DUΛL⏳ ( Completed )

By Armygirl920

8.2K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Tears ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Are you happy ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Love ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Night ..

202 49 37
By Armygirl920


ඇදේ දිගා වෙලා ඉද්දි කෙල්ලට ලාවට නින්ද ගියේ මහන්සියට..
මූණට දැනුන ස්පර්ශයට කෙල්ල හෙමීට ඇස් ඇරියා...
" යුන්.. මහන්සි ද... ම්ම්.. "

කොල්ලා කෙල්ලගේ මූණේ රැදිලා තිබ්බ පුංචි කොන්ඩකෑලි ටික අයින් කරලා ඒ ලාවට පිරුන කම්මුල් දෙකේ ඇගිලි ගාවන ගමන් කෙල්ල එක්ක හිනා උනා...
" ම්ම්හ්.. මට නින්දත් ගිහින් ද...."
කෙල්ලත් හිනාවෙලා ඇදේ ඉදගත්තා..

" මහන්සිද... "
කොල්ලා තවමත් කෙල්ලගේ කොන්ඩේ හදනවා... එයා ඇවිස්සුන කොන්ඩේ අතරින් හීනි ඇගිලි ගෙනියද්දි කෙල්ලට දැනුනේ සනීපයක්...

" හ්ම්ම්.. ටිකක් ... මගේ ඔලුව ටිකක් රිදෙනවා වගේ ටේ... ඒක වෙන්න ඇති... "
ඔලුවත් පිරිමදින ගමන් කෙල්ල කිව්වා....

" ඔහ්... එහෙනම් කැම කාලා ටිකක් rest කරන්න යුන්... තව ටිකකින් කෑම ගෙනෙයි.. හොදද.... "
කෙල්ල ඔලුවත් වනලා ඇදෙන් නැගිටිද්දි කොල්ලා තොල් දෙකත් ඉරිදෙකක් වගේ ඇදලා මූණ ත් එක්කම ඇද කලා....

" ඔයා ඕක පිටින් ඉදන් මගේ ඉවසීම ටෙස්ට් කරනවද ආ.. "
කෙල්ලගේ දිහා ඇහැකොනින් බලලා කොල්ලා කියද්දි කෙල්ලට ඉබේම බැලුනේ තමන් ගේ ඇග දිහා....

" ඔහ්... දෙයියනේ ... මම ඉන්නේ bathrobe එක පිටින්ද... හ්හ්... "
කෙල්ලට එතකොට යි මතක් උනේ එයා ඇදේ ඇල උනේ ඒක පිටින්ම යි කියලා...

කර ලගින් ඒක ටිකක් පහලට ඇරිලත් නිසා කෙල්ල සට පට ගාලා ඒක හදාගත්තේ කොල්ලා දිහාත් අහින්සක හිනාවක් දාලා බලන ගමන්...
" හරි ඉතින්... අමතක උනා... "

" හනේ හනේ... හ්ම්ම් මමත් wash කරන් එන්නම්... ඕක මාරු කරගන්න හොදද.. "
කොල්ලා කෙල්ලගේ කම්මුලක් තදට කොනිත්තලා Bathroom එකට ගියේ කෙල්ලගේ කම්මුල ලාවට රතු වෙන දිහා හිනාවෙවී බලන ගමන්...

කෙල්ලත් ලැජ්ජාවෙන්ම කොල්ලට රවලා ඇදුමක් දාගන්න ගියා..

*****

දෙන්නම කෑම කෑවේත් එක එක දේවල් කියෝ කියෝ හිනා වෙවී...

" මෙහේ රෝස නැතුව ඇති නේද ටේ.... "

" චහ්.... ඔයත් අපේ ඔම්මලා වගේ යන යන තැන මල් පැල හොයන්න ගත්තද... "
කොල්ලා හයියෙන් හිනා උනේ ස්පැගටි ටිකත් හිරවෙන්න ගිහින් ....

" ආනී... අයියෝ ... මම කියන්නේ සුදුරෝස මල් ගැන අනේ.... "
කොල්ලගේ අතට ඇගිල්ලකින් ඇනලා කියද්දි කොල්ලා ඇහිබැම් ඉස්සුවා...

