DUΛL⏳ ( Completed )

Bởi Armygirl920

8.2K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... Xem Thêm

Meet ..
Trust ..
Tears ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Love ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Are you happy ..

184 46 17
Bởi Armygirl920


ටේහ්‍යුන් නැගිටලා Wash කරලා එලියට එද්දිත් ඉයුන් බී ශීට් එකට ගුලි වෙලා හොදට නිදි... කොල්ලා හිනාවීගනම කෙල්ල ලගට ඇවිත් එයාගේ උරහිසට තට්ටු කලා..

" යුන්.. Princess ... නැගිටින්න අනේ .. "

" ම්ම්...හූ... "
කෙල්ල කොල්ලගේ අතත් ගසලා දාලා ආයෙම හැරිලා නිදාගත්තා...

" චහ්... අයියෝ ... ඔයාටමයි අද වෙරළට යන්න ඕනි කිව්වේ... නැගිටින්න කෙල්ලේ.. "
ඉයුන් බී ගේ ඉනෙන් අල්ලලා කිති කරන ගමන් කොල්ලා එයාගේ කොන්ඩේ තියෙන වතුර ටික කෙල්ලගේ මූණට ගැසුවා..

" ඔය.... ආඅ.... අ අනේ... "
කෙල්ල හීනෙන්ම තමන්ගේ ඉනේ තිබ්බ කොල්ලගේ අතට ගැහුවේ හෙමින් ඇස් අරින ගමන්....

" හ්හ්..... "
ඇස් ඇරියත් හරි කොල්ලා හිටියේ ටවල් එක පිටින් කියලා දැක්කම කෙල්ලට හුස්ම හිර උනා....
" උදෙන්ම ඔහොම බය කරන්න එපා ටේ.... "

ඇදේ ඉදගන ඇස් පොඩිකරන ගමන් කෙල්ල කියද්දි කොල්ලා ඉනට අත්දෙක තියාගත්තා...
" ඇහ්.... මාව දැක්කම බය හිතෙනවද... පුහ්.. "

කෙල්ල හිනා වෙවීම කොන්ඩෙත් ටිකක් හදාගත්තා....

" ඉතින් ලෑස්ති වෙන්න ළමයෝ... අපි වෙරළට යමු breakfast වලින් පස්සේ ම්ම්... "
කෙල්ල දිහා බලලා එහෙම කියලා කොල්ලා ගිහින් ඇදුමක් දාගනිද්දිත් කෙල්ල කලේ ඇදේ ඉදගනම ශීට් එකත් පෙරව ගත්තු එක...

" මට කම්මැලි නේ... "

" ආ... එතකොට ඊයේ හිටියේ වෙන ඉයුන් බී කෙනෙක් ද... කෝ අනේ ඇදුමක් දාගන්න කෝ... "

" මාව බස්සන්නකෝ ටේ... "
කොන්ඩේ පිහිදන ගමන් කොල්ලා බලන් හිටියේ එයාගේ පැත්තට අත්දෙකත් විහිදගන ඉන්න කෙල්ල දිහා...

" මෙන්න වැඩක්... "
කොල්ලා හිනාවෙවීම කෙල්ලගේ ලගට එද්දිත් කෙල්ල අත්දෙකේ ඇගිලි හොලෝ හොලෝ කොල්ලා දිහා බබෙක් වගේ බලන් හිටියා....

" ම්ම්.. ඔන්... න... පුංචි ළමයෝ... මම ඔයාව බැස්සුවා... "
කෙල්ලව උස්සලා බිමින් තියන ගමන් කොල්ලා හිනා වෙද්දි කෙල්ලත් හිනාවෙලාම දිව දික් කලා...

" ඕහෝ... දැන් මට ගෙවීමක් කරන්න ඕනි... "
Bathroom එකට යන්න හැදුවත් කොල්ලා කෙල්ලගේ උරහිස් වලින් අල්ලලා එයාව නතර කරව ගත්තා...

" ආ... මොකක්... "

" හ්ම්ම්.. කෝ morning kiss එක... ම්ම්... "
කොල්ලා ඇහිබැමක් උස්සද්දි කෙල්ල අතකින් කටත් වහන් පුදුම වෙලා බලන් හිටියේ හිනා වෙන ගමන් මයි....

