Hatharawaram

Autorstwa ShiranSuneth

111K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... Więcej

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 108

542 99 0
Autorstwa ShiranSuneth

Ep 108
"පිරිමි කෙනෙක් එක්ක නටන එක අවුල් වගේද?"
සූකිරි මගේ මූන බලන් ඇහිවෙ මම එයාගෙ මූන කෙලින් බලන්නෙ නැතුව අහක් බලන් හිටිය නිසයි
වැඩිය කතා කරන්න බෑ පෙනුමෙන් යන්තන් වහන් වෙලා හිටියත් කතා කරොත් අහුවෙනවා
හොද වෙලාවට මේ වෙලාවෙ බෝල් රූම් එකේ ලයිට් එලිය හොදටම් අඩු උනා
"ඔවූ..නෑ..."
"ඔවූ නෑ දෙකම කියන්නේ මොකක්ද?"
මම හිතේ තියෙන තරටත් එක්ක එයාව බිමටම නවලා එකපාරට ආයෙ ඇදලා ගත්තා
"ඔයා හරි වේගවත්නේ....මම බලන් හිටියෙ ඔයා අර ගර්ල් එක්කත් ගොඩක් ස්පීඩ් ඩාන්ස් කරා....මට පේන්නෙ නම් ඔයාට ගල්ස්ලා විතරක් නෙමෙයි බෝයිස්කත් හැඩල් කරලා පුරුදුයි වගේ"
මම මගේ ඔලුවට අලවපු බොබ්මාලෙගෙ වගේ කොන්ඩෙ වේගෙන් ගැස්සුවා
අශ්ව වලිගෙ වගේ එයාගෙ මූනෙ වදින්න
"ඔයා වැඩිය කතකරන්න කැමති නෑ වගේ"
මම එයාව මගේ අතින් කැරකිලා ඈතට යන විදියට විසි කරලා ආයෙ ලගට අරන් තුරුලු කරගත්තා
"ඔයා ඩාන්ස් කරවන විදියෙන් මට මගේ ලගම කෙනෙක් මාව නටවන හැටි මතක්වෙනවා"
හුටා මුට ඒක තේරුනාද
මගෙ ඇග සිතල උනා
"ඔයා කාට හරි ආදරේ කරනවද?"
"නෑ" කට හඩ වෙනස් කර්ලා මම කියුවා
"".ඒක හොදයි...අදරේ කියනේ මහ වේදනාවක්....ආදරේ කරන අය රිද්දදි දැනෙනවාවැඩී ඒකට ඒ මිනිස්සුන්ටත් හේතු ඇති""
"ආදරේ කරන කොට බොරු කරන එකත් වැරදී...මිනිස්සු නිකම්ම රිද්දන්නෙ නෑනේ" මට කියවුනේ හිතේ තිබුන තරහ වැඩි කමටමයි ....ඒත් මම කටහඩ ගොඩක් ගොරෝසු කර්ලා කියපු නිසා එයාට අදුන ගන්න බැරි වෙන්න ඇති
ඊලට ආවේ සරගී මියුසික් එකක්
ඒ වෙලාවෙ එයා මගේ ඇගට තෙරපිලා පපුව දිගේ දහිස ලගට මූන ගෑවෙන විදියට පහලට ගිහින් උඩට එන්න ඕනි
සූකිරි එ කොටස ඕනෙටවත් වඩ සරා ගී විදියට කරා
සූකිරි නටන අතරෙම මම මගේ අත පහලට ගෙනිහින් එයාගෙ ඉනට පහලින් තට්ටම් උඩ නැවතුනා
ඒවා වෙනදට වඩා තදට සිනිදුවට ලොකු බෝල වගේ අහු උනා
කාලෙකින් මුකුත් කලේ නැති නිසා වෙන්දට වඩා මට ඒවා ආකර්ශනීය විදියට දැනුනා
