🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete...

By YUNHEE8431

22.8K 3.2K 474

🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක... More

P𝚊𝚛𝚝 0️⃣1️⃣
P𝚊𝚛𝚝 0️⃣2️⃣
P𝚊𝚛𝚝 0️⃣3️⃣
P𝚊𝚛𝚝 0️⃣5️⃣
P𝚊𝚛𝚝 0️⃣6️⃣
P𝚊𝚛𝚝 0️⃣7️⃣
P𝚊𝚛𝚝 0️⃣8️⃣ 🍁 Bounce 🍁
P𝚊𝚛𝚝 0️⃣9️⃣
P𝚊𝚛𝚝 1️⃣0️⃣
P𝚊𝚛𝚝 1️⃣1️⃣ 🍁Bounce🍁
P𝚊𝚛𝚝 1️⃣2️⃣
P𝚊𝚛𝚝 1️⃣3️⃣
P𝚊𝚛𝚝 1️⃣4️⃣
P𝚊𝚛𝚝 1️⃣5️⃣
P𝚊𝚛𝚝 1️⃣6️⃣
P𝚊𝚛𝚝 1️⃣7️⃣
P𝚊𝚛𝚝 1️⃣8️⃣
P𝚊𝚛𝚝 1️⃣9️⃣
P𝚊𝚛𝚝 2️⃣0️⃣
P𝚊𝚛𝚝 2️⃣1️⃣
P𝚊𝚛𝚝 2️⃣2️⃣
P𝚊𝚛𝚝 2️⃣3️⃣
P𝚊𝚛𝚝 2️⃣4️⃣
🍁 End 🍁
Sσσɳ......🍁

P𝚊𝚛𝚝 0️⃣4️⃣

893 143 11
By YUNHEE8431

උඹට විස්වාස ද ඌ කියන්නේ ඇත්ත කියලා "?

" ⁣හේතුව එහෙම අහන්න ? "

┄ॱ॰⋆❀❀❀┈এ⁰ ┈┈┄┈┈

" අනේ මංද බං,
මට නම් ඌ දකිද්දි හිතෙනවා ....ඌ ඔය කියන කතාව බොරැද කියලත්,
ඇරත් ඌ පෙනුම එහෙම හෙන ඩීසන්නේ බං..ස"

" අභියා..! උඹ කවදා ඉදන්ද පෙනුමෙන් මිනිස්සුු මනින්න පටන් ගත්තේ ම්ම්..."

" නැ...බං මට හිතුන දේ කිවේ.., "

" වැඩේ හරිගියේ නැ කියලා ඒ කොල්ලට කියන්නේ කොහොමද කියලා මං මේ කල්පනා කරන්නේ අභීයා.."

" දැන් ඉතින් ඌට මේවා කියලා අවුල් කරන්නේ නැතුව ඌගේ අර මගුල ඉවර වෙනකම් එහෙවත් නතර කරගනිම්...,
අනික උගේ කකුලට මේ දවස් දෙකේ උපරිම රෙස්ට් එකක් දෙන්න වෙයි "

" මංද බං.."

________________🖋️

🍂 #තෙවාන්

එක දිගට නාද වෙන තම දුරකථනය තෙවාන් නිහඬ කලේ ජානුල්‍ය තමා අසල සිටි බැවින්,
ඔහු එතනින් ඉවත්ම යත්ම තෙවාන් නැවත දුරකථන අතට ගත්තේ පැමිණි ඇමතුම් පිරික්සීමටයි...
මඟහැරැනු ඇමතුම් ගණනාවකි සියල්ල නෙදීෂ්ගෙන් වෙද්දී තෙවාන් ආපිට ඔහුට ඇමතුක් ගත්තේ කුමක් හෝ හදිසියක් දැයි සිතමින්..