" හම්මොහ්... ඔයා එක්ක නම් බේරෙන්න බෑ ටේ... චහ් ..... ම්ම් එන්නකෝ... "
කොල්ලාගේ කර වටේට එල්ලිලා කෙල්ල එයාගේ තොල් වලට පුංචි පෙක් එකක් දිහා කම්මුලකුත් කෙනිත්තුවා...

" හ්හොල් ... එච්චරයි ද ... මදි නේ... "
කෙල්ලගේ ඇස් ලොකු වෙද්දි කොල්ලා එයාව ඉනෙන් අල්ලලා තමන්ගේ ලගට ගනිද්දි එහෙම කියලා තොල් පෙරලුවා...

" අයියෝ ටේ... මම දත් මැදලත් නෑ... මම Wash කරන් ඇවිත් දෙන්නම් හොදේ.. "

" ආනී.... දැන්මම ඕනි... "
ඒ පාර කොල්ලා බබෙක් වගේ මූණ ඇඹුල් කලා...

කෙල්ලට නම් හිනා හොදටම... ආයෙම කම්මුල කොනිත්තලා කෙල්ල කොල්ලගේ කර වටේට අතක් දාල ඒ තොල් වලට තොල් තිබ්බේ කොල්ලා එයාගේ අතක් කෙල්ලගේ ඔලුව පිටිපස්සෙන් අල්ලගනිද්දි....

ටේහ්‍යුන් හිතලම කෙල්ලවත් තල්ලු කරගන ඇදට වැටුනේ සිපගැනීම අතරේමයි....
" මොනාද කරන්නේ ටේ... "
සිපගැනීම නතර කරලා කෙල්ලගේ ලගින්ම ඇද උඩ වැලමිටට බරවෙලා හිටිය කොල්ලාගේ පපුවටත් එකක් ගහලා කෙල්ල නැගිට්ටා...

" ම්ම්.. ඒක රසයි... "
කොල්ලා ප්‍රශ්නාර්ත බැල්මක් දාලා ඇදෙන් නැගිට්ටේ කෙල්ල කිව්ව දේ නොතේරිලා...

" මොනාද.. "

" ඒ Toothpaste එක.. "
එහෙම කියලා හයියෙන් හිනාවෙවී කෙල්ල Bathroom එකට රිංගුවේ විදුලි වේගෙන්....

" අහ් ... මෙයත් දැන් ... "
කොල්ලටත් හිනා ඒකට....

දෙන්නම Breakfast එක අරන් වෙරළ පැත්තට ගියා....
" වා... ලස්සනයි නේද ටේ... "
ලවන මිශ්‍ර උන හුලගින් හුස්මක් පුරවගන්න ගමන් කෙල්ල අත්දෙකත් දෙපැත්තට දාලා ඈත බලන් හිටියා...

" හ්ම්ම්... "
අත්දෙකත් විහිදන් හිටිය කෙල්ලගේ ඉන වටෙන් අතදාලා කොල්ලා එයාව පපුවට තද කරන් දෙන්නා එක්කම ඈත මුහුදු රැළිදිහා බලන් හිටියා..

" මම මේ Beach ආවේ අවුරුදු ගානකට පස්සේ ටේ.... මතක ඇති කාලෙක ඉදන් මම එන්න ආසාවෙන් හිටියේ.... ඒත් Club එකේ වැඩත් එක්ක මොන beach ද... "
කොල්ලගේ අතත් අල්ලගන වෙරළ දිගේ ඇවිදින ගමන් කෙල්ල කිව්ව...

" මමත් යුන්.. මම නම් වැඩ නිසා නිවාඩුවක් වත් ගත්තේ නෑ.... ගෙදර තනියම ඉද්දි නිවාඩු දාන්න හිතෙන්නෙත් නෑ නේ... "
තමන්ගේ අතේ පැටලුන කෙල්ලගේ අතේ ඇගිලි එක්ක කොල්ලා එයාගේ ඇගිලි පටලවන් හිනා උනා...

