RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

33.6K 7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ අවසාන සටහනක්...

♡ පොද වැස්සක මතක...

995 85 95
By cHerRy_MinShi_

" ඇත්තෙන්ම මෙහේ නිදහස් නේද.. මට ගෙදරට වෙලා ඉදලා එපා වෙලා හිටියේ.."

ටේ,ජිමී,හොබී,ජින් හතරදෙනා හවස තේ මේසෙට වෙලා කතා කර කර හිටියා.. ටේගෙ ආච්චිලා ඉන්න ගමට කාලෙකින් ආපු නිසා ලමයි හැමෝම වගේ එලියට ගිහින් හිටියේ ඇවිදින්න.. ඇරත් හුගක් කාලෙකිනුයි හැමෝම එකතු වෙලා ඉන්නෙ.. 

" මට නම් එපා වෙලා ඉන්නෙ ජින් හියුන්ග්.. මින්ජි,යුරී දෙන්නම පුදුම වදයක් දෙන්නෙ.. අපි ඔය කාලෙ ඔහොම නෑ නේද අනේ.."

ජිමින් කියාපු කතාවට ටේට තේ උගුරත් හිර වුනා..

" ඒක ගැන ඉතින් කතා නොකර ඉමු නේද ජිමී.. "

ජිමී ටේට රවලා අහක බලාගත්තා.. 

" දැන් ඒ ලමයි ලොකුයි ජිමී.. ඔයා මම අපි කවුරුත් කිව්වට දේවල් අහන්නෙ නෑ.."

" හ්ම්.. මේ දවස්ටිකේ චෝහි හරි අමුතුයි හියුන්ග්.. අනේ මන්දා.."

හොබීට චෝහිව මතක් වෙලා කියවුනා..

" දෝයොන්ග් ගෙන් ඇහුවනම් කියයි චෝහිට මොකක්ද වෙලා තියෙන්නෙ කියල.. හැබැයි ඉතින් ඒ දෙන්නගෙ රහස් කියන්නැති එක තමයි අවුල.."

ජින්ට එයාගෙ පුතාවයි චෝහිවයි මතක් වෙලා කිව්වා..ඒ දෙන්න තමයි හොදම යාලුවො..

" බලමුකො.. අන්තිමේ කොහොමහරි මට කියයිනෙ.. "

හොබී තේ පෝච්චිය අතට ගන්න ගමන් කිව්වා..

" මොකක් වුනත් හොබීගෙ තුන්දෙනා හොබීට හොදටම බයයි නේද හියුන්ග්.. "

" තුන්දෙනා නෙමෙයි ටේ හතරදෙනා..යුන්ගිත් බයයි මම හිතන්නෙ.."

ජින් හැමදාම වගේ එයාගෙ අරුම පුදුම හිනාවෙන් අනිත් අයව හිනැස්සුවා..ඇත්තටම ඒක නිකන් වීදුරුවක් පිහිදානවා වගේ..හුගක් ලස්සනයි.. 

" අපෝ හියුන්ග් හිනාවෙද්දි ගමටම ඇහෙනවා.."

කොහේදෝ ඉදලා යුන්ගිත් කුක් එක්ක එතනට ආවා.. 

" ඔයාල ආවත් එක්කද.. ? කෝ ලමයි.."

" නම්ජුන් හියුන්ග් එක්කන් එන්නම් කිව්වා.."

" එහෙනම් තව පැය දෙක තුනක්වත් යයි.. කීදෙනෙක් කියල හොයාගන්නද.. හියුන්ග්වූ මින්ජි දෙන්නා ගම ඇතුලෙ හිටියොත් ඒකත් පුදුමයක්.."

කතාබහ දිගටම ගලාගෙන යන අතරේ වෙලාවත් හිමින් හිමින් ගතවෙලා කලුවරත් වැටුනා.. මේ  වෙලාවට තමයි ඇත්තෙන්ම ඇවිදින්න හොදම වෙලාව.. 

" අහ් මට වැඩ වගයක් තියෙනව හියුන්ග්..මම ගිහින් එන්නම් හරිද.."

යුන්ගි හොබීට මොනාහරි කියලා ඇහැකුත් ගහගෙන එලියට ගියා..

" ඒපාර මොනව වෙලාද..?"

හොබී යුන්ගිගෙ අමුතු හිනාව දිහා බලාගෙන ඉදලා ටිකකින් එලියට ගියා.. යුන්ගි කිව්වෙ එයාටත් එන්න කියලනෙ.. හොබී එලියට යද්දිත් යුන්ගි එලියෙ කැරකි කැරකි හිටියා..

" මොකද අනේ.."

හොබී ඇවීල්ලා යුන්ගිගෙ අතක එල්ලුනා..

" මොකුත් නෑ නිකන්.."

" මොකුත් නැත්නම් එන්න කිව්වෙ ඉතින්..?"

" ඇවිදින්න යමුද අහන්න.. "

හොබීගෙ ඇස් වලට හද එලිය වැටිලා ලා කොල පාටට දිලිසුනා.. ඒ කියන්නෙ එයා හුගක් සතුටෙන් ඇල්ෆා ඉස්සරහදී..

" වොහ්.. ඔයා හොදම හොදයි.."

හොබී ඉස්සිලා යුන්ගිගෙ කම්මුලක් සිපගත්තා..

" මම ඔයාගෙන් අහන්න හිටියෙ අපි ඇවිදින්න යමුද කියලා..කොහෙද ඉතින් ඔයා දවල් දවසෙම හිටියෙ නෑනෙ.."

හොබී යුන්ගිගෙ අතකින් අතකට මාරු වෙන ගමන් ඇහුවා..

" ඉතින් මම නැතුව පාලුවෙන්ද හිටියෙ.."

යුන්ගි හොබීගෙ උරහිස වටේ අතක් යවලා හොබීව යුන්ගිගෙ ලගට ඇදලා ගත්තා..

" ටිකක් විතර.. ඒකනෙමේ..කොහෙද මටත් නොකිය ගියේ ආහ්..!!"

හොබී උරහිස ලගින් පහලට වැටිලා තියෙන යුනිගෙ අත හිමින් සීරුවා..

" කියන්නම්කො රෝසමල.."

හොබී යුන්ගි කිව්ව එකට ඔලුව වනලා ඇවිදගෙන ගියා..

" ඔයා දන්නවද..මට දවසක් උවමනා වෙලා තිබුනා මෙහෙම ඔයා එක්ක ඇවිදින්න යන්න..රෑ වෙලාවක.."

හොබී පහුගිය කාලයක් මතක් වෙලා කිව්වා..කිව්ව නෙමෙයි ඇත්තෙන්ම කියවුනා.. 

" ඒ කවද්ද හොබී..?"

" අපෝ දැන් හුගක් කල්.."

