You are my vampire queen | Co...

By Kavee_N

18K 2.9K 3.5K

මහාම මහ මොම්ගල් කෙල්ලෙක්.....😜 ඒ කෙල්ලට ඉන්න පිස්සු හැදුණු යාලුවෝ තුන්දෙනෙක්......❤ වැම්පයර් රාජධානියේ අනාගත... More

😜Introduction😜
👑 Chapter 1 👑
👑 Chapter 2 👑
👑 Chapter 3 👑
👑 Chapter 4 👑
👑 Chapter 5 👑
👑 Chapter 6 👑
👑 Chapter 7 👑
👑 Chapter 8 👑
👑 Chapter 9 👑
👑 Chapter 10 👑
👑 Chapter 11 👑
👑 Chapter 12 👑
👑 Chapter 14 👑
👑 Chapter 15 👑
👑 Chapter 16 👑
👑 Chapter 17 👑
👑 Chapter 18 👑
👑 Chapter 19 👑
👑 Chapter 20 👑
👑 Chapter 21 👑
😜Author note😜

👑 Chapter 13 👑

682 124 234
By Kavee_N

ඒත් එක්කම ඇදිලා ආපු අතක් යූරගේ අතින් තද කරලා ඇදලා ගත්තේ හිතේ තිබ්බ තරහා යූරගේ අතින් යවන ගමන්. එකපාරට වෙච්ච දේ හිතාගන්න බැරුව හිටපු ටේයි යූරයි දැක්කේ එයාලා දෙන්නා දිහාවට ඔරවගෙන ඉන්න යුන්ගිව.

___________________________________

යූරා යුන්ගිගේ මූණ දැකලා හොඳටම බය වෙලා හිටියත් ටේ හිටියේ කිසි දෙයක් හිතා ගන්න බැරුව.

🌷  අනේ.... යුන්ගි ඔප්පා අත රිදෙනවා.... අතාරින්නකෝ.....

😺  ඇත්ත කියනවා.... තමුසෙ කැමති ටේටද මටද

🐯  මොකක්... හියුන්...

🌷  ඔප්පා...

දැන් දැන් යූරගේ ඇස් දෙකේ කඳුලු පිරීගෙන එනවා. මුළු මූණම රතු වෙලා. අඬන්න ඔන්න මෙන්න ඉන්නෙ. තොල් දෙකත් එක්ක වෙව්ලනවා.

😺  කියනවා....

🌷  මං කැමති.... ටේ ඕප්පට...

යූරා බිම බලාගෙන යුන්ගිගේ මූණවත් බලන්නැතුව කියනකොට යුන්ගි අල්ලන් හිටපු යූරගේ අත ටිකක් බුරුල් වුණා.

😺  ඇත්තමද....

🌷  ඔව්....

යූරගේ ඒ වචනෙත් එක්ක යුන්ගි යූරගේ අත අතෑරියා. අතෑරලා යන්න හදපු යුන්ගි ආපහු යූරගේ පැත්තට හැරුණා.

😺  ඔයා.... ටේට නම් ආදරේ.... කමක් නෑ. එයාව කවදාවත් අතාරින්න එපා. ඒත්.... මමත් තමුන්ට ආදරේ කලා කියලා මතක තියා ගන්නවා යූනා.....

🌷  මොකක්....

ඒත් එක්කම තත්පර ගානක් ඇතුලත මෙතන වෙලා තියෙන දේ තේරෙද්දි ටේට බකස් ගාලා හිනාවක් පැන්නා. ටේ පිස්සුවෙන් වගේ හිනාවෙනවා දැක්කම යුන්ගි ඔරවලා බැලුවේ ටේ දිහා. ඒත් යූරා තාම වෙච්ච දේ හිතා ගන්න බැරුව ඇස් දෙකත් ලොකු කරගෙන යුන්ගි දිහා බලාගෙන හිටියා.

🐯  හි.... හියුන්...  මේ... මේ... ඉන්නේ  ඔයාගේ යූනා නෙවෙයි. මේ  ඉන්නේ යූරා...

