🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete...

Por YUNHEE8431

22.8K 3.2K 474

🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක... Más

P𝚊𝚛𝚝 0️⃣1️⃣
P𝚊𝚛𝚝 0️⃣3️⃣
P𝚊𝚛𝚝 0️⃣4️⃣
P𝚊𝚛𝚝 0️⃣5️⃣
P𝚊𝚛𝚝 0️⃣6️⃣
P𝚊𝚛𝚝 0️⃣7️⃣
P𝚊𝚛𝚝 0️⃣8️⃣ 🍁 Bounce 🍁
P𝚊𝚛𝚝 0️⃣9️⃣
P𝚊𝚛𝚝 1️⃣0️⃣
P𝚊𝚛𝚝 1️⃣1️⃣ 🍁Bounce🍁
P𝚊𝚛𝚝 1️⃣2️⃣
P𝚊𝚛𝚝 1️⃣3️⃣
P𝚊𝚛𝚝 1️⃣4️⃣
P𝚊𝚛𝚝 1️⃣5️⃣
P𝚊𝚛𝚝 1️⃣6️⃣
P𝚊𝚛𝚝 1️⃣7️⃣
P𝚊𝚛𝚝 1️⃣8️⃣
P𝚊𝚛𝚝 1️⃣9️⃣
P𝚊𝚛𝚝 2️⃣0️⃣
P𝚊𝚛𝚝 2️⃣1️⃣
P𝚊𝚛𝚝 2️⃣2️⃣
P𝚊𝚛𝚝 2️⃣3️⃣
P𝚊𝚛𝚝 2️⃣4️⃣
🍁 End 🍁
Sσσɳ......🍁

P𝚊𝚛𝚝 0️⃣2️⃣

1.3K 151 6
Por YUNHEE8431

✿.නෙදිෂ් තීර්ථ,
තෙවාන්ගේ සමීපතම මිතුරා

************-


තෙවාන් ආකීල් ......
වයස අවුරැදු 30 යි.......මං හිතුවා හරි ඔහු අපේ වයසම කෙනෙක් .......
වර්ථාවට අනුව නම් ඔහුට ඇත්තේ සුළු තුවාල කීපයකී.."

ජානුල්‍ය නැවතත් එම වාර්ථා හෙදිය අතට ලබා දී රොහල් කුටියන් නික්මුනේ මීලට තිබෙන ශල්‍යකර්ම සඳහා සුදානම් වීමටයි..

┄ॱ॰⋆❀❀❀┈এ⁰ ┈┈┄┈┈

🍁#තෙවාන්

" ඒ තෙවාන් !!!!
උඹ ඇප්ලිකේෂන් රෙජිස්ටර්.කලාද , මොනාද බං වුනේ මඟදී ??
මං මේ සිද්ධිය දැන ගත්තු වෙලාවෙම ආවේ.."

" ඒවා හරි බං....
එද්දි කලබල හින්දා බයික් එක පෙරලුනා ,
දැන් අවුලක් නැ ....
උඹට ඔෆිස් එකේ වැඩ නැද්ද යකෝ .....මේ හදිසියේම කඩාගෙන බිදගෙන ආවේ,
අනික ඩැඩී දැන ගත්තොත් .....?? "

" මං එතන වැඩ යන්තමට එහෙ මෙහෙ කරලා ආවා,
මං බය වුනා යකෝ ,
උඹේ මොබයිල් එකත් වැඩ නැ ඒ අස්සේ ......
අරු මට විස්තරයක් මොකුත් කිවේ නෑ ,
තෙවාන් බයික් එක ඇක්සිඩන්ට් කරගෙන හොස්පිටල් ගිහින් කිවා ......
ෆෝන් එක තිබ්බා .....
මට ඌ එක්කත් මල "

" හරි..හරි... ගනන් ගන්න එපා නෙදියා,
ඌත් එතන වැඩ අස්සේ call කරලා තියෙන්නේ "

" හ්ම්... !
හරි කොල්ලෝ ......
මෙතන වැඩ ඉවර එකේ ,එහෙනම් යමං මං උඹව ගෙදරින් දාලා ඔෆිස් යන්නම් ,
උඹ ටිකක් රෙස්ට් කරපන්........."

