RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ සීතල හැගීම්...

396 87 55
By cHerRy_MinShi_

" ජිමී පොඩ්ඩක් බලන්නකො කවුද ඇවිල්ල ඉන්නෙ කියලා මම කුස්සියේ..."

ටික දවසකින් විවේකයක් හමුවුන නිසා ජින් දවල් වරුව හිටියෙ ගෙදර කෑමක් හදන ගමන්..එයාගෙ අදහස වුනේ හවසට හොබීව බලන්න යන්න.. ඒකම තමයි අද කෑමක් හදන්න යන්නෙත් විශේශෙන්ම.. කුක් හොබී බලන්න ගිහින් හිටිය නිසා ජිමී ටේ එක්ක සාලෙට වෙලා කියව කියව හිටියා..ඔය අතරෙ තමයි ජින් ගෙ ගෙදර දොරට කවුරුහරි තට්ටු කරන සද්දයක් ඇහුනේ.. ජින් කියපු ගමන්ම ජිමී දුවගෙන ගිහීන් දොර ඇරියා..දොර ඇරුනු පාර ජිමී බයවෙලා පිටිපස්සට පැන්නෙ එතන හිටගෙන හිටියෙ යුන්ගි නිසා..ජින් කිව්වත් යුන්ගි ඒවි කියල මේ වෙලාවෙ ඒවි කියල නම් ජිමී කොහෙත්ම හිතුවෙ නෑ..

" හි.හියුන්ග්..ලූනා!!!! මේ ඔයාද..යුන්ගි හියුන්ග්..දෙයියනේ ජින් හියුන්ග් යුන්ගි හියුන්ග් ඇවිල්ලා.."

ජිමී එකපාරටම යුන්ගිගෙ ඇගට පැනල බදාගත්තා..කොච්චර තදින්ද කියනවනම් යුන්ගිව තව ටිකෙන් ඇදගෙන වැටෙනවා..ජිමීට ඇඩෙන්නත් වගේ.. එයාට හිතාගන්න බෑ මේක මේ රෑට පේන හීනයක්ද කියලත්..යුන්ගි ජිමීවත් වාරු කරගෙන ගමන්  මලු ටික බිමින් තිබ්බා.. හුග කාලෙකින්..ලොකු කාලෙකට පස්සෙ ගම තාම තිබුනු විදිහමයි.. කවුරුත්ම වෙනස් වෙලා නෑ..යුන්ගිට සතුටු හිතුනා..

" පිස්සු හියුන්ග්..මාව දාල ගියා.. අපිට ඔයාව හුගක් මතක් වුනා.."

ජිමී යුන්ගිගෙ පපුව අස්සෙමමූන ඔබාගෙන අත මිටි කරලා යුන්ගිගෙ පපුවට ගහගෙන ගහගෙන ගියා.. ජිමී ඉතින් කාගෙත් හුරතලානෙ.. 

" මොකද ලමයි කෑගහන්- යුන්ගියා... මගෙ දෙයියනේ ඔයා ආවද.."

ජින් හැන්දත් උස්සගෙනම සාලෙට ආවෙ ජිමී කෑගහල කිව්ව එක ඇහුනු නැති නිසා..ටේටත් එතකොට තමයි කාරනේ පෙනුනෙ.. යුන්ගි ඉතින් ජින් එක්කත් හිනාවුනා..

" එන්න එන්න ඇතුලට..දන්නෙත් නෑනෙ ඉතින් ආව කියලා..ජිමී හියුන්ග් ට අමාරුයි දැන් ඔය කරෙන් බහින්න.."

ජින් ඉක්මනින් ගිහින් ජිමීව එහාට කරලා යුන්ගිට ඇතුලට එන්න දුන්නා..ටේත් ඉක්මනින් ගිහින් එලියෙ තිබුනු ගමන් මලු කීපයම ඇතුලින් තිබ්බා..

" ජුන් හියුන්ග් නැද්ද ජින් හියුන්ග්.."

යුන්ගි හතරවටේ ඇස් යවන ගමන් කිව්වා.. යුන්ගිට කතාකරන්න පටන් ගන්න ඕන කොහෙන්ද කියල හිතාගන්න බෑ..ඔක්කොමත් හරි ලැජ්ජාවකුත් දැනුනා..

" එයාට වැඩනෙ යුන්ගි.. කුක් යාලුවෙක්ගෙ ගෙදර ගිහින්.."

ජින් යුන්ගි ලගින් වාඩිවෙලා කතාව පටන් ගත්තා.. ජිමී කුස්සියට ගියේ යුන්ගිට බොන්න මොනාහරි හදාගෙන එන්න..

" අහ් එහෙමද.. ඉතින් හියුන්ග්.."

