RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ සිහිය...

274 80 26
By cHerRy_MinShi_

වෙහෙසකර දවස් කීපයකට පස්සේ හොබීට දැනුනේ තනිකරම ඔලුව පැලෙන්න තරමේ වේදනාවක් එක්ක හිස් හැගිම් ගොඩක් විතරයි.. බර ගතියකින් පිරුණු ඇස් කීප වතාවක්ම විවර කරගන්න දරපු හැම උත්සාහයක්ම  ආයේ ආයේ තමන්ව නින්දට පොළඹවන නිසාත‍්  සැරින් සැරේ තිත්ත දෙයක් උගුරෙන් පහළට දැනෙන නිසාත් හොබී හිටියේ කිසි පණක් නැති ගානකට මලානිකව..

ඒත් ජිමී හොබී ට දෙන නිදි බෙහෙත් විසි කරපු නිසා එදා දවසේ හොබී නින්දට වැටුණේ නෑ.. ඇගට පණ නැති ගතියක් මිසක අවදි වෙන්න අපහසු තරමේ මුකුත් නොතිබුණු නිසා යාන්තම් පහුවදා වෙද්දී හොබී ඇස් ඇරියා.. නපුරු හීනයක් දැකපු තරමේ මතකයක් හිතේ හොල්මන් කරත් හොබී ගෙ මතකයට  ආවේ යුන්ගිව.. හදිසියේම හොබී ට හිතුනේ යුන්ගි තමන් වෙනුවෙන් බලන් ඈති කියලයි.. ඒත් හොබී ගෙ කණට අහු වුණේ නම් ජිමී ගෙ සිනිදු කටහඩ විතරයි..

" ටේ එන්නකො ඉක්මනට.. එයාට සිහිය එනව මම හිතන්නෙ.."

" ජිමී කලබල කරන්න එපා හරි ද...? "

" හරි ඇල්ෆා.. කෝකටත් ඔයා මෙතැනින් ඉන්න මට බයයි.."

තුනී පටලයක් වගේ බැඳිලා තියන ඇස් වලින් ලාවට හොබී ට පෙනුනේ ටේ ගෙ මූණ.. හුස්මක් පහළට දාපු හොබී ඇස් වලට දැනෙන වෙහෙස නිසා ආයේ ඇස් පියා ගත්තෙ ඉර එළියට ඇස් හුරු කරගන්න අමාරු.. හොබී ඇස් පියන්ම කතාකරන්න උත්සාහ කරා..

" ටේ.. ක්.. කොහෙද.. ඇ.. "

බැරෑඩි වුණු හඬත් එක්කම හොබී කතාව නැවැත්තුවේ ඔක්කාරයට ආපු නිසා.. ඇග ඇතුලෙන් එන අප්පිරියාව එක්කම හිස කැක්කුම දරුණුවට දැනෙන්න ගනිද්දී හොබී ටේ ගෙ උරයට අත තියල ඔලුව කෙලින් කරගන්න නිශ්ඵල උත්සාහයක යෙදුනා.. කාරණාව තේරුම් ගත්තු ජිමී ඉක්මනින් හොබී ගෙ පිටට අත තියල හොබී ව ඇඳේ කෙලින් කරා..

" හොබී.. ඔයාට මොනවාහරි ඕනද..?"

ටේ ඇහුවේ කෙලින් ඉන්නත් පණ නැති හොබී එයාගෙ පපුවට තුරුලු කරගන්න ගමන්.. ඒ අතරේ ජිමී හිත ඇතුලෙන් ඉල්ලන්න ගත්තෙ යුන්ගි  ඇරෙන්න ඕනම දෙයක් ඉල්ලන්න එයා ගෙනැත් දෙන්නම් කියලයි..

" ටේ ම-මට වතුර-..."

කිව්ව සැනින්ම වගේ ජිමී මේසෙ උඩ තිබුණු වතුර විදුරුව හොබී ගෙ තොල් වලට ලං කරා..

" හිමින් බොන්න හොබී.."