" ඕ .. ඒක ද මේ.. ඔයා ඒ තරමටම මල් වලට ආස නම් අපි ගෙදර වත්තම මල් වවමු... "
කොල්ලා එයාගේ අතලගින්ම තිබ්බ කෙල්ලගේ අත අල්ලගන්න ගමන් කියද්දි කෙල්ල හිනාඋනා..

" අනේ පිස්සු ඔයාට නම්... එහෙම නෙවෙයි ටේ... මම ආස සුදුරෝස වලට විතරයි ... අපි ගෙදර සුදුරෝස විතරක් වවමුද..."

" ම්.. හා... ඔයා ආස නම් එහෙම කරමු.. එලියේත් වවලා ඇතුලෙත් වවමු... හොදේ .. "
දෙන්නම හයියෙන් හිනාවෙන ගමන් ඒක අනුමත කලා.....

*****

" ටේ.... අපි Film එකක් බලමුකෝ... මට කම්මැලි නේ... "
කෙල්ල ඇද උඩට වෙලා කකුල් දෙකත් වන වන කියද්දි කොල්ලා ඇවිත් ඇදේ වාඩි උනා...

" ඔයාට මහන්සි නැද්ද යුන්.. නිදාගන්නේ නැද්ද ඉතින්... "

" ආනී... ටිකක් .. ඒත් මට හිතුනා film එකක් බලන්න... අපි දෙන්නා එකට ඉදන් film එකක් බැලුවේ නෑ නේ කාලෙකින්.. "
කොල්ලාගේ උරහිසේ ඔලුව තියාගන කෙල්ල කියද්දි කොල්ලා එයාගේ ඔලුව අතගෑවා...

" හ්ම්ම්... ඉන්නකෝ.. මම TV එක ඔන් කරන්නම්... මොනවගේ එකක් ද... horror එකක්.. ? "

" ආනී... මම ආස romantic ඒවට... "
කොල්ලට ඇහැකුත් ගහලා කෙල්ල කියද්දි කොල්ලා කටත් ඇරන් ඒ දිහා බලන් ඉදලා හයියෙන් හිනා උනා..

" අම්මෝ... හහ් හහ්.. හ්. .. "

දෙන්නත් එක්කම Film එක බලන්න ඇදේ වාඩි උනත් ඒකේ බාගයක් යද්දි කෙල්ල කොල්ලගේ පපුව උඩම නිදි... කොල්ලගේ ඉන වටෙන් අත්දෙකත් දාගන එයා ශීට් එකේයි කොල්ලගෙයි උණුසුමේම ගුලි වෙලා නිදාගන ඉද්දි කොල්ලට ඇහැරවන්න ලෝබ හිතුනා...

ඒ නිසාම එයත් tv එකයි ලයිට්ස් ටිකයි off කරලා කෙල්ලව ටිකක් උස්සලා තමන්ගේ එක අතක් එයාගේ උරහිස් වටේට දාලා එයාවත් ලං කරගන හෙමීට කොට්ටෙට බර උනේ කෙල්ලට ඇහැරවෙයිදෝ සැකෙන්...

" පණ.. ඔයා හැමදාම මෙහෙම මං ලගින් ඉන්නවා නේද... ම්ම්.. "
කෙල්ලගේ කනට කරලා ටේහ්‍යුන් එහෙම කියද්දි කෙල්ල ටිකක් ඇඹරිලා තවත් කොල්ලට තුරුලු උනා...

" සරන්හේ යුන්... මගේ Princess ... "
කෙල්ලගේ නළලට තොල් තද කරලා කොල්ලත් ඇස් පියා ගත්තේ එහෙම තෙපලන ගමන්....

දවස් ගෙවුනා... දෙන්නම ගොඩක් නිදහසේ එයාලගේ trip එක ගත කලා... ගෙවුන සතිය දෙන්නටම මතකයන් ගොන්නක් එකතු උන ලස්සන ගමනක් උනා...

ඒ කාලෙදි වෙරළේ හති වැටෙනකන් දුවන්න වගේම රැල්ල එද්දි මැකෙන මැකෙන පාරට කෙල්ල කොල්ලගේ නම වෙරලේ ලියන්නත් අමතක කලේ නැ...

