DUΛL⏳ ( Completed )

By Armygirl920

8.5K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Tears ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Are you happy ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
I Want You ..
Why We ..
Love ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Still waiting ..

154 46 19
By Armygirl920

වැස්සේ තෙමීගනම ටේහ්‍යුන් කෙල්ලවත් එක්කන් ගෙට ඇවිත් එයාව සෝෆා එකෙන් තිබ්බේ ටවල් එකක් හොයාගන යන්න ..

කෙල්ලගේ කොන්ඩේ පුංචි පුංචි වැහි බිංදු රැදිලා තිබුනා...

" යුන්... කෝ එන්න... "
සෝෆා එකේ වාඩිවෙලා හිටිය කෙල්ලගේ ලගින් හිටගන ටේහ්‍යුන් එයාගේ උරහිස් ලගට තිබුන කොන්ඩේ හෙමින් හෙමින් පිහදැම්මා..

" ඔයාගෙත් තෙමිලා.. ඉන්න මම පිහදාන්නම්.... "
හිනාවෙලා කෙල්ලත් ටවල් එක අරන් සෝෆා එක උඩ හිට ගත්තේ ටේහ්‍යුන් තමන්ට වඩා ගොඩක් උස නිසා...

" යමු... අපි කෑම කමු.. ඔයාට බෙහෙත් බොන වෙලාවත් හරි.. "
කෙල්ලගේ අතකින් අල්ලගන එයා ගියේ කෑම මේසේ ලගට...

ඒත් කෙල්ල වැඩිය කෑමට පිරියක් දැක්කුවේ නෑ....
" යුන් ඇයි .. ඔයාට සනීප නෑ වගේද... ස්ස් තෙමුනත් එක්ක ... "
ටේහ්‍යුන් නැගිටලා කෙල්ල ලගට ඇවිත් එයාගේ නළලටයි බෙල්ලටයි අත තියලා බැලුවේ කෙල්ලට උණද කියලා...

ඒත් එහෙමට නම් එයාට උණක් තිබුනේ නෑ..
" උණක් නම් නෑ... ඇයි මම මොනා හරි ඕඩර් කරන්නද ම්ම්.. "

" එ එපා ටේ... මට එච්චර කන්න හිතෙන්නේ නෑ අනේ.... ඇයි මන්දා... "

කෙල්ල එහෙම කියනවත් එක්කම ටේහ්‍යුන් ට මතකෙට ආවේ ඩොක්ටර් කිව්ව දේවල්...
කෙල්ල කෑම කන එක අඩුකරන එක රෝග ලක්ෂණයක් කියලා....

" හ්ම්ම්... ඉන්නකෝ මම සුප් එකක් හදන්නම් හොදද... ඒක බීලා බෙහෙත් බොන්න...

ඒ බෙහෙත් සැරයි නේ යුන්.. හිස් බඩ බොන්න එපා.. "
කෙල්ලගේ ඔලුවත් අතගාලා කොල්ලා එතනින් නැගිට්ටේ කෙල්ලට සුප් එකක් හදන්න...

කෙල්ලත් ප්ලේට් එක හෝදල දාලා සාලෙට ගියත් ආයෙමත් එයාට කැරකිලි ගතියක් ආවා ..
" ට් ටේ .. හ්... "
වැටෙන්න ගිහින් සොෆා එකේ ඇන්දට බර වෙන ගමන් කෙල්ල පුළුවන් වෙහෙස දාලා කොල්ලට කතා කලා...

" අ අනේ... ටේ මට... මට ටිකක්... ඔලුව කැරකෙනවා වගේ.... ඔහ්... "
කෙල්ල කියද්දිම සිහි නැතිවෙලා ඇද වැටුනේ කෙල්ලගේ සද්දෙට සාලෙට දුවන් ආව ටේහ්‍යුන් අඩියෙන් දෙකෙන් කෙල්ල ලගට ගිහින් එයාගේ ඉනෙන් අල්ලගන තමන්ට බර කර ගනිද්දි...

" යුන්... දෙයියනේ ඔයා හොදින් ද... "
ඒත් කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් ආවේ නෑ .... එයාට සිහි නැතිවෙලා කකුල් පණ නැතුව ගියේ කොල්ලා ඉක්මනට ඉයුන් බී ව අත් අතරට අරන් සෝෆා එකෙන් තියද්දි....

