One Question,𝙒𝙃𝙔?(Complete...

Від Kookliet_Jimeo

3.1K 869 286

What will happen after they meet four years later? Will they accept each other again? or will they be separ... Більше

𖦹 Memories 𖦹
𖦹Moving on𖦹
𖦹Minsoo𖦹
𖦹Minju𖦹
𖦹Talking about marrage𖦹
𖦹MISTAKE𖦹
𖦹Will you marry me?𖦹
𖦹Who is the best?𖦹
𖦹Wow Appa really loves Dada𖦹

𖦹HE'S GONE𖦹

265 84 21
Від Kookliet_Jimeo

||At some place||

ජිමින් එක පාරටම ඇහැරුනෙ  එයාගෙ මූනට සැරට වැදුන වතුර පාරක් නිසා.ජිමින් හිමින් ඇස් ඇරියත් එයාට හිතාගන්න බැරි උනා එයා මේ ඉන්නෙ කොහෙද කියලා.

එයාව පුටුවක ගැටගහලා......

ජිමින් කොච්චර දැගලුවත් එයාට ඒකෙන් ගැලවෙන්න බැරි උනා.

" ඒයි පොඩි කොල්ලො දගලන්නෙ නැතුව ඉන්නවා අපේ මැඩම්ට තමුන් එක්ක වැදගත් කතාවක් තියෙනවලු කතා කරන්න"

" මට ඔය මොකෙක් එක්කවත් කතා කරන්න ඕනෙ නෑ.මට යන්න දෙනවලා" ජිමින් ආයෙත් දගල දගල කෑ ගැහුවා.

" ශ්.......සද්දෙ වැඩී....!!" ඒත් ජිම්න්ගේ දැගලිල්ල් නතර උනා එයාව බැදලා තිබුන රූම් එකේ දොර ළඟින් ඇහුන කටහඬ නිසා.ජිමින්ට ඒ කටහඩේ අයිතිකාරිව අදුනගන්න එක එච්චර අමාරු උනේ නෑ.

" ඔම්මා!" ජිමින් පුදුමෙන් වගේ බැලුවේ තව උස හැඩි දැඩි පිරිමි කෙනෙක් එක්ක ඇතුලට එන මිසිස් ජොන් දිහා.

" මෙයව ලිහන්න!" එහෙම කිව්ව මිසිස් ජොන් එයාගෙ ගාඩ් ගෙනාව පුටුවෙන් වාඩි උනා.

" ජිමින් පැටියෝ කොහොමද ඔයාට?" මිසිස් ජොන්  සමච්චලේට වගේ එහෙම අහද්දි ජිමින් පුදුමෙන් වගේ මිසිස් ජොන් දිහා බැලුවා." මම මේ ඔයාට දෙයක් කියන්න ඔයාව මෙහාට එක්ක එන්න කිව්වෙ.......මම කෙලින්ම කියන්නම්කො. ජන්ග්කුක් ව අතාරින්න" ජිමින් ඒක ඇහුවම තවත් පුදුම උනා. මොකද මිසිස් ජොන් මයි ජිමින් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම ජිමින්ව ජොන් මන්දිරේට එක්කගෙන ආවෙ.එයා ජිමින්ට ගොඩක් ආදරෙන් හිටියා. නෑ ඒ  වගේ රගපෑවා

ජිමින් අහිංසක උනාට මෝඩයෙක් නෙවෙ මිසිස් ජොන් කතා කරපු ටෝන් එක අදුනගන්න බැරි වෙන්න තරන්

" ඔයාද මාව මෙහාට ගෙනාවේ?" ජිමින්ව බැදලා තිබ්බ ලණු ලෙහුවට පස්සෙ ජිමින් එයාගෙ රතු වෙලා තිබුන මැණික් කටුව මැණික් කටුව අල්ලන ගමන් කිව්වෙ කිසි බයක් නැතුව.
" ඔයාට කතා කරන්න තියෙන දෙයක් වෙන වෙලාවක කතා කරමු මිසිස් ජොන්. මං එනකන් ජන්ග්කුක් බලන් ඇති" එහෙම කිව්ව ජිමින් පුටුවෙන් නැගිට්ටෙ යන්න උනාට ඒ වේගෙන්ම ආයේ ඉදගත්තේ මිසිස් ජොන් ජිමින්ගේ අතින් තද කරලාදැද්ද පාරට.

