DUΛL⏳ ( Completed )

By Armygirl920

8.2K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Tears ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Are you happy ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Love ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Promise ..

188 54 6
By Armygirl920


ඉයුන් බීවත් එක්කගන කොල්ලා ගියේ ඔවුන්ටම වෙන්වුන Hotel එකක Dinner out එකකට...
කෙල්ල නම් ටිකක් නොඉවසිල්ලෙන් වට පිට බැලුවත් ටේහ්‍යුන් නම් බිල්ඩින් එකේ වීදුරුවෙන් පේන ඈත රෑ අහස දිහා බලාගන කල්පනාවක..

" ටේහ්‍යුන් ශී ... ඇ ඇයි අද කවුරුත් ම නැත්තේ... "
ටේහ්‍යුන් ගේ කල්පනාව කැඩුනේ කෙල්ලගේ ප්‍රශ්නේ නිසා...
කොල්ලා හතරැස් හිනාවක් දාලා ටිකක් මේසෙට බර උනා...

" ම්ම්... අද අපි දෙන්නා විතරයි ... ඔයා වැඩිය මිනිස්සු එක්ක ගැවසෙන්න බය නිසා මම මේ හෝල් එක වෙන් කලා... "
කෙල්ල මූණ ඇඹුල් කරද්දි කොල්ලා ආයෙම හිනා උනා...

" අනේ.. ටේහ්‍යුන් ශී එහෙම ඕනි නෑ... අනේ ඔයා නිකන් සල්ලි නාස්ති කරනවා... "
කෙල්ල මූණ එල්ලගන මේසේ උඩ තියෙන පුංචි වාස් එකේ තිබ්බ මල් වල පෙති එක එක ලාවට අතගාන්න ගත්තා...

" චහ් ... ඇත්තටම කිව්වොත් ඒක මට ඒ හැටි ගානක් නෙවෙයි... ඒ නිසා හිතන්න එපා.. අද දවසේ වෙච්චි හැම දේම අමතක කරලා දැන් අපි dinner ගමු.. ම්ම්... හොදද... "
කෙල්ල හිනාවෙලා ඔලුව වනද්දිම කෑම tabel එකට ආව නිසා දෙන්නම කෑම කන්න පටන් ගත්තා...
ටේහ්‍යුන් නම් රෑ අහසට වශීවෙලා... කොල්ලා අහස දිහායි ඉයුන් බී දිහායි මාරුවෙන් මාරුවට බලනවා...

" යුන්... "

" ම්ම්... "

" අද අහස ලස්සනයි නේද... "
කෙල්ලත් කෑම කටේ ඔබන ගමන්ම හැරුනේ රෑ අහස දිහාවට...

" දේ... ටේහ්‍යුන් ශී ... ඉර බැහැගන යද්දි පේන අහස තමයි ලස්සනම... "
ඈතින් පේන තැඹිලි පාට මිශ්‍ර උන අහස දිහාවට කෙල්ල ඇගිල්ලක් දික් කලේ බබෙක් වගේ ....

" හ්ම්ම්... ඔයා වගේ... "
කොල්ලා කෙල්ල පෙන්නුව පැත්ත බලන් හිටියේ නෑ... එයාගේ ඇස් තිබුනේ පොඩි එකෙක් වගේ අතක් දික්කරන් ඈත් බලන් ඉන්න තමන්ගේ එකම ආදරේ ලග...

" ආහ්... "
කෙල්ලට ටේහ්‍යුන් ගෙන් ලැබුන නොසිතූ වචන ටික කෙල්ලව ටිකක් පුදුම කලා...

" ටේහ්‍යුන් ශී ... මට .. මේ ඔයාට කියන්න දෙයක් තියෙනවා... "

" ම්ම් කියන්න.. "

" අනේහ්... මට සමාවෙන්න ටේහ්‍යුන් ශී .. මම ඔයාට කිව්වේ නෑ ඊයෙත් උන් මෙහෙට ආවා කියලා... එයාලා ඊයෙත් ඇවිල්ලා කෑගහලා ගියා ටේහ්‍යුන් ශී ... මම ... මේ... "
කොල්ලා පුදුම වෙයි කියලා හිතුවත් කොල්ලා ගේ මූණේ තිබුන හිනාව වෙනස් උනේ නෑ...

