DUΛL⏳ ( Completed )

By Armygirl920

8.5K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Tears ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Are you happy ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Love ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Not The End ..

188 56 20
By Armygirl920


ටේහ්‍යුන් හිටියේ meetings වලටම බිසී වෙලා.. ඒ නිසාම කෙල්ල කෑම ටිකත් උස්සගන කොල්ලගේ කාමරේටම ගියේ කොල්ලා වැඩ කරන්න ගත්තම කන බොන එකත් අමතක කරන නිසා...

හෙමීට දොර ඇරලා කෙල්ල ඇතුලට යද්දි කොල්ලා ඇද උඩ lap එකත් තියාගන ෆයිල්ස් වගයක් කියවන ගමන් කාට දෝ හොදටම බනිනවා.....
" Nonsense ... මම කියලා තියෙනවා ආයේ ආයෙත් මට මේවා චෙක් කරන්න තියන්න එපා කියලා...
මේ ෆයිල් එක වත් හරියට complete නෑ... එහෙම වෙලත් තමුන්ලා කියන්නේ මට දැන් agreement එක sign කරන්න කියලද... හහ් මේ විස්තර ටික වත් හරිහැටි නැතුව...

මම ආයේ කියන්නේ නෑ... තමුන්ලගේ රස්සාව ඕනි නම් කරනවා ඒක හරියට... මෙතන මම නේ ඔක්කොම කරන්නේ... ආ.. තේරුනාද... "
Lap එකටත් රවාගන එයා බැනගන බැනගන යද්දි කීපදෙනෙක්ම සමාව ඉල්ලන සද්දෙත් කෙල්ලට ඇහුනා...

ඇගිලි තුඩු වලින් ඇතුලට ආව කෙල්ල ටේහ්‍යුන් ගේ රතු උන මූණ දැකලා ගැස්සුනා..
කෙල්ල ආවා දැකපු ගමන් කොල්ලා කෙල්ලගේ දිහා බලලා ඒ තරහින් පිරුන මූණ ලස්සන හිනාවකට පෙරල ගත්තා....
" ඔතනින් තියන්න... "
කෙල්ලට හිනාවෙලා එතන තිබ්බ මේසේ ඔලුවෙන් පෙන්නන ගමන් කොල්ලා ආයෙම ෆයිල් එකක් අතට ගත්තා...

හවස් වෙලා කෙල්ල තේකකුත් හදාගන ආයෙම ගියේ කොල්ලගේ කාමරේට .. කොල්ලත් තාම හිටි වනම ඇද උඩ.. කෑම එකත් තිබ්බ විදියටම මේසේ උඩ...

කෙල්ලට ඒකට නම් ඇත්තටම තරහා ගියා.. ඉනටත් අත්දෙක තියලා කෙල්ල වෙලාව බැලුවා..
" ස්ස් ... පහ හමාරයි... "
කෙල්ලට කෑගැස්සුනා.. කොල්ලා තාම කලා නෑ.. කෙල්ල තේකත් මේසේ උඩින් තියලා වේගෙන් ගියේ කොල්ලගේ ලගට...

" හ්ම්ම්... Okay.. පාර්ක්... ඔයා Basic එක ගැන බලලා මට mail එකක්..... ඔහ්... අ... "
කොල්ලගේ කතාව මග නතර උනේ කෙල්ල කොල්ලගේ උකුලේ තිබුන lap එක අරගන ඇද උඩින් තියලා කෑම ප්ලේට් එක කොල්ලගේ උකුලෙන් තිබ්බම...

" දැන් ඇති ටේහ්‍යුන් ශී ... ඔයා කාලා නෑ.. දැන් කෑම කන්න ඕනි ඔයා.... කෝ... "
කොල්ලා කටත් ඇරන් බලන් ඉද්දි meeting එකේ කට්ටියත් සද්ද නැතුව මේ සිද්ධිය බලාගන....

