Without me

By crazyarmygirls

8.6K 1.5K 1.4K

ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණී... More

Broken 01
Broken 02
Broken 03
Broken 04
Broken 05
Broken 06
Broken 07
Boken 08
Broken 09
Broken 10
Broken 11
Broken 12
Broken 13
Broken 14
Broken 15
Broken 16
Broken 17
Broken 18
Broken 19
Broken 21
Broken 22
Broken 23
Broken 24
Broken 25
Broken 26
Broken 27
Broken 28
Broken 29
Broken 30
Broken 31
Broken 32
Broken 33
Broken 34
Broken 35
Broken 36
Broken 37
Broken 38
Broken 39
Broken 40

Broken 20

192 35 31
By crazyarmygirls

මන් ඒ කොණ්ඩෙ සිනිදුවට අතින් පිරිමදින ගමන් ඒ සින්දුව අහන් හිටියා...මගේ කුකීට ඇත්තටම ලස්සනට සින්දු කියන්න පුලුවන්....මගේ හා පැටියා කොහොමත් දක්ෂයිනේ...

"අම්මෝ බලපන්කො අර කෑල්ල දිහා....මාරයි නේ"

"කාත් එක්කද ඒකි අර වාඩිවෙලා ඉන්නෙ...."

මෙච්චර වෙලා ඇස් වහන් හිටිය කුකී එක පාට්ටම ඇස් ඇරියා...මෙයාට ඇහිලද....දැනුත් රණ්ඩුවට යයිද....

අර කොල්ලො ටික අපි දෙන්නා හිටපු බෙන්ච් එක වට කරගෙන හිටගෙන ඉන්නවා...

"ඒ...ඒ බන් පොඩ්ඩක් හිටපන්...මේ අරූනේ...අර අපේ ඉස්කෝලේ ඉන්න අනාතයා නේ..."

උන් ටික එහෙම කිව්වෙ කුකී දිහා බලාගෙන හයියෙන් හිනා වෙන ගමන්....

මොකක්...අනාතයා...මගෙ කුකී...

"ඉතින් මල්ලි...කවුද මේ කෑල්ල...කෙල්ලද ආ....අපි දන්නෙ නෑනේ බන් අනාතයන්ට මෙච්චර හොද කෑලි සෙට් වෙනවා කියලා...."

ආයිත් සද්දෙට හිනා වෙන ගමන් උන් කිව්වෙ මගෙ දිහා බලන් නක්කලේට හිනා වෙන ගමන්...අනාතයෙක්...මුන් කවුද මගේ කුකීට අනාතයෙක් කියන්න..උන් දන්නෙ නැද්ද දන්නෙ නෑ කුකීට හේයොන් කියලා නූනා කෙනෙක් ඉන්නවා කියලා...මන් අද මුන් ටිකට..මන් නැගිටින්න හදද්දිම...

"අනාතයොන්ට මෙච්චර sexy කෑලි වැඩක් නෑනේ...අපිට දීලා පලයන්...අපි පරිස්සමට බලාගන්නම් මේ hot babyව..."

එහෙම කියලා එකෙක් මගේ ළගට එද්දි මන් කුකීගෙ අත තව තද කරගත්තා...ඒ කොල්ලා හැදුවෙ මගෙ මූනට අත තියන්න...

"එක ඇගිල්ලක් හරි තියපන් බලන්න...උබ මන් ගැන දන්නෙ නැති වෙන්න විදිහක් නෑනේ...තියපන් පුළුවන්නං"

නක්කලේට වගේ හිනා වෙවී කුකී කියද්දි මේ ඉන්නෙ මගේ හා පැටියමද කියලා මට විශ්වාස කරන්න බෑ...

