DUΛL⏳ ( Completed )

By Armygirl920

8.2K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Tears ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Are you happy ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Love ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Sad Emotions ..

168 47 40
By Armygirl920


සිංදුවකුත් මුමුණ මුමුණ කොල්ලා වාහනේට නැග්ගේ අදත් තමන් වෙනුවෙන් බලන් ඉන්න ඒ පුංචි හිත් දෙක නිසා හිතේ පිරුන ලොකු සතුටකින්....

යමින්ගමන් එයා Flower shop එකක් ලගින් නතර කරලා කලින්ටත් වඩා ලොකු සුදු රෝස මල් පොකුරක් වාහනේ එහා සීට් එකට දාගත්තේ ඒක අතට දුන්නම කෙල්ලගේ මූණේ මැවෙන හිනාව මතක් කරගන තනියම හිනා වෙවී....

" හ්හාඅ ... තයෙනිදා ... යුන් ඔයා නිසා මගේ ජීවිතේ කොච්චර නම් ආදරණීය වෙලාද... "
එයා තනියම කියව කියව වාහනේ පාරට දැම්මා... වෙලාවත් බල බලම එයා වාහනේ පැදෙව්වේ සාමාන්‍ය වේගයෙන්....

ඒත් එක්කම.....

හැමදේම අදුරු උනා... කොල්ලගේ කාර් එක දෙපාරක් පිට පිට පෙරලිලා පාරෙන් එලියට යද්දි එයාගේ ඔලුව තදින් ස්ටියරින් වීල් එකේ වැදුනා..

වාහනේ කනපිට පෙරලෙද්දි කොල්ලා ගේ අතට ගුලි උනේ ඒ සුදු රෝස මල් පොකුර.. එයා ඇගිලි වලින් තදට ඒක පපුවට තද කර ගත්තා....

ඒ හිනාව... ඒ ඇස් ...
කොල්ලා අමාරුවෙන් හුස්ම අල්ලද්දි එයාගේ ඇස් ඉස්සරහ එයාට පෙනුනේ ඒ රූපේ... කෙල්ලගේ අහින්සක ඇස් තමන් දිහා බලන් හිටිය විදිය... එයාලගේ අතර හුවමාරු උන ඒ ආදරණීය සිපගැනීම්.....

එන්න එන්නම එයාට දැනුනේ ඔලුවේන් දැනුන වේදනාව එක්ක හුස්ම හිරවෙන වේදනාව... ඒත් ඊටත් වඩා එයාගේ පපුව රිදෙන්න ගත්තේ තමන්ගේ ආදරේ තමන් එනකන් බලන් ඇති කියලා හිතෙද්දි....

ඒ හිත තමන් වෙනුවෙන් මග බලනවා ඇති.. තමන්ගේ පුංචි පැටියා... ඒ කුසේ ඉදන් අප්පා එනකන් බලාගන ඇති...
ඒත් ටේහ්‍යුන් හිටියේ හුස්මක් ගන්නවත් බැරිව වේදනාවෙන්... මූණේ භාගයක්ම ලේ වලින් නෑවිලා...

ඒත් තවමත් ඒ අතට ඒ සුදු රෝස මල් පොකුර ගුලි වෙලා....

" ආහ්... මි මියානේ.... යුන්.... "
ඒ පොරොන්දුව ... හැමදාමත් ලග ඉන්න කරපු ඒ පොරොන්දුව අද තමන්ගේ අතින්ම කඩන්න වෙන එකට කොල්ලගේ හිතේ ඇති උනේ දැනෙන වේදනාවටත් වඩා ලොකු දුකක්.....

ඒ ඇස් පියවෙද්දි එයාගේ තොල් මිමිණුවේ එකම වචනයයි...

" සරන්හේ ... යු යුන්..... "

.
.
.

ඉයුන් බී හොස්පිටල් එකෙන් එලියට ආවේ හිස් මලකදක් වගේ... එතනම තිබ්බ බෙන්ච් එකකට වැටිලා කෙල්ල ඔහේ බලන් හිටියා..

" ටේ.. මොකක්ද මේ.. අනේ මේ හීනයක් නේද කියන්න... මට... මට තාම හිතාගන්න බෑ ටේ... අනේ... මා ලගට එන්නකෝ ටේ.. "
මූණත් බදාගන කෙල්ල ඉකිගහද්දි එයාගේ මතකෙට ආවේ ඒ හැම දේම...

දෙන්නම එකට ගතකරපු හ්ම තත්පරේම කෙල්ලගේ හිතේ ලස්සනට ඇදිලා තිබුනා....

