DUΛL⏳ ( Completed )

By Armygirl920

8.2K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Tears ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Are you happy ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Love ..

198 46 24
By Armygirl920

සිහිය නැතිව ඔලුවත් අල්ලගන බිම ඇදවැටුනු කෙල්ලට ටිකක් වෙලා යද්දි සිහිය ආවා...
" ම්ම්හ්... ආහ්.. ම මගේ ඔලුව.. හ්හ්... "
ඔලුවත් අල්ලගන මේසෙට බරදීලා නැගිටින අතරේ කෙල්ල දැක්කේ එයාගේම අත් ලේවලින් නෑවිලා තියෙනවා...

" ල් ලේ... අහ්... අන්ද්වේ .. අන්ද්වේ ඉයුන් බී හ්... !! අනේ ටේ.. අනේ එහෙම නම්...

දෙයියනේ ... ටේ... !!! "
කෙල්ල ඔලුවත් බදාගනම දුවන් යන්න හැරෙද්දි එයා දැක්කා ලේ පෙරාගන බිම වැටිලා ඉන්න ටේහ්‍යුන් ව...

කෙල්ලගේ කකුල් පණ නැතුව ගියත් එයා උපරිම වේගෙන් කොල්ලා ලගට දිව්වා...
" අ අනේහ්.. අනේ කතා කරනකෝ ටේ... දෙයියනේ මම මොනාද මේ කලේ... අනේ ටේ ඔහොම ඉන්න එපා. "
කොල්ලගේ පණක් නැති අත් එකට කරලා පපුවට තද කරගන්න ගමන් කෙල්ල කෑගහලා ඇඩුවේ කදුළු පිට නොවෙන තරම් ශොක් වෙලා...

" ඩොක්ටර් ... ඩොක්ටර් ට කතා කරමු... "
කෙල්ල දිව්වේ ටේහ්‍යුන් ගේ phone එක හොයාගන...

ඒක තිබුනේ කොල්ලගේ කාමරේ... කෙල්ල ඉක්මනට Contact list එකෙන් නම්බර් එක හොයලා කෝල් කලේ එදා එයාගේ අතට බෙහෙත් දාන්න ආව ඩොක්ටර් ට...

.

.

" අනේ දෙයියනේ මම ... මම නේද ඔයාට.. අහ්.... මම නිසයි ටේ.. මමයි ඔයාට ඇන්නේ.. අනේ... ලේ යනවා... "
කෙල්ල සෝෆා එකට හේත්තු වෙලා සිහි නැතුව ඉන්න කොල්ලගේ බඩේ තිබුනු තුවාලෙ අත්දෙකෙන්ම තද කරේ ලේ යන එක අඩු කරන්න..

" අ අහ්... ඒක.. තද කරන්න.. එ එපා.. "
ආයාසයෙන් කොල්ලගේන් වචන පිටවුනේ කෙල්ලගේ කදුළු තවත් අලුත් වෙද්දි...

" ඩොක්ටර් එනවා ටේ.. අ අනේ ඉන්න ටිකක්... අනේ ටේ හො හොදටම ලේ යනවා... "
කෙල්ල බයට වගේම වේදනාව තරහව ඔක්කොම එකට කදුළු කරලා ඇරියේ ටේහ්‍යුන් අතක් බිමට බර කරලා වේදනාවෙන්ම තවත් ටිකක් සෝෆා එකට පිට හේත්තු කරගනිද්දි..

" අ... ම මම හොදින් යුන්... බය නොවී ඉන්න හොදද... අඩන්න එපා ප... පණ.. ඒ ක එච්චර අමාරු න් නෑ... "

" කොජිම්මල් ..... !! ඇති ටේ.. කතා කරන්න එපා.. ලේ යනවා දෙයියනේ ... මම මොකද කරන්නේ.. අහ් ... අනේ.. "
කෙල්ලත් අඩ අඩම කොල්ලගේ තුවාලේ අල්ලන් හිටියා...

