DUΛL⏳ ( Completed )

By Armygirl920

8.5K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Tears ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Are you happy ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Love ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Save You ..

171 45 23
By Armygirl920


එලිවෙද්දි නළලට දැනුන උණුසුම් තොල් වල පහසත් එක්ක ටේහ්‍යුන් හීනෙන්ම හිනා වෙලා තවත් ටිකක් නින්දට වැටුනා...

පැයක් විතර යද්දි තමන්ගේ එහා පැත්තේ තිබුන උණුසුම නැතිබව දැනිලා කොල්ලා ගැස්සිලා ඇහැරවුනා...
" අහ්... ස්ස්... යු යුන්... ? "
ගැස්සුන පාරට එයාගේ තුවාලේ ටිකක් පෑරුනත් කොල්ලා ඒකත් අල්ලගන තමන්ගේ එහා පැත්තේ ඇදේ තිබ්බ හිස්තැන දිගේ අත ගෙනිච්චේ මොකක්දෝ අමුතු හිස්බවක් හිතට දැනෙද්දි....

" එයා උයන්න යන්න ඇති... "
එයා එහෙම තනියම තමන්ටම කියා ගත්තේ ඇයි කියන්නත් කොල්ලා දන්නේ නෑ...

" යුන්..... ඔයා උයනවද.... ? පණ... "
කොල්ලා බැහැ ගන්න අමාරු නිසා ඇදේ ඉදන්ම කෑගැහුවත් kitchen එකට තමන්ව නෑහෙන බව කොල්ල දැනන් හිටියා...
ඒ නිසාම එයා උත්සාහ කලේ අමාරුවෙන් හරි ඇදෙන් බහින්න..

හේතුවක් නොදැනම හිතට දැනුන බය නිසාම කොල්ලා ඉක්මන වැඩි කලා....
" අහ්..... ස්..ම්ම්.. "
තුවාලෙත් අතකින් තද කරගන එයා තනියම ඇදෙන් පහලට හෙමින් හෙමින් කකුල් දෙක දාගත්තා....

නැගිටගන්න තරම් කකුල් වල වේදනාව සමනය වෙලා නැති උනත් එයාට ඕනි උනා නැගිටින්න...

එයාට ඕනි උනා දුවලා ගිහින් kitchen එකේ උය උය ඉන්න තමන්ගේ බිරිදව පිටිපස්සෙන් වැලදගන්න...

එයාට ඕනි උනා කෙල්ලගේ බෙල්ල පුංචි පුංචි හාදු වලින් තෙමන්න...

ඒ එක තොලක් අල්ලගන ඒ රසය අමතක නොවෙනකන් විදින්න ...

කවදාවත් නැති තරමට අද එයාට කෙල්ලව ඕනි උනා... කෙල්ලව දකින්න ඉවසුම් නැති උනා...

ඒ නිසාම අමාරු පිටම එයා ඇද විට්ටම අල්ලගන කකුල් දෙකෙන් හිට ගත්තේ ඉන ලග ඉදන් කරන්ට් එකක් වගේ වේදනාවක් කකුලේ ඇගිලි වෙනකන්ම ගමන් කරද්දි....

ඉනත් අල්ලගන ටිකක් නැමීගනම කොල්ලා බිත්ති අල්ල අල්ල කාමරෙන් එලියට ආවේ කොච්චර හදිස්සිය තිබ්බත් වෙනදා වේගෙට වඩා පස් හය ගුණයක් හෙමින්....

" යුන්...... කෝ ඔයා...... මාව ඇහෙන්නේ නැද්ද... "

" ආයිශ් මේ කෙල්ල සිංදු කිය කිය උයනවා ඇති... මාව ගානක් වත් නෑ... "
කොල්ලා තනියම හිනා වෙලා පඩියෙන් පඩිය බැස්සේ අත්වැට අල්ලගන ඒකට බර දීලා..