" කිම් ඉයුන් බී ශී.... "
එතනට ආව නර්ස් කෙනෙක් කතා කරද්දි කෙල්ල කදුළු අතරින්ම ඒ දිහා හැරුනා...
" ඔයාට Doctor කතා කරනවා... "

එයා එහෙම කියද්දි කෙල්ල ඉක්මනට එතනින් නැගිට්ටා..
" එයා.. එයා... මගේ ටේ... අනේ එයා හොදින් නේද... "
තමන් ගේ ලගින් ඇවිදන් යන නර්ස් ගෙන් කෙල්ල ඇහැව්වත් ඒ කෙනා ඔලුව දෙපැත්තට වැනුවේ දන්නේ නෑයි කියන්න...

" මම ඒ ගැන දන්නේ නෑ මිස්... මාව එව්වේ මිස් ව එක්කන් එන්න... "

කෙල්ල අඬ අඬම එතෙන්ට යද්දි Doctor රූම් එකෙන් එලියට ආවේ මිසිස් කිම් ලත් එක්ක..
මිසිස් කිම් අඩලම හෙම්බත් වෙලා මිස්ටර් කිම් ගේ ඇගටත් හේත්තු වෙලයි හිටියේ...

" තමුන්... මම කිව්වා නේද එන්න එපා කියලා... ආහ්.. මගේ කොල්ලා මරාගත්තේ තමුන්... දැන් සතුටු ද ආ... දැන් සතුටු ද...

තමුන්...අහ්... "
කෙල්ල ලගට දුවන් ආව මිසිස් කිම් කෙල්ලගේ අතකින් අල්ලගන තදින් හෙලෙව්වේ කෙල්ලත් කෑගහලා එතන අඩන්න ගනිද්දි...

" මොනාද ඔයා කරන්නේ... මේ දරුවගේ කුසේ ජීවිතයක් ඉන්නවා.. "
මිස්ටර් කිම් ගෙත් ඇස් දෙක ඉදිමිලා... එයා ඉක්මනට මිසිස් කිම් ව තමන් ලගට ඇදලා අරන් එතනින් එහාට උනේ මිසිස් කිම් සිහිය නැතුව ඇදගන වැටෙද්දි....

" ඔහ්... මෙයාව ගන්න නර්ස්... "
Doctor මිසිස් කිම් වත් බලලා කෙල්ලත් එක්ක එයාගේ cabin එකට ගියේ කෙල්ල වෙවුල වෙවුල පුටුවෙන් වාඩි වෙද්දි...
එයාගේ ඇස් වල තිබ්බේ පුංචි බලාපොරොත්තුවක්.....

" හ්ම්ම්.... ඉයුන් බී ශී... ඇත්තටම අපිට තේරෙනවා ඔයාට මේක හදිසියේම කිව්ව නිසා ඔයා ඇත්තේ ශොක් එකෙන්..."

" අ අනේ.. Doctor මට කියන්න...එයා හොදින්ද.. අනේ මට ඒක විතරක් කියන්න... ඒ ඇති මට..."
කෙල්ල වෙවුලන ඇගිලි වලින් ආයෙත් මුණ රළු විදියට පිහදැම්මා...

" එයාගේ ඔලුවට damage වෙලා තිබ්බා ඉයුන් බී ශී... එයාව බේර ගනිද්දිත් එයාගේ heart එක නතර වෙලා ඉවරයි.... කොහොමත් එහෙම නැති උනත් එයා මොලය මැරුන කෙනෙක් විදියට ජීවත් වෙන්නේ...

හිත හදාගන්න ඉයුන් බී ශී... හදිස්සි අනතුරු නිසා ජීවිත වෙනස් වෙන්නේ පුදුම විදියට... "

කෙල්ලට කතා කරගන්න වත් වචන එන්නේ නෑ... එයාගේ උගුර හිරවෙලා... ඉකිය නිසා හුස්ම ගන්නත් බැරි තරමට කෙල්ල අඩනවා.. මූණ වගේම ඇස් හොදටම රතුවෙලා ඉදිමිලා...
" ආනී...හ්... මො මොනාද මේ කියන්නේ.... එහෙම වෙන්නේ නෑ.. එයා.. එයා මාව බලන්න එනවා කිව්වා නේ... ආහ්.. හහ්හ්හ්හ්... "
කෙල්ල හොදටම ඇඩුවා... අසිහියෙන් වගේ Cabin එකෙන් එලියට එද්දි එයා දැක්කේ එතන වාඩිවෙලා හිටිය මිසිස් කිම් ව...