ඒ එක්කම ඩොක්ටර් ආව නිසා ඩොක්ටර් කෙල්ලගෙත් උදව්වෙන් ටේහ්‍යුන් ව කාමරේට ගෙනිහින් තුවාල වලට බෙහෙත් දාන්න ගත්තා....

" ගොඩක් ගැඹුරට ගිහින් නෑ.... ඒත් කවුද මේක කලේ... මොකක්ද උනේ ඉයුන් බී ශී.... ? "
සිහි නැතිවෙලා ඉන්න කොල්ලගේ තුවාලේ මහන්න ලෑස්ති වෙලා ඩොක්ටර් ඇහුවේ කෙල්ලගෙන්...

" මමයි ඩොක්ටර් ... මමයි කලේ... "
කෙල්ල අඩාගනම අඩියෙන් අඩිය පස්සට ගිහින් කාමරෙන් එලියට දිව්වා...

එයා කෙලින්ම ගියේ kitchen එකේ මේසේ උඩ තියලා තිබුන එයාගේ phone එක හොයාගන....

" යො යොබුසෙයෝ ..

යොබුසෙයෝ ඩොක්ටර් මම ඉයුන් බී .. "

"ඔව් කියන්න ඉයුන් බී ශී.... ඇයි මොකක් හරි හදිස්සියක්ද... ? "

" අනේ ඩොක්ටර් මට බෑ මේක කරන්න.. මට... අහ් ඩොක්ටර් ට බැරිද මගේ බෙහෙත් වැඩි කරන්න... කොච්චර සැර වුනත් කමක් නෑ...

අනේ මට බෑ ඩොක්ටර් මං නිසා ටේට වෙන තුවාල බලන් ඉන්න... "
කෙල්ලගේ ඉකියත් එක්ක ඩොක්ටර් ට තේරුනා මොනාම හරි වෙලා තියෙන බව...

" ඉයුන් බී ශී.... අඩන්නේ නැතුව මට කියන්නකෝ... මොකක්ද උනේ... ටේහ්‍යුන් ශී හොදින් ද...."

*******

" යුන්... අහ්.. ඔ ඔයා කෝ ... අනේ .. "
සිහිය එද්දි කෙල්ලගේ චායාවක් වත් පේන්න නොහිටිය එක ටේහ්‍යුන් ව ගොඩක් බය කලා..

කොල්ලා වට පිට බලලා කතා කලත් කෙල්ල ගෙන් උත්තරයක් නැති නිසාම කොල්ලා අමාරුවෙන් ඇදට බර වෙලා නැගිටින්න උත්සාහ කලා...
" අහ්...ස්.. යු යුන්... අහ්.. "
තුවාලෙට දැම්ම මැහුම් තවමත් අලුත් නිසා එයා නැගිටින්න හැදුව එකෙන් උනේ මැහුම් ඇදුන එක...

" අනේ... ටේ.. නැගිටින්න එපා... ඔහොම ඉන්න.. "
සුප් එකකුත් උස්සගන කාමරේට ආව කෙල්ල දැක්කෙ අමාරුවෙන් නැගිටින්න හදන කොල්ලව..

එයා ඉක්මනට සුප් එකත් තියලා කොල්ලගේ ලගට දුවන් ඇවිල්ලා එයාවත් අල්ලගන ඇදේ වාඩි උනා...
" අනේ මැහුම් පෑරෙන්න ඇති.. ඔයා මොනාද කරන්නේ ආ... "

කෙල්ල සද්දෙන් බනින ගමන් කොල්ලගේ ශර්ට් එකක් වත් නැති නිරුවත් උඩුකයේ ඉන ලගින් ඔතලා තිබුනු බැන්ඩේජ් එක හෙමින් හැදුවා....

