RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ වේදනාව...

425 84 73
By cHerRy_MinShi_

" ජිමී මට වතුර එකක් ගෙනැල්ල දෙන්නකො.."

හොබී හිටියේ රෝහලේ.. හදිසියෙම හොබීට පුස්තකාලෙට යන්න උවමනා වුනා පොත් කීපයක තියන තොරතුරු වගයක් හොයාගන්න..ජින් ඊයෙ ආපු නිසා හොබීට උවමනා පොත් ගෙනැල්ල දෙන්නම් කීවත් හොබීට උවමනා වුනේ ගෙදරින් එලියට යන්න..ගෙදර ඇතුලටම හිරවෙලා ඉදල දැන් හොබීට ගෙදර දකිද්දිත් මහා හිසරදයක් වගේ..

රෝහලට යන්නම් කියල කිව්වත් මොකද , අඩි කීපයක් ගියාමයි ඒකෙ තියන අමාරුව තේරුම් ගියේ..හොබීට හුගක් මහත ඇගක් තිබුනෙ නැති නිසා උදරය ලොකු වෙද්දි කකුල් වලට ඒ බර දරාගන්න එක ටිකක් මාරු වුනා..ඒ නිසාම හොබීගෙ කකුල් නිතරම ඉදිමිලයි තිබුනේ..කොන්ද වුනත් එකදිගට දවස් ගනන් වේදනා දුන්නා.. 

අන්තිමට කොහොමහරි රෝහලට ගිහින් පුටුවකට බර වුනාට පස්සෙ හොබීට දැනුනෙ පුදුම තරම් මහන්සියක්..ලූනා!!හොබී මේ පාරෙම ඒ දවස්වල කොච්චර දවසකට අවිදින්න ඇත්ද..?දැන් එහෙම බෑනෙ.. 

ජිමී වතුර එකක් ගෙනැල්ල දුන්නට පස්සෙ හොබී ඒක එක හුස්මට බීගෙන ගියා..ඒ තරමට හති..ඊලගට හොබී ආපු වැඩේ කරන්න පටන්ගත්ත නිසා ටික වෙලාවක් කතාකර කර හිටිය ජිමී ආයෙම රෝගීන් බලාගන්න ගියා..ජින්ට කොයිවෙලාවෙත් වැඩ නිසා එයා දිගටම හිටියෙ කුටියේ...ඒත් පුලුවන් හැමවෙලාවකම ජින් හොබී ලගින්ම හිටියා..කුක් ටේ ජුන් වුනත් එහෙමම තමයි..

හොබීගෙ කොන්දෙ ඇවිලුමක් ඊයෙ ඉදන්ම දිගටම තිබුනු නිසා හොබී ඉදගෙන හිටියෙත් ටිකක් අපහසුවෙන්..එක වෙලාවකට ඒ වේදනාව නිසා හොබීට ඇඩෙනවත් එක්කන්..කියාගන්න බැරි තරමටම රිදෙනව..ඒ වෙලාවට හොබී තදින්ම තොල් හපාගෙන ඉන්නව වේදනාව ටිකක් හරි අඩුවෙනකම්.. එච්චරටම වේදනාවක් මේ කාලෙකට හොබී විදලම නැතුව ඇති..

බැරිමතැන හොබී ටිකක් නැගිටල එහෙට මෙහෙට ඇවිද්දා..මේ වෙලාවෙ කවුරුත්ම පුස්තකාලෙ හිටියෙ නැති නිසා ඒක හොබීට ඒක පහසුවක් වුනා..නැත්නම් අනවශ්‍ය අවදානයක් මේ වෙලාවෙ හොබීට හිසරදයක්.. එලියෙ සීතල වුනත් හොබීට දැනුනෙ හොබීගෙ ඇග රස්නෙයි වගේ.. යන්තම් දාඩිය දාල නලලෙ තිබුනු කොන්ඩ කෑලි නලලටම ඇලිල තිබුනා..ඇවිදින එකෙන් ටික වෙලාවකට සහනයක් දැනුනත් හිටගෙන ඉන්න එක කරන්න අමාරු නිසා ආයෙම හොබී ඉදගත්තා.. කොන්දෙ ඇවිලිල්ල හිතුවට වඩා වැඩියි කියලයි හොබීට දැනුනෙ..

