DUΛL⏳ ( Completed )

By Armygirl920

8.2K 2K 1K

~ About Love Syndrome ~ ~ Dissociative Identity Disorder ~ * Hard past * True Love * And Lost මට සල්ලිත් න... More

Meet ..
Trust ..
Feelings ..
Because Of Me ..
Together ..
Don't Leave me ..
Sorry ..
Promise ..
Not The End ..
Missing You ..
Happiness ..
My Girlfriend ..
Same Day ..
Saranghae ..
It's The Beginning ..
Sad Emotions ..
Yoon ..
Darkness ..
Be With You ..
Destination ..
Are you happy ..
Night ..
What is gonna happened ..
I Can't ..
Why Me ..
Pain ..
Innocent Eyes ..
Can't You Feel ..
White Roses ..
Because ..
Still waiting ..
I Want You ..
Why We ..
Love ..
Save You ..
I'm Wrong ..
For the Last Time ..
Gifts For Dual ..

Tears ..

293 69 35
By Armygirl920


ඉයුන් බී ලගට තවත් ලංවුන කොල්ලා එයාගේ එක අතක් කෙල්ලගේ ඉන වටේට යවලා එයාව පපුවට තද කරගත්තේ ඇස්වල දිලිසුන ලොකූ සතුටකින්...
තවමත් මොනාත්ම නොකියා කෙල්ල ඒ පපුවට හේත්තු වෙලා හිටියේ ඒ උණුසුමට ලෝබ හිතෙන්න පටන් ගනිද්දි...

විනාඩි කීපයකින් පස්සේ ටේහ්‍යුන් කෙල්ලව ටිකක් ඈත් කරලා එයාගේ අතකින් කෙල්ලගේ වැස්සට පෙගුන කම්මුල්වල තිබුන කදුළු බිංදු හරිම හෙමින් පිහිදලා කෙල්ල ගේ ඇස් එක්ක ලාවට හිනා උනා.. ටේහ්‍යුන් ගේ දිග ඇගිලි මූණේ ගැවෙද්දි කෙල්ල යන්තමින් ඔලුව පාත් කලේ ඇසුත් ලොකු කරන්...

" ඉයුන් බී... "
කොල්ලාගේ ලා කටහඬ නිසා කෙල්ල ආයෙම ඔලුව උස්සලා ඒ ඇස් දිහා බැලුවා.... ඒත් තවමත් කෙල්ල හිටියේ කලබලෙන්.. එයාගේ තොල් කලබලේටම මොනාදෝ මුමුණන්න අරන්...
කෙල්ලගේ මේ හැසිරීම දිහා ටේහ්‍යුන් බලන් හිටියේ හරිම ආදරණීය හිනාවක් එක්ක...
" ඉයුන් බී... " එයා ආයෙම කතා කලා..

" දෙ දේ.... " කෙල්ල කැඩුන කටහඬකින් කතා කලේ මූණ බිමට හරවන් හංගගන..

" ඔයාගේ හිතේත් මං ගැන හැගීමක් තියෙනවා නේද... ම්ම්... මට කියන්න ... "
ටේහ්‍යුන් එයාගේ එක අතක් කෙල්ලගේ මූනෙන් තියලා එයාගේ ඇස් තමන්ගේ පැත්තට හරවගත්තා...

" අ අනේ... ටේහ්‍යුන් ශී .. මට බෑ මේක බාරගන්න... මම නිසා ඔයාගේ ජීවිතේ විනාස වෙයි.... " කෙල්ල ගත් කටටම එහෙම කියද්දි නම් කොල්ලගේ මූණ ටිකක් වෙනස් උනා..

" මගේ ජීවිතේ මගේ ඉයුන් බී ... මමයි තීරණ ගන්නේ.. අනික ඇයි ඔයා නිසා මගේ ජීවිතේ විනාස වෙන්නේ..... ආ.. "
කොල්ලට ආව තරහටම එයා කෑගහද්දි කෙල්ල ගැස්සිලා ගියා...