ලාවට උණ ගතියක් තිබ්බත් කොල්ලට වද කරලා කොහොම හරි කෙල්ල අයිස්ක්‍රීම් එකක් කන්න අවසර ගත්තේ පුංචි එකෙක් අප්පා ලග දැවටෙනවා වගේ.....
කොල්ලත් බැන බැන අයිස්ක්‍රීම් අරන් දීලා ඒක කාලා ඉවර වෙනකනුත් කෙල්ලගේ ලගටම වෙලා හිටියේ සීතල නිසා කෙල්ල කහින සැරයක් සැරයක් ගානේ එයාට රවන ගමන්...

එයාපෝට් එක ලගට Driver වාහනේ ගෙනත් තිබුනත් කොල්ලා එයාගෙන් යතුර ඉල්ලගන driver ව ගෙදර ඇරියේ කෙල්ලවත් වාහනේට නග්ගගන්න ගමන්....

ඔවුනොවුන් ගේ කතා බහ අතරේ කෙල්ල දැක්කේ එයා ටේහ්‍යුන් අතුරුදන් උන කාලේ club ගිහින් ගෙදර එද්දි නිතරම මල් අරන් ආව ඒ කඩේ පාරෙන් එහාපැත්තෙන් තියෙනවා...

" ඔහ්... ටේ... අපි.. "
කෙල්ල කියන්න ගනිද්දිත් කොල්ලා වාහනේ නතර කරලා ඉවරයි... කොල්ලා හිනාවක් එක්ක කෙල්ල දිහා බලලා ඔලුවෙන් සන් කලා...

" බහින්න.. "

කෙල්ලටත් හිනා ගියා ඉබේම... තවමත් කොල්ලා ඒ විදියමයි... කෙල්ල හිතන්නත් කලියෙන් එයාගේ හිත කියවන්න කොල්ලට පුළුවන් ...

දෙන්නම එක්ක සුදුපාට ලොකුවට පිපුන මල් පොකුරු තුනක් අරන් පිටිපස්ස සීට් එකට දාලා ඇවිත් වාඩි උනා.. කෙල්ල හිටියේ ලොකු සතුටකින්...

මුලු වාහනේම සුදුරෝස වල සුවදින් පිරෙද්දි කෙල්ල ඇස් පියාගන වීදුරුවට හේත්තු උනේ ඒ සුවදින් හුස්මක් පුරව ගන්න ගමන්...

" කුමාඕ ටේ.. "

කෙල්ල තවමත් වීදුරුව ට හේත්තු වෙලා එලිය බලාගනම හිටියේ...

" ම්ම්.. වේ.. "
කොල්ලත් පාර දිහායි කෙල්ල දිහායි මාරුවෙන් මාරුවට බැලුවා...

" මටත් කලින් මාව අදුන ගන්නවට... "
කෙල්ල වීදුරුවෙන් ඇස් අහකට අරන් කොල්ලා දිහා බැලුවා..

කොල්ලා හිටියේ පාර දිහා බලාගන උනත් ලස්සන හිනාවක් ඒ මූණේ ඇදිලා තිබුනා...

****

සතියකට පස්සේ දෙන්නම ගෙදර ආවා... කෙල්ල නම් ආවගමන්ම කලේ සාලේ ,kitchen එකේ වගේම ටේහ්‍යුන් ගේ කාමරෙත් තිබ්බ වාස් තුනට මල් ටික දාලා පර උන මල් ඔක්කොම අයින් කරලා දාපුඑක...

කොල්ලා කෙල්ලගේ මේ හැම චලනයක්ම බලාගන හිටියා.. එයාට සතුටුයි එදා දුකින් හිටිය කෙල්ල අද මෙහෙම දුවලා පැනලා වැඩ කරද්දි....

කෙල්ල සාලේ වාස් එක හදන අස්සේ කොල්ලා හෙමින් ගියේ kitchen එක පැත්තට...
" මොනා හරි උයන්නත් ඕනි... අහ්... ෆ්‍රිජ් එකේ බලමු... "
ෆ්‍රිජ් එකේ දොර ඇදලා ඒක අරිනවත් එක්කම කොල්ලගේ ඉස්සරහට පෙනුනේ හොදට හුරුපුරුදු රූපයක්...

" යුන් ... මොකද මේ.... "
කෙල්ල කොල්ලා දොර අරින වේගෙන්ම දුවලා ගිහින් ෆ්‍රිජ් එක ඉස්සරහින් හිට ගත්තේ කොල්ලා ගැස්සෙද්දි...