" යුන්.. "
කොල්ලා සාලේ ඉදන් කතා කලත් කිසිම ප්‍රතිචාරයක් නැති උනාම නම් එයාගේ මූණේ තිබුනු හිනාව මැකිලා ගියා...

" ප පණ... ය් යුන්.... ඔයා ඉ ඉන්නව නේද.... "
ගැස්මත් එක්කම කොල්ලා ඉනත් අතකින් මිරිකගන kitchen එකට ගියේ ඇවිදින වාරයක් ගානේ මැහුම් ඇදෙද්දි දැනුන වේදනාවට වඩා හිතේ ඇති උන බය වැඩි නිසා...

සාලේ වගේම Kitchen එකෙත් එයා බලාපොරොත්තු උනු කෙනා හිටියේ නැති උනාම කොල්ලගේ පපුවේ අමුතු හිරියක් ගියේ තමන්ට හිතෙන දේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්....

" අන්ද්වේ යුන්... ආනී අනේ යුන්... කෝ ඔයා... "
එන්න එන්නම කොල්ලට පෑරෙන තුවාලේ අමතක වෙන්න ගත්තා.. කොර ගගහා එයා මුලු ගේ හැමතැනම ගියේ අඬ අඬා කෙල්ලගේ නම කෑගගහා..
ඒත් කිසිම පිළිතුරක් ලැබුනේ නෑ....

" අනේ පණ... ඔයා මාව දාලා ගියාද යුන්... "
පඩියක් උඩ ඇද වැටෙන ගමන් කොල්ලා කදුළු හල හල අත්වැටට ඔලුව තියා ගත්තේ කෙල්ල ගෙදර නෑයි කියලා තේරුන නිසා...

" දෙයියනේ ... අහ්.. අනේ යුන්.. මට රිදෙනවා... අනේ ඇයි පණ මේ ... අනේ මාව දාලා ගියාද ඔයා..

ඇයි දෙයියනේ අපිට මෙහෙම වෙන්නේ.... "
කොල්ලා ආයෙත් කදුළු හල හල එතනින් නැගිට්ටේ සාලේ මේසේ උඩ තිබ්බ phone එක ගන්න...

ඒ හැරෙනවත් එක්කම එයා දැක්කේ kitchen එකේ මේසේ උඩ තිබ්බ භාජනේ....

ඉනත් අල්ලගන කොල්ලා වැටි වැටී දිව්වේ මේසේ ලගට...
එතන තිබුනේ පොඩි ප්ලාස්ටික් භාජනයක් තව කොල ටිකකුත් එක්ක ... කොල්ලා ඉක්මනට භාජනේ පියන ඇරියා...

ඒකේ තිබුනේ සුප් එකක්... තවමත් රස්නේ රැදිලා තිබුන සුප් භාජනේ දැක්කම කොල්ලට හිර කරන් හිටිය ඉකිය පාලනේකින් තොරවම පිට වුනේ මේසෙට හේත්තු වෙලා එයා කෑගහලා අඩද්දි....

ඒ එක්කම එයා අතට ගත්තේ භාජනේට යටින් තිබුනු කොල ටික...

" Divorce Papers ... ? "
කදුළු හල හල එයා ඒකේ හැම කොලයක්ම පෙරලුවා... මේසේට හේත්තු වෙලා එයා ඔක්කොම කොල පෙරලලා අන්තිම කොලේ බැලුවේ ලොකු චකිතයකින්....

" අනී..... හ් අනියා.. අනේ යුන්.... "
කොල්ලගේ අතින් කොල ටික මේසෙ උඩට අතෑරුනෙ කෑගැස්සිලා....
එයාගේ හීනි දිග ඇගිලි ඇතිල්ලුනේ ඒ අන්තිම පිටුවේ අගින් තිබුනු කෙල්ලගේ අත්සන උඩ...