" මම බය .. උනා .හ් යුන්... ඔයා පේන්න නැති නිසා... අ අනේ ඔයා හොදින් නේද... තුවාල උනාද ... ? "
ඇදේ ඇල වෙලාම කොල්ලා ඉයුන් බී ගේ අතකින් අල්ලගන අත්දෙකම හරො හරෝ බැලුවේ කෙල්ල තුවාල කරගනද කියලා...

" ආනී ටේ.. ඔයාගේ අත පෑරෙයි.. දගළන්න එපා... "
පිහි තුඩට කැපුනු කොල්ලගේ අත තමන්ගේ අත් වලින් ගලෝලා හෙමින් ඇද උඩින් තියන ගමන් කෙල්ල කදුළු හංගන්න උපරිම උත්සාහ කලා...

" අහ්... බෙහෙත්.. යුන් ඔයා බෙහෙත් ටික..."

" මම බිව්වා ටේ... ඔයා දැන් ටිකක් rest කරන්න... මම සුප් එකක් හැදුවා.. ඉන්නකෝ... "

ඉක්මනට සුප් එකත් අතට අරන් ඇවිත් කෙල්ල ඒක bed table එක උඩින් තියලා කොල්ලට කෙලින් වෙන්න උදව් කලා...
එයා ඇද විට්ටමට හේත්තු වුනාට පස්සෙ කෙල්ල හෙමින් හෙමින් සුප් ටිකක් කොල්ලට පෙව්වෙ කටින් පිටවෙන්න යන ඉකිය ආයාසයෙන් හිරකර ගන...

" මම හොදින් යුන්.. බය වෙන්න එපා... මම ඇත්තටම හොදි..... "

" මගේ හිත හදන්න එපා ටේ... ඔයා මැරෙන්නයි ගියේ... දැන් හොදින් කියලා මට බොරු කියන්න එපා... මට දැනෙනවා තුවාල වලින් ඔයාට දැනෙන වේදනාව... "
හිර කරන් ඉන්න බැරිම තැන එයාගේ කදුළු කම්මුල් වලට වැටෙද්දි කොල්ලගේ බැන්ඩේජ් එකෙන් ආවරණය වෙලා තිබ්බ තුවාලේ කෙල්ල ලාවට ඇගිලි වලින් අතගෑවා...

" ආනී යුන්... ඇ ඇත්තටම ... ඒක එච්චර ගැඹුරු නෑ ... මම ... "

"ටේ... දැන් ඇති බොරු කිව්වා.. ඔහොම ඇල වෙන්න... කෝ.. "
කොල්ලගේ උරහිසකින් අල්ලලා කෙල්ල හෙමින් එයාව කොට්ටෙට බර කලා...
" ටිකක් නිදාගන්න ටේ... ඔයාට rest එකක් ඕනි ... "

" අපි treatments වලට යන්න ඕනි යුන්.. "

" ටේ මම සැරයක් කිව්වා... ඔයා දැන් rest කරන්න ඕනි... කෑ නොගහා දැන් ටිකක් නිදාගන්න.. "
කොල්ලට බැන බැනම කෙල්ල එයාගේ ඔලුව අතගාලා අතට ගත්තු පුංචි ටවල් එකකින් කොල්ලගේ නළල දෙපැත්තේ තිබුනු දාඩිය බිංදු ටික පිහිදැම්මා...

කොල්ලට නින්ද යනකන් ඔලුවත් අතගාලා කෙල්ල එතනින් නැගිටලා ආවේ බැල්කනි එකට... ගෙවුන දවස් ටිකේම කෙල්ල බැල්කනි එකට නාව තරම් ම වගේ...
ඒත් කොල්ලගේ කාමරේ බැල්කනි එකට හොද ලස්සනට එයාලගේ පහල Garden එක පෙනුනා...

හේත්තුවෙලා කෙල්ල කල්පනා කලේ දෙන්නම එක්ක එදා පැළ හිටෙව්ව විදිය.... සකුරා ගහ දිහා බලාගන බෙන්ච් එකේ වාඩිවෙලා අත් පටලන් හිටිය විදිය...
එදා ලා පොද වැස්සෙ ටේහ්‍යුන් ගේ දේදුන්න ගැන කතා කරපු විදිය...