" මම දන්නවා ඒක... ඔයාගේ පුංචි වෙනස් වීමත් මට දැනෙනවා යුන්... ඔයාගේ කම්මුලක් ඉදිමිලා තිබුනා .. මම ඒක දැක්කා... CCTV වලින් මම දැක්කා උන් නටපු නාඩගම...
මම අතාරින්නේ නෑ උන්ව... ඔයාගේ කෙස් ගහක් වත් ආයේ උන්ට අල්ලන්න ලැබෙන්නේ නෑ... "
අතේ තිබුන හැන්ද තදට අල්ලන ගමන් කොල්ලා එහෙම කිව්වත් ඒ මූණේ ... ඒ ඇස් වල තිබුනේ පුදුම තරම් සන්සුන් නිවුන් බවක්....

***

" මොකක්... අද රෑට.. මෙහෙද... "
කෙල්ල ඇසුත් ලොකු කරන් අහද්දි කොල්ලා ඒක අනුමත කරන්න ඔලුව වැනුවා...

" දේ.... අපි ටිකක් පරණ දේවල් වලින් ඈත්වෙමු... ම්ම්... ඔයා අකමැති ද මෙහෙ ඉන්න... "

" අනේ එහෙම නෑ ටේහ්‍යුන් ශී ... මමත් කැමතියි ඒ මතක අමතක කරලා දාලා ඉන්න... "

දෙන්නම කාමරේකට ආවම ටේහ්‍යුන් කෙසේ වෙතත් කෙල්ල නම් දුවගන ගියේ බැල්කනි එකට..
රෑ අහසේ අද තරු ගොඩක් පේන්න තියෙන නිසාමද මන්දා කෙල්ල කටත් ඇරගන උඩ බලාගන තරු හොයනවා...

" ඉයුන් බී ... ඔයා දැන් ඇදුම මාරු කරගන්න... අද ඉක්මනට නිදිය ගන්න පුළුවන් නේ.. "
කොල්ලා ඇතුලේ ඉදන් කෑගහන්න ගත්තම කෙල්ල ඉක්මනට බැල්කනි එකෙන් කාමරේට ආවා....

ඇද උඩ තිබුන ඇදුමත් කෙල්ලගේ අතට දීලා ටේහ්‍යුන් කෙල්ලව washroom එකට තල්ලු කලා...

දෙන්නම wash කරගන නිදියගන්න ආවත් කාමරේ තිබුනේ එක ඇදක් නිසා දෙන්නට දෙන්නා මූණට මූණ බලාගත්තා..
" අ... මම ඒක හිතුවේ නෑ ඉතින්... හී "
කොල්ලා මොට්ට හිනාවක් එක්ක කොට්ටේ අතට අරන් එයාම ගියේ සෝෆා එකට...

" ආහ්.. අන්ද්වේ ටේහ්‍යුන් ශී ... මම යන්නම් .. ඔයා ඇදේ ඉන්න... "
කෙල්ලත් අනිත් කොට්ටේ උස්සන් දුවගන ආවේ සෝෆා එක ලගට...

" ආනී යුන්.. ඔයා ඉන්න... මම මේකේ ඉන්නම්... කෝ ඉතින් යන්නකෝ... නිදාගන්න අනේ... "
කොල්ලා කෙල්ලගේ මූණට එබිලා කියද්දි කෙල්ල අඩියක් පස්සට උනා...

" ම්ම්හූ.. අනේ ටේහ්‍යුන් ශී අනේ.. අනේ.. මම ඉන්නම්.. අනේ මට බෑ ඔයා සොෆා එකේ තියලා ඇදේ නිදා ගන්න... "

" ඉතින් මට එහෙනම් කොහොම වේවිද.. මටත් බෑ යුන්... "
කොල්ලා ටිකක් තදින් කිව්වත් කෙල්ල නෙවෙයි නැවුනේ...