" ම මේ.. අ අනේ... ටෙ ටේහ්‍යුන් ශී .. ඔයාට පවුලක් ඉන්නවා.. මම වගේ කෙල්ලෙක් දැක්කම එයාලා මොනා නොහිතයිද.. ඔයාගේ ඔම්මා ගොඩාක් දුක් වෙයි...
මම නිසා ඔයාගේ පවුලත් කැඩිලා යයි ටේහ්‍යුන් ශී ... අනේ මට ඕනි නෑ ඔයාගේ ජීවිතේ එහෙම විනාස කරන්න... "

" හ්ම්ම් .... ඔව්.. එයාලා කලබල වෙයි... ඒත් එයාලත් තේරුම් ගනියි ඔයා හොද කෙනෙක් බව..
අනික Club එකක වැඩ කලා කියලා ඔයා ඇග විකුණන කෙල්ලෙක් නෙවෙයි නේ... එයාලා මාව තේරුම් ගනියි.... මාව විශ්වාස කරන්න ඉයුන් බී .. ම්ම් .. "
කෙල්ලගේ මූණ ආයෙම අත්දෙකෙන්ම අල්ලගන කොල්ලා එහෙම කියද්දි කෙල්ලගේ ඇස් ආයෙමත් කදුළු වලින් පිරුනා...

එයාට කොල්ලව අවිශ්වාස නෑ කොහෙත්ම... ඒ ඇස්වලින් කෙල්ල දැක්කේ ආදරයක් විතරයි .... කාටවත් රිදවන්න හිතෙන්නේ නැති ලස්සන ආදරයක් ටේහ්‍යුන් ගේ ඇස් වල ඉයුන් බී වෙනුවෙන් තිබුනා...
ඒ ඇස් කෙල්ල දිහා බැලුවේ ආදරෙන්ම විතරයි... වෙන කිසිම අරමුණක් කොල්ලට නැති බව ඉයුන් බී දැනගන හිටියා...

ඒත් මේ තරම් කාලයක් ඕනි හැමදේම දීලා උස්මහත් කරපු දෙමව්පියෝ කැමති වෙයිද මේ වගේ Club එකක වැඩ කරන කෙල්ලෙක්ව ටේහ්‍යුන් එක්ක තියන්න ... නෑ කොහෙත්ම නෑ... කෙල්ල ඒකත් හොදටම දැනන් හිටියා...

හැබැයි තමන් මේ තරම් කාලයක් දෙමව්පියෝ කියපු විදියටම හිටිය නිසා... එයාලට දුක්වෙන්න දෙයක් කරේ නැති නිසා ටේහ්‍යුන් දන්නවා එයාලට තමන්ගේ මේ තීරනේ ට එකගවෙන්න වෙන බව...

" ඔයාට මාව විශ්වාසයි නේද .. ම්ම්.. ඇත්තටම ඔයාට මං ගැන මුකුත්ම දැනෙන්නේ නැද්ද... "
ටේහ්‍යුන් ගේ ඒ ප්‍රශ්නේ නිසා කෙල්ල ගොලු උනා... තමන්ටත් ඒ හැගීම හොද හැටි දැනුනත් කෙල්ලගේ හිතෙන් තවමත් අවසර නෑ ඒක කොල්ලට කියන්න...

" ඔයා හිතන්නේ මට පේන්නේ නෑ කියලද... මට ඇහෙන්නේ නෑ කියලද... චහ් ආනී...

ඔයාගේ ඇස් වලින් මට ඒක පේනවා... ඔයාගේ ලාවට මුමුණන තොල් වලින් මට ඒක ඇහෙනවා ඉයුන් බී ...
ඔයා මට ආදරේ බව... "
කටත් උල් කරලා කොල්ලා හිනා උනේ කෙල්ලගේ ඇස් එලියට පනින්න තරම් ලොකු වෙද්දි....

