DUΛL⏳ ( Completed )

By Armygirl920

8.5K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Tears ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Destination ..
Are you happy ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Love ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Be With You ..

191 48 13
By Armygirl920

සිද්ධ උන දේ කෙල්ල අකුරක් නෑර ටේහ්‍යුන් ගේ ඉස්සරහා කිව්වේ හුස්මක් ගන්නවත් බැරිවෙන තරම් ඉකි ගගහා... ඒ ඇස් වල තිබ්බේ තමන් ගැනම ලොකු පිලිකුලක්...

කොල්ලගේ ඇස් වලට පිරුන කදුළු එයාගේ කම්මුල් දිගේ වැක්කෙරෙද්දි කොල්ලා කලේ ඒ වේගෙන්ම තදින් කෙල්ලව තුරුල් කරගත්තු එක...
" ක්වින්චානා .... ක්වින්චානා යුන්... හරි.. හරී ඒක .. ඒක දැන් ඉවරයි ... දැන් අඩන්න එපා... කෝ ඉතින්.. හරී අපී .. අපි දැනට ඒක අමතක කරමු... ම්ම්.. "

එලිය දකිනකන් බලන් හිටිය තමන්ගේ පුංචි පැටියා මෙහෙම අමතක කරලා දාමු කියන්න කොල්ලගේ දිව නැමුනේ නැති උනත් එයා දැන් මේ වෙලාවේ හිතන්න ඕනි ඉයුන් බී ගැනයි....

දරුවා නැති උන එකේ වැරැද්ද ඉයුන් බී ටත් වඩා තමන් නිසා කියලා එයාට හිතුනා.. තමන් මෙහෙම අතුරුදන් නොවුනා නම්...

එදා ගෙදරින් එලියට නොබැස්සා නම්...

අද තමන්ගේ ආදරේ වගේම ඒ ආදරේ සංකේතයත් ආරක්ශිත වෙන්න තිබුනා...

" යුන්.. කෝ අනේ.. අඩන්න එපා... මම... මං නිසයි යුන්... ඔයා නිසා නෙවෙයි... ඔයාට... ඔයාට තරහා නම් මට ගහන්න... මට වැරැද්ද දාන්න යුන්... ඔයා පිට දාන්න එපා.. "
කෙල්ලගේ පණ නැති අතක් ගුලි කරලා කොල්ලා එයාගෙම පපුවට ගහද්දි කෙල්ල අත ඇදලා අහකට උනා...

" ඔයා මොනාද කරන්නේ ටේ... "
එයා එයාගේ කම්මුල් වල කදුළු පිහිදැම්මේ ගොඩක් රළු විදියට ...

" ඔයා හොදටම බීලා යුන්... දෙයියනේ මං මොනාද මේ කරලා තියෙන්නේ... මම නිසා ඔයාගේ ජීවිතේ තවත් අදුරු වෙලා යුන්... "
කොල්ලා එහෙම කියාගන ඇදෙන් නැගිට්ටා....

" ඔම්මයි අප්පයි මාව ඔයාගෙන් ඈත් කරන්න කැනඩා ගෙනිහින් ... මම කෝමා එකක්ක හිටියේ යුන්... ඒකයි... ඒකයි මට ඔයාව... ආහ්... ශිට්... "
වේගෙන් ඉස්සරහට ගිහින් කොල්ලා එයාගේ අතක් මිටමොලවලා බිත්තියට ගැහුවේ කෙල්ලව ගැස්සිලා ගිහින් ඇදෙන් බැස්සෙද්දි...

" ටේ.... "
කෙල්ල දුවගන ගිහින් කොල්ලගේ ඉන වටේට අත් දාලා එයාගේ පිටට හේත්තු උනේ කොල්ලා ආයෙම බිත්තියට අත ගෙනියන්න උත්සාහ කරද්දි....