" අනේ ටේහ්‍යුන් ශී ... මේ පාර.. ම්ම්.. අනේ ඉතින්.. අනික මම දන්නවා ඔයාට සෝෆා වල නිදියගන හුරුත් නැති බව.. "
කෙල්ලගේ කීමට ටේහ්‍යුන් ට ඇදේ නිදාගන්න උනත් කොල්ලා හිටියේ ඇහැරගන එක අතක වැලමිටේ ඇතුල්පැත්තෙන් ඇස්දෙක වහගන ...

කෙල්ල නම් වැටුන ගමන් නිදාගත්තා... ඒත් ටිකක් රෑ වෙද්දි කොල්ලා එකපාරට ගැස්සිලා ඇහැරවුනා.. එයා හැරුන ගමන්ම බැලුවේ සෝෆා එකේ හිටිය කෙල්ල දිහා.. එයා වෙවුලනවා ...
මොනා දෝ මුමුණ මුමුණ කෙල්ල හොදටම වෙවුලනවා ... කොල්ලා ඉක්මන් අඩියෙන් කෙල්ලගේ ලගට ගිහින් එයාගේ ලගින් දණ ගහගත්තා...

" ඉයුන් බී .. අනේ ලමයො ඇයි මේ.. යුන්.... " කොල්ලා කදුළු පෙර පෙර ගැහෙන කෙල්ලගේ අතකින් අල්ලලා එයාව හෙලෙව්වා.....
ඒ එක්කම කෙල්ලත් ගැස්සිලා ඇහැරුනේ කලබලෙන් වටපිටබලන ගමන්....

" යුන්... ඔයා හොදින්ද... අනේ ඇ ඇයි මේ... "
කෙල්ලගේ කම්මුල් වල තිබුන කදුළු පිහිදාලා කොල්ලා කෙල්ලගේ අත්දෙකෙන්ම අල්ලගත්තේ බය වෙලා....

" ආහ්... අනේහ් ටේහ්‍යුන් ශී .. මට.. මට අද උදේ සිද්ධිය මතක් උනා... අනේ උන් ආයෙම එයි මාව හොයාගන... අනේ මට නිදාගන්න බෑ ටේහ්‍යුන් ශී .... මට බයයි... "
කෙල්ල ඉකිගගහා අඩන්න ගත්තේ කොල්ලා හුස්මක් හෙලලා කෙල්ලගේ පිටට පුංචි තට්ටු දාද්දි...

" හ්හාඅ ... ඔයාට මාව විශ්වාසද යුන්... "
කොල්ලා ලොකු හුස්මක් පිටකරලා ටිකක් බැරෑරුම්ව අහද්දි කෙල්ල ඉකිය අස්සෙන් ඇසුත් ලොකු කරලා බැලුවා...

" ටෙ ටේහ්‍යුන් ශී ... අනේ මේකයි... "
කෙල්ල නිකමට තේරුනා කොල්ලා ඉන්නේ තරහින් බව...

" ආනී... ඔව් ද නැද්ද ... ? "
කෙල්ලට කෙලත් ගිලෙද්දි කොල්ලා එහෙම ඇහුවා...

" ඔව්... මට ඔයාව විශ්වාසයි ටේහ්‍යුන් ශී .. "
කෙල්ල එහෙම කිව්ව ගමන් කොල්ලා හා කියලා තමන්ට විතරක් ඇහෙන්න මුමුණලා කෙල්ල හිතන්නත් කලියෙන් කෙල්ලව තමන්ගේ අත අතරට උස්සලා ගත්තේ කෙල්ල කෑගහගන කොල්ලගේ බෙල්ලේ එල්ලෙද්දි..

" අනෙහ්... ඔය.. අනේ ටේහ්‍යුන් ශී මේ මොකද.. "
කෙල්ල අඩන එකත් නතර කරලා කෑගැහද්දිම කොල්ලා එයාව ගෙනත් ඇද උඩින් ඉන්දෙව්වා ...