"හ්හා... අපේ ජීවිතේ ලස්සන මතක ගොඩයි ටේ...
ඒත් කදුළු මතක එක්ක ගත්තම ඒ ලස්සන මතක බොහොම පොඩ්ඩයි...

මට බැරි උනා ඔයාට හොද බිරිදක් වෙන්න.. මං නිසා මොනාද ඔයාට නොවුනේ ටේ.... "
දිග හුස්මක් පිටකරලා හවස් වීගන එන අහස දිහා කෙල්ල බලන් හිටියා...

" මට මේවා බරයි ටේ... ආදරේ මට බරයි... මම ආදරේ කරන අය මාව දාලා ගිහින් නෙවෙයි ටේ...
බලන් ගියාම මමයි එයාලව නැති කරන් තියෙන්නේ... "

පුංචි සමච්චල් හිනාවක් එයා පිටකලේ තමන් වෙනුවෙන්...

******

" ටේ... මම කෑම හැදුවා.. ටිකක් කමුද... ම්ම්.. "
කොල්ලගේ ශීට් එක ටිකක් පාත් කරලා කෙල්ල බැලුවේ තුවාලෙන් ලේ ගලන එක නතර වෙලාද කියලා...

" බඩගිනි නෑ යුන්.... ඔයා කන්න... "
කොල්ලගේ ඇගට අමාරු නිසාම එයාට කන්න නැගිට ගන්නත් බැරි උනා... ඒත් එයා ඒක නොපෙන්වා කෙල්ලට එහෙම කිව්වා...

" මම උදව් කරන්නද.. අද ටෝෆු තියෙන්නේ.. ඔයා ආසම කෑම.. අනේ චුට්ටක් කන්න ටේ... ම්ම්.. "
කෙල්ල මේ තරම් ඉල්ලද්දි කොල්ලා හිනාවකින් ඔලුව වැනුවේ තමන්ගේ ඉනෙන් දැනුන තද වේදනාව නිසා කකුල් දෙකත් ඇදුම්කද්දි.....

හෙමින් කොල්ලවත් එක්ක ඇද විට්ටමට හේත්තුවෙලා කෙල්ල කෑම ටිකක් කොල්ලගේ කටට ලං කරද්දි එයා අමාරුවෙන් කටක් කෑවා..
" ඔහ්... ඒක රසයි ... "

" එහෙනම් තවත් කටක් කන්න ඕනි.. හාද... "
කෙල්ල හිනා වෙලාම කොල්ලට කෑම කටක් දෙකක් කවා ගත්තත් ගොඩක් වෙලා හේත්තු වෙලා ඉන්න එක කොල්ලට වේදනාකාරී උනා...

" රිදෙනවද.. ඉ ඉන්න මම උදව් කරන්න... "
කොල්ලව ඇදේ ඇල කරලා කෙල්ල ඒ නළලට වැටුනු කෙස් ටික පිටිපස්සට කරලා ඔලුව අතගෑවා...

" ඉන්න pain killer එකක් බොමු.. "
ඉයුන් බී Bed table එක උඩ තිබුන වතුර කෝප්පෙයි බෙහෙත් පෙත්තයි අතට අරන් කොල්ලා ලගින් වාඩි උනා...
කොල්ලා ටිකක් ඇදෙන් ඉස්සිලා බෙහෙත් පෙත්ත බීලා ඉක්මනට ඇල උනා...

" නිදාගන්න තව ටිකක්... "

" අනේ යන්න එපා යුන්... "
වතුර කෝප්පෙත් එක්ක නැගිටලා යන්න හැදුව කෙල්ලගේ අතකින් අල්ලගන කොල්ලා කැඩුනු වචන පිට කලා...