හොබී මේසය තදින්ම අල්ලගෙන පුටුවට බර වුනා.. තොල් තුවාලවෙනකම්ම හපාගෙන හිටියා.. ඒත් වේදනාවෙ අඩුවක් දැනුනෙ නෑ..ඒ වේදනාවට හොබීට සිහිසුන් වෙන්නත් ආවා..හොබීට මතක් වුනේ ජින් ව..ඉක්මනින් ජින් ලගට යන්න ඕනවුනත් හොබීට නැගිටින්න ගත්තු උත්සාහයෙන්ම දැනුන්නු වේදනාවට ඇග පන නැති වුනා.. හොබීට ලොකු අසරනකමක් දැනුනා ඒ වෙලාවෙ.. කවුරුමහරි ලග හිටියනම්..හොබීට උවමනා වුනේ එච්චරයි.. හොබී හිත දැඩි කරගෙන කොහොමහරි නැගිට්ටා.. කකුල් වාරු නැතිව ඇදගෙන වැටෙන්න හදපු හැම වාරෙකම ලග තිබුනු මේසයක් පුටුවක් අල්ලගෙන හොබී පුස්තකාලෙන් පිටවෙන දොර ලගට ඒගන්න පුලුවන් වුනා.. එතනින් පහලට පඩිපෙලක්...!!!

හොබී පඩිපෙල දකිනවත් එක්කම උදරයට අතක් තද කරගත්තා..ඒක කොහොමටවත් කරන්න බැරි දෙයක්..හොබීට මොනව වුනත් පැටියව බේරගන්නයි හොබීට උවමනා වුනේ.. හොබී එහෙමම උලුවස්සට හේත්තු වුනේ ඇස් තදින් පියාගෙන.. හොබීගෙ මුලු මූනම හරිම රතු වෙලා.. දාඩියෙන් පෙගිල ගිහිල්ලා.. ඒත් වාසනාවකට වගේ ඒ වෙලාවෙම පුහුනුවෙන ඔමේගා හෙදියෙක් පොත් ගොඩකුත් උස්සගෙන පඩිපෙල නැගගෙන හැටි හොබීට බොදවුනු ඇස් වලින් පෙනුනා.. ඔමේග හොබීව දැක්ක ගමන්ම පොත් ගොඩත් එතනම බිමට අතෑරල හොබී ලගට දුවගෙන ඇවිත් දන ගහගත්තා.. හොබීගෙ පෙනුමෙන්ම තේරෙනව හොබී කොච්චර අමාරුවෙන්ද ඉන්නෙ කියලා..හොබී වෙවුලනව වගේ.. අත් පවා වෙවුලනව.. හදගැස්මත් හුගක් වැඩියි.. 

" ඇ..ඇල්ෆා ටේහියුන්ග්ට..එන්න..කියන්න ඔමෙගා.."

හොබී දත්මිටි කාගෙන හෙද ඔමේගට කිව්වා..ඒ එක්කම හොබීට හැම තැමන පෙනුනේ කලුවර වෙලා.. වේදනාව දැනුනත් ඒක දරාගන්න බැරිම තැන හොබීගෙ ඇස් පියවෙලා ගියා.. හෙද ඔමේගා හොබීව එහෙමම හේත්තු කරලා රෝහල පැත්තට දුවගෙන ගියේ හමුවෙන කාගෙන්මහරි උදව් ඉල්ලගන්න.. 

ඔමේගා දුවගෙන දුවගෙන ගිහිල්ල ජන්ග්කුක් ටේහියුන් ඉන්න තැනින් නැවතුනා..වාසනාවකට දෙන්නම ලොකු දුරක හිටියෙ නෑ..ඔමේගා බයවෙලා ඉන්න තරමටම වචන පිටවෙන්නෙත් නෑ..ඔමේගා හති දදාම කුක්ටේ ට කතාව කියන්න ගත්තා..