" අ අනේ... යුන්.. මම මේ important meeting එකක ඉන්නේ... දැන් ...බෑ අ..."

" ආනී... ඒක ටිකකට නතර කරන්න... දැන් ඔයා කන්න ඕනි.... කෝ ඉතින්.. බෑ කිව්වොත් අල්ලගන කවනවා හොදේ.. නොකා නොබී ඉදලා ඔයා ලෙඩ වෙයි... "
කෙල්ල තරහින් රතු වෙලා.. කොල්ලා පලවෙනි පාරට කෙල්ල තරහින් ඉන්නවා දැක්ක නිසාද මන්දා කොල්ලට තාම හිතාගන්න බෑ...
" ඒත්...."

" හා.. හා... ඒත් මේත් නෑ... දැන් කෑම කන්න ඕනි.. කෝ... දැන් කන්න.. පස්සේ මට බැන්නට කමක් නෑ... "
චොප්ස්ටික්ස් දෙකත් කොල්ලගේ අතට දීලා එයාගේ අතේ තිබුන ෆයිල් එකයි පෑනයි කෙල්ල ඇදේ පැත්තකින් තිබ්බා...

කොල්ලත් හුම් නෑ... කෙල්ලට මේ පාර ඇත්තටම මල පැනලා නිසා කොල්ලා meeting එකේ කට්ටිය දිහා හොරෙන් බලලා කෑම කටක් දෙකක් කටට දාගත්තේ meeting එකේ හිටිය කට්ටියම කොල්ලා දිහා බලන් ඉදිද්දි දැනුන ලැජ්ජාවටමයි....

ඉයුන් බී ත් කොල්ලා කාලා ඉවර වෙනකන් එතනින් හෙලවුනේ නෑ... අත්දෙකත් පපුවට බැදගන කෙල්ල තරහින් පුපුර පුපුර කොල්ලට රවනවා...
කොල්ලත් ඉතින් කඩිමුඩියේ කෑම ටික ඔක්කොම ගිලලා කෙල්ල දිහා බැලුවේ තොලත් හපාගන....

කෙල්ල රවාගනම කෑම ප්ලේට් එක අරන් මේසේ උඩින් තිබ්බා...
" හරි... දැන් meeting එක ආපහු කරගන යන්න.. මම තේක රත් කරගන එන්නම්... "
කෙල්ල ප්ලේට් එකත් උස්සගන හිනාවෙලා කාමරෙන් එලියට ගියත් කොල්ලා තාම confused ...

" සර්... "

" Mr.Kim.... "

කීපදෙනෙක් ම ටේහ්‍යුන් ට කතා කලාම කොල්ලා meeting එක පැත්තට හැරුනා..
" අම්මෝ... සර් කවුද ඒ.... සර් කසාදවත් බැන්දද අපිටත් නොකියා... ? "

" ආනී... ඒ... මේ මගේ යොජාචින්ගු ... "
කොල්ලා confuse එකෙන්ම ඔහේ කියවනවා..

" එයා තමයි පලවෙනි කෙනා... සර්ගේ කට වස්සපු... සර් එයා ඉස්සරහ හිටියේ බබෙක් වගේ... "
පාර්ක් හිනාවෙද්දි නම් කොල්ලට තද උනා...

" ආයිශ් ... පාර්ක් ... ඕන්නැති ඒවා හොයන්නේ නැතුව අර mail එක මට එවනවා.. මේ දැන්ම.... "
කොල්ලා කෑගහලා ආයෙම ඇදට හේත්තු වෙලා හෙමීට බැලුවේ දොර දිහා...

කවදාවත් කොල්ලට කැම කන්න කියලා කවුරුත් බැනලා තිබුනේ නෑ.... ඔම්මා අප්පා උනත් කොල්ලට උපරිම නිදහස දුන්නා.. අඩුම තරමේ කන්න කියලා වත් බල කරලා නෑ...

