RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ උමතුව...

339 77 54
By cHerRy_MinShi_

" මොකක්... ජුන් ඔයා මා එක්ක විහිළු කරනව නෙමේ නේද..? ඔහ් ලූනා.. මට හිතාගන්න බෑ.. කෝ කොහෙද මගේ හොබී දැන්.. එයා දන්නවද ඒක ගැන...ඔයාල එයාව හොඳට බලාගත්ත නේද.. දෙය්යනේ ජුන්.. මට.. මට.."

" අයියෝ ජින්.. පොඩ්ඩක් කලබල නොකර ඉන්නකෝ.. මම කියපුවා මතකයි නේද.. දැන් ගිහින් ඒ විඳියට ඉන්න හරිද.. යුන්ගි ගැන මොකුත් කතා නොකර ඉන්න.. මම කිව්වේ විශේෂ දෙයක් නැති ගාණට ඉන්න..

අනිත් එක..

අරක හොබී ට කියන්න ඔයා.. හරිනේ.. "

ජුන් හිනාවක් දාගෙන ජින් ව පහු කරගෙන ගියා..

" යා.... නම්ජුනා... ඔහොම ඉන්නවා.. මේ මට බෑ තනියම යන්න .. ඔයත් එන්න.. යා.. "

• . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . •

" ජිමී... මට ගෙදර යන්න ඕන.. "

හොබී අවදි වුණාට පස්සේ බර කල්පනාවක ඉඳලා කතා කරන්න පටන් ගත්තා..

" ඇයි හොබී හදිස්සියේ.. මොකුත් ප්‍රශ්නයක් ද..?"

" එහෙම නෙමේ.. මම කියන්නෙ.. මට.. මට ටිකක් තනියම ඉන්න ඕන.. මගේ ඇගට හරි නෑ වගේ.."

හොබී එහෙම කියද්දී ජිමී ඇස් හීනි කරන් හිනා වෙලා හොබී ගෙ අත් දෙක තදින් අල්ල ගත්තා..

" පොඩි වැඩක් තියේ කියන්න.. ජින් හියුන්ග් ආවම කියයි.. ඔයා පුදුම වෙන්න යන්නෙ.. "

" ඒ මොකක්ද.. "

" ඉවසන්නකො තව ටිකක්.. "

ජිමී කියලා ඉවර වෙනවත් එක්කම හොබී ඇඳෙන් නැගිටලා කටත් අල්ලන් එළියට දුවගෙන ගියා..

" හොබී... හොබී මොකද වුණේ.. ටේ මට වතුර එකක් ගෙනැල්ලා දෙන්නකෝ.."

හොබී නැමිලා අමාරුවෙන් හුස්ම ගන්නකොට ජිමී ටේ ට කතා කරා.. ටේ ජිමී ට වතුර එකත් දීලා යන ගමන් ඉඟි කරේ ඕක සාමාන්‍යයි කියන්න වගේ.. ජිමී ත‍් ඔලුව වනලා කිව්ව දේ තේරුම් ගත්තා..

" හොබී.. අමාරුවක් නෑ නේද.. "

" අනේ මන්දා ජිමී.. ඇගට හරි අමුතුයි.. මට මහන්සි වගේ.. "

හොබී කතා කරේ වෙහෙසට පත් හඬකින්..

" අපි විවේක ගමු.. ඊට කලින් කෑම කමු නේද.."

" බෑ ජිමී.. කන්න බෑ දැන්ම.. මම හාන්සි වෙලා ඉන්නම්.."

හොබී ඇඳේ වැතිරිලා ඇස් දෙක පියාගෙන හිටියා.. දිගටම කතා කරන එකත් හොබී ට දැනුනෙ වෙහෙසකර දෙයක් වගේ.. එයා ට ඉක්මණින් ගෙදර යන්න උවමනා වෙලා තිබුණා.. ඉක්මනින් තනි වෙන්න..

