක් ගත් වටපිටාවේ ඔහුව සොයා ගැනිමට ජානුල්‍ය වෙහෙස වන්න විය.

මේ මොහොත වෙන තුරු මද පදමට මත්ව සිටි තෙවාන් අහම්බෙන් වගේ දුටුවේ ක්ලබ් එකේ පිස්සෙක් වගේ වට පිට බලන ඔහුව

තෙවාන් දන්නවා මේ හොයන්නේ තමාව කියලා .....


" හේයි හැන්සම් ........ ෂැල් වී එන්ජෝයි.."

මත්පැන් වීදුරුවක් සමඟ ජානුල්‍යගේ අතේ එල්ලුනේ සංකර යුවතියක්..
ජානුල්‍යට දැනුනේ පිළිකුලක් , කවදාවත් ඔහු මේයාකාර යුවතියන් හට කැමැත්තක් දක්වන්නේ නැත

" වට් අ බ්ලඩි නොන්සන්ස් ,
ඩෝන්ට් ටච් මී .... "

ඒ දෙස දැස් යොමා සිටි තෙවාන්ට ආවේ සිනාවක් එක්ක සියුම් ආඩම්බරයක්..

ගැහැණු ලමයාව තල්ලු කරපු ජානුල්‍ය තවත් ටිකක් ඇතුළට ආවේ ඔහු මෙතනත් නැත්නම් කොහේ ගිහින්ද කියන සිතුවිල්ල හදවතට වද දෙද්දි ......

වටේ දුවන ඇස් අහම්බෙන් නතර වුනේ ඔහු ලගයි,
මත්පැන් වීදුරුවක් අතැතිව තමන් දෙස බලා සිටින ඔහු දෙසයි..

ඒ වෙලාවෙනම් ජානුල්‍යට නැගුණේ තරහක්,
තමන් මෙතෙක් වෙලා ඔහුව සොයද්දී .....ඔහු තමන් දෙස බලා ඉන්නවා...


" ඕක නතර කරලා එනවා යන්න !!! "

අතැති විදුරුව පසෙක දැමු ජානුල්‍ය ඔහුව ඇදගෙන විත්, වාහනයට දමාගත් ජානුල්‍ය උපරිම වේගයෙන් වාහනය පැදවුයේ නිවස බලාය...

" වාහනය ස්ලෝ කරන්න ! "


"........"




" හේෂ් ...!

ජානුල්‍ය කලේ තවත් වාහනයේ වේගය වැඩි කිරිම පමණක් වෙද්දී




" සහේශ් ....!!





"........"





" සහේශ් !!
වාහනේ නවත්තපන් යකෝ..! , මැරෙන්න ද හදන්නේ ! "






" ඇයි බය වුනාද ,
බයවෙන්න එපා මැරෙන්න දෙන්නේ නෑ...."


එම වේගයෙන් වාහනය නිවසට ඇතුල් කල ජානුල්‍ය එහෙමම ස්ටියරින් වීල් එකේ ඔළුව තියාගත්තේ ....
අහේතුවම ඒ දෑස් වලට කදුළු උනද්දී....



ඔහුගේ කුරු කොන්ඩය අස්සේ අතැගිලි එහෙ මෙහෙ කරමින් ඔහුගේ හිස පිරිමැදි තෙවාන්ට ,
තමන් උදෑසන ඔහුට කතා කරපු විදිහ ගැන දැනුනේ දුකක් .


ඔහුගේ අත ගසා දමා කාරයෙන් බැසගත් ජානුල්‍ය නිවසට ගියේ ඔහු ගැන කේන්තිය තවත් හිත ඇතුලේ අඩුනොමැතිව තිබු නිසයි.

ඔහු පසු පසම ඔහුට කතා කරමින් ඔහුගේ කුටියටම තෙවාන් ගියේ , ඔහු තාමත් තරහින් බැව් දැනුන හෙයින් ...



" සහේශ් ........ජස්ට් රිලැක්ස් "

තෙවාන්ව සයනයට තල්ලු කල ජානුල්‍ය , ඔහුගේ මුහුණට නැඹුරු වුයේ තෙවාන්ට සිතන්නවත් කාලයක් ඉතුරු නොකරමින්.