" හැමදේම උනේ ගොඩක් අමුතු විදියට නේද ටේ.... ඔයා ඔම්මලාට කතා කලේ නැද්ද ... එයාලා වද වෙනවා ඇති.... "

කොල්ලා කෙල්ලවත් එක්කම වෙරළේන් ටිකක් එහයින් තිබ්බ හට් එකක් යටට ඇවිත් වාඩි උනා...
" ආනි... එයාලා කතා කලොත් ඇරෙන්න මම ආයෙ ගන්නේ නෑ... "
කොල්ලා අහකට හැරිලා ඈත වෙරළ බලාගන කිව්වා...

" අ අනේ ඒ ඇයි... එයාලා එක්ක තරහා වෙන්න එ.... "

" අපි එයාලා ගැන කතා නොකර ඉමුද යුන්... මේ ගමන් ආවේ අපි දෙන්නා විතරයි නේ... අපි අපි ගැන කතා කරමු... හරිද... "
කොල්ලාට තරහා ගිය බව කෙල්ලට තේරුනා... ඒ නිසාම එයා ඔලුව වනලා කට පියාගත්තේ කොල්ලගේහිත රිද්දන්න බැරි නිසා....

කාලෙකින් නොලැබුන නිදහසත් එක්ක දෙන්නම විනෝද උනා.... එයාලා හවස් වෙලත් ආයේ වෙරළට ඇවිත් ඉර බහින ක්ෂිතිජය දිහා බලාගන හිටියේ එකිනෙකාගේ අත් එකට ගැටගහගන....

කෙල්ලත් ඉතින් අත දික් කර කර ඈත අහසයි ... පියාඹන කුරුල්ලොයි ... නැව් බෝට්ටුයි ඔක්කොම ටේහ්‍යුන් ට පෙන්නුවේ නිකන් කොල්ලට ඒවා පෙනුනේ නෑ වගේ...

නිදහසේ හුස්මක් අරන් දෙන්නම Dinner එකෙන් පස්සේ කාමරේට ගියේ දවසෙම ඇවිදලා මහන්සියත් එක්ක....

ඇදුම් මාරුකරලා කොල්ලා ඇදට පැන්නත් කෙල්ල හිටියේ තරු බල බල බැල්කනි එකේ...
" යුන්... නිදියන්නේ නෑ... ? "

" ඔහ්... එන්නම්.. ටේ... "
කෙල්ල හිනාවෙලා කොල්ලට කියලා බැල්කනි එකේ දොරත් වහලා කර්ටන්සුත් වැහුවා....

" ඔයා සතුටින් ද යුන්... "
කොල්ලා එහෙම ඇහුවේ ඇද විට්ටමට හේත්තු වෙලා ..
කෙල්ල ටිකක් වෙලා කොල්ලා දිහා බලන් ඉදලා ඇද උඩට පැනලා ඉක්මනට කොල්ලගේ උකුලෙන් ඔලුව තියාගත්තා...

" ගොඩක් ටේ... ඔයා ඉන්නව නම් මම සතුටින් ඉදීවි..

ඔයාගේ හිනාව තමයි මගේ හැමදේම... "
කොල්ලා දිහා බලලා හිනාවෙලා කෙල්ල එයාගේ ඉන වටෙන් අතදාලා කොල්ලගේ බඩට මූණ තද කරගත්තා....

" එහෙනම් මමත් සතුටින් ... හ්හාඅ ... හැමදේම මෙහෙම විසදෙනවා නම්... "
කෙල්ලගේ කෙස් අතරේ කොල්ලා එයාගේ දිග ඇගිලි අරන් ගියේ එහෙම කියන ගමන්....

" ඔම්මොනී ලත් හිටියා නම්... "
කෙල්ලට ඒක කියවුනත් එසැනින් කෙල්ල අතකින් කට වහගන කොල්ලා දිහා බැලුවෙ ආයෙම කෑගහයි කියලා උනත් කොල්ලා හිටියේ කෙල්ලගේ ඔලුව අතගගා ඇද විට්ටමටම ඔලුවත් හේත්තු කරන් ඇස් පියාගන...

