You are my vampire queen | Co...

De Kavee_N

18K 2.9K 3.5K

මහාම මහ මොම්ගල් කෙල්ලෙක්.....😜 ඒ කෙල්ලට ඉන්න පිස්සු හැදුණු යාලුවෝ තුන්දෙනෙක්......❤ වැම්පයර් රාජධානියේ අනාගත... Mais

😜Introduction😜
👑 Chapter 1 👑
👑 Chapter 2 👑
👑 Chapter 3 👑
👑 Chapter 4 👑
👑 Chapter 5 👑
👑 Chapter 7 👑
👑 Chapter 8 👑
👑 Chapter 9 👑
👑 Chapter 10 👑
👑 Chapter 11 👑
👑 Chapter 12 👑
👑 Chapter 13 👑
👑 Chapter 14 👑
👑 Chapter 15 👑
👑 Chapter 16 👑
👑 Chapter 17 👑
👑 Chapter 18 👑
👑 Chapter 19 👑
👑 Chapter 20 👑
👑 Chapter 21 👑
😜Author note😜

👑 Chapter 6 👑

731 138 171
De Kavee_N


එකපාරටම ඇහැරුණේ මොකෙක් හරි එකපාරට දොරට තඩිබාන්න පටන් ගත්තු නිසා. මම නිදිමතේම වැනි වැනි ගිහින් දොර ඇරියා. එලියේ හිටපු කට්ටියව දැක්ක ගමන් මගේ නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ. ඒ හිටියේ.....

___________________________________

💖 චන්යෝන්.......

ඔව්.... මගේ ඉස්සෙල්ලා ඉස්කෝලෙදී මට පේන්නම බැරි ජීවීන් තුන්දෙනා.

මට පරණ වාඩුවකුත් තීනවා ගන්න. එදා නොවැලැක්විය හැකි හේතුවක් නිසා වලිය පවත්වන්න බැරි වුණානේ

බුහහහා.... දැන් තමා වෙලාව

💖 තමුසේ මොකද මෙහෙ කරන්නේ

මම චන්යොන්ගේ කොලර් එකෙන් අල්ලලා අදින ගමන් ඇහුවා.

🌸 හහ්.... මමනේ ඒක අහන්න ඕනි. මොනවද මෙතන කරන්නේ තමුසේ

💖 මම අහපු එකට උත්තර දෙනවා නැත්තං දෙන්නේ දෙකක් විසික් වෙලා ගිහින් අර ජනේලෙන් බිමට වැටෙන්න

මම ඇස් දෙකෙන් ජනේලෙත් පෙන්නන ගමන් චන්යොන්ට කිව්වා.

🌸 ඔයත් මෙතනට ඇවිල්ලානේ ඉන්නේ. එහෙනම් මෙතනට එන්න හේතුව දන්නවා ඇතිනේ.

💖 ඒ කියන්නේ තමුසෙත්....

🌸 වැම්පයර් කෙනෙක්

යකෝ බලාගෙන යනකොට මුන් ඔක්කොම වැම්පයර්ලානේ. තව ටික දවසකින් රටේ ඔක්කොම එවුන් ඇවිත් මෙතන පදිංචි වෙයිද දන්නේ නෑ මම වැම්පයර් කෙනෙක් මම වැම්පයර් කෙනෙක් ගගා.

🌼 කවුද ආරා

ඒ වෙලාවේ තමා සූහියි අනිත් ඩබලයි ඇස් දෙක පිහදදා නැගිටලා ආවේ

🌼 ඒ මට මේ දොර ලඟ ඉන්න සෙට් එක අර චන්යොන්ලා වගේ පේනවනේ
හීනෙන් නෙවෙයි නේද

🌷 ඒ මටත් එහෙම පේනවනේ ඒනම් අපි දෙන්නම එකම හීනේ දකිනවා

🌹 නෑ මේ උන්ම තමා. ගහමූ......

ඒ පාර යූනා යූරා ඩබලයි සූහියි දුවගෙන දුවගෙන ඇවිත් අර චන්යොන්ට පිටිපස්සේ හිටපු හායූන් යූමී ඩබලව අල්ලගෙන පොරකන්න වුණා.