" කමක් නෑ... ඔයා නොකිව්වට මම දන්නවා... හ්ම්ම් නාදෝ සරන්හේ ඉයුන් බී ... මම පොරොන්දු වෙනවා මොන දේ උනත් ඔයාව දාලා නොයන බව...
මේ අහින්සක ඇස් කොහොම දාලා යන්නද.. ම්ම්.. "
කෙල්ලගේ නහයට පුංචි තට්ටුවක් දාලා කොල්ලා හිනා වෙද්දි නම් කෙල්ල ඉබේම හිනාවක් පැන්නා.. ඒත් එයා තොලත් හපාගන ඒක හංග ගත්තේ පොඩි එකෙක් වගේ...

" ක්යොප්තා ... "
ටේහ්‍යුන් ට ඉබේම එහෙම කියවුනේ කෙල්ලගේ මේ නුහුරු හැසිරීම නිසා... එයා තමන් දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න ඒ මූණ දිහා බලලා කෙල්ලගේ නළලට පුංචි හාදුවක් තිබ්බේ කෙල්ල ගැස්සිලා බලද්දි...

" හ්ම්ම් ඉතින් අපි දිගටම එලියට වෙලා මෙහෙම සීතලේ ඉන්නද යන්නේ..... "
කොල්ලා ඇස් කරකවලා අහද්දි තමා කෙල්ලටත් ඒක මතක් උනේ..

" ආහ්.. මෙ මේ... ඔයා කැමති නම් කෝපි එකක් බොන්න ඇතුලට එනවද... "
බැල්කනි එකට හේත්තු උන කොල්ලගේ ඇදුමේ අතකින් අදින ගමන් කෙල්ල කිව්වේ විනාඩි කීපයක් නිශ්ශබ්ද ව ඉදලා...
ඒකට ටේහ්‍යුන් ගෙන් ලැබුනේ ලොකු හතරැස් හිනාවක්...

ගෙදර ඇතුලට යද්දි ටේහ්‍යුන් ගේ ඇස් ආසාවෙන් වට පිට බැලුවා... කෙල්ලගේ ගෙදර කොල්ලගේ ගෙදරට වඩා ගොඩාක් පුංචි උනත් හැම දේම හරිම පිලිවලකට අහුරලා තිබුනා..
කොල්ලා වාඩි වෙලා වටපිට බලද්දි කෙල්ලත් කොෆී මග් දෙකක් අරන් ඇවිල්ලා වාඩි උනා..

" ඔයාගේ ගෙදරට වඩා ගොඩාක් පොඩි ඇති... අනික මම දවස් දෙක තුනකින් අස් කලෙත් නෑ.. මියානේ ටේහ්‍යුන් ශී .... "
කෙල්ල එහෙම කියලා මූණ එල්ලගනිද්දි ටේහ්‍යුන් හෙමීට කෝපි උගුරක් කටට ගත්තා...

" ආනී... හරිම ලස්සනයි .. ඔයා ගොඩක් පිලිවලට තියාගන ඉන්නවා... මම කැමතියි ඒකට.. "
කොල්ලා හිනාවෙවී කියද්දි කෙල්ලත් පුංචි හිනාවක් දාලා බිම බලාගත්තා..

" දැන් ඔයා අනිද්දායින් පස්සේ මොකක්ද කරන්න ඉන්නේ... තැනක් තියෙනවද යන්න... "

" හ්හාඅ ... මම දන්නේ නෑ ටේහ්‍යුන් ශී .. හෙටට කලින් මම අද ජීවත් වෙන්න ඕනි නේ.... හ්ම්ම් බලමු මොකක් හරි කරගන්න ඕනි.. "
කෙල්ල ගානක් නැතුවම එහෙම කියලා කොල්ලා බීලා ඉවර කරපු කොෆී මග් එකත් අරන් හෝදන්න ගත්තා...

