RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ හොබීගෙ වෙනස...

373 76 24
By cHerRy_MinShi_

පැටියා ලැබිලා කීපදවසකින් හොබී රෝහලේ ඉදලා ගෙදර ආපු නිසා මේ දවස්වල හොබී රැදුනෙම ගෙදර..ඔක්කොමත් හරි සුබපැතුම් වලිනුයි හොබීට බේරෙන්නම බැරිවුනේ..හොබී නැතත් යුන්ගි ටිකක් කැපිල පේන චරිතයක් නිසා හැමෝම ආවෙ යුන්ගිගෙ පැටියව බලල යන්නයි..ඉතින් ආවම එයාගෙ නහය යුන්ගිගෙ වගේ , සුදුපාට යුන්ගිගෙමයි , ඇස් කලුම කලු.. හරමයි මෙහෙමයි හොබීට අහලම එපා වෙලයි තිබුනේ.. අනික හොබී ටිකක් විතර කැමති නෑ පැටියව හැමෝම අල්ලනවට..

දැන් සති එකහමාරක් විතර වෙන පැටියා මුලු දවසෙම කරන්නෙ නිදාගන්නවා, කිරි බොනවා, අඩනවා, ආයෙම නිදාගන්නව ඔච්චරම තමයි.. ජින්,ටේ,කුක්,ජිමී,ජුන් එයාලට ඉඩ තියන හැම වෙලාවකම වගේ හිටියෙ හොබී එක්කන්..මොකද හොබී කවුරුත් නැති ගෙදරක දරුවෙක් බලාගන්න එක ගැන මොකුත්ම දන්නෙ නැතුව තනියෙමයි හිටියෙ.. හොබී කෑම හදාගන්න ටිකටත් ඉන්නෙ හුගක් බයෙන්..පැටිය නින්දෙන්ම දගගලා ඇදෙන් වැටෙයි කියල හොබීට බයයි.. නැත්නම් මූන කොට්ටෙට තද කරගෙනවත්ද..හොබීට බය හිතෙන එක සාදාරනයි.. ඒ වෙලාවට හොබී පැටියව පහල කාමරේක නිදි කරවලා වටේටම කොට්ට තියලා පැටියව ඇද මැද්දෙන් තියෙනවා..ආයෙ සැරින් සැරේ ඇවිත් බලනවා මොකද වෙන්නෙ කියලා..හොබීට ජිමීවත් ආපු වෙලාවක තමයි රෙදි සෝදගන්න,පිරිසිදු වෙන්නවත් වෙලාවක් හම්බුනේ..දැන්නම් හොබීට ගෙදර කාගෙමහරි උදවු වල උවමනාව තදින් දැනුනා..යුන්ගිවත් හිටියනම් එයාට මෙච්චර වැඩ වල අමාරුවක් නෑ..

දවසක් හොබී කණ්ණාඩියෙන් එයාගෙම ඇග දිහා බලාගෙන හිටියා..පැටියෙක් හම්බුනාට මොකද හොබීගෙ කලින් නැතිවෙලා තුබුනු පෙනුම ආයෙ මතුවෙන්න පටන් අරන් තුබුනා..කකුල් වල තිබුනු ඉදිමුම නැතිවෙලා ගිහින්,මූනෙ තිබුනු ලෙඩ ගතිය මැකිලා තිබුනා.. හොබීට සතුටු හිතුනා ආයෙම එයා කලින් වගේ ඉන්න එක ගැන..

හොබී කලින් කිව්ව වගේ මහත ඔමෙගාවෙක් නෙමෙයි..හොබීට තිබුනෙ හරිම සැහැල්ලු ඇගක්.. බොහොම හීනි ඉනක්.. ඒක කොච්චරටම හොබීට ගැලපෙනවද කිව්වොත් හොබී ඇවිදිද්දි බලන් ඉන්න තරමටම ආස හිතෙනවා..  හොබී කන්නඩිය ලගම තිබුනු ලාච්චුවකට අත දාල ගත්තෙ පහුගිය කාලෙ පුරාවටම ගලවලා තිබුනු ඉන පලදනාව.. හොබී ඒකට හුගක්ම කැමති නිසා ඉන හරියෙන් හොබීට ලොකු අඩුවක් වගේ දැනුනෙ.. 