ටේ හිනාවෙන ගමන්ම බොහොම අමාරුවෙන් යුන්ගිට කිව්වා.

😺  මොකක්...

යුන්ගිට ආවේ පොලව පලන් යන්න තරම් ලැජ්ජාවක්.

😺 එතකොට ඔයා කොහොමද මං ඊයේ යූනට දීපු ජැකට් එක ඇඳන් ඉන්නේ

🌷  ඒක මං යූනගේ ඇඳ උඩ තිබිලා හදිස්සියට ඇඳගෙන ආවේ...

එහෙම කියපු යූරා එතනින් දුවගෙන ගියේ කට්ටියට මේක කියලා යූනව නැති කරලම දාන්න හිතාගෙන මහ කපටි හිනාවකුත් කටේ ඇඳෙද්දී. යූරා දුවගෙන යන දිහා බලන් හිටපු යුන්ගි එයාටම හිතින් බැන බැන ටේ දිහාට හැරුණා.

😺  ටේ මට සමාවෙන්න. මම ටිකක් කලබල වුණා

🐯  මට තාමත් හිතාගන්න බෑ හියුන් කෙල්ලෙක්ට ආදරේ කරනවා කිව්වම

ටේ බඩත් අල්ලන් තාමත් හිනා වෙවී කියද්දී යුන්ගිව රතු වෙලා ගියා.

😺  මේක කාටවත් කියන්නෑ හරිද. කියලා තිබ්බොත් මං බලාගන්නම්.

ඒත් ඒකටත් ටේ ගේ උත්තරේ වුණේ හිනාව විතරයි.

................................................................................

යූරා දුවගෙන දුවගෙන ගිහින් කාමරේ දොර අරිද්දී එතන එක විකාරයයි. ආරයි සූහියි යූනයි චන්යොනුයි යූමියි හායූනුයි සෙට් එකම බිම පෙරලි පෙරලි ගහ ගන්නවා.

🌹  කියනවා.... තමුන්ලා නේද මගෙ ඇඳ උඩ තිබ්බ ජැකට් එක ගත්තේ. ඒක යුන්ගි ඔප්පා දීපු ජැකට් එක.... කොහෙද ඒක හැංගුවේ කියනවා.

🌸  කී පාරක් කිව්වද ඕයි.... අපි ගත්තු තමුසෙගෙ ජැකට් එකක් නෑ.

🌹  එහෙනම් කෝ ඒක....

එතකොට තමා සෙට් එකම යූනගේ ජැකට් එකත් ඇඳගෙන දොරත් ඇරගෙන එයාලා දිහා බලාගෙන ඉන්න යූරව දැක්කේ.

යුන්ගි එයාට දීපු ජැකට් එක යූරා ඇඳගෙන ඉන්නවා දැක්කා විතරයි යූනා හායූන්ගේ ඇඟ උඩින් පැනලා ගිහින් යූරව බදා ගත්තා.

🌹  අනේ මගේ ජැකට් එක..... එයා ආපහු ඇවිත්.... මේ බලන්නකූ....

🌷  මං හිතුවේ මාව බදාගත්තා කියලා

🌹  ඊට වඩා හොඳයි නොම්මර එකේ පිස්සෙක් බදාගන්න එක.

යූනා ජැකට් එකත් බදාගෙන සෙට් එකම දිහා බලද්දී යූනට බලා ගන්න පුළුවන් වුණේ හිටපු විදියටම බිම පෙරදිලා කම්මුලටත් අත තියාගෙන යූනටයි යූරටයි දෙන්නටම ඔරවගෙන ඉන්න සෙට් එකක්.

🌼  දැන් එතකොට අපි රණ්ඩු වුණේ නිකන් බොරුවටද

🌹  හි හී.... ඔව් නේද. කොහෙද ඉතින් මේ වැස්සි මගෙ ජැකට් එක ඇඳගෙන ගිහින්නේ.

🌷  දන්නවද මං ඔය ජැකට් එකෙන් අද ගොඩක් දේවල් හොයාගත්තා.

යූරා මහ ආඩම්බරෙන් මූණත් හදාගෙන එයාගේ මේසෙ ගාව තිබ්බ පුටුවකින් වාඩි වුණා.