" Hello ......නෙදියා ! "

" තේවා.......!!! කොහෙද යකෝව් ඉන්නේ ,
මං උදේ ඉදන් උඹව හොයන්නේ ....
මොබයිල් එක ගන්නේත් නැ......ක්ලබ් එකට ගිහින් බැලුවා උඹ ඊයේම එහෙන් ආවලු,
මොන මගුලක් ද තෙවාන් උඹ මේ නටන්නේ "

" නෙදි..නෙදි..මේ අහපන් ,
මට ඊයේ ක්ලබ් එකෙන් හදිසියේම එන්න වුනා බං, අර කිව්වා අනේක්ස් එකේ යාළුවා හම්බ වෙන්න ,
ඊයේ හිටියේ එහේ "

" හරි මට කියපන් , ඔය කියන ඇනෙක්ස් එක කොහෙද තියෙන්නේ කියලා ,
මං දැන් එනවා.."

තෙවාන්ට හිතාගන්න බෑ.......
ඔහුට දුකයි ,
එක බොරැවක් වහන්න තව තව බොරැ කියන්න වෙන එක ...... ඒකත් මෙතෙක් කල් තම සහෝදරයෙක් සේ සිටින ඔහුටම

" නෙදියා .......මං දැන් ඉන්නේ හොස්පිටල් එකේ බං,
මේ...අ..ර ඊයේ වෙච්ච තුවාලයකට බෙහෙත් දාන්න ආවා.,
මෙහෙමම යන්න ඕනි බයික් එක බලන්න "

බැරිම තැන තෙවාන් එසේ පැවසුවේ ඔහුව මෙතනට පැමිණිම වලක්වා ගැනිමටයි..

" ඕ..ශිට් !
තෙවාන් මට හදිසියේම ඩැඩි එක්ක බිස්නස් වැඩකට ටිකක් දුර යන්න වෙනවා,
ඒකත් මේ අදම,... ඩැඩි කිවේ මේ දැන් ටිකකට කලින් .
උඹත් මේ පිස්සු නටන්න පටන් අරන් ඒ අස්සේ "

" නෙදියා ........ උඹ පලයන් කොල්ලෝ ,
මට අවුලක් නැ, මං හෙට ඉදන් ප්‍රැක්ටිස් යන්න හදන්නේ "

" මේ අහපන් තේවා.....උඹට ඔතන හරි නැත්නම් ගෙදර පලයන් ,
මං ගිහින් ආවම අපි කතා කරමු,
වැඩිය නැ මං දවස් දෙකකට යන්නේ "

" හරි හරි බං "

හිත කොනකවත් නැති ,
තවමත් හොයාගන්නවත් බැරි වුන නවාතැනක් ගැනයි තෙවාන් මේ පවසන්නේ ........

ඇමතුම අවසන් කල තෙවාන් කල්පනා කලේ .....
මීළඟට ඔහු කරන්නේ කුමක් ද කියා,
නැවත නෙදීෂ්ගේ නිවසට යා නොහැක....
අවසානයේ ඔහු තිරණය කලේ ජානුල්‍යගේ තිරණයට එකඟවිමටයි.

ඔහු ආගන්තුකයි.....
නමුත් මේ මොහොතේ ඔහුගේ උදව් තමාට ඇවැසි...

පාදය සනීප වන තුරු දින කීපයකට පමණක් හෝ ඔහු නිවසේ රැදි සිට හැකි ඉක්මනින් නවාතැන් සොයාගැනිමට තෙවාන් අදිටන් කර ගත්තේ ඔහුගේ තරඟයට මුල් තැනක් දෙමින්

________________🖋️

🍁#ජානුල්‍ය

මුලදී අකමැති වුවත් පසු ආකීල් සිය කැමත්තෙන්ම තම නිවසේ රැදිම සඳහා කැමති වුයේන් මද වේලාවකට රෝහලේ අවසර ලැබ ජානුල්‍ය ඔහුව නිවසට ඇරලා ඔහුගේ ⁣⁣⁣ඖෂධ ⁣ද වෙන් වෙන්ව ලබා දී රාත්‍රි ආහාර ඇනවුම් කර ගෙන්වා ගන්න යැයි පැවසුවේ අද තමාට රාත්‍රි වැඩ ඇති බැවිනි....