" අපිට අපි ඉන්නවනේ යුන්.... ඒ ඇති.... දැන් මං දිහා බලන් ඉන්නේ නැතුව කොට්ටෙට එන්න.. "
කෙල්ල දිහා ලාවට හිනා වෙලා බලලා කොල්ලත් විට්ටමෙන් එහාට වෙලා ඇදේ ඇල උනේ කෙල්ලත් එක්කමයි.....

දෙන්නම එයාලගේ උණුසුමේම නින්දට වැටුනා....
පැය කීපයක් යන්න ඇති....

ඇගට ආව සීතල ගතියට කොල්ලව ඉබේම ඇහැරවුනා ... එයා ලා එලියෙන් එහෙම්මම බැලුවේ කෙල්ල දිහා... සීතල ඇති කියලා හිතලා..... ඒත් ...

" යුන්.... "
කෙල්ල තමන් ගේ එහා පැත්තෙන් නැති උනාම කොල්ලව ඉබේම ඇදේ ඉන්ද උනා... එයා ආයෙම අතගාලා බැලුවේ ඇදේ තමන්ට එහා පැත්තෙන් තිබ්බ හිඩස....

" යුන්... කෝ මෙයා... Washroom ද... "
කොල්ලා Table lamp එක දාලා ඇදෙන් බැස්සා... කාමරේ ලයිට් එකත් දාලා එයා බැලුවත් washroom එකේ දොර ඇරිලා තිබ්බ නිසා එයාට තේරුනා ඇතුලේ කවුරුත් නැති බව...

කොල්ලට බයටම දාඩියත් දාලා..
" දෙයියනේ පණ ඔයා කොහෙද ගියේ... "

කොල්ලා ආයෙම වටපිට බලද්දි එයා දැක්කා බැල්කනි එකට යන දොර ඇරලා තියෙනවා...
එයා ඉක්මනට දිව්වේ බැල්කනි එකට...

" හ්හාඅ .. "
කොල්ලා හුස්මක් ගත්තේ කෙල්ල බැල්කනි එකේ අත්වැටට අත්දෙකත් තියාගන ඈත බලාගන ඉන්නවා දැක්ක නිසා...

" අනේ අනේ... යුන්.. මම බය උනා.. "
කොල්ලා හිනාවෙලා බැල්කනි එකේ දොරට හේත්තු වෙලා කිව්වත් කෙල්ල ප්‍රතිචාරයක් දැක්කුවේ නෑ...

" ම්ම්... යුන්... තරහා වෙලාද... "
කොල්ලා හිනාවෙලාම කෙල්ලගේ ලගට ගිහින් එයාගේ ඉනෙන් අත්දෙකත් දාලා උරහිසට ඔලුව තිබ්බා...

" අයියෝ කියන්නකෝ Princess ... මොකෝ මේ.... "
කෙල්ලගෙන් කිසිම උත්තරයක් නැති තැන කොල්ලා එයාගෙන් ඈත් වෙලා උරහිසට අතක් තිබ්බා...

කෙල්ල එක දිගට ඈත මුහුදු රැළිදිහා බලන් ඉන්නවා මිසක් කිසිම උත්තරයක් නෑ... ඇහිපිය නොගහා එයා අත්වැටට අත්දෙකත් තියාගන ඔහේ බලන් හිටියා..

" යුන්.... "
එයා කෙල්ලගේ උරහිසේන් ටිකක් හෙලෙව්වා....

" ඉයුන් බී ... "
ඒත් ප්‍රතිචාරයක් නැති තැන කොල්ලා කතා කරගනම කෙල්ලගේ උරහිස් වලින් අල්ලලා තමන්ගේ පැත්තට හරව ගත්තා....

එසැනින් කෙල්ල ගැස්සිලා කොල්ලා දිහා බැලුවේ ඇසුත් ලොකු කරන්...
" අහ්.. ට් ටේ... "

" ඔව් මම තමයි... මොකෝ ළමයෝ මේ සීතලේ ආ.. අනික ... ඇයි කතා නොකලේ.. මම කොච්චර නම් බය උනාද ආ.. "
කොල්ලා බය වෙච්චි පාර ඇහිබැම් අකුලගන රවාගන කතා කලේ....