" බැ...බං,
බයික් එක පොඩ්ඩක් චෙක් කරගන්න ඕනි,
ඒකරලා එහෙමම ක්ලබ් එකට යන්න වෙනවා මට "

" පිස්සු ද යකෝ.......!
මෙහෙම තුවල තියාගෙන උඹට ක්ලබ් එකේ වැඩ කරන්න බැනේ...
අනික තේවා මං උඹට කියන්නම හිටියේ ,
උඹ ඔතනින් අයින් වෙයන්......
රේස් එකේ වැඩ, ඩාන්සින් ප්‍රැක්ටිස් වැඩ මේ එක්කම ක්ලබ් එකේ වැඩත් උඹට කරන්න බැනේ.."

" නෙදියා...මාත් ක්ලබ් එකෙන් අයින් වෙන්න තමා බං ලැස්ති වුනේ,
ඒත් හදිසියේම අර මාත් එක්ක වැඩ කරපු අනික් කොල්ලාගේ අම්මා අසනීපෙන් කියලා දිගටම වැඩ කරන්න එන්න වෙන්නේ නැ කියලා කියලා ,

මැනේජරයා මට අද උදේම කතා කරලා අහනවා මට දිගට වැඩ කරන්න පුළුවන් නේද කියලා ,

මං අමාරැවේ වැටිලා ඉන්න වෙලාවේ උදව් කරේ පොරනේ ⁣නෙදියා..
මට බැ කියන්න බැරි කමට හා කියන්න වුනා බං

මේවා කල්පනා කර කර එද්දි තමා අර මගුලත් වුනේ..."

" අනේ මංද බං උඹ කොහොමද මේ ඔක්කෝම මැනේජ් කර ගන්නේ ?? "

" නෙදියා .......!!! "

" ම්ම්..."

" මට උඹේන් උදව්වක් ඕනි...."

" කියපන් ........මට උඹ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැනේ තේවා "

" උඹලා ගෙදර ඉදලා ක්ලබ් එකටයි ප්‍රැක්ටිස් කරන තැනයි ලොකු දුරක් එන්න තියනවානේ බං,
මට ඒ කාලේත් වටිනවා බං මේ වේලාවේ හැටියට ......
ඒක නිසා මං ඇනෙක්ස් එකක බැලුවා නවත්තින්න "

බොරැවකුත් නැති ඇත්තකුත් නැ දෙයක් තෙවාන් නෙදීෂ්ට කිවේ ,
තමා උදැසන ගත් තීරණයක් නිසා..

" මොන %@&$*$*** යකෝව් කියන්නේ .......
බෝඩ් වෙන්න ????
තේවා උඹට පිස්සු ද ආ ................,
නැ නැ......... උඹ ගෙදරින් කොහෙවත් යන්නේ නෑ..."

" මේ අහපන් නෙදියා .....
මාත් කැමති නැ ගෙදරින් යන්න , එත් තව හරියටම මාස තුනකින් ඩාන්සින් කම්පිටිශන් එක,
උඹ දන්නවා ඒක තමා මගේ හීනේ කියලා .....
ඒ වෙනුවෙන් තව සති දෙකකින් තියන රේස් එක මං වින් කරන්න ඕනි......
මං අවුරැදු පහක් බලන් හිටියේ මේ වෙනුවෙන් නෙදියා
කලින් බැරි වුන එක මං මේ පාර ඒක කරගන්න ඕනි
උඹ මටත් වඩා ඒ ගැන දන්නවා නේද මචං...ම්ම්..?"

"............"

නේදීෂ් කියන්නේ මගේ දුකට සැපට සහෝද⁣රයෙක් වගේ ලගින් ඉන්න මගේ යාළුවා .......
මං දන්නවා නෙදීෂ් ඉන්නේ දැන් කේන්තියේන් කියලා ...
ඒත් මං මේ තිරණය ගන්නේ ඔක්කොගෙම හොදට

තම මිතුරාට බොහෝ වෙලාවක් කරැණු පහදලා පහදලා යන්තම් ඔහුව තම අදහසට කැමත් කරවා ගත් තෙවාන් ඔහුව පිටත් කර හැරියේ පුළුවන් හැම වේලාවේ නිවසට එනවා යන පොරොන්දුව පිටයි.....

තම මිතුරා⁣ගේ වාහන නොපෙනී යන තුරැ ඒ දෙස නෙත් අල්වා සිටි තෙවාන්ගේ මුවින් පිට වුනේ බරැති සුසමක් .......
තමා ක්‍රිඩා කරන Indoor Racing track පිහිටි ගොඩනැගිල්ලේම ඉදිකර ඇති උද්‍යානයේ කෙලවර වෙන්න අසුන් ගත් තෙවාන්
කල්පනා කලේ මෙතෙක් පටන් තම ජිවිතය උඩු යටිකුරැ කල සිද්ධීන් දාමයයි.....