මම ඒවට කොයිතර ඇබ්බැහි වෙලාද කියලා දැනෙන්නේ එයා මම් ලගින් ඈත් වෙනකොටයි
නැටුම අතරෙම මම ශේප් එකේ එයාගෙ ලොකු පම්ප්කින් බෝල දෙක මිරිකුවා
ඒකග සූකිරි ගොඩක් ම කැමැත්තෙන් වගේ මගේ ඇගේ එල්ලිලා කෙදිරි ගෑවා
ඒ සද්දේ මම ආස්ම කෙදිරිය
එයා කලයිමැක්ස් එකට ආවම තමයි එහෙම කෙදිරිගාන්නේ
කනගාවින් ආපු ඒ සොදිරු සද්දය මාව කීරිගස්සුවා
ඒ එක්කම මම වග පිට බල්ද්දි දැක්කේ
බෝල් රූම් එකේ අපි කේන්ද්‍රය අපි දෙන්නවෙලා

ගොඩක් අය නැටුම නවත්තලා අපි දෙන්නා දිහා බලන් ඉන්නවා
එක්කෝ සූකිරි අගමැති නිසා අගමැති කෙනෙක් නටනවා බලන්න
එහෙම නැත්තන් අපි නැටුමටත් වඩා සරාගීවෙලා...ඒ රාගික මූමන්ට බලන්න
මොනව උනත් මගේ ඇගේ ලැජ්ජා සහගත ලේ සීතලට ගලන නිසා මට පියවි සිහිය ආවා
සූකිරි මේ කරේ සම්පූර්න වැරදි වැඩක්
මූනම් මහ ජරාම ජරා යකෙක්
බින්දුවක් විශ්වාස කරන්න බෑ
මම මෙයාගෙ ඇගේ වෙලුනෙ මම දන්නවා මේ සූකිරි ...මේ මගේ මිනිහා කියලා
ඒත් සූකිරි මේ ඇගේ තැවරෙන්නේ මම කියන එක දනෙනෙනැතුව
මූට ඕනෙම නොදන්න මිනිහෙක්ගෙ ඇගේ ඇතිල්ලිලා ආතල් එක ගන්න පුලුවන්
වෙස් මූනට් යටින් මගේ දක් කට කට ගාලා හැපෙනවා
"ඔයා හරි ආකර්ශනීයයි ....යමුද අද මම එක්ක පොඩ්ඩක් අපි සතුටුවෙමු....ඔයාගෙ කලු හම හරිම ලස්ස්නයි"
ඒක නම් හොදටම වැඩී හුත්තෝ
උබටනම් සමාවක් දෙන්න බෑ බූරුවා
"සොරී මම කොල්ලො ගහන්නේ නෑ...මම ආවේ මගේ වයිෆ් එක්ක....විශේශයෙන් රටවටේ යන පොන්නයන්ට මම කැමති නෑ"
සූකිරිගෙ වම් කකුලෙ ඇගිල්ල එදා මල් වාස් එකේ ගහගෙන තාම හොද නැති බව මම දන්නවා
රිද්දනන් හොදම තැන මම චර්ස් ගලා වම් කකුලේ සපත්තු උල පෑගුවා චරස් ගාලා
සූකිරිට හුක් ගෑවුනා වේදනාවට මූන රතු උනා
"ඔහො සොරි මිස්ටර් නොදැනිම කකුල පෑගුනා"
මම සූකිරි නොන්ඩි ගහ ගහ වේදනාවෙන් පැත්තකට වෙද්දි
ප්‍රියන්ජල් එක්ක නට නට හිටපු නනනාදුනන කලු වත ඇදි කතත් ඇදගෙන ලිකර් බාර් එක ලගට ගියා
වෙනද එයාගෙ පොඩි තුවාලයක් තිබුනත් සිය සෑරයක් බලන්නේ මම
තුවාලෙට ගහන ප්ලාස්ටරේ ගලවද්දි තුවාලෙ හොදවෙලා තියෙද්දි එයාට වඩා සය්හුටුවෙන්නේ මම
අපි දෙන්න එක එක වෙලාවල කී සැරයක් නම් අතපය කපාගෙන ඔලු පලාගෙන ඇද්ද
ඒහැමවේලේකම එයාගෙ තුවාල වලට බෙහෙත් දැම්මේ මම