" ම මම... හ්හ්.. මේ ඇයි අපි බැල්කනි එකේ... "
කෙල්ල වටපිට දැකලා ඊටත් බය උනා...

" මම නේ පිස්සියේ ඒක අහන්න ඕනි... ඇයි ඔයා මේ මහ රෑ බැල්කනි එකට ආවේ... ම්ම්... "

" කවුද ... මම.... "
කෙල්ල ඇහැකුත් හීනි කරලා තමන්ටම අත දික් කරගනිද්දි කොල්ලා හිනා උනා...

" නැතුව මමද ආවේ.... අනේ මන්දා ඔයත්.. මාර විහිලු තමා හුම් "
කෙල්ලගේ හීතල වෙලා තිබ්බ අත්දෙක කොල්ලා එයාගේ අත අස්සෙන් තියාගන උණුසුම් කලා...

" ඒත්.. ටේ... මම ... මම කොයිවෙලේද... "
කොල්ලගෙන් අත්දෙක ඇදලා ගලව ගන්න ගමන් කෙල්ල වටපිට බැලුවා...

" අයියෝ හීනෙන් ඇවිදින්නත් පටන් අරන් ද මම... "
කෙල්ල තනියම හිනා වෙලා කොල්ලගේ අතින් ආයෙත් අල්ලගත්තා...

" ඔයාට හොදටම විශ්වාස ද හීනෙන් කියලා... "
කොල්ලා ලාවට හිනාවෙලා ඇහුවේ කෙල්ලගේ මූණේ ඇදුන අමුතු වෙනස නිසා....

" අනේ මන්දා ටේ... මුහුදට මම මෙච්චර ආසයි කියලා මම දැනන් හිටියෙත් නෑ.. හීනෙනුත් එන්න තරම් "
කෙල්ල හයියෙන් හිනාවෙලා කොල්ලාගේ ඉන වටේට අතදාලා එයාට තුරුල් උනා...

" බලන්න ඔයාගේ ඇග සීතල වෙලා... එන්න ඇතුලට යමු... "
කෙල්ලවත් එක්කන් කාමරේ ඇතුලට ගිහින් කොල්ලා බැල්කනි එකේ දොර වැහුවා..

" ඔයා දොරත් ඇරගන ගියේ හීනෙන්ද... "
කොල්ලා හිනාවෙවීම කෙල්ලවත් ඇදගන ඇද උඩට වැටුනේ කෙල්ල සීතල නිසා කොල්ලගේ උණුසුම ට ගුලි වෙද්දි....

" මට සීතලයි ටේ... "
කෙල්ල කොල්ලගේ T shirt එක අස්සෙන් අතදාලා එයාගේ ඉන වටේට අත් ගැට ගහ ගත්තේ කොල්ලගේ ඇගේ උණුසුම විදගන්න...

" ස්ස්... ඔව්.. ඔයාගේ අත් හීතල වෙලා.. බලන්න යුන්... මේ සීතලේ ඔයත් කරන වැඩ .. කෝ එන්න .. "
ඉන වටේට එතුන අත්වල සීතලට කොල්ලගෙත් ඇගේ හිරිගඩු පිපුනා... එයා ඉක්මනට ශීට් එකත් කෙල්ලගේ ඇගේ ඔතලා එයාව තවත් තුරුල් කරගත්තා..

ආයෙත් පාරක් දෙන්නම නින්දට වැටුනේ එකිනෙකා ගේ උණුසුමේ මයි....

.
.

දෙන්නත් එක්ක breakfast එකෙන් පස්සේ ටිකක් එලියට බැස්සේ නිදහසේ ඇවිදින්න හිතාගන....

දෙන්නම ගොඩක් විනෝද උනා.. photos වලින් එයාලගේ phone gallery පිරෙන තරම් photos ගත්තා.... කෙල්ලට උවමනා නැති උනත් කොල්ලා එයාව බලෙන්ම වගේ ඇදන් Shopping මෝල් එකකට ගියේ New designs වලින් ආව ඇදුම් ටිකක් බලන්න ඕනි කියලා...