" ඉතින් දැන්ද ඒක කියන්නෙ.."

" කියන්න ඉන්න එපැයි ඉතින් ඔයා.."

" අහ්...???"

හොබී කියන කාලයක් යුන්ගිට මතක නැති නිසා ඇහිබැමැක් උස්සලා හොබී දිහා බැලුවා..

" ඇයි අර මසුමි එක්ක හිටිය කාලෙ.."

හොබී යුන්ගිගෙ අත අතෑරියා..

" මසුමි එක්ක..?? ආහ්..හහා.. මතකයි.. "

යුන්ගි හොබී අතෑරපු අත ආයෙම අල්ලගත්තා..කලින්ට වඩා තදින්..

" ඕකට කියන්නෙ මොකක්ද දන්නව බබා
ඕකට කියන්නේ ඉරිසියාව කියල.."

යුන්ගිට ටිකක් හයියෙන් හිනා ගියා.. හොබීට ඉරිසියයිලු මසුමි එක්ක.. ?

" මොකක් කිව්ව හහ අපෝ මට අර ඔමේග එක්ක ඉරිසියයි..පුෆ්ෆ්.. යුන්ගි ඔයාට පිස්සුද.. මට ඉරිසියා කරන්න තරම් එයාට මට වඩා මොනාද තියෙන්නෙ.. හහ්..ඔයත් මාර විහිලු තමයි කරන්නෙ.."

හොබී බොරුවට හිනාවෙලා කදුලුත් පිහිදානවා වගේ රගපෑවා..

" අඩුම තරමෙ ඒ ඔමේගා මට වඩා සුදු වුනානම් හිතල බලන්නවත් තිබ්බ..අනික මම එයාට වඩා බාලයිත් එක්ක.. මසුමි අදින්නෙත් හරි පරන විදියට.. ඊව්.. විකාරකාරයෙක්.."

හොබී ඇස් දෙකත් කරකලා අහක බලාගත්තා.. 

" හරි හරි ඔයා තමයි ලස්සනම.. හරිනෙ දැන්.."

" නැතුව.. අනික මම ඔයා තරම් වයස නෑ හරිද.. මට චෝහිව ලැබෙද්දිත් විසි දෙකයි.."

" ඉතින් මට එතකොට විසි හයක් හතක් විතරනෙ.. ඕක මහලොකු වයසක්ද.."

" කොහොමහරි ඔයා මට වඩා වයසයිනෙ යුන්ගි.. ඔහ්..නෑ..යුන්ගි හියුන්ග්.."

" ඔයා පලවෙනි වතාවට මට හියුන්ග් කිව්වමයි.. "

යුන්ගි හොබීගෙ කොන්ඩෙ අවුල් කරා.. ඕකනෙ යුන්ගි එක්ක බැරි ඉතින්..

" එහෙම කිව්වම නිකම් මට ලැජ්ජයි වගේ.. මම කිව්වෙ ඔයාට එහෙම කියන්න.. ඊටවඩා යුන්ගි කියන එක හොදයි.."

" ඔයාට හිතෙන දේවල් හරි අමුතුයි.. ඒකනෙමේ අපි මොකද කරන්නෙ.. මුලු රෑම ඇවිද ඇවිද ඉන්නවද.."

යුන්ගි කිව්වෙ එයාල කතාවෙන් කතාව ඇවිදගෙන ආපු දුර දිහා හැරිලා බලන ගමන්..

" ඔව් අපිට එහෙම කරන්නත් පුලුවන් ඉතින්.."

හොබී එයාගෙ ලස්සනම දිලිසෙනම ඇස් වලින් දගකාර විදියට හිනාවුනා.. 

" මම කියන්නෙ යුන්ගි අපි මිට කලින් කරල නැති දෙයක් කරමුද..? "

" කරලා නැති දෙයක්..?"

යුන්ගි හොබීව ලං කරගෙන ඇස් වලට වැටුනු කොන්ඩ කෑල්ලක් කන ලගින් රැදෙව්වා.. නැත්නම් හොබීගෙ ඇස් වපර වෙලා තියෙන බැල්ම හුගක්ම හුරතල් නිසා යුන්ගිට ඉන්න තැනත් අමතක වෙනවා..

" අහ්.. එකක් තියෙනවා.. හැබැයි ඔයා පොරොන්දු වෙන්න ඕන අදට විතරක්.."

" අදට විතරක්..? ම්ම්හ්.. හරි.. ඔයාගෙ කැමැත්තක්.."

හොබී හුගක් සතුටින් යුන්ගිව සිපගත්තා.. හැමෝම එයාලා දිහා බලන් හිටියත් හොබී යුන්ගිට හුගක් තදින් තුරුලු වුනා.. හොබීට තවදුරටත් එහෙම කරන්න බයක් හිතේ නැතිවුනාම එයාටම උවමනා වුනා හැමෝටම යුන්ගි තමන්ගෙමයි කියලා පෙන්නන්න..තරමක් වෙලාවකින් පස්සේ හොබී යුන්ගිගෙ තොල් වලින් ඈත් වුනේ වේගෙන් හුස්ම ගන්න ගමන්.. යුන්ගිට අදහසක් තිබුනෙ නෑ හොබී හැසිරෙන විදිය ගැන..හැබැයි එයා ඒකට කැමති වුනා.. ඊලග මොහොතේ හොබී හිටියේ අවන්හලක කොනේම මේසෙක යුන්ගිට කරුනු පැහැදිලි කරන ගමන්..

" යාහ්..හොබී ඔයාට විශ්වාසද මේක කරන්න ඕනෙමයි කියලා.."

" ඔව් ඔයා කිව්වෙ ඔයා ඉද්දි කිසි දෙයක් කරන්න බය වෙන්න එපා කියලා..ඉතින් මම ඔයා ලග ඉද්දි බොන්නත් බය වෙන්න ඕන නැහැනෙ.."

" හොබී ඔයා මගේ වචන ඔයාට ඕන විදියට හරවගන්න එක හරිම නරක වැඩක්.. "

" මම ඉතින් ඔයාගෙ නරක ඔමේගනේ යුන්ගියා.. අදට විතරක් කියලනේ කිව්වෙ ඉතින්.. "

හොබී යුන්ගිගෙ හැන්බොක් එකේ කර එහාට කරලා යුන්ගිගෙ සිනිදු පපුව පුරා ඇගිලිතුඩු යවන ගමන් කතාකලා..

" ඉන්නකෝ බබා..ඔයාගෙ ලමයින්ට එයාගෙ ඔම්මගෙ හැටි මම කියන්න.."

යුන්ගි හොබීගෙ අත එහාට කරහම හොබී කටත් ඇද කරගෙන අහක බලාගත්තා..