මේ තුවාලෙට විතරයි මම කිසිම සලකිල්ලක් දෙක්කුවේ නැත්තේ
ඒ නිසාද මන්දා ඒක හොදවෙන්නත් කල් යන්නේ
ඒත් සූකිරිගෙ අමන හැසිරීම මතක් වෙවකොට රිදවපු එකමයි හොද කියලා හිතුනා
"ඇයි මොකද උනේ..මම හිතුව ඔයා ප්‍රයිමිනිස්ටර් එක්ක එන්ජෝයි කරනවා කියලා"
"ඌ මහ වල් යකෙක් මට එපාඋනා"
"ඔයා ලගට යද්දිම මමකියුවනේ....එයා කොලුකාරයෙක් කියලා...අපරාදේ ඔයානම් හොද ඔපචුනිටි එකක් මිස් කරේ...මට පෙනුනේ මිනිහා ඔයාට කැමතී ....හොදට දත ගලවන්න තිබුනා....ඒවගේ චාන්ස් නිතර ලැබෙන්නේ නෑ...එයාගෙ හස්බන්ඩ්ට එයා ගොඩක් ආදරෙයිලු....ඒනිසා එයාව අල්ලගන්න බෑ ලේසියෙන් කාටවත්....ගොඩක් ලස්සන කොල්ලො කෙල්ලො ට්‍රයි කරනවා එයත් එක්ක ඇදට යන්න ඒත් නෝ චාන්ස්....ඒ අති සෙකන්ඩ් ජෙන්ටල්මන්ට් මාර වාසනාවන්තයි....මට එයා මුන ගැහුනොත් මම කවද හරි අහන්නේ කොහොමද එයා හොදම කොල්ලෙක් දෙලේ දාගත්තෙ කියලා....මිනිහට මායම් 64ක් නෙමෙයි 128ක් වත් ඇති"
මම වාසනාවන්තයි කියලද මිනිස්සු හිතන්නේ....අපි වාසනා අන්තයි කියලා හිතන මිනිස්සු කීදෙ එක් තමන් මහම මහ අබාසනාවන්තයෙක් කියලා හිතලා රහසේ අඩනවා ඇද්ද...මේ දැන් මම වගේ
ඒත් මම එක්ක හිටපු උබලා දන්නවා මම කිසිම දවසක කිසිම මයමක් පාවිච්චි කරලා නෑ කිසිම කොල්ලෙක් කෙල්ලෙක් අල්ලගන්න
මම පස්සෙන් ගිහින් දාගන්න ට්‍රයි කරානම් ට්‍රයි කරේ ඕලෙවල් කාලෙ සච්නිව විතරයි
ඊට පස්සේ මගේ ජීවිතේට ආපු ගිහිපු හැමෝම මගේ ආරාධනාවක් නැතුවයි මගේ ඇගේ පැටලුනේ
ඒනිසා මේ වෙලාවෙ මේ ගෑනි කියවගෙන යන ඒවා මට මහා ලැජ්ජාවක් වගේ දැනුනා
"සමහර විට සෙකන්ඩ් ජෙන්ට්ල්මන් ගෙ හොද කොලිටීස් ඇති...මිනිහත් ලස්ස්න නිසා ප්‍රයිමිනිස්ටර් කැමති වෙන්න ඇති"
"මෙයා බලන්නකෝ සෙකන්ඩ් ජෙන්ටල්මන්ගෙ යාලුවෙක් වගේ නේ එයාව සුද්ද කරන්න යන්නේ...ඒ මිනිහා ගමකින් ආපු ගොඩයෙක්ලු...අගමැතුව අල්ලගන්න ඇති ගොඩයන්න හිතගෙන"
"ප්ලීස් කියවන එක නවත්තගන්නවද...ඔයා මුලින් කියුවනේ නෝමල් ගැහැනියක් නෙමෙයි කියලා..ඒත් ඔයා කියවන්න හියාම නෝමල් ගෑනියෙක්ටත් අන්තයි"
"ඔයාට මගේ කට වහන්න ඕනි නම්...ටිකීලා ශොට්ස් 5ක් වත්. අගේ උගුරෙන්පහලට යවන්න වෙයි"