මාත් ඉතින් එතනට වෙලා නිකන් බලාගෙන හිටියේ නෑ. චන්යොන්ගේ කරේ නැගගෙන කොණ්ඩෙන් ඇද ඇද සෙට් එකම ගහගන්න පටන් ගත්තා.

💖 මතකද මතකද තමුසේ එදා මට එක එක ඒවා කිව්වා බලාගන්නවා අද මම කරන දේ ගස් ගෙම්බි

🌸 නවත්තනවා ඕක මං හොඳින් කියන්නේ නැත්තං දන්නවනේ

💖 නවත්තන්න.... බලන් ඉන්නවකෝ ඇහේ ඉඳන් පට්ට ගහලා පයේ ඉඳන් කොට්ට මහනවා මං අද

🌸 ඒවා ඉතින් හඳේ තමා තමුසේ ඒමනම් මාත් එහෙමයි.

අපි කට්ටියගේ වලිය විනාඩි දහයක් විතර ඇදීගෙන ගියා. පල්ලෙහා තට්ටු වල හිටපු ලමයිනුත් ඇවිත් කට ඇරන් බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. සමහර කට්ටිය කෑ ගහනවා.

( වලිය ගැනම ලියන්න කම්මැලී අෆ්ෆා ඔය k-drama වල ඕනි තරම් කෙල්ලන්ගේ වලි තීන්නේ. ඒ වගේ කියලා හිතා ගන්න හොඳේ )😁

🐨 මොකක්ද මෙතන වෙන්නේ. නවත්තනවා ඕක.

මොකෙක්ද මන්දා එකපාරටම හයියෙන් කෑ ගැහුවා. අනිත් සෙට් එක ගහගන්න එක නවත්තනවා මං ලාවට දැක්කා. ඒත් මං එහෙම පටන් ගත්තු දෙයක් මගදි නතර කරනවද. මමයි චන්යොනුයි තාමත් බිම පෙරලි පෙරලි ගහගන්නවා.

එකපාරට මොකෙක්ද එකෙක් ඇවිත් මගේ අත් දෙක යටින් අත් දෙකක් දාලා මාව චන්යොන්ගේ ඇඟ උඩින් අදින්න පටන් ගත්තා. ඒ වෙලාවේ චන්යොන් යන්තම් නැගිටගෙන මගේ පැත්තට ගහන්න එනකොට කුකී ඇවිත් චන්යොන්ව අල්ල ගත්තා.

මාව අදින කෙනාටත් ලේසි උනේ නෑ. තාමත් මං දඟල දඟල චන්යොන්ට ගහන්න යන්න හදනවා. ඔය දඟලනකොට අල්ලන් හිටපු කෙනාගේ මූණටද කොහෙද මගේ වැලමිටත් වැදුණා. අන්තිමට ඒ වෙලාවෙම චන්යොන්ට තව පයින් පාරකුත් ගහලා රණ්ඩුව නතර කලා.

පස්සේ තමා මාව අල්ලගෙන හිටියේ කවුද කියලා දැක්කේ.

හෝතම්බුවා............

ඒ අර කුමාරයා කියන හෝතම්බුවා.

💖 අතාරිනවා මාව.

මම ඔරවන ගමන් කිව්වා. බයටද දන්නේ නෑ එකපාරට එයා මාව අතෑරියා. ඒ පාර ගල්ගැහිලා වගේ බලන්ඉන්නවා.

💖 මොකද මූණේ තියෙන ගුටි කාපු පාරවල් ගනන් කරනවද
.
.
.
.
.

මොකක් වෙලාද. මගෙන් ගුටියක්වත් වැදුණද දන්නේ නෑ වැරදි තැනකට. මං මොනා කරන්නද. මං කිව්වයෑ ඇවිත් මාව අල්ල ගන්න කියලා. මට කරන්න දෙයක් නෑ ඔන්න.

🐼 නම්ජූන්.........

නම්ජූන්..........

ම්හ්...
සද්දයක් නෑ

🐼 නම්ජුනා.....🔊🔊🔊

අන්තිමට කෙනෙක් ඇවිත් එයාගේ කන ගාවටම තියලා කෑ ගැහුවා.