"හහ්...උබ හිතන්නෙ අපි උබ වගේ අනාතයෙක්ට බයයි කියලද ආ...මූ බලපන්කො හිතන් ඉන්නෙ හෙන පොර කියලද දන්නෙ නෑ...උබේ කෙල්ලව මන් මෙතනදි කිස් කරනවා...පුළුවන් දෙයක් කරපන්"

ඌ මගේ මූන ළගට එද්දි මන් තවත් ටිකක් කුකීට තුරුල් උණා...මන් බයයි..මේ වගේ දේවල් වලට ගොඩක් බයයි...අර මිනිහා හින්දා ඇති උනු බය තාමත් මගෙ හිතේ හිතේ කොනක හැන්ගිලා තියනවා..

"මොකද්ද තෝ කිව්වෙ..පරයා...ආයි කියපන් බලන්න...තෝ දන්නෙ නෑ මන් තාම කවුද කියලා...උබ මේ මගෙ ඉස්සරහා කිස් කරන්න...ඒකත් මගෙ කෙනෙක්ව...උබට මාව පේන්නෙ මුකුත් කරගන්න බැරි පො&$&යෙක් වගේද...මැරෙන්න ලෑස්ති වෙයන් දැන්..."

එක පාට්ටම අර කොල්ලගෙ අතින් අල්ලපු කුකී උගෙ මූනට ගහපු පාරට ඒ කොල්ලා අඩි දෙකක් විතර පස්සට ගියා...

"අ...අඩෝ මෙන්න... ලේ.. ලේ එනවා.."

"කෝ තොගෙ කට...අර කලින් කියෙව්වෙ මහ ලොකුවට මගෙ ඉස්සරහම කිස් කරනවා කියලා ඉතින් පුළුවන් දෙයක් කරපන්..."

මන් තාමත් බෙන්ච් එකේ හිටපු විදිහටම ඉන්නවා....මාව නිකන් ගල් වෙලා වගේ...

"ආ මගෙ නහය....තමුසෙට අද මම....."

අර කලින් කාපු කොල්ලා ආයි දුවගෙන ආවේ කුකීට ගහන්න

"කුකී බලාගෙන"

මන් කුකීට කෑ ගහද්දිම වගේ කුකී ඒ කොල්ලගෙ අතින් ඇදලා අරන් මූනට දීපු කික් එකට ඒ කොල්ලා මූනත් අල්ලගෙන බිමට වැටුනා....කුකී අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි අර කොල්ලො ටික අඩියෙන් අඩිය පස්සට ගියෙ හරියට නිකන් යකෙක් දැකලා වගේ..

"කුකී....අනේ ඔය ඇති අපි ගෙදර යමුකෝ.. මන් දුවලා ගිහින් කුකීව බදාගෙන කෑ ගැහුවා...."

"අදට බේරුනා කියලා හිතා ගනිල්ලා...මෙයා මෙතන හිටියෙ නැත්තන් මන් තමුසෙල ඔක්කොම ඉවරයක් කරනවා"

මිනී මරන ටෝන් එකකින් කුකී ඒ ටික කියද්දි නං මටත් හික් ගෑවුනා...මන් කුකීවත් ඇදගෙන ඉක්මනට ගේ පැත්තට ආවේ කුකී තාමත් අර කොල්ලො ටිකට සාප කරද්දි....

මේකා දැන් වටේ ඉන්න හැමෝමත් එක්ක මරාගන්නවා බොහොම වැඩී...අනිත් එක මොකද්ද ඒ අනාත කතාව....කුකීට මන් ඉන්නවනේ...මදෑ ඉදලා ඉදලා අයිස්ක්‍රීම් කන්න ආවා...

මන් ගෙදර ලිවින්ග් රූම් එකට යනකන්ම කුකීගෙ අත අත ඇරියෙ නෑ...