ඒත් අද කෙල්ලගේ මේ හැසිරීම කොල්ලට ගෙනාවේ තවත් හැගීමක්... කොල්ලගේ කටට ආව පුංචි හිනාවෙන් කොල්ලා ඒ හැගීමට කැමති බව පෙනුනා...

ඔව්... එයා කැමතියි ... කෙල්ල තමන් ගැන හොයලා බලනවට... වගේම බැන බැන හරි කෑම කවනවට...
ඔම්මා අප්පාගෙන් ලැබුන ඒ නිදහස ඇත්තටම කොල්ලට නිදහසකට වැඩිය තනිකමක් වගේයි දැනුනේ...
අද කවදාවත් නැතුව කොල්ලා බැනුමක් අහද්දි එයාගේ හිතට නිදහසක් දැනුනා...

කෙල්ල හිටියේ තේක රත් කරන ගමන්... එලියේ දාලා තිබුන table mat දෙකකුත් ඇතුලට අරන් ඇවිත් කෙල්ල ඒක මේසේට දැම්මේ තේක අරන් යන්න හැරෙන ගමන්...

ඒ එක්කම කෙල්ලට ඇහුනේ දොරට තට්ටු කරන සද්දේ ...
" හ්හ්...... අන්ද්වේ ... "
කෙල්ල දන්නවා මේ වෙලාවට කවුද එන්න ඉන්නේ කියලා.. එයා විදුලි වේගෙන් දොර ලගට දිව්වේ දොර ලොක් කරලා නැතුව එයා ඇතුලට ආව බව මතක් වෙලා උනත් ඒ වෙද්දි එයා පරක්කු වැඩියි...
අමාරුවෙන් දොර වහන්න හැදුවත් මිනිස්සු දෙතුන්දෙනෙක් එක්ක කෙල්ල කොහේ හැරෙන්නද...
උන් ගේ ඇතුලට කඩා පනිද්දි කෙල්ලව විසික් වෙලා ගිහින් බිත්තියේ හැප්පුනා...

" ඔහ්... ඔන්න අද නම් අතට...ම... අ...ල්ල ගත්ත... "
කෙල්ල ලගට ඇවිත් කෙල්ලගේ වැලමිට හරියෙන් තද කරලා අල්ලගත්ත මින් දෝ හිනා උනා....

" අ අනේහ්... අනේහ් මින් දෝ ශී.... එයා එයා ගෙදර... අනේ ඔයාලා යන්න... එයා ආවොත් ප්‍රශ්නේ කනපිට පෙරලෙයි... "
කෙල්ල අඩනගමන් අතගලවන්න නිරර්ථ්ක උත්සාහයක් දරද්දි මින්දෝ කෙල්ලව තවත් ලගට ඇදලා අරන් කෙල්ලගේ අත්දෙකෙන්ම තද කරලා අල්ලගත්තා...
" ආහ්.. අ අනේහ්.. "

" හහ්... ඇයි අපි උට බය වෙන්න ඕනිද... එනවා යන්න.. උට මොනාත් නොකර ඉන්න නම් උඹ එන්න ඕනි අපි එක්ක යන්න...
මේ පාර නම් උඹට ලේසි වෙන එකක් නෑ... "
කෙල්ල දිහාවට කෑදර බැල්මක් දාලා මින් දෝ කෙල්ලගේ මූණ එයාගේ රළු ඇගිලි වලින් පිහදාද්දි කෙල්ල අමාරුවෙන් අහකට හැරුනේ එයාගේ අත්වලින් ගැලවෙන්න දගල දගල...