අතකින් නළල මිරික ගන්න ගමන් කොල්ලා ඉකි ගගහා phone එක අතට ගත්තා...
" අනේ පණ ආන්ස්වර් කරන්නකෝ... "
කෙල්ලගේ phone එක වැඩ නැති තැන කොල්ලා ආයෙ ආයෙත් ඒකට කෝල් කලේ පිස්සෙක් වගේ...

තදින් හුස්ම ගන්න ගමන් කොන්ඩෙත් අවුස්සගන එයා එන්න එන්නම ලේ ගලන තුවාලෙවත් නොසලකා phone එකේ කෝල් බට්න් එක කැඩිලා යනකන්ම ඒක එබුවා....

" දෙයියනේ ඔයා කොහෙද ගියේ ඉයුන් බී .... අනේ මෙහෙම කරන්න එපා.. "
කොල්ලට හිතා ගන්න බැරි උනා ඇත්තටම කෙල්ල කොහෙට ගිහින්ද කියලා...

එයා ආයෙම කෝල් එකක් ගත්තා...
" යොබුසෙයෝ පාර්ක්... "

" දේ ටේහ්‍යුන් සර්.. කියන්න... "

" ඔයාට කියලද යුන් papers හදෝ ගත්තේ... ඇයි මිනිහෝ මට කිව්වේ නැත්තේ... "

" සර් අඬනවද..... අනේ සමාවෙන්න සර් ... මිස් කිව්වා කියන්න එපා කියලා... ඒ සර් ගේ වයිෆ් නේ මම කොහොමද පිටින් යන්නේ...

ඇයි සර් මිස් එක්ක රණ්ඩු උනාද..."

" එයා ගෙදරින් ගිහිල්ලා පාර්ක්... "
කොල්ලා නළල අල්ලගන කියද්දි පාර්ක්ටත් හීල්ලුනා...
" එයා යන තැනක් ඔයාට කිව්වද... "

" අනේ නෑ සර්.. මට කිව්වේ නෑ.. "

කෝල් එක සැනින් කට් කරලා කොල්ලා අතේ පිට අල්ලෙන් කදුළු වලට පෙගුනු කම්මුල් තදින් පිහිදාලා ආයෙත් කෝල් එකක් ගත්තා...

" යොබුසෙයෝ ... "

" යොබුසෙයෝ ඔම්මා... මම ටේහ්‍යුන් .. "

" අහ් අදල්... අනේ ඉ ඉතින් කොහොමද අදල්... "

" ඔම්මා... මට ඇත්ත කියන්න... යුන් ඔහේ නේද .. ? "
කෙල්ලට යන්නයි කියලා තියෙන්නේ එකම තැනක් බව ටේහ්‍යුන් දැනන් හිටියා...

ඒත් කෙල්ල ආපහු Club එකට වත් ගිහින්ද කියන බයත් කොල්ලට තිබුනා...

" යු යුන්... අ අනේ දරුවෝ ඇයි ඔයාලා රණ්ඩු උනාද... "
මිසිස් කිම් ගේ කතාබහ ටේහ්‍යුන් අහගන හිටියේ හූල්ලන ගමන්....

මුකුත් උත්තරයක් නොදීම කොල්ලා කෝල් එක කට් කලා....

" යුන් අනේ මාව දාලා යන්න එපා.. මම කොහොම හරි ඔයාව හොයා ගන්නවා... "
කොල්ලා කදුළු පිහිදාගන කොර ගගහම සාලේ මේසෙඋඩ තිබ්බ කාර් එකේ යතුරත් අරන් එලියට බැස්සේ කෙල්ලව හොයාගන්න සිහියෙන්...

" කරුණාකර බීප් නාදයෙන් පසු ඔබගේ පණිවුඩය ලබා දෙන්න... "

" ආනී යුන් ... ඔයාව මම divorce කරන්නේ නෑ... කවදාවත් ඒක නම් මගෙන් ඉල්ලන්න එපා...