" මම ඔයාව තවන්න රෙද්දක් අරන් එන්නම් ටේ.. ඉන්න කෝ හොදද... "
කොල්ලගේ ඔලුවත් අතගාලා තමන්ගෙ අතේ එල්ලුන එයාගේ අතත් ගලවලා කෙල්ල කඩිමුඩියේ kitchen එකට දුවලා වතුර එකක් එක්ක ටවල් එකක් උස්සන් ආවා...

ඒ එද්දිත් කොල්ලා ඇහැක්වත් නොපියා කාමරේ දොර දිහාම බලන් ඉන්නව දැක්කම කෙල්ලගේ පපුව රිදෙන්න ගත්තත් එයා හිනාවෙලා කොල්ලගේ ලගින් වාඩිවෙලා ටවල් එකෙන් හෙමි හෙමින් කොල්ලව තවන්න ගත්තා....

" ඔයා අඩලා යුන්... බලන්න ඇස් දෙකත් ඉදිමිලා.. කවදාවත් මම කියන දේ අහන්නේ නෑ නේද ම්ම්ම්.. "
කෙල්ලගේ හැම චලනයක් දිහාම කොල්ලා එයාගේ ඇස් යැව්වේ කෙල්ල මුකුත් නොකියම කොල්ලගේ නිරුවත් පපුව තුවායෙන් තෙමද්දි.....

" ඔයා මට උත්තර දෙන්නේ නැද්ද යුන්... කතා නොකර ඉන්නද ලෑස්ති ය ආහ්... "

" ස්ස්.. මි මියානේ.. අනේ රිදුනද... "
කෙල්ල ටේහ්‍යුන් ගේ තුවාලේ වටේ තවද්දි කොල්ලට ටිකක් රිදුනා...
ඒ සැනින් කෙල්ලගේ ඇස් වලට කදුළු පිරුනේ එයා ගැස්සිලා යද්දි...

" අ ආනීයා... ක්වින්චානා ... "
කොල්ලත් ලාවට හිනා වෙලා එහෙම කිව්වේ කෙල්ලට කවදාවත් තමන් එක්ක කතා නොකර ඉන්න බැරි බව තේරුන නිසා...

තවලා ඉවර වෙලා කෙල්ල වතුර භාජනේ එක්ක ටවල් එක පැත්තකින් තියලා කොල්ලට ශීට් එක පෙරෙව්වා...
"යුන් ඔයා නිදාගන්නේ නැද්ද... ඔයාට මහන්සි පාටයි.... "

" ආනී ටේ.. මම ඉන්නම්... ඔයා නිදාගන්න.. රෑ වෙලා තුවාලේ ලේ ගලන්න ගත්තොත් ...
මම බැන්ඩේජ් ටිකක් කපලා තියලා එන්නම්.. "

" යුන්... මගේ ලගින් ඉන්න හරිද... "

" හ්හා... ටේ .. කලබල නොවී මට මේකට උත්තරයක් දෙනවද... "
ආයෙම කොල්ලගේ ලගින් ඉදගන්න ගමන් කෙල්ල තීරණය කලේ එයාගේ හිතේ කැකෑරෙන දේ කොල්ලට කියලා දාන්න...

" මො මොකක්ද...කියන්න .. "

" මට ඩිවෝස් එක ඕනි ටේ... ඔයා මට දෙනවා නේද.... "

" මෝ... අහ්... මොකක්... අහ්... "
කොල්ලව ඉබේම ඇදෙන් නැගිට්ටවුනත් වේදනාව නිසා ආයෙම ඇදට කඩන් වැටුනා...

" ඔය.. ඉතින්.. කලබල වෙන්න එපා කිව්ව නේ.. "

" මොනාද දෙයියනේ මේ කියවන්නේ... "

" අ අනේ බෑයි කියන්න එපා ටේ... මං හිංදා ඔයා මැරෙන්න ගියා.. මට තවත් ඔයා එක්ක මේ ගෙදර ඉන්න බෑ... "
කෙල්ලගේ අතක් ටේහ්‍යුන් තදින් අල්ලගත්තේ එයා යාවි කියන බය නිසා...