අද කාත් කවුරුත් නැතුවා සේ මෙසේ තනි වී හිදින්නේ මෙරට ප්‍රසිද්ධිය ව්‍යාපාරයක හිමිකම් දරණ හිමිකරුවකු බව නම් දකින කවුරුත් විස්වාස නොකරනු ඇත.....

ඒ සියලු හිමිකම් අතැර දමා මීට වසර පහකට පෙර තෙවාන් සිය නිවසින් පිටවන්නේ ඇදිවතිනි......

ඊට හේතුව නම් තම සිහින වෙනුවෙන් ඒ නිවසේ ඉඩක් වෙන් වී නැති බැවිනි...

කුඩා කාලයේ පටන් යතුරුපැදිය ධාවන සඳහා මහත් ඇල්මක් දැක්වූ තෙවාන් හට දහනව වන වියේදි සිදුවූ අනතුරක් නිසා මව් විසින් යතුරුපැදිය තහනම් කරන ලදී....

උසස් අධ්‍යාපන වනතුරුත් තමාන්ගේ සිහිනයනයක් වන නර්තන හැදැරීම පියාගෙන් තහනම් වෙද්දි ....
තෙවාන් ගෙව්වේ නීරස දිවියක් කිව හොත් නිවැරදී...

තමා නර්තනටය කොතෙක් දක්ෂ වුවද පියා නැතහොත් තමාගේ සුළු පියාගෙන් එය හේතුවක් නොමැතිව විරුද්ධ විය.

තෙවාන් කුඩා කාලයේම තම පියා අහිමි වෙද්දී මවගේ දෙමාපියන් විසින් නැවත් දෙවන විවාහයක් සිදු කර දෙනු ලැබුවේ .....
තෙවාන් හට සහෝදරයෙක් හා සහෝදරියක් ඔහුගේ දිවියට එක් කරමින්..

කුඩා කල සිටම නිහඬ සීතල චරිතයකට හිමිකම් කියන ලද තෙවාන් තම ⁣සහෝදරයන් සමඟ ලොකු සම්බන්ධකම්ක් නොපැවැත් වුයේ හුදකලාව ඔහුගේ ජිවිතේ කොටසක් වු නිසාවෙන් .....

අවසානයේ නිවැසියන් හා වාද කර සියල්ල අත හැර තමාට අවැසි පරිදි ජිවත් විමට නිවසින් පැමිණි ඔහු හට එතැන් පටන් තම නිවහන වුයේ තම පාසල් මිතුරකු වු නෙදීෂ්ගේ නිවසයි.

ඔහුගේ සැබෑ තතු දන්නේ තම මිතුරා පමණක් වෙද්දී .....
ඔහු කවුරුද යන වග සියල්ලටම රහසක් විය..
මංද තම පවුලේ දරැවන් තිදෙනකු සිටින බව දන්නේ ද සුළු පිරිසක් නිසාවෙනි.......

එයට ප්‍රධාන හේතුව වුයේ තෙවාන් වැඩි පුර කාලයක් නේවාසිකව ගත කිරිම නිසා ,
ඔහු පවුල හා සම්බන්ධ දේකට සහභාගි නොවූ තරම් ..

තෙවාන් අද මේ තිරණය ගන්න හේතු වුයේ ඇත්තෙන්ම අද උදෑසන නෙදිෂ් සහ ඔහුගේ පියා අතර වු වාදය හදිසියේම කන වැකුණු නිසායි........


************************


" නෙදීෂ් !!!!
තමුන් ඊයේ රෑ මොනවද ක්ලබ් එකේ කරේ ???
තමුන් ට ලැජ්ජාවක් නැද්ද මනුසයෝ !........
බිස්නස් ෆිල්ඩ් එකේ මෙච්චර ලොකු තැනක ඉද්දිත් ,
අරැ එක්ක ගිහින් ක්ලබ් එකේ වේටර් වැඩ කරන්නේ
මටත් එක්ක ලැජ්ජායි මිනිහෝ තමුන් මේ කරන වැඩ වලින් !! "

" මොනවද ඩැඩි මේ කියන්නේ .......?
මං ක්ලබ් එකේ වේටර් වැඩ කරන්න ගියා කිවේ කවුද ,
අනික මං තෙවාන් ට හදිසියේම උදව්වක් කලා මිසක
වේටර් වෙන්න ගියේ නෑ......."