මම දන්නවා ඔයා මාව බේර ගන්න මේක කරන බව... ඒත්.. ඒත් මට බෑ යුන්... මට ඔයා නැතුව ඉන්න බෑ... මියානේ පණ... "

කෙල්ලට voice message එකක් යවලා කොල්ලා වාහනේ ස්ටාර්ට් කරගත්තේ දැනටමත් තුවාලේන් ආව වේදනාවට ඉහෙන් කනෙන් දාඩියත් දාද්දි....

******

ටේහ්‍යුන් කතා කරලා කෝල් එක කට් කරපු ගමන් මිසිස් කිම් phone එකේ රිසීවර් එක තියලා හැරුනේ මිස්ටර් කිම් ගේ පැත්තට ...

" ටේහ්‍යුන් .... අදල්... "
එයා එහෙම කියලා හුස්මක් පිට කලා....

" එයා මගේ හිත කියවන එක තාම අතෑරලා නෑ ඔම්මොනී... "
මෙච්චර වෙලා සෝෆා එකේ වාඩිවෙලා හිටිය කෙල්ල තොලක් හපාගන එතනින් නැගිට්ටා...

" දුව දැන් මොකද කරන්නේ.. එයාට මේක ලොකු දුකක් වෙයි ... "
මොනා උනත් මිසිස් කිම් ට බෑ තමන්ගේ අදල් ට ඒ තරම් දුකක් ගේන දෙයකට උදව් කරන්න...

ඒත් එයත් දන්නවා කෙල්ල කරන්නේ මොකක්ද ... ඒ වගේම ඒකට හේතුවත්....

******

කාමරේ ජනේල් පඩිය උඩ වාඩිවෙලා කෙල්ල එලිය බලාගන ඉද්දි එයා දැක්කා ගේට් එකෙන් ඇතුලට දාන ටේහ්‍යුන් ගේ වාහනේ...
කෙල්ල ලොකු හුස්මක් අරන් ජනෙල් පඩියෙන් බැහැලා කර්ට්න් එකට මුවා උනා...

එයා බලන් හිටියා කොල්ලා තුවාලෙත් එක්ක අමාරුවෙන් වාහනෙන් බහින හැටි...

ඉනත් අල්ලගන වාහනේට හේත්තු වෙලා දොර වහලා හදිස්සියේ ඇතුලට එන්න කොර ගගහා අඩි තියන හැටි...

හුස්මක් පිට කරලා කෙල්ල ඇදෙන් වාඩි උනා...

.
.

" යුන්... යුන් ඔයා ඉන්නව නේද.. අහ්... "
පඩිපෙලේ පැටලි පැටලි කොල්ලා උඩට එන සද්දෙ ... එයාගේ තුවාලේ පෑරෙද්දි කොල්ලගේ කටින් පිට වෙන කෙදිරිලි ... මේ හැමදේම කෙල්ල ඇදේ සන්සුන්ව වාඩිවෙලා අහගන හිටියේ ඇස් තදින් පියාගන ලොකු වේදනාවකින් පිච්චි පිච්චි....

" අදල් එයා මෙහෙ නෑ... ඔය දරුවෝ බලාගන ... දෙයියනේ ඔයාට මෙච්චර තුවාලයක් වෙලත් ඇයි අදල් කිව්වේ වත් නැත්තේ.... "
මිසිස් කිම් කෑගහද්දි මිස්ටර් කිම් උපරිම උත්සාහ කලේ කොල්ලව නවත්ත ගන්න උනත් අප්පගේ අත ගසලා දාපු කොල්ලා ආයාසයෙන්ම පඩිපෙල නගින්න ගත්තා...

ඒ එක්කම කෙල්ලගේ කාමරේ දොර වේගෙන් ඇරිලා ගිහින් බිත්තියේ වැදුනේ ටේහ්‍යුන් තල්ලු කරපු නිසා..