මොන තරම් තද හිතක් තිබ්බත් අද තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ හිත මෙලෙක් වෙලා... වාවගන්න බැරි තරම් ඒ ඇස් වල දුකක් හිරවෙලා...

කෙල්ලත් එතනම බිත්තියට කඩන් වැටුනා...
" අන්ද්වේ ... "
ඔලුවත් අල්ලන් එයා තදින් හුස්ම ගන්නවා..

" අනේ මට එයාව බලන්න ඕනි Doctor ... "
කෙල්ල කෑගහලා අඩද්දි මිසිස් කිම් ආයෙත් කෑගහගන ආවා...

" මොනා බලන්නද... තමුන්ගේ හුස්මත් මගේ කොල්ලට ශාපයක්... මමයි එයාගේ ඔම්මා... උඹ බිරිද වෙන්න කලින්.... "

කෙල්ල කොච්චර කොහොම කිව්වත් මිසිස් කිම් එයාට ටේහ්‍යුන් ගේ body එක බලන්න දුන්නේ නෑ.....

" ඉයුන් බී ශී.... මේ ... මේ නැතිවෙද්දි එයාගේ ලග තිබ්බ දේවල් ටික...
හ්හාඅ .. මං හිතන්නේ මේක ඔයාටයි එයා ගෙනත් තියෙන්නේ... "
Doctor හිටියෙත් මේ වේදනාවල් දිහා බලාගන ඉන්න අමාරුවෙන් ... ඒත් දොස්තර කෙනෙක් උනාම ඕවා එයාලට සාමාන්‍ය දේවල්...

එයා කෙල්ලගේ අතට දුන්නේ අර සුදු රෝස මල් පොකුර ...
ඒ රෝස මල් වල පෙති අද්දර රතුපාට පැල්ලම් තිබුනා.... කොල්ලගේන් වෑස්සුන ලේ.. ඒ මල් වල රැදිලා තිබුනේ ඉයුන් බී ට තිබ්බ ඒ ආදරේ ලේ වලටම කාන්දු වෙච්චි බව දනවන්න වගේ....

කෙල්ලගේ අත වේගෙන් වෙවුලනවා... එයා අත්දෙකෙන්ම ඒ මල් පොකුර ගත්තේ ශොක් වෙලා...
ඒ ලේපැල්ලම් අතරේ කෙල්ලගේ දිග වෙවුලන ඇගිලි ඇතිල්ලුනේ , කොල්ලගේ තොල්වල ඇතිල්ලුන ඇගිලි වලට දැනුන සංවේදී බව කෙල්ලගේ පපුව හූරගන යද්දි...

" ආහ්.... ආනී.. මගේ ටේ... අනේ දෙයියනේ ඇයි මට නොකලේ... ඇයි මාව බේරුවේ... අනේ මගේ ආදරේ අරන් ගියාම මට මොකද වෙන්නේ.... "
කෙල්ල මල් පොකුරත් බදාගන තනියම කියෝ කියෝ එතනම හිටගන හිටියා...

ඒත් මිසිස් කිම් එයාට එතට ඉන්න ඉඩ දුන්නේ නෑ...... කෙල්ලව ඇදලා එලියට දාන කන් මිසිස් කිම් කෑගගහා අඩන්න ගත්තා....

එක අතකින් ඔම්මා කෙනෙක් විදියට එයා වැරදි නෑ... තමන්ගේ අදල් ගේ ජීවිතේ ඔම්මා කෙනෙක්ට කොයිතරම් වටිනවද...

ඒ ජීවිතේ විනාස වෙලා ගියාම මෙහෙම හැසිරෙන එක ඔම්මා කෙනෙක්ට අනුව පුදුමයක් නෙවෙයි.....

.
.
.

කෙල්ල hospital garden එකේ ඇවිදන් ගියා.. ඒ සුදු මල් පොකුරත් තුරුල් කරන්....
නොකඩවා කම්මුලට වැටෙන කදුළු එක්ක වැහි බිංදු මිශ්‍ර වෙද්දි කෙල්ල ඇවිදන් ගියේ හිස් බවින්...

ඔව්... කෙල්ලගේ ජීවිතේ තිබුනටත් වඩා හිස් උනා.... ඒ ආදරේ... ඒ මහමෙර තරම් විශාල ආදරේ... තමන් ලෝබ උන ඒ ආදරේ ආයෙමත් නොදැනී ගියාම කොහොම විශ්වාස කරන්නද....

එන්න එන්නම වැහි බිංදු තද උනා .... ඒත් කෙල්ල තවමත් ඔහේ පාරේ ඇවිදන් ගියා..