" මමත් ඔයා ගැන බොරුවක් හදලා කියනවා.. එතකොට දෙකම සමානයිනෙ.."

එතනින් එහාට හොබී ටිකෙන් ටික මත් වෙද්දි හොබීගෙ පුරුදු ලෙඩේ පටන් ගත්තා.. ඉක්කා ගහන එකයි සෑහෙන්න කාලෙකට කලින් වුනු දුක හිතෙන දේවල් මතක් කරගෙන අඩන එකයි.. යුන්ගිත් මත් වෙලා හිටියත් හොබීට තරම් ඒක නුපුරුදු නැති නිසා නැති නිසා යුන්ගිට වුනා මුලු වෙලාව පුරාම හොබීගෙ කදුලු පිහිදාන්නයි හිත හදන්නයි වගේම තමන්ටම දඩුවම් කරගන්නයි.. 

" ඔයාට මතකද යුන්ගි දවසක් ඔයා දවසක්.. හික්.. රෝහලේදි මාව ගනන් ගත්තෙ නෑ..හික්.. මගේ හිත ඒකට රිදුනා.. හුගක්.. ඔයා නපුරුයි යුන්ගි.. ඔයාට හිතක් පපුවක් නෑ ඔයාගෙ ඔමේගව එහෙම රිද්දනවද මං අහන්නෙ.. ඔම්මා..."

හොබී යුන්ගිගෙම උරහිස බදාගෙන අඩන්න ගත්තා..

" ඔහ් මම එහෙම කරාද..?"

යුන්ගිට එහෙම මතකයක් තිබුනෙ නෑ.. අනික යුන්ගි අදයි දැනගත්තෙ හොබීගෙ මතකෙ කොච්චර දරුනුද කියලා..විශේශයෙන්ම මසුමි සම්බන්ද කාරනා වලදී..

" කරාද අහන්නෙ..ඔව්ව්.. ඔයා එහෙම කරා.."

හොබී යුන්ගිගෙ උකුලෙන් වාඩි වුනා..යුන්ගි හොබීව වැටෙන්න නොදී හුගක් පරිස්සමින් අල්ලගත්තා..හොබීගෙ තොල් වගේම කම්මුල් රතු වෙලා දාඩියෙන් තෙත් වෙලා තියෙන හැටියෙන් යුන්ගිට තව ටිකක් හොබීව අහගෙන ඉන්න උවමනා වුනත්.. දැනට ඇති..!!

" අපි යමු හොබී.. ඔයා ඕනවටත් වඩා මත් වෙලා.."

යුන්ගි හොබීගෙ අවුල් වෙලා තිබුනු ඇදුම හැදුවා..

" ඇයි යමු කියන්නෙ..අර දැක්කනේ.. ඔයා මට ආදරේ නැති වෙලා ගිහිල්ලා.. කොහෙද ඔයා ඒක හැන්ගුවේ.."

හොබී යුන්ගිගෙ ඇදුමෙ කර එහාට කරලා ඇදුම ඇතුලටම මූන දාගෙන යුන්ගි හංගපු ආදරේ හොයනවා.. යුන්ගිට කොච්චර ඉවසන්න පුලුවන්ද..? ලූනා..

" ඉස්සෙල්ලම අපි යමුකො බබා..ඊටපස්සෙ මම ඒක දෙන්නම් හරිද.."

යුන්ගි බොහොම අමාරුවෙන් මත් වෙලා වැනෙන හොබීට නැගිට්ටුවගත්තා..

"අනිවාරෙන්ම දෙනවද...?"

" ඔව් දෙන්නම්.."

යුන්ගි හොබීගෙ අත් දෙක තමන්ගෙ ඇගේ උවමනාවට වඩා එතෙන එක බොහොම අමාරුවෙන් නවත්තගෙන නැවතෙන්න තානායමට ආවා.. හොබී ආපු ගමන්ම ඇදට වැටිලා නිදි.. යුන්ගි නලලෙ තිබුනු දාඩිය පිහිදාන ගමන් ඇදේ මුනින් අතට වැටිලා ඉන්න දිහා බලාගෙන හති ඇරියා..

" යුන්ගි කෝ ඔයා මට දෙනව කිව්ව එක දෙන්නෙ නැත්ද..?"

හොබී යාන්තම් ඇස් දෙක ඇරගෙන හයියෙන් හිනාවුනා..

" ඇයි ඔහොම බලන් ඉන්නෙ..මම රගපානව හරි නැත්ද දැන්.. "

හොබී වැනි වැනී යුන්ගි ලගට ඇවිදගෙන ආවා..

" ඔයා හොබී..යාහ්.."

" ඔයාව රවට්ටන්න තාම මට පුලුවන්.. ඔහ්.. මම කොච්චර සාර්තකද එතකොට.."

හොබී යුන්ගිගෙ හැන්බොක් එකෙන් අල්ලලා බිත්තියට හේත්තු කලා.. හොබීට මත් ගතිය තියෙනව තමයි ඒත් කලින් අධි රංගනයක යෙදුනා කියලනම් කියන්න පුලුවන්..

" කියන්නකො යුන්ගි.. ඔයා කොහෙද ඒක හැන්ගුවෙ.."

යුන්ගි මොකක් හරි කියන්න ගියත් හොබීගෙ සිනිදු ඇගිල්ලක් යුන්ගිගෙ තොල් අතර නතරවුනා..

" ඔයා ඒක දෙන්නෙ නැත්නම් මට වෙනවා ඒක හොයාගන්න.. එහෙමනෙ..?"

හොබී යුන්ගිගෙ සීතල තොල් වල නතර වෙලා තිබුනු ඇගිලි තුඩු යුන්ගිගෙ පපුව දිගේ පහලට අරන් ගියා..ඒත් මගදි හදිසියෙම යුන්ගි ඒක නැවැත්තුවා..

" ඒක හොයාගන්න එච්චර හදිස්සි වෙන්න ඕන නෑනෙ නේද මගේ ඔමේගා.."

යුන්ගි කට කොනකින් හිනා වෙලා හොබීව ඇදට තල්ලු කලා.. හොබීට උවමනා වුනේ යුන්ගිව රලු විදියට දකින්න..ඒක එහෙම වුනු හිනා හොබීගෙ කට කොනට සතුටු හිතෙන හිනාවක් ඇදුනා...

" ඔයාගෙ හැසිරීම අන්තිමයි ඔමේගා.. "

යුන්ගි කට කොනකින් හිනාවෙන ගමන් දොර අගුලු දැම්මා..

" ඒ කියන්නෙ ඇල්ෆා මට දඩුවම් කරනව ද..?"

හොබී බලෙන්ම අහින්සක කමක් ඇස් දෙකට දාගෙන යුන්ගි දිහා බැලුවා.. 

" අනිවාරෙන්ම.!!"