" ටේ... ඒකට... ඒකට කමක් නෑ ටේ... අ අනේ.... අනේ මාව දාලා යන්න එපා .. අනේ ටේ මට බෑ ඔයා නැතුව ඉන්න.. මම දැනටමත් පිස්සියක් වෙලා ටේ... "
කෙල්ල කොල්ලගේ පිටට මූණ තද කරන් කියද්දි කොල්ලගේ ඇස් වලින් ආයෙත් කදුළු වැටුනා...
එයා ආපස්සට හැරිලා කෙල්ලව තමන් ගේ පැත්තට හරව ගත්තා...

" ආනී යුන්.. මම යන්නේ නෑ... ආයෙ කවමදාවත් ... ඔයා මාව එලෙව්වත් මම ඉදීවි යුන්... බලන්න ඔයා හොදටම කෙට්ටු වෙලා... අනේ මට.. මට සමාවෙන්න පණ... "
කෙල්ලව පපුවට තද කරගන කොල්ලා ඒ කෙස් අතර ඇගිලි ගෙනියද්දි කෙල්ල ආයෙම ඒ ඇදුම පපුව ලගින් තදින් ගුලි කරගත්තේ එයාට යන්න නොදෙන බව සනාථ කරලා..

" එන්න.. එන්න මම ඔයාට උදව් කරන්නම්.. අපි Wash එකක් දාමු.. ම්ම්... මම අද ඉදන් හැමදාම ඔයා එක්ක ඉන්නම්... Company එකේ වැඩ ඔක්කොම මම පාර්ක් ට දීලා online බලන්නම්.. හරිද...

මට සමාව දෙනවද.... අපේ පැටියා වෙනුවෙන් ... "
කෙල්ලගේ තෙත් වෙලා පෙගුන කම්මුල් කොල්ලා එයාගේ අත් අතරට අරගත්තා... ඒ ඇස් රතු වෙලා... මත් ගතියට ලාවට පියවෙනවත් එක්ක... කොල්ලගේ පපුව රිදෙන්න ගත්තා කෙල්ලගේ මේ වෙනස් වීම ඇස් ඉස්සරහ පේද්දි....

කෙල්ලත් ආයෙත් කොල්ලට තුරුල් උනේ වෙරි ගතියට බැලන්ස් නැතුව එයාව කොල්ලගේ පපුවේ වැදුන නිසා...

කොල්ලා හෙමීට කෙල්ලව අත් අතරට අරන් Bathroom එකට ගියේ ඒ නළල සිපගන්න ගමන්....
එයා හෙමීට කෙල්ලව ටබ් එකේ තියලා වතුර පුරවන්න ගත්තා....
කෙල්ල හිටියේ අඩ නින්දෙන් වගේ උනත් සීතල වතුර ඇගේ වදිද්දි එයාගේ මත් ගතිය බහින්න ගත්තා... ටේහ්‍යුන් හෙමින් කෙල්ලගේ ඇදුම් අයින් කරලා එයාගේ ඇදිලා ගිය ශරීරය හෙමින් පිරිසිදු කලේ කෙල්ල එයාගේ ඇස් කොල්ලගෙන් තත්පරයක් වත් අහකට නොගෙන කොල්ලා දිහාම බලන් ඉද්දි....

" මම යන්නේ නෑ... බය වෙන්න එපා.. "
කොල්ලට ඒක තේරුනා... කෙල්ල තමන් දිහාම බලන් ඉන්න බව... එයාට පුංචි හිනාවක් ගියා....

" ඔයා මාව දාලා ගියා ටේ.... මට දැන් බයයි ගොඩක්... මේකත් හීනයක් නම්... මම ඇහැරුනාම කොහොම හැසිරෙයිද කියලා මට බයයි... "
තාමන්ගේ ඇගේ ඒ දිග ඇගිලි ස්පර්ශ උනත් කෙල්ලට තවමත් මේක විශ්වාස නෑ... එයා කොල්ලගෙ එක අතක් තදින් අල්ලගන එහෙම කියද්දි කොල්ලා තමන් ඉස්සරහ ඉන්න ඒ අසරණ ඇස් දිහා බලන් හිටියා මිසක් මොනා කියන්නද....