🐨 ආආහ්..... මොකක්ද කරන්නේ නවත්තනවා ඕක. මේක ගහගන්න තැනක් කියලද හිතන් ඉන්නේ. නවත්තන්න කිව්වාම නවත්තන්න බැරිද නවත්තනවා...............

💖 අහම් අහම්....
දැන් රණ්ඩුව ඉවරයි. මේ ලෝකෙට එන්න. ඔච්චර කෑ ගහන්න ඕනි නෑ.

මොනා උනත් කොල්ලා ෆුල් කොන්පියුස් වෙලා වගේ මගේ වැඩ දැකලා. කාටද ආඩම්බර. එයාටම තමා. ඇයි ඉතින් එයත් මගෙන් ගුටිකාලා තීනවනේ. එතකොට එසේ මෙසේ කෙනෙක්ගෙන් නෙවෙයි ගුටි කාලා තියෙන්නේ.

🐨 දැන් කියනවා කවුද රණ්ඩුව පටන් ගත්තේ.

මමයි අනිත් තුන්දෙනයි චන්යොන්ලගේ පැත්තට ඇඟිල්ල දික් කරද්දි ඒ තුන්දෙනා අපි හතරදෙනා පැත්තට ඇඟිල්ල දික් කලා.

නම්ජුන් මගේ දිහා බලලා ඇහිබම ඉස්සුවේ හරියට ඔක්කොම එයා දන්නවා වගේ.

🐨 ඇයි දැන් රණ්ඩු වුණේ.

💖 අපි හැමදාම රණ්ඩු වෙන නිසා.

🐨 ඒ කියන්නේ කලින් ඉඳන්ම දන්නවා කට්ටිය

අනිත් අයත් ඔලුව වනනකොට මාත් ඔලුව වැනුවේ ඔව් කියන්න.

🐨 එහෙම රණ්ඩු වෙන්න හේතුව මොකක්ද

💖 එකදවසක් මෙයා මගේ පැන්සල පන්තියෙන් එලියට විසික් කලා.

🐨 ඉතින්

💖 ඉතින් මං මෙයාගේ මකනේ කෑලි කෑලි වලට කතුරෙන් කැපුවා.

🐨 ඊට පස්සේ

මොන කෙහෙල්මලක්ද. එකවසරෙදි කරපුවා දැන් මතකද. හිටාම්කෝ මන් මතක් කරලා කියාගෙන කියාගෙන යන්න.

💖 ඊටපස්සේ මෙයා මගේ ගවුමේ එක එක කොලකෑලි අලවලා තිබුණා මං ඒකට එයාගේ සපත්තුව අස්සට ගම් දාලා තිබ්බා ඊට පස්සේ එයා මගේ බෑග් එක ඇතුලට ගෙම්බෙක් දාලා තිබ්බා මං ඒ ගෙම්බව අරගෙන ගිහින් එයාගේ සපත්තුව අස්සට දාලා තිබ්බා ඊට පස්සේ....

🐨 ඇති ඇති නවත්තනවා දැන්

නම්ජුන්ගේ කට තරහා ගිහින් උල්වෙලා තබ්බා.

🐨 පොඩි එවුන් හොඳයිනේ. ඔය පොඩි දේකටද මෙච්චර කල් රණ්ඩු වෙන්නේ.

💖 ඇයි දැන් මං කිව්ව එක ඇහුණේ නැද්ද

මං නම්ජුන්ගේ මූණට එබෙන ගමන් ඇහුවා.

🐨 ඇහුණා

එහෙම කියාගෙන අනිත් පැත්තට හැරිලා එයාගේ කට්ටියත් එක්ක යන්න ගියා.
ඒ යන්න ගිහින් ආයෙත් හැරිලා....

🐨 දෙන්නා කොච්චර තරහා වුණත් වැඩක් නෑ. අද ඉඳන් එක කාමරේ තමා ඉන්න වෙන්නේ.

💖 යනවා යන්න හෝතම්බුවා
මං ඇහෙන නෑහෙන ගානට කිව්වා.