හොබී යුන්ගිව ආවේගයෙන් සිප ගනිද්දි දැනුවත්ව හෝ නොදැනුවත්ව හොබීගෙ ලස්සන ඇදුමේ බද පටිය හොබීගෙ අත් දෙකේ හුගක් තදින් ගැටගැහිලා තිබුනා.. ඒත් හොබී ඒකට කිසිම විදියකින් අකමැති වුනේ නෑ.. හොබීට උවමනා වුනේ එදා දවසේ රෑ හුගක් හිමින් ගත වෙන්න වගේම ආදරෙන් පිරුනු එකක් වෙන්න.. හොබීට උවමනා වුනා එයා යුන්ගිට කොච්චර ආදරේ කරනවද කියලා පෙන්නන්න , තව හොබී තරම් වෙන කවුරුත් යුන්ගිට ගැලපෙන්නෙ නැති වග පෙන්නන්න.. 

හොබීගෙ ලා කහ පාට හැන්බොක් එක හිමින් හිමින් ලිහිලා ඇද පාමුල වැටෙද්දි එලියේ සීතල පොද එක දෙක වැටිලා ආගන්තුක හුලගක් කාමරේ හරහා ගලාගෙන ගියා.. ආගන්තුක වුනත් වේගෙන් හුස්ම අල්ලගන්න උත්සහ කරන හොබීට ඒක ලොකු අස්වැසිල්ලක් වුනා.. යුන්ගි හොබීගෙ එක අතක් දිගේ පහලට හාදු පේලියක්ම තියාගෙන යද්දි හොබීට උවමනා වුනේ යුන්ගි මීට වඩා රලු වෙනවා දකින්න.. 

" ඔයා හුගක් නපුරුයි යුන්ගිහ්.."

යුන්ගි තමන්ව උවමනාවට වඩා ඉවසිලිවන්ත කරන එක ගැන හොබීට තරහ හිතුනා.. 

" සමාවෙන්න ඔමේගා..ඒත් අදරෑට ඔයා මට හියුන්ග් කියනවනම් මම හුගක් කැමතියි.. නැත්නම් ඔයාට තව කොච්චර ඉවසන්න වේවිද කියලා මට කියන්න අමාරුයි.."

යුන්ගි කට කොනකින් හිනා වෙන ගමන් හොබීගෙ පපුවේ සියුම් තැන් ස්පර්ශ කලා..හොබීට දැනෙන්නෙ තමන්ව ඇග ඇතුලින් ඇවිලෙනව වගෙයි.. ඒත් යුන්ගිට හියුන්ග් කියන්න..අනික මේ වෙලාවෙ..? හොබීගෙ කම්මුල් වල රෝස පාට රතු පාට වුනාම හොබී අහක බලාගත්තා..

" ඒක- ඒක අසාදාරනයි යුන්ගිහ්.. අහ්හ්.. ඇත්තමයි ඔයා මහ නපුරෙක්.. අහ්හ්.. මාව ඔහොම අල්ලන එක නවත්තන්න යුන්ගිහ්.. මට අමාරුයි.."

හොබී එහෙට මෙහෙට දගලන ගමන් යුන්ගිගෙ ස්පර්ශ වලින් ගැලවෙන්න උත්සහ කලා.. ඒත් හොබීගෙ ඉන ලගින් ලාවට ඇගිලිතුඩු ගෙනිච්ච යුන්ගි හොබීව හුගක් සංවේදීව ස්පර්ශ කලා.. 

" එපා.. යුන්ගිහ්.. ඔයාට බෑ මෙහෙම කරන්න..ආහ්.."

හොබී ඇස් පියාගෙන තොල් හුගක් තදින් හපාගත්තා..

" ඒත් ඔයා ඒකට කැමතියි .. එහෙමනෙ..?"

යුන්ගි හොබීව දෙවෙනි වතාවටත් ස්පර්ශ කරද්දි හොබීට කෑගැස්සුනා.. හොබීට උවමනා වුනේ ඉක්මනින්ම යුන්ගි තමන් ඉස්සරහා නිරුවත් වෙනවා දකින්න වගේම තමන්ට නොනවත්වා දඩුවම් කරනවා විදින්න.. 

" යුන්ගිහ්- අහ්ම්.. මට ඔයාව බලන්න දෙන්නකෝ..අහ්හ්..හියුන්ග්.."

යුන්ගි ආයෙම එයාගෙ නපුරු හිනාවෙන්ම හොබීගෙ කන් පෙත්තකට ලං වුනා..

" මට ඇහුනෙ නෑනේ මගේ ඔමේගා.."

යුන්ගිගෙ උනුසුම් හුස්ම හොබීගෙ ක්න් පෙති වල ආශාවෙන් දැවටෙද්දි හොබී ඉනෙන් ඉස්සෙන ගමන් ඔලුව වැනුවා.. 

" ම්ම්හ්.. යුන්ගි හියුන්ග්.. ඔයාගෙ ඔමේගට දඩුවම් කරන්න.. හියුන්ග් ඉක්මනින්.. මට ඔයාව හුගක් ඕනි.."

හොබීගෙ මත් වුනු කටහඩින් යුන්ගිව ඇවිලුවා.. ඇත්තෙන්ම ඒක හොබීට විතරක්ම කරන්න පුලුවන් ඇවිලුමක්.. යුන්ගි හොබීගෙ තොල් අගින් හාදුවක් තියෙලා හිනා වුනා.. 

" ඔහ්.. හියුන්ග් මොනවද කරන්න ඕන එතකොට.."

යුන්ගි හොබීගෙ මූනට වැටිලා තිබුනු කොන්ඩ කෑලි කීපය මූන දෙපැත්තට දැම්මා..

" හියුන්ග්-හ්හ්.."

:
:
:

හොබීගෙ සිහින් කෙදිරුම් හඩවල් වලින් මුලු කාමරේම පිරිලා යද්දි එලියේ සීතලට වැටෙන පොද වලත් සද්දෙ ටික ටික වැඩි වෙලා හරිම සංසුන්ව වැස්සක් ඇද හැලුනා එදා ආදරනීය මොහොතක් ලස්සන කරන්න වගේ.. ඔමේගා හොබීව ඇල්ෆා යුන්ගිගෙම කියලා ආයෙ ආයෙම ලියවෙද්දි හොබීගෙ ඇග පුරා විසිරුනු රතු-දම් කැලැලුත් එක දෙක වැඩිවෙලා නිමක් නැති අමුතු රටා ගොඩක්  මැවුනා.. යුන්ගිගෙ රලු හාදු වලින් නෑවිලා හැගීම් ගොඩක ගිලිලා හිටිය හොබී අවසාන වතාවටත් පිහාටු පුරවපු කොට්ටෙ උඩට ඇදගෙන වැටුනේ රතු පාටින් තුවාල වෙලා ගියපු තොල් වලින් ලාවට හිනාවක් මූනෙ රදවගෙන.. හොබීගෙ අවුල් වුනු කොන්ඩ කැරලි ඇස් වලින් අයින් කරපු යුන්ගි හොබීගෙ නලලින් හාදුවක් තියලා හොබීගෙ ඇගෙන් අයින් වෙලා හොබීට එහාපැත්තෙන් හාන්සි වුනේ හයියෙන් හති දාන ගමන්..යුන්ගිගෙ උරහිස ලග ඉදලා ඉන ලගට වෙනකම් රතු පාට සීරුම් පාරවල් කීපෙකුත් එක්ක යුන්ගිගෙ අසාමාන්‍ය සුදු පාට පපුවට හොබී ඉක්මනින් තුරුල් වුනා.. 