" අනේ යුන්.. මට බෑ... අනේ ඒක නම් කරන්න කියන්න...හ්.. එපා... මම කීයටවත් ඔයාට යන්න දෙන්නේ නෑ...

ඉතින් ඔයා නෙවෙයි නේ මට තුවාල කලේ... ඒ වෙන කෙනෙක් ... මේක ඔයාගේ වැරද්දක් නෙවෙ... "

" මමයි වැරදි ටේ... මේ හැමදේම මේ තරම් පැටලුනේ මම නිසා... මට යන්න ඕනි ටේ... ඔයාගේ ජීවිතේ උදුර ගනීවි මම නැත්තන්... "
තමන්ගේ අත තදින් අල්ලන් හිටිය ටේහ්‍යුන් ගේ අත ගසලා දාලා කෙල්ල නැගිට්ටා ...

" අන්ද්වේ ... අනේ හ්... අනේ මට මෙහෙම අහ්.. කරන්න එපා යුන්... අනේ එන්නකෝ.. යුන්.. මෙතෙන්ට එන්න ... "
කොල්ලට නැගිට ගන්න අමාරු උනත් එයා අතකට බර වෙලා ඇදෙන් ටිකක් කෙලින් උනේ කෙල්ල එන්න එන්නම පිටිපස්සට යන නිසා...

" මම ඔයාගේ මැනේජර් ට කියලා divorce papers ගෙන්න ගත්තා ටේ... අනේ please මට උදව් කරන්න ඔයාව බේර ගන්න... ම්ම්.. "

" අනි... ආනියා.. මො මොනාද දෙයියනේ මේ එක පාරට කියවන්නේ.. බැහැ... ශිරෝ මම අත්සන් කරන්නේ නෑ...

අනේ යුන් මට ඔයා නැතුව ඉන්න බෑ.. ඔයාට පුළුවන් ද... ආ... ? "
කොල්ලා අඩ අඩම ශීට් එක අයින් කරන්න දගලද්දි කෙල්ල පපුවත් අල්ලගන කදුළු හැලුවේ ටේහ්‍යුන් ගේ වේදනාව තමන් තවත් දෙගුණ කරපු නිසා....

ඒත් එයාට ඕනි උනේ කොල්ලව බේරන්න... ආයෙත් පාරක් තමන් නිසා ඒ ජීවිතේ නැති උනොතින් කොහොම දරාගන්නද...

" මියානේ ටේ.. මට යන්න ඕනි.. මම මේක හෙට කියන්න හිටියේ... ඒත් මට බෑ ඔයාට බොරු කරන්න... ඔයා දන්නව නේ ඒක..

අනේ ටේ... මට ඩිවෝස් එක දෙන්න..please.. "

කෙල්ල ටේහ්‍යුන් ගේ මූණ බලන් ඉන්න බැරිම තැන කාමරේ දොර ලගට ගිහින් අනිත් පැත්තට හැරිලා කිව්වෙ තදින් පපුව මිරිකගන....

" යන්න එපා... අනේ... යුන්.. මගේ ලගට එන්නකෝ.. ආහ්හ් ... මට.. මට නැගිටින්න බෑ යුන්...
අනේ එන්නකෝ... යන්න එපා මාව දාලා මම මැරෙයි... "

💥 දොග්..

" ආ...ව් ... ස්.. හ්හ්... "

ඒත් එක්කම මෙච්චර වෙලා දොරට හේත්තු වෙලා කොල්ලට පිටිපස්ස හරවගන අතකින් කටත් තද කරන් කදුළු හලපු කෙල්ල ගැස්සිලා හරුනේ එකපාරට ආව සද්දේ නිසා...

" දෙයියනේ ටේ.... අනේ.. අනේ බහින්න එපා කිව්වා නේද... ආ.... "
කෙල්ල දුවගන ගියේ බිම වැටිලා නැගිටින්න උත්සාහ කරන කොල්ලගේ ලගට...

