You are my vampire queen | Co...

Por Kavee_N

18K 2.9K 3.5K

මහාම මහ මොම්ගල් කෙල්ලෙක්.....😜 ඒ කෙල්ලට ඉන්න පිස්සු හැදුණු යාලුවෝ තුන්දෙනෙක්......❤ වැම්පයර් රාජධානියේ අනාගත... Mais

😜Introduction😜
👑 Chapter 1 👑
👑 Chapter 2 👑
👑 Chapter 3 👑
👑 Chapter 4 👑
👑 Chapter 5 👑
👑 Chapter 6 👑
👑 Chapter 7 👑
👑 Chapter 8 👑
👑 Chapter 10 👑
👑 Chapter 11 👑
👑 Chapter 12 👑
👑 Chapter 13 👑
👑 Chapter 14 👑
👑 Chapter 15 👑
👑 Chapter 16 👑
👑 Chapter 17 👑
👑 Chapter 18 👑
👑 Chapter 19 👑
👑 Chapter 20 👑
👑 Chapter 21 👑
😜Author note😜

👑 Chapter 9 👑

738 123 91
Por Kavee_N


💖  ජුන් ඔප්පා.....

___________________________________

Namjoon's pov

මට සිහිය එනකොට මං හිටියේ තාමත් කැලේමයි. ඒත් මාව ගහකට හේත්තු කරලා. මං ලඟම ආරාත් වැටිලා හිටියා.

ඇයි මගෙ හදවත මෙච්චර හයියෙන් ගැහෙන්නේ. මට බයයි ආරාට මොනවාහරි වෙලානම් කියලා.







🐨  ආරා.... ආරා.... නැගිටින්න. ආරා....

මම ආරාව හොලව හොලව නැගිට්ටෙව්වා. ආරටනම් තුවාලයක් වෙලා නෑ වගේ. එතකොට මං හීනයක්වත් දැක්කද. නෑ... මේ මගේ අත කැපිලා මේ ලේත් එන්නේ. ඒත් මට මතකයිනේ ආරා දිහාවට කෙනෙක් දුවගෙන යනවා.

🐨  ආරා නැගිටිනවකෝ.... ආරා...

💖  ආ... මොකද සූහී. නිදා ගන්න දෙන්නකෝ. මං ලස්සන හීනයක් බල බල හිටියේ. ඒකත් කෑවා.

🐨  සූහි නෙවෙයි මේ මං.... නැගිටින්න.

💖  මං.... මං කියන්නේ කවුද

අන්තිමට ආරා යන්තම් ඇස් දෙක පිහදදා නැගිට්ටා.

💖  ජුන් ඔප්පා.... මේ.... මේ කොහෙද ඉන්නේ......

🐨  ආරා ඔයාට තුවාලයක් එහෙම වුණේ නෑ නේද. කෝ අර වැම්පයර්ලා

💖  මොන වැම්පයර්...... ආයිශ්.... මට දැන්නේ මතක් වුණේ. එයාලා ඇති. පරිස්සමෙන් ඇති.

🐨  එයාලගෙන් ඔයාට කරදරයක් වුණාද.

💖  මේ මට.... හහ් ඒවා ඉතින් හඳේ තමා.
හැබැයි මගෙන්නම් එයාලට පොඩි කරදරයක් වුණා.

🐨  මොනවද මේ කියවන්නේ.

💖  එන්නකෝ.

ආරා මාව අපි දෙන්නා හිටපු තැනින් ටිකක් එහාට අරන් ගියා. එතකොට දැක්ක දෙයින් මගෙ ඇස් දෙක පොල් ගෙඩි දෙකක් සයිස් එකට ලොකු වෙන්නැති.

අර අපේ පස්සෙන් පන්නපු වැම්පයර්ලා ඔක්කොටම වගේ සිහිය නෑ. හොඳම දේ එයාලගේ අත් දෙක මොකක්ද වැලකින් ගැටගහලා අන්තිමට ඔක්කොම කට්ටිය එකට තියලා බැඳලා.

🐨  මේ මොකක්ද මේ.... කරලා තියෙන්නේ.