ඒ තොල් වේලිලා... බියර් නිසාම දැන් තොල් කලු වෙන්න අරන්... ඇස් වටේට ලාවට අදුරු වෙලා නිසා කෙල්ල ගොඩක් ලෙඩ පාට වෙලා...
" මම කැතවෙලා නේද ටේ... හ්හාඅ .. මම ඊයේ කණ්නාඩියෙන් දැක්කා මගේ තොලුත් කලු වෙලා.. චහ් ... මම හිටියෙත් කැතට තමා... ඒත් දැන් නිකන් ලෙඩෙක් වගේ.. ඔයාට මාව අප්පිරියයි වගේ නැද්ද....

මට නම් මාව අප්පිරියයි ටේ... "
කෙල්ල මත් ගතියෙන්ම ඒ ඇස් දිහා බලන් කියවද්දි කොල්ලා ඉක්මනට ඒ තොල් වලට ඇගිලි තියලා ඒ වචන නතර කලේ තවත් තමන්ගේ හිත කෑලි වෙලා වේදනා දෙන නිසා...

" ආනී... ආනියා යුන්.. ඔයා ලස්සනයි අදටත් ... එදා තරම්ම.... ඔයාට මම කැමති උනේ ඔයාගේ ලස්සනට නෙවෙයි ඉයුන් බී .. ඔයා වයසට ගිහින් හම රැලි වැටුනත් මට ඔයාව පලවෙනියටම දැක්ක දවස තරම්ම ඔයා ලස්සනයි ... තේරුනාද... "
ඒ දම් පාටට හුරු උන තොල් ඒ උඩ තිබ්බ ඇගිල්ලෙන් පිරිමදින ගමන් කොල්ලා ඒ තොල් පෙත්තක් උඩ තිබුන වතුර බිංදුවක් තමන්ගේ තොල් වලින් ලාවට සිපගත්තා....

ඒ ඇස් වල තාමත් ආදරේ උතුරනවා.. කලින්ටත් වඩා... ඒක හීනයක් උනත් කෙල්ලට ඒ එක තත්පරෙත් මතක තියාගන්න ඕනි උනා... ඒ නිසාම කෙල්ල උපරිම උත්සාහ කලේ මත් ගතිය අමතක කරලා ඉන්න... එයා කීප පාරක් තදින් ඇස් පියාගන ඇරියේ සිහි එලව ගන්න...

කෙල්ලව පිරිසිදු කරලා ටවල් එකක ඔතලා එයා පුංචි එකෙක් වඩාගන්නවා වගේ කෙල්ලව අතට ගත්තා...
ඒ තරමට කෙල්ල පුංචියි... අනික තවත් එයා කෙට්ටුවෙලා ඇදිලා ගිහින් ...

කෙල්ලව හෙමීට එයා ඇදෙන් තියද්දි කෙල්ල කොල්ලගේ බෙල්ලේ එල්ලිලා හිටියේ කොල්ලා යයි කියලා...
" කෝ... ඉන්නකෝ .. මමත් Wash කරන් එන්නම් හොදද.... ඔයාට පුළුවන් නේද ඇදගන්න.. මම උදව් කරන්නද.. "
කෙල්ලගේ තෙත් උන කොන්ඩේ පිටිපස්සට කරන ගමන් කොල්ලා ඒ කම්මුලකට හාදුවක් දුන්නම නම් කෙල්ල කොල්ලගේ බෙල්ල අතෑරියා...

එයා පුළුවන් කියලා ඔලුව වනද්දි කොල්ලා ටවල් එකක් උස්සන් කාමරෙන් එලියට ගියේ සාලේ ලයිට්ස් දාගනම පහල Bathroom එකට යන්න ...

එයා කොරිඩෝ එකේ ඉදලම ලයිට්ස් දාගන ගිහින් සාලෙත් ලයිට්ස් දැම්මා...
" සේසන්හේ .... ( Oh God .. ) මේ තරම් මල්... "

මුලු සාලේ පුරාවටම කොල්ලගේ කාමරේ වගේම වාස් වල සුදු රෝස මල් තියලා තිබුනා... මේසේ උඩ වගේම හැම පඩියකම කෙලවරට වෙන්න පුංචි වාස් එකක් වැරදිලා නැ....