" යුන්... මේක ඔයාට ලස්සනයි .. "

" අ අනේ.. ටේ... ඒක ලස්සන උනත් මට කැතවෙයි .. "
කොල්ලා උස්සන් එන ඇදුම් ඔක්කොටම කෙල්ල ඕක කියද්දි කොල්ලා ඒ ඔක්කොම එක්ක කෙල්ලව fitting room එකක් ඇතුලට තල්ලු කලේ ඇදගන එන්න කියලා...

කෙල්ල හෙමින් හෙමින් එලියට ආවේ ලස්සන නිල් පාට දිග ගවුමක් ඇදගන ...
" අනේ ඒක ලුස් වගේ ටිකක්... "
කෙල්ල කියෝ කියෝ එලියට ආවා...

" ම්ම්.. පොඩ්ඩක් උරහිසෙන් නේ... කොහෙද ඉතින් ඔයා හොදටම කෙට්ටු වෙලා යුන්... ඉන්නකෝ මම මහත් කරලා ගන්නම්... "
කෙල්ලව ආපහු හරවලා ඇතුලට යවන ගමන් කොල්ලා හිනාවෙද්දි කෙල්ල මූණ ඇකිලුවා...

" ම්ම්.... ඒක ලස්සනයි නේද ටේ.. මම ආසයි සුදු පාටට... "
කෙල්ල ඊලගට ඇදන් ආවේ ටිකක් කොට සුදුපාට ගවුමක්....


කෙල්ල නම් ඒකට කැමති උනත් කොල්ලාගේ මූණ දොදොල් උනා ඒක දැකලා..
" ආපෝ.. කොටයි කොටයි... ඒක එපා.."
කෙල්ල ගේ ඉස්සරහට ඇවිත් හිටගන්න ගමන් කොල්ලා වට පිට බැලුවා....

" අයියෝ ටේ... ඒක එහෙම කොට නෑ අනේ... අයියෝ මොකද මේ.. "

" කවුරු හරි දකියි... ස්ස් .. කකුල් දෙක ඔක්කොම පේනවා... එපා ඒක ... "
කොල්ලා කෑගහද්දි කෙල්ලට හයියෙන් හිනා ගියා...

" මොනා පෙන්නද අනේ... පිස්සු ඔයාට... "

" ආයිශ් මේ.. උඩිනුත් කපලා... අනේ යුන්.. මිනිස්සු ඔයාගේ දිහා ජරා ඇස් වලින් බලනවට මම ආස නෑ... යන්න කෝ.. ඕක මාරු කරන්න ඉක්මනට ... "
කෙල්ල හිනා වෙද්දි කොල්ලා ආයෙත් එයාව ඇතුලට තල්ලු කලා....

දෙන්නත් එක්කම ගොඩක් වෙලා ඇදුම් තේරුවා...
කොල්ලටත් ඇදුමක් ගන්න ඕනි කියලා කෙල්ල කොල්ලවත් ඇදගන එයාලගේ ඇදුම් තිබ්බ පැත්තට ගියේ කොල්ලා බෑ කියද්දි...

" ම්ම්.... මේක ලස්සනයි ... ඒක ඇදන් එන්නකෝ ටේ.. බලන්න ... කලු පාට ලස්සනයි ඔයාට .. "
කොල්ලත් ඇදුම් දෙක තුනක්ම ඇදලා බැලුවා...

" අනේ මන්දා... මේකේ නම් print එක කැතයි නේ... "
Fitting room එකේ ඉදන් එලියට එන ගමන් කොල්ලා කියාගන ආවත් කලින් ඇතුලට යද්දි එතන එලියේ වාඩිවෙලා හිටිය කෙල්ල දැන් එතන හිටියේ නෑ...

" යුන්.. "
කොල්ලා කතාකලත් ලග අහල පහල නම් ඉන්න පාටක් තිබ්බේ නෑ...

" දෙයියනේ ... "
ඉක්මනට ඇදුම මාරු කරන් කොල්ලා කෙල්ලව හොයන් දිව්වා..