එක දිගට රෝගීන්ගේ කටයුතුත්,
හදිසියේම සිදු කිරිමට වු සැත්කම් තුනක් නිසාවේනුත් හොදටම ⁣හෙම්බත්වී සිටි ජානුල්‍ය නිරික්ෂනය කරමින් සිටි වෛද්‍ය වර්ථාව පසකට දමා අසුනේ නැගිටුනේ........ යන්න ආ ඇනුමක් ආයාසයෙන් නතර කර ගනිමින්..

වේලාව රාත්‍රි අටත් පසු වී ඇති බැවින් ජානුල්‍යට මතක් වුනේ තම නිවසේ අද නතර වු ආගන්තුක ඔහුව..
බෙහෙත් බීවද රාත්‍රි ආහාර ගත්ත ද යන්නවත් දැන ගැනිම නොහැක...
ඔහුගේ දුරකථන අංකයවත් ලබා ගැනිමට තමාට අමතක වු බැවින් ජානුල්‍යට දැනුනේ පසුතැවීමක්...

________________🖋️

🍁#තෙවාන්

දිගු සුව නින්දකින් පසු තෙවාන් අවදී වුයේ පෙර දින තම ශරීරයේ තිබු අපහසුතාවය මේ වෙනකෙට සැහෙන දුරට සමනය වී ඇති හෙයින් හිතට දැනෙන සැනසිල්ලක් එක්කමයි..

නිවස ඉදිරිපිට නතර කල වාහනක හඬ කනවැකි තෙවාන් ......
තවදුරටත් සයනයේ නොරැදි නැගිට්ටේ , පෙර දින රාත්‍රි වැඩ යැයි පැවසු ඔහු මෙතරම් උදෑසනින් පැමිණේයයි බලාපොරොත්තු නොවු නිසාවෙන් .

________________🖋️

🍁#ජානුල්‍ය

" මේහ්.....ජනා !!!!
කරැණාකරලා .......අර රට තනකොල
ගස් ගෙම්බට කියලා දීපන් මං කවුද කියලා ,
නැත්නම් ලගදිම මං ඔකාගේ හතරහංදි කොර වෙන්න විඳිනවා බෙහෙතක් ඔය පුම්බගෙන ඉන්න මූණ ඇකිලිලා යන්නම " 😑😤

නිදි නොමැති රාත්‍රියක් ගෙවා දමා ජානුල්‍ය හිටියේ වෛද්‍ය විවේකාගාරයේ,
හදිසියේම කෑ ගහගෙන විවේකාගාරයට කඩාවැදි අභින්ස කියන ⁣දේවල් වල අගක් මුලක් තෝරාගන්නටම නොහැක..

" මොන... ර..ට ... මොකාද අභියා..?
ජානුල්‍ය ඇසුවේ පුදුමයෙන්.

" ඒ අභයා...මං එහෙම සතෙක් ජිවිත කාලේටම අහලා නැනේ..??
උඹ දැක්ක...ද ???
ඒ ජනා උඹ දැකලා තියනවා ද " 😅😅

ඒ සහත්ම ........ඔහුනම් හදන්නේ කේන්තියේන් ඉන්න මොහු තවත් කේන්ති ගස්සන්න ..

" මං මේ ගෙවුනු අවුරැදු තිහටම නම් දැකලා තිබුණේ නෑ.....
හැබැයි අද ඊයේ ඉදන්නම් දැක්කා එහෙම එකෙක්.. "

" අභී..මොනාද බං වුනේ ? "

" මේ ජනා..
මං එද්දි උඹේ ඇදුමක් අරන් එන්න කිව්වා නිසා මං උඹලා ගෙදර ගියා...
ගියාහම අරෑ මට උඹේ කමරේයි ඇදුම් තියන තැනයි පෙන්නන්නවා ,
ඔක්කොමත් හරි ...මු කියනවා මට,
උඹට කියල නෙවේනම් මේවා ගෙනියන්නේ ,
ගෙනියන්න දෙන්න බැලු........
හරියට ඌ අයිතිකාරයා උඹ බෝඩිංකාරයා ඒ අතරට ආව මං,
හොරා වගේ..
මූ යකෝ....අඩුම මං ඌගේ දොස්තර කියලවත් බැලුවේ නැනේ ......
උඹ අද ගියපු ගමන් ඌට කියලා දීපන් මං උබේ කවුද කියලා...
මගුල,...ගංකබරයා..........!! "

නොනවත්වා කියවන තම මිතුරාත් .... ඒ දෙස අයාගත් මුවෙන් බලා සිටින සහත්මත් දැක ජානුල්‍යට නැගුණේ සිනාවක්...

