Professor Jeon | Jikook | On...

By Astro_Zoe

42.1K 7.6K 2.4K

විශ්වවිද්‍යාලය සිසුවෙක් වන පාක් ජිමින් තමන්ගෙ අලුත් මහාචාර්යවරයා සමඟ සෙල්ලක්කාරකමට රාගික ඇසුරක් පැවැත්වුවත් අ... More

➪01
➪02
➪03
➪04
➪05🚫
➪06🚫
➪07
➪08
➪09
➪10🔞
➪11
➪13
➪14
➪15🔞
➪16
➪17
➪18
➪19
➪20
➪21🔞
➪22
➪23
➪24

➪12

1.2K 300 99
By Astro_Zoe

බෑග් එකත් එල්ලගෙන කැෆටේරියා එකට ආව ජිමින්ගෙ මූණ මලානික පෙනුමක් අරගෙන තිබ්බා.ජිමින් ඉන්නේ මොකක් හරි ගැටලුවකින් බව පෙන්නන්න එයාගෙ තොල් පෙති පවා සුදු මැලිව උනා

" ටේ..."

" ම්ම්..මොකෝ.."

ජිමින් ටේහ්‍යුන්ග් ළගින් වාඩි වුනහම ටේහ්‍යුන්ග් ඇහුවා.ජිමින් තවමත් ටේහ්‍යුන්ගෙ ඇස් දිහා බැලුවෙ නෑ..එයා ඉස්සරහා බලාගෙන හිටියෙ හොල්මනක් දැකපු විදිහට.

" ඇයි කතා නැත්තෙ..උබ අවුලකින් ද ඉන්නෙ..? මොකක්ද සිද්ද වුනේ..?"

" මට..මට සබ්ජෙක්ට්ස් වල හැම නෝට් එකක්ම එවනවද.. අදම.. ප්ලීස්...!"

" ඒ...ඕක ගැනද අහස පොළව ගැටගහගන්න කල්පනා කරන්නෙ.." ටේහ්‍යුන්ග් හිනා වෙවී ඇහුවම ජිමින් කම්මුලට අතක් තියාගෙන කැෆටේරියා එකේ විශාල වීදුරුව තුලින් පේන අහස දිහාවට ඇස් අරගෙන ගියා.

' අපිට කවදා ගැටගැහෙන්න ලැබෙයිද..?' ජිමින් හිතුවා.

" උබ මේවා කනවා නෙහ්..? "

" හ්ම්.. කන්නම්.." ජිමින් අහස දිහා බලාගෙනම එතන තිබ්බ අනිත් කෑම ප්ලේට් එක ලගට ගත්තා.

සැරට හදලා තිබුන එනොකි හතු වර්ගයෙන් ටිකක් අහස දිහා බලාගෙනම කටට දාගත්ත ජිමින් තත්පර කිහිපයකින් ඇස් දෙකෙන් දුම් යවන්න ගත්තා.

" ආහ්හ්...මේක ස්පයිසි වැඩියි..මට වතුර ටිකක් දීපන්.." ජිමින් ටේහ්‍යුන්ග් දිහා බැලුවෙ මරන් කන සයිස් එකෙන්..

එතකොටම ජිමින් ළගට ආව හොඳ කඩවසම් පෙනුමක් තිබ්බ ජිමින්ගෙ පරණ පෙම්වතෙක් වෙච්ච ජැක්සන් මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුව ජිමින්ගෙ කටට ලං කලා..

" මේක බොන්න බේබි..." ජිමින් ඉක්මනින් වතුර වීදුරුව ගිලලා දැම්මා.

හිස් බඩ නිසා එයාගෙ බඩත් දනවා වගේ..ජිමින් ළගට පුටුවක් ඇඳගත්ත ජැක්සන් ජිමින්ගෙ පිට අතගාන්න පටන් ගත්තෙ ජිමින්ට පුංචි කැස්සක් ආව නිසා..

" අහ්හ්..තෑන්ක්ස් ජැකී.." කැස්ස නැවතුන ගමන් ජිමින් කිව්වා.ජැක්සන් ඔලුව වැනුවත් ජිමින්ගෙ පිටේ තිබ්බ අත අයින් කරගන්න පාටක් තිබුනෙ නෑ.

" බේබි...." ජැක්සන් කිව්වා.

" ඇයි...?"

" අයි මිස්ඩ් යූ සෝ මච්.. අපි බ්‍රේකප් උනාට පස්සේ ඔයාව කොච්චර මතක් වුනාද කියනවා නම් මට හරියට නින්ද ගියෙත් නෑ බබා..ඒකයි අද ඔයා එක්ක කතා කරන්න ආවෙ.."

" ආ...ඇත්තද...? ඒක නිසා වෙන්නැති ඇස් වටේ කලු වෙලා තියෙන්නේ...මාව ගොඩක් මතක් වෙලා වගේ.."