" ඉයුන් බී ... මම මෙහෙම කියනවට වැරදියට හිතන්න එපා හොදද... මේ... "
කොල්ලා කතාව පටන් ගනිද්දි කෙල්ල ඇස් හීනි වෙන්නම හිනා වෙලා එයා ලගින් වාඩි උනා...

" කියන්න ටේහ්‍යුන් ශී .... "

" මේ... ඔයා එන්න මගේ ගෙදර.... මේ මම කිව්වේ ඔයාගේ ගෙදර ආපහු දෙන්න වෙන නිසා.... ... .. "
ඒ වචන ටිකට කෙල්ලගේ මූණ ආයෙම වෙනස් උනා..

" අනේ ටේහ්‍යුන් ශී .. මට එච්චර දෙයක් ඕනි නෑ... අනික ඔයාගේ ඔම්මලා මාව දැක්කම ගොඩක් කලබල වෙයි... අනේ මං නිසා මේ තරම් කරදර වෙන්න එපා.... "
කෙල්ල ආයෙමත් බිම බලා ගනිද්දි ටේහ්‍යුන් වාඩිඋන තැනින් නැගිට්ටේ ටිකක් තරහින්....

" ඉයුන් බී ... හ්... මම මේක කරන්නේ මම ආදරේ කරන ගෑනුලමයා වෙනුවෙන්.. අනේ ඇයි ඔයා මට ඔහොම කතා කරන්නේ...
ඔයාට මාව විශ්වාස නෑ නේ...
මම ඔයාව ගෙදර ගෙනිහින් ඔයාට මොනාහරි කරයි කියලද හිතුවේ ආ... "
කොල්ලා තරහටම එහෙම කිව්වත් ඒ එක වචනයක් වත් හරියට හිතලා මතලා පිට කලේ නෑ... ඒ නිසාම ඒ වචන වලින් කෙල්ලගේ හිත තදට පෑරුනා..

ඉයුන් බී අඩාගනම නැගිට්ටා...
" අනේ... ටේහ්‍යුන් ශී .. ඇයි කියන්න ඔයා වැරදියටම තේරුම් ගන්නේ... මම එහෙම කිව්වද...
ඔයාව අවිශ්වාස නම් මම මේතරම් දුරක් ඔයා එක්ක එනවද... අනේ මට මේ බලාපොරොත්තුව ගොඩක් ලොකුයි ටේහ්‍යුන් ශී ... මට තියෙන්නේ ඒක කැඩෙයි කියලා ලොකූ බයක්... ඔයාගේ පවුල මම නිසා කැඩුනොතින් මම මටම සමාව දෙන එකක් නැතිවේවි... "
කෙල්ල කියව කියව ඉකි ගහන්න ගනිද්දි තමා ටේහ්‍යුන් ටත් තේරුනේ තමන්ගේ වචන වල බරපතල කම...

" ආහ් අනේ මම එහෙම දෙයක්... අනේ.. ඉයුන් බී ..අඩන්න එපා ඉතින්.. කෝ.. "
ටේහ්‍යුන් කෙල්ලගේ ඉකිගහන මූණ තමන්ගේ උරහිසට තියාගන ඒ ඔලුව යන්තමට අතගාන්න ගත්තා...

" හරි.. හරී.. මම දන්නවා.. අනේ මම තරහින්ම කිව්වා මිසක් හිතුවේ නෑ නේ.. මියානේ .. ම්ම්.. මට සමාව දෙනවද... "
කොල්ලා පොඩි එකෙක් වගේ කනකුත් අල්ලන් සමාව ඉල්ලද්දි කෙල්ල ටිකක් සන්සුන් වෙලා ඒ දිහා බලන් හිටියා...

" හ්ම්ම්.. එහෙනම් කෝ.. යමු.. ඔයා එන්න මාත් එක්ක යන්න.. ආයෙත් කුලී ගෙවල් ඕනි නෑ.. ම්ම්.. හරිද... "
කෙල්ලගේ අතකිනුත් අල්ලගන ටේහ්‍යුන් එහෙම කියද්දි කෙල්ල ටිකක් පුදුම උනා...