" ඔයාට මාව විශ්වාස නම් ඔතන ඉන්න.. බය වෙන්න එපා මම ඔයාට මොනාත් කරන්නේ නෑ... තවත් කෙනෙක් එක්ක ඉන්න එකෙන් වත් ඔයාගේ හීන වල වෙනසක් වෙයි... "
කොල්ලා කෙල්ලගේ ඇගට ශීට් එකකුත් පොරවලා එයා ලගින්ම ඔලුව තියාගත්තත් කෙල්ල හිටියේ හිතාගන්න බැරුව...

එයා කලබලෙන් ඇගිලි ගැට ගගහා වහලේ දිහාම බලාගන... ටේහ්‍යුන් ටත් කටකොනින් හිනා ගියා..
" නිදාගන්න යුන්... මට පුළුවන් මාව පාලනේ කර ගන්න.. බය වෙන්න එපා.. "
කෙල්ල ආයෙත් වේගෙන් ඔලුව හරවලා ටේහ්‍යුන් දිහා බැලුවා....
ඒත් කොල්ලා හිටියේ කෙල්ලට පිටිපස්ස හරවලා ... එයාට නින්දක් නම් ආවේ නැති තරම්.. ඒ උනත් කොල්ලා එහෙම හිටියේ කෙල්ලට දැනුන අපහසුතාව මගඇරෙන්න...

කෙල්ලත් ලාවට හුස්මක් පිටකලා.. කොල්ලටත් නින්ද ගිහින් කියලා හිතුන නිසා කෙල්ලත් යන්තමට ඇස් පියා ගත්තා... ඒත් ආයේ ආයෙත් ඒ මූණු.. ඒ රළු වචන... තමන් දිහා කෑදරෙන් බලන ඒ ඇස් කෙල්ලට මතක් උනා...
කොයිවෙලේක හරි උන් තමන්ව ඇදගන යන බව කෙල්ල දන්නවා.. ඒත් ඊටත් වඩා එයාට තිබුනේ ටේහ්‍යුන් ට කරදරයක් වෙයි කියන බය...

ඔය හැම දේම ආයේ ආයෙත් හිත පාරද්දි කෙල්ල ආයෙමත් අඩන්න ගත්තත් පුළුවන් අමාරුවෙන් එයා කටත් අතින් වහගන ඉකිය අඩු කරගන්න උත්සාහ කලේ කොල්ලගේ නින්දට බාදාවක් වෙන්න දෙන්න අකමැති නිසා... ඒත් ටේහ්‍යුන් හිටියේ තමන්ගේ හදවතයි මොලෙයි අතර ද්වන්ධ සටනක...

තමන් ගේ එකම ආදරේ අද තමන් එක්ක එක ඇදක තමන්ට එහා පැත්තෙන් නිදන් ඉදිද්දී කොල්ලගේ හිත කිව්වෙම කෙල්ලගේ ඒ ලා රෝස හීනි තොල් වල රස එකපාරක් හරි විදින්න් කියලා...
ඒත් කොල්ලගේ මොලය ඒකට හරස් උනා.. කෙල්ල ගේ අකමැත්තෙන් එයාව කිස් කරන්න තියා වැලදගන්න වත් කොල්ලා බයයි... ඒ කෙල්ලගේ හිතේ තමන් ගැන තියෙන විශ්වාසේ කැඩේවි කියලා...
අනික බලෙන් වත් කෙනෙක් ගේ අකමැත්තෙන් වත් ආදරේ ලං කරගන්න බැරි බව කොල්ලා දැනගන හිටියා...
ඒ නිසාම එයා හුස්ම හිර කරගන තමන්ව පුළුවන් තරම් පාලනය කරගත්තා...

ටිකක් වෙලා යද්දි කොල්ලටම දැනුනා කෙල්ල තවමත් ඇදේ දගලනවා කියලා... එයාන නින්ද නොයන බව කොල්ලාට තේරුනත් හීනියට ඇහුන ඉකිය නිසා කෙල්ල ආයෙමත් හීනෙන් බය උන බව ටේහ්‍යුන් දැන ගත්තා...
සැනින් කෙල්ලගේ පැත්තට හැරෙද්දි කොල්ලා දැක්කා කෙල්ල රතු වෙනකන් ඉකි ගහනවා...