කොල්ලාගේ අත් ගියේ එයාගේ ඔලුවට...
" ඔයාට මාව මේ තරම්ම ඕනි උනාද යුන් ... "
ඒ කටහඬ කැඩිලා... එයා කදුළු එක්කම වට පිට තිබ්බ රෝස මල් දිහා බලන් හිටියා...

" දෙවියනේ මගේ කෙල්ලට මං මොනාද මේ කරන්න ගියේ... ආහ්... ඔම්මා... ඇයි දෙයියනේ මේ අහින්සක හිත මේ තරමටම පාරන්න සිද්ධ කලේ මට... "

එයා Bathroom එකට වෙලා ගොඩක් ඇඩුවා... පපුව තදින් මිරිකගන ඔලුව බිත්තියේ හප්ප හප්ප කොල්ලා ඇඩුවේ කෙල්ලගේ අහින්සක හිනාවට අද තමන් නිසා උන තුවාලේ හොද කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව...

" මගේ පුංචි පැටියා.. අනේ එයත් මං නිසා ..ආහ්... ආයිශ් මගේ කෙල්ල කොහොම තනියම දරාගන්න ඇතිද... "

" මම ඔයාලව විශ්වාස කලා ඔම්මා... ඊටත් වඩා මම ඔයාලට ආදරේ කලා.... මගේ පුංචි පැටියටයි පණ ටයි ඔයාලා රිද්දෙව්වා... ආයෙත් නම් බෑ... ආයෙත් නම් කාටවත්ම බැරිවේවි... "
එයා පැයක් විතර Wash කරලා එලියට ආවේ ටවල් එකත් ඉනෙන් ඇදගන...

එයා එයාගේ කාමරේට යද්දි කෙල්ලට ටවල් එක පිටින්ම ඇදේ නින්ද ගිහින්... අතට ගුලි උන පටි ගවුමත් එතනම තියාගන...

කොල්ලට පුංචියට හිනා ගියා... කෙල්ලගේ ඔලුවත් අතගාලා කොල්ලත් ඇදුමක් දාගත්තා...
" යුන්... අනේ ඉතින් කෝ... ඔයා ඇදගන නෑ නේ ම්ම්... "
කෙල්ලගේ ඔලුව උස්සලා උකුලට ගන්න ගමන් කොල්ලා එයාව උරහිසෙන් පොඩ්ඩක් හෙලෙව්වේ ඇහැරවන්න...

ඒ එක්කම කෙල්ල ගැස්සිලා ඇහැරවුනා...
" හ්...හ්.. ට් ටේ.. අ අනේ... "
එයා එකපාරට ඇදේ ඉදගත්තේ කෑගහගන....

" අ අනේ ඇයි.. ඇයි ඔයා බය උනාද.. අනේ මි‍යානේ .... "
කෙල්ලව අල්ලගන කොල්ලා කියද්දි කෙල්ල පැනපු ගමන් කොලට තුරුල් උනේ කොල්ලගේ හුස්මත් හිරවෙන තරම් තදින්....

" ඔයා ගියා කියලා හිතුවේ... අහ්... අනේ යන්න එපා.. යන්න එපා ටේ... මට ඔයාව ඕනි... අනේ මා එක්ක ඉන්නවා නේද... "
කොල්ලගේ ඉනවටෙන් ගිහින් තිබ්බ කෙල්ලගේ අත් හෙමීට ගලවලා කොල්ලා එයාගේ අත් අතරට ගත්තේ කෙල්ලගේ නළලටත් තට්ටුවක් දාලා...

" පාබෝ... හීනෙන් බය වෙලා... මම පොරොන්දු කැඩුවා තමයි.... ඒත්.... මේ පාර මම ඒ පොරොන්දුව රකිනවා කියලා ඔයාට පොරොන්දු වෙනවා... හ්ම්ම්... හරිද.. "
පුංචි පෙක් එකක් කෙල්ලගේ තොල් වලට දීලා එයා කෙල්ලගේ අතේ ගුලි උන ගවුම ඇගිලි වලින් ගලවලා අතට ගත්තා...