කෙල්ලගේ ඔලුවත් රෙදි කෑල්ලකින් තවලා කොල්ලත් එතනම ඇණ තියාගත්තේ එක තත්පරයක් වත් කෙල්ලගෙන් ඈත් නොවී ...

පැයක් විතර යද්දි කොල්ලට ඇහැර උනා.... එයාටත් කෙල්ල ලගම නින්ද ගිහින් ... ඉක්මනට ඔලුව උස්සලා බලපු ටේහ්‍යුන් දැක්කේ හිස් සෝෆා එක ....

" යුන්... ඔයා කොහෙද .... අනේ බෙහෙත් ටික බිව්වෙත් නෑ... "
කොල්ලා සාලේ ත් බලලා kitchen එකටත් ගිහින් බැලුවා....

" මේ කෙල්ල නෑ නේ... කොහෙට ගිහින්ද ... "

ඉක්මනට පඩිපෙල දිගේ උඩට දුවලා එයා කාමර වලත් බැලුවා...
" දෙයියනේ ... මාව බය කරන්න එපා යුන්.... අනේ කො.... "

" හෙල්ලෙන්න එපා... "
පඩිපෙල මුදුනේ ඉදන් කෑගගහා හිටිය කොල්ලව එතනම ගල් උනේ පිටට තද උන මොකක් හරි උල් දෙයක් නිසා....

" ඉයුන් බී ... ? "
කොල්ලට තේරුනා කෙල්ල ආයෙමත් වෙනස් වෙලා බව....
" ඉයුන් බී මං කියන දේ... "

" පහලට යමු... "
තවත් ටිකක් කොල්ලගේ පිටට ඒ තියුණු තුඩ තද වෙද්දි කොල්ලා සද්ද නැතුව පඩිපෙල බැස්සේ කෙල්ලත් කොල්ලගේ ලගින්ම පහලට බහිද්දි...

" අනේ යුන්.. ටිකක් සන්සුන් වෙන්නකෝ ම්ම්... "
කොල්ලා හැරෙන්න හදනවත් එක්කම කෙල්ල එතනින් අඩි කීපයක් පස්සට ගියා....

" මට තනියම ඉන්න ඕනි... හ්ම්ම් යන්න ඔයා... "

" දෙයියනේ ඕක කොහෙන්ද ගත්තේ... "
කෙල්ල අතේ තියන් කරකව කරකව හිටියේ පේපර් කටර් එකක්....
කොල්ලා අත්දෙකත් විහිදගන කෑගැහුවේ බය වෙලා...

" මේකද.. ම්ම් ඒක ලස්සනයි ... ඉතින් මම ගත්තා... බලන්නකෝ ඒක දිලිසෙනවා... "

කටර් එකේ තලේ දිගේ ඇගිල්ලක් ගෙනියන ගමන් කෙල්ල ගොඩක් ආසාවෙන් ඒ දිහා බලන් හිටියා...

" ඉයුන් බී අනේ දෙයියන්ගේ නාමෙන් ඕක අහකට දාන්න please .. "
කොල්ලගේ අත්දෙකත් එක්ක වෙවුලන්න අරන්...

" ශිරෝ ... මම ඇයි ... ? ඒක ලස්සනයි නේ... ඔහ්... ඒක ඉක්මනට කැපෙනවා..... "
කටර් එකේ අගින් ඇගිල්ල තද කරපු කෙල්ල ලේ එන්න එයාගේ එක ඇගිල්ලක් කැපිලා යද්දි අත දිහා බලාගන ලොකූ හිනාවක් දැම්මා....

" අනේ අයියෝ ... මේ මේ අහන්න කෝ ඉයුන් බී ... ඕකෙන් ඔයාට ආයෙත් තුවාල වෙයි... කලින් පාර වගේ ඔයාට නින්දක් වත් නැතිවෙයි... අනේ මං කියනවට ඕක ... "
කොල්ලා කදුළු කැට එක දෙක කම්මුලට වැටෙද්දි තදින් හුස්ම ගත්තේ කෙල්ලගේ ලේ ගලන ඇගිල්ල දිහා බලන්..