ජිමින් කිව්වෙ උපහාසාත්මක විදිහට.ටේහ්‍යුන්ග්ට ඒ කතාව අහලා පොඩි කැස්සකුත් ආවා.ජැක්සන් ටේහ්‍යුන්ග් දිහා බලලා ආයෙමත් ජිමින් දිහාවට ඇස් අරන් ඇවිත් එයාගෙ අතකින් අල්ලගත්තා.

" ම්ම් බබා..අපි අද රෑට ග්‍රිස්පි නයිට් ක්ලබ් එකේදි මීට් වෙමුද...?"

" මට බෑ..." ජැක්සන්ගෙ අත අහකට කරපු ජිමින් කෑම කන ගමන් කිව්වා.ජැක්සන් හැරෙන්නෙ පොල් පැළේ කන්න බව ජිමින් දන්නවා.එකම හරකට කියලා පොල් පැලේ කවා ගන්න ආස නැති නිසා ජිමින් එයාගෙ පාඩුවෙ කෑම කන්න ගත්තා.

" ප්ලීස් බබා..මං ඔයාට හොඳට ට්‍රීට් කරන්නම්..ඔයා ඉල්ලන විදියට.. අද රෑට එනවද.?"

ජිමින්ගෙ මැද ඇඟිල්ල ජැක්සන්ගෙ මූණ මැද දික් වෙද්දි ජැක්සන් ගොලු උනා.

ජැක්සන් තවත් මුකුත් නොකියා පුටුවෙන් නැගිට්ටෙ ජිමින් හොඳට හොඳයි,නරකටත් ඒ වගේම හොඳයි කියලා දාන්න නිසා.

" ඌප්ස්..පව් නෙහ්.." ටේහ්‍යුන්ග් කිව්වා.

" එයාගෙ සක්කරවට්ටම ෂුවර් එකටම බූටක් තියන්නැති..ඒකයි ඔය..

අනික එයාට අමතක වෙලා ඇති පාර්ක් ජිමින් එක දෙයක් පාවිච්චි කරන්නේ ටික කාලයයි කියලා.." ජිමින්ගෙ කට කොනේ ඇදුනු හිනාව උපහාසාත්මක බවක් ගත්තා.

~~~~~~~~~~~~~~~~~~~~~

අසයින්මන්ට් එක හදන සතිය කියන්නේ ජිමින්ගෙ ඔලුව කම්මලක් වගේ වුන සතියක්.සතිය අවසාන වෙද්දි ජිමින්ට හොඳම තත්වයෙ අසයින්මන්ට් එකක් හදාගන්න පුලුවන් උනා.

අද තමයි අසයින්මන්ට් බාර දෙන අවසාන දවස.

ජිමින් වෙනදාටත් වඩා ප්‍රබෝධමත් විදිහට උදේම නැගිටලා භාවනා යෝගීව පැය භාගයක් ඉදලා අසයින්මන්ට් එකට හයි මාක්ස් ලැබෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා.

ඊට පස්සේ යුනිවර්සිටි යන්න ලෑස්ති වෙලා පහල මහලට ආවෙ මූණට හිනාවක් අරන්.

" ගුඩ් මෝනින් බේබි.."

" ගුඩ් මෝනින් නැනී.."

ජිමින් කෑම මේසෙ වාඩි වෙන ගමන් කිව්වා.පැන්කේක් වල නියුටෙලා සහ පැණි ගාගෙන කෑව ජිමින් වෙලාව බලන ගමන් නිවසින් පිටත් වුනා.

" ජිමිනා...උබ අදවත් අසයින්මන්ට් එක ගෙනාවද..?" යුනිවර්සිටි එකේදි ජිමින්ව හම්බුන ගමන් ටේහ්‍යුන්ග් ඒ ප්‍රශ්නෙ ඇහුවා.

" ඔව්.."

" එහෙනම් එල...

යමුද කැෆටේරියා එක පැත්තෙ..?"

" යං..."

දෙන්නම කතා කර කර කැෆටේරියා එකට ගිහින් ඊට පස්සේ දේශන ශාලාවට ගියා.ඒ වෙද්දිත් මහාචාර්ය ජොන් දේශන ශාලාවට ඇවිත් හිටියා.එයාගෙ මේසෙ උඩ අසයින්මන්ට් කන්දක් ගොඩ ගහලා තියෙන විදිහ දැකපු ජිමින් තමන්ගෙ අසයින්මන්ට් එක අතට අරන් මහාචාර්යවරයා ළගට ඇවිත් මේසෙ උඩින් ෆයිල් එක තිබ්බෙ මේසෙ එක්ක ෆයිල් එක ගැටිලා පොඩි සද්දයක් එන විදිහට.

මහාචාර්යවරයගෙ වගේම ජිමින්ගෙ කටකොනෙත් හිනාවක් ඇදුනා.

ජිමින් යටිතොල හිමින් සීරුවෙ දත් අතරට අරන් තමන්ගේ ඇස් දිහා බලාගෙන ඉන්න මහාචාර්යවරයගෙ ඇස් වලට මනමාල බැල්මක් හෙලලා එතනින් යන්න ගියා.








______________________᪥____________________

To be continued..!!

Continue Reading