" දැන් ඉතින් ඔහොමද ඉන්නේ... කෝ මේක අදින්න.. අපි කෑම කමු.. මම ඕඩර් කරන්නම්... "
කෙල්ල ඔලුව වනලා ඇදෙන් බැස්සේ කොල්ලගෙ අතෙන් ගවුමත් අරගන...

කෙල්ල ටවල් එකට අත තියනවත් එක්කම කොල්ලා අහකට හැරිලා පහලට ගියේ ලෑන්ඩ් phone එකෙන් වත් කෝල් එකක් ගන්න හිතාගන..
" හුහ්... පපුව.. "
ගැහෙන පපුවට අතකින් ගගහා එයා ලෑන්ඩ් phone එකෙන් කෝල් එකක් ගත්තේ Delivery Service එකකට...

තනියම ඉදිය කාලේ කොල්ලා ගොඩක් කෑවේම Delivery කෑම නිසා ඒ Shop වල නම්බර්ස් කොල්ලට මතක තිබුනා....

" phone එකක් ගන්නත් ඕනි... "
එහෙම හිත හිතම එයා උඩහට ආවත් කාමරේ දොර ලගම නතර උනා...

කෙල්ල හිටියේ පිටිපස්ස හරවලා..එයාගේ ගවුමේ zipper එක දාන්න පුංචි අත්වලින් දගලනවා හොදටම... කණ්නාඩියෙනුත් බලාගන හැරි හැරි...

කොල්ලට හිනා ආයෙත්...
" අයියෝ ... කෝ ඉන්න.. "
කෙල්ල ගැස්සිලා හැරෙද්දි කොල්ලා හිනාවෙලාම කෙල්ලව ආයෙම පිටිපස්සට හැරෙව්වා...
" මම දාන්නම්... "

කෙල්ලගේ අතකට ලාවට අහුවෙන කොට කොන්ඩෙ එයා එක පැත්තකින් ඉස්සරහට කරලා අල්ලගත්තා...

Zip එකෙන් ඉන ගාවට වෙනකන්ම නිරාවරණය වෙලා තිබ්බ කෙල්ලගේ සම නිසා කොල්ලට කෙලත් ගිලුනා..
ගෙවුන කාලේ මාස හයක් කියලා කොල්ලට දැනිලා නැති උනත් කෙල්ලගේ තොල් සිපගත්ත දවස ගොඩක් ඈත කියලා එයාට දැනිලා තිබුනා....

Bathroom එකේදි නොහිතුනත් දැන් මොකක්දෝ දෙයක් නිසා කොල්ලගේ පපුව වේගෙන් ගැහෙන්න අරන්...
එයා හෙමීට ඉන ලග ඉදන්ම කෙල්ලගේ Zip එක උඩට අරන් ආවා...

ඒ එක්කම කෙල්ලට දැනුනේ බෙල්ලට ටිකක් පහලින් දැනුන ලා උණුසුමක්... එයාට දැනුනා ඒ ටේහ්‍යුන් ගේ තොල් බව.. කෙල්ලව ටිකක් ගැස්සුනා... එයාලා අතර හුවමාරු උන හෝරාවන් දැනට මාස ගානක් ඈතයි...
කෙල්ල නොසෙල්වී ඇස් පියා ගත්තේ ඒ මග ඇරුන උණුසුම විදගන්න....

බෙල්ල ලගට වෙනකන් තිබ්බ ඒ ගවුමේ zip එක කොල්ලා මගින් නතර කරලා කෙල්ලගේ බෙල්ලට ටිකක් පහලින් සිපගත්තේ හදිසියේම ආව සිතුවිල්ලට...

Zip එක බෙල්ල ලගට වෙනකන් උඩටම දාලා කොල්ලා එයාගේ අත් කෙල්ලගේ ඉන වටෙන් යවලා ඒ උරහිසේ නිකට තියා ගත්තා...
" යුන්.... "

" ම්ම්..."
කෙල්ලගේ මත් ගතිය දැන් ගොඩක් දුරට අඩුයි... මාස ගානක් ඩ්‍රින්ක්ස් ගත්ත නිසා කෙල්ලට කොහොමත් දැන් ඒවා හුරුවෙලා...