" යුන්ගි හුගක් කෙට්ටු වෙලානෙ.. මොකෝ ගිය තැන කෑම නැතුවද..?"

ජින් ඇහුවෙ නිකන් සමච්චලේට වගේ යුන්ගිගෙ උරහිසට තට්ටුවක් දාන ගමන්..

" කෑම නැතුව නෙමේ..හුස්මක් ගන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ.. කකා ඉන්න නෙමේනෙ ගියේ.."

යුන්ගිත් ජින්ට හරහට කතාවක් කිව්වා..

" කකා ඉන්න නෙමේ නම් අහවල් එකකටද ගියේ..අනේ මේ යුන්ගි ඔය ගැන කතාකරල මගෙන් අහගන්න එපා හොදද.."

ජින් ඒක කිව්වෙ ඇත්තම කේන්තියෙන් වුනත් හිනාවෙවී..මොකෝ ආපු ගමන් යුන්ගි එක්ක රන්ඩු වෙන්නයැ..කවුද දන්නෙ ආපිට හැරිලවත් ගියොත්..

" හරි ඉතින් දැන් මම ආවනෙ.. මොකක්ද හියුන්ග් ආපු ගමන් බනින්නෙ..මට මහන්සියි.."

යුන්ගි තමන්ගෙ වැරැද්ද නිසා කරබාගෙනම හිටියා..ජින්ගෙ කට අවුස්සගත්තොත් වරුවක් බනියි යුන්ගිට..

" ඇදුම් මාරු කරගෙන එන්නකො මුලින්ම එහෙනම්.. කෑම කාල කතාකරන්න බැරියැ.."

ජින් යුන්ගිගෙ පිටට තට්ටුවක් දාගෙනම නැගිට්ටා.. ටේ යුන්ගි එක්කම උඩ තට්ටුවට ගියා..යුන්ගිට හොබී  ගැන අහන්නත් ඕන..ලොකුවටම උවමනායි..ඕක අහල ජින්ගෙන් හැමෝම ඉස්සරහ බැනුම් අහගන්නත් යුන්ගි බයයි.. ඉතින් යුන්ගි ටේව අල්ලගත්ත ඒකට..

යුන්ගි ටේ එක්කම කාමරේකට ගිහින් දොර වහල දැම්මා.. පව් ටේ ආවෙ ඇදුම් දීල යන්න..දැන් යුන්ගි බලහත්කාරකමුත් කරන්න යනවා..

" යුන්ගි හියුන්ග් මේ මොකද..?"

ටේ ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවා..

" මොකුත් නෑ..මේ.. මට ඇදුම දෙනවා.."

යුන්ගි කරපු වැඩේ ගැන මතක් වෙලා ලැජ්ජාව වහගන්න  තරහෙන් වගේ ටේගෙ අතේ තිබුනු ඇදුම උදුරල ගත්තා..

" ඉල්ලුවනම් දෙනවනෙ.. මෙතන..හහ්.."

ටේ හැදුවෙ රවාගෙනම යන්න.. යුන්ගි නානවනෙ ඉතින්..ඉක්මනින් ටේව අල්ලගත්තා යන්න නොදී..

" ටේ හොබී ඇයි නැත්තෙ..?"

සාමාන්‍යෙන් හැමෝම ඉන්න තැනක හොබි නොහිටි එක ගැන යුන්ගිට අමුත්තක් දැනුනා.. 

" නැත්තෙ කොහෙද අර ඉන්නෙ හොදට.."

ටේටත් යුන්ගි හොබී ගැන අහද්දි තරහ හිතුනා.. ඒ නිසාමයි වැඩිය නොකියා අගේ කරේ..

" මම ඇත්තටම අහන්නෙ ටේහියුන්ග් හොබී කොහෙද.."

ඒ වතාවෙනම් යුන්ගිට ඇත්තටම තරහ ගියා.. 

" ඉතින් ඒක තමයි කිව්වෙ හොදට ඉන්නව කියල ගෙදර!!!..ගෙ..ද..ර.. මේ පාරෙන් දිගටම ගියහම තියන ඔයාගෙ ගෙදර..කිව්වට තේරෙන්නෙ නැද්ද හහ්.. ඔයා හොබී ගැන කතාකරද්දි මට කේන්තියි යුන්ගි හියුන්ග්.. ඒ නිසා මගෙන් අහන්න එපා.."