හොබී ඉන පලදනාව අරගෙන ඉන ලගින් ගැටගහගත්තා.. හොබීගෙ කිරිම කිරි පාට හමට රතුපාටට වැඩදාපු හීනි පලදනාව ගෙනාවෙ කියන්න බැරි තරම් පෙනුමක්.. ඒක ටිකක් විතර සරාගියි වගේ.. මේ පලදනාවෙම අනිත් එක..ඒක තිබුනෙ යුන්ගි ගාව..හොබීට දැනගන්න ලොකු උවමනාවක් ආවා ඒක තාම යුන්ගි ලග තියේද කියලා..

හොබීට පිම්බුනු හැන්බොක්ම ඇදලා ඇදලා එපා වෙලයි තිබුනෙ,ඇරත් ඒව ටිකක් පරන නිසා හොබී මුලු අල්මාරියම ඇදලා පුටුවක් උඩින් දැම්මා අලුත් ඇදුම් තියෙන්නෙ මොනවද බලන්න.. හොබීගෙ පුරුද්ද උඩින්ම තියන ඇදුම මොකක් වුනත් ඒක පටලන් දුවන එක..රෝහලට ගියාම නිල ඇදුමක් උඩින් දාගෙන ඉන්න නිසා හොබීට අදගෙන යන්නෙ මොකක් වුනත් කමක් නෑ..විශේශ දවසක් තිබුනොත් විතරක් හොබී ලස්සනය් කියල හිතෙන ඇදුමක් ඇදගෙන යනවා.. මොකක් ඇන්දත් හොබීට ලස්සනයි.. 

පහතම හරියෙ තියන ඇදුම් හොබී දැකලවත් තිබුන ඒව නෙමෙයි.. සමහර ඒව හැන්ගිලාම ගිහින් ඇදුම් අස්සෙ.. හොබී පිම්බෙන හැන්බොක් ටික එහාට මෙහාට කරල බැලුවෙ අලුත් මෝස්තර තියන ඇදුම් මොනවද කියල..ජිමී එක්ක ඇදුම් ගන්න යන දවසට හොබීට බේරෙන්න බෑ අරක ගන්න මේක ගන්න අරක හරමයි මෙහෙමයි කියල..හොබිත් ඔක්කොම ගෙනැල්ල ගෙදරට දානව ආයෙ බලන්නෙත් නෑ මොනවද ගත්තෙ කියලත්.. ඔය අතරෙ හොබීට අහුවුනේ ගිය වසන්ත කාලෙදි ජින් අරගතිපු ඇදුමක්.. ඒක ඇගට හිර වෙලා පේන ඇදුමක්..මහත කෙනෙක්ටනම් අදින්න තියා හිතන්නවත් බැරි ඇදුමක්..හොබීට ඒකට හිත ගිය නිසා ඒ වගේ ඇදුම් තව තියේද කියල බලන්න ගත්තා.. පුදුමෙකට ඒ මෝස්තරේම තව අදුම් සෑහෙන්න හමුවුනු නිසා හොබී පරන ඇදුම් යටටම දාල අලුත් දැදුම් ටික නමලා උඩින් තිබ්බා.. අපරාදෙනෙ අදින්නත් එපැයි.. 

කාමරෙත් පොඩ්ඩක් වෙනස් කරන්න උවමනා වුනු නිසා හොබී පහල අරන්තියපු මල් බාජන කීපයක්ම අරගෙන අවිල්ල කාමරෙන් තිබ්බා..අනවශ්‍යයි කියල හිතුනු දේවල් සේරම පහල වැඩක් නැති දේවල් තියෙන කාමරේට දාල හොබී තිර රෙදිත් මාරු කරා.. ලා පාට තිර රෙදි වලින් ඉර එලිය වැටුනහම හරිම එලියයි..හොබී ඒකට කැමති වුනා.. කාමරෙන් නවතින්නෙ නැතුව හොබී ගෙදර උඩ තට්ටුව වගේම කුස්සිය, පහල තට්ටුව ඒවත් පෙනුම වෙනස් කලා..හැමදාම එකම පෙනුමට තිබිලා හොබීට මේව දැකලම එපාවෙලයි තිබුනෙ.. ගෙදර තිබුනු අදුරු පෙනුම ඇරිල ගිහින් අමුතු ලස්සනක් ගෙදරට ඇවිත් තිබුනා හොබීගෙ උදේ වරුවක්ම ගෙවුනු පිරිසිදු කිරීම් වලින් පස්සෙ..ඇත්තෙන්ම පහුගිය කලෙ කිසි වැඩක් කරගන්න බැරිවුනු නිසා හොබීට මේ දේවල් වලට වෙලාවක් වුනේ නෑ..