හොබී ගෙ අවශ්‍යතාවය තේරුම් ගත්ත ජිමී හොබී ගෙ ඇද රෙද්ද හදල දොර වහගෙන එළියට ගියත් පැය බාගයක් විතර ගියාම ඇහුනේ ජින් හියුන්ග් ගෙ කටහඩ.. ඒකත් හොබී ගෙ දොර ළඟ කුටු කුටු ගානවා අනිත් අයත් එක්ක.. ටිකකින් ලොකු හිනාවක් එක්ක දොර ඇරගෙන ජින් හොබී ළඟට දුවගෙන ආව.. ඒ එක්කම දොර ළඟ හිටිය අනිත් අයත් පිටවෙලා යනව කියල හොබී දැක්කා..

ජින් හොබී ලඟින්ම ඉඳගෙන හොබී දිහා බලන් හිටියේ හුඟක් ආදරෙන් වගේම සතුටින්.. හරියට ජිමී වගේ.. නැත්නම් යුන්.. කවුරුහරි..

හොබීත‍් ජින් හියුන්ග් දැකපු සතුටට එහෙමම ජින් ට තුරුල් වුණේ අම්ම කෙනෙක් ළඟ තුරුළු වෙනව වගේ.. හොබී ට ජින් මුණගැහුන පලවෙනි දවස වගේ තාමත් ජින් ලඟින් ආදරේ එක්ක උණුසුම හුඟක් දැනුනා..

" කොහොමද දරුවෝ දැන්.. ම්ම්ම්.. මම හුඟක් බය වුණා.."

ජින් හිනාවකින් එක්කම හොබී ගෙ හිසකෙස් පිරිමදින ගමන් ඇහුවා..

" මම දැන් හොඳින් හියුන්ග්.. ඔයා එනකම් බලන් හිටියා.."

" කෝ බලන්න.. අඩනවද මේ.."

ජින් හොබීව එහාට කරලා මූණට එබුනේ හොබී ගෙ වචන වෙව්ලන නිසා.. හොබී ගෙ අහිංසක ඇස් වලින් තෙතමනයක් දැනුනත් ඊට එහා දකින්න තිබුණේ වේදනාවක්..

හොබී ගෙ හිත හැදෙන්න එක්ක ජින් පුලුවන් උපරිමයෙන් හොඳින් කතා කරා.. යුන්ගි ගැන කතා කරද්දී වුණත් බොහොම සාමාන්‍ය කතාබහක් තියාගන්න ජින් උත්සහ කරා.. ඒත් හොබී නම් හිටියේ මොකක් හෝ වේදනාවකින් බව ජින් ට නොදැනුනා නෙමෙයි..

කතාවෙන් කතාව ජින් ට කියාගන්නා උවමනා වුණේ හොබී ගෙ දරුවා ගැන.. දැන් නොකිව්වොත් පහුවට හොබී ගෙ නොසැලකිල්ල නිසා කරදරයක් වේවි කියන බය ජින් ගෙ හිතේ තිබුණා.. ඇරත් හොබී කවදා වුණත් ඒක දැනගන්න ඕන බව ජින් තරයේම හිතන් හිටියා..

" හොබී.. දරුවෝ.."

ජින් හුඟක් ආදරෙන් තව ටිකක් හොබී ට ලං වුණා..

" ඇයි හියුන්ග්.. අහ්.. අද දවල් ජිමී-"

" ඒක ගැන තමයි කියන්න හදන්නෙ.."

ජින් හිනාවෙන්ම කතා කරද්දී හොබී ගෙ මුණ කුතුහලයෙන් පිරිලා ඉතිරිලා තිබුණේ..

" හොබී.. ඔයාට.. ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.. "

" අහ්.. එහෙමද..

.. මොකක් කිව්වා.. දරුවෙක්.. මට.. ජින් හියුන්ග්.. "

" ඔව් ඔව් ඔයාට තමයි.. "

හොබී එකපාර සුදුමැලි වෙලා බය වෙලා වෙව්ලන හඬින් කියද්දී ජින් කතා කරා..

" එහෙම කොහොමද වෙන්නෙ.."

හොබී මොකුත් හිතාගන්න බැරුව කියවනවා..

" ඒක ඉතින් අහන්න ඕන ඔයාගෙ-"

" අනේ හියුන්ග්.. නෑ නෑ කියන්න ඕන නෑ.. ඒත්.. අහ්.. මට පිස්සු වගේ.."