" මොනවද ඔයා හිතන්නේ අකීල් ......!
මාව පෙන්නේ අමනුස්සයෙක් වගේද ? "




" ස...හේ...ශ් "




" කිසි දෙයක් හිතන්නේ බලන්නේ නැතුව ඔහෙම කතා කරන එක හරී කියලද හිතන්නේ ? "

තෙවාන්ට තේරැනා ජානුල්‍ය තවමත් ඉන්නේ තරහි බව



" සහේශ් ...ම..ං ? "





" උඹගේ පරිස්සම ගැන මං කොච්චර වදවෙනවාද කියලා දන්නවද අකීල්....
ආ....දන්නවා ද.. ? "

ඒ හඬ බිදිලා ...

හුස්මක් දුරින් තෙවාන්ගේ ඇස් අස්සේ අතරමං වෙලා ඉන්න ජානුල්‍යට බෑ ඔහුගෙන් මිදෙන්න ...

වෙනදට ඔහු ලගින් හමන අර්මෙන් කොඩ් විලවුන් සුවඳ අද තදින්ම දැනෙද්දි,
ජානුල්‍යට දැනුනේ මත්පැන් වලින් වත් නොලැබෙන මත් බවක්..

" ස්...සහේ ......"


මොන මොනවද කියන හදන ඒ වෙව්ලන දෙතොල් හරි පරිස්සමෙන් ආක්‍රමණය කරන්න වැඩි වේලාවක් නොගත් ජානුල්‍යට ඔහුගේන් සහය ලැබෙද්දි

⁣වේදනාව, දුක , තරහා සියලු හැගීම් වලට වටකඩලු බැද
ආදරය ,සෙනෙහෙස, සතුට වෙනුවෙන් ඒ දෙසිත් වලට ඉඩ ලැබුණේ
වෙනදා නොලැබුණ ......සුවදායී දිගු රාත්‍රියක් ඔහුනට ලගා කරමින් ......

කිසිදු රාගී හැගුමකට ඉඩ නොලදව අනුරාගීව හැඟුම් වලින් මුසපත්ව ගෙවුන රාත්‍රිය දෙදෙනාගේම සිත් සුවපත් කරන්න සමත් විය.

උදෑසන පලමු හිරු කිරනින්ම අවදී වු ජානුල්‍ය ,
තවමත් නිදිබර වූ දෑස් යොමු කරේ තමා පසෙකින් සුව සේ නිදන ඔහු වෙතයි..

අවදී වෙන හැම උදෑසනකම මේ රෑපය මෙසේ ඉන්නවා දකින්න සිත පෙරුම් පුරද්දී.....
උදාවෙන අනාගතය ගැන නුහුරු වේදනාවක් හිත වටා එතුනේ මේ පතන දේ හීනයක් වේදෝ කියන බියෙන්..

මේ දකින්නේ හීනයක් නම් හිත කියන්නේම ඒ හීනෙම මැරියන් කියලා ....
මොකද අවදී වෙලා දකින යාථාර්තයට වඩා මේ දකින හීනේට වෙලා මැරෙන එක සතුටක් නිසාවෙන්..


අකීල්ගේ මුහුණ වැටි දඟකාර කෙහෙරැලි ටික ඔහුගේ නින්දට බාධා කරාවිදෝ බියෙන් ⁣හෙමිහිට එය පසකට කල ජානුල්‍ය .......
හරි පරිස්සමෙන් ඒ නළල සිප ගත්තේ , තමාගේන් හෝ බාදවක් ඔහු සුව නින්දට නොවෙන්නයි...


**************


🍁#තෙවාන්

දැනෙන නොදැනෙන අන්දමින් තමාව සිප⁣ගෙන පිටවන ඔහු ගැන ,
මෙතෙක් වෙලා නිදි නොමැතිව සිටි තෙවාන්ට දැනුනේ කියා ගන්න බැරි හැගීමක්..

තමාව තව තවත් ඔහු හා බැදෙන්නේ ඔහුගේ මේ වැඩ නිසා නොවේද...?

තම කාමරයට නොගොස් ඔහුගේ කුටියේ නාන කාමරයෙන්ම නා ගත් තෙවාන් ,
ඔහුගේ සුදු පැහැ තුවායම ගත දවටාගෙන එලියට පැමිණියේ සුන්දර සිනාවකින් සැරසීගෙන වෙද්දී ......