" අනේ යන්න එපා පණ.. මට ඔයාව නවත්තන්න පණක් නෑ... "
කොල්ලා බිම ඉදන්ම කෙල්ලගේ අත තදින් අල්ලගත්තේ ඒ ඇරුනම එයාට කෙල්ලව නවත්තන්න ක්‍රමයක් නැති නිසා...

" අනේ ... ටේ... "
කෙල්ල ඉක්මනට කොල්ලව පපුවට තුරුල් කරගත්තේ කෑගහලා අඩන ගමන්...
කොල්ලා තදින් කෙල්ලගේ ඇදුම ඉන ලගින් ගුලි කරලා අල්ලගත්තේ පුංචි එකෙක් වගේ ...

" යන්නේ නෑ නේද... යන්න එපා යුන්... අනේ... "

" හරි... හරී අනේ අඬන්න එපා ටේ... මට බෑ ඔයාව මෙහෙම දකිද්දි යන්න... අනේ ඔයාගේ තුවාලේ පෑරිලා නේ.. අනේ මියානේ ටේ...

මියානේ මම මේක කිව්වේ වැරදි වෙලාවේ.. "
කොල්ලව වත්තම් කරගන කෙල්ල කොහොමින් හරි එයාව ඇදෙන් තිබ්බා..

" නෑ.. කවදා කිව්වත් මම යන්න දෙන්නේ නෑ... අනේ යුන් ඇයි ඔයාට බැරි මා එක්ක එකතු වෙලා මේක හොද කරගන්න... ම්ම්.. "

" නිදාගන්න ටේ.... මම තුවාලේ බැන්ඩේජ් මාරු කරනකන්... "

කෙල්ල ලේ වලින් පෙගුන බැන්ඩේජ් එක හෙමින් හෙමින් ගලවලා අලුත් එකක් ඔතලා ඉවර වෙනකනුත් ටේහ්‍යුන් මහන්සියට ලාවට පියවෙන්න එන ඇස් ආයාසයෙන් ඇරන් කෙල්ල දිහාම බලන් හිටියා..
" හරි හරි මම යන්නේ නෑ... ඔයා දැන් ඇස් දෙකට නිදහසක් දෙන්න ටිකක්.. "

කොල්ලගේ ශීට් එක හදලා එයාගේ ඔලුව අතගාන ගමන් කෙල්ල කිව්වා...

" එන්නකෝ... මා එක්ක නිදියන්න... ඔයාටත් මහන්සියි... "
කෙල්ලගේ අතකින් ඇදලා කොල්ලා ඉල්ලීමක් කලේ කෙල්ලට බෑ කියන්න බැරිවිදියට අහින්සකව...

" ඔයා හරිම මුරන්ඩුයි ටේ... "
කෙල්ල රවාගනම කොල්ලගේ ලගින් ඇදට නැග්ගා....

" ඔයා වගේම තමා ... "
හිනාවකින් කොල්ලා එහෙම කියලා ශීට් එක එක අතකින් කෙල්ලට දික් කලා..
කෙල්ලත් ඒකම පෙරවගන කොල්ලගේ ලගින් ඇල උනා...

" යුන්... "

" ම්ම්... "
කෙල්ල හිටියේ ටේහ්‍යුන් ගේ ඔලුව අතගාන ගමන් ඇද උඩ වැලමිටට බර වෙලා...

" මාව තුරුල් කරගන්නකෝ.... අද මට බෑ නේ ම්ම්.. "

" හ්ම්ම් එන්න... "කෙල්ල තමන්ගේ අතක් කොල්ලගේ බෙල්ල වටෙන් දාලා එයාව හෙමින් හෙමින් තමන්ගේ පපුවේ පැත්තකට හේත්තු කරව ගත්තේ එයාගේ තුවාලේ පෑරෙන්න නොදී...