" යුන්... අනේ දෙයියනේ ඔයා ඇයි මෙහෙම කරන්නේ පණ... "

" ආයිශ් ආයෙත් ආවද.... "
ඇදේ විට්ටමට හේත්තු වෙලා හිනා වෙවී Phone එකේ මොනාදෝ බල බල හිටිය කෙල්ල ඇදෙන් පැන්නේ කොල්ලට රවාගන...
" මම ඔය යුන් නෙවෙයි.... පාඩුවේ යනවකෝ... "

කොල්ලව එක මොහොතකට නතර උනා...
" එතකොට උදේ ගෙදරින් ආවේ ඔයාද ඉයුන් බී ... ආහ් මම දැනන් හිටියා මගේ යුන් එහෙම නොකරන බව...

මම දැනන් හිටියා එයා divorce එකට අත්සන් නොකරන බව... මේවා ඔක්කොම කරන්නේ ඔයා එහෙනම් නේ.. "
කොල්ලගේ මූණේ ඇදුන සැනසීම දැක්කම කෙල්ලගේ අතක් මිට මෙලවුනේ ටේහ්‍යුන් තමන් ගැන මේ තරම් ඉවසන එකට...

කොල්ලා තමන්ව මේ තරම් විශ්වාස කරන එකට....

තමන්ට දරාගන්න බැරි තරම් ආදරයක් එයා තමන් වෙනුවෙන් ඉතුරු කරන එකට...

කොහොම නම් කියන්නද ඒකට අත්සන් කලේ තමන් මයි කියලා...
කොල්ලගේ ඇස් ... ඒවා දිහා බලාගන කෙල්ලට කතා කරගන්නවත් බැරි උනා...

" විකාර කියවන්නේ නැතුව යනවා යන්න... "
කෙල්ල ආයෙම ඇදට පැනලා කොල්ලට රවලා කෑගහද්දි ටේහ්‍යුන් තුවාලෙත් අල්ලගන බිත්තියට හේත්තු උනා...

" අනේ යුන්... මට මෙහෙම ඉන්න අමාරුයි ... මට රිදෙනවා යුන්... අනේ ආපහු එන්න කෝ.. අපි treatments කරමු.. මම පොරොන්දු වෙනවා ඔයාව හොද කරන්න....

අනෙ පණ ම... "

" ආයිශ් යනවකෝ වදේ.. මම කිව්වනේ ඔය treatments වලට මම යන්න එන්නේ නෑ... මට ඕනි මෙහෙම ඉන්න...
ඔයා ගෙදරින් නොයන එකේ මම ගියේ... ඒ පාර මෙහෙටත් ඇවිල්ලා... "
කොල්ලා දිහාවට කෙල්ල දැම්මේ අප්‍රසාදය පිරුනු බැල්මක්..

ඒත් තවමත් එයාගේ ගුලි උන අත ලිහිල් නොවී එන්න එන්නම තවත් තමන්ගෙම නියපොතු කෙල්ලගේ අල්ලට තද උනේ කොල්ලගේ අසරණ වචන වලට...

කෙල්ලට නොපෙනුනා නෙවෙයි එයාගේ වේදනාව... දැනටත් ඇදුමේ පැත්තක් ලේ වලින් තෙත් වෙලා..

කෙල්ලට ඕනි උනා හැමදේම හරි කියලා කොල්ලගේ තුවාලෙට බෙහෙත් දාලා එයාව වැලදගන්න...
මම ලගින් ඉන්නම් කියලා ඒ නළල සිපගන්න...

ඒත් එයාගේ අවසන් හාදුව එයා ගෙදරින් එද්දි ටේහ්‍යුන් ට දීලා ආවේ ආපහු හැරෙන්න හිතන් නෙවෙයි....
තමන්ගේ තොල් එයාගේ නළලට තියද්දි කොල්ලගේ මූණේ ඇදුනු හීන් හිනාව කෙල්ලගේ ඇස් ඉස්සරහ එයා දකින අවසාන හිනාව උනා...

හිත ගලක් කරන් එයා ගෙදරින් එලියට බැස්සේ ටේහ්‍යුන් ගෙම හොදට....