ටේ කවදාකවත් නැතුව යුන්ගිට කෑගැහුවා..ඇයි හැමෝටම හොබී ගැන අහද්දි තරහ යන්නෙ..? යුන්ගිට ප්‍රශ්නයක්..ටේ යුන්ගිගෙ කේන්තියෙන් පුපුරු හලෙන ඇස් දිහා බලාගෙන ඉදලා හයියිඑන් දොර වහගෙන එලියට ගියා..ටේගෙ මූනත් රතු වෙලා.. ටේට මතක් වුනේ එදා එයා කුක් ගෙ කනට ගහපු දවස..දැනුත් දැනෙන්නෙ ඒ තරම් කේන්තියක්..

යුන්ගි කේන්තියෙන්ම ඇදුමත් විසි කරල ඇදෙන් ඉද ගත්තා.. යුන්ගිට පිස්සු වගේ..කවුරුත් මොකුත් කියන්නෙ නෑ..හැමෝම යුන්ගිට දොස් පවරනව වගෙයි යුන්ගිට දැනුනෙ..ඒ දුකටම යුන්ගිගෙ ඇස් තෙත් වුනා..ගෙදර ආවෙ සතුටින් ඉන්න..ඒත් දැන් සතුටක් දැනෙන්නෙත් නැති තරම්..

ටික වෙලාවකින් ජිමී හිමින් හිමින් දොර අස්සෙන් මූන දාල යුන්ගි දිහා බැලුවා.. ජිමීට දුකයි හැමෝම යුන්ගිට බනිද්දි..ඉතින් යුන්ගි ජිමීව දැක්ක ගමන්ම ජිමී ඉක්මනට යුන්ගි ලගට දුවගෙන ගිහින් එයා ලගින් ඉද ගත්තා..

" ඇයි හියුන්ග් කේන්තියෙන් ඉන්න..අනේ කේන්ති ගන්න එපා.."

ජිමී යුන්ගිගෙ අත් දෙකෙන් තදින් අල්ලගත්තා...

" මොකුත් නෑ ජිමී.. මගෙ ඔලුව රිදෙනව ඒකයි.."

යුන්ගි අහක බලාගෙන කිව්ව..ජිමී ඉක්මනට යුන්ගිගෙ ඔලුව අතගාන්න ගත්තා..ජිමී මොකක් වුනත් එයාගෙ හියුන්ග්ට හුගක් ආදරෙයි..

" හොබී , හියුන්ග් එනකන් බලාගෙන ඇත්තෙ.."

ජිමී යුන්ගිට කිව්වෙ එයාගෙ මූන වෙනස් වෙන හැටි බලාගෙන.. යුන්ගිගෙ මූනෙ තිබුනෙ උනන්දුවක්..

" ඇයි එයා එහෙ ඉන්නෙ..? එයා තනියෙම ඉන්නෙ නෑනෙ හුගක් වෙලාවට.."

" නෑනෙ හියුන්ග් පැටි- අහ්.. මේ.. හොබී ගෙදර අස් කරනව කිව්ව අද..ඒකයි ආවෙ නැත්තෙ.."

ජිමී ඉක්මනට කතාවක් හැදුවා..

" හ්ම්.. එහෙමද.."

" ඉතින් හියුන්ග් යන්නකො බලන්න..ඉවරනෙ.. අපි කියනවට වඩා ගියහම හියුන්ග් පුදුම වෙයි.."

" හවස් වෙලා යන්නම්.."

යුන්ගි කතාව ඉවර කරේ ජින් ජිමීට කැම බෙදන්න කතාකරපු ඉසා..ජිමී යුන්ගිට හාදුවකුත් දීගෙනම පහලට දුවල ගියා..

:

කෑම කන අතරේ නම්ජුනුත් ආපු නිසා කෑම මේසෙ කතා ගොඩකින් පිරිල ගියා..ජින් අවවාද කරපු නිසාම ටේ මොකුත් නොකියා සාමන්‍ය විදියට හැසිරෙන්න වග බලා ගත්තා.. යුන්ගිගෙ අලුත් තොරතුරු.. ඒ පලාතෙ තියන දේවල්..එහේ කෑම ..ඔය වගේ හුඅක් දේවල් එයාල කතාවුනා.. තව ගමේ සිද්දවුනු අලුත් දේවල්..ආච්චිගෙ බොරු අසනිපෙ ගැන ඔය හැමදේම එකදිගට ගලාගෙන ගියා..හුග කාලයක් තනියෙම හිටිය යුන්ගිට ආයෙ පවුල එක්ක ඉද්දි දැනෙන හැගීම විස්තර කරගන්නත් බැරි තරම්... අනිත් අයට වුනත් යුන්ගි නැති අඩුව වෙනද හුගක්ම දැනුනා.. ඉතින් අද දවස විශේශයි.. හැබැයි තාම කුක් ගෙදර ඇවිල්ල නෑ..ජිමී කිපවතාවක්ම වෙලාව බැලුවෙ කුක් කෑමටවත් ගෙදර ආපු නැති නිසා..සමහරවිට කුක් හොබී එක්ක කෑම උයන්න ඇති කියල ජිමී හිතුවා.. ඔය අතරෙ තමයි එකපාරටම දොරත් ඇරගෙන කුක් ගෙදරට ආවෙ..