" අහ්.. ඇල්ෆා මගේ අත් දෙක ලිහන්නකෝ.."

හොබී මූන පුරාම තුබුනු කදුලු යුන්ගිගෙ පපුවෙ පිහිදාන ගමන් කිව්වා..යුන්ගි හොබීගෙ කම්මුලකින් හාදුවක් තියලා ගැටගහපු අත් දෙක ලිහලා දැම්මා.. හොබීගෙ අතේ මැනික් කටුව ලගින් රටු පාටට තිබුනු පැල්ලම් යුන්ගි අතින් පිරිමදින ගමන් හොබී දිහා හුගක් ආදරෙන් බලන් හිටියා.. 

" ඔහොම බලන් ඉන්න එපා අනේ.."

හොබී වෙනස්වුනු කටහඩින් කියලා ඇද රෙද්ද පපුව ලග ඉදලා උඩට ඇද ගත්තා..

" ඔයා දිහා කොච්චර බලන් හිටියත් මට තව තප්පරයක් තප්පරයක් ගානෙ බලන් ඉන්න හිතෙනව ඔමේගා.."

හොබී යුන්ගිගෙ අතක් අරගෙන කොට්ටයක් වගේ ඔලුවට තියාගත්තා.. එහෙම සනීපයි..

" ඔහ් අද මට මහන්සියි යුන්ගි.. අනික දැන් රෑ වෙලා.."

හොබී යුන්ගිගෙ කම්මුලක් අතකින් අල්ලලා පරිස්සමින් හාදුවක් තිව්වා.. එතකොටම යුන්ගිට මොකක් හරි හොබීට කියන්න මතක් වුනා.. ඒ  නිසා යුන්ගි හොබීව ටිකක් ලං කර ගත්තා..

" බබා.. ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා..ඒත් මේක හොද වෙලාවක් කියලා මට හිතෙන්නෙ නෑ.. අපි හෙට කතා කරමුද..?"

යුන්ගි මේ තරමට කතාකරන්න හදිස්සි වෙන කාරනාව දැනගන්න හොබීට හදිසියෙම ලොකු උවමනාවක් ආවා..

" ඇයි යුන්ගි..මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

හොබී සම්පූර්න අවදානය යුන්ගිට දෙන ගමන් යුන්ගිගෙ මූන ලගටම කිට්ටු වුනා..

" මේකයි හොබී.. අද මට.. සේජින්ව හමුවුනා.. මම කියන්නෙ මම හමුවෙන්න ගියා.."

සේජින්ගෙ නම අවුරුදු ගානකින් ඇහෙද්දි හොබීගෙ හදවත අමුතු බයකින් ගැහෙන්න ගත්තා..ඒ මාතෘකාවෙන් බැහැරවෙලා හොබී දැන් හුගක් කල්..අනික යුන්ගි හේතුවක් නැතුව සේජින් ගැන නොකියන බවත් හොබී දැනගෙන හිටියා..හොබීට බය හිතුනා ආයෙම මොකක් හරි ප්‍රශ්නයක් වෙලා යුන්ගි හොබීව අතාරියි කියලා..ඒ බයෙන්ම හොබී යුන්ගිව තදින් බදාගත්තා.. ඉබේම වගේ හොබී යුන්ගිට තුරුල් වුනා.. 

" ඇ-ඇයි ඇල්ෆා ඔයා මේ වෙලාවෙ සේජින් ගැන කියන්නෙ..?"

හොබීගෙ කටහඩේ තිබුනු වෙනසට හේතුව යුන්ගිට ඉවෙන් වගේ තේරුන නිසා යුන්ගි හිනාවෙලා හොබීගෙ කොන්ඩෙ පිටිපස්සට අතගෑවා..

" චෝහි-"

" මොකක් චෝහි..? චෝහි කොහොමද සේ-'"

හොබී කලබල වෙලා කතාකරද්දි යුන්ගි හොබීගෙ තොල් වලින් ඇගිල්ලක් තියලා හොබීව නිහඩ කලා.. කලබලයිනෙ ඉතින් ඔමේගා හොබී..

" ශ්ශ්ශ්හ්.. ඉන්නකො කියනකම් ඔමේගා.. අනික ඒක කලබල වෙන්න ඕන දෙයක් නෙමේ.."

" එහෙනම් මොකක්ද..?"

" අහ්.. ඒක මෙහෙමයි.. ඔයා දන්නවනෙ චෝහි දැන් පොඩි ලමයෙක් නෙමෙයි.. මම කියන්නෙ හමදාම ලමයි අපි ලග ඉන්නෙ නැහැනෙ හොබී.."

" ඉතින්..?"

" ඉතින් මේහ්.. සේජින්ගෙ පුතා සියෝවූ ට අපේ චෝහි කැමැත්තෙන් ඉන්නවා.. මම කිව්වෙ ඒ දෙන්න-"

" මොකක් කිව්වා යුන්ගි..? දැන් එයාල ලොකු වුන පලියට අපි කැමති වෙන හැමකෙනාටම එයාල දෙන්න බලාගෙන ඉන්න ඕනද ආහ්..? නෑ නෑ චෝහිට හෙටම මාව හමුවෙන්න එන්න කියන්න.. ටිකක් ලොකු වුන ගමන් පටන්ගන්නවා කසාද බදින්නත්.. මට හිතාගන්න බෑ මගේ ලමයි මෙහෙම හැදෙන්න ඉගනගත්තෙ කොහොමද කියල දෙයියනේ.."