" මට බෑ... මට එන්න බෑ... ඇයි දෙයියනේ මට පාඩුවේ ඉන්න නොදෙන්නේ...
මට ඔයාලා ගැන තැන තැන කිය කිය යන්න ඕනි නෑ .. ඒ නිසා මට මෙහෙම ඉන්න දෙ.....
ආහ්..... ඉහ්.. අයින් වෙනවා... "

කෙල්ල බැන බැන ඉන්න අතරතුරෙත් මින් දෝ උත්සාහ කලේ කෙල්ලට ලං වෙන්න..
කෙල්ල අත්දෙක රතු වෙනකන් එයාගෙන් ගැලවෙන්න දැගලුවා.....
" ෂ්... ෂ්... කෑගහන්න එපා... ඔයාගේ රාජ කුමාරයාගේ ජීවිතේ මෙතනින්ම කෙලවර වෙයි...
ඔයාට තියෙන්නේ මං කියන විදියට ඉන්න එක විතරයි නේ... ම්ම්.. "
කෙල්ලව තමන්ගේ ඇගට තද කරගන උස්සලා ගත්ත මින් දෝ එයාවත් ඇදගන එලියට යන්න හැරුනා...

" ආහ්... අතාරිනවා... අනේහ්.. අනේ ටේහ්‍යුන් ශී ... අනේ ඉක්... ආහ්... යනවා එහාට...

ටේහ්‍යුන් ශී ..... අනේහ්... "
කෙල්ල මින් දෝගේ අත්වලට තද වෙලා ඇදිලා යද්දි පුළුවන් වෙර දාලා කෑගැහුවත් මින් දෝ කෙල්ලගේ කටට එයාගේ අතක් තද කරලා කට වහලා දැම්මා....

කෙල්ලවත් ඇදගන දොර ලගට ගියත් ඒ වේගෙන්ම කෙල්ලව මින් දෝ ගේ අත්වලින් තවත් අත් දෙකකට ඇදිලා ගියේ මින් දෝ පුදුම වෙලා හැරෙද්දි.....

" යුන්... ඔයා හොදින් ද.... "
ටේහ්‍යුන් කෙල්ලගේ තුවාල උන අත වගේම මින් දෝ ගේ අතට තද වෙලා පාර හිටලා තිබුන මූණ හෙමීට එයාගේ ඇගිලි වලින් පිරිමදිද්දි කෙල්ල බයෙන් කොල්ලගේ ඇදුමේ කොනක් අතට ගුලි කර ගත්තා...

" ආ...හ්.. අ අනේ ටේහ්‍යුන් ශී .. උ උන්.. අනේ.. "
කෙල්ල බයටම වෙවුලන්න අරන්... කොල්ලා තරහින් කළු උන ඇස් එක්ක මින් දෝ ගේ දිහා බැලුවේ කෙල්ලව අතකින් අල්ලලා තමන්ගේ පිටිපස්සෙන් හිටවන ගමන්...

" මම හිටියේ උඹලව අහුවෙනකන් තමයි... "
කොල්ලා තරහින් කෑගැහුවා..

" හහ්... ලොකු මිනිහෙක් කියලා අපි එක්ක හැප්පෙන්න බෑ මහත්තයෝ... අපි ඕකිව අරන් යන එක යනවාම තමා..
හොදින් හරි නරකින් හරි... "
ඒ මිනිස්සු තුන් දෙනා හයියෙන් හිනා වෙද්දි කොල්ලගේ අත්මිට මෙලවුනේ නහර පිටට පෙන්න තරම් තදින්...

" යුන් කියන්නේ මගේ කෙල්ල.. උඹලා එකෙක්ට වත් බෑ එයාගේ කෙස් ගහක්වත් මේ දොරෙන් එලියට අරන් යන්න... "

" හොදයි අපි එහෙම කලොත් ... ? "

" හහ්... කලොත් මම උඹලව බාවනවා මේ ගේ අස්සෙම... උඹලා වැරදි මිනිහගේ ගේ අස්සටයි ආවේ ... "
ඒ අස්සේ කෙල්ල තවත් කොල්ලගේ ඇදුම තදකරලා අල්ල ගන කොල්ල ඉස්සරහට යන එක නතර කරන්න උත්සාහ කරනවා...
එයාට බයයි... ටේහ්‍යුන් ට උන්ගෙන් තුවාලයක් වෙයි කියලා..