" ඉයුන් බී ... අනේ ආයෙමත්... "
කොල්ලා ඇදේ ඉදගන කෙල්ල දිහා බලාගන...
" අනේ යුන් අඩන්න එපා.. ආයෙත් පෙනුනද.. ම්ම්.. "

" හහ්හ්හ්... මි මියානේ ටේහ්‍යුන් ශී ... මම ඔ ඔයාව ඇහැහ් රෙව්වද.... "
කෙල්ලත් නහයත් ඇද ඇදම ඇදේ වාඩි උනා....

" ආනී මම නිදාගන හිටියේ නෑ.. අනේ අඬන්න එපා යුන්.. කෝ දැන් ඇති ඉතින්.. "
කොල්ලා කෙල්ලගේ ලගට ලං වෙලා ඒ කදුළු බිංදු පිහිදැම්මා...

" අනේ ටේහ්‍යුන් ශී ... උන් ආයෙම එයිද.. "

" මම කිව්වනේ යුන්... මම ඉන්නකන් ආයේ මොනාත්ම කරන්න උන්ට බෑ... අනේ මාව විශ්වාස කරන්නකෝ.. මම ඔයාට පොරොන්දු උනා නේ නේද.. ම්ම්... "

" මම දැක්කා ටේහ්‍යුන් ශී ... උන් මහා යක්ෂයෝ... උන් ඒවී ආයෙම මාවත් ඇදගන යන්න... මම දන්නවා උන් මේ පාර මාව ඇදන් යන්නේ නිකන් නෙවෙයි... හ්හාඅ ... "

" ඇයි උන් මොනා කරන්නද.. මම උන්ව ඉතුරු කරන්නේනෑ... "
ටේහ්‍යුන් ඇදේ ශීට් එක තදට අතට ගුලි කරගත්තා....

" හ්හාඅ ... උන් මාවත් කොහෙට හරි ඇදන් ගිහින් විනාස කරලා දායි... ම මම... මම ඇත්තටම සතුටු වෙනවා මට උන්ට දෙන්න දෙයක් ඉතිරි නැති එකට...
උන් එහෙම යි ටේහ්‍යුන් ශී ... මගේ ඇස් ඉදිරියේ උන් මගේම වයසේ කෙල්ලොන්ව නාස්ති කරලා තියෙනවා...

ම මන්... ආහ්... එතකොට මන්... චහ් මම එතෙන්ට ගිහින් උන්ට වොඩ්කා පෙරුවා.... හහ්... ඒ කෙල්ලො හැමදාම මට එයාලගේ අසරණ ඇස් වලින් ඉල්ලීම් කලත් මම කලේ ඒවා නොදැක්කා වගේ එතනින් ආව එක...

දෙයියනේ මට මෙහෙම වෙලා මදි... ඒ පවට මාවත් ගෑවුනා... අනේ මන් නිසා ඔයාටත්.... "
කෙල්ල ආයෙම කකුල් අස්සේ මූණ ගහගන අඩන්න ගත්ත...

" ආනීහ්.... මම කිව්ව නේ මම ඉන්නකන් ඔය මොකෙක් වත් එන්නේ නෑ.. දැන් අඩන්න එපා.. උන් නිසා ඔහොම වැටෙන්නත් එපා යුන්... කෝ දැන් ඇති.. දැන් නිදාගන්න... "

" කෝ ඉතින්... "
කෙල්ලගේ මූණේ කදුළු පිහදාලා කොල්ලා ආයෙම කෙල්ලව ඇල කරවලා එයත් කොට්ටෙට බර උනා...
විනාඩි කීපයක් දෙන්නම ඔහේ උඩ බලාගන ඉන්න ඇති.. ටිකකින් කෙල්ලට ලාවට නින්ද යද්දි කොල්ලත් හෙමීට නින්දට වැටුනත් ආයෙත් කෙල්ල ගැස්සිලා ඇහැරුනාම ටේහ්‍යුන් ටත් ඇහැර උනා...

" යුන්... ඔයා හොදින් ද... "
කොල්ලා එහෙම අහනවත් එක්කම කෙල්ල බයටම කොල්ලගේ අතකින් අල්ලගත්තා...