" හියුන්ග් දන්නෙ නෑනෙ අද තව ටිකෙන්-"

කුක් කැගහගෙනම දොර වහල අනිත් පැත්ත හැරෙද්දි දැනුනෙ කෑම මේසෙ කට්ටිය වැඩියි වගේ..ඉතින් කුක් කතාව හිර කරගෙන ඉන්න කට්ටිය ගනන් කරගෙන ගියා.. කුක්ගෙ ඇස් ලොකු වුනේ යුන්ගිත් කෑම මේසෙ ඉදගෙන ඉන්න හැටි පෙනුනහම..

" මොනවා...යුන්ගි හියුන්ග් ඔයා..ඔයා ආවද..ලූනා!!!"

කුක් පුදුම වුනු පාර කැගැස්සුනා.. කවුද හිතුවෙ මේ හදිස්සියෙ යුන්ගි ඒවි කියලා..

" ඇති ඇති පුදුම වුනා..කෑම කාලද ආවෙ.."

ජින් කුක්ට කෑම මේසෙට කතා කලා..

" අහ්... ඔව් හියුන්ග්.. මම කාල ඉන්නෙ ආයෙ කන්න බෑ.."

කුක් කෑම මේසෙන් ඉදගත්තා..

" යුන්ගි හියුන්ග් ඇවිත් හුග වෙලාවක්ද.. මම හිතුවෙ නෑ අද ඒවි කියලා.."

" ඔව් කුක් හිතුවට වඩා ඉක්මනින් එන්න පුලුවන් වුනා.."

යුන්ගි වතුර වීදුරුවක් අතට ගන්න ගමන් කිව්වා..

හවස් වෙනකම්ම කතාව ඇදීගෙන ගිය නිසා කට්ටියට වෙලාව යනව දැනුනෙ නෑ..කොහොමහරි යාන්තම් ඉර බැහැගෙන යද්දි යුන්ගි ගෙදර යන්න ඕන කියල හිතුවා.. ඇරත් හොබී බලන්නත් ඕනනෙ.. ඉතින් යුන්ගි ගෙදර යන්න ලෑස්ති වුනා..

" යුන්ගි.. හොබීව තව රිද්දන්න එපා.. ඔයා දන්න ටිකට වඩා නොදන්න දේවල් ගොඩයි.."

ජින් යුන්ගි යන්න හදද්දිම යුන්ගිව නතර කරගෙන තනියෙම කතා කලා..යුන්ගිට ඒ කතාව නොතේරුනත් 'හා' කියන්න වගේ ඔලුව වනලා එකග වුනා.. යුන්ගිට කොහොමත් අදහසක් තිබුනෙ නෑ හොබීව රිද්දන්න..එයාට උවමනා හොබි එක්ක කතා කරන්න..

යුන්ගි කල්පනා කර කර ගෙදරට යන්න ගියා.. මේ පාරෙ ආයෙ වතාවක් ඇවිදීදි යුන්ගිට ඉස්සරම දවස් මතක් වුනා.. ඒ ඇතිවුනු සතුට එක්ක හිනාවක් මූනෙ ඇදුනා.. කොහොමහරි යුන්ගි හිටියෙ ගෙදර ඉස්සරහ.. මිදුලෙ වෙනද නොතිබුනු මල් පැල හුගක් තිබුනා..ඒ වගේම පිරිසුදු පෙනුමයි.. ගෙදරත් එලිය වැටිලා.. යුන්ගිට හිතට හරිම ආමුත්තක් දැනුනා.. ඒක නිකන් කියාගන්න නොතේරෙන හැගීමක්.. යුනිගෙ ඉවට ආගන්තුක දේවල් හුගක් අහුවුනා.. 

හොබී තනියම නෙමෙයිද ඉන්නෙ..?

යුන්ගිගෙ මූන අදුරුවෙලා ඇස් අමුතුවට දිලිසුනා..යුන්ගිට උවමනා වුනේ තමන්වම පාලනය කරගන්න..යුන්ගි තමන්ගෙ ඇල්ෆාව තදින්ම යටපත් කරගෙන හිටියා..සහකරුවන් විදියට අදුර ගත්තට පස්සෙ මේ එයාල හමුවෙන් පලවෙනි වතාව.. යුන්ගිට හදිසියෙම මතක් වුනා..