🌹  ඒ මොනාද...

යූනා ජැකට් එකත් බදාගෙන පුදුමෙන් වගේ යූරා ගාවට යන ගමන් ඇහුවා. යූනා විතරක් නෙවෙයි දැන් කට්ටියම යූරා වටේ වට වෙලා. කොටින්ම චන්යොනුයි ආරායි එක ලඟ හිටගෙන අත් දෙකත් අල්ලගෙන යූරගේ කතාව අහන්න යනවා.

🌷  දන්නවද වැඩක්..... අපේ යුන්ගි ඔප්පා යූනට ආදරෙයිලු

ඒත් එක්කම හැමෝගෙම ඇස් හැරුණේ යූනා දිහාවට. යූනා ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරගෙන යූරා දිහා බලාගෙන ඉන්නවා.

🌹  ඔයා කොහොමද එහෙම කියන්නේ...

🌷 මට යුන්ගි ඔප්පා කිව්වනේ

🌹  අනේ නිකන් බොරු කියන්නැතුව ඉන්නවා හලෝ. අනික යුන්ගි ඔප්පා මට කැමතියි නම් එයා ඒක කියන්න ඕනි මටනේ. නැතුව ඔයාට නෙවෙයිනේ...

🌷  මං කියන්නේ ඇත්ත... අද ටේ ඔප්පා මාව ලස්සන ගඟක් ගාවට එක්කගෙන ගියා. එතනදි එයා මට කැමතියි කිව්වා. එතකොට යුන්ගි ඔප්පා ඇවිල්ලා මගෙ අතෙන් ඇදලා අරගෙන මගෙන් ඇහුවා ඇත්තටම ටේට ආදරේද කියලා. මම ඔව් කිව්වා. එතකොට එයා කිව්වා කමක් නෑ ඒත් මමත් ඔයාට ආදරේ කලා යූනා කියලා. මම මේ ජැකට් එක ඇඳගෙන හිටපු නිසා යුන්ගි ඔප්පා හිතලා තියෙන්නේ ඒ ඔයා කියලා. ඒ කියන්නේ යුන්ගි ඔප්පා අපේ යූනට ආදරෙයි.

ඒක ඇහුවාම කට්ටියම ලඟ හිටපු එකාව බදාගෙන උඩ පැන පැන නැටුවේ යූනා පුදුම වෙලා බලාගෙන ඉන්දැද්දී. අනිත් අයත් කොච්චර සතුටින්ද කියනවානම් ආරා බදාගෙන නැටුවේ වෙන කාවවත් නෙවෙයි. චන්යොන්ව.

ඒත් සූහි එකපාරටම මොකක්හරි මතක් වුණා වගේ යූමියි හායූනුයි එක්ක නටන එක නවත්තලා අත් දෙකත් බැඳගෙන ඇස් දෙකත් පියාගෙන ඉන්න යූරා දිහා බැලුවා.

🌼  ඒත් යූරා.... මොකක්ද අර ඔයා කිව්වේ... ටේ ඔප්පා ඔයාට කැමතියි කිව්වා කියලා... යුන්ගි ඔප්පා ඇහුවාම ඔයා ටේ ඔප්පට ආදරෙයි කිව්වා කියලා...

එකපාරටම යූරගේ ඇස් දෙක ඇරුණා. මූණත් ඇදවෙලා ගියා. කට හින්දම නම්බුව බම්බුව වෙලා ගිහින් කියලා තේරෙද්දී යූරා පරක්කු වැඩියි.

( කට හින්දාම නැති කරදර ඔලුව උඩටම දාගන්න මා වැනි දරුවන් වෙනුවෙන් තත්පර දෙකක නිස්සබ්දතාවයක්🌝 )

💖  ඇත්තටම.... මටත් දැනුයි ඒක මතක් වුණේ

🌷  හරි ඉතින්.... ඒක එහෙම වුණා

එහෙම කියපු යූරා නැගිටලා දුවගෙන ගිහින් ඇඳට පැනලා මූණ කොට්ටෙ ඔබා ගත්තා. කට්ටියගෙම කෑගගහා නටද්දී යූරා කොට්ටෙට මූණ ඔබාගෙන තනියම හිනා වෙවී හිටියා.