" අ මේ.. ඇ ඇයි ඔ ඔයා මේ.. "

" මම මේ මොනා හරි හදන්න බැලුවේ ළමයෝ .. කෝ ඉන්නකෝ.. "
කෙල්ලව එහාට කරන්න හැදුවත් කෙල්ල ආයෙත් ඉස්සරහට පැන්නා..

" අහ්.. හ හරි මම.. හදන්නම් කෝ.. ඔ ඔයා wash කර ගන්න... "
කෙල්ල ලාවට හිනාවකුත් දැම්මා...

" ම්ම්... කෝ ඉන්න.. කෝ ඉන්න... "
කොල්ලා ඒ පාර කෙල්ලගේ ඉනෙන්ම අල්ලලා එයාව උස්සලා අහකින් තිබ්බා...

" අහ්.. ටේ... අ .. "

" හ්හොල් ... ! යුන්... ! "
කොල්ලා කටයි ඇසුයි දෙකම ලොකු කරගන කෙල්ල දිහා බලද්දි කෙල්ල උඩබිම බැලුවේ තොලත් හපාගන...

" මෙච්චර ගොඩක් බියර්.. අහ් ආනී... මේ විස්කි.. දෙයියනේ වයින්.. !!! යුන්.. "
කොල්ලා ඉනට අත්දෙක තියාගනිද්දි කෙල්ල දිවෙන් තොල් තෙත් කලේ දැනටමත් බයටම තොල් වේලිලා නිසා...

එහා ආයෙත් ෆ්‍රිජ් එක ඉස්සරහින් හිට ගත්තා....
" අහ්... ටේ... මේ මේකයි.. අ ඔ ඔයා නැති දවස් වල ඉතින් මම ගෙනාවේ... මම දන්නේ නෑ ඒතරම් මම ගෙදර උස්සන් ආවේ ඇයි කියලා... ඒත් ඒකෙන් මට පුළුවන් උනා මගේ හිත විනාඩි කීපයකට හරි රවට්ට ගන්න... "
කෙල්ල ෆ්‍රිජ් එක ඉස්සරහට වෙලා හීතලේම කොල්ලට උත්තර බැන්දේ බිම බලාගන..

ඉදලා හිටලා කොල්ලගේ තරහා ගිය ඇස් එක්ක කෙල්ල ගේ හොරෙන් බලන ඇස් ගැටුනා.... කොල්ලා හිටියේ තරහින් දිවෙන් කම්මුල් ඇතුල තෙරපන ගමන්...

එයා මොනාත්ම කිව්වේ නෑ.. රවාගන කෙල්ල දිහා බලන් ඉදලා ෆ්‍රිජ් එක වහලා දැම්මා...
" මියානේ ටේ... මම.. මම එහෙම කලේ.... "

ආපහු හැරිලා යන්න හැදුව කොල්ලගේ අතකින් අල්ලගන්න ගමන් කෙල්ල ගොතගහන්න ගත්තා...

" හ්හාඅ යුන්... මෙහෙ එන්න... "
එයා කෙල්ලගේ සීතල උන අතෙන් අල්ලගන එයා එක්කම සෝෆා එකේ වාඩි උනා...

" මං හින්දා ඔයා එච්චර දුක් වින්ද එකට මට සමාවෙන්න පණ... ඒත් ඇයි බියර්... ? ඔයාගේ ඇගට හොද නෑ නේ.. ම්ම්...

මට තේරෙනවා ඔයාගේ පැත්ත... මම එතන ඉදියත් ඔහොම කරයි.. අපි අද ඉදන් ඒවා අයින් කරමු හොදද.. "
කෙල්ල කොල්ලා ඔය ටික කියනකන්ම කොල්ලගේ ඇදුමේ බොත්තමක් ඇගිල්ලකින් එහෙ මෙහෙ කලේ මූණ බලන්න බැරි කමට....

" යුන්... ඇහුනද මම කිව්ව එක.. "
ප්‍රතිචාරයක් නොදක්වපු කෙල්ලගේ මූණ අත්දෙකෙන්ම අල්ලගන කොල්ලා එයා ව තමන්ගේ මූණට හරව ගත්තා..