Namjoon's pov

මම පුළුවන් තරම් ඉක්මනට එතනින් එලියට ආවා. මගේ පපුව ඇතුලේ නිකන් රතිඤ්ඤා පත්තු කරලා වගේ. දඩාං බඩාං ගානවා.

ඒ කෙල්ලගේ ඇස්.... ඒවා හරිම අමුතුයි. ඒක ලස්සනක්ද මොකක්ද කියන්න මට තේරෙන්නේ නෑ. ඒ ඇස් ඉස්සරහා මාව ගොළු වෙනවා. එක වෙලාවකට එයත් එක්ක පුදුම තරහක් ආවත් ඒක හිතට එකඟව එන තරහක් නෙවෙයි. ඒ මූණ තාමත් මගේ හිතේ හොල්මන් කරනවා වගේ.

කෙල්ල අන්තිමට මගේ මූණට එබිච්ච වෙලාවේ තව ටිකෙන් පපුව ගැහිලා වැඩි වෙලා මැරෙන්නේ.

🐼 නම්ජුන් මොනවද ඔච්චර කල්පනා කරන්නේ.

🐨 මුකුත් නෑ හියුන්

🐰 මුකුත් නැත්තේ මොකද
ඇයි අර වෙලාවේ ආරාගේ මූණ දිහා බලන් හිටියේ කන්න වගේ

🐨 කිව්වනේ කුකී මොනවත් නෑ කියලා

🐯 මොනවත් නෑ කිව්වට අපිට නම් හිතෙන්නෙම ඉස්සරහට මොනවහරි වෙයි කියලා.

ටේ කට කොනින් හිනා වෙවී කිව්වා.

🐨 මට විතරද ටේ මොනාහරි වෙන්නේ. එතකොට අර ට්වීන්ස්ලා දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බල බලා හිටියේ කවුද එක්කෙනෙක්ව තෝරගන්න බෑ වගේ.

🐯 මේ.... හියුන් මේ මේ මට හදිස්සි වැඩක් තයෙනවා මං ටක්ගාලා ගිහින් එන්නම් හොඳේ

😺 ඔහොම ඉන්නවා මොකක්ද ඒ නම්ජුන් කියපු එකේ තේරුම

🐯 අනේ එහෙම එකක් නෑ හියුන් මට ලොකු වැඩක් තියෙනවා මං දැන් යන්න ඕනි.

😺 යනවකෝ එහෙනම්

🐼 අනේ මන්දා මොනවා වෙලාද කියලා මෙයාලට.

🐨 හොබී

🐻 ඔව් නම්ජුන් කියන්න

🐨 ආරා ගැන පොඩ්ඩක් විස්තර කියන්න.

🐻 ම්ම්ම්.... කෙල්ල පොඩි කාලේ ඉඳලම හෙන දඟයි. ඒ වගේම කටකාරයි. කිසිම දෙයක් ගැන එච්චර හිතන්නේ නෑ. කෙල්ලගේ ඔම්මා විතරයි ඉන්නේ අප්පා නෑ. මං දන්න විදියට කෙල්ල එයාගේ අප්පව දැකලාවත් නෑ.

🐨 එහෙමද

🐻 ඔව් නම්ජුන්. ඇයි ආරා ගැන ඇහුවේ.

🐨 අඅඅ.... නිකන්. මට එයාගේ අමුත්තක් දැනෙනවා. එයා ගැන ටිකක් ඇහැ ගහගෙන ඉන්න. අපේ කාවහරි හැමතිස්සෙම කෙල්ල පිටිපස්සෙන් දාලා තියන්න.

🐻 කාවවත් දාන්න ඕනි නැති වෙයි. අපේ කුකී ආරාගේ හොඳ යාලුවෙක් දැන්.

මං ඇහිබම උස්සලා කුකී දිහා බැලුවේ ඒක ඇත්තද අහන්න වගේ.

🐰 ඔව්. ආරා මගේ යාලුවෙක්. මගේ පන්තියෙනේ ඉන්නේ. එදා මගේ ගාවින් වාඩි කෙරෙව්වා සර්.