ජිමී කිව්වේ ඇස් වල කඳුළු කැට හුඟක් පුරවගෙන.. ඒක තේරුණ ටේ ජිමී දිහා රවල බැලුවේ අඩන්න එපා කියන්න වගේ.. ඒ එක්කම ජිමී ඉක්මනට හැන්බොක් අතකින් ඇස් පිහා ගත්තා හොබී ට නොපෙනෙන්න..

ඔහොම ටික වෙලාවක් යද්දි හොබී සාමාන්‍ය වුණා.. ජිමී හදන් ආපු දියර කෑම වලින් හැඳි කීපයකට පස්සේ හොබී ට ප්‍රාණවත් බවක් දැනෙන්න පටන් ගත්තා..

" ජිමී කොහෙද හියුන්ග්ලා.."

හොබී කතා කරන පාරක් ගානේ ජිමී ගෙ පපුව වේගෙන් ගැහෙන්න ඇයි කියලනම් ජිමී දැනගෙන හිටියේ නෑ.. එයා ඒක හොබී ට ඇහෙන්න පුළුවන් කියලා හිතලයි පපුවට අත් දෙක තද කරගත්තේ..

" එ-එයාල මේ හොබී-"

" ආ හොබී එයාල ගමනක් ගිහින් හෙට තමයි එන්නෙ.. එයාල කිව්වේ ජින් හියුන්ග් විතරයි.. අනිත් අය තව ටිකකින් ඒවි.."

" යුන්ගිත‍්...?"

හොබී එකපාර අහපු ප්‍රශ්නෙ නිසා ටේ වගේම ජිමීත‍් නිරුත්තර වුණා.. එයාල මූණට මූණ බලාගෙන හිටියේ සෑහෙන්න උත්තරයක් හිතාගන්න බැරුව වගේ..

" ඇයි ජිමී.. යුන්ගි කොහෙද.. ඇයි බය වෙලා වගේ ඉන්නේ ඔයාලා.. "

හොබී නොඉවසිල්ලෙන් තමන්ගේ ඇල්ෆා බලාපොරොත්තු වෙන බව ඒ කටහඬේ හැංගිලා තිබුණා..

" ආහ්.. අපේ යුන්ගි හියුන්ග්.. එයා මේ.. එයා.."

" ඔය ඉතිං ඕකනේ හොබී.. අහන්නකො අපි මුලින්ම පිරිසිදු වෙලා එමුද.. ඊටපස්සේ අපි හුඟක් වෙලා වුණත් කතා කරමු.. මම වතුර උණු කරල ආවේ.. නිවෙන්න කලින් යමු..හා නේද..?"

ජිමී කියාගෙන ගියා.. හොබී ත‍් ජිමී කියන දේට එකඟ වෙලා හිටිය මිසක ආයේ ආයේ ප්‍රශ්න කරන්න ගියේ නෑ..

ගාණට උණු වුණු වතුර ඇග දැවටෙනකොට දැනෙන සනීපය එක්ක ලී වලින් හදපු නාන කාමරේ හොබී හිටියේ තනිවෙලා.. හුමාලය වතුරෙන් පිටතට ගලාගෙන යද්දී අඩවන් වුණු ඇස් වලින් හොබී ගෙ වෙහෙසකර බව ඔහේ ගලාගෙන ගියා.. ඔලුව ඇතුලේ ආයේ ආයේ තමන්ගේ ඇල්ෆව ඉල්ලුවත් හිතට දැනුනු මොකක්දෝ ආගන්තුක සිතුවිල්ලක් ඇල්ෆා තවදුරටත් තමන් ළඟ නැති බවක් කියද්දී හොබී ගෙ හද ගැස්ම අසාමාන්‍ය වෙන බවක් හොබී ට දැනුනා.. තමන් ගිලිලා ඉන්න උණුවතුර අතරින් දිය රැළි එක්ක එහෙ මෙහෙ පාවෙන ඉණ පළදනාව හොබී ගෙ ඇහැ ගැටුණේ ඒ වෙලාවේ..