" හ්හ්... මේ දැන්.. අ අනේ ටේහ්‍යුන් ශී .. මට තව කල් තියෙනව නේ... අනේ අදම ඕනි නෑ.. "

" ඕ හෝහ්.. ඔන්න ඉතින් ආයෙත්.. කෝ කෝ ඉක්මනට ඉතින්.. "
කොල්ලා ටිකක් තදින් කියද්දි කෙල්ල තොලත් හපන් බලාගන හිටියා..
" ඒත් ... ඔයාගේ ඔම්.... "

" ආනීයා.. බය වෙන්න එපා.. එයාලා මෙහෙ නෑ... එයාලා ඉන්නේ දේගු වල... මම විතරයි මෙහෙ ඉන්නේ..
කෝ ඉතින්.. "

" ආහ්... ඔයා තනියම... ? "
ඒකට ටේහ්‍යුන් ආයෙම හිනා උනා..

" අනේ මැට්ටි... මම ඔයාව කන්නේ නෑ.. ඉක්මනට ලෑස්ති වෙන්න.. "

*****

කෙල්ල ලෑස්ති වෙලා ආවත් අතේ තිබුනේ ඒ තරම් ලොකු බෑග් එකක් නෙවෙයි...
ටේහ්‍යුන් ඇහැකුත් පුංචි කරලා කෙල්ල දිහායි බෑග් එක දිහායි මාරුවෙන් මාරුවට බැලුවා...
" ඔච්චර ද ? "

" ආහ්... දේ.. තව පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා.. ඒත් ඒවා මට අත්‍යාවශ්‍ය නෑ.. "

" හ්ම්ම්... මම හෙට ගෙන්න ගන්නම් එහෙනම්.. දැන් යමු.. "
Phone එකත් අතට අරන් කොල්ලා එහෙම කියද්දි කෙල්ල නොතේරුන නිසාම මූණ ඇකිලුවා...

" ඇහ්... හෙට... ගෙන්න ගන්නවා කිව්වේ ? "

" හෙට ඔයාගේ මේ ගෙදර ඕනිකරන බඩු ඔක්කොම මම එහෙට ගෙන්න ගන්නම් කියලයි කිව්වේ... "
කෙල්ල ඇසුත් ලොකු කරන් කෑගහන්න හැදුවත් ටේහ්‍යුන් phone එක කනට අරන් කතා කරන්න ගත්තු නිසා කෙල්ල ආයෙම නිහඩ උනා..

" හ්ම්ම්... මගේ driver car එක ගෙනෙයි.. Club එක ඉස්සරහ ඇත්තේ.... වෙලා යන එකක් නෑ.. අපි හෙමින් පාරට යමු... " call එක කට් කරලා කොල්ලා ටිකක් ඉස්සර වෙලා කියද්දි කෙල්ල යන්න තියපු අඩිය ආයෙම පස්සට ගත්තේ මේ ගමන ගැන තව පාරක් හිතන්න...

" මොකක්ද ප්‍රශ්නේ ... ඉයුන් බී ... මොනා හරි අමතක උනාද.. "

" ආනියා ටේහ්‍යුන් ශී ... මට... මම මේ ... මේ ගමන.... "
කෙල්ල ගොත ගගහා කියන දේ කොල්ලට හොදටම තේරුනා...
ඇත්තටම මේ ගෙවුන පැය කීපයට ටේහ්‍යුන් ඉයුන් බී ගේ සිතුවිලි ගැනත් හොදට තේරුම් අරන් තිබුනා...

" කෝ... ඉතින්... "
එයා කෙල්ලගේ ගුලි කරගන හිටිය අතක් අල්ලගන ගෙදරින් එලියට ආවා...
" ඉයුන් බී ... මම ඔයාට පොරොන්දු වෙනවා ඔයාව මේ නරකාදියෙන් ගලව ගන්නවා කියලා... ඒ වගේම ඔයාට නැතිඋන ඒ ආදරේ මම ආයේ ඔයාගේ ලගට ගේනවා...