🐨 ඒ කෙල්ලත් එක්ක වැඩිය ඉන්න ඕනි නෑ. අන්තිමට කුකීටත් පිස්සුව හැදෙයිද දන්නේ නෑ.

🐰 හියුන් මට පිස්සු හැදෙයි කියල හිතලමද ආරා ගාව ඉන්න එපා කියන්නේ.

අනේ මංදා මේ පොඩි එකා අහන ප්‍රශ්න.
ආව් මගේ නහය. මේ ආරාගේ වලි නවත්තන්න ගිහින් මූණ කට සමතලා වෙනවා දැන් මගේ. ආයෙ නම් යන්නේ නෑ.

___________________________________

Next day
Ara's pov

💖 ආආආආහ් ..... මගේ ඔලුව

🌼 මොකෝ ආරා

💖 මගේ ඔලුව රිදෙනවා ඉන්න බෑ.

🌼 ඔය ඊයේ අපි නටපු නැටිල්ලේ හැටි තමා. දැන්වත් තේරෙනවනේ ඔලුවක් කියලා දේකුත් තියෙනවා කියලා. දැන් නැගිටලා ගිහිල්ලා වොෂ් එකක් දාගෙන එනවා.

හ්ම්ම්.... යන්න ඉතින් නැගිටලා.

පුරුදු විදියටම මම සූහිගේ කෑ ගැහිල්ලට නිදිමතේම වැනි වැනී බාත්රූම් එකට යන්න නැගිට්ටා.

මං බාත්රූම් එකට යනකොටම චන්යොන් බාත්රූම් එකේ ඉඳන් එලියට ආවා.

මම පුළුවන් උපරිමෙන් ඔරවලා බාත්රූම් එක ඇතුලට ගියා. අනේ මන්දා දැන්නම් මට මෙහෙ එපා වේගෙනයි එන්නේ. චන්යොන්ලත් එක්ක එක කාමරේක.....
ඊට වඩා හොඳයි බෙල්ලේ ගලක් බැඳගෙන ගඟකට පනිනවා.

අද දවසත් අනිත් දවස් වගේම නිකාන්ම ගෙවිලා ගියා. ඒත් මගේ ඔලුව කැක්කුම නම් ටිකක්වත් අඩු වුණේ නෑ. එන්න එන්නම වැඩි වෙනවා. අද දවසටම හරියට කෑමක්වත් නෑ මේක නිසා.

රෑට කාලත් මට කාමරේට යන්න කම්මැලි. අනික මේ ඔලුවේ කැක්කුමත් එක්ක අර පඩි ටික නගිනකොට හොඳට හිටී. ඒකනිසා මං අනිත් තුන්දෙනාත් එක්කම ටිකක් එලියේ ඇවිද ඇවිද හිටියා.

අද හඳ හරිම ලස්සනට ලොකුවට පායලා තියෙනවා. ඒත් මට අහස දිහා බැලුවත් මට යන්තම් බොඳවෙලා පේන්නේ හරියට. හරියට ඇහැ උඩ මොකක්හරි තියලා වගේ.

අපි හතරදෙනා කතා කර කර හිනාවෙවී දිගටම ඇවිදගෙන ගියා. ඒත් දැන්නම් මට මේ ඔලුවේ කැක්කුම දරා ගන්න බෑ. මේ විදියට ඔලුව රිදිලා නෑ කවදාවත්.

මම මග නැවතුණා. මට මගේ මුළු ඇඟම පණ නැති වෙලා යනවා වගේ තේරුණා.

🌷 ඇයි මොකද ආරා. ඔයා හොඳින් නේද.

💖 ආආහ්... මගේ ඔලුව.....
ඒක දරා ගන්න බෑ.

🌼 මොකද ආරා. එන්න අපි කාමරේට යමු ඉක්මනට ඔයාට අමාරුයි වගේ.

💖 බෑ මට යන්න බෑ.

🌹 බෑ කියලා කොහොමද. අපි ඔයාට උදව් කරන්නම්. එන්න යමු.