ඊයේ ඔහුව ගන්න ක්ලබ් එකට ගිය වේලේ ,
ඔහුගේ සහකයා නැති නිසා තනිවම වැඩ කල ඔහුට පොඩි උදව්වක් පමණයි තමන් කලේ...
ඒත් එක් ඩැඩිට දෙක කරලා කියලා

" ඕකා තමා තමු⁣න්ගේ එකම හෙනේ නෙදීෂ් .........
මතක තියාගන්නවා තමුන් මීට පස්සේ ඌ⁣ගේ වැඩ වලට පස්සේ ගිහින් තිබුනොත් මං නරකයි කියන්න එපා.....!!! "

" ඩැඩී.........!!!!!
අර කොල්ලට ඇහෙයි "

" ඇහුනොත් අහුන ⁣දෙන් ම.......

අද ම⁣ගේ බයික් රේසින් තරගේ රෙජිස්ටේෂන් දවස......
මං උදේම නැගිටලා එන්න හදද්දි නෙදිෂ්ගේ කාමරෙන් ඇහුන සද්දේට එතන නතර වුනේ ක්ලබ් එකේ කතාවක් නිසා.......

අනුන්ගේ දේවල් අහන එක නරක පුරුද්දක්.......
මං ඒ ගැන දන්නවා වුනත් හිත කිවේම නැවතිලා අහපන් කියලා .....

අංකල් තව මොන මොනවද කීවත් අහන්න වුවමනාවක් මට නැති වුනේ ,
ඒ ඇහුන ටිකෙන් දැනේන්න පුළුවන් උපරිම වේදනාවක් දැනුන නිසා...

මං ආයිම රූම් එකට ඇවිත් දොර ලොක් කර ගත්තේ , නෙදීෂ්ට තාම නිදි කියලා අගවන්න .......

ඒ වේලාවේ මං තිරණය කලා..
තවදුරටත් නෙදිෂ්⁣⁣ට මං නිසා බැනුම් අහන්න ඉඩ තියෙන්නේ නැ කියලා .......

*****************




තව මද වේලාවක් පැරණි මතකයන් එක්ක සැරි සැරැ ඔහු........
මදකට අතීතයට සමු දී ක්ලබ් එක වෙත ගියේ වෙන කිසි දේකට තම සිත ඉඩ නොදුන් නිසාවෙනී.....

________________🖋️

🍁#වෙනත්_ස්ථානයක


" තොපිලට හරියට වැඩක් කර ගන්න බැරි ද යකෝ !!!
මං ඊයේ මොනවද කිවේ......
තෙවාන් අද application register කරන තැන ඉන්න බැ කියලා නේද ?
ඌ එතනට එනකන් තොපි පොල් ගෑවද යකෝ.."

" බොස්.......අපි තෙවාන්කාරයාගේ බයික් එක ඇක්සිඩන්ට් කරන්න ගියේ....
ඌගේ වේලාව හොදයි බොස්....
එතනට හදිසියේම ට්‍රැෆික් එකෙන් ආවා,
අපිට පොඩි ඩැමේජ් එකක් විතරයි කරන්න පුළුවන් වුනේ "

" තොපිලනම් මහ..!
මේ අහපන්....... තව දවස් දෙකකින් තියන රේස් එකට ඌ ඉන්න බෑ,
අදම වැඩේ ඉවරයක් කරපන් ,
ඌ දැන් ඉන්න වෙනදා ඉන්න ක්ලබ් එකේ.......
ඌ එනකන් එතන රැකලා ඉදලා වැඩේ කරපන්,
අතකුයි කකුලකුයි කුඩු කරපුවාහම ඇති ! "

" ඕකේ....බොස් ! "

________________ 🖋️

🍁#තෙවාන්


පුරා පැය දොලහකටත් අධික කාලයක් තම කාර්‍ය වෙනුවෙන් වෙහෙසුන තෙවාන් හට සවස්වරැවේ සිටනම් දැනුනේ ගතේ වෙිදනව උත්සන්න ⁣වන බවක්,

සාමාජශාලා කළමනාකරු කිහිප විටක් පැමිණ ඔහුට වැඩ නිමා කර පිටවෙන්න පැවසුවත්,
"තමාට යන්න තැනක් නෑ " යැයි හදවත කෑ ගසා කියද්දි තෙවාන් මුනිවත රැක්කේ ඒවා වචන වලට පෙරලිමට නොහැකි නිසාවෙන්,

නෙදීෂ්ගේ ලැබුණු ඇමතුම් කීපයක්ම මගහැරිය තෙවාන් අවසානයේ ඔහුට කෙටි පණිවිඩයක් තැබුවේ ,
අද මෙහි අද නතරවන බවයි..