" අනේ ටේහ්‍යුන් ශී ... පැටලෙන්න යන්න එපා.. උන් ... අනේ උන්ගේ ලග පිහිත් තියෙනවා... "
කෙල්ල කොල්ලගේ අතකට ගුලි උනා..

" යුන්... මාව විශ්වාස කරන්න... මේක මම මෙතනින් ඉවර කරනවා.. බය වෙන්න එපා හොදද... "
කෙල්ලව තමන්ට තුරුල් කරගන කොල්ලා කෙල්ලව ටිකක් සන්සුන් කලා...

" මේක අහගන්න මහත්තයෝ ... අපි ඔය පොලීසි ගානේ ඕනි තම් කරග්ගැහුව මිනිස්සු... අපි ඕවට බය කරන්න බෑ දැන්... හහ්.. "
ටේහ්‍යුන් දිහා එක එල්ලේ බලන් හිටියත් මින් දෝ ගේ හිතේ ගැස්මක් තිබ්බ බව ඒ හැසිරීමෙන් කොල්ලට පෙනුනා..

" ඔහ්.. බොස් photo එක ආවා.. "
එතන හිටිය තවත් මනුස්සයෙක් එයාගේ phone එක අතට අරන් කෑගහද්දි ටේහ්‍යුන් ගේ කටකොනින් හිනාවක් ඇදුනේ ඒ ඇස් තරහ මිශ්‍ර උන සතුටකින් දිලිසෙද්දි ...

අතේ තිබ්බ phone එකේ තිබුන photo එක දිහා තුන් දෙනාම බය වෙලා බලන් ඉදලා ටේහ්‍යුන් දිහා බැලුවේ තොල් වෙවුල වෙවුල කතා කරගන්න වත් පණ නැති වීගන එද්දි...

" අහ්.. මම ඔයාලට මාව හදුන්වා දුන්නේ නෑ නේ... මම ටේහ්‍යුන් .. කිම් ටේහ්‍යුන් .. "
කෙල්ලව තමන් ලගින් එහාට කරලා කොල්ලා අඩි කීපයක් ඉස්සරහට ආවා...

" අ.. මේ..මේ..අ.. අපී.. මි..මී.. Mr.Kim... ඔයාද එ එතකොට අ අපේ... "

" දේ... ඔයාලගේ සෝල් වල Club එක විතරක් නෙවෙයි දේගු , ජේජු , ඉල්සාන් වල Club ටිකත් අද ඉදන් තියෙන්නේ මගේ නමට.. "
කොල්ලා එහෙම කියද්දි කෙල්ලගේ කකුලුත් පණ නැති උනා..

" එ ඒත්.. ඒත්... "

" හ්ම්ම්... තමුන්ලා දෙයක් කරන්න ඉස්සෙල්ලා හොයලා බලන්න තිබුනා... පොලිස්සි ... හහ්.. ඔව්.. මට නඩුවක් දාන්නත් පුළුවන් .. මොකද Club එකේ ඔක්කොම හොර ගණුදෙනු වල Documents මං ලගයි තියෙන්නේ..

අද ඉදන් ඔයාලගේ Clubs හතරම නීති විරෝධී හොර වැඩ වලින් නිදහස්... සම්පූර්ණ නීතිගත Clubs විදියට ඒවා දුවයි..
ඒ වගේම තමුන්... කන්ග් මින් දෝ... එතකොට තමුන් ... ජන් හා සොක්... අනිත් කෙනා තමුන් පාර්ක් යොන් දෝ..
තමුන්ලා තුන් දෙනාම permanent Job එකකට බැදුනා.. අද ඉදන් මං යටතේ ඔයාලා permanent Job එකක් කරනවා..