යුන්ගි ලොකු හුස්මක් අරගෙන දොරට තට්ටු කලා.. පලවෙනි පාර ප්‍රතිචාරයක් නැති තැන දෙවනි වතාවක්..එතකොටම හොබී හදිසියෙන් පඩිපෙල බැහැගෙන එන සද්දෙ යුන්ගිට ඇහුනා.. යුන්ගිගෙ හදවත හුගක් වේගෙන් හැහෙනවා.. හොබීගෙ ප්‍රතිචාරය මොන වගේ වේවිද..

දොර අගුලත් කැරකෙන හැටි යුන්ගි බලාගෙනයි හිටියෙ.. යුන්ගිට ඉබේම බිම බැලුනා..හුරුපුරුදු සූරියකාන්ත මල් සුවද යුන්ගිගෙ මූන වැදුනා.. යුන්ගිගෙ ඇල්ෆා වෙනදට වඩා කලබලෙන් කියලයි යුන්ගිට දැනුනෙ..

" මම හිතුවෙ ඔයාල තව හව-.."

හොබී කලබලෙන්ම දොර ඇරියත් එකපාරටම හුස්ම හිර වුනා වගෙයි දැනුනෙ.. ඒක කියගන්න බැරි හැගීමක්.. එකපාරටම ලොකු කාලෙකට පස්සෙ යුන්ගි එයා ඉස්සරහ හිටගෙන ඉන්නවා..හොබීට දැනුනෙ එයාව ගල් වෙලා වගෙයි..උගුරෙන් වචන පිටවෙන්නෙ නෑ.. හද ගැස්මත් ඕනවට වැඩියි..හොබී යුන්ගිගෙ ඇස් දිහාම එකදිගට බලන් හිටියා..එයාට වෙන මොකවත් දැනෙන්නෙ නැති ගානයි..

යුන්ගිගෙ ඇස් හොබිව මුනගැහෙනවත් එක්කම හරිම දීප්තියකින් පිරිල ගියා..හොබී පෙනුමෙන් හුගක් වෙනස් වෙලා වගෙයි යුන්ගිට හිතුනේ.. ලා කහ පාට ඇගට හිරවෙන ඇදුමට හොබීව පුංචි මලක් වගේ පෙනුනා.. ඇස් වලට වැටෙන මුරන්ඩු කොන්ඩ කෑලි.. දිලිසෙන හිනාවෙන ඇස්.. රෝස පාට කම්මුල්..ලූනා!!! යුන්ගිට කොච්චර මතක් වෙන්න ඇතිද..? ඒත්..

ඒත් යුන්ගිට මොහොතකින් අමුත්තක් තේරුනා..

හොබීගෙ අවුල් වුනු කොන්ඩෙ , බාගෙට ගැලවුනු බද පටිය , පිලිවෙලක් නැති ඇදුම ඒව යුන්ගිට වැරදි අදහස් ගොඩක් ඇති කරන්න තරමට පෙනුනා.. හොබී ඇයි අවුල් වුනු පෙනුමකින් පේන්නෙ.. යුන්ගිගෙ ඇස් ආපහුම අදුරු වුනා.. යුන්ගි හොබී ලගට එන්න අඩියක් ඉස්සරහට තියද්දිම හොබී නිරායාසයෙන්ම පිටිපස්සට වුනා.. යුන්ගිට මේ හැසිරීම අමුතුයි.. ඒ එක්කම දෙන්න ගැස්සුනේ පොඩි දරුවෙක් කෑගහල අඩන සද්දෙන්..ඒක ආවෙ උඩ තට්ටුවෙ කාමරේකින්..හොබී හදිසියෙම කලබල වුනා..

" යුන්ගි..එන්න ඇතුලට.."

හොබී බය පිරුනු ඇස් වලින් යුන්ගිට ආරාදනා කරලා උඩ තට්ටුවට දුවගෙන ගියා..ටිකකින් දරුවගෙ ඇඩිල්ලත් නතරවෙලා ගියා..

යුන්ගිට දැනුනෙ එයාගෙ කකුල් පන නැතිවෙලා යනව වගේ.. යුන්ගි දැනටමත් පරක්කුද..ඒ දරුව කාගෙද...ඇයි හොබී අමුතු..යුන්ගිගෙ ඔලුවෙ එකපිට එක ප්‍රශ්න දෝංකාර දුන්නා.. යුන්ගි ඉක්මනින් පුටුවකින් වාඩි වුනා.. ඇයි ජින් කිව්වෙ නැත්තෙ හොබී විවාහ වෙලා කියලා..යුන්ගිට තදින් ඔලුවෙ කැක්කුමක් දැනුනා.. එයාගෙ මුලු හිතම එකපාර කටු සීයකින් විතර ඇනල අඩපන කරල දානව වගෙයි දැනුනෙ..යුන්ගිව වෙවුලුවා.. ඒ වේදනාව යුන්ගිව ඇතුලාන්තයෙන් අන්තෙටම පුච්චලා දැම්මා.. හොබී එයාව අමතක කරලා.. 