" බලන්න ටේ... අදත් එදා වගේ... ඔයයි මායි එකතු උන එදා... හහ්හ්හ... "
කෙල්ල ආයෙත් ඉකි ගහනවා...
" අද ඔයයි මායි දෙතැනක... මම දන්නවා ඔයා ඉන්න බව... ඔයාට බෑ එහෙම යන්න... ඔයා මට පොරොන්දු උනා ටේ...

අනේ එන්නකෝ.... එකම එක පාරකට ඇවිත් යන්න බැරිද... "
එයාගේ හිතේ ටේහ්‍යුන් ට කියන්න කියලා කොයිතරම් වචන ගොඩක් හැංගිලා තියෙනවද... ඒත් අද හදිසියේම ඒ වචන අහන්න කෙනෙක් කෙල්ලගේ පැත්තට නැති උනා....

" ආනී... ආනියා... එයා එයා ඉන්නවා... එයා යන්නේ නෑ... ආහ් සොල්මා ... හොරගෙඩියා.. එයා මම එනකන් ගෙදරට වෙලා මාව surprise කරන්න ඉන්නවා ඇති... ඒකයි මේ... "
කෙල්ල පිස්සියක් වගේ කියෝ කියෝ ගෙදර දිව්වේ කැටි උනඒ බලාපොරොත්තුව ඉශ්ඨ නොවන බව නොදැනම නෙවෙයි....

" ටේ... ටේ.. අනේ.. ඔයාගේ විහිලු ඇති දැන්... හරිද... "
කෙල්ල සාලේ ඉදන් කාමරයක් කාමරයක් ගානේ එයා හොයපු කෙනාව හෙව්වත් නෑ.. එයා ඇත්තටම යන්න ගිහින්..

තමන්ටත් නොකියම...
තමන් නොදැකම...

.
.
.

Few Days Later....

කෙල්ල ගෙදර තනි උනා.. එයා ආයෙත් නින්දක් ලැබුවේ නැති තරම්...
කෙල්ල වාඩි උන වනම ඔහේ ඉන්නවා.. කන්නේ බොන්නෙත් නෑ දැන්... ඒත් තවමත් කුසේ දගලන ඒ ජීවිතේ...

තමන්ගේ ආදරේයි ත්මන්ගෙයි ලේ... ඒ නොදරුවගෙන් පලි ගන්න කෙල්ලට ඕනි උනේ නෑ... ටේහ්‍යුන් එද්දි එයාගේ පුංචි පැටියව ලස්සනට උස්මහත් කරලා තියන්න කෙල්ලට ඕනි උනා...

ඒ නිසාම කැමක් දෙකක් වැටුනොත් ඇරෙන්න කෙල්ල කෑම දිහා බැලුවේ වත් නෑ...
රෑට හිටි ගමන් මුලු ගේම කලුවර වෙනවා....

ඒ වෙලාවට කෙල්ල කකුල් දෙකත් බදාගන ඇද උඩට වෙලා ඒ නම මිමිණුවා...

" ටේ.... අනේ... අදත් කළුවර උනා ටේ.. අනේ මට බයයි... ඔයා එන්නේ නැද්ද මං ලගට... "
කදුළු හැලිලා හැලිලම දැන් කෙල්ලගේ ඇස් තෙත් නොවී තිබ්බ අවස්තා නැති තරම්...

ඒත් තවමත් කෙල්ල පාර බලාගන තනියම කියවන්නේ ටේ ගැන බලාපොරොත්තුවෙන් ...

.
.
.

ටේ නැති වෙලා සතියක් උනා... ටේව වැලලුවේ කොහෙද කියලවත් කෙල්ලට නොකියා ඉන්න තරම් මිසිස් කිම් දරදඩු උනා...

ඒත් කෙල්ලගේ හිතට අනුව කොල්ලා තාමත් එයා වෙනුවෙන් හුස්ම ගන්නවා ඇති කියලා එයා හිතන් ඉන්නවා...

එදා ටේහ්‍යුන් ගැන ආව ප්‍රවෘත්තිය ට පස්සේ අද තමයි ආයෙම ගෙදර phone එකක් රින්ස් ගියේ....

" හ්හාඅ .... යොබුසෙයෝ "
ලොකු බර හුස්මක් පිට කරලා කෙල්ල කතා කලා...

" අපි මෙහෙන් යනවා... තමුන්ට නොකියා යන්න ඕනි උනත් මේ මනුස්සයා ගෙන් පුදුම වදේ... ඒකයි කිව්වේ....

මගේ අදලුත් නැති එකේ දැන් සතුටින් ඉන්න..හහ්... "
ඒ කටහඬ කිව්ව ඒ වචන ටික කෙල්ලගේ පපුවට පිහියක් වගේ ඇනෙද්දි ඒ කදුළු ආයෙත් අලුත් උනා...