ලිවින්ග් රූම් එකේ සෝෆා එකෙන් කුකීව ඉන්දලා මන් ඉක්මනට කිචන් එකට ගිහිල්ලා වතුර එකක් අරන් ඇවිල්ලා කුකීට දුන්නා...එයා එක උගුරට වතුර එක ගහලා ඉදගෙන හිටපු තැනින් නැගිටලා මගෙ ගාවට ආවා...කුකී අඩියක් ඉස්සරහට එන්න එන්න මන් අඩියක් පස්සට ගියා...

"කොහෙද පස්සට යන්නෙ ඔහොම නවතිනවා"

මේ මොකෝ මේ කොල්ලට වෙලා තියන්නෙ...බයත් හිතෙනවා...හරිනම් මමයි මෙතන මෙයාව බදාගෙන අඩන්න ඕනේ...

"ආයි රෑට තනියම පාරෙ ගිහින් මට අහු උනොත් මැරෙන්න ලෑස්ති වෙනවා..."

භයානක ගැඹුරු වොයිස් මගෙ මූන ළගටම ඇවිල්ලා කියපු කුකී හා පස්සත් ගස්ස ගස්ස රූම් එකට ගියා....

"යා කොහෙද යන්නෙ මට දැනගන්න ගොඩක් දේවල් තියනවා ඔයාගෙන්"

මන් කුකී පස්සෙන්ම රූම් එකට දිව්වා...මන් යද්දි කුකී හොදට ඇදේ ඇල වෙලා ඉන්නවා...මාත් ඇද ලගට ගිහින් කුකීගෙ එහා පැත්තෙන් ඇල වෙද්දි එයත් මගේ පපුව උඩින් ඔළුව තියාගෙන මාව බදාගත්තා...

" කුකී....ඔයා ඒ හිටපු කොල්ලන්ව දන්නවද"

"හ්ම්ම්"

"ඒ කොල්ලො ටික ඔයාගෙ ස්කූල් එකේද?"

"හ්ම්ම්"

කුකී පැටියෝ....ඇ..ඇයි එයාලා ඔයාට එහෙම කතා කලේ....ඔයාට කවුරුත් නෑ කිව්වෙ....කවුරු නැතත් ඔයාට මන් ඉන්නවනේ....

මට මේ ටික කුකීගෙන් අහන්න ඕනෙ උනත් මන් කටවහගෙන හිටියෙ මන් එයාගෙන් ඒ ගැන අහලා මගෙ කුකීට ආපහු පරණ දේවල් මතක් කරන්න ඕනෙ නැති හින්දා....මන් හොයා ගන්නම්කො මේ ගැන....

"ටේට දැන් කොහොමද කුකී....එයාලගෙ ගෙදර ප්‍රශ්න විසදුනාද..."

ටේ තමයි මන් නැති වෙලාවට මගෙ කුකීව බලාගන්නෙ...එයා කුකීගෙ හොදම යාලුවා...මේ දෙන්නා හරියට සහෝදරයො වගේ...මන් කුකීගෙ වගේම ටේගෙත් නූනා...ඒ තරමට මේ කොල්ලො දෙන්නම මට පන ඇරලා...

"හ්ම්ම්"

"යා.....හැමදේටම හ්ම්ම්...හ්ම්ම් ගාන්නෙ මොකද ආ....තමුන් හාවෙක් මිසක් බකමූණෙක් නෙවෙයි"

මන් මගෙ පපුව උඩ තිබ්බ කුකීගෙ ඔලුගෙඩියටත් පාරක් ගහන ගම්න් හූ තිබ්බා....ඇයි වදේ...මට කතා කරන්න කියලා ඉන්නෙත් මෙයා විතරයි..අනිත් එක කතා කරන්න හම්බෙන්නෙත් රෑට විතරයි...එතකොටත් හ්ම්ම් හ්ම්ම් ගානවා...

"නූනා...."

.

.

.

~By crazyarmygirls~

______________________

Vote & comment pls~

To be continued~

Continue Reading

You'll Also Like

66.7K 9.1K 35
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
158K 10.8K 22
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
66.1K 5K 29
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
10.9K 2K 21
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️