" ඇල්ෆා..හ්හ්..ඔමේගාහ්..ඔමෙගා..හෝසොක්..හ්හ්..ට.."

හොබීගෙ නම ඇහුනත් එක්කම කුකී හෙද ඔමේගවත් තල්ලු කරගෙන පුස්තකාලෙ තිබුනු පැත්තට දුවන්න ගත්තා.. ටේට කරන්න දෙයක් හිතාගන්න බැරුව එතනම ගල් වෙලා වගේ හිටගෙන..කුකී පස්සෙන් දුවන්න උවමනා වුනත් ටේ අනිත් පැත්තට ජින්ගෙ කුටියට දුවගෙන ගියා..

කුකී පුස්තකාලෙ ලගට යද්දිත් හොබී හිටියෙ සිහිසුන් වෙලා..කුකීගෙ ඇග පනනැති වුනා වගේ..හොබී බය හිතෙන තරමටම සුදුමැලි වෙලා.. එලියෙ හොදටම සීතලයි.. ඒ සීතල හුලග ඇගේ වැදිල හොබි හිම කුට්ටියක් වගේ සීතල වෙලා.. කුකී හිත හිත ඉන්නෙ නැතුව හොබීව අත් දෙකට උස්සගත්තා.. කොබීව කොච්චර බරට දැනුනත් කුකී හිටිය ආවෙගෙ එක්ක ඒව හිත හිත වෙලාවක් වුනේ නෑ.. හොබීගෙ බෙල්ල පනක් නැතුවම කුකීගෙ උරහිසට කඩ වැටුනා.. කුක් ඉක්මනින් රෝහලට ගිහින් කාමරේක ඇදක් උඩින් හොබීව පරිස්සමට තිබ්බා..හොබීව උනුහුම් වෙන්න ලොකු පොරවනයක් අරගෙන ඇග උඩින් දැම්මා..ඊලගට කරන්න ඕන දේවල්වත් කුක් ට මතක නැතිවෙලා ගිහින්.. කුක් ඉක්මනින් හොබීගෙ කම්මුල් වලට තට්ටු කරලා සිහිය ගන්න උත්සාහ කලා..ඒත් හොබි දිගටම කතාවක් නැතුව සීතල වෙලාම හිටියා.. තොල්පෙති පවා හොබීගෙ සුදුමැලිවෙලා ගිහින් සීතලටම.. ඒත් ඊටකලින් කුක්ට දැනුනේ හොබීගෙ ඇදුම පුරාම උනුහුමට ඒත් තෙතට මොනවහරි දැනෙනව.. බයවුනු පාරටම කුකී පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් දොරේ වැදුනා..

" ජින් හියුන්.."

කුකීට එලියෙන් ජින් දොරට කලබලෙන් තට්ටුකරන සද්දෙ ඇහුනා..  ඒ එක්කම කුකී ඉක්මනින් දොර ඇරියා.. ජින් කලබලෙන්ම ඇතුලට ඇවිල්ල කෙලින්ම හොබී ලගට දුවගෙන ගියා.. ජිමීත් ඇදුම් කීපයක් එක්කම බෙහෙත් පිලිවෙලට තියපු බන්දේසි කීපයක් තල්ලුකරගෙන ඇතුලට ආව.. ටේත් ජිමී එක්කම ඇතුලට ආවා.. ජින් හොබීගෙ නාඩි පරික්ශා කරන ගමන් නිහඩව ඉදලා කලබලෙන් කතාකලා..මෙච්චර කාලෙකට රෝහලෙ ජින් කලබලෙන් හිටිය පලවෙනි වතාව..ජින්ගෙ පපුව බය හිතෙන විදියට ගැහෙනව කියලයි ජින් හිතුවෙ.. හරියට හුස්ම නවතින්න වගේ..

" හරිනම් තව සති දෙකක්වත් තියනව..ඇයි දැන්ම.."