ම්ම්.. ඔයාට මාව විශ්වාසයි නේ.. නේද... "
කොල්ලා කෙල්ලගේ මූණට නැවිලා එහෙම කියද්දි කෙල්ල ඔලුව පාත් කරගනම ඒක අනුමත කලේ ටිකක් කල්පනා කරලා...

දෙන්නම පාරට යද්දිම ටේහ්‍යුන් ගේ driver car එකත් අරන් එතෙන්ට ආවා.. එයාගේ අතෙන් යතුර ඉල්ල ගත්ත කොල්ලා එයාව ගෙදර යැව්වේ අද ගොඩක් රෑ උන නිසයි...

" නගින්න... "
කෙල්ලවත් ඉස්සරහට නග්ග ගන කොල්ලා වාහනේ හෙමින් පාරට දාගත්තේ කෙල්ලගේ සීට් බෙල්ට් එකත් දාලා...

කොල්ලාගේ ගෙදරට යනකනුත් ඉයුන් බී කිසිම දෙයක් කතා කලේ නෑ.... ෂටර් එකෙන් එලිය බලාගන එයා සුසුම් ලෑවා විතරයි...
කෙල්ලගේ අත්දෙකට සීට් බෙල්ට් එක තදට ගුලි වෙලා තිබුනා...

ටේහ්‍යුන් සැරින් සැරේ කෙල්ලගේ මූණ දිහා බැලුවත් එයාටත් තේරුනා කෙල්ල ඉන්නේ ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගන කියලා..
ගෙදර ගේට් එකෙන් ඇතුලට ගිහින් කොල්ලා car එක ගේ ඉස්සරහ නතර කලත් කෙල්ල හිටිය කල්පනාවෙන් ගැලවුනේ නෑ...
" ඉයුන් බී ... අපි ආවා... "

ඒ වචන ටිකට කෙල්ල ගැස්සිලා හැරිලා බැලුවේ ටේහ්‍යුන් දිහා.. තවමත් ඒ අත් වලට සීට් බෙල්ට් එක ගුලි වෙලා තිබුනා..
" අපි ආවා ලමයෝ... බහින්න... "

කෙල්ල වීදුරුවෙන් එලිය බලලා ටිකක් ඇස් කරකවලා වට පිට බැලුවා... ඔව් ඒක ගොඩාක් ලොකු ගෙයක්... කෙල්ලගේ ගෙදරට වඩා නම් හතර පස් ගුනයක් ඇති... කෙල්ල ආයෙමත් හුස්මක් පිට කලා..
" ටේහ්‍යුන් ශී ... මට තාමත් හිතෙන්නේ මම කරන්නෙ වැරැද්දක් කියලා.. අපි අද තමා හරියට කතාබහ කලෙත්... ඉතින් මම මෙහෙම ඔයාගේ ගෙදර එන එක හරි නෑ නේද... "

මෙච්චර වෙලා කෙල්ල දිහා බලන් ඉදලා ටේහ්‍යුන් ඒ වචන ටික නිසා අහක බලාගන කතා කරන්න ගත්තා...
" හ්ම්ම්... දේ.. මම ඔයාව ගොඩ දවසක ඉදන් දැනන් හිටියත් ඔයා අදයි මාව දැනගත්තේ.. මට තේරෙනවා ඔයා කියන දේ..

හා.. ඔයා මා එක්ක ඉන්න අකමැති නම් මම තැනක් හොයලා දෙන්නම් ... එතන නවතින්න... "
කොල්ලා මූණත් එල්ලගන එහෙම කිව්වේ හිතට දැනුන වේදනාව නිසා.. කෙල්ල කොයිතරම් කිව්වත් එයාට තමන්ව විශ්වාස නැති එක කොල්ලගේ හිතට තදින්ම වැදුනා..