එයා එයාගේ හීනි ඇගිලි කොල්ලගේ කෙස් අතරින් යැව්වේ හීනියට මුමුණන ගමන්...

" බොගොශිප්තා ... ( Missed You .. ) සිහිය ආව වෙලේ ඉදන් පිස්සුවෙන් වගේ මට ඔයාව මතක් උනා යුන්.... "
කොල්ලා කෙල්ලගේ කනට කරලා එහෙම කියන ගමන් කෙල්ලගේ බෙල්ලට හැරිලා ඒ Shampoo සුවදින් හුස්මකින් පිරිලා කෙල්ල ගේ බෙල්ලේ මූණ හංග ගත්තා..

කොල්ලගේ උණුසුම් හුස්ම බෙල්ලේ වැදෙද්දි කෙල්ල ඇඹරුනේ දැනුන කිතියට...
" මටත් ටේ... අනේ මට කිති ... "

කෙල්ල බෙල්ල අහකට ඇල කරගන හිනා වෙද්දි කොල්ලා කෙල්ලගේ ඉනේ තිබ්බ අත් දෙක තවත් තද කරලා එයාව තමන්ගේ පපුවට තවත් හේත්තු කරගත්තා...
" නිකන් මතක් උනා... එච්චරයි ද... ම්ම්.. "

ආයෙත් ඒ හුස්ම බෙල්ලට වැදෙනවා...
" හ්හාඅ .... ආනී... මට දැනුනේ මම මැරිලා වගේ ... හරියට මම හිස් වෙලා මුකුත්ම නැති මලමිනියක් උනා වගේ ටේ.. "
කෙල්ල බිම බලාගන කියද්දි ඒ උරහිස් ගැස්සෙන විදියෙන් කොල්ලාට තේරුනා කෙල්ල අඩන බව....

කොල්ලා කෙල්ලගේ හීනි පටියකින් වැහුන උරහිසට හාදුවක් තවරලා කෙල්ලව තමන්ගේ පැත්තට හරව ගන ඒ මූණ අත්දෙකෙන්ම අල්ලගත්තා...
" මොනාද මේ කියන්නේ... මලමිනියක් .. පිස්සුද ලමයෝ.. ඔයා ලස්සන පුංචි සුරංගනාවියක් යුන්.... සරන්හේ මගේ Princess ... "
ඒ කදුළු අතින් පිහදාලා කොල්ලා ඒ අදුරු උන තොල් වලට නැඹුරු උනේ කාලෙක ඉදන් ඕනි උන ඒ රසය විදින්න....

කෙල්ලගේ ඇස් ඉබේම පිය වෙලා ඒ තොලුත් සිපගැනීමට ප්‍රතිචාර දක්වද්දි කෙල්ලගේ අත් කොල්ලගේ කර වටේට එතුනා....

.
.
.

" යුන්.... ඔයා නිදිද... "
සෝෆා එකේ කොල්ලගේ උකුලට වෙලා පපුවට ඔලුවත් තියාගන හිටිය කෙල්ලගේ කම්මුලක් ලාවට පිරිමදින ගමන් කොල්ලා අහද්දි කෙල්ල එහෙම්මම ඉදන් ඔලුව වැනුවේ නිදි නෑයි කියන්න...
" ඔයාට මතකද අපි දෙයක් ප්ලෑන් කලා... "

කෙල්ල කට උල් කරලා කොල්ලගේ පපුවෙන් කෙලින් උනා..
" මොකක්ද... ඒ... "

" එදා ... අපි ට්‍රිප් එකක් යන්නයි හිටියේ... ඔයාට මතකද... "
කොල්ලා ඒ කම්මුලට අතක් තියලා හිනා වෙද්දි කෙල්ල තවත් තමන්ගේ මූණ ඒ අතට තද කලා...

" ම්ම්... මතකයි.... "

" අපි ... හෙට යමුද... ඔයා කැමතිද... අපි දෙන්නා විතරක්... "
කොල්ලා එහෙම කියද්දි කෙල්ල ගේ ඇස් දෙක ලොකු උනා.... ඒ මූණේ ඇදුනේ ලොකූ හිනාවක්... මාස ගානකට පස්සේ ....