ජින් නලල තදින් මිරිකගන්න ගමන් ජිමීගෙන් ඇහුවා..

" හොබීට සිහිය ගන්න බලමු.. නැතුව වෙන මොකවත් කරන්න බැහැනෙ හියුන්ග්.."

ජිමී හරිම සන්සුන් විදියට කිව්වා.. අඩුම තරමෙ ජිමී විතරයි කලබල නොකර හිටියෙ..ජිමී කියපු හැටියෙන් ටේ හරිම හීනි කටුවක් බෙහෙත් බන්දේසියකින් අරගෙන හොබීගෙ මැනික් කටුව ලගින් සිදුරු කරා..ඒ වගේම කටු කීපයකින්ම එහෙම කරා.. 

" කුක් ටේ ඔයාල එලියෙන් ඉන්න.. පුලුවන් ජුන් හියුන්ග්ට එන්න කියන්න.."

ජිමී ඒ දෙන්නව එලියට යවන ගමන් කිව්වා.. ජින් තවමත් කල්පනා කරනවා..ජින් හැසිරෙන්නෙ හරිම අමුතුවට..කුක්ටේ ජිමීඉට එකගවෙලා එලියට ගියාට පස්සෙ ජිමී දොර වහලා දාලා ජින් ලගට ගියා..

" හියුන්ග්.."

ජිමී ජින්ගෙ උරහිසට තට්ටුවක් දැම්මා..

" හියුන්ග් අහන්න..කවද වුනත් අපිට මෙහෙම දවසක් එනවනෙ.."

" හ්ම්ම් ඇත්ත..මම ටිකක් කලබල වුනා..අපි පටන්ගමු.."

ජින් හිත නිදහස් කරගන්න ටික වෙලාවක් ගත්තා..ජින්ට ජිමී ගැන සතුටු හිතුනා හුගක් පුංචි වුනත් තමන්ට වඩා කල්පනාවෙන් වැඩකරන එක ගැන.. හොබී යාන්තම් ඇගිලි එහෙ මෙහෙ කරන්න ගත්තු නිසා ජිමී සුදුපාට රෝහල් ඇදුමක් අරගෙන හොබී ලගට ගිහින් ඒක පරිස්සමට අන්දන්න පටන් ගත්තා..ජින් ජිමීට උදවු කලා..හොබී තාම හොදටම සුදුමැලි පාටයි..බය හිතෙන තරමටම.. දැනටනම් හොබීට සිහිය යාන්තම් තියෙනවා..ඒත් දනෙන වේදනාව හොබීට නුහුරුයි වගේම අපහසුයි.. හොබීට එකපාරම කකුල් පනනැතිවෙන තරමේ වේදනාවක් දැනෙද්දිම කෑගැස්සුනා.. කොච්චරටද කියනවනම් එලියෙ හිටිය ටේකුක්ජුන් පවා ගැස්සුනා.. ජින්ගෙ අත් වෙවුලුවත් පිලුවන් තරමින් ඒක නොපෙන්වා ඉන්නයි උත්සහ කලේ..හිතුවට වඩා ඇත්තෙන්ම ඒක අපහසුයි..හොබී කියන්නෙ ජින්ට තමන්ගෙ දරුවෙක් වගේම ලග කෙනෙක්.. 

හොබී ජිමීගෙ අත කැඩෙන්න තරමින් තදකරගෙනයි හිටියේ.. හොබීට දැනෙන වේදනාව කියල නිමකරගන්නත් බැරි තරම්.. ජින් සුදුරෙදි කීපයක්ම අරගෙන ඉක්මනින් ලෑස්තිවුනා.. හොබීගෙ තොල් අතරට ඝනකම්ව නමපු රෙදිකඩක් තියපු ජිමී පුලුවන්තරම් හොබීට කතාකලා..දිගටම සිහිය රදවන් තියාගන්න..

" හොබී අහන්න..ඔයාට මාව ඇහෙනව නේද..අනෙ අහන්න හොබී ඇස් පියාගන්න එපා.. "

ජිමී වේදනාවෙන් ඉස්සෙන හොබීගෙ කම්මුලක් අතගාන ගමන් කිව්වා.. ජින්ට හොබීගෙ කෑගැහිල්ල අහගෙන ඉන්නත් බැරි තරම්.. 