💖  හහ්.... නැත්තං අපිව මරන්න හදපු අයව හරහට වඩාගෙන කිරි බෝතලයක් පොවන්න කියලද කියන්නේ.

🐨  ඒක.... කොහොමද ඔයා මෙයාලව....

💖  ආආආ.... ඒකද.... මට හොඳට ගහගෙන පුරුදුයි. ඔයත් දැකලා තියෙනවනේ ඕනි තරම්.
හයී......යාහ්... කරාටි නම් කරාටි. කුංෆු නම් කුංෆු. මං ඔය ඕනි එකක් හොඳට දන්නවා.

ආරා මගේ මූණ ගාවටම කකුලක් උස්සන ගමන් කිව්වා. මේ කෙල්ල නම් මහ පුදුම කෙල්ලෙක්නේ. හැබැයි කරලා තියෙන වැඩේ නම් නියමයි.

💖  ඒක නෙවෙයි. අර ඔයා කිව්ව විදියට..... මටත් ගොඩක් බලයන් තියෙනවා මං හිතන්නේ. දන්නවද මෙයාලත් එක්ක ගහගන්නකොට මට වෙනදට වඩා ඉක්මනට ගහගන්න පුළුවන් වුණා. ඒක හිතා ගන්න බැරි වේගයක්. කවුරුහරි කෙනෙක් එහෙ බලලා මෙහෙ බලනකොට මට ඒ කෙනාගේ පිටිපස්සේ ඉන්න පුළුවන්.

වැම්පයර් කෙනෙක් වෙනවයි කියන්නෙත් මරු වැඩක් බලන් යනකොට.

පේන විදියට ආරාට ගොඩක් බලයන් තියෙනවා වගේ. ලේසි වෙන එකක් නෑ ඉස්සරහට කාටවත්. දැන්නම් ආරා ගැන හිතා ගන්න බෑ මට.

🐨  ඒයි.... මෙතන ඔක්කොම කට්ටිය ඉන්නවද.

💖  නෑ.... දෙන්නෙක් එකපාරට අතුරුදහන් වුණා.

🐨  එහෙමද. කමක් නෑ අපි මෙයාලවත් අරගෙනම මාලිගාවට යමු. මට හොයාගන්න ඕනි කවුද මේ වැඩේ කලේ කියලා. දැන් ඔයත් එන්න ඕනි මාත් එක්ක.

💖  මාලිගාවට.....

🐨  ඔව්.....

💖  ඒත්....

🐨  ඒත් මේත් ගාන්න එපා ආවෙ නැත්තං මං බලා ගන්නම්කෝ.....

💖  අපෝයි.... මොනව බලාගන්නද. ඔය කියන කෙනාට ඔලුවට පාරක් වැදුණ විතරයි දඩ බඩාං ගාලා වැටිලා සිහියත් නැති වුණා. මං හිටියේ නැත්තං මෙලහට මොනව වෙලාද කියලා කල්පනා කරලා බලනවා ජූන් කුමාරයෝ....

ඔය ඉතින්..... දැන් මොකක්ද කියන්නේ. ලැජ්ජාවේ බෑ. මගෙ ඔලුවට ගහපු එකාව මං දැක්කානම් ඕකගේ කෙස් ගස් ගලවන්නේ එකින් එක මං. වෙලාවට මිනිහා පිටපස්සෙන් ඇවිත් ගහපු නිසා කවුද කියලා දැක්කේ නෑ. මාව මේ දාපු කරදරේට. දැන් ඕක ගැන කියවයි යනකන්ම.

🐨  හරි ඒ ඉස්සෙල්ලනේ. දැන් ලේසි නෑ.

💖  මං කොහොමත් ඔය කොහෙවත් ඉන්න ගෙම්බන්ට නිකන් තඩිබාන්න යන්නේ නෑ.

🐨 මටද ගෙම්බා කිව්වේ

💖  නැත්තං.... මෙතන වෙන ගෙම්බෙක් නෑනේ.

🐨  යාහ්..... මෝඩ කෙල්ල.... ඔහොම ඉන්නවා. මං හොඳ පාඩමක් උගන්නනවා.