................................................................................

Ara's pov

අද වෙච්ච දේවල් තාමත් හිතා ගන්න බෑ. දැන් යූරට ටේ ඔප්පා ඉන්නවා.  යූනට යුන්ගි ඔප්පා ඉන්නවා. මට තමා මොකෙක්වත් නැත්තේ. සැක්... මොනාද හිතන්නේ ආරා. තනිකඩ ජීවිතේ සැපයි. අපි එහෙමවත් හිත හදාගමු.

අපි පුස්තකාලෙට යන ගමන්. උදේ කුකී කිව්වා යනකොට එයාවත් එක්කගෙන යන්න කියලා. ඉතින් මුලින්ම අපේ ඔප්පලා ටික ඉන්න මැන්ෂන් එකට පය ගහන්න ඕනි. අපිත් එක්ක චන්යොන්ලත් ආවා. මෙච්චර දවස් හිතන් හිටපු තරම් නරක නෑ එයාලත්.

💖  කුකී ඔප්පා..... අපි ආවා.

🐻  මෙන්න ආරා ඇ......

එකපාරටම හොබී ඔප්පා ඇස් දෙකත් පිහදාලා බැලුවේ එයා දැක්කේ ඇත්තක්ද කියලා. ඔව් ඉතින් මෙච්චර දවසක් මරාගත්ත කට්ටිය එකට ඉන්නවා දැක්කම මොනාද හිතෙන්නේ.

🐯  ආරා ආවද.... එතකොට යූරා...

ටේ ඔප්පත් දුවගෙන දුවගෙන ඇවිත් එකපාරට බ්‍රේක් පාරක් ගැහුවා.

🐯  මේ අර....  ආආහ්... ඔයාලා නේද දවසක් ආරාලත් එක්ක හොඳටම ගහගත්තේ

💖  ඔව් ඔව්

මං කිව්වේ ටේයි යූරයි දිහා මාරුවෙන් මාරුවට බල බලා හිනාවෙන ගමන්. ඒක ටේ ඔප්පට තේරෙන්න ඇති. මගෙ දිහා හොරෙන් බලලා කට උඩින් ඇඟිල්ලක් තියලා කිව්වේ කියන්න එපා කියලා වෙන්නැති.

ඒත් එක්කම එලියට ආවේ ජුන් ඔප්පයි ජින් ඔප්පයි. අපිව දැක්ක ගමන් ආයෙත් ඇතුලට දිව්ව ජින් ඔප්පා ඇතුලේ ඉඳන් කෑ ගහන්න පටන් ගත්තා.

🐼  ඔය කට්ටිය රණ්ඩු වෙලා ඉවර වුණාම මට කතා කරන්න. මගෙ මේ හැන්සම් මූණ කැත කරගන්න බෑ මට රණ්ඩු බේරන්න ගිහින්.

🌼  අයියෝ ජින් ඔප්පා.... දැන් අපි තරහා නෑ. දැන් යාලුයි අනේ. ආයෙ රණ්ඩු නෑ. එලියට එන්න.

🐼  ඔය කිව්වට මට නම් සත පහකට ෂුවර් නෑ.

බැරිම තැන සූහි ගිහින් ජින් ඔප්පව ඇදගෙන ආවා. බලන්න ලස්සනයි ඒ දර්සනේ. ඉස්කෝලේ යන්න බෑ කියලා අඬන ලමෙක්ව අම්මා කෙනෙක් බලෙන් ගේ ඉඳන් එලියට ඇදගෙන ආවා වගේ.

🐨  කොහෙද දැන් කට්ටියම යන්නේ

💖  පුස්තකාලෙට..... කුකී ඔප්පව එක්කන් යන්න ආවේ.