රතු පාට තිරුවානා ගලක් එක්ක මුතු කීපයක් අමුණලා තිබුණු ඉණ පළඳනාව අග හුඟක් දිස්න දුන්නෙ තිරුවානා ගල වටේ කැටයම් කරපු රිදී රාමුව.. පලදනාව හොබී ගෙ සිහින් ඉණට ගෙනාවේ අමුතුම ලස්සනක්.. ලස්සනටත‍් වඩා හොබී ඒකට ආදරේ කරේ ඒ වටේ ගෙතුණු ලස්සන මතක නිසයි..

ඇති තරමක් පිරිසිදු වුණු හොබී ඇදුම් රඳවනයේ තිබුණු ලා කහ පාට ඇදුම ඇදගෙන බඳ පටිය ගැටගහන ගමන් කුස්සිය පැත්තට ගියේ ජිමි ඉන්නව ඇති කියලා හිතාගෙන..

" ඕ.. මෙයාගේ ලස්සන.."

ජිමී ඇහැක් ඉඟි මරන ගමන් කිව්වේ හොබී ලෙඩ පාටින් යම්තාක් මිදිලා හිනාවෙලා හිටිය නිසා.. ඒ කම්මුල් අගට යාන්තම් රෝස පාටකුත් ඉහල වගේ ලේ පිරිලා තිබුණා..

ඒ එක්කම කුක් වගේම ජුන් කුස්සියට ආවේ හොබී බලාපොරොත්තුවෙන්.. හොබී පිරිසිදු වෙන අතරෙ එයාල දෙන්න ගෙදර ආපු නිසා ටේ උපදෙස් දීලා තිබුණා හොබී ඉස්සරහ උපරිමයෙන් සාමාන්‍ය වෙන්න කියලා..

" ආ එක්කෙනෙක් අවදි වෙලා තියෙන්නේ.."

ජුන් හිනාවක් එක්ක හොබී ගෙ කොන්ඩේ තිබුණ වතුර විසිරිලා යන විඳියට කොන්ඩේ අවුල් කරලා පුටුවක් ඇඳන් ඉඳ ගත්තා වුණත් හිත ඇතුලෙන් නම් හිටියේ හුඟක් දුකින් වගේම බයෙන්..

" හා හා කෑම කන්න එන්නකො දැන්.."

ජිමී කෑම පිරුණු භාජන කෑම මේසයට තියන ගමන් කිව්වා..

කෑම අතරතුර සාමාන්‍ය කතාබහක් හැමෝම තියාගන්න උත්සාහ කරත් ඒක නිශ්ඵල වුණේ හොබී ආයේ යුන්ගි ගැන සදහන් කරපු නිසා..

" අහන්නකො හොබී.. මෙකයි.. කලබල වෙන්න එපා.. ඇත්තටම යුන්ගි මේ.."

" යුන්ගි හියුන්ග් ටික කාලෙකට දුරට ගිහින් තියෙන්නෙ හොබී.."

කුක්ගෙ පැහැදිලි කිරීම එක්කම හොබී ගෙ අතේ තිබුණු හැන්ද මේසෙ උඩට වැටුණේ යම් තරමක නිහැඬියාවක් පතුරන ගමන්.. ඒ එක්කම කුක් ට හිතුනේ තමන් ඉක්මන් වුණා වැඩිද කියලයි..

" මොකක්.. දුරට.. ඒ කිව්වේ.. එයා කවදද එන්නෙ.. ඇයි මම දැනගෙන හිටියේ නැත්තෙ.. "

හොබී කතා කරේ එදා වුණු කිසි දෙයක් මතක නැති ගාණට.. එක අතකින් ඒක අනිත් අයට සහනයක් ගෙනාවා..

" නෑ නෑ හොබී.. ඔයා දැන් දවස් කීපයක්ම අසනීප වෙලානෙ හිටියේ.. එකපාරටම පණිවිඩයක් ආවා යුන්ගි හියුන්ග්ට එන්න කියලා.. ටිකක් දුර පැත්තකට.. එයා ට බෑ කියන්න බැරි වුණ නිසයි යන්න වුණේ.. කොහෙද එයා බෑ ම කිව්ව යන්න.. ඒත් ඔයා දන්නවනේ ඒක එයාගෙ රාජකාරිය නෙ.."

ජිමී ඉක්මන් පැහැදිලි කිරීමක් කරේ වැඩි කලබලයක් නොකරන්න..