" අදල් ඔයාගේ තුවාලෙන් ලේ එනවා... අනේ එන්න මම බෙහෙත් ටිකක් දාන්න.. "
මිසිස් කිම් කොල්ලගේ තෙත් වුනු ඇදුමෙන් අල්ලගන කොල්ලට කතා කලත් ටේහ්‍යුන් කලේ ඔම්මට රැව්ව එක..

" ආනී ඔම්මා... එයා මට බෙහෙත් දායි... ඔයා ඉන්න.. "
කොල්ලා ඔලුවෙන් පෙන්නුවේ රතු උනු ඇස් වලින් තරහින් බලන් ඉන්න කෙල්ලව...

" විකාරද ඔහෙට.... මම දොස්තර යෑ... ඕනි තැනකට ගිහින් බෙහෙත් කර ගන්නවා.. "
කෙල්ල සැනින් ජනේලේ ලගට ගිහින් කොල්ලට පිටිපස්ස හරෝගත්තේ ටේහ්‍යුන් ගේ සුදුමැලි මූණේ වෙනස් වීම .. ලේ එන තුවාලේ ...ඒ තිබුනු බලාපොරොත්තු සහගත හිනාව බලන් ඉන්න බැරි නිසා....

" මම ඔයා බෙහෙත් දානකන් මෙතන හිටගන ඉන්නවා යුන්... මම දන්නවා ඔයා ආපහු එයි... ඔයා මා එක්ක ගෙදර යයි... "
පිටවෙන්න දගලන කදුළු හංගගන කොල්ලා ඉකිය අස්සෙන් කෙල්ලට එහෙම කිව්වේ දැනටත් පණ නැති කකුල් දෙකෙන් ආයාසයෙන් හිට ගන්න ගමන්....

කෙල්ල තොලක් හපාගන ජනේලේ තදින් අල්ල ගත්තේ ගුලි උන අත දිග නෑරමයි...
හිතේ තියෙන වේදනාව පිට කරන්න කෙල්ල තමන්ගේ අත ගුලි කරගන තද කරගත්තා....

ඉවසලා ඉවසලා බැරිම තැන කෙල්ල ආපහු හැරුනා..
" මො මොන විකාරයක්ද මේ... තමුන් යන්නේ නැත්තන් මම යන්නම්... "
කොල්ලා දැනටත් සුදුමැලි වෙලා හිටියේ..
බිත්තියට හේත්තු වෙලා එයා අමාරුවෙන් හුස්ම ගන්නවා කෙල්ල කොහොම නම් බලන් ඉන්නද....

ඒත් එයාට ඕනි උනා කොල්ලව ගෙදර යවන්න...
ඒ නිසාම එයා අඩ අඩා ඉන්න මිසිස් කිම් වත් පහුකරගන කාමරෙන් එලියට ගියා...

" යුන්.... අහ් අනේ හ්හ් යුන්... "
කොල්ලා මිසිස් කිම් වත් එහාට කරගන කෙල්ලගේ පස්සෙන් වැටි වැටී ගියත් කෙල්ල කලේ ගිහින් දොර ඇරපු එක...

" දැන්මම යනවා.... මට කියලා තවත් තුවාල කර ගන්නේ නැතුව හස්බන්ඩ් ... "
කෙල්ල තද රතු ඇස් වලින් කියද්දි ටේහ්‍යුන් අසරණ වෙලා වේලිලා ගියපු තමන්ගේ තොල් තෙත් කරගත්තා...

" දැන් ඔයාගේ බෙහෙත් වෙලාව පණ... අනේ ඒවා වෙලාවට නොබිව්වොත් ඔයාට අමාරුවෙයි... මම ඒ ටික ගේන්නම් හාද..

අනේ Princess මා එක්ක යන්න එනවා නේද ඊට පස්සෙවත් ම්ම්... "
ටේහ්‍යුන් ව ඇදලා එලියට තල්ලු කරපු කෙල්ල බලන් හිටියේ ඒ මූණේ ඇදුනු ආදරේ...