" අහ් ... එදා වාස් එකට කැපුන එක නේ.. දන්නවද ... මට ඕනි උනා ඒ වාස් එකේ වීදුරුව කොච්චර තියුණු ද බලන්න... මං ඒහෙම කරන්න හරිම ආසයි....

ඔමො... අයියෝ ඒක හොද වෙලානේ..... "
අල්ලේ තිබුන කැපුම් කැලල දිහා කෙල්ල මූණ බෙරි කරන් බැලුවේ අනික් අතින් තදින් පේපර් කටර් එක අල්ල ගන්න ගමන්...

" ඔ ඔව්... අනේ ඒකයි කියන්නේ.... ආයේ ඕනි නෑ නේ.. කෝ අනේ ඕක දෙන්නකෝ මෙහාට.. "
කොල්ලා හෙමින් අඩියක් ඉස්සරහට තිබ්බා..

" යාහ්.... එන්න එපා ඉස්සරහට තේරුනා ද... මම.... මම ඇනගන්නවා හොදේ... "
තරහින් ඔරෝගන එහෙම කියලා කෙල්ල ආයෙම හිනාවෙලා පේපර් කටර් එකේ තුඩ එයාගේ අල්ලේ තිබුන කැළල උඩින් තද කරන් ඇදන් ගියේ ආයෙමත් පරණ තුවාලේ අලුත් වෙලා අතදිගේ ලේ දුඹුරු පාට ටයිල් පොලවට වැටෙද්දි....
" ම්ම් දැන් තමා හොද... "
කෙල්ල තුවාල වෙලා ලේ ගලන අත ඒහෙට මෙහෙට හරෝ හරෝ ඒ දිහා බැලුවේ ලස්සන ඇදුමක් හරෝ හරෝ බලන්නා වගේ හිනාවෙවී....

" අන්ද්වේ යුන්...... !!!!!!! අනේහ්... අනේ ඇයි ඔයා... "
කොල්ලා අත්දෙකෙන්ම ඔලුව බදාගත්තේ කෑගහගන ... කදුළු වලටයි පීඩනයටයි කොල්ලගේ ඇස් හොදටම රතුත් වෙලා...

" කිව්වම එලියට යනවා... ඔයා මට කරදර කරනවා... මම කරන්නේ මම කැමති දේ... යන්නයි කිව්වේ.... "
කෙල්ල හිනා වෙවී කොල්ලට රැව්වේ ටේහ්‍යුන් ගේ ලගට වේගෙන් පේපර් කටර් එකත් දික් කරගන දුවගන යන ගමන්...

කොල්ලටත් නොදැනීම එයාව අඩිකීපයක් පස්සට ගියේ දැන් ඉන්නේ එයාගේ යුන් නෙවෙයි කියලා දන්න නිසා...

කොල්ල සිහියක් නැතුව කෙල්ලගේ අතදිහා බලාගන හිටියා...
කැපුම් තුවාලෙන් ලේ බිංදු බිංදු ඇගිලි දිගේ ටයිල් එකට වැටෙන දිහා එයා බලන් හිටියේ හිත යටින් ඇවිලි ඇවිලි...

කොල්ලට එදා වගේ වාහනේ යතුරක් ගන්න වත් සිහි නෑ.... එයාව ඔහේ දොර ලගට කෙල්ල ඇදගන ගියා...
" දොර ඇරලා එලියට යනවා... "

" හරි... හරි... ඔයා තුවාල කරගන්නේ නැත්තන් මම යන්නම්.. මට පොරොන්දු වෙන්න... "
කොල්ලා එහෙම කියද්දි කෙල්ල ආයෙමත් හිනාවෙලා කොල්ලව එලියට දාලා දොර ලොක් කලේ අතේ තිබ්බ පේපර් කටර් එක තදින් අල්ල ගන්න ගමන්....

එලියේ තදටම වහිනවා... එහෙමයි කියලා කොල්ලට ගානක් නෑ... තෙමි තෙමීම garden එකට ඇවිත් එයා තෙත්වෙලා තියෙන බෙන්ච් එකේ වාඩි උනේ ලොකු පීඩනයකින්...