මං යන්න කියනකන් ඔයාලට මගෙන් ගැලවෙන්න බැරිවෙයි... ම්ම්... "
කොල්ලා ඒ එක් එක්කෙනාට අත් දික් කර කර කිව්වේ පුදුම සන්සුන් බවකින්...

" මම තමුන්ලගෙන් ටික ටික වාඩුව ගන්නම්.. එහෙම හොදයි නේ.. නේ... "
ඒ මිනිස්සු ටික කකුල් පණ නැතුව කොල්ලා ඉස්සරහ දණින් වැටුනා...

" අහ්.. අනේහ්.. අනේහ් අපි සමාවෙන්න Mr.Kim... අපී.. අපී... "

" ආනී... මගෙන් නෙවෙයි.. ඔයාලා සමාව ගන්න ඕනි කෙනා මෙයයි... "
ටේහ්‍යුන් කෙල්ලගේ අතකින් ඇදලා අර මිනිස්සු ඉස්සරහ හිට්ටෙව්වේ කෙල්ල තවමත් බයේ කොල්ලගේ අතේ එල්ලිලා ඉද්දිමයි...

" කිව්වම සමාව ගන්නවා ඉතින්... "
කොල්ලා අඩිය හප්පද්දි උන් කෙල්ල ඉස්සරහ වැද වැටුනා... කෙල්ලට ත් මේ මොනා වෙනව ද කියලා හිතාගන්න බැරුව ඉකි ගගහා බලන් හිටියා...

" හෙට ඉදන් ලෑස්ති වෙනවා රිටර්න් එක දෙන්න... දැන් යනවා මගේ දෑහෙට නොපෙනී මෙතනින්... " කෙල්ලවත් අල්ලගනම ටේහ්‍යුන් කෑගහද්දි උන් තරහින් පිඹ පිඹම නැගිටලා යන්න ගියේ කෙල්ල පණ නැතුව කොල්ලාගේ අත්වලට බරවෙද්දි..

" අහ් යුන්.. අනේ.. යුන් කෝ ඉන්න අපි වාඩි වෙමු මෙතනින්... "
තරහින් වගේම කුරිරු සතුටකින් උදම් වෙලා තිබුන කොල්ලගේ ඇස් කෙල්ලදිහා බලද්දි ලොකු ආදරේකින් පිරිලා ගියා...

" මොකක්ද ඒ කතාව ටේහ්‍යුන් ශී ... ඔ ඔයා මොනාද කලේ... අනේහ් මන් නිසා ඔයා ඔයාගේ ආත්මගරුත්වයත් නැති කරගන්නද යන්නේ Club එකක අයිතිකාරයෙක් වෙලා... "
කෙල්ල ඉකිය අස්සෙන් එහෙම කියද්දි තරහින් කදුළු කැට ඔහේ මූණට වැටුනා..

ඒත් කොල්ලා කලේ පුංචි හිනාවක් දැම්ම එක..
" ආනී... ඒවා ඔක්කොම මම register කලා... දැන් ඒවා නීතිවිරෝධී නෑ යුන්... මට ඕනි උනේ උන් ටික මගේ අතට ගන්න..."
කොල්ලා කෙල්ලගේ රතු උන කම්මුල් වලට වැටුන කොන්ඩ කැරලි එයාගේ කන පිටිපස්සෙන් රදෝලා ඒ රතු උන කම්මුල් ලාවට අත්ගෑවා...

" ඒත් ටේහ්‍යුන් ශී .. ඒවා Club නේ... අනේ ඔයා ඇයි එහෙම...

" ශ්... ශ්... දැන් ඇති ඉතින් .. මම කිව්වනේ මාව විශ්වාස කරන්න.. මම මේ හැම දේම හරිගස්සන්නම්.. හොදද...
මම උන්ගෙන් වාඩුව ගන්නවා ඉයුන් බී ... කෙල්ලොන්ව තියාගන උන් කරපු පවු වලට උන්ට දඩුවම් දෙන්න මට බැරි වේවී... ඒත් මට පුළුවන් ඔයාට උන් කරපු දේවල් වලට උන්ගෙන් පලිය ගන්න...