" හ්ම්ම්... හා එහෙම කරමු.. "

" හා... ආයේ බොන්න ඕනි නම් මා එක්ක බොමු... ඒත් පොඩ්ඩයි... "
කොල්ලා ලාවට හිනා වෙද්දි කෙල්ල කොල්ලගේ පපුවට තුරුල් උනා..

" ඔයා ඉන්නවා නම් මට ඒවා ඕනි නෑ ටේ.... මට ඕනි උනේ ඔයාව... ඒවා වලින් ඔයාව ගේන්න බෑයි කියලා දැනගනත් මම බිව්වා... ඔයාව මතක් වෙන හැමවෙලාවකම...

ඔයා මා එක්ක තරහද.. මට බනින්නේ නැත්තේ ඒක ද... "
කෙල්ල හිටියේ බයෙන්.. කොල්ලා තරහා උනොතින් එයාගෙ මේ ඇබ්බැහි වීම නිසා...

" ආනී පණ.. මතකද මම කිව්වා.. ඔයා කවුරු උනත් කොහොම කෙනෙක් උනත් මම ඔයා එක්ක ඉන්නවා යුන්.. හැමදාටම.. "
කෙල්ලගේ උරහිස් තදින් අල්ලගන ටේහ්‍යුන් එයාගේ සීතල උන අත් තමන්ගේ අත් අස්සේ රදෝලා උණුසුම් කලා...

*******

කෑම කාලා කෙල්ල bathroom එකේ ඉදන් එලියට එද්දි කොල්ලා හිටියේ සූට් කේස් එක අස් කර කර...

" මම කරන්නම්... කෝ දෙන්න.. "
කොල්ලා බාගෙට නවපු ඇදුම් ටික කෙල්ල ආයෙමත් නවද්දි ටේහ්‍යුන් ඇදේ වාඩිවෙලා ඒ දිහා බලන් හිටියා..

" යුන්.. මට තව ටිකකින් online meeting එකක් තියෙයි... ඔ... "

" හරි අනේ.. ඉතින් ඔයා යන්න ඒකට.. "
ඉස්සි ඉස්සි කෙල්ල ඇදුම් ටික කබඩ් එකට දාන ගමන් කිව්වා...

" ඔයාට තනියම නිදාගන්න පුළුවන් ද... මම පුළුවන් ඉක්මනට එන්නම්... හොදද.... "
කොල්ලා බෙල්ලත් අතගගා කියද්දි කෙල්ල රෙදි ටිකත් අතේ තියාගනම ඒක අනුමත කලේ හිනා වෙලා...

" මට පුළුවන් ටේ... ඔයා හෙමින් කරගන එන්න කෝ... "
කෙල්ල ආයෙම ඉස්සිලා රෙදි ටික තියද්දි එයාගේ නයිට් පිජාමා කිට් එකෙන් කෙල්ලගේ ඉන ටිකක් නිරාවරණය උනේ කොල්ලගේ ඇස් සැනින් ඒ දිහාවට යද්දි...

තවත් පාරක් කෙල්ල නමපු ඇදුම් ටික ඉස්සිලා තියන්න උත්සාහ කරනවා...
කොල්ලගේ ඇස් ගියේම එයාගේ බඩ ලගින් ඉස්සුන ඇදුමෙන් පේන කෙල්ලගේ ඉන දිහාවට...

" අනික මම බබෙක් යෑ... මට තනි... ඔහ්.. "
කෙල්ල කියෝ කියෝම රෙදි දාද්දි එයාව ගැස්සිලා ගියේ පිජාමා කිට් එක ඇතුලෙන් ඉන වටේට එතුන ශක්තිමත් අත්දෙකක් නිසා...

කෙල්ල කිය කිය ඉන්න එකත් ගිලුනේ මුලු ඇගටම ඒ දැනුන හිරියට...
" ට් ටේ.... "

" ම්ම්.. "
කෙල්ලගේ උරහිසෙන් ඔලුව තියාගන කොල්ලා කෙල්ලගේ ඇදුම අස්සෙන් අතදාලා එයාගේ ඉන තවත් තදින් අල්ලගන කෙල්ලව තමන්ට හේත්තු කර ගත්තේ කෙල්ලගේ අතේ තිබ්බ රෙදිටිකත් බිමට වැටෙද්දි....