" අනේ ටේහ්‍යුන් ශී .... උන් ඔයාට මොනා හරි කරයිද... එහෙම උනොත් මම ... ආහ්... මම.... "

" අනේ ඔයා ඇයි මේ තරමටම අහින්සක ඉයුන් බී ... "
කොල්ලගේ කටින් පිට උනේ එහෙම... එයා ඒ හීනි වෙවුලන ඇගිලි හෙමීට පිරිමැද්දා...

කොල්ලා එයාගේ එක අතකින් තමන්ගේ පපුව ලගට තට්ටු කරන ගමන් කතා කලා...
" ඔයා කැමති නම් එන්න මෙතෙන්ට... මම පොරොන්දු වෙනවා ඔයාගේ ඔක්කොම නරක හීන නැති කරලා දානවා කියලා.. මම බල කරන්නේ නෑ... "
කොල්ලා යන්තමින් හිනාඋනේ ඇසුත් ලොකු කරන් කෙල්ල තමන් ඉස්සරහ අත්දෙක විහිදන් ඉන්න කොල්ලා දිහා බලන් ඉද්දි....

කෙල්ල ටිකක් ඉකිය අස්සෙන්ම තොලත් හපාගන කල්පනා කලා.. හෙමීට එයා ටේහ්‍යුන් ගේ පපුවට තුරුල් වෙද්දි කොල්ලත් එයාගේ අත් සීරුවෙන් කෙල්ලගේ උරහිස් වටේ ඔතාගත්තේ කෙල්ලව තවත් පපුවට තද කරගන්න ගමන්...

" හ්හාඅ ... තයෙනිදා .. මම හිතුවා ඔයා කවදාවත් මගේ ලගට එන එකක් නැතිවෙයිද කියලා.."
කොල්ලාගේ ඇස් වලටත් කදුළු පිරෙන්න ඔන්න මෙන්න..

කෙල්ල ලාවට වෙවුලන ඇගිලි වලින් කොල්ලගේ ඇදුමේ පපුව හරියෙන් තදකරලා අතට ගුලි කරගත්තේ එයා කොහේ හරි යයි වගේ...
" ටේහ්‍යුන් ශී .... "

" ම්ම්... "
කොල්ලා හෙමි හෙමීන් කෙල්ලගේ කෙස් අතර ඒ දිග ඇගිලි යවන ගමන් කතා කලා..

" මට පොරොන්දු වෙන්න.. ඔයා කිසිම තුවාලයක් කරගන්නේ නෑ කියලා... මන් නිසා වත් ... වෙන මොන දේ නිසාවත්... "
කොල්ලගේ පපුවට තුරුල් වෙලාම කෙල්ල ඔලුව උස්සලා ටේහ්‍යුන් ගේ මූණ බැලුවා....

කොල්ලත් ඔලුව පහලට කරකවලා ඒ ඇස් දිහා බැලුවේ හරිම නිවුන විදියට...
" හ්ම්ම්.. මම පොරොන්දු වෙන්නම් කෝ... කිසිම තුවාලයක් කරගන්නේ නෑ කියලා.. ඉතින් නිදාගන්න කෝ.. ඔයාට නින්දක් ලැබුනෙම නෑ නේ ලමයෝ.. ම්ම්... "

කෙල්ලත් ඔලුව හොලවලා තවත් ටිකක් ඒ උණුසුමට ගුලි වෙද්දි කොල්ලගේ හදවතේ ගැස්ම වේගෙවත් උන බව කෙල්ලට දැනුනා.. කොල්ලා හිටියේ උපරිමයෙන් සන්සුන් වෙන්න උත්සාහ කර කර...
කෙල්ලට නින්ද යාගන එද්දි කොල්ලා කෙල්ලගේ ඔලුව අතගාන එක නතර කලා..

" අනේ ඇයි යුන් ඔයා මේ තරම් අහින්සක .. දෙයියනේ මේ අහින්සක හිතට වේදනාවක් නම් දෙන්න එපා... ඒක මට දරාගන්න වත් බැරිවේවි... "
කෙල්ලගේ නළලට පුංචි හාදුවක් තියලා කොල්ලාත් ඇස් පියා ගත්තේ කෙල්ලගේ උරහිස් වල පැටලිලා තිබුන අත් පොඩ්ඩක් වත් ලිහිල් නොකර....