" හොබී පලවෙනිපාර උත්සහ කරමු..මාව තදින් අල්ලගන්නකො..හරි නේද..ඔයාට පුලුවන් හොබී.. අනේ ඇස් පියාගන්න එපා.. හොබී මාව අහගෙන නේද ඉන්නෙ.."

ජිමී හොබිව තව ටිකක් තදින් අල්ලගන්න ගමන් කිව්වා.. කාමරේ පුරාම වේදනාකාරි කෑගැහිලකින් පිරිලා යද්දි ජින් ඔලුව වැනුවෙ කනස්සල්ලෙන්..

" හොබී තව එකම එක වතාවක්.. එකම එක..අපි උත්සහ කරමු.. ඔයාට පුලුවන් තරම් තද්න් මාව අල්ලගන්න හරිද.. එක වතාවයි හොබී.."

ජිමී ආයෙම හොබීව තදින් අල්ලගත්තා.. හොබීගෙ සුදුමැලිපාට මූන දාඩියෙන් පෙගිල ගිහින් තිබුනා..ඇස් අග කදුලු එකදිගට ගලාගෙන ගිහින් ඇස් හොදටම රතුවෙලා තිබුනා.. හොබීට මේක අතාරින්න උවමනා වුනා.. මේ වේදනාවෙන් මිදිල ඇස් පියාගන්න උවමනා වුනත් ජිමී දිගටම හොබීට බාදා කරා.. හොබී තව වතාවක් උත්සහ කලා..දෙවතාවක්..තුන්වතාවක්..

ජින් හිටියේ හොදටම කලබලෙන්..හොබීගෙ ඇගට පනක් නැති නිසා තවදුරටත් වැය කරන්න තරම් හයියක් ඒ ඇගේ තිබුනෙ නෑ.. ජින්ට හිතාගන්න බැරිවුනා මොකක්ද කරන්න ඕන කියලා..හැමදේටම වඩා අමාරු වුනේ හොබීගෙ වේදනාකරී කෑගැහිල්ල අහගෙන ඉන්න.. ඒ හැම වතාවකම ජින් සීතලවෙලා ගියා.. 

ජින්ගෙ උත්සහයෙන් පස්සෙ ජිමී ජින් වෙනුවට ඇද පහලට ගියා.. ජින් හොබී ලගට ආවා..ඇවිත් හොබීගෙ අතක් තද්න්ම අල්ලගත්තා..ජින්ගෙ ඇස් වල කදුලු පිරිලා තිරිලා ගියා..හොබීගෙ ඇස්වල මෙච්චර කාලෙකට දැකපු නැති තරමේ වේදනාවක් පිරිලා තිබුනා..

" හොබී මගෙ දරුවෝ..හියුන්ග් වෙනුවෙන් එකම එක වතාවක්..අපි උත්සහ කරමු..අනේ හොබී එකම එක වතාවයි.."

ජින් හොබීගෙ මූන තදින් බදාගත්තා අඩන ගමන්..ජින් මේ තරම් සංවේදි වෙන ඔමෙගාවෙක් නෙමෙයි මේ වෙලාවට..ඒත් හොබී ජින්ට හුගක්ම ලග කෙනෙක්.. ජින්ට ඒක දරාගන්න අමාරු වුනා..

හොබීට ජින් තමන්ව අල්ලගද්දි ලොකු ආරක්ශාවක් දැනුනා.. ලොකු විශ්වාසයක් වගේම හයියක්.. ජින්ගෙ උනුහුමට වෙලා හොබී හිත දැඩි කරගත්ත තව එකම එක උත්සහයකට.. යුන්ගිගෙන් ලැබෙන තරමෙම උනුහුමක් ආරක්ශාවක් හොබීට ජින්ගෙන් දැනෙනා අරන් තිබුනා ඒ කාලෙදි.. යුන්ගි නිතරම අප්ප කෙනෙක් වගේම හොබි ගැන හෙව්වා..ජින් ඔම්මා කෙනෙක් වගේම හොබීව බලාගත්තා..හොබීට පොඩි කාලෙදි නැතිවුනු උනුහුම ලොකු වුනහම ලැබුනෙ එහෙමයි..