" අ අ.. මේ... ඇයි මේ... ඔයාට අසනීපයි ද.. "
උරහිස උඩ තිබ්බ කොල්ලගේ නළලට අත තියලා බලලා කෙල්ල අහද්දි කොල්ලා කලේ එහෙම්මම ඉදන් නෑයි කියන්න ඔලුව වනපු එක...

" ඔයා කරන්න එපා.. මම කරන්නම්.. "
කෙල්ලව එහෙම්මම අහකට ඇදලා ගන්න ගමන් කොල්ලා කියද්දි කෙල්ලට ටිකක් හිනා ගියා..

" චහ් .. ඒ මොකෝ... මට පුළුවන් අනේ.. ඔය... ඔයාගේ ඔලුව බරයි ටේ... "
කෙල්ල හිනාවෙවීම ඉනේ තියෙනකොල්ලගේ අත්දෙක බුරුල් කරන්න හැදුවත් ඒක ලේසි උනේ නෑ....
" ටේ .... අතාරින්නකෝ... මට මේ ටික දාන්න.. "

" ම්ම්හූ... හජිමා.. මම කරන්නම්.. මට බෑ බලාගන ඉන්න.. "
කොල්ලා කියවන දේ නොතේරුන නිසා කෙල්ල නළල රැලි කරන් කල්පනා කලේ ඒ මොකක්ද කියලා...

" මොනාද අනේ ඔයා කියවන්නේ.. බලාගන ඉන්නකොට මහන්සි ද... "
ආයෙත් හිනා වෙන ගමන් කෙල්ල කියද්දි කොල්ලා එයාගේ අත් තවත් තද කලා..

" ඔයාගේ ඉන... අහ්.. මට ඒක දිහා බලාගන ඉන්න බෑ.. ඒ නිසා මම කරන්නම්.. ඔයා ඉන්න... "
කෙල්ලගේ කනට කරලා කොල්ලා එහෙම කියද්දි කෙල්ලව සීතල උනේ ඒ හුස්ම කන් පෙත්තට වැදෙද්දි.. අනික කොල්ලා කිව්ව කතාව කෙල්ලට තේරුනෙත් එතකොට...

" අහ්.. මෝ... මගේ මොකක්... අනේ ටේ ඔයත් මහ... "
කෙල්ල බනින්න ගත්තත් පරක්කු වැඩියි... ඊටත් කලියෙන් කොල්ලා ඇදුම අතරින්ම කෙල්ලව තමන්ගේ පැත්තට හරවන් ඒ තොල් වලට නැඹුරු උනා....

බය උන පාර කෙල්ල කොල්ලගෙන් ඈත් වෙන්න උත්සාහ කලත් එයත් තත්පර ගානකින් ඒ හාදුවට අවනත උනේ ටේ තවත් කෙල්ලව ඉනෙන් උස්සලා ඒ තොල් වල රස බලද්දි....
කෙල්ලගේ අත් ඉබේම කොල්ලගේ කරවටේට එතෙද්දි දෙන්නම විනාඩි ගානක හාදුවක තනි උනා..

කෙල්ලත් එක්කම කොල්ලා ඇදේ වාඩිඋනේ ඒ සිපගැනීමට බාදා නොකරම කෙල්ලව තමන්ගේ උකුලට ගන්න ගමන්..
සිපගැනීම වගේම කොල්ලගේ අත් වලින් ඉනට දැනුන සීතල නිසා කෙල්ලව හිරි වැටෙන්න ඔන්න මෙන්න වෙලා...

දෙන්නගෙම තොල් එයාලගෙන් ටිකක් ඈත් උනා...
" යුන්...... "
කෙල්ලගෙ තොල් වලින් ඈත් වෙලා එයාගේ නළලට තමන්ගේ නළල තියන ගමන් කොල්ලා උත්සාහ කලේ මොනා හරි කියන්න...
" යුන් .. අපී... අද... "

කොල්ලගේ වචන පිට වෙන තොල් දිහා එක එල්ලෙම බලන් හිටිය කෙල්ලත් කෙල්ලගේ මූණේ හැම අඟලකටම ඇස් යවන ගමන් කතා කරපු ටේහ්‍යුනුත් ගැස්සිලා ගියේ ඇද උඩ තිබ්බ phone එක රින්ග්ස් යන්න ගත්ත නිසා...