එලිවෙනකන් දෙන්නම එයාලගේ උණුසුමේ නින්දට ගියා.. කෙල්ල ඇඹරි ඇඹරි ඇස් අරිද්දි එයා දැක්කේ තවමත් එයා කොල්ලගේ පපුවට තුරුලු වෙලා ඒ ඇදුම අල්ලගත්ත වනම ඉන්නවා කියලා...
එයා හෙමීන් ඔලුව හැරෙව්වේ කොල්ලා නිදිද බලන්න ...

ඒත් ටේහ්‍යුන් හිටියේ වැලමිටට බරවෙලා කෙල්ලගේ හොර වැඩේ දිහා හිනාවීගන බලාගන... කෙල්ලත් ගැස්සුනා කොල්ලව දැකලා...
" හ්හ්... ඔ ඔයා ඇහැරලද... ඔහොම බලාගනමද හිටියේ... "

" හ්ම්ම්... "
කොල්ලා ඒ ඇස් වලින් එහාට උනේමනෑ...

" ඉතින් ඇයි නැගිට්ටේ නැත්තේ... "
කෙල්ල ඇස් බෝල කරගන කට උල් කලා...

" ඔයා මම යයි කියලා මගේ ඇදුම අල්ලගන නේ... ඉතින් මම නැගිටින්නේ කොහොමද.. මී පැටියෙක් වගේ නින්ද ගිහින් ඉද්දි ඇහැරවන්නත් ලෝබ හිතුනා... "
ඉයුන් බී ගේ නහයට පුංචි තට්ටුවක් දාලා කොල්ලා කියද්දි කෙල්ල රතු උනා...

" අහ්... දෙයියනේ දවල් වෙලා... දැන් වෙලාව කීයද ටේහ්‍යුන් ශී .. ඔ ඔයාට Company එකට යන්න පරක්කු වෙලා ඇති... ස්ස්.... "
කෙල්ල ඉන්න ගැහුවා වගේ කෙලින් වෙලාඇදේ වාඩි උනා...

" ආනීහ්... පරක්කු නෑ... ඔයා wash එකක් දාගන්න... අතන ඇදුම් තියෙනවා... "
කෙල්ල ඔලුව වනලා ඇදෙන් බහින්න හැදුවත් කොල්ලා එයාගේ අතකින් අල්ලගත්ත නිසා කෙල්ලව ආයෙම ඉන්ද උනා...

" යුන්... මම පොරොන්දුව කැඩුවද... ? "

ඒත් කෙල්ලට තේරුනේ නෑ කොල්ල අහන පොරොන්දුව මොකක්ද කියලා...

" ඔයාට ආයෙමත් අමුතු හීන පෙනුනද... ? මා එක්ක ඉද්දිත් ? .... "
කෙල්ල ඉක්මනට අහක බලාගත්තා....

" ආනී... ටේහ්‍යුන් ශී ... මම කවදාවත් නැති තරම් නිදහසේ නිදාගත්තා... මියානේ මම ඔයාව ඒකට පාවිච්චි කලාට... "

" ආයිශ් ... ඉයුන් බී ... ඔයා මගෙන් සමාව ගන්න එක නතර කරන්න.. ඇයි කියන්න මාව ඒ තරම් ඈත් කරන්නේ... ඒක මට හරි අපහසුවක්... "
කොල්ලත් රවලා අහක බලද්දි කෙල්ල බයවෙලා ඒ දිහා බලන් හිටියා..

" ඔහ්... අනෙ අ අනේ.. මි.. ආනී... අනේ ඒක මේ.. ඔ ඔයා තරහා උනාද... හරි හා හා ඔන්න මම කියන්නේ නෑ එහෙනම්.... හරිද... "
තරහින් අහකට හැරුන කොල්ලගේ මූණට එබිලා කෙල්ල කියද්දි කොල්ලත් ඔලුව වැනුවේ පුංචි හිනාවක් එක්ක...