" ජින්චා ... අ අනේ... මම කැමතියි ටේ... "
කොල්ලගේ කර වටේට අත දාලා කෙල්ල එයාගේ හීනි තොල් කොල්ලගේ කම්මුලකට තියලා තද කලා...

කොල්ලට හයියෙන් හිනා ගියා..
" අනේ අනේ.. මගේ පුංචි Princess ... ඔයා කැමති නම් ඕනි දෙයක්.. "
කෙල්ලගේ නහයත් මිරිකලා කොල්ලා කියද්දි කෙල්ලගේ නහය රතු උනේ එයා රිදිච්ච පාරට මූණ අකුලද්දි....

" ආව්... ම්ම්.. ඉතින් කොහෙද අපි යන්නේ... "
කොල්ලගේ උකුලට වෙලා දගලලා කෙල්ල චොක්ලට් එකක් දැක්ක ලමෙක් වගේ හැසිරෙන්න ගත්තා...

" කොහෙද මගේ යුන් ට යන්න ඕනි... ම්ම්... "
කෙල්ල දගලලා බිමට වැටෙයි කියලා කොල්ලා එයාගේ අතදෙකෙන්ම කෙල්ලව තද කරලා අල්ලගත්තා...

" කොහේ හරි... ඔයා එක්ක නිදහසේ ඉන්න පුළුවන් ඕනිම තැනකට... "

" ම්ම්...නිදහස්.. ?"
" එහෙනම් අපී.... ජේජු යමුද .. මොකද කියන්නේ... "

කෙල්ල තොලක් හපාගන කල්පනා කලා... ඒ ඇස් උඩ පහල වම දකුන හැම තැනම යනවා...

" ඔච්චර කරකව කරකව මොනා හිතනවද මන්දා... දෙයියනේ කියුට් යුන් ඔයා ගොඩාක්... "
කොල්ලගේ හිත නම් බොක්සිං ගහනවා.. කෙල්ලගේ හැසිරීම කොල්ලා හොදට බලාගන හිටියා...
" මොනාද අනේ ඔච්චර හිතන්නේ.. "

" ආනී... හා.. අපි එහෙ යමු... මම ආසයි දූපත් වලට.. "
කෙල්ල හිනාවෙලා කට උල් කරලා කියද්දි කොල්ලා ඉක්මනට පුංචි පෙක් එකක් දුන්නා..

" හා.. එහෙනම් අපි ජේජු යමු... මේ ඔක්කොම අමතක කරලා අපි ටිකක් නිදහසේ ඉමු.. "
කෙල්ලගේ නළලත් සිපගන කොල්ලා එයාව එහෙමම්ම අතට ගත්තේ කෙල්ල කොල්ලගේ බෙල්ලේ එල්ලිලා මූන හොවා ගනිද්දි...

" දැන් නම් මට නිදිමතයි.... අපි නිදාගමු .. හෙට දවල් වෙලා අපි යමු .. හරිනේ.. "
කෙල්ලවත් එක්කලා එයා කාමරේට ගියේ සාලේ ලයිට්ස් off කරගන මයි...

" ටේ ... "

" ම්ම්..."
කෙල්ලව හෙමින් ඇද උඩින් තියලා කොල්ලා Table lamp එක දාලා ලයිට්ස් off කලා...

" මම දැන් කලුවරට බය නෑ.. ඒක දැන් මට හුරුයි.... "
කොල්ලා ඇද උඩට ඇවිත් කෙල්ලව තුරුලට ගත්තා....

" ම්ම්.. මං නැති ටිකට ඔයා කලුවර එක්ක යාලු උනාද... මට ඉරිසියයි... දැන් ආයේ මා එක්ක ඉන්න හොදේ... කලුවර එක්ක කතා කරන්න එපා... තේරුනාද... "
කෙල්ල හිනා වෙලා කොල්ලට තුරුල් උනේ ඒ උණුසුම කෙල්ලගේ මුලු ගතේම තිබ්බ සීතල එක පාරෙන්ම නැති කරලා දාද්දි....