හොබී තවත් වතාවක් උත්සහ කලා..තව වතාවක් වගේම තව වතාවක්.. පැය බාගෙකට පස්සෙදි හොබීට දැනෙන වේදනාව දෙගුනයක් තුන්ගුනයක් වෙලා දැනුනා..එන්න එන්නම වේදනාව වැඩි වෙද්දි ජිමීගෙන් සතුටු හිතෙන තරමෙ ප්‍රතිචාරයක් ජින් ට ලැබුනා..

" හියුන්ග් හොබීව අවදියෙන් තියාගන්න තව ටිකයි.."

ජිමී කතාකරන වාරයක් ගානෙ ජින් හොබීව තුරුල් කරගෙන දිරිමත් කලා..සිපගත්තා.. කම්මුල් වලට තට්ටු කරගෙනම හොබීව අවදියෙන් තියාගන්න උත්සහ කලා.. අවසානයේ හොබීගෙ ඇගම පන නැති වෙන තරමේ,සිහිසුන් වෙන තරමේ වේදනාවක් උදරයෙක් නැගීගෙන එද්දි හොබී ඇස් පියාගත්තා.. ඒ එක්ක්ම කාමරේම පිරුනේ පුංචි පැටියෙක් හයියෙන් කෑගහල අඩන සද්දෙකින්..ජින් හියුන්ග් හොබීගෙ නලලින් හාදුවක් තියනව විතරක් හොබීට මතකෙ තිබුනා..

රුවෙක්ගෙ අඩන සද්දි ඇහෙද්දිම හොබීගෙ කෑගැහිල්ල නැතිවෙලා යද්දි එලියෙ හිටිය තුන්ගෙනාගෙම මූනට හිනාවක් ආවා.. මේ වෙලාව ඇතුලෙදි කුක් කාමරේ දොර ඉස්සරහ එහෙ මෙහෙ ගිය වාර ගනන ගනන් කරන්නත් බැරි තරම්.. ටේ හිටියෙ හුස්ම ගන්නැති මලකදක් වගේ.. හොබී කෑගහන වාරයක් ගානෙ ජුන් ගැස්සුනා බයටම.. හැමෝටම මේ දේවල් සාමන්‍ය වුනත් අසාමන්‍ය දේ වුනේ එතන ඉන්නෙ හොබී වුනු එක.. එයාලගෙම කෙනෙක් වුනු එක..

ලේ තැවරිලා තෙත් වුනු උඩු ඇදුම පටිවලින් ලිහලා පැත්තකට විසි කරපු ජිමී ජින් පොඩි දරුවව උනුහුම් රෙදි වලින් ඔතන තැනට ගියා.. ජිමී ඇත්තටම දරුවගෙ මූනවත් හරියට දැක්කෙ නෑ.. ජින් පැටියගෙ ඇගේ තැවරුනු ලේ පිහිදලා කූඩයකට දාලා හොදටම උනුහුමට ඝනකම් රෙදිවලින් එතුවා.. ජිමී එතකන් හොබීගෙ ඇද රෙදි මාරු කරලා හොබීගෙ ඇදුනුත් මාරු කරලා උනු වතුරෙන් හොදට පිරිසිදු කලා.. ඊටපස්සෙ උනුහුමට පොරවලා කාමරේ හරේ මෙහේ වැටුනු රෙදිත් පිරිසිදු කරලා පිලිවෙලක් කලා..මීට මොහොතකට කලින් කාමරේ තිබුනු පෙනුම ජිමීට හීනයක් වගේ.. 