ලෑස්ති වෙලා Hotel එකෙන්ම උදේ කෑම අරගන දෙන්නම ආයේ ගෙදර යන්න පිටත් උනා...

" වාහ්... දෙයියනේ ... ඒත් මේ... "
ගේ ආයෙත් තිබුන විදියමයි.... කෙල්ල ඇතුලට ආව ගමන් කටත් ඇරන් වටපිට බලන්න ගත්තා...

" ඔහ් දැන් තිබුනට වඩා හොදයිද මන්දා... "
තනියම හිනාවෙවී ටේහ්‍යුන් එහෙම කිව්වා....

" ඔයා මං නිසා company නොයා ඉන්නද හදන්නේ... "
සාලේ තියලා තිබ්බ සුදු රෝස මල් ටික දැන් නම් පෙතිත් හැලිලා ගිහින් උනත් තවමත් පෙති කීපයක් ඉතුරු වෙලා තිබුන නිසා කෙල්ල ඒ වාස් එක අතට ගත්තේ අලුත් වතුර එකක් දාන්න...

" ආනී... මට meetings ටික online කරන්න පුළුවන් යුන්.. හදිස්සිම දෙයක් නම් විතරයි යන්න ඕනි...
අනිත් ඒවා මැනේජර් බලාගනියි... "
කෙල්ලගේ අතේ තිබුන රෝස මල් ටික දිහා බලලා කොල්ලා හිනාවෙලා කාමරේට ගියේ කෙල්ලත් ඔලුව වනද්දි...

වාස් එකට කෙල්ල අලුතෙන් වතුර දාලා ඒක ආයෙත් ගෙනත් තිබ්බා...
තවමත් කෙල්ලගේ හිතේ කැකෑරුනේ කොල්ලගේ ජීවිතේට මොනා හරි උනොතින් කියලාමයි...

ඒත් අද ටේහ්‍යුන් ගෙදර නිසා කෙල්ලගේ හිතේ මොකක්දෝ අමුතු සිතුවිල්ලක් නිසා උන් ගැන තිබ්බ ඒ බය ටික ටික අඩුවෙන්න ගත්තා...

මොනා උනත් කොල්ලා තමන්ගේ පැත්තෙන් ඉදීම කෙල්ලට ලොකු හයියක්... ඒත් එහෙමයි කියලා තමන් කොහොමද කොල්ලගේ ජීවිතේ අනතුරේ දාන්නේ....

එයාට පවුලක් ඉන්නවා... ඒ ඔම්මා අප්පා කෙල්ලට මොනා නොකියයිද... කොහොමත් එයාලගේ හිතේ කෙල්ලට කැමැත්තක් ඇති වෙයි කියලා නම් කෙල්ල කවදාවත් හිතුවේ නෑ....

ඒත් මේ ආදරේ... කොල්ලගේ හිතේ පැලවෙලා තියෙන මේ හැගීම නිසා එයා එයාගේ පවුලෙනුත් ඈත් වේවිද....

" මම නිසා... එයාගේ ලෝකේ විනාස වෙයිද... "
මේසේ උඩට වැටුන රෝස පෙත්ත දිහා බලාගන කෙල්ල හීල්ලුවා...

.
.
.


__________________________________________

අනේහ් නින්ද ගියා පැටවු ...

මේ තදියමේ ලිව්වේ... අනේ වැරදි ඇති මියානේ හොදේ... 😥

අද නම් දිගට දුන්නා ඔන්න... හී...

ඉතින් බෝරිං නේ.. හික් කමක් නෑ මුනා කරන්නද.. 😅
හැබැයි ඔන්න ඉස්සරහට කතාව වෙනස්ම පැත්තකට හැරේවි....

යන්නම්....
Borahae 💜️💜️




__Candy__

Continue Reading

You'll Also Like

3.9K 1.1K 12
හදවත් සුවපත් කළ සඳවතක් ඔහු... 🌕♥️ Start Date - 03.12.2021 End Date - 14.01.2021 Fiction by Nim
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
39.4K 5.8K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
84.8K 20.5K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