" ජිමින්...පුතේ මට ඔම්මා කියන්න" මිසිස් ජොන් ආයෙත් රගපාන්න පටන් ගත්තා.

" අහන්න මිසිස් ජොන් මට ඔයා එක්ක මෙතන හුරතල් වෙන්න වෙලාවක් නෑ . වෙන වෙලාවක බලමු.....ආහ්." ජිමින් ඒක කියවල ඉවර වෙනවත් එක්කම මිසිස් ජොන් ජිමින්ගේ කන හරහා පහරක් ගැහුවෙ ජිමින්ගේ ඇස් වලින් කඳුළු පනිද්දි.

" ජන්ග්කුක් !ජන්ග්කුක්! ජන්ග්කුක්!...... මේක් හොඳට අහගන්නවා පාක් ජිමින් තමුසේ හිතාගෙන ඉන්නෙ මම තමුන්ව ගෙදර එක්කගෙන ආවෙ ජන්ග්කුක්ට මැරි කරවන්න  කියලනම් ඒක හිතෙන් අයින් කරගන්නව.මොකද තමුසෙ වගේ එකෙක් ජන්ග්කුක්ට මැරි කරවන්න මගේ කිසි කැමත්තක් නෑ. තමුසේ හින්දා මගේ බිස්නස් ප්ලෑන් සේරම වතුරේ ගියා.මිසිස් කිම් ඩීල් එක කැන්සල් කලා තමුසෙ ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම.ඒ මදිවට එයාලගේ දුවට වෙන ප්‍රපෝසල් එකකුත් බලලා." මිස්ස් ජොන් ජිමින් දිහා බලාගෙන එහෙම කියද්දි ජිමින් පුපුරු ගහන කම්මුලත් අල්ලගෙන බලන් හිටියා." මම තමුසෙව එක්ක ආවේ මේක හින්දා විතරමයි" මිසිස් ජොන් එහෙම කියලා ජිමින්ගේ බඩට ඇඟිල්ල දික් කලා.
" ඒ හින්දා බබා ලැබුනට පස්සෙ බබාව අපිට දීලා තමුසේ මෙහෙන් යන්නම යනවා ආයෙ නොඑන්නම"

" මම ජන්ග්කුක් ව දාලා කොහෙවත් යන්නෙ නෑ" ජිමින් කදුලුත් පුරවගෙන මුරණ්ඩු විදිහට කෑ ගැහුවා

" හහ්....මෙයා මෙහෙම කිව්වට අහන්නෙ නැ වගේ" ලොකු සුසුස්ම්ක් පිට කරපු මිසිස් ජොන් එයාගේ පුටුවට හේත්තු උනා." ඒක ගේන්න" මිසිස් ජොන් එයාගෙ ගාඩ්ට ඇඟිල්ල දික් කරලා කිව්වම ඒ මනුස්සයා පොඩි පෙට්ටියක් ගෙනත් මිසිස් ජොන්ට දුන්නා." හරි එහෙනම් ඔයා කොහෙවත් යන්න ඕනෙ නෑ  මමම ඔයාව සදහටම යවන්නම්කො" මිසිස් ජොන් එහෙම කියලා ජිමින් දිහා සමච්චලේට හිනා වෙලා බලන ගමන් පෙට්ටිය ඇතුලෙන් ගත්තේ පොඩි ඉන්ජෙක්ශන් එකක්. ඒක දැකලා ජිමින්  ටික ටික පිටිපස්සට යන්න ගත්තම මිසිස් ජොන්ගෙ ගාඩ් ඇවිත් ජිමින්ගේ අත් දෙකම පිටිපස්සට කරලා අල්ලගත්තේ ජිමින්ට හෙල්ලෙන්න්වත් බැරි විදිහට.තමත් මත් ගතියක් වගේ තිබුන නිසා ජිමින්ට ඒ මනුස්සය එක්ක දගලන්න ශ්ක්තියක් තිබුනේ නෑ.