ඔහුගේ පැමිණ බලාපොරොත්තුවෙන් කුටියේ රැදි ජානුල්‍ය දැකිමෙන් ඒ සිනාව තව තවත් පුළුල් විය.



" ම්... ටී එක "

තමා දෙසට දිගු කරගෙන සිටින මග් එක දෙස බලා මොහොතක් කල් මැරූ තෙවාන් ........
ජානුල්‍ය අඩක් හිස් කල මග් එක උදුරගත්තේ ඔහුට ඇසකින් ඉගිමරමින්,




" ම්ම්ම්.........වොහ් ! ඒක රසයි ,
මේක දැන් මගේ "

ඉන් උගුරක් පානය කර එසේ පවසා,
ජානුල්‍යගේ දිගු නාසයට තට්ටුවක් ද දමමින් තෙවාන් පිටවුයේ තම කාමරය වෙතයි.



*************



🍁#ජානුල්‍ය





තෙවාන්ගේ ⁣දැඩ් පෙරැත්ත මත අද දින නිවාඩුවක් දැමු ජානුල්‍ය දවසේම නිවසට වී උන්නේ කරන්න ලොකු වැඩක් නැති නිසාමයි.

" අකී.....ඔයා කොහේ හරි යන්නද ? "





" ඊයේ දොස්තර මහත්තයා මාව ඇදන් ආවට,
තාමත් ම⁣ගේ බයික් එක ක්ලබ් එක ළඟ "







" මට අමතක වුනා .......සොරි අකී.."





" මං ගිහින් අරන් එන්නම් ....!"





" පරිස්සමෙන්.."






" 🙋 "



ඔහුගේ පිටව යාම එක්ක ජානුල්‍යට දැනුනේ පාළුවක්,

නාද දුන් ජානුල්‍යගේ දුරකථනයේ හඬ නිවසේ නිහඬ බව බිදින්න සමත්විය.


" Hello ....!





" ඩොක්ටර් .......මං ලැබ් එකෙන් කතා කරන්නේ සැහැසි "





" ඔව් කියන්න සැහැසි "








" අ..ර රි..පො..ට්..ස් ඇවිත් තියෙන්නේ ඩොක්ටර් "








" අහ්....මට ඒකත් අමතක වෙලා හිටියේ සැහැසි ,
කරදරයක් නැත්නම් මට මේල් එකක් දාන්න පුළුවන් ද "




" ම්..මං දාන්නම් ඩොක්ටර් ,
ඩොක්ටර් දැන් එනවද ? "





" ඇයි සැහැසි ? මොකුත් ප්‍රශ්නයක් ද "







" නැ...ඩොක්ටර් ,
මං දැන් එවන්නම් "



" Ok... thanks සැහැසි "



මොහොතකින් පසුව ලද ඊ මේල් පණිවිඩය ජානුල්‍ය විවෘත කරේ වෙවුලන ඇගිලිතුඩුවලින්..

වැටෙන්න ගිය දුරකථන රැකගත්ත ජානුල්‍ය කඩා වැටුනේ සෝෆා එකට.....

එහෙමම ⁣තම හිස සෝෆා එකට බර කර ගත් ජානුල්‍ය දෑස් පියාගත්තේ එලියට එන්න හදන කදුළුක් ආයාසයෙන් රදවා ගනිමින්....

කොයිතරම් වේලාවක් එසේ වුන්නා ද දන්නේ නැ.......ඔහු පියවි සිහියට ගෙනාවේ නිවසේ සීනුවයි,
තම ගත තමාට අනුකුල නොවෙද්දි ජානුල්‍ය ගියේ ආ කෙනා කවුරු වුනත් දොර විවෘත කරන්න සිතන්.