" දෙයියනේ මම කොහොමද ඔයාව බේරගන්නේ යුන්... ඔයා මට ඔයා ලග ඉන්න දෙන්නේ නෑ නේ... "

******

අතේ තිබ්බ පේපර් කටර් එක බිම වැටෙනවත් එක්කම කෙල්ලට චිත්‍රපටියක් වගේ මැවිලා පෙනුනා තමන් කරපු හැමදේම..

පේපර් කටර් එක දැකලා පිස්සෙක් වගේ හිනා උන හැටි ....

ඒක ටේහ්‍යුන් ගේ පිටට තද කරගන පහලට ආව හැටි...

කොල්ලාගේ ඉස්සරහම තමන් තුවාල කරගත්තු හැටි...

අන්තිමේදි කොල්ලව ඇදලා මර වැස්සෙම එලියට දාපු හැටි කෙල්ලට මැවිලා පේද්දි එයා අනිත් පැත්තට හැරිලා දොර ගාවට දිව්වා...

කෙල්ලට හදිස්සියට ලොක් එකවත් ඇරගන්න බැරි උනා... කොහොමින් හරි ලොක් එක ඇරගන කෙල්ල එලියට පැන්නේ වැස්සෙම කොල්ලව හොයාගන...

" දෙ දෙයියනේ මම... අහ් අනේ මම මොකක්ද මේ කලේ.... ටේ.... අනේ ඔයා කෝ.. "
තරගෙට වැටෙන කදුළු පිහදදා කෙල්ල Garden එක පුරාම කොල්ලව හෙව්වා...

" අනේ ටේ.. "
එයා නතර උනේ සකුරා ගහ ලග තිබ්බ බෙන්ච් එක ලගින්...

කෙල්ලට ඒ කෙලින්ම පෙනුනා සකුරා ගහ යටට වෙලා කොල්ලා ගලකින් ගහේ මොනාදෝ කොටනවා... වැස්සෙම කිසිම තැකීමක් වත් නොකර...

" ටේ....."
කෙල්ල යටිගිරියෙන් කෑගහල කියද්දි කොල්ලා ගේ අතේ තිබුන ගල බිමට වැටුනා...

ගල ගොඩක් තදින් අල්ලගන එයා මොනාදො කොටපු නිසා ගලේ තියුණු දාර වලට කොල්ලගේ අතත් කැපිලා තිබුනා කෙල්ල දැක්කා...

" යුන්... අනේ යුන් තෙමෙන්න එපා .. "
කොල්ලා කළුවරේම ගහ යටින් කෙල්ලගේ ලගට දුවගන ආවේ කෙල්ලත් ඒ පැත්තට දුවද්දි...

" මි මියානේ...හ්හ්... මියානේ ටේ.. මට සමාවෙන්න ... අනේ මම... අනේ මට බෑ තවත් නම්.... "
කොල්ලට තුරුල් වෙලා කෙල්ල වැස්සෙම හොදටෝම අඩනවා...

" පණ ... ඔයා සීතල වෙලා.. අනේ යමු .. කෝ තුවාලෙන් ලේ ගහනවා...

යන් කෝ එන්න.. "
කෙල්ලවත් එක්කන් කොල්ලා ඉක්මනට ගේ ඇතුලට දිව්වත් කෙල්ල ඔහේ ඇදිලා ගියා මිසක් අඩන එකේ කෙලවරක් නෑ....

කෙල්ලවත් පිහදාලා කොල්ලා ඉක්මනට බෙහෙත් පෙට්ටිය අරන් සෝෆා එකේ වාඩි උනා...

" ඇති ඔය ඇඩුවා යුන් ... අනේ මට මොනාත් උනේ නෑ නේ... මම හොදින්... ඔයා.. අනේ ඔයා තුවාල කරගත්තේ නෑ නේද තව... ම්ම්... "
කෙල්ලගේ අතකින් අල්ලන් කොල්ලා එයාව හරෝ හරෝ බැලුවා...

" මාව ගෙනිහින් දාන්න ටේ.. මට බෑ මේක කරන්න... මම යන්නම්.... අනේ ටේ මට තවත් බෑ... "
ඒ සැනින් කොල්ලගේ පපුවට තුරුල් උන කෙල්ල තුවාල අතින්ම කොල්ලගේ ඇදුම ගුලි කරලා අල්ලගන හයියෙන් කෑගහලා ඇඩුවේ ටේහ්‍යුන් තදින් හුස්ම ගන්න ගමන් කෙල්ලගේ පිට අතගාද්දි...