" ටේ... මේ හීනයක් නෙවෙයි නේද... "
කොල්ලගේ පපුවට නිකට තියලා කෙල්ල උඩ බැලුවේ කොල්ලා ආදරේ පුරවපු ඒ ඇස් වලින් කෙල්ල දිහා බලද්දි...

" ආනී යුන්... මේ ඇත්ත... ඔයාට මගෙන් දැනෙන මේ උණුසුම ... මේ ආදරේ... ඒ සිපගැනීම්.. මේ ඔක්කොම ඇත්ත යුන්.. ආයෙත් ඒවා හීන වෙන එකක් නෑ... "

කෙල්ල ඔලුව හොදවලා කොල්ලගේ පපුවේ මූණ හොවාගන නින්දට වැටෙද්දි කොල්ලා කෙල්ලගේ ඔලුව අතගෑවේ තවත් හාදුවක් කෙල්ලගේ ඔලුවට දෙන ගමන්....

" මං ඉන්නවා යුන්... අද ඉදන්... හැමදාම.... මගේ ආදරේ අඩු නොවේවි... "

තමන්ගේ පපුවට හා පැටියෙක් වගේ තවත් ගුලි වෙන කෙල්ලව තදින් තමන්ට තුරුල් කරන් කොල්ලා එහෙම හිතුවා....

ඇත්තටම ඒ ආදරේ ඒ එකිනෙකා අතරින් පිටට නොයාවි....
ජීවත් වෙන්න හිතෙන තරම් ඒ ආදරේ ඔවුන්ගේ හැගීම් අවුස්සාවි....

.
.

ඉදිරියටත් ... ඔවුන්ගේ ආදරේ පවතීවි....

.
.

ඒත්....

.
.

ඔවුනොවුන් පවතීවිද...?

ආදරේ පැවතුනත් ඔවුන් වෙනස් නොවී ඉදීවිද... ?

.
.
.


__________________________________________


ඒ දෙන්නා සෝක් අනේ.. මම හරිම ආසයි... 🥺

පරක්කු උනා අද ටිකක්...

ඉතින් කියාගන යන්නකෝ අදහස් ඔයාලගේ... 🤗🤗

මම එන්නම් අනිත් කොටසෙන්....

යන්නම්...
Borahae
💜️💜️💜️





__Candy__

Continue Reading

You'll Also Like

352K 28.2K 76
ခပ်တည်"နေတတ်တဲ့ ဂိုဏ်းခေါင်းဆောင် Luó Yù(လောယွီ)နဲ့ လျှို့ဝှက်ဆန်းကြယ်တဲ့ အယောင်ဆောင် ကောလိပ်ကျောင်းသား Ruǎn Zhēng(ရွမ်ကျန်း)... Author(s)...
79.6K 3K 20
လက်ထပ်ဖို့ထိ ရည်ရွယ်ထားတဲ့ ချစ်သူ ရှိလျက်နဲ့ ရည်းစားများပြီး ပွေရှုပ်နေဆဲ ဖြစ်တဲ့ မြတ်မင်းမောင် ။ ချစ်သူက ရည်းစားများတဲ့အပြင် သူ တွဲတဲ့မိန်းကလေးတွေနဲ...
31.7K 1.7K 21
(Unicode&Zawgyi) သူနဲ့ ပတ်သက်သမျှ အရာအားလုံးဟာ နက်နဲသော ရှုတ်ထွေးမှု များစွာနဲ့ သိုလ်ဆိုတဲ့ လူတစ်ယောက်အကြောင်း။ အပြစ်ရှိတဲ့ တရားခံတိုင်းကို အလွတ်မပေး...
4.6M 359K 87
(Unicode & Zawgyi) ပင်လယ်ဆိုသည်မှာ လေညင်းအောက်တွင် သာယာငြိမ့်ညောင်းစွာ လှုပ်ခတ်ရုံ လှုပ်ရှားပြီး ပြင်းထန်သော လေပြင်းအောက်တွင်မူ ဒေါသမာန်ကြီးစွာ ရုန်း...