ඒත් එක්කම ජුන් ඔප්පගේ මූණට පොඩි කේන්තියක් ආවා වගේ මට තේරුණේ. මම කුකීව එක්කන් යනවට තරහද දන්නෑ. මම කුකීව ගිලින්නෑ හත් දෙයියනේ. ආයෙත් එක්කන් එනවා. මේ ටික කියන්න කට නලියනවා වුණත් කට පියාගෙන ඉන්න මට පුළුවන් වුණා.

🐨  අනිත් අයත් එනවා..... කමක් නැද්ද

💖  මගෙන් අහන්නේ.... පුස්තකාලෙ මගෙයැ

🐥  යං යං ඒනම් අපිත් යමු.

දැන් ඉතින් අලි මදිවට කොටි කියලා අනිත් හයදෙනත් අපිත් එක්කම එන්න පටන් ගත්තා. ටේයි යූරයි මොනවද කියව කියව එනවා. මං ඉතින් අහිංසක පවුල් වලට ගල් ගහන්න ගියේ නෑ. අනාගතේ දවසක කෙලින්ම බෝම්බයක්ම අතාරිනවා.

කොහොම කරි කියව කියව කට්ටියම පුස්තකාලෙට ආවා. ඒ පුස්තකාලේ ගොඩක් ලොකුයි. ඒවගේම පරණ පාටයි. අපි ඔක්කොම ඒක ඇතුලට ගිහින් පොත් කියවන එක පැත්තකින් තියලා වටේ සිරි නරඹන්න පටන් ගත්තා. අන්තිමට කට්ටියම තම තමන්ට කැමති පොත් හොයාගන්න තැන් තැන්වලට ගියා.

ටිකකින් මං පොත් තෝර තෝර හිටපු රාක්කේ ලඟට ජුන් ඔප්පත් ආවා.

💖  මොනවගේ පොතක්ද හොයන්නේ

🐨  මං මේකෙ පොත් ඔක්කොම කියවලා තියෙනවා. කට පාඩම් වෙන්නම.

💖  අනේ නිකන් ඉන්නවා බොරු කියන්නෙ නැතුව.

🐨  බොරු නම් ඔයා කැමති පොතක් අරගෙන කැමති තැනකින් ඕනි දෙයක් අහන්න.

ඒ කියපු විදියට නම් අනිවාර්යයෙන් ඔක්කොම කියවලා ඇති. මම කෝකටත් කියලා ලඟම තිබ්බ පොතක් අරන් ඒකේ නම ජුන් ඔප්පට පෙන්නුවා.

' වැම්පයර්වරුන්ගේ සුවිශේෂී බලයන් සහ ඒවා භාවිතා කරන ආකාරය '

💖  මේකේ.... ම්ම්ම්.... පිටු අංක එකසිය විසි දෙක....

🐨  වැම්පයර් වරුන් සමඟ මනසින් සම්බන්ධ වීම. පිටු අංක එකසිය විසි දෙකේ ඉඳන් එකසිය විසි හය වෙනකම් ඒක ගැන ලියලා තියෙනවා.

මම ඇස් දෙකත් ලොකු කරන් ජුන් ඔප්පා දිහා බැලුවේ පිස්සෙක් වගේ.
ඒත් එක්කම මම තව රාක්කෙකින් ගත්තා.

'වැම්පයර් ඉතිහාසය'

💖 මේකේ පිටු අංක හාරසිය හය

🐨  ඉතිහාසයේ දරුණුතම වැම්පයර් මිනිස් ගැටුම්

💖  වෑව්.... ජුන් ඔප්පා ඒක නියමයිනේ. කොහොමද ඔහොම මතක තියාගන්නේ.
මට නම් අද රෑ පාඩම් කරන එක හෙට උදේ නැගිටිද්දී මතක නෑ.

(සත්‍ය සීදුවීමක් ඇසුරින් ලියා දක්වන ලදි🌝)

🐨  ඒකට මොලේ තියෙන්න ඕනි

💖  ඒ කියන්නේ මට මොලේ නෑ...

🐨  නෑ නෑ එහෙම නෙවෙයි....

🌼  ආරා... ඉක්මනට එන්න. අපිට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා.

💖  මොකක්ද....