" මොනාද කියවන්නේ යුන්... මම ඔයාව කොහෙවත් යවන්නේ නෑ... ආයෙත් ඔයවගේ කතා කියවන්න එපා පණ... ඔයා විතරයි මට ඉන්නේ.. ඔයාට ඉන්නෙත් මං විතරයි ..

අනේ මම මැරිලා යයි යුන්.. මට බෑ ඔයා නැතුව ඉන්න... ඔයා මාව මැරුවත් මම ඔයාව අතාරින්නේ නෑ... "

" ටේ....... !! මොනාද කියවන්නේ.. මම ... මම කොහොමද ... ඔයා ආයෙමත් මරණ කතා කියෙව්වොත් මම මේ ගෙදරින් යනවා ටේ...

අනේ මට බයයි ... තවත් මම කොහොමද මුකුත් නොවෙයි කියලා හිත හදාගන්නේ... ස්... "
කොල්ලගේ ඇදුමේ පපුව හරිය කෙල්ලගේ ලේ වලට තෙත් වෙලා...
ගුලි උන ඇගිලි අතාරිනවත් එක්කම කෙල්ලට ටිකක් කෑගැස්සුනා..

" මම ඉන්නවනේ... ඔයා එක්ක මම ඉන්නකන් ඔයාට බෑ ඔයාටවත් තුවාලයක් කරගන්න.. ඔයා වෙනස් උනාට ආයෙත් විනාඩි කීපයකින් පරණ තත්වෙට එන්නේ සමහරවිට ඔයාගේ ඇගේ ඉන්න පරණ යුන් එයාගේ ටේ ගැන වද වෙන නිසා වෙන්න ඇති...

මම ඔයාව බේර ගන්නවා පණ... මගේ ජීවිතේ ගියත්... "
කෙල්ලගේ අතට කදුළු හල හල කොල්ලා බෙහෙත් දැම්මේ කෙල්ල නිදහස් අතෙන් කොල්ලගේ වැටෙන කදුළු පිහදාද්දි...

" අනේ ටේ... අඩන්න එපා... අනේ මම කොහොමද බලන් ඉන්නේ.. ස්ස්... ඔයාගේ අත.. අනේ ඒක .. කෝ දෙන්න.. "
කෙල්ලගේ අතේ බැන්ඩේජ් එක ගැටගහලා ඉවර වෙනවත් එක්කම කෙල්ල ටේහ්‍යුන් ගේ උකුලේ තිබුන බෙහෙත් පෙට්ටිය ඇදලා අරන් කොල්ලගේ අතට බෙහෙත් දාන්න ගත්තේ ටේහ්‍යුන් ලාවට හිනාවකින් කෙල්ලගේ දිහා බලන් ඉද්දි..

බිම බලාගන බෙහෙත් දාද්දි සැරින් සැරේ මූණට වැටෙන කෙස් ටික එයා ඔලුවෙන්ම ගසලා පස්සට කලත් ඒවා ආයෙම මූණට වැටුනා...

අඬලා රතු උන කම්මුල් පීච් ගෙඩි වගේ වෙලා... ඇස් දෙක ත් එක්කම රතු වෙලා..

කොල්ලගේ අතට පිඹින රතුපාටින්ම උල් උන තොල් මාරුවෙන් මාරුවට හප හප කෙල්ල බෙහෙත් දැම්මේ ඉදලා හිටලා බුරුල් වෙන නහය උඩට ඇද ඇද....

කෙල්ලගේ අහින්සක පෙනුම බලා ඉද්දි කොල්ලට අතේ වේදනාව නොදැනීම ගියා... බෙහෙත් දාලා ඉවර වෙලත් කෙල්ල දුකෙන් ටේහ්‍යුන් ගේ අත දිහා බලන් හිටියා..

" යුන්... සරන්හේ .. "
කෙල්ල ඇස් ලොකු කරන් ටේහ්‍යුන් දිහා බැලුවත් කොල්ලා හිටියේ වෑහෙන තරම් ආදරේකින් කෙල්ලගේ ඇස් දිහා බලාගන සෝෆා එකට හේත්තු වෙලා..