ගෙදරින් එලියෙත් , බංකුව ලගත් හොබී පිරිසිදු කලා.. වසන්ත කාලය ලගම එන නිසා හොබී කල්පනා කලේ අලුතින් මල් හිටවන්න මිදුලේ.. ඉතින් හොබී එයා කැමති විදියෙ මල් ජාති කීපයක්ම ලෑස්ති කලා මිදුලේ තියන්න.. තව මල් හිටවපු හුරුබුහුටි පෝච්චි කීපයක්ම හොබී ගෙදර ඇතුලින් තිබ්බා.. දැන් නම් කාලෙකින් යුන්ගිගෙ ගෙදර එලිය වෙලා පේනවා.. හොබී අලුත් වෙනසට කැමති වුනා.. වැඩ කරලම දාඩිය දාල හිටපු හොබීට පැටියා අවදිවෙන්න කලින් පිරිසිදු වෙන්න ඕන නිසා ඉක්මනින් පිරිසිදු වෙලා පැටිය ලගට ආවා.. දැන් ඉතින් හොද නින්දක් තමයි ඕන .. හොබී පැටියගෙ ඇග වටේ අතක් යවලා හොදට තුරුලුකරගෙන ඇස් පියාගත්තා..නොදැනිම හොබීට සීතල හුලං පාරවල් හොද නැලවිල්ලක් වුනා..

___________________

සති දෙකක මුහුදු ගමනක් කියන්නෙ එච්චරටම ලේසි දෙයක් නොවුනා.. යුන්ගි හිටියෙ එයාට වෙන්වුනු නැව් කාමරේ ඔහේ එලිය බලාගෙන.. මුහුදු හුලගෙ තිබුනු පිලිකුල් හිතෙන සුවද දැන් යුන්ගිට එපාම වෙලයි තිබුනේ.. ඇරත් නිතරම එහෙට පැද්දෙනවා මෙහෙට පැද්දෙනවා.. විකාරයි..

සේරටමත් හරි යුන්ගිට හදිස්සිය තිබුනෙ ගමට යන්න.. යුන්ගි ඉතින් ගම දැන් කොහොම ඇත්ද කියල හිතින් මවාගත්තා.. හොබී මෙච්චර කල් තනියම හිටිය එක..ඒකත් යුන්ගිට මතක් වුනා..

යුන්ගිට තදින්ම උවමනා වුනේ හොබිට සමාව දෙන්න.. යුන්ගි ඒ දවස්වල හිටපු මානසිකත්වය දැනට හිතෙනවට වඩා දහස් ගුනයකින් වෙනස්.. යුන්ගි හිටියෙ කලකිරීමකින් වගේම හිතේ අමාරුවෙන්..එයා ඒ වග කොහොමටත් පෙන්නුවෙත් නෑනෙ..මේ සේරම පටන් ගත්තෙ දවසක් යුන්ගි රෝහලට යද්දි..