මොකක්ද කියලවත් කියන්නේ නැතුව සූහි මාව ඔක්කොම කට්ටිය වටවෙලා හිටපු මේසෙකට ඇදගෙන ගියා. මගෙ පස්සෙන් ජුන් ඔප්පත් ආවා.

එතන කට්ටියම එක පොතක් අතේ තියාගෙන ඒකෙ තියෙන මොකක්හරි දිහා බලනවා..... ආයෙ මගෙ මූණ දිහා බලනවා.

🐻  ඔව්.... එයාගේ මූණත් ආරගේ මූණ වගේ තමා

🐰  කවුද ආරා වගේ....

ඒත් එක්කම කුකී ඔප්පත් ඇවිල්ලා කට්ටිය බල බලා හිටපු පොතට එබුණා. මමත් ජුන් ඔප්පත් එක්ක එබිලා බැලුවේ මොකක්ද මෙයාලා බලන්නේ කියලා.

ලස්සන කුමාරිකාවක් ඉන්නවා. එයාගේ මූණත් ටිකක් මගෙ වගේ තමා. ටිකක් නෙවෙයි ගොඩක්ම.....

🐰  මේ.... මේ.... කවුද...

🐨  මේ ප්‍රින්සස් යූ

🐰 මේ... මේ... ඉන්නේ ප්‍රින්සස් යූ ද

🐯  ඔව්... ඇයි මොකද

කුකී ඔප්පා හරියට බය වෙලා වගේ. මුළු මූණම දාඩියෙන් පෙඟිලා. එකපාරටම කුකී ඔප්පට සිහිය නැති වෙලා ලඟ හිටපු යූමිගේ ඇඟ උඩට කඩාගෙන වැටුණා.

💖  කුකී ඔප්පා...

🐼  කුකී....

හැමෝගෙම කලබලේ අස්සේ ජින් ඔප්පා කුකීවත් කරට අරගෙන එතනින් එලියට ගියා.අපිත් එයා පස්සෙන් දිව්වා. ජින් ඔප්පා කුකී ඔප්පව අරගෙන එයාලගේ මැන්ෂන් එකට ගිහින් කුකී ඔප්පගෙ කාමරෙන්ම එයාව තිබ්බා.

🌻  ජින් ඔප්පා.... කුකී ඔප්පට මොකක්ද එකපාරට වුණේ....

🐯  බය වෙන්න දෙයක් නෑ. කුකීට හිටපු ගමන් ඔහොම වෙනවා.

😺  ඔව්.... මීට කලින් ඔහොම වෙලා තියෙනවා. කුකී බය වෙච්ච වෙලාවට වගේ එකපාරට ඔහොම වෙනවා.

💖  ඒත් දැන් මොකටද කුකී ඔප්පා බය වුණේ....

🐥  ඒකනම් හිතාගන්න බෑ.

🐼  ටිකක් ඔහොම්මම කුකීට ඉන්න දෙන්න. එයාට තව ටිකකින් සිහිය එයි.

🐨  ඔව් ඔයාලා ඔක්කොම දැන් ඔයාලගේ කාමරේට යන්න. ආරා.... එහෙමෙහෙ රවුම් ගහන්න යන්නැතුව කාමරේට වෙලා ඉන්නවා. හරිද...

💖  කියනකම් බලාගෙන හිටියේ... මං කොහෙවත් රවුම් ගහන්න යන්නෑ. මට වැඩ තියෙනවා. හූම්ම්...

...............................................................................

Namjoon's pov

🐨  මට සැකයි ප්‍රින්සස් යූ කියන්නේ ආරාගේ ඇත්තම ඔම්මද කියලා

😺  ඇත්තම කිව්වොත් ඒක දැකපු වෙලාවේ මටත් හිතුණේ ඒකමයි.

🐯  ප්‍රින්සස් යූ තනිකරම ආරා වගේ. හිතාගන්නවත් බෑ.

🐼  ප්‍රින්සස් යූ ආරාගේ ඔම්මා නම් හැමදෙයක්ම ගැලපෙනවා නේද. ආරාට තියෙන බලයන් එක්ක බලද්දී එහෙම වෙන්න පුළුවන්.