" ඩොක්ටර් ජානුල්‍ය ! "





" ඕහ්... ඔෆිසර් විසල් , එන්න ඇතුළට "






" මං ආව එක කරදරයක් ද මංද ? "






" ආ.......නැ නැ විසල්, "






" ම්..... ඊයේ මීට් වෙන්න බැරි වුන නිසා මං අද ගෙදරටම ආවේ, ජානුල්‍යට කරදර කරන්න බැරි නිසා "






" මට ඊයේ හදිසි වැඩක් වැටුණා විසල්,
සොරි ඔයාව රස්තියාදු කලාට "





" ඒකට කමක් නැ ජානුල්‍ය , ඔයාගේ ජොබ් එක ගැන මං දන්නවා නේ "






" විසල් මොනවද බොන්නේ ? "







" නො තෑන්ක්ස් ජානුල්‍ය .........
මං ඉක්මනින් යන්න ඕනි , වැඩ ගොඩක් අස්සේ ආවේ "





" ම්......යමු විසල් ම⁣ගේ රෑම් එකට "







" මට අභින්ස පොඩි විස්තරයක් දුන්නා.....
ජානුල්‍යගේ සිටුවේශන් එක මට තේරෙනවා , මේක මගදි නතර කරන්න පුළුවන් දෙයක් නෙවේ ජානුල්‍ය "






" මට තේරෙනවා විසල්,
××××××××××× ×× × ×××× ×× ඔන්න ඕකයි තියන තත්වේ , "




" එතකොට ඒ කෙනා තමා තෙවාන් කියන්නේ , එහෙම නැත්නම් ඔයාගේ ගෙදර නතරවෙලා ඉන්න කෙනා "




" ඔව් විසල්,
අයි තින්ක්, හිස් ෆාදර් ඉස් ඉන්වෝලඩ් ඉන් ද රැකට්..
සෝ....ඔයාලා හොයන කෙනා එයා වෙන්න ඕනී "





" අනිවාර්යයෙන්ම ඒක එහෙම වෙන්න ඕනි ජානුල්‍ය "





" බට්.....විසල්
තෙවාන්ට මොකුත් ප්‍රශ්නයක් නොවෙන විදියට මේක විසදගන්න පුළුවන් නේද.."





" ඔෆ් කොස් ජානුල්‍ය .....
තෙවාන්ට තියා ඔයාටවත් මොකුත් ප්‍රශ්නයක් ඇති වෙන්න මං ඉඩ තියෙන්නේ නෑ, ඒ ගැන පොඩ්ඩක් වත් වොරි වෙන්න එපා "





" තැන්ක් යු විහස්.."




" අපිට ඉක්මනින් එවිඩන්ස් ටික හොයා ගන්න ඕනි , අපිට බැරි වෙයිද මේ විදිහටම තෙවාන්ගේන් පොඩි පොඩි විස්තර ටිකක් ගන්න "






" මං ඒ ගැන මොකුත් කරන්නම් විහස් "




" ඕකේ........එහෙනම් මං යන්නම් ජානුල්‍ය ,
වැඩ ගොඩ ගැහිලා.."




" Ok...see you විසල් "

ඔහුගේ කතාබහේ මැදක සිට තව කෙනෙක් අහන් ඉන්න බව ජානුල්‍යවත් විහස්වත් දැන සිටයේ නැත.

කුරිරු සිනාවත් මුවට ගත් ඔහු එතනින් ඉක්මනින් ඉවත් විය.

.
.
.
.
.
.
🍂𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝒟𝑒𝓈𝓉𝒾𝓃𝓎┄┅┄┅ᥫᩣ

©️𝒲𝓇𝒾𝓉𝒾𝓃𝑔 𝗕𝘆 | ✍️.....ŋıʂɧą ✿
2022.07.05



___________☘️

📌 මෙය මා විසින් ලියන ලද හිතළුවක් පමණක් වන අතර නම් ගම් සියල්ල මනංකල්පිත වේ...

⛔ මෙහි අයිතිය මා සතු #Nisha වන බැවින් අවසරයකින් තොරව වෙන ස්ථානයක පල කිරිම හෝ උපුටාගැනම තහනම් .....🚫

Continue Reading

You'll Also Like

23.8K 3.1K 19
එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්...
463K 11.2K 88
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
12.4K 1.4K 25
⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි...
3.4K 585 11
~ ආත්මීය ආදරයක ප්‍රේමාන්විත වියරුව ~ " ඔයයි මායි දෙන්නම එක්කෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ඒත් ඒක එහෙම නෙවේ. අපි සමාන්තර ලෝක වල නිසා එකිනෙකට සම්බන...