මම උන්ව ටික ටික හූරනවා... හහ්.. "
කොල්ලා බර හුස්මක් ගත්තා..
කෙල්ල තවමත් කදුළු පුරවගන කොල්ලගේ අහක බලන් ඉන්න ඇස් දිහා බලාගන හිටියා....

හැම දේම හොදින් උනා.. කෙල්ලට ආයේ මින් දෝ ලගෙන් කරදරයක් නෑ... එයාට දැන් නිදහසේ පාරට බහින්න පුළුවන් ...
ටේහ්‍යුන් ගේ ජීවිතේ උනත් දැන් ආරක්ශිතයි...
ඉතින් හරිනම් දැන් කෙල්ල සතුටු වෙන්න ඕනි...

ඒත් තවමත් කෙල්ලගේ හිතේ තිබුනේ හිස්තැනක්...
මේ හරි දේ ද.... ?

ටේහ්‍යුන් තමන් නිසා කරන මේ දේවල් හරිද... ?

දැන් හැමදේම ඉවරයි කියලා හිත හදාගන්න පුළුවන් ද... ?

" ආනිහ්... මේක අවසානය වෙන්න බෑ... හ්හාඅ .. මං නිසා ටේහ්‍යුන් ශී ගේ ජීවිතේ විනාස වෙන එක වැඩි ඈතක නැතුව ඇති... "
කෙල්ලගේ හිත ඔය වචන ටික කෑගහලා කියන්න ගත්තා... කෙල්ල දෛවයෙන් බේරිලා පැනලා යන්න හදන එකෙන් වෙන්නේ තමන්ට ඉන්න එකම ආදරෙත් ඒ උගුලට වැටෙන එක නෙවෙයිද...

මෙය අවසානය නොවෙයි.. පටන් ගැන්මයි ...

.
.
.
.

___________________________________________

ඔන්න ඉතින් ආවා ...
මොනාද හිතෙන්නේ කියන්න කෝ.. හී.... ☺️

ටේහ්‍යුන් ගේ පැත්තෙන් එයා වැරදිද.. ?

ඉයුන් බී ටේහ්‍යුන් ගේ ජීවිතෙන් ගියොතින් කොල්ලා ආරක්ශිතයි ද... ඒත් සතුට... ?

මොනාද හිතෙන්නේ කියලා කියාගන යන්න පැටවු ...මට කතාව ඉස්සරහට ගෙනියන්න ඔයාලගේ අදහස ගොඩක් වැදගත්...

හී.. යන්නම් ඈ...
Borahae 💜️💜️

__Candy__

Continue Reading

You'll Also Like

467K 44.9K 46
အ​ေမွာင္​ထုသာ စိုးမိုးထားတဲ့ အျခားတစ္​ဖက္​မွာ .. ​ကြၽန္​​ေတာ္​က အလင္​း​ေရာင္​​ျဖာလင္​း​ေပးရမယ္​့ လမင္​း.. က်ိန္​စာလား လက္​​ေဆာင္​လား ?? ကြၽန္​​ေတာ္​...
16.9K 1K 13
အချစ်ဇာတ်လမ်းလေးဆိုပေမယ့် ပရလောက ဆန်ဆန်၊ လျှို့ဝှက်သည်းဖို ဆန်ဆန်ရေးထားတာပါ။ အစမှာ မာန်ရှင်းဆိုတဲ့ ကောင်လေးက ယာဉ်မတော်တဆမှုနဲ့ ဆေးရုံပေါ်ရောက်နေပြီး...
3.2M 272K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
3K 196 7
Medical Return Burmese Translation Webtoon Doctor Kim JinHyun lost everything in his life. But his life is helped by the maid of heaven who was saved...