කොල්ලත් තුවාල උනු අතින්ම කෙල්ලගේ ඇදුම තදින් ගුලි කරගත්තේ තවත් ටිකක් කෙල්ලගේ පපු තුරුලේ මූණ හංගගන්න ගමන්...

" පණ මාව දාලා යන්නේ නෑ නේද... ? "

කෙල්ලගෙන් ඒකට පිළිතුරක් විදියට ලැබුනේ බර හුස්මක්...

" යුන් .. අනේ කියන්නකෝ... මාව දාලා යන්නේ නෑ නේද... මට ඔයාව අල්ලගන තියාගන්න පණක් නෑ යුන්.. අනේ මා එක්ක ඉන්න...

මටත් පිස්සු හැදෙයි යුන්... එහෙම නම් කරන්න එපා.. "
කෙල්ලගේ පපු තුරුලේ ඉදන්ම එයා බැලුවේ කෙල්ල දිහා..

" ඔයාට මහන්සියි ටේ.. නිදාගන්න... මම ලගින් ඉන්නම්... "
කොල්ලට හීන් හිනාවක් දාලා ඔලුවත් අතගාන ගමන් කෙල්ල ටේහ්‍යුන් ට තවත් ටිකක් ශීට් එක පෙරෙව්වා..

" සරන්හේ මගේ පණ... කවදාවත් මට නොපෙනෙන මානෙකට යන්න එපා යුන්... මගේ පපුව පැලෙයි... "

" ටේ දැන් ඇති... "
තමන්ගේ පපුවේ මූණ හංගගන කොල්ලා කියවන් යද්දි ඒවා අහගන ඉන්න කෙල්ලට තවත් බැරි උනා.... ඉකිය තොලක් හපාගන හිරකර ගන්න ගමන් කෙල්ල ටේහ්‍යුන්ට ටිකක් තදින් කිව්වම කොල්ලා හිනාවෙලා ඇස් පියා ගත්තේ කෙල්ලගේ ඉනෙන් අතක් දාලා තවත් ලං කර ගන්න ගමන්..

" මියානේ ටේ....

මම ගොඩක් ආදරෙයි ඔයාට.. ඒ නිසාමයි මට තවත් බලන් ඉන්න බැරි... "
ලාවට නින්ද යාගන එන කොල්ලගේ නළලට දිග හාදුවක් දීලා කෙල්ල ත් තමන්ගේ අතක් කොල්ලගේ උරහිස් වටේට දාලා එයාට තුරුල් උනේ කියාගන්න බැරි තරමට කැටි වුන ආදරේකින්....

ආදරේ නිසා මිනිස්සු අසරණ වෙනවා ටේ..

මමත් ඒ වගේ..

ඔයාට තියෙන ආදරේ නිසා මට බෑ ඔයාව නැතිකරගන්න...

ඒත් ආදරේ නිසාමයි මම ඔයාගෙන් ඈත්වෙන්නෙත් ...

.
.
.

__________________________________________

කතාව අවුල් නේ...
කමල්ලෑ... හී ... 🌝

යුන් ඉස්සරහට මොනා කරයිද...

ටේහ්‍යුන් මොන කරගනීද...

තව කොටස් කීපයයි...
😊😊
බලමු...

Borahae
💜️💜️💜️



__Candy__

Continue Reading

You'll Also Like

593K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
298K 51K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
36.1K 4.7K 30
⭕𝙳𝚘 𝚗𝚘𝚝 𝚌𝚘𝚙𝚢... ⚠️Worning⚠️ This story may include sexual parts. So do not read those who don't like...🙂 💓𝙖𝙗𝙤𝙪𝙩 𝙨𝙩𝙤𝙧𝙮__ How...
15.4K 4.9K 55
සිනිඳු වැලි වෙරළක තනිව පිපුණු ස්වේත පිච්ච මල ~~~ Feeling Hypnotized by the words that you said ~ ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව.. JK Centric Short Cha...