ජින් රෝසමලක් වගේ පිපිලා ඉන්න පුංචි පැටියව අත වලින් හරිම පරිස්සමට තුරුලු කරගෙන එහෙට මෙහෙට නැලවුනා.. ටික වෙලාවක් අඩලා ඊටපස්සෙ පැටියා නින්දට ගියා..දැන් නම් කාමරේ හරිම නිහඩයි.. ජින් පැටියවත් තුරුලු කරගෙන ජිමී ඔලුවට අතකුත් තියාගෙන ඉන්න තනට ගිහින් පැටියව ජිමීට දුන්නා.. ජිමිගෙ ඇස් දිලිසිලා පෙනුනා පැටියව අතට ගන්නවත් එක්කම.. ඒ මීපැනි සුවද ඒ දෙන්නටම යුන්ගිව මතක් කලා.. 

රෝසපාට කම්මුල්..පුංචිම පුංචි ඇගිලි තුඩු..රතුපාට තොල්..තද කලුපාට හීනි ඇස්.. යුන්ගිගෙ වගේම හොබීගෙ හොදම හොද එකතුවක් වුනා..

" හියුන්ග් එයා ඇල්ෆා කෙනෙක්.." 

ජිමී පැටියගෙ බඩට තොල් තියලා සිපගත්තා.. එයා හරිම පුංචියි..හුරුබුහුටියි..සිනිදුම සිනිදුයි.. 

" මට පිස්සු වගේ ජිමී.. මීට කලින් මේ තරමට මම කලබල වෙලා නෑ.."

ජින් හිනාවෙන ගමන් කිව්වා..

" අපොයි ලූනා..!! ටේ කුක් ජුන් එලියේ.."

ජිමීට එතකොටයි එලියෙ ඉන්න ඇල්ෆලාව මතක් වුනේ..

" ඔවුමයි..මට අමතක වුනානෙ.."

ජින්ට එයාලව අමතක වුනාට මොකද දොරට අත තිබ්බ විතරයි තුන්දෙනාම පෙරලගෙන කාමරේ ඇතුලෙ..

" කෝ කෝ කොහෙද එයා..හැමදේම හොදින් නේද හියුන්ග්.."

ඇත්තටම පැටිය එනකම් ඉවසිල්ලක් නැතුවම මුල ඉදන් බලන් හිටියෙ ටේ.. ඉතින් උනන්දුව සාදාරනයි.. ටේ ජිමී ලගට දිව්වා..කුක් මුලින්ම ගියේ හොබී ලගට ..හොබීගෙ අතක් අල්ලගෙන පරිස්සමින් හොබීගෙ ඔලුව අතගෑවා..ඒ වයසට හොබී මූනදුන්න දේවල් ඔනැවටත් වැඩියි..ඇරත් කුක්ගෙ හොදම යාලුව හොබී..හොබී හොදින් කියල කුක් ගෙ හිතට දැනෙනකම් කුක් පැටියව බලන්න ගියේ නෑ.. ටිකකින් හිතට හොද වුනාම කුක්ත් පැටිය ලගට ගියා.. ජිමීගෙ අතේ හුලිවෙලා ඉන්න රෝසපාට අමුත්තිය හැමෝටම හරිම නුහුරුයි.. එයාව අල්ලන්නත් සමහරු බයයි ඒ තරමටම පුංචි නිසා..

" ඔයා තරම් වද දෙන්නැතුව ඇති ඔයාගෙ සම්චොන්ලට වෙන කවුරුත්.."

ටේට මතක් වුනේ හොබී කාපු හැටියි නිදාගත්ත හැටියි..

" අනෙහ් අපි හත්දෙනාටම මෙයා ඇති..මට හොදටම හති.."

ජුන් හිනාවෙවී පැටියව එයාගෙ අතට ගත්තා.. පැටියනම් හැමෝගෙම තුරුලට ගුලි වෙවී හොදහැටි නිදි..

" මාත් මේ කල්පනා කලේ එක්කෙනෙක් ඇති නේද අපි හත් දෙනාටම.. යුන්ගියි හොබීයි එයාව ගෙනාවා, ජුන් හියුන්ග් එක්ක නම්ජුන් හියුන්ග් එයා බඩේ ඉද්දි බලාගත්තා, අපි තුන්දෙනා ඉතුරුටික බලාගමු..සරලයි.."