තැන් කීපෙකම බැලුවත් එයාට කෙල්ලව හොයන්න බැරි උනා...
" මේ කෙල්ල දවල්ටත් හීනෙන් ඇවිදිනවද.. "
කොල්ලා බයවෙලා හැමතැනම හොයලා බැරිම තැන කෙල්ලගේ phone එකට කෝල් එකක් ගත්තා...

" ආහ්... අනේ යුන් ආන්ස්වර් කරන්නකෝ.. "
Phone එක කනේ තියාගනම කොල්ලා දිව්වේ කීප පාරක් ගත්තත් කෙල්ල ආන්ස්වර් නොකරන නිසා...

දිගටම කෝල් ගන්න ගමන් එයා හෙව්වා... ඒ එක්කම එයාට ඇහුනා කෙල්ලගේ වගේම ringtone එකක් ... කොල්ලා ආපස්සට හැරිලා ඒ සද්දේ පස්සෙන් ගියේ phone එක කනේ තියාගනමයි....

" යුන්.... "
එයා දැක්කා මෝල් එකේ පඩිපෙල ලග තිබ්බ බෙන්ච් එකේ කෙල්ල වාඩිවෙලා ඉන්නවා.. කොල්ලට ඉබේම කෑගැස්සුනා...

" ඉයුන් බී .. කොහෙද යන්නේ මට නොකියා ළමයෝ .... "
කෙල්ලගේ ලගින් දුවලා ඇවිත් වාඩිවෙලා කොල්ලා අහද්දි තවමත් රින්ස් යන phone එක කෙල්ලගේ උකුල උඩ.....

ඒත් කෙල්ල ඔහේ ඉස්සරහ බලාගන හිටියේ කොල්ලා දිහාවත් හැරිලා නොබලමයි...
" යුන්... අනේ ඇයි මේ... "
කෙල්ලගේ උරහිසකින් අල්ලලා එයාව තමන්ගේ පැත්තට හරව ගන කොල්ලා අහද්දි කෙල්ල ටේහ්‍යුන් ගේ මූණ දිහා අවධානයෙන් බැලුවා...

" මොකෝ ලමයෝ නොදන්න කෙනෙක් දැක්කා වගේ නේ... අපි යමු... මම pay කරලා එන්නම්... "
ටේහ්‍යුන් කෙල්ලගේ අතකින් අල්ල ගත්තත් කෙල්ල ඒ වේගෙන්ම කොල්ලගෙන් අත ගලෝ ගත්තා...

එයා කොල්ලට දැම්මේ නොදන්න කෙනෙක්ට දාන බැල්මක්...
" යුන්... මොකක්ද Princess ප්‍රශ්නේ .. මා එක්ක තරහා වෙලාද... ඔයාට ඒ ඇදුම ඕනි ද.. "
කෙල්ලගේ මූණට නැවිලා කොල්ලා අහද්දි කෙල්ල ටිකක් වෙලා ඒ ඇස් දිහා මාරුවෙන් මාරුවට බැලුවා...
" පණ... ඔයාට සනීප නෑ වගේද... ඇගත් ලාවට රත් වෙලා... "
කෙල්ලගේ කම්මුලකට කොල්ලගේ එක අතක් තියලා එයා ලාවට පිරිමදිද්දි කෙල්ල ගැස්සිලා ගියා..

" ඔහ්... ටේ... "

" මොකෝ මේ.. ඇගට අමාරුද.. අපි ආපහු යමු එහෙනම් ම්ම්.. "
කෙල්ල සිද්ධ උන දේ හිතාගන්න බැරුව උඩ බිම බලද්දි කොල්ලා එයාගේ අතකින් අල්ලගන එක්ක ගියා...

" ටේ... අපි ඇයි එතෙන්ට ගියේ.. ඔයා ඇදුම් බලලා ඉවර කලාද.. අර කලුපාට එක ඇන්දද... "
මගක් යද්දි කෙල්ල කොල්ලව නතර කරව ගත්තා....