" ඇයි මම ආපිට ආවෙ.."

යුන්ගි තමන්ගෙන්ම ඇහුවා..හොබී හදාගෙන ඉන්න ජීවිතේ විනාස කරන්න යුන්ගිට උවමනා නෑ..කොහොමටත් යුන්ගි දැන් උවමනාවටත් වඩා පරක්කුයි.. යුන්ගිට ආපිට යන්න උවමනා වුනා.. තදින්ම උවමනා වුනා.. මේ වේදනාවට වඩා යුන්ගිට ඕන වුනේ තනියෙම ඉන්න.. ආයෙම කිසිදවසක ගමට නොඑන්න.. ඒත් යුන්ගිට තව එකම එක වතාවක්..එකම එක වතාවක් තමන් ආදරේ කරපු..තාම ආදරේ කරන ඔමේගගෙ මූන බලන්න උවමනා වුනා.. යුන්ගි අමාරුවෙන් වුනත් එක වතාවකට හිත හදාගත්තා.. හොබීව දකින්න..

යුන්ගි පඩිපෙල නැගගෙන උඩ තට්ටුවට ගියා..ලා පාට තිර රෙදි වලින් ගලාගෙන එන මලානික ඉර එලියෙන් ගෙදර පිරිලා ගිහින් තිබුනා.. ඒ ඇරෙන්න ගෙදර හරිම නිහඩයි.. යුන්ගිගෙ ඉවට හරි හුරුපුරුදු සුවදක් දැනුනා..හොබීගෙ සුවද ඇරෙන්න අනිත් සුවද යුන්ගිට ගෙනාවෙ ආදරනීය හැගීමක්.. යුන්ගිව මොහොතකට නිවුනා.. 

යුන්ගිට උඩ තට්ටුවේ ජනේලෙකින් පෙරිලා ඒ ඉර එලිය දොරට වැටිලා තියන හැටි පෙනුනා.. හොබී දරුවෙක්ව එහෙට මෙහෙට පද්දනගමන් නලවන හැටි යුන්ගිට දොරට වැටුනු හෙවනැල්ලෙන් පෙනුනා.. ඒක බලන් ඉන්න තරමට ලස්සනයි.. යුන්ගිගෙ හිත පුදුම තරම් සන්සුන් වුනා.. ඒත් යුන්ගි නවතින්නෙ නැතුවම කාමරේට ගියා..

හොබී තනියම ඉන්න පෙනුමක් තමයි පේන්න තිබුනේ.. වෙන ඇල්ෆාවෙක් ඉන්නව කියල පේන්න තිබුනෙ නෑ..යුන්ගිගෙ හිතේ දාහක් ප්‍රශ්න ඇතිවෙලා නැතිවෙලා ගියා.. 

හොබී යුන්ගිට පිටුපාලා පැටියව පපුවට තුරුලු කරගෙන හිටියා.. සීතල හුලං පාරවල් නිසා හොබීගෙ කොන්ඩ කෑලි එහෙමෙහෙ ඇවිස්සෙනවා..හොබීත් ඇස් පියාගෙනම පැටියව හරිම ආදරෙන් තුරුලු කරගෙන ඉන්නවා..යුන්ගිට හිතට දුකක් එකතු වුනත් පොඩි ඉරිසියාවකුත් ඒ එක්කම එකතු වුනා.. හොබී එයාගෙම විතරයි..යුන්ගි හිතාගෙන හිටියෙ එහෙමයි.. යුන්ගිට දනුනා යුන්ගිගෙ ඇල්ෆා තරමක් කේන්තියෙන් ඉන්න බව..යුන්ගිට ඒක නතර කරගන්න උවමනා වුනත් ඊට කලින් ඇල්ෆා ඉස්සර වුනා..

හොබී පැටියව ආපහු ඇදෙන් තියන්න හැරෙද්දිම ගැස්සුනේ යුන්ගි රතුපාට වුනු ඇස් වලින් තමන් දිහා බලන් ඉන්න හැටි දැකලා..හොබී බයටම වෙවුලුවා..යුන්ගි මොන වගේ හැසිරෙයිද හොබීට අදහසක් තිබුනෙ නෑ.. හොබී ඉක්මනින් පැටියව ඇදෙන් තියලා හොදට පොරවලා යුන්ගි දිහා බැලුවා..හොබිගෙ අහින්සක ඇස් යුන්ගිව ඇවිලුවා.. යුන්ගි හොබී ලගට ඇවිදගෙන ඉද්දි හොබී මූන බිමට හරවගත්තා..හොබිගෙ ඇස් වලින් කදුලු එක දිගට කඩා හැලෙනවා..ඒව නවතින්නෙත් නෑ..