ටේ කියපු කතාවෙන් හැමෝටම හිනා ගියා.

" දෙයි බලාගෙන ඉන්නකො පැටියගෙ අයිතිකාරයො ආවහම.."

ජින් එහෙම කියාගෙන නම්ජුන් අතින් පැටියව අරගෙන හොබී ලගින් තිබ්බා..

" පැටියට කිරි දෙන්න ඕන..ඔයාල යන්නකො දැන්.. අපි හවසට එමු..හොබීට විවේක ගන්න දෙමු.."

ජින් එහෙම කියද්දි ඇද වටේ හිටිය හැමෝම හොබීවත් බලල එලියට ගියේ බරටම කියව කියව.. සමහරු සතුටට අඩනවා..සමහරු සතුටට පිස්සුවෙන් කියවනවා..සමහරු පැටියගෙ විවාහ උත්සවය වෙනකම්ම සැලසුම් කරනවා..මොකක් නැතත් හොද සම්චොන්ල ටිකක්නම් පැටියට ලැබිලා තියෙනවා..

" ජින් විත්රක් කාමරේ ඉතුරු වුනහම පැටියා හොබී ලගින් තියලා හොබීගෙ ඇදුම එහෙ මෙහෙ කරලා පැටියට පහසු විදියට හොබීව හැරෙව්වා..ජින්ට ඒ දෙන්න ගැනම ඇතිවුනේ ලොකු ආදරයක්.. මෙතන යුන්ගිත් හිටියනම් තවත් හොදයි..ඒත්...මෙහෙමත් හොදයි..යුන්ගි ගෙන්නගන්න දැනටමත් ජින් සමහරදේවල් කල්පනා කරලා තිබුනා..

හොබීගෙ ඔලුව පරිස්සමින් අතගාල ජින් දොරත් වහගෙන එලියට ගියේ අනිත් අයට එකතු වෙන්න..එයාලනම් දැන් ඉන්නෙ හොද සිහියකින් නෙමේ.. ජිමියත් ගිහින් කියව කියව ඉන්න හැටි දැක්කම ජින් ගිහින් ජිමීගෙ කනෙන් අල්ලගත්තා..

" අනෙ අනෙහ්..මෙන්න මෙහෙ එනවා ඇදුම් මාරු කරගන්න.. නට නට ඉන්න හැටි විතරක්.."

" ආව්..ආව්..හරි හරි හියුන්ග්..අම්මො කන රිදෙනව.."

" මේ මේ ජින් හියුන්ග් අපේ ඔමේගව අතරින්න හරිදේ.. ජුන් හියුන්ග්ගෙ ඇහිබැම කපනව නැත්නම් මම.." 

ටේ කිව්වා..

" ජුන්ට එහෙමත් ලස්සනයි හැබැයි.. බබා ඔයා කැමතිනම් ටේකුක්ට කියල අලුත් මෝස්තරයක් දාගන්න.."

ජින් හිනාවෙවී ජිමියවත් ඇදගෙන එයාගෙ කුටියට ගියා...













_____________________________

අලෝ ගර්ල්ස් කෝමදේ... 😎😎😎😎

මෙහ් අද චැප්ටරේට හෙන ගහල වගේද ලමයි..🤔🤔🤔මට පිස්සු වගේ අප්පා.. 🙂🙂🙂
කමෙන්ට් එකක් දාගෙන යන්නෝ.. 😘😘චෙරී ඔයාලට ආදරෙයිලූ..😍😍උම්ම්ම්ම්වාහ්..බායි බායී.......

thanks for reading..love your votes and comments..

STAY SAFE😊😊😊😊

cherry-minshi
luv urself

( රීඩර් නැන්දල ටික..හිකිස්..😁)












Continue Reading

You'll Also Like

84.4K 15.4K 64
"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින...
6.1K 1.6K 11
හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය...
14K 1.9K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
66.7K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...