" මට ඔය තරම් ආදරේ කරන්න එපා ටේ... මට ගොඩක් බය හිතෙනවා ඔයා ගැන... "
කෙල්ල එයාගේ තුවාල උන අතත් කොල්ලගේ තුවාල උන අත එක්කම තියාගන ටේහ්‍යුන් ගේ පපුවට ගුලි උනා...

කෙල්ලවත් තුරුල් කරන් සෝෆා එකට බර වෙලා ටේහ්‍යුන් ඇස් පියා ගත්තේ කෙල්ලත් ඒ උණුසුමට සැනසෙද්දි...

විනාඩි කීපයක් යද්දි දෙන්නටම එතනම නින්ද ගිහින්... පැයක් විතර යද්දි කෙල්ලට ඇහැරවුනා...

" ඔහ්.. ටේ... අපි.. ඇදට යමු... එන්න කෝ.. "
කෙල්ලවත් තද කරගන කොල්ලා සෝෆා එකේ කොන්දත් ඇද කරගන නිදන් හිටිය නිසා කෙල්ල ටේහ්‍යුන් ගේ උරහිසට තට්ටු කලේ කොල්ලා හෙමීන් ඇස් ඇරලා ඔලුව වනද්දි....

ටේහ්‍යුන් නිදි මතේ ඇදට ගියේ කෙල්ලගේ අතේ එල්ලිලා.. ටේහ්‍යුන් බලන් ඉද්දි කෙල්ල බෙහෙත් ටිකත් බීලා ඇදට ආවා..

දෙන්නම ඇල උනත් අද කෙල්ලටත් කලියෙන්ම ටේහ්‍යුන් කෙල්ලගේ පපුවට ඔලුව තියා ගත්තේ ඉයුන් බී හිනාවකින් කොල්ලව තුරුල් කර ගනිද්දි..

" ටේ.. "

" ම්ම්හ්.. "
කොල්ලා හරිබරි ගැහිලා පොඩි එකෙක් වගේ කෙල්ලගේ පපුවෙන් ඔලුව තියාගන කකුලකුත් උස්සලා කෙල්ලට දාගත්තේ හදිස්සියේ වත් කෙල්ල නැගිටලා යයි කියලා වගේ....

" මම දැන් කළුවරට බය නෑ නේ ටේ... අනික එතන තවත් අය ඉන්නවා... ඩොක්ටර්ස් ලත් ඉන්නවනේ...

ඒ නිසා මම.... "

" ඔයාට මං නැතුව ඉන්න පුළුවන් ද යුන්.. !? "
කොල්ලා කෙල්ලගේ පපුවට ගුලි වෙලාම කියද්දි ඉයුන් බී ලොකු හුස්මක් උඩට ගත්තේ පහලට දාගන්න බැරුව...

" ඔයා ඒකට උත්තරේ දන්නවනේ ටේ.. ඒත්... "

" මට නිදි මතයි යුන්... අපි ඕක කතා නොකර ඉමු... ඔයා නැති උනොත් මටත් වෙන්නේ පිස්සන් කොටුවට යන්න තමා...

ඒ නිසා ඕක ආයෙ මට කියන්න එපා... මම පිළිගන්නෙත් නෑ... "
කෙල්ලගේ ඉනෙන් අල්ලලා තමන්ට තවත් තද කර ගන්න ගමන් කොල්ලා ටිකක් තදින් කියලා කෙල්ලගේ තුරුලෙම ඇස් පියා ගත්තා...

කෙල්ලත් ටේහ්‍යුන් ගේ ඔලුව අතගෑවේ සීතල කදුළු බිංදුවක් එයාගේ ඇස් කොනින් බේරිලා කොට්ටෙට වැටෙද්දි..

******

" මොනාද උයන්නේ.. ? "
කෙල්ලගේ ලගින්ම පැන්ට්‍රි එක උඩ ඉදගන්න ගමන් ටේහ්‍යුන් ඇහුවා...

" පාස්ටා...

හොදද .. ඔයා කනව නේ.. ? "

කොල්ලා හිනා වෙලා ඔලුව වනලා තැම්බුන පාස්ටා ටිකක් රස්නේ පිටම කටට දාගත්තා...