🐨  මට හිතෙන්නේ අප්පා හැමදෙයක්ම දන්නවා. ඒත් අපිට කියන්නේ නෑ.

🐥  ඇයි ඒ.... මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියලා දන්නව නම් අපිට මොකක්හරි කරන්න පුළුවන් වෙයි.

🐼  මෙතන අපි හිතනවට වැඩි දෙයක් තියෙනවා. අපිට පේන දේ නෙවෙයි මෙතන වෙන්නේ. ප්‍රින්සස් යූ ට වෙච්ච දෙයක් කවුරුවත් දන්නෑ. සමහරවිට ආරාගේ පස්සෙන් කවුරුහරි පන්නන එකත් මේකට සම්බන්ධ ඇති.

🐨  හරි.... මතකද ආරා කිව්වා එකදවසක් එයාගේ ඔම්මා කියලා තියෙනවා කිව්වේ ආරගේ අප්පා මනුස්සයෙක් කියලා.

🐥  ඉතින්...

🐨  ප්‍රින්සස් යූ.... එයත් මනුස්සයෙක්වයි තෝර ගත්තේ. ඒ නිසයි එයාට හැමදේම නැති වුණේ.

😺  අපිට දැන් හිතන්න වෙන්නෙම ප්‍රින්සස් යූ කියන්නේ ආරාගේ ඇත්තම ඔම්මා තමා කියලා.

🐯  එහෙමනම්....

ඒත් එක්කම අපි හිටපු තැනට දුවගෙන ආවේ අපේ ආරක්ෂාවට හිටපු වැම්පයර් කෙනෙක්.

👤  කුමරුනි.... අර ගෑනු ලමයට...

🐨  ඇයි මොකක්ද වෙලා තියෙන්නේ. ආරට මොකක්ද වෙලා තියෙන්නේ.
කියනවා මනුස්සයෝ....

👤  ඒ ගෑනු ලමයට කරදරයක්....















වැම්පයර් බබාලාස්😁

ඔන්න මං ආවා

දවස් දෙක තුනක් පරක්කුයි නේත

ඒකනම් කම්මැලිකම☺

සොරි ඈ

යුන්ගි ආදරේ යූනටලු ඔන්න😒

වෙන කාටවත් නෙවෙයිලු😌

කුකී මොකූ අර සිහිනැතුව වැටුණේ

කුකී මොනාහරි දන්නවද

සෙට් එක ආරා ගැන හොයනවා වැඩී නේද🌝

ආරාට කරදරයක්ලු
ඒ පාර මොන බාල්දියක්ද දන්නෑ

මට හිතෙනවා දැන් කතාව කම්මැලී වගේ කියලා😕

කම්මැලිද බබූලා😞

හෙටත් එකක් දෙන්න බලන්නම්

වෝට් කමෙන්ට් කරන ඔක්කොටම තෑම්ස්❤ ආලව්යෝ❤

ටටා බායි👑❤

Continue Reading

You'll Also Like

1.5K 203 27
ශිනි කවීශා කියන්නේ ශ්‍රී ලාංකික තරුණියක්, කොරියාවට එන්නේ රැකියාවක් සඳහා, එයා හිතුවෙ වත් නැති විදිහට එයාට කෙනෙක් මුණ ගැසෙනවා. ඇත්තටම ඒ දෙන්නා මුණ ගැහේ...
14.3K 572 47
"Don't ever think that we're friends." Avyugh gritted. "Aw, I thought we were past that," Alarion grinned, taking up Avyugh's space. "I will make yo...
92.4K 3.8K 22
❝ i'm just a teenage dirtbag, baby ❞ - 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛... a boy who is the equivalent to a teenage dirtbag and has nightmares falls in love with t...
1.6K 443 22
"අපි නැති කාලෙක මේ හැමදේකම උරුමක්කාරි ඔයයි ලියානා." ලියානා ෂර්ලි ලොකු ගෙදරක සොල්දරයේ හිර වෙලා හිටපු කෙල්ලෙක්, අන්තිමේදි බංගලාවක් වගේ ගෙදරක සහ ගොඩක්...