මං ආරාගේ කන මිරිකුවේ ආපහු හොඳ පාඩමක් උගන්නන්න. ඒත් අහිංසක විදියට මූණ හදා ගත්තු විදිහ....
මාත් රැවටෙනවනේ ඉතින්.

💖  මේ ඒක නෙවෙයි ජුන් ඔප්පා.... මටත් බැරිවෙයිද එකපාරට අතුරුදහන් වෙන්න.

🐨  පුළුවන්. උත්සහ කරලා බලන්න ඕනි.

💖  අනේ මට කියලා දෙන්නකෝ

🐨  හපෝ බෑ. එක තැනකින් අතුරුදහන් වෙලා කොහෙන් කොහෙන් මතු වෙයිද කියලා කවුද දන්නේ.

💖  අනේ අනේ අනේ

🐨  බෑ කිව්වනේ

💖  අනේ

අපි දෙන්නා එහෙම්මම කතා කර කර ඉක්මනට මාලිගාවට ආවේ මාලිගාවට අපි ගොඩක් ලං වෙලා හිටපු නිසා. ඒ ඇවිත් ආරක්ෂකයෝ කණ්ඩායමක්ම යැව්වේ ආරාගෙන් ගුටි කාලා අසරණ වෙලා ඉන්න ඒ වැම්පයර්ලා ටිකව අරගෙන එන්න. ඉස්සරහට තව අසරණ වෙයි.

___________________________________

Author's pov

🌼  අනේ ජින් ඔප්පා ආරා කොහෙ ගිහින් ඇතිද..... එයාව හොයාගන්න බැරි වුණොත්...... එයාට කරදරයක් වුණොත්....

🐻  යාහ්.... මටයි නම්ජුන් ආරාව බලාගන්න කියලා ගියේ. ආයෙත් ජුන් ආවාම මං මොනවද කියන්නේ. මේ මහ රෑ.... ආරා නම් හරිම හිතුවක්කාරයි.

🐼  ඔය දෙන්නම කියවන එක නවත්තනවා. ආරාට කරදරයක් නැතුව ඇති. අපිට රෑ මුකුත්ම කරන්න බෑ. අපි උදේට මොකක්හරි කරමු.

🐰  ඒත් හියුන්.... ආරාට කරදරයක් වුණොත් එහෙම

🐼  එයාට කාගෙන් කරදරයක් වෙන්නද. එයාගෙන් කාටහරි කදරයක් වුණොත් මිසක්

🌷  ජින් ඔප්පා මේක විහිලු කරන වෙලාවක් නෙවෙයි. සූහි ඉන්නෙත් හොඳටම බය වෙලා. අපි දෙන්නත් බය වෙලා.

🌹  ආරාව මෙහාට එවද්දි එයාගේ ඔම්මා අපි තුන් දෙනාටයි ආරාව බලාගන්න කිව්වේ. ආරාට කරදරයක් වුණොත්...

😺  ආරාට මොනවත් වෙන එකක් නෑ. බය වෙන්න දෙයක් නෑ. ඔය තුන් දෙනාම දැන් ගිහින් නිදා ගන්න. ඔයාලගේ කාමරේට යන්න බැරිනම් මේ වෙනකම් ආරා හිටපු තැනටවත් යන්න දැන්. අපි කට්ටියව පිටත් කරන්නම් ආරාව හොයා ගන්න.

යුන්ගි කිව්වේ අඬ අඬ ඉන්න කෙල්ලෝ තුන් දෙනාගේ මූණට යන්තම් හිනාවක් ගේන ගමන්.

🐥  ඇත්තටම ආරා කොහෙද යන්න ඇත්තේ

🌼  එයා යනවා නම් යන්නේ ඔම්මව බලන්න තමයි.

🐰  හියුන්.... ආරා.... එයාගේ බලය පාවිච්චි කරලා එයාගේ ඔම්මගේ ගෙදරට අතුරුදහන් වෙලා ගියාද දන්නෙත් නෑ.