" ඔම්මොනී... අනේ මගේ ටේ නැතුව මම කොහොමද සතුටින් ඉන්නේ.. අනේ මට කියන්න.. එයා කොහෙද.. කො කොහෙද එයාව දැන්...... "

" ඈත් වෙලා ඉන්නවා... මගේ දරුවගේ ආත්මෙට වත් සැනසීමක් දීලා... බැරිනම් ඔය අවජාතකයත් එක්කම මැරිලා පලයං... "
කෝල් එක කට් වෙද්දි කෙල්ලගේ අතින් රිසීවර් එක අතෑරුනා....

එක අතකින් බඩ අල්ලගන එයා බිම ඉන්ද උනේ තදින් හුස්ම ගන්න ගමන් ...
" දෙයියනේ මගේ ටේ... ඔයා කොහෙද... අනේහ් ඔම්මොනි මට එයාගේ අලු ටික වත් බලන්න දෙන්නේ නැති තරම් මොන පවක් ද මම කලේ... "

ටයිල් පොලවටත් ගගහා කෙල්ල හොදටම ඇඩුවා....

ජීවිතේ නොහිතුව දේවල් වෙද්දි මේතරම් ආදරේ අහිමි වෙන්න එයාට වැදුන ශාපේ මොකක්ද....

.
.
.
2 months later...

" පැටියෝ... ඔම්මා ට ආදරෙයි නේද... මගේ ආදරේ ... "
කෙල්ල බඩත් අල්ලගන සෝෆා එකට වෙලා තනියම බඩත් එක්ක කියෝනවා...

කෙල්ල ගෙවුන දවස් ටිකේ ගොඩක් මානසිකව වැටුනා... ශරීරයට හරි පෝශනයක් ලැනුනෙත් නැති තරම්.... ..

දැන් ඒ ඇස් කලුවර ට හුරුයි.... එන්න එන්නම කෙල්ල ආලෝකයට දඩා කලුවරට හුරුන්වෙන්න ගත්තා ....ගෙදර උනත් කෙල්ල හිටියෙම ටේහ්‍යුන් ගේ කාමරේ...

ටේහ්‍යුන් ට පොරොන්දු උනා වගේම කෙල්ල දරුවව ස්කෑන් කලේ නෑ... ඒ වගේම ටේහ්‍යුන් එනකන් දරුවට නමක් දුන්නෙත් නැ..

දැන් ඒ බඩට මාස දෙකක් හමාරක්... ටේහ්‍යුන් ගේ office එකේ හිටිය එයාගේ මැනේජර් පාර්ක් ව හම්බවෙලා තමයි කෙල්ල ටේහ්‍යුන් වලලපු තැන ගැන දැන ගත්තේ .. ..

කෙල්ල ගියා... එයාලගේ එකම ආදරේ සංකේතයත් අරගන කොල්ලගෙ සොහොන ලගට ඇවිදන් ගියා...

' Kim Taehyung '

පුවරුවේ ගහලා තිබ්බ ඒ වචනේ උඩින් කෙල්ල ලාවට එයාගේ ඇගිලි ගෙනිච්චේ ඒ මූණේ තමන්ගේ අත ගෑවෙද්දි දැනුන ස්පර්ශය ආයෙත් මතක් කර ගන්න ගමන්....

ඉතින්... ඒ ආදරේ මෙහෙම කෙලවර වේවිද... ?

ඉයුන් බී දරුවෙක් එක්ක තනි වේවිද... ?

එයා ජීවිතේ ඉස්සරහට ගෙනියයිද... ටේහ්‍යුන් ගේ නාමයෙන්... ?

.
.
.






________________________________________

අනේ කොටයි පැටවු... මහන්සියි මට ඇත්තටම ... වැඩ ගොඩායි..

මේක ලියද්දිත් නිදා වැටෙනවා මාව... අනේ වැරදි ඇති ඒ නිසා අකුරුවල... 😥

හ්ම්ම්... කතාව දුක්ඛදායී වෙයිද... ?

නෑ නෑ... ඉස්සරහට කතාව එන්නේ love syndrome එකක් එක්ක අලුත් වෙලා ... 🤓🤓

හී හී... යන්නම් කෝ...
ලබන සතියෙන් පස්සේ නම් දිගට ලියන්න පුළුවන් වෙයි...

Borahae 💜️💜️

__Candy__

Continue Reading

You'll Also Like

178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
293K 50.2K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
39.5K 5.8K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
45.5K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