" අහ්.. අයියෝ ටේහ්‍යුන් ශී .. අනේ එහෙම නෙවෙයි.. මම කියන්නේ.. මම මෙහෙම එන එක හරි නෑයි කියලා...
මට ඔයාව විශ්වාස නැතුව නෙවෙයි... "

" හරි.. ඔයා හෙමීට තීරණයක් ගන්න... එතකන් මා එක්ක මෙහෙ ඉන්න.. හරිද... "
කෙල්ල පුංචි හිනාවක් එක්ක ඔලුව වනද්දි ටේහ්‍යුනුත් එයා එක්ක හිනා වෙලා වාහනෙන් බැස්සා...

ගොඩාක් ලොකු ගෙයක් උනත් ඒ ගෙදර හැම අඟලක්ම පිරිසිදුයි පිලිවලයි... කෙල්ල ආයෙම වටපිට බැලුවේ ඒ ලස්සන තවත් විදින ගමන්..

" ඔහ්.... මම නම් නෙවෙයි... මෙහෙ අස්පස් කරන්න දවස් දෙකතුනකට සැරයක් කෙනෙක් එනවා... මට ඕවට වෙලාවක් නෑ මේ Company වැඩ අස්සේ .. "
ටේහ්‍යුන් හිනාවෙවී කියලා කෙල්ලගේ පුංචි බෑග් එක සෝෆා එකෙන් තිබ්බා...

තමන් හිතපු දේට කොල්ලගෙන් ලැබුන ඒ නොසිතූ පිලිතුර නිසා එයා ටිකක් පුදුම උනා..
" හ්හ්... ඔ ඔයා කොහොමද හරියටම.... "

කොල්ලා ආයෙමත් පෙට්ටි හිනාවක් දැම්මා..
" මට හිතුනා... "

" හ්ම්ම්.. ඔයා ඉක්මනට ඇදුම් මාරු කර ගන්න.. දැන් නම් තෙත ගතිය ගිහිල්ලා.... අතනින් වමට හැරුනම Wash room එක තියෙනවා.. "
කෙල්ල තොලත් හපාගන ඔලුව වනලා හෙමි හෙමින් ඒ පැත්තට යද්දි කොල්ලත් ගියේ කාමරේට ඇදුම් මාරු කර ගන්න...

ටිකක් ලූස් T Shirt එකකුයි pant එකකුයි ඇදන් කෙල්ල සාලෙට එද්දි ටේහ්‍යුන් හිටියේ Kitchen එකේ...
කෙල්ලගේ කලු කොට කොන්ඩේ ගස ගස එයා සෝෆා එකේ තිබ්බ බෑග් එක හෙව්වා...

" ඔහ්.. මම ඒක ඔයාගේ කාමරෙන් තිබ්බා... උඩට යද්දිම හම්බවෙන දෙවනි කාමරේ... හරි නේ.. මම කෑම වැඩේ බලා ගන්නම්... "
කෙල්ල හිතපු දේට ආයෙමත් හරියටම උත්තරේ දීලා කොල්ලා ඇහැකුත් ගහලා එහෙම කිව්වා...

කෙල්ල ආයෙත් පුදුම උනත් එයා ඔලුව නවලා හෙමින් පඩිපෙල නගිද්දි කොල්ලා ලස්සන හිනාවකින් කෙල්ල දිහා බලන් හිටියේ අත් දෙකත් පපුවට බැදගන...
ගෙවුන දවස් වලට වඩා අද ටේහ්‍යුන් හිටියේ ලොකූ සතුටකින්.. කවදාවත් කෙල්ලෙක් ගැන හිත නොගියා උනත් ඉයුන් බී ව දැක්ක දවසේ ඉදන් ඒ රූපේට කොල්ලා ගොඩාක් ආදරේ කලා... ඒක ආකර්ශනයක් නෙවෙයි...