" ඉතින් ජිමින්, මේක ඔයාට ඉන්ජෙක්ට් කළාට පස්සෙ කවුරුත් දැනගන්න එකක් නැ ඔයා කොහොමද මැරුනේ කියලාවත්.අඩුම ජන්ග්කුක්වත් දැනගන්න එක්ක් නෑ....මම දන්නව ජන්ග්කුක් ඔයාට ආදරෙයි කියලා ඒ වගේම එයාට දෙයක් ඕනෙ කියලා හිතුනොත් අනිවාරෙන්ම ඒක ලබාගෙන මිසක් නතර වෙන්නැ කියලත් දන්නව.ඒ නිසා තමයි මට මේක ඔයාට කියලම කරගන්න වෙන්නෙ.ඉතින් ඔයා  මැරුනා කියලා දැනගත්තම ජන්ග්කුක් මොන විදිහට හැසෙරෙයිද? එයා පිස්සෙක් වෙයි ජිමින් ඒත් ඔයා කොහෙ හරි ජීවත් වෙනවා කියලා දැනගත්තොත් එයා මේ ළමයා හින්දා හරි ජීවත් වෙයි.මොන විදිහද හොද? විනාඩි දෙකක් දෙන්නම් ඔයාම තීරණය කරන්නකො ." මීසිස් ජොන් ආයෙ පුටුවට හේත්තු වෙලා එයාඑ දකුණු කකුල උඩින් වම් කකුල  දගත්තා.

වීනඩියක්...
දෙකක්......ගත උනා ඒත් ජිමින්ගේ කිසි කතාවක් නැහැ...එයා බලාගත්ත අතේ  බලගෙන ඉන්නවා නිකන් ආත්මය නැති මල සිරුරක් වගේ.

එයාගෙ හිනාව, එයාගෙ සතුට, එයාගෙ නිදහස මේ හැම දේම එයාගෙ හියුන්ග්ට පස්සෙ එයා වින්දේ ජන්කුක්ගෙන් ....... ...ඉතින් එයා කොහොමද ජන්ග්කුක්  නැතුව ඉන්නෙ? ඒක නිකන් හරියට ආත්මයක් නැති සිරුරක් වගේ තමයි ජිමින්ට දැනුනේ.

" මෙයා අහන්නෙ නෑ වගේ" විනාඩි දෙක ඉවර උනාට පස්සෙ තමන්ගේ අත් ඔරලෝසු වෙන් වෙලාව බලපු මිසිස් ජොන් ඉන්ජෙක්ශන් එක ජිමින්ගේ අතට ලං කලා.

" ඉන්න" ජිමින් කිසි හැඟීමක් නැති විදිහට මිසිස් ජොන්ට කතා කලා." මම මොකද්ද කරන්න ඕනෙ?"

" අන්න දැන් තමයි ටැක් එකට වැටුනේ.......කො ඔයාගෙ ෆෝන් එක දෙන්න" මිසිස් ජොන් අත දික් කලාම ජිම්න් එයාගෙ පොක්ට් එකෙන් අරගෙන් ෆෝඔන් එක දුන්නා.මිසිස් ජෝන් ඒකෙන් ජන්ග්කුක්ට ටෙක්ස්ට් එකක් යැව්වෙ හිනා වෙවී.

//ජන්ග්කුක් අපිමෙතනින් නතර වෙමු.ඔයා මාව හොයන්නවත් මං ගැන හිත හිත ඉන්නවත් එපා.මට ඔයා එක්ක හිටිය කාලෙ ඇති කියලා හිතෙනවා.මං හිතන්නෙ මගේ ජිවිතේ ඉතුරු කාලෙ එවන්න මම කෙනෙක් හොයාගත්තා.ඔයාගෙ දරුවා ලැබුනම  ඔයාගෙ ඔම්මාට ඇවිත් දරුවව එක්ක යන්න කියන්න. බායි.
                                                        - ජිමින්-//

" ආ මෙන්න" මැසේජ් එක සෙන්ඩ් කරලා ජිමින්ගේ ෆෝන් එකේ සිම් එක ගලවලා දෙකට කැඩුව මිසිස් ජොන් ජිමින්ට ආයෙ ෆෝ න් එක දුන්නා." මම දන්නැ ජිමින් ඔයා කොහෙ යයිද? මොනව කරයිද කියලා ඒත් ආයෙ කවදාවත් ජන්ග්කුක් ඉස්සරහට එන්න හිතන්නවත් එපා.දරුව ලැබුනට පස්සෙ මේ රටේවත් ඉන්නෙ නැති තරමට ඔයාට හොඳයි.හැබැයි දරුවා ලැබුනට පස්සෙ මොකක් හරි කපටි වැඩක් කරන්න හැදුවොත් මතක තියාගන්න ජන්ග්කුක් වගේම එතකොට ඔයාගෙ පොඩි ළමයත් මගේ ළඟ කියලා.මොකද මම කවදාවත් මට අවාසි වෙන වැඩ කරන්නෙ නෑ.ඒ වගේම මම හිතුවොත් ඕනම දෙයක් කරන්න පුලුවන් ඕනම දෙයක්." ඉන්ජෙක්ශන් එක ජිමින්ගේ මූන ඉස්සරහට ගෙනල්ලා එහෙම කිව්ව මිසිස් ජොන් ජිමින්ව එතනම දාල යන්න ගියා.