යුන්ගි හොබීගෙ උරහිසින් පිටිපස්සට තල්ලු කරලා බිත්තියට හිර කරගත්තා.. යුන්ගිගෙ උනුම උනු හුස්ම නොසන්සුන්ව හොබීගෙ මූනෙ වදිනවා.ඒක හොබීව තව අපහසුතාවෙට පත් කලා.. යුන්ගි රතු පාට ඇස් වලින් දිගටම හොබීගෙ හම හසිරීමක්ම බලාගෙන හිටියා.. හොබී කතානොකරන එක යුන්ගිව තව ටිකක් කේන්ති ගැස්සුවා..

" හෝසොක්..!!!"

යුන්ගි කතාකලා..යුන්ගිගෙ කටහඩ හොබීගෙ හිතට කිනිස්සකින් පාරනව වගේ හැගීමක් ගෙනාවෙ.. හොබීට කෑගහල අඩන්න උවමනා වුනා..

" කතාකරනවා..!!!"

යුන්ගි බලෙන්ම හොබීගෙ මූන එයාගෙ ඇස් වලට කෙලින් හරවගත්තා..හොබීගෙ අහින්සක ඇස් රතුවෙලා මැලවිලා ගිහින්.. 

" යු-යුන්ගිහ්.. අනේ එලියට යමු.. කෑගහන්න එපා.."

හොබීට බය හිතුනා පැටියා අවදි වේවි කියලත්.. එයා ඒ වෙලාවෙත් පැටිය ගැන හිතුවා..

" කාගෙද මේ ලමයා..ආහ්..!! මම ගියාට පස්සෙ ඕකද ඕන වෙලා තිබුනෙ.. කියනව කාගෙද ලමය කියල!!"

යුන්ගිව කේන්තියටම වෙවුලනව හොබිට දැනුනා.. කාලෙකට කලින් වචනෙකින්වත් රිද්දපු නැති අල්ෆාමද මේ කියලා හොබීට හිතුනා..

" මගේ.. මගේ දරුවා.."

හොබී වෙවුලන කටහඩින්ම කිව්වා.. ඒ එක්කම හොබීට කේන්තියකුත් මතුවුනා..හැමදේටම පස්සෙ ඇවිල්ලා තව හොබීව රිද්දන එකට..මෙච්චර කල් හොබී මැරි මැරි ඉපදුනා මදිද..?

" මොකක්ද..!!!"

යුන්ගි හොබීගෙ මූන තදින්ම අල්ලුවා..ඇගිලිපාර තදින්ම හිටින හැටියට..ඒත් තවදුරටත් ඉවසන්න යටහත්ව ඉන්න හොබීට අමාරු වුනා..තමන්ගෙ දරුවට මොකුත් කියනවට හොබි කැමති වුනේ නෑ.. හොබී පුලුවන්තරම් හයියෙන් යුන්ගිව පිටිපස්සට තල්ලු කරල දැම්මා.. 

" මගේ............!!! මගේ දරුව..තමුන්ගෙයි මගෙයි දෙන්නගෙම.. !!මින් යුන්ගිහ්.. යනව කාමරෙන් එලියට..මට තව තමුන්ගෙ මූන බලන්නවත් ඕන නෑ.. මෙච්චර කාලයක්ම තමුන් කරපුව හොදටම ඇති..දෙයියන්ගෙ නාමෙට යනව යන්න යුන්ගි.. "

හොබීට කෑගහල පුදුද්දක් තිබුනෙ නෑ..ඇරත් හොබී මෙච්චර කාලෙකට කාටවත්ම මෙච්චර නපුරු විදියට කතාකරල තිබුනෙ නෑ.. හොබීට ඇඩුනා..ඒ වෙලාවෙ අඩන්න උවමනා නොවුනත් හොබීට කේන්තියටම ඇඩුනා..හොබී බිමට කාඩගෙන වැටිලා මූන අත් දෙකෙන්ම වහගෙන ඇඩුවා..හයියෙන් ඉකි වැටෙනකම්ම..  යුන්ගි කතාකරන්නෙ ඒ දරුවා තමන්ගෙ නොවුනු ගානට.. හොබීගෙ හිත පෑරෙන එකේ සීමාවක් නෑ.. වේදනාවම විතරයි..