ඒ ගතිගුන ඒ කටහඬ වගේම ඒ හීනි ඇස් වලට කොල්ලගේ හිතේ ඇති උනේ අහින්සක ආදරයක්... හැම දේම බිම බලාගන කියද්දි හිටපු ගමන් ඒ තොල් මොනාදෝ මුමුණද්දී මගේ කියන හැගීමට වඩා කොල්ලට දැනුනේ කෙල්ලට ඕනි කරන්නේ ආරක්ෂාවක් වගේම ආදරයක් කියලා...

ටිකක් ඒ රූපෙ දිහා බලන් ඉදලා කොල්ලත් හැරුනේ Kitchen එකට යන්න...
ඒත් ඒ එක්කම මුලු ගේම කලුවර උනේ කොල්ලා පාර නොපෙනී කකුලත් පැන්ට්‍රියේ ඇනගනිද්දි...
" ආයිශ් .... ආව්ව්... අදත් ඉතින්... "
කකුල අත ගගා එයා අතපත ගාලා phone එක හොයා ගන ටෝච් එක ගහ ගත්තේ රාමෙන් එක හදන්න හිතාගන...

ඒත් එක්කම උඩ තට්ටුවෙන් ආවෙ මොකක් හරි පෙරලෙන සද්දයක්.....
" අහ්.. අනේ දෙයියනේ ඉයුන් බී ... ස්ස් මට කොහොමද එයාව අමතක උනේ... "

කොල්ලා ආයෙමත් කකුල වද්දගන එහෙම්මම දිව්වේ පඩිපෙල ලගට... ටෝච් එකත් අල්ලන් අඩියට දෙකට එයා පඩිපෙල නැග්ගේ ගැහෙන හිතෙන්...
" ඉයුන් බී ... ඉයුන් බී .. ඔ ඔයා හොදින්ද... මොකක්ද වැටුනේ... "
කොල්ලා කොච්චර කතා කලත් කිසිම සද්දයක් ආවේ නෑ....

" ආයිශ් ... මේ කරන්ට් එකත් අදම ගියානේ.. අනේ ඉයුන් බී .. කතා කරන්නකෝ... ඔහ්.. "
බිම තිබුන ප්ලාස්ටික් මල් පෝච්චියේ කකුල වැදුන නිසා ටේහ්‍යුන් ට කෑ ගැස්සුනා..

" ආ... එතකොට මේකද මේ වැටුනේ...
අනේ කෝ මේ කෙල්ල "
එයා ටෝච් අල්ල අල්ල කොරිඩෝ එක දිගේ යද්දි එක පාරටම ආයෙත් කරන්ට් එක ආව නිසා phone එකත් සාක්කුවට දාගන කොල්ලා එතනින් ටිකක් ඉස්සරහට ගියා...

" හ්හ්... ඉයුන් බී... මේ මේ ඔයාද... "
ඈත තියාම දැක්ක රූපෙ කොල්ලා ඉක්මනට අදුන ගත්තත් එයා ටිකක් කලබල උනා කෙල්ලව දැකලා...

.
.
.

___________________________________________

කොටයි නේ...හී...

බිසී ලමයි ඒකයි... ඉතින් මේක කම්මැලී වගේද... 😁
බය වෙන්න එපා ඉක්මනට ඒක නැතිවෙයි...

ඔයාලා හිතන්නේ ටේහ්‍යුන් ඇත්තටම ඉයුන් බී ට ආදරෙයි කියලද.. ?

ඔව් වෙන්න පුළුවන් ... බලමුකෝ නේ...

මම ලියන විදියේ මොනා හරි ගැටලුවක් තියෙයිද.. 😯නිකන් තේරෙන්නේ නෑ වගේද....

කියන්න හොදේ මට... 🤗

ඉතින් හෙට අනික හොදේ...

Borahae 💜️💜️

__Candy__

Continue Reading

You'll Also Like

66.9K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
2.1K 534 53
It's all about that fucking star -JIMIN FANFICTION-
156K 9.8K 20
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
594K 38K 76
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...