_____________________

මිසිස් ජොන් කෙලින්ම ආවෙ ජොන් මන්දිරයට එයා එන්කොටත් ජන්ග්කුක් මිනි බාර් එකේ ඉඳගෙන බොනවා.ජන්ග්කුක්ගෙ මූන දැක්කම මිසිස් ජොන් හිතාගත්තා ජන්ග්කුක් මැසේජ් එක දැකලා කියලා.

ජන්ග්කුක්ගෙ ඇස් රතු වෙලා..
තරහටද?
දුකටද?

" ජන්ග්කුක් !!" මිසිස් ජොන් සුපුරුදු රගපෑම කරන්න අඩාගෙන්ම ජන්ග්කුක් ලගට දුවගෙන ආව." ජන්ග්කුක් මට ජිමින්ව හම්බුනා" එයා ජන්ග්කුක් ලගට ඇවිත් කඳුළු පිහද පිහද කියද්දි ජන්ග්කුක් ගෙ අත මිට මෙලවෙන විදිහ දැකලා කට කොනෙන් හිනා උනා.

" මම යනවා ජිමින්ව එක්ක එන්න.එය මාව දාලා යන්නෙ නැ කියලා පොරොන්දු උනා." ජන්ග්කුක් වීදුරුව කවුන්ටර් එක උඩින් තියලා නැගිට්ටා. ඒත් මිසිස් ජොන් ජන්ග්කුක්ගෙ අතින් අල්ලගත්තේ එයාගෙ බොරු කඳුළු ආයෙ අලුත් කරගෙන.

" මම ගාඩ්ලව යැව්වා ජන්ග්කුක් .මම කොච්චර කියලත් ජිමින් ආයෙ එන්න කැමති උනේ නෑ." මිසිස් ජොන් අඩ ඩ කිව්වා.

" මම ගිහින් එක්ක එන්නම්...මගේ ජිමින්ව මම තරන් හොඳට කවුරුත් දන්නෙ නෑ මම දන්නවා එයා විහිලුවක් කරන්නෙ කියලා" ජන්ග්කුක් මිසිස් ජොන් දිහා නොබලම කිව්වෙ එයාගෙ අම්මගෙ කඳුළු දකින්න අකමැත්තෙන්.

" ජන්ග්කුක් ජිමින් ආයෙ එන එකක් නැද්ද? මට මගේ චූටි මුනුපුරෙක්ගේ මූන බලන්න බැරි වෙයිද" මිසිස් ජොන් ජන්ග්කුක් කියපු එක ගනන් නොගෙන ජන්ග්කුක් ඉස්සරහට ඇවිත් ජන්ග්කුක්ව හග් කලා.
ජන්ග්කුක්ට ඒ වෙලාවෙ බොරුවට අඩන එයාගෙ අම්මව සනසන්න උනා ජිමින්ව  හොයනවා වෙනුවට.

ජන්ග්කුක් ජිමින්ව හොයපු හැම වෙලාවෙම මිස්ස් ජොන් ඒ වැඩේට යෙදෙව්වෙ එයාගෙ මිනිස්සුන්ව. ඒ හැම වෙලාවෙම ඒ ගාඩ්ලගෙන් ජන්ග්කුක්ට අහන්න ලැබුණේ මිසිස් ජොන්ට ඕන වචන.
එයා ජන්ග්කුක්ව පුලුවන් තරන් අසරණ කලා පුලුවන් හැම විදිහටම ජන්ග්කුක් ජිමින්ව හොයන එක නතර කරන්න උත්සහා කලා.හැම වෙලේම ජිමින් එන්න බැහැ කියනවා කියලා බොරු කිව්වා.ඒකේ අවසාන ප්‍රතිපලේ උනේ ජන්ග්කුක් හැම දේම අමතක කරන්න කියලා කම්පැනි එකටයි ක්ලබ් වලටයි  හිර උන එක.