හොබී කේන්තියෙන් බැනගෙන ගියා.. හොබී බනිනවටත් වඩා චෝහි ගැන බයෙනුයි එහෙම කිව්වේ.. හැමදේටමත් වඩා අවුලෙන් හිටියේ යුන්ගි.. යුන්ගි දැනන් හිටියා පහුගිය දවස් ටිකේ චෝහි කොච්චර දුකෙන් හිටියද කොච්චර ඇඩුවද කියලත්.. ඇරත් යුන්ගිට ඒ දෙන්නා ගැන ප්‍රශ්නයක් තිබුනෙත් නෑ.. එයාල අදුරගෙන අවුරුදු පහක් කියලා යුන්ගි දැනගද්දි යුන්ගි පුදුම වුනත් සියෝවූ චෝහිට හුගක් ආදරේ බව යුන්ගිට තේරිලා තිබුනා.. චෝහි සියෝවූට ආදරෙන් හිටියා වගේමයි වගේම එයාගෙ ඔම්මා අප්පා කියන දේට පිටින් යන්න කැමති වුනෙත් නෑ.. අන්තිමේදියි චෝහි තීරනයක් ගත්තෙ ඔම්මා අකමැති වුනොත් සියෝවූ ව අතාරින්න.. ඒත් යුන්ගි කැමති වුනේ නෑ චෝහි මුලු ජීවිතකාලෙම දුකින් ඉන්නවා දකින්න.. අනිත් අතින් හොබීට මොකුත් කියන්නත් යුන්ගිට පුලුවන් කමක් තිබුනෙ නෑ.. හොබී තාම චෝහි හනා හියුන්ග්වූව දකින්නෙ පොඩි කාලෙ හිටපු ලමයි විදියටමයි.. අනික මෙහෙම මාතෘකාවක් මීට කලින් ගෙදර කතාවෙලත් තිබුනෙ නෑ.. හොබී ඒ ගැන හිතලවත් තිබුනේ නෑ.. මේ සේරම දේවල් වලටත් වඩා හොබී කියන්නෙ එයාලගෙ 'ඔම්මා' හොබීට අයිතියක් තිබුනා තවමත් ඒ තුන්දෙනාට මැදිහත් වෙන්න.. හොබීට හැමදේටමත් වඩා ඉස්සර වුනේ තමන්ගෙ දරුවන්ට තිබුනු ආදරේ විතරයි.. වෙන කිසිම දෙයක් නෙමේ..

" ඒත් හොබී අපි දෙන්නා චෝහිගෙ වයසට එද්දි විවාහ වෙලත් තිබුනා.. අනික මම සියෝවූගෙ වරදක් දකින්නෙ නෑ..ඔයා වගේම මමත් මගේ ලමයින්ට නරකක් වෙනව දකින්න අකමැතියි.. සේජින්ගෙයි සකුරාගෙයි අකමැත්තක් නැති එකේ හොබී ඔයා මීට වඩා හිතුවොත් හොද නැද්ද..?"

" දැන් ඔයා මට මොකක්ද කරන්න කියන්නෙ යුන්ගි..?"

" හොබී.. ඉස්සෙල්ලම අපි චොහිගෙ පැත්තෙන් හිතලා ඉමු.. චෝහි ඔයාට මට තියෙන ආදරේ නිසාම සියෝවූව අතාරින්නත් කැමති වුනා.. ඔයා හිතනවනම් ඔයාගෙ ලමයි අකීකරුයි කියලා එයාල එහෙම නෑ හොබී..අපි අපේ උපරිමෙන්ම එයාලව බලාගත්තා.. එයාලට ඉගැන්නුවා.. අපිට ඒකෙන් සතුටුවෙන්න පුලුවන්.. එහෙමනෙ..?"

" ඔයා කියන්නෙ චෝහි සියෝවූව අතාරින්නම් කිව්ව කියලද..?"

හොබීට චෝහිගෙ මුරන්ඩු ගතිගුන මතක් වෙලා එහෙම ඇහුවා.. හරිනම් වෙන්න ඕන ඒකෙ අනිත් පැත්තනෙ..යුන්ගි හොබී ඇහුව ප්‍රශ්නෙට හරිම විශ්වාසෙන් ' ඔව් ' කියන්න වගේ ඔලුව වැනුවා..

" මට තේරෙන්නෙ නෑ යුන්ගි.. ඇයි ආයෙම සේජින්.."

හොබී සේජින්ව කීපවතාවක්ම දැක්කත් කතාකරලා තිබුනෙ නෑ.. ඒ කාරනාව දැන් හොබීට අදාල දෙයක් නෙමෙයි.. හොබීට සේජින් එක්ක කතාකරන්නත් තිබුනෙ හරිම අකමැති හැගීමක්..

" අපි ඒ ප්‍රශ්නෙ කතා නොකර ඉමු හොබී.. ඒ දේවල් වෙලා දැන් කොච්චර කල්ද අනික.. ඒව අපි විසදගෙන ඉවරත් එක්කන්.. අපි ලමයි ගැන විතරක් කතා කරමු.."

යුන්ගි හොබීගෙ ඇගිලි වල තමන්ගෙ ඇගිලි පටලගත්තා.. ඒ ප්‍රශ්න ආයෙම නොඑන බව කියන්න වගේ..

" මට සියෝවූ චෝහි දෙන්නම එක්ක කතාකරන්න ඕන.. මේ කෙල්ල මට කිසි දෙයක් නොකියන හැටි ඇත්තමයි.."

හොබී හුස්මක් පහල දාන ගමන් කිව්වා.. 

" ඔයා ඉතින් නපුරුයිනෙ ඔම්මා.. ඒකනෙ ලමයි ඔයාට බය.. මම වගේ හොද වුනානම් ඉවරනෙ.."

" අනෙහ් හුරුතල් කලානම් හොදට තියෙයි.. මම මේ ඉන්න විදිය හොදයි.."

හොබී යුන්ගිට කට ඇද කරලා වහල දිහා බලාගෙන හිටියා.. 

" ඒ කියන්නෙ හා නේද.."

යුන්ගි හොබීගෙ කනට ලං වෙලා කිව්වා..

" මම කිව්වනෙ.. මුලින්ම මට කතාකරන්න ඕන.."

" චෝහිට බනින්න එපා හරිද.. "

" ඒක ඒ වෙලාවට බලාගන්න බැරියැ.. "

" හොද ඔමේගා.."

යුන්ගි හොබීව බදාගෙන දෙපැත්තට වැනුනා.. 

" මම ඔයාව අල්ලගන්නම්කො පස්සෙ වෙලාවක යුන්ගි.. ආහ්.. ඒකද ඔයා දවල් පේන්න හිටියෙ නැත්තෙ..?"

" හ්ම්ම්.. ඔයා සියෝවූව දැකල නෑනෙ හොබී.."

යුන්ගිට මතක් වුනේ සේජින්ගෙම නෛත් බාගෙ වගේ පෙනුම තියෙන සියෝවූව..හිනාවෙන නිල් ඇස් , කඩවසම් පෙනුම හමදේම..

" හහ්.."

හොබී කට කොනෙන් හිනාවුනේ තරහට..