ඉදින් තම සහෝදර මිතුරා මේ ආකාරයෙන් බව ඔහු දනී.......
මේ පිට කරන්නේ පෙර දිනයේ සිට සිත තුල ඇති තරහා බවනම් සැකයක් නැත.

" අම්මෝ ....!!
ඩොක්ටර් ජානුල්‍යට මෙච්චර හීනාවෙන්න තරම් ඔයාලා මොනවා ගැනද මේ කතා කරන්නේ ආ ??? "

" ඔය ආවේ අඩුපාඩුව.....😑
එන්න ඩොක්ටර් මනීෂා, අපි මේ කතා කරන්නේ ජානුගේ කසාදේ ගැන...
ඔයාටත් පුළුවන් ඇවිත් මොනවාහරි කියන්න "

ජානුල්‍යගේ සිනාව තවත් පුළුල් වුනේ අභින්සගේ ඇවිලෙන ගින්නට පිදුරැ වගේ ආව ඩොක්ටර් මනීෂා නිසා.

සිනාමුසු මුහුණින් ඇතුළු ඇගේ මුහුණ තැලිච්චි කජුලෙල්ලක් වගේ වුනේ
ආ විගසට හෙනගහන්නා සේ අභින්ස කීව කතාවයි..
සියල්ලටම හොද රැවුමක් එක්ක ගස්සාගෙන ඇය කුටියේන් නික්මුනේ ශබ්ද ⁣නැගෙන සේ දොරත් වසා දමමින්..

" අම්මපා සහත්ම මේකිට ලැජ්ජාවක් නැති හැටි,
කැමති නැ කියලා දැන දැනත්........
මේකි ජානුල්‍ය පස්සේ එන එක නතර කරන්නේ නැනේ..."

දැන් ඔහුට කලින් ප්‍රශ්න අමතකය , දැන් මාතෘකාව ඇයයි...
අභින්සට ඇයව පෙන්නන්ම බැරිය...

⁣ඔහු හා වාද කරන එකේ තේරැමක් නැති බව අත්දැකීමෙන් දන්නා ජානුල්‍ය ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින්.....
එතනින් නැගිට්ටේ තම රාජකාරි වේලාව අවසන් වීමට ආසන්න නිසාවෙන් තව එක් වරක් රොහල් වාට්ටුව ටිකක් පිරික්සිමට යාමටයි..

***********************













.
.
.
.
.
.
.
.
🍂𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝒟𝑒𝓈𝓉𝒾𝓃𝓎┄┅┄┅ᥫᩣ

©️ 𝒲𝓇𝒾𝓉𝒾𝓃𝑔 𝗕𝘆 | ✍️.....ŋıʂɧą ✿
2022.06.27

___________☘️

📌 මෙය මා විසින් ලියන ලද හිතළුවක් පමණක් වන අතර නම් ගම් සියල්ල මනංකල්පිත වේ...

⛔ මෙහි අයිතිය මා සතු #Nisha වන බැවින් අවසරයකින් තොරව වෙන ස්ථානයක පල කිරිම හෝ උපුටාගැනම තහනම් .....🚫

Continue Reading

You'll Also Like

443K 38.6K 33
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
23.8K 3.1K 19
එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්...
3.4K 585 11
~ ආත්මීය ආදරයක ප්‍රේමාන්විත වියරුව ~ " ඔයයි මායි දෙන්නම එක්කෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ඒත් ඒක එහෙම නෙවේ. අපි සමාන්තර ලෝක වල නිසා එකිනෙකට සම්බන...
2.2K 298 15
ආතල් එකට අප්ලෝඩ් කරන්නෙ මේක තමයි මම ලිව්ව පලවෙනි කතාව. 😂💔