එයාගෙ එක පැත්තක් ජිමින්ට වයිර කරද්දි තව පැත්තක් ජිමින් එනකන් බලන් හිටියා.

මාස නවයකට පස්සෙ ජන්ග්කුක්ගෙ ගෙදරට පුංචි කුමාරයෙක්ව ගෙනාවට ජන්ග්කුක් ඒ පැටියගේ මූනවත් බලන්නෙ නැති තරන්.එයාට වෙලාවක් නෑ ළමයා එක්ක ඉන්න...ඒ වගේම ලමයගේ ඇස් දෙක දකින වාරයක් ගානේ ජිමින්ගේ මතකයන් හිතට වද දෙන්න ගත්තම ජන්ග්කුක් ඒ පුංචි ලමයගෙනුත් ඈත් වෙන්න ගත්තා.ඒ වගේම එතකොට මිසිස් ජොන් සාර්ථක ලෙස ජන්ග්කුක්ව ජිම්න්ව හොයන එකෙන් අයින් කලා.

එතකොට ජිමින්……………එයා එදා ගෙදර ආවට පස්සෙ නාම්ජූන්ට වුන හැම දේම කියලා කඳුළු ඉවරවෙනකන් ඇඩුවා.නාම්ජූන් එයාගෙ මල්ලිව එයාගෙම දරුවෙක් වගේ බලාගත්තා.ජිමින්ගේ බඩේ දරුවා වැඩීගෙන එනකොට එයාලට දැනගන්න ලැබුණේ  ලැබෙන්න ඉන්නෙ ට්වීන්ස්ලා කියලා.

ඒක දැනගත්ත ගමන් ජිමින්ට මතක් උනේ ජන්ග්කුක් එදා කියපු එක.
" ඔයා එක කලා ජන්ග්කුක් " ජිමින් එයාගෙ ඉදිරියට නෙරල තිබ්බ බඩ හිමින් පිරිමදින ගමන්  ලාවට හිනා වුනා.
මාස නමයකින් පස්සෙ ජිමින් එයාගෙ දරුවො දෙන්නට උපත දුන්න.එදා මිසිස් ජොන් ඇවිත් හිටියා එයා කලින් ජන්ග්කුක්ට මැසේජ් එක යවපු විදිහට දරුවා අරන් යන්න.ඒත් ට්වීන්ස්ලා හම්බෙලා ඉන්නෙ කියල දැනගත්තම දරුවො දෙන්නම ජිමින්ගෙන් ඈත් කරන්න එයාට හිත දුන්නෙ නෑ.සමහර විට එයත් අම්මා කෙනෙක් නිසා වෙන්න ඇති.ඒත් එයා කම්පැනි එකේ උරුමක්කාරය වෙනුවෙන් ජිමින්ගෙ ප්‍රින්ස්ව එයාගෙන් ඈත් කලා. ජිමින් මොනවා කරන්නද? මිසිස් ජොන් කියපු දේවල් නොකරන්න බැරි කමක් නැ කියල දන්න නිසාම
ජිමින්........ මේ හැම දේම තනියම දරාගෙන
එයාගෙ  ජන්ග්කුක්  වෙනුවෙන්, එයාගෙ දරුවා වෙනුවෙන්
ජන්ග්කුක්ගෙ න් ඈත් උනා.

________________________________

තේහ්‍යුන් සිද්ද උන හැම දේම කියලා ඉවර වෙද්දි ජන්ග්කුක් හිටියේ ඇස් වල කඳුළු පුරවගෙන එයාට දැනුනේ නිකන් පිහි දාහකින් විතර එයාගෙ පපුවට අනිනවා වගේ....

එයා එයාගේ ආදරේ අවිශ්වාස කලාද?
නෑ එයාගෙ අම්මා ඒ තැනට එයාගෙ හිත පාලනය කලා.

ජන්ග්කුක් තමන්ටම දොස් පවරගත්තා අම්මා කිව්ව හැම දෙයක්ම තර්කයක් නැතුවම පිලිගත්ත එකට.එයා අම්මා කිව්වෙ මේ වගේ කෙනෙක්ට කියලා මතක් වෙද්දි ජන්ග්කුක්ගෙ මූනෙන් පිලිකුල් සහගත බවක් පෙනුණා.

" ජිමින්.....ජිමින්...කොහෙද මට එයාව බලන්න ඕනෙ මේ දැන්ම" ජන්ග්කුක් ඇස්  වල කඳුළු පුරවගෙන නාම්ජූන්ගෙන් ඇහුවා.