" ඔය ඉතින් දැන් කේන්ති ගන්න එපා හොබී.. කෝ මෙහෙ බලන්නකො.."

යුන්ගි බලෙන්ම හොබීව එයාගෙ පැත්තට හරව ගත්තා..

" මට මහන්සියි.. සුබ රාත්‍රියක්.."

හොබී ඇස් දෙක පියාගෙන යුන්ගිගෙ පපුවට තුරුලු වුනේ කේන්තියෙන් කිසි දෙයක් පැහැදිලිව හොබීට නොතේරෙන නිසා.. අනික යුන්ගිත් කියනවනම් ඇයි හොබී කලබල වෙන්නෙ..එයාගෙ ප්‍රශ්න වලට චෝහි පලි නෑනෙ..

" මම කේන්තියෙන් නෙමෙයි යුන්ගි.. ඒත්.. හ්ම්.. මම බලන්නම්.."

හොබී යුන්ගිගෙ පපුව සිපගත්තා.. යුන්ගිට විශ්වාසයක් තිබුනා හොබී චෝහිටයි සියෝවූටයි කැමති වෙයි කියලා.. යුන්ගිට මතක් වුනේ සේජින් යුන්ගිව දකිද්දි ගැස්සුන විදියත් සාමාන්‍ය විදියට කතාකරන්න උත්සහ කරපු හැටිත්.. සේජින්ගෙ මූනෙ තිබුනෙ වේදනාවක්ද දුකක්ද කලකිරීමක්ද කියලා යුන්ගිට අදහසක් තිබුනෙ නෑ.. හොබී ගැන කතාකරද්දි සේජින් හිනාවුනු හැටිත් උනන්දු වුනු හැටියෙනුත් යුන්ගි තේරුම් ගත්තෙ සේජින් තාම හොබීට ආදරේ බව. ඒත් යුන්ගිට ඒකෙන් කිසිම හැගීමක් දැනුනෙ නෑ.. ඉරිසියාවක්වත්,තරහක්වත්.. මොකද යුන්ගිට විශ්වාසයි හොබී සම්පූර්නෙන්ම තමන්ගෙ බව.. යුන්ගිට දැනුනෙ සේජින් ගැන අනුකම්පාවක්.. ඒක එහෙමයි.. 

හොබී හවස් වරුවේ තමන් එක්ක ඇවිදිද්දි සේජින් එයාලව දැක්කා කියලා යුන්ගිට හිතුනා.. ඒ වගේම සේජින්, හොබී යුන්ගිව සිපගන්න හැටි පවා දකින්න ඇති.. සමහරවිට ඊට වඩා දේවල් හුගක්.. එයාගෙ හිත රිදෙන්නත් ඇති.. ඒත් ආදරේදි හැමකෙනාටම දිනන්න අවස්තාවක් නැහැනෙ..  ඇත්තෙන්ම යුන්ගිට කරන්න මොකුත් තිබුනෙ නෑ.. සේජින් එක්ක තරග කරනවත් ඊර්ශ්‍යා කරන්නවත් නැත්නම් වෙන දෙයක්වත්.. යුන්ගි තමන්ව වගේම තමන්ගෙ ආදරේ විශ්වාස කලා.. එතනදි හොබීගෙ තෝරාගැනීම යුන්ගි වුනු නිසා වගේම එයාල හුගක් හොද ජීවිතයක් ගත කලා.. වඩා ගැලපුන නිසා එයාල ජීවිත කාලෙම එකට හිටියා.. හිතුවටත් වඩා හැමදේම හොදට සිද්ද වුනා.. යුන්ගිට ඒ ගැන තිබුනෙ සතුටක්.. ආදරනීය සතුටක්..

" ඔයා කියද්දියි මට දැනෙන්නෙ අපි දැන් වයසට ගිහින් වගේ.. ඇත්තට කොච්චර කාලයක්ද..?"

හොබී පහුවට මතක් කලේ හීයක වේගෙන් ගෙවිලා ගිය කාලෙ ගැන.. දේවල් කොච්චර කාලයත් එක්ක වෙනස් වෙලාද.. හිතාගන්නත් බැරි තරම්..

" හ්ම්ම්.."

යුන්ගි හොබීගෙ පිටට තට්ටු කරන ගමන් උත්තර දුන්නා.. 

" එයාලත් විවාහ වුනාම ආයෙම අපි දෙන්න විතරයි නේද යුන්ගි.. ආයෙම ඔයයි මමයි හිටපු තැනමයි.."

" මොන දේ වෙනස් වුනත් ඔයයි මමයි වෙනස් වෙන්නෙ නෑ එහෙමනෙ..?"

"අනිවාරෙන්.."

හොබීට හේතුවක් නැතුවම කදුලු ඉනුවා.. ආයෙම හැම තැනකම එයාට ඉන්න යුන්ගිව මතක් වෙලා.. හොබී විශ්වාස කලා එයාගෙ අන්තිම මොහොත , අන්තිම නින්ද , අන්තිම හුස්ම පොද වෙනකම් යුන්ගි තමන් ලග ඉන්නවා කියන හැගීම.. හොබීට උවමන වුනේ හැමදාම උදේ යුන්ගිගෙ ලග අවදි වෙන්න, හැම රෑකම යුන්ගිගෙ තුරුලට වෙලා ඉන්න, තමන්ව 'රෝසමල' කියලා අදුන්වලා දෙනවට , බොරුවට හරි රන්ඩු වෙන්න , ආදරනීය වෙන්න , ඇවිදින්න යන්න , මල් වවන්න , කෑම හදන්න , යුන්ගිගෙ චිත්‍ර දිහා බලන් ඉන්න , පියානෝ වාදනය අහන් ඉන්න , සැරසිලි ගොතන්න වගේම රෝහලට යන්න.. හැමදේම.. ගතකරන හැම මොහොතකම ෆ්‍රීසියා සුවදත් එක්ක දැවටිලාම ඉන්න..

" දැන් හුගක් පරක්කුයි රෝසමල... ඔයා නිදාගන්න.."

යුන්ගි එහාට මෙහාට වෙලා තිබුනු ඇද රෙද්ද ආයෙම හදලා හොබීව තුරුල් කරගත්තා.. හොබීගෙ ඇස් කදුලුත් එක්ක දීප්තියෙන් ආදරෙන් හිනාවෙද්දි යුන්ගි හොබීගෙ තොල් වලින් හැගීම් පිරුනු හාදුවක් තිබ්බා.. 

" මම ඔයාට හුගක් ආදරෙයි ඇල්ෆා.. මට දැනෙන තරමටත් වඩා මම ඔයාට ආදරෙයි.."