දෙන්නවම වේගෙන් ඇදෙන් කෙලින් උනේ ඒ සද්දෙට..
" අහ්... meeting එක... ස්ස්... "
කොල්ලා phone එකේ name tag එක දැකලා බෙල්ල අතගෑවා..

" යොබුසෙයෝ පාර්ක්..

ආයිශ් හරි හරි.. එන්නම්... "
කෝල් එක තරහින් කට් කරලා කොල්ලා කෙල්ල දිහා බැලුවේ ටිකක් අපහසුවෙන්...

කෙල්ලත් හිටියේ කම්මුලක් අල්ල අල්ල බිම බලාගන...

" ම .. මම ගි ගිහින් එන්නම්.. "
කොල්ලා අමාරුවෙන් කියලා දාලා ඉක්මන් අඩියෙන් දොර ලගට දිව්වේ කෙල්ල අතකින් කටත් වහගන හිනාව පාලනය කරගනිද්දි..

ඒ එක්කම ආයෙත් ඒ අත්දෙක කෙල්ලගේ ඉනේ එතුනා..
" චල් චා... "
කෙල්ලගේ කනට කරලා එයා එහෙම කියලා ඒ රතු උන කම්මුලකට පෙක් එකක් දීලා හිනාවෙවීම එලියට ගියේ කෙල්ලත් තොල හපාගන හිනාවෙවීම කොල්ලා යන දිහා බලන් ඉද්දි...

******

කොල්ලා කාමරේට එද්දි කෙල්ලට නින්ද ගිහින් තිබුනා.. මොනා කියෙව්වත් කොල්ලගේ උණුසුම නැතුව බැරි නිසා කෙල්ල අද කොට්ටයක් බදාගන නිදි....

කොල්ලා හීනියට හිනාවෙලා ලයිට්ස් off කරලා ඇදට නැග්ගා.... කෙල්ලගේ අත්වලින් කොට්ටේ අයින් කරලා එයාගේ අතක් තමන්ගේ ඉන වටේට දාගන කොල්ලා කෙල්ලව ශීට් එක පිටින්ම තුරුල් කර ගත්තේ කෙල්ලත් ඒ උණුසුම අදුන ගන ඒකට ම ගුලි ගැහෙද්දි....

රැය ලස්සනයි .. යුවලට පෙම් කරන්නට යෙදුන ඒ රාත්‍රිය ....

ඒත් ඒ රාත්‍රිය ඔවුන්ගේ ජීවිතේ වෙනස්ම පිටුවක් පෙරලුවොතින්....

උදාවෙන අලුත් දවස එයාලගේ ලස්සන මතකයන් උරා බිව්වොතින්...

මොනා වේවිද... ?

.
.
.

__________________________________________

අනෝ Romance ලියන්න දන්නේ නැති තනිකඩ මම... 🥲

මෙහෙමයි ඉතින්... දන්නේ නැත්තෙත් නෑ.. ඒත් මගේ බඩ මොකක්ද වෙනෝ අනේ ඒවා ලියද්දි.. 😅 පුදුම ගේමක් ගහලා ලියාගන්නේ...

අනේ කොල්ලො එපා.. මට ටේව ගේන්නකූ..
🥺🥺

බෑ කියන්න එපා ඉතිම්..
හී හී..

යන්නම් ඈ..
Borahae
💜️💜️💜️

__Candy__

Continue Reading

You'll Also Like

15.6K 3.3K 15
[Completed ] කොහොමද වේවිද ඔයාගේ ආත්මය තව කෙනෙක් එක්ක මාරු වුණොත්...? දෙයක් වෙන්න තියෙනවනම් ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ලෝකෙ කැරකෙනවා වගේම ඒ ලෝකේ වෙන දේ...
36.1K 4.7K 30
⭕𝙳𝚘 𝚗𝚘𝚝 𝚌𝚘𝚙𝚢... ⚠️Worning⚠️ This story may include sexual parts. So do not read those who don't like...🙂 💓𝙖𝙗𝙤𝙪𝙩 𝙨𝙩𝙤𝙧𝙮__ How...
155K 9.7K 20
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
593K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...