" ඉතින් යුන් ඔයාමයි ගියේ... දන්නවද මම කොච්චර බය උනාද කියලා... තව ටිකක් ගියා නම් මම පපුවේ අමාරු කාරයෙක් වෙන්නත් තිබ්බා... අනේ මට නොකියා යන්න එපා යුන්... ම්ම්.. "
කෙල්ලගේ නළල සිපගන්න ගමන් කොල්ලා කියද්දි කෙල්ල ඇහිබැම් ඇකිලුවා ...

" මම... ? ඒත් ඇයි මම... ? "
කෙල්ලට හිතාගන්න බැරි උනා එයා ඇයි එතෙන්ට ගියේ කියලා.. බෙල්ලත් අතගගා කෙල්ල කල්පනා කලා .. ඒත් එයාට කිසිම වෙනස් මතකයක් ආවේ නෑ.....

" ඔයාගේ ඇගටත් හරි නෑ නේ යුන්... ඒ නිසා වෙන්න ඇති ඔය... අපි ආපහු hotel එකට යමු.. "
කෙල්ලවත් අල්ලගන කොල්ලා payment එකත් කරලා මෝල් එකෙන් එලියට ඇවිත් taxi එකකින්ම hotel එකට ආවේ කෙල්ලට මහන්සි නොදැනෙන්න...

" ඔයා Wash එකක් දාගන එන්න .. මම කෑම room එකටම එවන්න කියන්නම්.. "
කෙල්ල ඔලුව වනද්දි කොල්ලා ගියේ ඒ පණිවිඩය කියලා එන්න...

Bathroom එකට ගිහින් ටවල් එකත් තියලා කෙල්ල ටිකක් වෙලා කණ්නාඩියෙන් පේන තමන්ගේ රූපේ දිහා බලන් හිටියා....

" මම දැන් හීනෙන් ඇවිදිනවද... "
තනියම හිනා වෙලා කෙල්ල ෂවර් එකත් ඇරලා ඇගපත තෙත් කර ගත්තේ උණු වතුරෙන් ... ටිකක් ඇගට දැනුන අමාරු ගතුය නිසා කෙල්ල ඇද උඩ වාඩි උනා...

" ඊයේ සීතලේ හිටිය නිසා වෙන්න ඇති... "
හුස්මක් පිටකරලා කෙල්ල bathrobe එක පිටින්ම ඇදේ දිගා උනා....

" හ්හාඅ ... ඇත්තටම හැමදේම මෙහෙම වෙනවා නම්... හ්ම්ම් අපි දෙන්නට නිදහසේ ජීවත් වෙන්න ලැබුන එකට මම ඇත්තටම කැමතියි... "
කෙලින්ම පේන වහලේ දිහා බලාගන කෙල්ල තමන්ටම මුමුණ ගත්තා....

ඔව්... හැමදේම මෙහෙමම වේවි....

නොහිතුව තරම් හැමදේම වෙන්න තියෙන පිලිවලටම වේවි....

කිසිම කෙනෙක් ගැන අනුකම්පාවක් නොබලම...

.
.
.

_________________________________________

අදත් දිගට දුන්නා හොදේ..

මොකක්ද වෙන්න යන්නේ... ?
සිද්ධ වෙන්න තියෙන දේ තමා ඉතිම්...
🙂🙂

දැන් නම් දිගටම Update රෑවෙයි පැටවු...
වැඩ ටිකක් ඒකයි..

යන්නම් ..
Borahae
💜️💜️💜️💜️


__Candy__

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

15.5K 4.9K 55
සිනිඳු වැලි වෙරළක තනිව පිපුණු ස්වේත පිච්ච මල ~~~ Feeling Hypnotized by the words that you said ~ ඔබ කිවූ වචන වලින් මෝහනයට පත්ව.. JK Centric Short Cha...
24.4K 3.3K 44
ලකී උපතිම්ම ආභාදිත තරුණියක් නොවුනත් jungkook ගේ වරදකින් ඇය අභාදිත තරුණියක් බවට පත්වෙන්නෙ ලකීට මේ ලෝකයෙ කියලා හිටිය එකම අම්මත් ඇයව දලා යන කොටයි . ...
593K 37.6K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
43.7K 6.4K 40
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...