" පිස්සු හැදෙන්න දෙයක්ද ලමයෝ ඒක.. සතුටු වෙන්න එපැයි.."

ජින් කියද්දී හොබී ට එකපාර මතක් වුණේ යුන්ගි ව.. මේක යුන්ගි දැනගන්න ඕන නේද කියලා.. කොහොම වුණත් හොබී හිටියේ කිසි දෙයක් එකපාරටම හිතාගන්න බැරි මානසිකත්වයක නෙමෙයි.. ඒ බව ජින් ට වුණත් යාන්තම් තේරුණා..

" මට සතුටක් දැනෙන්නෙ නෑ හියුන්ග්.. මට.. මට-"

හොබී කතාකරන්න ඉස්සර ජින් ආයේ හොබී ව එයාගෙ තුරුලට ඇද ගත්තා..

" මම දන්නව ඔයාට කියන්න දේවල් තියනව.."

ජින් හොබී ගෙ පිට සීරුවෙන් අතගාන ගමන් කතා කරා..

" ඒත් දැන් නෙමේ.. ඒකට හොඳම වෙලාවක් ආවම.. ඔයාට ඕනම දෙයක් මට කියන්න පුළුවන්.. ඕනම දෙයක්.. මට හදිස්සි නෑ.."

" ඒත් හියුන්ග්.. මම.. මම දන්නවා.. එයා ගියේ.. මගේ වරදින්.. මේ සේරම දේවල් වුණේ මම නිසා.. මම ඔයාලගෙ පවුල විනාස කරලා දැම්මා වගේ.. අනේ හියුන්ග් මට තේරෙන්නෑ.. මට අසරණකමක් දැනෙනවා..
එයා මම වෙනුවෙන් නොකරපු දෙයක් නෑ.. නොකරපු දෙයක් නෑ හියුන්ග්.. ඔයා දන්නෙ නෑ.. මට එයා කොච්චර මතක් වෙනවද කියලා.. මම හිතුවෙ නෑ මම එයා ට මෙච්චර ආදරෙයි කියලා.. පහුගිය කාලේ මම නාස්ති කරා වගේ හියුන්ග්.. මම කොච්චර පහත් ඔමේගාවෙක් ද.. දෙය්යනේ හියුන්ග් මම මගේ ඇල්ෆට කොච්චර බොරු කිව්වද.. කොච්චර රවට්ටල ඇත්ද..? හියුන්ග් මාව විශ්වාස කරන්න.. මම දිවුරන්නම් සේ-ජින් එක්ක මට අනවශ්‍ය කිසිම දෙයක් තිබුණේ නෑ.. මට වුවමනා වුණේ එයාට සකුරා එක්ක හොඳ ජිවිතයක් හදල දෙන්න.. එයාලගෙ දරුවා පරිස්සමින් තියන්න.. මම පව්කාර වෙන්නැති ඒත් හියුන්ග් මට එහෙම කරන්න හේතු තිබුණා.. වෙලාවකට මම නෙමෙයි ඒ දේවල් කරන්නෙ.. මට මාව නොදැනී යනවා.. එතකොට මට පිස්සු වගේ හියුන්ග්.. ඇත්තමයි මට උවමනා වුණේ නෑ හියුන්ග්ලා අතරට එන්න.. මම යන්නම්.. මම දරුවත් හදාගෙන කොහේ හරි ඉන්නම්.. හොඳින් ඉන්නම්.. අනේ හියුන්ග් යුන්ගි ට එන්න කියන්න.. එයා කොහෙද දන්නේ නෑ.. එයා හොඳින් ඉන්නවද කියලවත් මම දන්නෙ නෑ.. හියුන්ග් මට රිදෙනවා.. හුගාක්.. මම බලාපොරොත්තු වුණත් මෙහෙම දේවල්.. මම හිතුවේ නෑ ඒක මේ තරම් රිදෙනව කියලා.. මට යුන්ගි ට කියන්න තිබුනා හියුන්ග්.. එයා සම්පූර්ණයෙන්ම මාව විශ්වාස කරා.. අනික.. හියුන්ග් දන්නවද යුන්ගි කවදාවත් මට කෑ ගහලා නෑ.. අඩුම තරමේ රණ්ඩු කරලවත්.. එහෙම පුළුවන් ද හියුන්ග්.. එක වචනෙකින්වත් මාව රිද්දන්න නැතුව දිගටම ආදරේ කරන්න.. අන්තිම දවස වෙනකම් එයා වෙනස් උනේ නෑ.. මට බෑ හියුන්ග්.. මාව මරල දාන්න.. මෙච්චර දේවල් දරාගන්න බෑ.. මට යුන්ගි ගෙනැත් දෙන්න හියුන්ග්.. එක වතාවක් මට.. මට සමාව ඉල්ලන්න.. එක වතාවක් හියුන්ග්.. හියුන්ග් ඔයා දන්නවද යුන්ගි හුඟක් කතා කළේ නැතත් එයා ට ලස්සන හදවතක් තිබුණා.. එයා හොඳටම දැනගෙන හිටියේ හේතුවක් වත් අහන්නේ නැතුව මගේ හිත හදන්න.. කොහොමද හියුන්ග් මම එයා අමතක කරන්නෙ.. මට ඇයි යුන්ගි ගෙ ආදරේ නොපෙනුනේ.. මම ඇයි යුන්ගි ව තේරුම් නොගත්තේ.. දෙය්යනේ හියුන්ග් මම කොහොමද.. මම කොහොමද යුන්ගි නැතුව ජීවත් වෙන්නෙ.. මාව මැරෙයි හියුන්ග්.. මට ඇයි මේ දේවල් මීට කලින් තේරුනේ නැත්තේ.. අනේ හියුන්ග්.. "

හොබී අසිහියෙන් උමතුවෙන් වගේ කියාගෙන ගිහින් මහා හයියෙන් ඉකි ගගහා අඩන්න පටන් ගත්තා.. ඒ වෙලාවේ ජින් මොකුත්ම නොකියා දිගටම හොබී කියනා හැම දෙයක්ම අහගෙන හිටියා.. ජින් ට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නෑ කියලයි ජින් හිතුවේ.. මොකද දැනටමත් හොබී එයා අතින් වුණු වැරදීම් වලට පසුතැවෙන නිසා..

තමන් කරපු දේවල් වලින් පස්සේ ඇතිවෙන පසුතැවීම තරම් දරුණු දඬුවමක් වෙන නෑ කියලා ජින් හොඳටම දැනගෙන හිටියා..

" අහන්න මගෙ දරුවෝ.. දැන් වෙච්ච දේවල් අපිට වැඩක් නෑ.. තේරුණා ද.. අපි ඒ ගැන පොඩ්ඩක්වත් නොහිත ඉමු.. සමහර ප්‍රශ්න ඉබේම විසඳනවා.. ඒක නිසා අපි කාළය අරගෙන බලන් ඉමු.. මට විශ්වාසයි අන්තිමේදී නරකක් නොවේවි.. හරිද.. අනික ඔහොම අඩන්න හොඳ නෑ.. ඔය බලන්නකෝ ඉතින්.."

හොබී ට ජින් ගෙ හැසිරීම ආයේ ආයේ යුන්ගි ගෙ මතක අවුලන්න ගත්තා.. පපුවට කිඳා බැහැපු කිනිස්සක් ටිකෙන් ටික එළියට ඇදලා ගන්නවා හා සමාන වේදනාවකින් හොබී ගිලිලා හිටියා.. හොබී ට වෙනදාට වඩා සිය දහස් ගුණයකින් යුන්ගි ව ඕන කියලා හිත ඉල්ලුවා.. තොරක් නැති කළුවරක‍ අතරමං වෙලා කියලයි හොබී ට දැනුනේ..

හොබී මූණේ තිබුණු කඳුළු පාරවල් ජින් ගෙ ඇඟේ ම පිහිදන්න මූණ එහෙ මෙහෙ කරද්දී ජින් ලාවට හිනා වුණේ ඉස්සර හොබී ඒ වගේම යුන්ගි ළඟ දැවටන හැටි මතක් වෙලා..

" හිත නිදහස් කියලා හිතෙනවා..... ටිකක්.."

හොබී අඬාපු නිසා ආපු ඉකියක් එක්කම කිව්වා..

" කැමති වෙලාවක් ඉන්න.. මම ඔයාගෙ හියුන්ග් නෙ.. ම්ම්ම්.. ඔයාට මාව විශ්වාසයි නේද.."

හොබී ජින් ගෙ බෙල්ල අතෑරලා ඔව් කියන්න වගේ ඔලුව වනලා ආයේ ජින් ගෙ උරහිස් වටේ තදින් අත් බැඳගෙන ජින් ගෙ තුරුලට වුණා..

" මට හිතාගන්න බෑ හියුන්ග්.."

" මොකක්ද දැන් හිතාගන්න බැරි.. "

ජින් ට හොබී ගෙ බර උස්සන් ඉන්න බැරි නිසා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ඇඳ කොණට හෙත්තු වුණා.. හොබී නම් අතාරින්න අදහසක් නෑ වගේ.. හරියට ජින් ත‍් එයාව දාලා යයි වගේ..

" නෑ මේ.."

"  හොබී ඔම්ම කෙනෙක් වෙන්න යන එකද.. "

" එහෙම කියද්දී අමුතුයි වගේ හියුන්ග්.. "

" ඒත් මම ආසාවෙන් හිටියා ඔයා ඔම්ම කෙනෙක් වෙනව දකින්න.."

" ටිකක් ලැජ්ජයිත‍් වගේ.."

" මෙන්න වැඩක්.."

හොබී යාන්තමට ඒකට හිනා වෙනවා ජින් ට දැනුනා..

" එයා හුගක් කැමැත්තෙන් හිටියා.. අප්පා කෙනෙක් වෙන්න.. "

" යුන්ගි අනිවාර්යයෙන්ම සතුටු වේවි.. හුගාක්.."

" හ්ම්.. සමහරවිට.. හියුන්ග් ඔයා.... මගේ ඔම්ම වගේ.. මම ඔයාට ආදරෙයි.. "

" මමත් දරුවෝ.. "

ටික වෙලාවක් කතා කර කර ඉඳලම හොබී සද්දයක් නැතුව ගියා ඒ එක්කම ජින් ට ඇහුනේ හුරතල් විඳියට ගොරවන සද්දයක් කන ලඟින්.. හොබී ට හොඳටම නින්ද ගිහින්.. ඒක නිසා ජින් පරිස්සමෙන් හොබී ව කොට්ටයක් උඩින් තියල ඔලුව අතැගෑවා..

" යුන්ගි පිස්සු වැටුණු එකේ පුදුමයක් නෑ.. "

පුංචි රෝස මලක් වගේ නිදන් ඉන්න හොබී දිහා බලාගෙන හිනා වුණු ජින් ට ඇහුනේ කාමරේ දොර ඇරෙන සද්දෙ..

" අහ්.. සීයේ.. හොබී ට නින්ද යනකම් මම ටිකක් හිටියා ඒකයි පරක්කු වුණේ.. සමාවෙන්න.."

" ඒකට මොකද දරුවෝ.. මේ ඉන්නේ ජන්ග් නායකතුමියගෙ පුතා නේද.. "

කුක් ගෙ සීය හිනා වෙවී ඇවිත් ජින් ලඟින් හිට ගත්තා..

" ඔව් සීයේ.."

" මගේ දෙය්යනේ ලූනා.. ඇරපු අතක් නෑ ජියා වගේමයි.. "

කුක් ගෙ සීය හොඳ නින්දක තුරුළු වෙලා ඉන්න හොබී දිහා බලන් කිව්වේ කාලෙකට ඉස්සර හමුවෙලා තියන හොබී ගෙන අම්මා මතක් වුණු නිසා..



































━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

Clz තිබ්බනේ ලමයි..🙂☕ ඒක නිසා දෙන්න බැරුව ගියේ.. 🤧හවසට එන්නම් එහෙනම්..

අදහසක් කියන් යන්ට.. 😘❤️

ඉක්මනට හම්බෙමූ.. Love you sooooooo much..
✨🌟✨
Thanks for reading.. Love ur votes and comments..

STAY SAFE💜💜💜💜💜

cherry_minshi_
Luv urself💜💜💜💜💜





Continue Reading

You'll Also Like

6.1K 1.6K 11
හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය...
42.8K 6.2K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
14K 1.9K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
236K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...