එදා යුන්ගි රෑ වඩ ඉවරවෙලා ගෙදර යද්දි හොබීට තිබුනෙ දවල් වරුවෙ වැඩ..ඉතින් යුන්ගි නිල ඇදුම්‍ර්න් සාමාන්‍ය ඇදුමකට මාරු වෙලා රෝහලෙන් එලියට ආවෙ මගදි හොබීව හමුවෙන බලාපොරොත්තුවෙන්.. වෙනද වගේම යුන්ගි පොකුන ලගට වෙලා කැරකි කැරකි හිටියෙ හොබී දැන් එයි දැන් එයි කියල හිතල..වෙනදත් දෙන්නම එතනදි හමුවෙන එක පුරුද්දක්.. සෑහෙන්න වෙලාවකට පස්සෙත් යුන්ගි බලන් ඉදලා බැරිම තැන ඉස්සරහට යන්න ගත්තත් ගෙවල් දෙකකට මැද්දෙන් තිබුනු පාරක හොබී ඉන්නව දැකල යුන්ගි එතනම නතර වුනා.. හොබී සාමන්‍යෙන් ටිකක් ආඩම්බරයි..එහෙම තැන් තැන් වල නැවතිලා කතාකර කර ඉන්න කෙනෙක් නෙමෙයි.. විශේශ කෙනෙක් නොවෙනවනම්.. යුන්ගි හොදට බැලුවෙ කවුද හොබී එක්ක කතා කරන අනිත් කෙනා කියල..

ඇල්ෆාවෙක්..????

යුන්ගි පුදුම වුනේ හොබී කතා කර කර හිටියෙ ඇල්ෆා කෙනෙක් එන්න නිසා..හොබී තරමක් ඇල්ෆලා එක්ක ඉන්න කැමති නෑ යුන්ගිගෙ පවුලෙ අය ඇරෙන්න.. ඉතින් ඇයි කාටවත් විශේශයක්.. යුන්ගිට එතැන ඉන්න ඇල්ෆගෙ පෙනුම ගැන පැහැදිලි කිරීමකට තරම් විශේශ දෙයක් පෙනුනෙ නෑ.. කියන්න පුලුවන් ලොකුම දේ වුනේ මූනත් වැහෙන්න කලුම කලු පාට ලොකු ලෝගුවක් දාගෙන ඉන්න එක විතරයි.. ඒත් ටිකකින් යුන්ගි දැක්කෙ ඊට එහායින් කැරකි කැරකි ඉන්න කුක් ව..ඉතින් යුන්ගි හිතුවා ඒ කුක්ගෙ යාලු ඇල්ෆා කෙනෙක් වෙන්නැති කියලා..කොහොමත් ඒ කාලෙ යුන්ගිට හොබීගෙ වැරදි පෙනුනෙ නැහැනෙ..

ඒ සිද්දියෙන් පස්සෙ හොබී හැසිරුනේ ටිකක් වෙනස් විදියට..වෙලාවකට ඔහේ කල්පනා කරනවා,නැත්නම් එක දිගට හේතුවක් නැතිව අඩනවා,වැඩිය කතා කරන්නෙ නෑ,නිතරම පුස්තකාලෙට යනවා යුන්ගිට දැනුනෙ හොබී මොකක් හරි හොර වැඩක් කරන්න යනව වගෙයි..

ඔහොම කාලයක් යද්දි හොබී සාමාන්‍ය වුනා..වෙනදට වඩා ඒ දෙන්න අතර බැදීම හොද වුනා..ඒකෙන් වුනේ ආයෙම යුන්ගි ඕනවටත් වඩා හොබීව විශ්වාස කරපු එක..ඔය අතරෙදි තමයි සේජින්ගෙ රැලේ අයගෙ හදිසි මරණ සිද්ද වුනේ.. වතුර වලට කවුරුහරි විශක් එකතු කරලා හරිම සැලසුම් සහගතවයි එයාල මැරිලා හිටියේ.. කොච්චරටම සැලසුම් කරලද කියනවනම් රැයෙන්ම ඒ කලවම් කරපු විශ වතුරෙදිම නැතිවෙලා ගිහින් තිබුනා..යුන්ගිට හේතුවක් නැතුවම මතක් වුනේ පහුගිය කාලෙම හොබී ඔය වගේ දේවල් උනන්දුවෙන් හොයපු එක.. ඒත් යුන්ගි ඒ සිතුවිල්ල එවෙලෙම බැහැර කරලා දැම්මා..