" එයා අද කැනඩා යනවා ජන්ග්කුක් "

" ෆ්...ෆ්ලයිට් එක කීයටද?" ජන්ග්කුක් අත් ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් ඇහුවා.

" තව පැය බාගෙකින් පිටත් වෙනවා"

නාම්ජූන් එහෙම කිව්වා විතරයි ජන්ග්කුක්  කාර් පාක් එකට දුවන්න පටන් ගත්තා.

" ජන්ග්කුකා ඉදපන් මාත් එනවා " තේහ්‍යුන් ජන්ග්කුක්ගෙ පස්සෙන් දුවගෙන කාර් පාක් එකට ගියත් එයා පාක් එකට යනකොට දැක්කෙ උපරිම වේගෙන් යන ජන්ග්කුක්ගෙ කාර් එක.

" ටේ......අපිත් ඉක්මනට යමු" තේහ්‍යුන්ට පිටිපස්සෙ මින්ජුවත් වඩාගෙන ආව ජින් තේහ්‍යුන්ට එහෙම කිව්වම තේහ්‍යුන් ඉක්මනට එයාගෙ කාර් එකත් අරගෙන එයාපෝට් එකට යන්න පිටත් උනා.

_______________________________

එයාපෝට් එකට ආව ජන්ග්කුක් කාර් එක පාක් කරන්නවත් කරදර නොවී කාර් එක නතර කරපු ගමන්ම එයාපෝට් එක ඇතුලට දුවගෙන ගියේ  එයාව නතර කරන්න ආව ගාඩ්ලවත් තල්ලු කරගෙන.

ජන්ග්කුක් කෙලින්ම දුවගෙන ගියේ Receptionistලගට

" කැනඩා වලට තියෙන ෆ්ලයිට් එක-"

" ඒක දැන් විනාඩි දහයකට කලින් පිටත් උනා සර්"

" වෙන්න බෑ....ඒකේ මගේ හස්බන්ඩ් ඉන්නවා.එයාට බෑ මාව එහෙම දාලා යන්න" ජන්ග්කුක් පිස්සුවෙන් වගේ කියවන්න පටන් ගත්තා.

" ජන්ග්කුකා!!" ජන්ග්කුක්  සිහියක් නැතුව වගේ කියවද්දි තේහ්‍යුන් ජින් එක්ක පිටුපස්සෙන් ආවා. මින්ජුට ජින්ගෙ උරහිසෙ සනීපෙට නින්ද ගිහින් තිබුනේ.

" ටේ.....ජිමින්....එයා ගිහින්. මම එයාට කිව්වා මෙහෙන් යන්න ආයෙ මගේ ඉස්සරහට එන්න එප කියලා. එහෙම........එහෙම මම කිව්ව කියලා එයා යන්න ඕනෙද?මම මේ කිසි දෙයක් නොදැන එයාට බැන්නා... ටේ උබ ජිමින්ට කියපන් ඒ වචන මගේ කටින් පිට උන ඒව විතරයි කියලා.එයාට ආයෙ එන්න කියපන්..." ජන්ග්කුක් හිර කරන් හිටිය කඳුළු කඩාගෙන වැටෙද්දි තේහ්‍යුන් ජන්ග්කුක්ව තද කරලා  හග් කලා." ප්ලීස් ටේ මට ජිමින්ව ඕනෙ"

තේහ්‍යුන් ජන්ග්කුක් ව බෙන්ච් එකකින් ඉන්දෙව්වට පස්සෙත් ජන්ග්කුක් කලේ අඩපු එක එයා එයාගෙ කඳුළු ඉවර වෙනකං බෙන්ච් එකේ ඉඳගෙන ඇඩුවා.තේහ්‍යුන් ඒ වෙනකන්ම ජන්ග්කුක්ට අඬන්න උරහිසක් උනේ එයාගෙ කදුලුත් හිර කරගෙන. අද ජන්ග්කුක් මෙහෙම අඬන්න එයත් හේතුවක් කියලා තේහ්‍යුන් ගේ හිත එයාට වද දුන්නා.