යුන්ගිට අදහගන්න බැරිවුනා හොබී කියපු දේ.. ඒ දරුව තමන්ගෙ..?? යුන්ගිගෙ ඇල්ෆා සාමාන්‍ය වුනහම යුන්ගිගෙ ඔලුව රිදෙන්න ගත්තා පුපුරන්න තරමට.. යුන්ගිට හොබී බිම වැටිලා අඩන හැටියෙන් එයා ලගට යන්න උවමනා වුනත් ඒකට බය හිතුනා..යුන්ගිගෙ ඇස් දිව්වෙ ඇදේ සනීපෙට නිදාගෙන ඉන්න පැටිය දිහාවට..එයාගෙ පැටිය දිහාවට.. යුන්ගිගෙ ඇස් කදුලු වලින් පිරිල ගියා බොහොම ඉක්මනින්.. ඇත්තටම යුන්ගි පරක්කුයි..උවමනාවටත් වඩා පරක්කුයි.. යුන්ගි හොබී ඉස්සරහ අඩන්න බැරි කමට කාමරෙන් එලියට ඇවිත් තදින් දොර වහල දැම්මා..ඒත් හොබීගෙ කටහඩ යුන්ගිගෙ කන පුරාම දෝංකාර දෙනව වගේ..තාමත් යුන්ගිට හොබී අඩන සද්දෙ හොදටම ඇහෙනවා.. යුන්ගි අනිත් කාමරේට ගිහින් දොර වහල දැම්මා..යුන්ගිගෙ හදවත තමන් කරපු වරදෙන් මිදෙන්න දුන්නෙම නෑ..ආයෙ ආයෙම මතක් කර කර රිද්දුවා..  යුන්ගි ඇඩුවා.. හොබීගෙ අහින්සක ඇස් මතක් වෙන හැම සැරේකම හුගක් ඇඩුවා.. පලවෙනි වතාවට යුන්ගි හුඅක් වෙලා ඇඩුවා.. යුන්ගිට ආයෙම මුලට යන්න උවමනා වුනා..යුන්ගි දැනුත් කරේ හොබීව රිද්දපු එක.. යුන්ගි කොහොමද එයා කරපු වරදින් පැනල යන්නෙ..??

ඉස්සර සතුටින් පිරිලා තිබුනු ගෙදරක අද ඒ දෙන්නම බිත්තියකින් වෙන්වුනු කාමර දෙකක ඉදලා කදුලු හලනවා.. හරිම පාලුවකට වගේ හුලං ජනෙල් කවුලුවෙන් ගලාගෙන ඇවිත් සරින් සැරේ හොබීගෙ වගේම යුන්ගිගෙ කදුලු පිහිදුවා.. මුලු ගෙදරම ගොම්මන් අදුර එක්ක දුක්බර පෙනුමක් අරන් තිබුනා..

ආදරේදි කෙනෙක්ට රිදෙන්න පුලුවන් තරමෙ සීමාවක් නෑ.. ආයෙ ආයෙ හැමදේම අග ඉදන් මුලට.. වගේම මුල ඉදන් අගට රිද්දන එක විතරමයි වුනේ..









































________________________

හේයි මා බියුටිපුල් ගර්ල්ස්..😱😁😘
හනෙව් බබාලා ඩෝන්ට් බී කලබල..අද විතරයි එයාල අඩන්නෙ හරිද..😉😉😉
කමක් නෑනෙ..කෝකෝ ඕතරීට බැනපුව ඉල්ලා අස් කරගන්න..😭😭😭
හනේ හනේ පලු ඇරිය නේත මගේ..🙂🙂( මේ විදින වේදනා..... )

ඒත් ඇත්තම කතාව ආදරේදි මනුස්සයෙක්ට රිදෙන එකේ සිමාවක් නෑ.. ඒක නිසා ආදරේදි පරිස්සම් වෙන්න..❤

හිහික්..🥰🥰🥰 මම ගිහින් එන්නදෝ..ඉක්මනට එන්නම් බබාලා.... ලව් යු සෝඕඕඕඕඕඕ මච්..ම්ම්ම්ම්වාහ්හ්..

STAY SAFE

cherry-minshi
luv urself❤❤💜💜

100---











Continue Reading

You'll Also Like

24.2K 1.1K 40
တစ်ပါးသူတစ်ယောက်ကို အမှီပြုပြီးမှရှင်သန်ရတဲ့ဘဝမျိုးကို မင်းသိလား...၊ ခပ်မြင့်မြင့်ရောက်ချင်လွန်းလို့ တွေ့ကရာဖက်တွယ်ပြီး ရှင်သန်ရတဲ့နွယ်မျှင်တွေနဲ့တော...
474K 89.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
1.4K 414 6
I'm waiting for you to come back to me ... I'm waiting for that little but dream. Please find me .... 12/03/2022
6.1K 1.6K 11
හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය...