DUΛL⏳ ( Completed )

By Armygirl920

8.2K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Tears ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Are you happy ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Love ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Feelings ..

262 61 16
By Armygirl920


" ඉයුන් බී "
ටේහ්‍යුන් ට කෑගැස්සුනේ කෙල්ලව දැකලා.. කෙල්ල කාමරේට යන දොර ලග බිම වාඩිවෙලා දණිස් දෙකත් තුරුල් කරන් හොදටම ගැහෙනවා... ඒ අස්සේ කදුළු ගලනවා හෝ ගාලා...

ටේහ්‍යුන් පුළුවන් වේගෙන් කෙල්ලගේ ලගට ගියත් එයා තවමත් ටේහ්‍යුන් ව දැක්කේ නෑ.. දකින්න තරම් සිහියක නෙවෙයි කෙල්ල හිටියේ.. කොල්ලා හෙමීට කෙල්ලගේ උරහිසේ අත තිබ්බේ ආයෙමත් කෙල්ලගේ නම මුමුණලා...

" හ්හ්... "
කෙල්ල ටේහ්‍යුන් නිසා ගැස්සිලා ගිහින් තවත් බිම ඉන්ද උනා...

" ඔහ්... ඉ ඉයුන් බී.. අනේ මම බය කරන්න හිතාගන නෙව්........ "
කොල්ලට කියන්න තිබ්බ එකත් අමතක උනේ කෙල්ල අඩාගන කොල්ලගේ පපුවට තුරුල් උන නිසා...

" ආආආආහ්.... අ අනේ ටේහ්‍යුන් ශී ... "
කොල්ලා තමන්ගේ පපුවට ගුලි උන කෙල්ලදිහා ටිකක් වෙලා බලන් ඉදලා එයා ලගින්ම දණගහගන කෙල්ලව තවත් තුරුල් කරගත්තා...

" ඔයා කළුවරට බයයි ද.. ම්ම්.. අනේ මියානේ හිටපු ගමන් පොඩි power cut එකක් වෙනවා... කෝ ඉතින් අඩන්න එපා.. "
කොල්ලා කෙල්ලව උරහිස් වලින් අල්ලලා ඈත් කරන්න හැදුවත් කෙල්ල තවත් කොල්ල ලගට ගුලි උනේ ගැහි ගැහී...

" කළුවර උනා.. එ එක පාරට... ආහ්.... අනේ යන්න එපා.. ආහ්... "
කෙල්ල අත්දෙකෙන්ම කොල්ලගේ ඇදුම ගුලිකරන් අල්ලගන...
ඒත් ටේහ්‍යුන් නම් හිටියේ පැටලිලා... දැන් හොදට එලිය තිබ්බත් කෙල්ල තදින් ඇසුත් පියාගන තවමත් වෙවුලනවා...

" කෝ ඉතින්.. ඉයුන් බී .. දැන් හරි ම්ම්.. දැන් ඔය ඇස් ඇරලා බලන්නකෝ.. දැන් කළුවර නෑ.. "
පොඩි ලමෙක්ට වගේ ටේහ්‍යුන් කෙල්ලගේ මූණේන් අල්ලගන කියද්දි කෙල්ල යන්තමින් ඇස් ඇරියේ කොල්ලගේ ඇදුම තවමත් තදින් ගුලි කරගනමයි...
" දැන් හරි.. මම ඉන්නව නේ.. කෝ නැගිටින්නකෝ දැන්.. "

කෙල්ල තවම ගැහෙනවා... ඒ ඇස් කලබලයි.. හරියට කාව හරි හොයනවා වගේ.. වෙවුලන කකුල් වලින් කෙල්ල හිටගත්තත් ඒ වේගෙන්ම ටේහ්‍යුන් ගේ ඇගට කඩන් වැටුනේ කකුල් පණ නැතුව..
" හ්හ්.. ඉයුන් බී .. අනේහ්.. බලාගන.. "

කොල්ලා ඉක්මනට කෙල්ලව තමන්ගේ ඇගට හේත්තු කරගත්තේ හොදටම බය වෙලා..

" ටේහ්‍යුන් ශී ... ම මට... "

" ආනිහ්... කෝ කෝ එන්න අපි කාමරේට යමු.. දැන් කතා කරන්න එපා.. ටිකක් rest කලාම හරියයි... යමු.. "
කෙල්ලවත් ඇගට හේත්තු කරගනම කොල්ලා කෙල්ලගේ කාමරේ දොර ඇරලා එයා එක්කම ඇතුලට ගිහින් කෙල්ලව හෙමින් ඇද උඩින් වාඩි කෙරෙව්වා...

" ඔයාගේ ඇගට අමාරුද... ම්ම්.. "
ටේහ්‍යුන් බිම බලාගන ඉන්න කෙල්ලගේ නළලට අතකුත් තිබ්බේ උණද බලන්න.. ඒත් කෙල්ලට උණ ගැනිලා නෑ...
කෙල්ලත් නෑ කියන්න ඔලුව වැනුවේ කදුළු බේරි බේරි...

" හ්හාඅ .... ඉන්නකෝ.. මම කෑම හදන්නම්.. කාලා rest කලාම ඕක ඇරෙයි... "
හම්බවෙලා පැය කීපයක් උනත් ටේහ්‍යුන් කෙල්ලව බලාගත්තේ ගොඩාක් ආදරෙන්.. ඒක කෙල්ලට හොදටම තේරුනා...එයා හැමදාම මෙහෙම කළුවරට බය වෙලා අඬ අඬ ඉදලා ඇති ඕනි තරම්.. ඒත් අද තමන්ගේ තනියට තවත් කෙනෙක් ඉන්නවා... ඒ ටේහ්‍යුන් ගෙන් දැනුන ආදරේ ගෙවුන පැය ටිකට කෙල්ලගේ මුලු හදවතේම පැලවෙලා ..

කෙල්ල යන්න හැරුන කොල්ලගේ ඇදුමේ අතේ කෙලවරෙන් අල්ලගත්තේ කදුළු පිරුන ඇස්වලින් කොල්ලා දිහා බලලා..
" අ අනේහ්.... ය යන්න එපා ටේහ්‍යුන් ශී .. ටිකක් ඉන්න බැ බැයිද... "

කෙල්ලගේ කදුළු පිරුන ඇස් වගේම ඒ වෙවුලන අත් දැක්කම කොල්ලටත් යන්න හිතක් නෑ.. ඒත් ඕනෙවට වඩා කෙල්ලට ලං වෙන එකෙන් එයාට තමන්ගැන තියෙන විශ්වාසය කැඩෙයිද කියලා කොල්ලට බයක් තිබුනා.. එයා තමන්ගේ ඇදුමෙන් අල්ලන් හිටිය ඒ වෙවුලන අත් තමන්ගේ අත් අතරට අරන් කෙල්ල ලගින් දණ ගහගත්තා...

" බය වෙන්න එපා.. ආයේ එහෙම වෙන්නේ නෑ හොදද.. මම ඉන්නව නේ.. අනේ අඩන්න එපා ඉතින්... "
ටේහ්‍යුන් හරිම මෘදු ස්වරයකින් එහෙම කියලා කෙල්ලගේ කම්මුල් වල තිබ්බ කදුළු එක අතකින් පිහිදැම්මා....

" මම කළුවරට බය නෑ ටේහ්‍යුන් ශී ... මම... මම.. කළුවරට වෛර කරනවා.. කළුවර නිසා මට ආයේ ආයෙත් පරණ මතක මතකෙට එනවා... "
කෙල්ල ආයෙම ඉකි ගහන්න ගත්තේ ටේහ්‍යුන් ඇහිබැම් දෙකත් අකුලන් කල්පනාවෙන් බලද්දි...

" ඉයුන් බී ... මොකක්ද ප්‍රශ්නේ .. ආ... අනේ මාව බය කරන්න එපා.. "
කොල්ලා හිටියේ බය වෙලා... දැනටමත් එයාගේ හිතේ කෙල්ල ගැන තිබුනේ ලොකූ ආදරයක්.... ඒත් කෙල්ල මේ වගේ දේවල් කියද්දි කොල්ලගේ හිතට ගොඩක් බයයි..
" හ්ම්ම්.. හරි... ඔයා කැමති උන වෙලාවක මට කියන්නකෝ... හරිද... "
කෙල්ලගෙන් මුකුත් උත්තරයක් නැති තැන කොල්ලා එහෙම කිව්වේ කෙල්ලගේ මූණට වැටිලා තිබ්බ කෙස් ටික හෙමින් සීරුවේ එයාගේ කන පිටිපස්සෙ රදවන ගමන්..
කෙල්ලත් හෙමින් ඔලුව වැනුවා..

" ඔයාට තනියම ඉන්න බයයි නම් මා එක්ක Kitchen එකට යමුද... ම්ම්.. මම දෙන්නටම රාමෙන් හදන්නම්.. "
කෙල්ල ඇස් ලොකු කරන් බලන් ඉදලා හා කියන්න ඔලුව වනද්දි කොල්ලට ටිකක් හිනා ගියේ කෙල්ලගේ ඒ හැසිරීමට... කිසිම දෙයක් ගානක් නෑ වගේ හිටියට කෙල්ල ඇතුලෙන් තවමත් පොඩි එකෙක් වගේ....

ටේහ්‍යුන් kitchen එකට යද්දි කෙල්ලත් හෙමින් හෙමින් කොල්ලගේ පිටිපස්සෙන් ගියේ හුම් සද්දයක් නැතුව... කොල්ලා රාමෙන් එක හදනකනුත් කෙල්ල කොල්ලා පෙන්නුව පුටුවෙ වාඩි වෙලා ඔහේ හිටියා.. හිටපු ගමන් එයාගේ තොල් වෙවුලන බව ටේහ්‍යුන් ඇස් කොනින් දැක්කත් කොල්ලා ඉයුන් බී එක්ක ටිකක් අතේ දුරින් ඉන්න තීරණය කලේ කෙල්ලගේ විශ්වාසය දිනා ගන්න ...

දුන් දදා තිබ්බ රාමෙන් එක උස්සගන ගිහින් කොල්ලා ඒක කෙල්ල වාඩිවෙලා හිටිය මේසෙන්ම තිබ්බා... කෙල්ල තවමත් හිටියේ බිම බලාගන.. කොල්ලා අතේ තිබ්බ චොප්ස්ටික්ස් දෙකත් කෙල්ලගේ අතේ පටලවලා කෑම බෙදන්න ගත්තා..

" මම ගොඩක් රසට රාමෙන් හදන්නේ නම් නෑ... ඔයාට කන්න.... "

" ආනියෝ ටේහ්‍යුන් ශී .. ඒක රසයි... "
යන්තමට හිනාවෙලා එයා එහෙම කිව්වත් ටේහ්‍යුන් දැක්කා ඒ ඇස් කදුළු නිසා දිලිසෙන බව..

" ඔයාට අඬන්න ඕනි නම් අඬන්න ඉයුන් බී ... ඒකෙන් හිත හැදෙනවා නම්... අනේ ඒත් දුකෙන් ඉන්න එපා.. "

කෙල්ල ඒකට ආයෙමත් පුංචි හිනාවක් දැම්මා..
" කුමාඕ ටේහ්‍යුන් ශී... කවදාවත් නැතුව අද මගේ තනිකම මට අමතක උනා... "
කදුළු බිංදුවක් කම්මුලට වැටෙද්දි කෙල්ල ටේහ්‍යුන් දිහා බලලා හිනා උනා...
ඒ වචන ටික නිසා කොල්ලටත් ආවේ ලොකු සතුටක්.. තමන් නිසා එක මොහොතක් හරි කෙල්ල සතුටින් හිටිය නිසා...

" මම පුංචි කාලේ ඉදන්ම මගේ ඔම්මා හිටියේ නෑ... එයා මට අවුරුදු පහක් විතර වෙනකොට හාර්ට් ඇටෑක් එකකින් නැති උනා.. ඊට පස්සේ අප්පා ගොඩක් බොන්න ගත්තා... බීලා බීලා ඇවිත් හැමදාම අතේ පයේ හිරි ඇරගත්තේ මගෙන්... "
කෙල්ලගේ උගුර හිරවෙන්න වගේ ආව නිසා එයා වතුර වීදුරුව ගන්න අත දික් කලත් ඒ වෙනකොටත් කොල්ලා වීදුරුව කෙල්ලගේ අතේ තියලා ඉවරයි...

කෙල්ල හෙමීට උගුරු කීපයක් බීලා ආයෙම කතා කරන්න ගත්තා.. කොල්ලත් හිටියේ කෙල්ලගේ කතාවට සම්පූර්ණ අවධානය දීලා...
" ඒ කිව්වේ... "

" එයා බීලා ඇවිල්ලා ගෙදර බඩුමුට්ටු වලින් මට ගහනවා ටේහ්‍යුන් ශී ... "
කෙල්ලගේ අත්වලට තමන්ගෙම ඇදුම ගුලි වෙලා තියෙනවා ටේහ්‍යුන් දැක්කා.. කොල්ලටත් ස්ස් ගෑවුනේ ඒ කතාවට...

" ස්ස්.. මොකක්... "

" දේ.... එයා මට ගැහුවා.. හොදටම.. මම හැමදාම තුවාල වෙනකන් ගුටි කෑවා.. "

" අනේ දෙයියනේ .... ඔයාට තිබ්බනේ පොලීසියට කියන්න.. "

" චහ් ... ඒ මගේ අප්පා නේ ටේහ්‍යුන් ශී .. මටත් ඒ කාලේ හිතුනේ එයා කවදා හරි වෙනස් වෙයි කියලා.. එහෙමයි කියලා මම නිකන් බලන් හිටියෙත් නෑ... මමත් රණ්ඩු කලා ඕනි තරම්.. ඒත් ... ඒත් අන්තිමට එයා හැමදාම මාව කළුවර කාමරේකට දාලා වහනවා....

මම කළුවරට බය නෑ ටේහ්‍යුන් ශී ... ඒත් කළුවර තරම් මම වෛර කරන කෙනෙක් නැති තරම්... අප්පා නිසා මම හැමදාම නොකා නොබී කළුවරේ හිටියා.. හ්හාඅ .. අන්තිමට එයාගේ අතෙන්ම මාව එයා club එකට විකිනුවා .... "
කෙල්ල අහක බලා ගනිද්දි ටේහ්‍යුන් ගේ අතක් තමන්ගේ කටට ගියේ හිතාගන්න බැරුව...

" මෝහ්... අප්පා.. දෙයියනේ මූ මහ යකෙක් නේ... "
තරහින් කොල්ලා මේසෙට වැරෙන් ගැහුවත් කෙල්ල ඒකට වත් ගැස්සුනේ නෑ... ඒ වගේම පුදුම උනෙත් නෑ...
එයා ආයෙත් පුංචි හිනාවක් දැම්මා...

" හ්ම්ම්... එයත් කිව්වේ ඔහොමම තමා.. එයා කියලා මම කිව්වේ ඒ club එකේ අයිතිකාරයා ගේ wife ට..
සේහි මැඩම්... මගේ ජීවිතේ මට ලැබුන එකම අස්වැසිල්ල... එයා නිසා මම මිනිස්සුන්ගේ ආසාවල් වලට විකිනෙන එකෙන් බේරුනා... ඒත් එයාට මාව club එකෙන් අයින් කරගන්න එයාගේ Husband කැමැත්ත දුන්නේ නෑ... ඉතින් මට ඒකේ වේටර් කෙනෙක් වෙන්න උනා...

හහ්... වේටර් කියලත් වෙනසක් නෑ ... කාමර ගානේ යන්නැති ටික විතරයි... "
තමන්ගේ අතින් කම්මුල් රතු වෙනකන් කෙල්ල කදුළු ඔක්කොම පිහිදාලා plate එකත් අරන් නැගිට්ටා...
ඒත් ටේහ්‍යුන් නම් හිටියේ ශොක් වෙලා වගේ...

" කෝ දෙන්න ටේහ්‍යුන් ශී .. මම සෝදන්නම්.. "
කෙල්ල අනිත් plate එකත් අතට ගනිද්දි තමයි කොල්ලා පියවි සිහියට ආවේ ...

******

කෙල්ලව කාමරේටම ඇරලවලා කොල්ලා කාමරෙන් එලියට ආවා..
" ඔයාට මොකක්ම හරි උවමනාවක් ආවොතින් මට කතා කරන්න.. මන ඉන්නේ එහා කාමරේ .... හරිද.. "
කොල්ලා දොරෙත් එල්ලීගන හිනාවක් දැම්මා...

කෙල්ලත් හිනාවෙලා ඔලුව වනලා ටිකක් වෙලා බලන් හිටියේ තමන් ඉස්සරහ හිනාවෙලා ඉන්න ඇස් දිහා..
ආයෙමත් ආදරය කරන්න පුළුවන් ද.. කවදාවත් පිරිමි ලමයෙක් එක්ක ආදර සම්බන්ධයක් නොතිබ්බත් ආදරේට කෙල්ල බයයි.. මොකද එයා දන්නවා එයා ආදරේ කලොත් ඒක මුලු හදවතින්ම බව...
ඒ වගේම එහෙම ආදරයක් අහිමි උනොත් ඒකත් මුලු හදවතටම බලපාන බව...

ඉයුන් බී ආයෙමත් ඒ ඇස් එක්ක හිනා උනා... කෙල්ල දැක්කා ඒ ඇස් හරිම අවංක බව... ඒ හිනාව ගොඩක් නිහතමානී බව....
ටේහ්‍යුනුත් ගොඩක් වෙලා කෙල්ලගේ ඇස් එක්ක කතාකලා... ඒ ඇස් වල තියෙන පැටලුන අහස ටිකෙන් ටික ලෙහා ගන්න පුළුවන් බව කොල්ලට දැනුනා.. ඒත් තවමත් එයා ගොඩක් කල්පනාකාරී උනා කෙල්ලගේ හැගීම් වගේම විශ්වාසය ගැන...

" චල් චා... ඉයුන් බී ... "
හිනාවකින්ම කෙල්ලට සමු දීලා කොල්ලා ඇද ඇද එහා කාමරේට ගිහින් දොර වහගත්තේ තනියම හිනා වෙවී...
මේ වෙනකන් කොල්ලාගේ ගෙදරට කෙල්ලෙක් කියලා ආව එකම කෙනා ඉයුන් බී ... ඒ කොල්ලට යාලුවො නැතුව නෙවෙයි... ඒත් එයා කවදාවත් ආදර සම්බන්ධයක් ගැන හිතලා තිබ්බේ නැති නිසා...

ඒත් එදා හදිස්සියේම Company එක bankrupt එකකට අහුවෙද්දි ඒ අවුල නිසා කොල්ලා club එක ලග නැවතුනේ හිත හැදෙන්න බොනවා කියලා හිතාගන.... බෝතලයක්ම එහෙම්මම බඩට දාගන කොල්ලා හෙමින් හෙමින් ගියේ Washrooms හොයාගන...

ඒත් එයා දැක්කේ මිනිස්සු තුන් හතර දෙනෙක් එක්ක කෙල්ලෙක්ව බලෙන් කාමරේකට ඇදන් යනවා... අනුන්ගේ ප්‍රශ්න වලට පැටලෙන්න කොල්ලා එදා ඉදන්ම අකමැති කෙනෙක්.. ඒත් කවදාවත් නැතුව එයාගේ හිත කිව්වෙම ඒ කෙල්ලගේ ජීවිතේ බේරගන්න කියලා...

කෙල්ලවත් එක්කන් තව කාමරේකට රිංගුවේ ඒ මිනිස්සුන්ගෙන් බේරෙන්න හිතාගන උනත් කෙල්ල ටිකක් වෙරිවෙලා හිටිය නිසා බිම වාඩිවෙලා අඩන්න ගත්තේ එයාගේ ජීවිතේ ගැන සාප කර කර...
ටේහ්‍යුන් ට කරන්න කියලා තිබ්බ එකම දේ උනේ කෙල්ලව උස්සලා අරන් ඇදෙන් තියන එක විතරයි..

ඒත් හදිසියේම නොසිතූ හැගීම් ගොන්නක් එක්ක දෙන්නා තනිවෙද්දි කෙල්ලට වගේම කොල්ලටත් ඒ හැගීම් වල නුහුරු ගතියක් දැනුනේ නෑ.... අඩුම තරමේ කිසිම අකමැත්තක් වත් එයාලට දැනුනේ නෑ.. ඒ ගතවුන මුලු කාලයේම දෙන්නාගෙම හිත්වල පැල උනේ එකිනෙකා ගැන නොතේරුන හැගීමක්...

එලිවෙද්දි තද ඔලුවේ කැක්කුම නිසා කෙල්ල ඇහැරුනා.. ඒ එක්කම කෙල්ලව ගැස්සුනේ තමන්ගේ මූණ ඉස්සරහ ඒ පෙනුන පියවුන ඇස් නිසා... ඒ ඇස් වගේම තොල් හරිම නිස්කලංකයි... කලින් දවසේ උන සිද්ධිය කෙල්ලට තේරෙන්න වෙලා ගියේ නෑ... මොකක්දෝ හේතුවකට තමන්ගේ ඉස්සරහ ඉන්න කෙනා එක්ක කෙල්ලට තරහක් ආවෙත් නෑ....
ඇදුම් ටිකත් පටලවගන කෙල්ල අමාරුවෙන් දොර ලගට ගියා... එක අතකින් බඩ අල්ලගන අනිත් අතට සෙරෙප්පු දෙකත් අරන් කෙල්ල ආයෙම එකපාරක් ඒ පියවුන ඇස් දිහා බලලා ඉක්මනට එලියට ගියේ කාටවත් නොපෙනෙන්න...

කොල්ලාට ඇහැරෙද්දි ගොඩක් පරක්කුයි... නැගිටලා විනාඩි කීපයක් යද්දි කලින් දවසේ උන හැම දෙයක්ම කොල්ලගේ මනසේ ඇදෙන්න ගත්තේ එයා ඉක්මනට තමන්ගේ එහා පැත්ත බලද්දි...
තමන් පරක්කුයි... කොල්ලා බෙඩ් ශීට් එක එහාට කලේ ලොකු කලබලේකින්...
ඒත් ඒ පැල්ලම නිසා කොල්ලට දැනුනේ ලොකු වරදකාරී හැගීමක්.. කවදාවත් එහෙම හැසිරෙන්න හිතලා වත් නැති උනත් ඒ හැගීම නිසා කොල්ලා ඇදෙන් බැස්සේ කෙල්ලව කොහොම හරි හොයාගන වගකීම ගන්නවා කියලා හිතලා....

ඊට පස්සේ දවස් දෙකක්ම කොල්ලා club එකට ආවත් කෙල්ලව හොයාගන්න බැරි උනා... එයා club එකේ කාගෙන්වත් ඇහුවෙත් නැත්තේ ඒකෙන් කෙල්ලගේ චරිතයටම හානියක් වෙන නිසා....
කෙල්ලගේ ඔම්මාගේ මරණ ස්මරණය තිබුනේ ඒ දවසෙයි... ඒ නිසාම එයා කලින් ම නිවඩුවක් අරන් තනියම Grave yard එකේ ඔම්මා එක්ක කාලේ ගතකලේ කලින් දවසේ උන හැමදේම හිතින් අයින් කරන්න හිතාගන...

ඒත් කෙල්ල කීයටවත් හිතුවේ නෑ ආයෙම කොල්ලව මුණ ගැහේවි කියලා , එයා ගැන මේ වගේ පැය කීපයකින් ලෝබ හිතෙන තරමටම ආදරයක් ඇතිවේවි කියලා...

ඒ හැම තත්පරයක් ම ටේහ්‍යුන් ට වගේම ඉයුන් බී ටත් හොදට මතක තිබුනා... ඒත් දෙන්නටම ඕනි උනේ ඒ වැරැද්ද හදාගන්න උනත් කෙල්ලට ඕනි උනේ නෑ කොල්ලට කරදරයක් වෙන්න....
ඒත් ටේහ්‍යුන් ගේ හිතේ දැන් ඉයුන් බී කියන කෙනාට ලොකු ඉඩක් වෙන් වෙලා ඉවරයි...
ඉයුන් බී ගේ හිතේ උනත් දැන් ආදරයක් පැල වෙලා....

ඒත් පැලයක් උනත් වතුර දාලා නඩත්තු කරන්න ඕනි.. සම්බන්ධතාවයකට ආදරේ අවශ්‍යයි... ටේහ්‍යුන් ට පුළුවන් ඉයුන් බී බලාපොරොත්තු වෙන ආදරේ , නිදහස වගේම ආරක්ෂාව දෙන්න....

ඒත් කොයිතරම් කාලෙකටද..... ?

සදහටම ...

ටේහ්‍යුන් ගේ ආදරේ ...

කෙල්ලගේ ලග තියේවිද ...

.
.
.

____________________________________________

කතාව boring ද... පරක්කු උනා නේද... හය්යොහ් නින්ද ගියා අනේ... හී..

ඒ දෙන්නගේ ආදරේ හිතට දැනෙන්න ලියන්නයි ඕනි උනේ...
අනේ මන්දා මොනා ලිව්වද කියලා... 😅

ඒ දෙන්නා එකතු වෙයිද ?

බලමු ...

යන්නම්.. සරන්හේ පැටවු.......
Borahae
💜️💜️💜️

__Candy__

Continue Reading

You'll Also Like

45.4K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉
84.8K 20.5K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
293K 50.2K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
4.2K 642 8
"ඔය ඔලමොට්ටල උරුලෑවා ඔතනම පැටලිලා වැටියන්......සාදු.........සාදු........ සාදු......" "ඒයි තමුන් මට banana milk එකක් ගේනවා.........." 🚫 Don't copy my...