" මං වගේ කෙනෙක් එක්ක ඉන්නවට වඩා ජිමින් තනියම සතුටින් ඉදී" ජන්ග්කුක්  කඳුළු පිහදාගෙන එක් පාරටම නැගිට්ට හින්දා තේහ්‍යුනුත් නැගිට්ටා." එයා සතුටින් ඉදී ටේ මං වගේ කිසි දෙයක් හොයලා බලන්නෙ නැතුව වරද පටවන කෙනෙක් එක්ක ඉන්න කවුද කැමති? හහ්.." ජන්ග්කුක් මහන්සියෙන් ලාවට හිනා උනා." මං මින්ජුගේ අප්පා වෙලාම ඉන්නම් හැමදාම... " ජන්ග්කුක් එහෙම කියලා ජින්ගෙන් මින්ජුව ගන්න අත් දෙක දික් කලා.

" ජන්ග්කුක් ?" ජින් ජන්ග්කුක් දිහා බැලුවේ සැකෙන්. ජන්ග්කුක්  ඉන්නෙ වාහනයක් ඩ්‍රයිව් කරන්න හොද මානසිකත්වයක නෙවේ ඉතින් කොහොමද එයා මින්ජුව දෙන්නෙ.

" හහ්...ඔයා හිතන්නෙ මට මගේ ලමයව පරිස්සම් කරගන්න බැරි වෙයි කියලද? කමක් නැ ජින් හියුන්ග්  ඔයා එහෙම හිතන එකේ වරදක් නෑ. මං ඒකට සුදුසුයි"
ජන්ග්කුක් ජින් දිහා බලලා ලාවට හිනා උනා.ඒ හිනාවෙ තිබ්බෙම දුක විතරයි.
" ට්‍රස්ට් මී හියුන්ග්. මම මින්ජුට හොද අප්පා කෙනෙක් වෙනවා.මං පරිස්සමින් ඩ්‍රයිව් කරන්නම්" ජන්ග්කුක් එහෙම කිව්වම ජින් මින්ජුව  ජන්ග්කුක්ට දුන්න.

" ප්ලීස් මගේ පස්සෙන් එන්න එපා. මට ටිකක් තනියම ඉන්න ඕනෙ" ජන්ග්කුක් එහෙම කිය්ලා මින්ජුවත් වඩාගෙන එළියට යන දිහා බලන් හිටිය ජින් තේහ්‍යුන් ගේ අතෙන් අල්ලගත්තේ හැමදේම හරියයි කියන්න ඔලුව හොල්ලන් ගමන්.

________________________________

ජිමින් ප්ලේන් එකේ ඉඳගෙන පොඩි කවුලුවෙන් එළිය බලාගෙන හිටියේ.පහුවෙන සෝල් නගරයම ලයිට් වලින් එළිය වෙලා ලස්සනට පෙනුන.ඒත් ඒ ලස්සන විදින මනසකින් නෙවේ ජිමින් හිටියේ.

තමන්ගේ උකුලට වෙලා සනීපෙට නිදන් ඉන්න මින්සෝ දිහා බැලුව ජිමින් ලාවට හින උනා.කෙල්ලගෙ නලලින් පෙක් එකක් තියපු ජිමින් ආයෙ එළිය බලාගත්තා.

" මම යනවා ජන්ග්කුක්.......ආයේ ඔයාගෙ ඉස්සරහට නොඑන්නම.....ඔයාගෙ මේ ප්‍රින්සස්ව මගේ පන දීලා හරි ආරක්ශා කරනවා කියලා පොරොන්දු වෙනවා."

" අපේ ප්‍රින්ස් එයා ගොඩක් ලස්සනයි හරියට ඔයාගෙ වගේමයි එයාගෙ කොන්ඩෙ, එයාව පරිස්සමින් බලාගන්න ජන්ග්කුක් "

" I LOVE YOU KOOKIE AND BYE " 

ජිමින් අවසාන වතාවට සෝල් නගරය දිහා බලලා ඇස් දෙක පියාගත්තා........

______________________________________

මේක තමයි අවසානෙ 🌝හෙ හේ


නැ නැ ඔයාලට හැපි ඕනෙ කිව්ව නිසා  තව තුනක් තියේ 😌ඒක හෙට පුලුවන් උනොත් දෙන්නම් තා දෙකක් ලියන්න තියේ

LYSM❤️
Stay with me♡︎
Feedback ?🥺

Продовжити читання

Вам також сподобається

167K 8.8K 31
in which a boy finds the unsent letters from a girl
530K 32.5K 96
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
1.1K 313 14
I love you,you're only mine
2.2M 112K 63
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...