තවදුරටත් මේ ඝෝෂාකාරී පරිසරය තුල රැදිමට නොහැකි තැන තම රාජකාරිය සමු දුන් තෙවාන් ඉන් පිටතට පැමිණියේ ......
ගතට නැතත් මනසට හෝ යම් සැනසිල්ලක් ලබා දීමේ අටියෙනි,

එකදු තරැවක් හෝ නොමැති අහස් කුසේ වැහි වලාකුළු අරක් ගෙන ඇත්තේ අන්ධකාරය පමණක් ඉතිරි කරවමින්.......

හාත් පස අඳුර වෙලාගත් පරිසරයේ ⁣ගත හිරි වට්ටමින් හමාගිය තෙතබරිත සුළඟ තව සුළු මොහොතකින් වැස්සක පෙර නිමිති පැවසුවේ තෙවාන්ගේ දෑස අහස් කුස දෙසට යොමු⁣වෙද්දී.......

තමා පිටතට පැමිණයත් යාමට තැනක් නොමැතිව බව නැවත නැවත තම සිතට මතක් කර ගත් තෙවාන් අදුරැ මාවතේ ඉදිරියට ඇදුනේ අරමුණකින් තොරවයි.......

තෙවාන්ගේ සිතට අද දැනෙනන මේ අමුතු මුසල ගතිය,
තව සුළු මොහොතකින් තමාට වෙන්න යන විපතේ පෙර නිමිති බවනම් ඔහු කිසිසේත් නොසිතන්නට ඇත,

අද තමාට වෙන්න යන දේ ගැන කලින් නිකමට හෝ දැනුනානම් ,
ඔහු මේ මෙහොතේ අදුරැ මාවතේ මේසේ කිසිවිටෙකත් තනිවන්නේ නැත......

ඔහු හොද මනෝභායකින් පසු වී නම් නිකමට හෝ තම සිතට දැනෙන අමුත්ත ගැන කල්පනා කරාවී........නමුත්
අද ඔහු ඉන්නේ ගත පමණක් නොව සිත ද අපමණ වීඩාවකින් වෙද්දී අවට දේවල් ගැන පැහැදිලි මනසකින් දකින්න ඔහුට නොහැක..

ඒ නිසාම වෙන්න ඇති එක දෙක වැහි බිඳු තම සිරැර සිප ගනිද්දීත් කිසි ගැගීමක් නොමැත්තකු සේ ඔහු මාවතේ ඉදිරියට ඇදෙන්නේ .......

තෙවාන් යනු ලෙහෙසියෙන් අයෙක්ට මෙල්ල කල නොහැකි අයෙකු වන නිසා ඔහුව දඩයම් කරන්න පැමිණි සහචරයන්ටනම් මෙය ආශිර්වාදාත්මක අවස්ථාවක් විය,

.

.
.
.
.
.
.
.
🍂𝗧𝗼 𝗕𝗲 𝗖𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝒟𝑒𝓈𝓉𝒾𝓃𝓎┄┅┄┅ᥫᩣ
𝒲𝓇𝒾𝓉𝒾𝓃𝑔 𝗕𝘆 | ✍️.....ŋıʂɧą ✿
2022.06.25

___________☘️

📌 මෙය මා විසින් ලියන ලද හිතළුවක් පමණක් වන අතර නම් ගම් සියල්ල මනංකල්පිත වේ...

⛔ මෙහි අයිතිය මා සතු #Nisha වන බැවින් අවසරයකින් තොරව වෙන ස්ථානයක පල කිරිම හෝ උපුටාගැනම තහනම් .....🚫

Seguir leyendo

También te gustarán

3.4K 585 11
~ ආත්මීය ආදරයක ප්‍රේමාන්විත වියරුව ~ " ඔයයි මායි දෙන්නම එක්කෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නෑ. ඒත් ඒක එහෙම නෙවේ. අපි සමාන්තර ලෝක වල නිසා එකිනෙකට සම්බන...
23.5K 4K 16
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අ...
445K 38.9K 33
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
466K 11.2K 88
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."