" යුන්.. ඩොක්ටර් කතා කලා.. තව ටිකකින් අපි යමුද treatments වලට.... "

" හ්හා... හ්ම්ම් යමු.. කාලා යමු.. "

කෑම ටික කාලා කෙල්ල ප්ලේට්ස් ටික හේදුවා..

" අර පැළ ටික හිටවන්නත් ඕනි ටේ.... අද වත් බලන්න ඕනි..

මේ... ටේ... "

" ඕ... "
කොල්ලා ටවල් එකකුත් කරේ දාගන kitchen එකට ආවා...

" හදිස්සියේ වත් මම ආයේ වෙනස් උනොත් .. මේ... හදිස්සියේ වත් මම ඔයාට තුවාල කරන්න ආවොත් ..

මං ගැන නොබලා හරි ඔයා පරිස්සම් වෙන්න ... තේරුනා ද... "
කෙල්ල ගොතගගහා කියද්දි ටේහ්‍යුන් රවලා ඔලුව දෙපැත්තට වැනුවේ බෑයි කියන්න..

" ශිරෝ... මම ඔයාව බේරලා ... ඊට පස්සෙයි මාව බේර ගන්නේ.... ඔයාට බෑ මාව නතර කරන්න යුන්... "
කොල්ලා තරහින් කියලා ටවල් එකත් අරන් bathroom එකට ගියේ කෙල්ල හුස්මක් පිට කරද්දි..

" මම ඉන්න එක ඔයාට අනතුරක් ටේ...

ඇයි මේ බෙහෙත් වලින් මට ගුණයක් නැත්තේ...

මම ඉන්නේ පොඩ්ඩක් වත් පාලනය කරගන්න වත් බැරි තත්වෙකද... ?

ටේ පරිස්සමෙන් හිටියොත් මට ඒ ඇති...

ඉයුන් බී ... ඔයා එයාට කරදරයක් කරන්නේ නෑ නේද... ? "
කෙල්ල පැන්ට්‍රි එක උඩ තියලා තිබුන එයාගේ phone එකෙන් පේන තමන්ගේ මූණ දිහා බලලා පපුව අල්ල ගත්තේ ඉස්සරහට මොනවැයින් මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුව.....

.
.
.

________________________________________

දැන් නම් කතාවේ අන්තිම හරියට ඔයාලා ආවා.... 😚
හපෝයි ගොඩක් දුර ඇවිත් නේ.. මම මේක ලියලා තියෙන්නේ හොදටම ඇදලා ...
එපාවෙන්නත් ඇති...

මම හතලිහක් නම් කොහොමත් ලියන්නේ නෑ... ඒ කියන්නේ ත්ව Chapters හතකට වඩා අඩු වෙයි 😊😊

අනේ මන්දා යුන් ගෙදරින් යයි ද...

දැනට alters ලා තුන් දෙනෙක් ඉන්නවා ඔයාලා මොකෝ කියන්නේ තව ඉන්නවද දන්නෑ නේ 😀

බලමු ඈ...
Borahae
💜️💜️

__Candy__

Continue Reading

You'll Also Like

16.5K 2.2K 38
Original author: Chen Ci Lan Tiao, Lazy Cliché, 陈词懒调 Status in COO : 507 chapters
145K 14.5K 27
Zhang Chenfi(ကျန်းချန်ဖေး)ဟာ Car Accidentကြောင့် ဦးနှောက်ကိုထိသွားပြီး သူ့ကိုယ်သူ Novelထဲက ဇာတ်ကောင်လို့ ထင်သွားပါတော့တယ် Jiao Qi(ကျောင်းချီ)ကလဲ...
16.2K 1.6K 22
ကျုပ် ရွက်ရှိန်းကို သဘောကျရတဲ့အကြောင်းရင်းကတော့ ရွက်ရှိန်းက ရွက်ရှိန်းဖြစ်နေလို့ပါပဲ..
3.7K 704 9
එක් වැසිබර දවසක BTSලාගේ ජීවිතේ සදහටම වෙනස් උනා.. අවුරුදු 5කට පස්සේ ජීසෝ ජන්ග්කුක් මුණ ගැහෙනවා අහම්බෙන්.. ඒත් ඒක අහම්බයක් නෙමෙයි ඒක දෛවය.. මේ දෙන්නට...