අනිත් කාරනය හොබීගෙ මුතුපොටක කෑලි වගයක් සේජින්ගෙ කාමරේ තිබිලා යුන්ගිට හමුවුනු එක.. ඒක යුන්ගිම හොබීට දීපු එකක්..ඉතින් යුන්ගිට වරදින්න විදියක් තිබුනෙ නෑ..මරණ එකතු කරන්න ගිය වෙලේ යුන්ගි සේජින්ගෙ කාමරේට ගියපු වෙලාවෙ ඔය දේ දැක්ක නිසා යුන්ගිගෙ හිත කොනක ලාවට සැකයක් තිබුනා එදා හොබී කතා කර කර හිටියෙ සේජින් එක්කයි කියලා.. ඒත් යුන්ගි බොහොම හොදින් කිසිදෙයක් නොවුනු ගානට ඉන්නත් වගබලා ගත්තා..

ඔහොම ඉද්දි දවසක් හොබීගෙ කටින්ම සේජින් ගැන කියවුනා.. යුන්ගිට දැනගන්න උවමනා වුනා හොබී කරන්නෙ මොන වගේ සෙල්ලමක්ද කියලා..ඊටත් වඩා හිතේ ඇතිවුනු කලකිරීම.. යුන්ගි ඒ වෙලෙත් හොබී ඉස්සරහ සාමන්‍ය විදියට හිටියා.. එතනින් එහාට සේජින් එයාලගෙ ගෙදර ආපු වග , කීප වතාවක් හොබී හමුවුනු බව... ඒවත් යුන්ගිට කොහොම කොහොම හරි දැනගන්න ලැබුනා.. ඔය සේරගෙම අවසානෙ තමයි එදා ඒ විදියට ඉවර වුනේ.. ඕනම කෙනෙක්ගෙ ඉවසීමෙ සීමාව හරිම බයානකයි.. 

යුන්ගි කොහොමද හිතන්නෙ එතකොට සේජින් කියන්නෙ හොබීගෙ යාලුවෙක් විතරමයි කියල???

යුන්ගි ආපස්සට කල්පනා කරලා හරි සිහියට ආවෙ දවල් කෑමට බීටා කෙනෙක් යුන්ගිගෙ දොරට තට්ටු කරද්දි...












____________________________

දැන් වෙලාව එකොලහයි තිස් හතයි හෙහේ..😎😎😎😎
ඒ කියන්නෙ තාම දොලහට නෑ..👀👀ඔන්න ඩබල් අප්ඩේට් දුන්නෝ..😁😁😁 වසර අවසාන සේල් කියල හිතාගම්න.. 🥂
ඔයාලගෙ අදහස් වගේම කමෙන්ට් තමා මාව ලියන්න උනන්දු කරවන්නෙ..හිකිස්..❤❤
අහන්නකො ලමයි..මට හති දෙයියනේ..මේ කතාව උම්මග්ග ජාතකේ වගේ දිගයි.. නෙක්ස්ට් චැප්ප යුන්ගිව ගෙදරටම යවන්නම්.. ඔය උත්තමාවියන්ලා පුල පුලා බලා සිටි මොහොත.. අම්නෙහ්..😱😱

ඉතින් මම යන්නම් හොදේ... හදිසියෙ ටයිප් කරේ අඩුපාඩු ඇති.. ආදරෙයි මේඒඒඒඒඒඒඒඒඒච්චරක්.. ගොඩම ගොඩක්.. බායි..ඉක්මනට එන්නාආආආම්..💜💜💜💜💜💜උම්ම්ම්ම්වාහ්..

STAY SAFE

cherry-minshi
luv yourself❤❤❤

hobi's new outfit (4an example)

belly chain.. (red)

Continue Reading

You'll Also Like

24.2K 1.1K 40
တစ်ပါးသူတစ်ယောက်ကို အမှီပြုပြီးမှရှင်သန်ရတဲ့ဘဝမျိုးကို မင်းသိလား...၊ ခပ်မြင့်မြင့်ရောက်ချင်လွန်းလို့ တွေ့ကရာဖက်တွယ်ပြီး ရှင်သန်ရတဲ့နွယ်မျှင်တွေနဲ့တော...
231K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
84.4K 15.4K 64
"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින...
155K 9.7K 20
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။