🐼  කියන්න බෑ. ඒත් මං හිතන්නේ නෑ ආරා තාම එයුගේ බලය පාවිච්චි කරන්න දන්නවා ඇති කියලා. මේ කෙල්ල නම් ඇත්තමයි.... මේ හය දෙනාවම බලාගන්නවට වඩා අමාරුයි මේ තනි කෙල්ලව බලා ගන්න එක.

🐯  තවත් කියවන්නේ නැතුව කැලේ පැත්තට කට්ටියව යවලා බලමු. මේ වෙලාවේ හියුන්වත් නෑනේ. අපිට තමා මොකක් හරි කරන්න වෙන්නේ. ජින් හියුන්...

🐼  හරි.... මං කට්ටියව යවන්නම්. ඔයාලා තුන් දෙනා දැන් යන්න. අපි උදේට කතා කරමු. දැන් ගිහින් නිදා ගන්න.

ජින්ගේ කීමට අකමැත්තෙන් උනත් සූහියි යූනයි යූරයි කාමරේට ගිහින් ඇඳේ වැටිලා බලාගෙන හිටියා. වෙනදට ඇඳට පැනපු ගමන් නින්ද යන යූනටවත් අද නින්නද යන්නේ නෑ. ඇඳට වෙලා ඔහේ බලාගෙන හිටියා.

🌹  සූහි....

🌼  ම්ම්ම්....

🌹  ආරාට කරදරයක් නැතුව ඇති නේද. එයා හොඳින් ඇති නේද.

🌼  ඔව්... එයාට කරදරයක් නැතුව ඇති. බය වෙන්න එපා. එයා හොඳින්.

එහෙම කිව්වට සූහිගේ හිතේවත් ඒ ගැන විශ්වාසයක් තිබ්බේ නෑ.

Next day morning

🌷  ජින් ඔප්පා තාම අර යවපු කට්ටිය ආවේ නැද්ද

🐼  තාම නෑ දැන් එයි. ඉන්නකෝ

🐰  දැන් කීයේ ඉඳන්ද බලන් ඉන්නේ හියුන්. රෑ එලි වෙනකම් හිටියෙත් අමාරුවෙන්.

😺  ඉන්න දැන් එයි එයාලා

🌼  එයාලා.... ආරාව හොයාගෙන එයි නේද

🐼  ඔව් ඔව් බය වෙන්න දෙයක් නෑ.

ඒත් යවපු කට්ටිය හිස් අතින්ම එනකොට කට්ටියගෙම මූණු අඳුරු වෙලා ගියා.

🐼  මොකද වුණේ. මොනවත් හොයාගන්න බැරි වුණාද

👤  අපි මුළු කැලේම හෙව්වා. කිසිම ගෑනු ලමයෙක්ව හොයා ගන්න බැරි වුණා. ඒත්.... මාලිගාවට ටිකක් ලඟ තැනක ලොකු කලබලයක් වෙලා තියෙනවා. එතන ලේත් වැටිලා තිබ්බා

ඒත් එක්කම කෙල්ලෝ තුන්දෙනාගේ ඇස් වලට කඳුලු පිරුණේ බලාගෙන ඉන්නකොට.

🌼  ඔප්පා.....
ආරා.... එයාව හොයලා දෙන්න.

🐼  හරි සූහි අඬන්නේ නැතුව ඉන්නකෝ. ම්ම්ම්.... අපි ආරාව හොයා ගමුකෝ. ඉස්සෙල්ලම බලමු ආරා ගෙදරට ගිහින්ද කියලා.

ඒත් එක්කම එතනට ආවේ නම්ජුන් එවපු වැම්පයර් කෙනෙක්. හදිස්සියෙන් වගේ ආපු ඒ වැම්පයර් ජින්ට සුදු කඩදාසියක් දුන්නා.

👤  මේක කුමරු දෙන්න කිව්වා. ඔයාලට පුළුවන් තරම් ඉක්මනට මාලිගාවට එන්නලු.

ජින් තුනට හතරට නවලා තිබ්බ කොලේ දිග ඇරලා බැලුවා. ලියුම කියවගෙන කියවගෙන යනකොට ජින්ගේ මූණේ ඇඳිච්ච පොඩි හිනාව හැමෝම දැක්කා.

🐻  මොනවද හියුන් ජුනී කියලා තියෙන්නේ. අපි මොකටද මාලිගාවට යන්න ඕනි.

🐼  ආරාට කරදරයක් නෑ. එයා ජුනී එක්ක

🐰  මොකක් හියුන් එක්ක

🐼  නම්ජුන්ට ආරාව මගදි හම්බෙන්න ඇති. කොහොමහරි දැන් දෙන්නම මාලිගාවේ. අපි කට්ටියටත් එන්න කියලා.

🐥  ඒත් අපිට යන්න අවසර දෙයිද වූජින් සර්

🐼  රජතුමා එන්න කියලා තියෙන විදිහටයි මේ ලියුම තියෙන්නේ. අපිට රජතුමාගේ අවසරය තියෙනවා දැන්ම යමු. මම වූජින් සර්ට මේ ගැන කියලා එන්නම්.

🌼  ජින් ඔප්පා.... එතකොට අපි.

🐼  ඔයාලටත් යන්න වෙනවා. ඔයාලටත් එන්න කියලා.

🌼  ඒත් මම ආරාගේ ඔම්මට පණිවිඩයක් යැව්වා ආරාව හොයාගන්න නෑ කියලා. එයා දැනටමත් මග එනවා ඇති.

🐼 එහෙනම් ඔයාලගෙන් කෙනෙක්ට නවතින්න පුළුවන්ද

🌷 මම නවතින්නම්. ඔය දෙන්නා යන්න.

🐼  තව..... කුකීටත් නවතින්න වෙනවා. මෙහෙ වෙන දේවල් බලාගන්න. අනික.... යූරත් තනියෙන්නේ.

🐰  ඒත් ඇයි හියුන් මමම.... මං එන්නංකෝ..... ටේ යන්න කැමති නෑනේ අප්පව හම්බෙන්න. ඒ නිසා ටේව තියලා මාව එක්කන් යන්න.

🐯  ඒකනේ මං ඉන්නම්. මේ මං ඉන්නම්...

🐼  ටේට මේ පාර යන්නම වෙනවා. ජුනී කියලා තියෙනවා එක්කන් එන්න කියලා.

🐯  අනේ ජින් හියුන් මොකක්ද අනේ....

🐰  හියුන් අනේ මාව එක්කන් යන්න....

🐼  එකපාරක් කිව්වනේ කුකී. මේ පාර එක්කන් එන්න කියලා තියෙන්නේ ටේව. ටේ.... ඔයා තව කොච්චර කාලයක් අප්පව මග අරින්නද හිතන් ඉන්නේ.

🐯  මට පුළුවන් තරම් කාලයක්. අනික මම නෙවෙයි අප්පව මගඅරින්නේ. අප්පයි පොඩි කාලේ ඉඳන් මාව මගඇරියේ.

එහෙම කියපු ටේ එතනින් යන්න ගියෙ ටිකක් කේන්තියෙන් වගේ. ඕනිම දේකට ටේගේ පස්සෙන්ම එල්ලෙන කුකීත් ටේගේ පස්සෙන් දුවගෙන ගියා.

🐼  අනිත් අය ලෑස්ති වෙන්න. තව ටිකකින් ටේත් එයි.

___________________________________

🐼  ටේ.... මම හොඳින් කතා කරන්නේ. එනවද නැද්ද...

🐯  එනවා එනවා මේ එනවා හියුන්

🐼  දැන් කීයේ ඉඳන්ද මේ. ගෑනු ලමෙකුටවත් වෙලාව යන්නෙ නෑ ඔච්චර ලෑස්ති වෙන්න.

ඒත් එක්කම ටේ ආවේ මූණවත් හරියට  පේන්නේ නැති වෙන්න ඔලුව වැහෙන්නම හූඩි එකකුත් ඇඳගෙන.

🐼  මේ මොකද මේ

මට ටිකක් හීතලයි වගේ උගුරත් රිදෙනවා.

🐼  ඒකතමා කටහඬත් ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඇඬුවද.... නැත්තං සනීප නැද්ද. ම්ම්ම්.... කමක් නෑ මාලිගාවට ගිහින් බලමුකෝ.
කෝ කුකී.

දැන්නම් දැක්කෙ නෑ.

🐼  කොහෙටහරි වෙලා ඇති එක්කන් යන්නෙ නෑ කියලා කේන්තියෙන්. හෙටම එනවනේ එතකොට හොඳට ඉඳියි. දැන් යමු.

හ්ම්ම්.

එහෙම කියන ගමන් ටේ ඉස්සර වුණා.

🐻  දැන් යන්න බෑ කියලා මැරෙන්න හදපු කෙනාට යන්න තියෙන්නේ පුදුම හදිස්සියක්නේ. අනේ මංදා....

🌼  දැන්වත් යමුකෝ

🌹  ඔව් අනේ. ඔය මදෑ කියෙව්වා. යමුකෝ.

කට්ටියම යන දිහා බලාගෙන හිටපු යූරා එයාලගේ කාමරේට යන්න ආවේ තනියම කියව කියව.

🌷  මොකටද ටේ ඔප්පා අර අප්පව හම්බෙන්න යන්න බෑ කියලා අච්චර දැඟලුවේ. අප්පව හම්බෙන්න යනවනම් කොච්චර සතුටු වෙන්න ඕනිද. සමහරවිට මොකක්හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑනේ.

ඔහොම තනියම කියව කියව යනකොට යූරා දැක්කේ ගාඩ්න් එකේ ඉන්න කුකීව.

🌷  ඕඕහ්... කුකී ඔප්පා දුකෙන් වෙන්නැති. ජින් ඔප්පට තිබුණා කුකී ඔප්පවත් එක්කගෙන යන්න.

ඒත් එක්කම යූරත් කුකී හිටපු තැනටම ගියා.

🌷  අයියෝ කුකී ඔප්පා.... අනිත් අය ඔයාව දාලා ගිය නිසා දුකෙන්ද ඉන්නේ ආආආආ.....

යූරගේ සද්දේ ඇහෙනවත් එක්කම කුකී යූරගේ පැත්තට හැරුණා. ඒත්.... ඒත්.... ඒ කුකී නෙවෙයි.

🌷  මොකාක්.....










හායිම් වැම්පයර් බබාලාහ්🌝❤

ඉක්මන්ද පරක්කුද

චැපිය දිගයිද කොටයිද

දිගයි කියම්න😁

ඉතීම්....

මේක exam එක කල් ගියාට

අපේ මැඩම් හරි හොඳයි කියලා හිතුණා මට🌝

මාසෙකින්ම කල් ගියාහ්

හිකිෂ්

ආරාට මුකුත් වෙලා නෑ අනේ කෝ බලන්න බය වෙච්ච අය. එහෙම අය නැහ් මම දන්නවා

මම කිව්වනේ අසරණ ජීවිත කියලා😁

දැන් ජුන්ගෙනුත් ගුටි කයිනේ

මේ හැමදෙයක් පිටිපස්සෙම ඉන්නෙ කවුරු කියලද ඔයාලා හිතන්නේ 😞

ඇයි ටේ එයාගේ අප්පව හම්බෙන්න අකමැති

ටේට මක් උනාද අන්තිමට

කුකී නෙමෙයිලු අර හිටියේ

අනේ මංදා

මොනාහරි කොටන් යන්නකෝ ඉතින්☺✌

ටටා බායි❤👑

Continuar a ler

Também vai Gostar

52.1M 2.1M 88
The world had gone to hell long ago, taken over by the vampire race. In order to keep some sort of peace in our land, the Vampire Lords made a consec...
92.3K 3.8K 22
❝ i'm just a teenage dirtbag, baby ❞ - 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛... a boy who is the equivalent to a teenage dirtbag and has nightmares falls in love with t...
5.6K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...
22.5K 3.7K 16
තමන් කවුද කියලවත් හරියට දන්නැති විසේකාර පොඩි කෙල්ලෙක්.... කොයි වෙලෙත් ඒ විසේකාර කෙල්ලට රවාගෙනම ඉන්න නපුරු කොල්ලෙක්... මේ ඒ දෙන්නගෙ කතාව Kim Taehyung...