හොබී පෙරලා යුන්ගිව සිපගත්තා.. හැම රැයකම වගේ ඒ රැයේදිත් ඇල්ෆා යුන්ගි , ඔමේගා හොබී නින්දට වැටුනා.. සීතල හුලං පාරවල් තිර රෙදි තාලෙකට එහෙ මෙහෙ කරද්දි එක දිගට කඩා හැලුනු වැහි පොද නතර වෙලා වටපිටාව නිහඩ බවක ගිල්ලුවා.. හරිම සාමකාමි රැයක්.. වැහි වලාකුලු අතරින් පෙරෙන අදුරු මලානික හද එලියට පිපුනු රෑ මල් පොදට තෙමිලා තෙහෙට්ටුවෙන් හති හලද්දි කනාමැදිරි එලි එක දෙක පාවෙලා ඇවිත් පොදට තෙමුනු ජනෙල් කවුලුවේ රැදුනා..

වැස්ස.. හද එලිය.. කනාමැදිරි එලි.. සිනිදු පින්සල් තුඩු.. පියානෝ යතුරු.. 

හොබීගෙ ජීවිතේ හොදම තේරිම්වල හැමදාම සාක්ශිකාරයො වුනා..

***


ඇල්ෆා යුන්ගි..,

මම බලාපොරොත්තු වුනේ මෙහෙම ජීවිතයක් නෙමෙයි.. ඇත්තෙන්ම මේ හැමදෙයක්ම උවමනාවටත් වඩා මට වැඩියි.. ඔයා දන්නෙ නැති වුනාට මම හැමතිස්සෙම එහෙම හිතුවා.. ඔයා මාව සිපගන්න හැම වතාවකම මට මාවම දැනුනා.. ඒක විස්තර කරන්න හුගක් අමාරු කාරනාවක් වගේම ඒක ඔයාට විස්තර කරන්න මට තේරෙන්නෙ නෑ.. මම හිතන්නෙ මම හුගක් වාසනාවන්තයි.. හනා,හියුන්ග්වූ,චෝහිගෙන් පස්සෙ මට හුගක් සතුටු වෙන්න කාරනා හොයන්න උවමනා වුනේ නෑ.. ඇත්තෙන්ම මට පවුලක් වුනාට මට ඔයාට ස්තූති කරන්න ඕනෙමයි යුන්ගි.. ඔයාට වගේම හියුන්ග්ල හැමෝටමත්.. මට බයයි මට ඒක කරන්න බැරි වේවි කියලා.. මම මෙහෙම දෙයක් ලියන්නෙ ඇයි කියලවත් මට අදහසක් නෑ.. ඒත් මේ වෙලාවෙ ගෙදර කවුරුත්ම නැතුව මම තනියෙම ඉද්දි මම ඔයාගෙ පියානෝව ලගින් වාඩිවෙලා පින්සලක තීන්ත පොගව ගත්තා.. ඉතින් මම හේතුවක් නැතුවම ඔහේ ලියාගෙන යනවා..මම දන්නවා ඔයා කවදහරි මේක හොයාගන්නවමයි කියලා.. ඇත්තෙන්ම ඔයාගෙන් දේවල් හංගන එක හුගක් අමාරුයි යුන්ගි.. හුගක්ම අමාරුයි.. ඒකට උත්සහ කරපු හැම වතාවකම මම හරිම ලේසියෙන් අහුවුනා.. හැම වතාවකම..

ඒ වගේම දැන් හොදටම වහිනවා.. මට හිතාගන්න බෑ කොච්චර දේවල් වෙන්න ඇත්ද කියලා මම මේ ගමට ආපු පලවෙනිම දවසෙ ඉදලා මේ වෙනකම්.. ඔයාව නම් මම කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ.. කොහෙත්ම නෑ යුන්ගි.. මට හිතාගන්න බෑ ඔයාව මගේ ජීවිතේ සම්පූර්න කොටසම වුනේ කොහොමද කියලා.. ඒත් ඒක එහෙමයි.. ඔයාට මතකද අපි ඇවිදින්න ගිය පලවෙනි වතාව.. එදත් මේ වගේම හොදටම වැස්ස දවසක්.. මට ආයෙ ආයෙ හැමදෙයක්ම මතක් වෙනවා යුන්ගි.. ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන්න නිසා මාවත් තෙමෙයි කියලා.. ඒත් මම දිගටම ආයෙ ඔයා ලගටම ඒවි.. ඔයාට මහන්සි වුනත් ඔයා මාව ලගට අරගෙන මගේ කොන්ඩෙ අවුල් කරයි.. ඊට පස්සෙ මාව සිපගනියි.. ඔයා දන්නවනම් මම මේ දේවල් බලාපොරොත්තු වෙන තරම්.. සමහරවිට ඔයා දන්නවත් ඇති.

මම හිතනව මම පහු කාලෙකදි ඔයාට හොද ඔමේගා කෙනෙක් වෙන්න ඇති කියල මගෙ යුන්ගියා.. ඒ වගේම හොද ඔම්මා කෙනෙක්.. එහෙම නේද..? ආයෙම වතාවක් ඔයාට ආයෙම වතාවක් වගේම ආයෙම වතාවක් ස්තූතියි යුන්ගි..හැම දෙයක්ම වෙනුවෙන්.. කියලා නිම කරන්න බැරි හැම දෙයක්ම වෙනුවෙන්.. ඔයා මාත් එක්ක සතුටින් හිටියා නේද.. අවසාන වතාවටත් මගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක.. කොහොම වුනත් මම ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරේ විශ්වාස කරනවා.. මම ඔයාට හැමදේටමත් වඩා හුගක් ආදරෙයි මගේ ඇල්ෆා යුන්ගි.. මටත් වඩා..මගේ හැමදේටමත් වඩා..

ඔමේගා හෝසොක්...


හුග කාලෙකට කලින් යුන්ගි, හොබීට තරම්ම ආදරේ කරපු ලියුම, තවමත් පාලුවට ගිය නිදන කාමරයේ ඉන පලදනා දෙකත්, මුදු දෙකටත් මැදිවෙලා ,පොතක් ඇතුලේ පරිස්සමට හැංගිලා තිබුනා.. කාමරේ කොනක තිබුනු සකුරා පිංතාරුව පෙති හලන එක නතර කරලා කාලයක් ගතවෙලා තිබුනත්....... තවමත් ඒ ආදරනීය කතා හංගපු අතු ඉති හද එලියත් එක්ක දීප්තියෙන් පෙනුනා.......... හැමදේම හැමදාම වගේ.. ඒත්..... පාලුවට ගිය ගෙදරක මතක පිරුනු කාමරේක....

...සමාප්තයි...










Continue Reading

You'll Also Like

574K 70.2K 41
ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....
425K 88.8K 106
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම...
25.5K 3.7K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
19.9K 2.9K 17
ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay relationship එකක්. එ නිසා කැමති අය විතරක්...