"මේ වෙලාවෙ මම බොන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නේ...බිවුව්ම මිනිස්සු හැගීම් බර වෙනවා...මට හැගීම් බර මිනිස්සු පේන්න බෑ"
සූකිරිට මම ගහපු පාර ටික්ල තදට වැදිලද කොහෙද එයා ප්‍රියාන්ජල්ගෙ ඇගේ එල්ලිලා විඅයිපී ඒරියා එකේ සෝෆා එකක වාඩි වෙනවා මට පෙනුනා...එයාගෙ මූනෙ අ මුතු දුකක් තිබුනා...සමහට විට අතට ආපු ගොදුර කට්ට දාගන්න බැරි උන නිසා වෙන්න ඇති
ප්‍රියන්ජල් එයාගෙ සපත්තුව ගලවලා ආදරෙන් වගේ කකුල අතගන හැටි
සූකිරි සෝෆා ඇන්දේ ඔලුව තියාගෙන ප්‍රියන්ජල්ගෙ අත්වල සුවය විදිනවද කොහෙද ඇසුත් පියාගෙන
ඕක මම කරන්න ඕනි දෙයක්...ඌ කරන්න කොහොමද ...ඒක් දිහා මම බලන් ඉන්නෙර් කොහොමද
"බට්ලර්...දානවා කොන්ක් ගකීලා ශොට් 10ක්..."
මිනිහා පොඩි පොඩි වීදුරුවල දාල ටකීලා බන්දේසියක් මේස උඩ තිබ්නා
මම හිතේ තිබුන ආවේගෙට දහයම බීගෙන බීගෙන ගියා
"හැගීම් බර මිනිසුන්ට අකමෙති කියපු මිනිහා කොහොමද එක පාරට වයින් උනේ" කෙල්ල මගේ රතුවෙන මූන දිහා බලන් අහනවා...ටකීලා ඇ ලෙක්සැන්ඩර් ඇතන්ස් වට කරාටත් වඩා වේගෙන් මගේ මොලේ වට කරලා පියවි සියට පහර පිට පහර එල්ල කරනවා
දන්නවද ලස්ස්න කෙල්ලේ උබේ ඔය ඔක්කොම හොදයි නැහැදිච්ච කට නැත්තන්...දෙවියන් වහන්සෙට තිබුනේ මූන මැද කටක් වෙනුවට...ඔය රෙද්ද අස්සේ තියෙන බිබික්කම මූන මැද්දෙන් මවන්න"
"ඔයා හරි ඉක්මනට කියවන්න ගත්තා...පලපුරුදු කාරයෙක් වගේ බීගෙන බීගෙන ගියාට ඔයා කෝඩු කාරයෙක් වගේ"
"තව ශොට් දහක් ගහන්න අයිය තියෙනවා...ඇයි පෙන්වන්නද?"
"එක්කො එපා ඒශක්තිය තියාගන්නවා...අපිට ඇද උඩදි වැදගත් වෙයි...නැත්තන් මට තමුසෙව විනාඩි ට්න් එපාවෙයි කිමනට ඔක්කොම ඉවර උනොත්"
"දනවද දෝරිහියෙක් මොනවගේද කියලා...නැතතන් බලපන් අර සෝෆා එක උඩ දිගා කරලා ඉන්නේ අමුම අමු ද්‍රෝහියෙක්...ඌ රට්ට ද්‍රෝහිඋනා උගේ අම්මට අප්පට ද්‍රෝහි උනා...දෙන් මිනිහටයි දරුවටයි ද්‍රෝහි වෙනවා"
"ඕඔ ඔයා ප්‍රහිමිනිස්ටර් දන්නේ නෑ කියුවට ගොඩක් දේවල් දන්නවා වගේ...හොද ටකීලා..ලොකු ඩෑම් වගේ හයියට පිරිමි හිත්වල තියෙන රහස් වේල්ලා හිල් කරවලා කට දිගේ එලියට වක්කරනවා...ඔයා මේ කියන රස කතා අහන්න මට තවත් ටකීලා ශොට් කීපයක් ඔයාට පොවන්න හිතෙනවා...ලස්ස්න කලු කුමාරයෝ"