කොයිතරම් දේවල් කිව්වත් කොයිතරම් රිද්දුවත් ටේහ්‍යුන් කෙල්ල දිහා බැලුවේ ආදරේ වෑහෙන ඇස් වලින් විතරමයි...
කෙල්ලගේ දුර්වලතාව උනෙත් ඒකමයි....

ඒත් ඇත්තටම ඒ ආදරේ කෙල්ලට ලොකු බරක් උනා... ටේහ්‍යුන් ගේ නිමක් නොවෙන ආදරේ නිසා කෙල්ල පිස්සෙක් වෙන තරම් කොල්ලට ආදරේ කලා...

ඒත් ඒකෙන් උනේ ටේහ්‍යුන් ගේ ජීවිතේ විනාස උන එක... ඒ ඉයුන් බී ගේ මතය...

ඒත් ටේහ්‍යුන් ට අනුව නම් කෙල්ල තමන්ගේ ජීවිතයට ආවේ සතුට වගේම තනිකම දුරු කරන කුමාරිකාවක් විදියට....

තමන්ගේ ජීවිතේම කනපිට හැරිලත් එයා හිටියේ කෙල්ලගේ පැත්තේ...

අවසානය වෙද්දි ටේහ්‍යුන් ට ඉයුන් බී කියන්නේ එක ඇබ්බැහි වීමක් උනා....

ඒ ඇබ්බැහි වීම කෙල්ලගේ අහින්සක ඇස් වගේම ඒ ආදරේ උනා...

ඉයුන් බී ට අනුව ටේහ්‍යුන් ගේ අතින් උන වැරැද්ද තමන්ව කසාද බැන්ද එක ...

ඒත් ටේහ්‍යුන් ට අනුව තමන්ගේ වැරැද්ද එදා තමන් කෙල්ලව අතෑරලා මාස හයක් එයාව තනි කරපු එක...

එකිනෙකාගේ ආදරේ නිසා ඔවුනොවුන් වැරැද්ද දාගන්න එකෙන් අවසානයේදී දෙන්නම එකිනෙකාගෙන් දුරස් වේවිද... ?

.
.
.

___________________________________________

මේ දවස් වල ටිකක් රෑ වෙයි ලමයි හොදේ....
අනේ ටිකක් වැඩ...

ම්ම් ඉතින් අද නම් ලියවුනා හොද මදිද මන්දා... 😥

ඉතින් ඔයාලම කියන්නකෝ මොනා වෙයිද...
තව කොටස් තුනක් හෝ හතරක් යයි...

අනේ හෙට එකක් දෙන්න හිටියේ මේකෙන්... ඒත් යාලුවෙක් ගෙදර එනවා කිව්වා...
මට ලියන්න විදියක් නෑ ළමයි...
🥲🥲

අනේ අනිද්දට දෙන්නම් කෝ හොදේ...

යන්නම්
Borahae
💜️💜️💜️

__Candy__

Continue Reading

You'll Also Like

31.9K 5.1K 29
Title - Falling In Love In The Supernatural World Author - 即墨遥 Total Chapters - 47 Genre - Horror, Romance, Action, Shounen Ai Eng Tranator - Vivian...
16.2K 1.6K 22
ကျုပ် ရွက်ရှိန်းကို သဘောကျရတဲ့အကြောင်းရင်းကတော့ ရွက်ရှိန်းက ရွက်ရှိန်းဖြစ်နေလို့ပါပဲ..
145K 14.5K 27
Zhang Chenfi(ကျန်းချန်ဖေး)ဟာ Car Accidentကြောင့် ဦးနှောက်ကိုထိသွားပြီး သူ့ကိုယ်သူ Novelထဲက ဇာတ်ကောင်လို့ ထင်သွားပါတော့တယ် Jiao Qi(ကျောင်းချီ)ကလဲ...