💖 එකපාරක් කිව්වා නේද බෑ කියලා

එහෙම කියන ගමන් මම එකපාරට යූනාව තල්ලු කලා. එයා ටිකක් එහාට වෙන්න වැටෙනවා මම දැක්කා.

💖 ආආආආආහ්....
සූහී......

රිදෙනවා......

මම එතනම දණ ගහගත්තා.

🌼 යූරා යූනා පිටිපස්සට වෙන්න. මට පේන්නේ ආරා පරිවර්තනය වෙන්නයි යන්නේ.

🌷 මොකක් දැන්. මෙතන කවුරුවත් ඇත්තෙත් නෑ.

🌼 අපිට මීට කලින් ටිකක් හිතන්න තිබ්බා මේ ගැන. දැන් කරන්න තියෙන්නේ බලන් ඉන්න එක විතරයි.

💖 ආආආආව්.... රිදෙනවා.... ඔම්මා.....

මගේ කම්මුල් දිගේ කඳුළු බේරෙන්න පටන් ගත්තා. මොකක්ද මේ වෙන්නේ. මට තවත් මෙහෙම ඉන්න බෑ. මම අමාරුවෙන්ම නැගිටගන්න හැදුවා. ඒත් බෑ. යන්තම් නැගිටිනකොටම මාව ආයෙත් වැටෙන්න ගියා.

ඒත් ඒ පාර දුවගෙන දුවගෙන ආපු කාගේ හරි ශක්තිමත් අත් දෙකක් මාව අල්ලගත්තා.

💖 නම්ජුන්.....

🐨 ආරා බය වෙන්න එපා. ඔයා පරිවර්තනය වෙන්නයි යන්නේ. කලබල වෙන්න එපා. ටිකක් ඉවසන්න.

💖 ඒත්....

ආආආආව්.....

එකපාරටම දත් දෙකක් මගේ කට දෙපැත්තෙන් මතු වුණා. මගේ ඇස් දෙක එකපාරටම තව ටිකක් බොඳ වෙලා ආයෙත් ඒක නැතිවෙලා ගියා. ඔලුව පුපුරන්න තරම් කැක්කුම වැඩි වුණා.

ඒත් එක්කම හැමදෙයක්ම කලු පාටින් වැහිලා ගියා.

🐨  ආරා
ආරා























හි හී....

කෝමද වැම්පයර් බබාලාස්🌝❤

ඔයාලා ඉන්නෝද

ඉතින් ආරා පරිවර්තනය වුණා නේද😏

මොකෝ හිතෙන්නේ

ඉස්සරහට මොනා වෙයිද

මන් දන්නෙත් නෑ අනී

ඔන්න ඔය මොනාහරි කොටාගෙන යන්න පහලින් හී😁

ඒනම්

Vote
Comment කරන්න හොඳේ.

හැමදාම කතාව කියවලා vote comment කරන අයට තැම්කූ

ආදලෙයි මගේ රීඩ බබාලට හොඳේ❤
පරිස්සමින් ඉන්න හැමෝම.

Bye❤👑

Continue lendo

Você também vai gostar

587 94 4
කොරියානු සංගීත කලාව කියල කියන්නේ අද වෙනකොට මුලු ලෝකෙම හොල්ලපු කලාවක්.ඒ කලාව ගොඩක් අයගේ හිත දිනා ගත්ත කලාවක්.තවත් අයගෙ පරම අප්‍රියතාවයට හේතු වෙච්ච කර...
214 69 5
නැවත සසරක හමුවුනොතින් නුඹ හා මම අයිති වනවානම් පමණක් සිනහ වෙනු මැන... Cover by @Silvermirror23
60.7K 7.4K 56
🚫🔞 කටකාර දගකාර කෙල්ලෙක් ....... Bad Girl කෙනෙක් .....👿👿 ආදරේ නිසා බය නැතුව ඉදිරියට යන හදවතක් .... තම පවුලේ අයගේ මරනයට සදරනය හොයා යන කෙල්ලෙක්...
138K 4.2K 83
When the villain Mozun becomes a heartthrob [Quick time travel] Author: drunk Category: BL doujin Release time: 2022-03-17 Latest: Chapter 75 Return...