" ඒත් ඇයි.. අහ්.. එයා - එයා එන දවසක් දන්නෙ නැද්ද ජිමී.. "

ඉකියක් එක්කම හොබී ගෙ කටහඩ පිටවුණේ ඇස් වල පිරුණු කඳුළු පොදියක් කම්මුල් තෙමන ගමන්..

" එයා - හොබී හියුන්ග් ඉක්මනටම ඒවි.. එයාටත් ඔයා නැතුව ඉන්න බෑනෙ ඉතින්.. දැන් අඬන්නේ නැතුව ඉමුකො.. අනේ හොබී.."

ජිමී ඉක්මනින් ගිහින් හොබී ගෙ තෙමිච්ච කම්මුල් පිහා දැම්මෙ හොබී ගෙ හිත හදන්න උත්සාහ ගන්න ගමන්..

" ඔයාට විශ්වාසද..?"

" ඔව් අනිවාර්යයෙන්ම හොබී.. යුන්ගි හියුන්ග් ඉක්මනින් ඒවි.. ඉක්මනින්ම.. හරිද..? "

දුකින් පිරුණු හොබී ගෙ තෙමිච්ච මුණ අනිත් අයගේ හිත් වලට එකතු කරේ දුකක් එක්ක අනාගතය ගැන අවිශ්වාසයක් විතරයි..

තවදුරටත් කෑම ප්‍රතික්ෂේප කරපු හොබී ඉක්මනින් කාමරේට යද්දී වෙනදා අතේ දුරින් දැනුනු මිහිරි ෆ්‍රීසියා සුවඳේ අවශ්‍යතාවය තදින්ම අද දැනෙන්න ගත්තා.. ඉණ වටේ එතෙන සීතල අත් නැත්නම් නළලේ තැවැරෙන ආදරේ පිරුණු හාදුවක්.. හැමදේම වෙනදාට වඩා දෙගුණයක් තුන්ගුණයක් අවශ්‍ය බව හොබී ට දැනුනා..

දෙයක් අපි ළඟ තියෙද්දි අගය අඩු වෙන්නත් නැති වෙද්දී අගය වැඩිවෙන්නත‍් හේතුව මොකක්ද කියලා හොබී ට හිතෙන්න ඇති...

සැරින් සැරේ දැනෙන හිස රදය නිසා ඇස් පියා ගත්ත හොබී නින්දට පෙළඹුණේ හිත අස්සෙ ගුලි කරගෙන තිබුණු වේදනාවට මූණ දෙන්න තරමේ හයියක් තමන් ළඟ නොතිබුණ නිසා.. කොහොම වුණත් රිදුම් දෙන හදවත තමාට මොකක් හෝ වරදක් පටවන බවක් හොබී ට දැනුනා..

• . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . •

" එයාට ඇත්තෙන්ම මතක නැද්ද..? නැත්නම් එහෙම රඟපානව ද...?"

" නෑ.. මම හිතන්නෙ ඇත්තටම මතක නෑ වගේ.."

" එහෙම වුණු එක හොඳයි.. නැත්නම් මීට වඩා කලබලයක් වෙන්න තිබුණා.."

" ජින් හියුන්ග් ඉක්මණින් ආවොත් හොඳයි.. එයා නැතුව කරගන්න ඕන මොකක්ද කියලා මට හිතාගන්න බෑ.."

හොබීට නින්ද යනකම් හිටපු අනිත් අය කතා වුණේ ඉදිරියට ගැන තිබුණු අවිශ්වාසය හිත තුළ හොල්මන් කරද්දී ..





























━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

කාලෙකින් නේද.. 🙂☕
පරිස්සමින් ඉන්නව නේද cherry flowers.. ❤️

ඉක්මණින් එන්නම්.. Love you sooooooooooo much... 😘😘😘😘😘😘😘

Thanks for reading.. Love your votes and comments.. ✨🌟✨

STAY SAFE💜💜💜

cherry_minshi_
Luv urself.    8-)









Continue Reading

You'll Also Like

6.1K 1.6K 11
හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය...
397 132 16
"උද්ධච්ච මිනිහා!!!".....
229K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."