ඒ කෙල්ලගෙ අතින් දීපු නිසා මම තව ටකීලා වීදුරු කීපයක් බිවුවා
ටකීලා නියමයි වහ බොනවා වගේ උගුරකට පුපුරුගස්සගෙන බඩටම ඇදිල ගිහින් බඩ ඇතුලෙ ගිනිගන්නෙ
කන්වලින් එන දුන් පිටවෙන සැරත් එක්ක පොපියන දිව් පියවෙන ඇස්
එහේ මෙහේ බැදිලා තියෙන දුක දියකරලා අරිනවා හරියට බැට්‍රි ඇසිට් වලට රෝද අස්සේ රැදිච්ච මලකඩ දියවෙනවා වගේ
කොහොමත් මම සිහියත් අව් සිහියත් අතර තැනක තමයි හිටියේ
මගේහිත ආයෙ ආයෙ මත් කියනවා සූකිරියා අද ගෙදර යන්න කලින් ප්‍රියන්ජල් ඇතුලු කොල්ලො කීපදෙ එක්ගෙන්ම වැඩේ කරන්ගෙදරයයි..ගිහින් මට අතේ පැලවෙන ගජබින්න දෙසාබායි
මුගේ ඇති ආදරේ ...ආදරේ නෙමෙයි සෙක්ස් වලට කෑදරේ
ඔච්ච්‍රයි තියෙන්නේ හිත ඇතුලේ
පස්සේ උන දේවල් ගැන මට ලොකු මතකයක් නෑ
අර කෙල්ල මාවත් සෝෆා එකක දිගාකරලා වගේ තියුවා
ඒකි සැරින් ඇරේ ඇවිත මගේ මූන කට පපුව අතගාලා යනවා ආයෙ නොපෙනියනවා
සුකිරිලා යන්න ඇති කොයිවෙල් කොහේ හියාද දන්නෙ නෑ කාත් එක්ක ගියාද කියලා දන්නෙත් නෑ
සූකිරිගියාට පස්සේ එතැන කලබලයක් උනා
එතැන හිටපු පෝසත් ගෑනු කීපදෙනෙක්ගෙම වටින මාල පර්ස් නැති වෙලා
මට ඒවා ගැන වදගක් නෑ මම සෝෆා එකේ සිහියයි අවසිහියයි අතර
මම ලගට කවුරු හරි ආවොත් මට කියාගන්න පුලුවන්...සොරි ඩෝන්ට් ඩිස්ටර්බ් ..වෙරි සීරියස් ටාස්ක් ගොයින්ග් හියර්
සිකියුරිටිලා මිනිස්සු චෙක් කරනවා
මම ලගටත් ආවා බලැන් මාවත් චෙක් කරා
මගේ කලිසම් සාක්කුවෙන් මාල 3ක් අහු උනා
කට්ටිය මට හොරා කියුවා
මම ලග හිටිය ගෑනිට උනදයක් නෑ
වටේ හිටපු අය ගහන්න යද්දි හොටෙල් සිකියුරිටy එකේ ලොක්කා මාව පරිස්සන් කරගෙන ගිහින් වාහනේක දාලා පොලීසියට ගෙනිච්චා
පොලීසියෙ අය මගෙන් එක එක ප්‍රශන කරා
මට මුකුත් පැහැදිලි නෑ
උන් කියන ඒවා මට කොහේද ඈතකින් කියනව වගේ
දෝන්කාර දීලා ඩබල් ඩබ්ල් ඇහෙනවා
පේන්නෙත් බොද වෙලා වගේ
මට හොදට බනින්න ඇති
මගේ ඔලුවට දාපු බොබ් ,ආලෙ බොරු කොන්ඩේ කොන්ඩෙන් අදිදි ගැල උනා...මූනෙ තිබුන මාස්ක් එක ගලවද්දී නාහෙට පෙග් කරපු සිලිකන් බොරු නාහෙ ගැල උනා
මාව අමු විකාරයක් වගේ ඇති තැන් තැන් වල කලු මේකප් එක දියවෙලා
මාව ගෙනිහින් කූඩුවට දැම්මා
මට කාටවත් කතා කරන්න ඕනිද?
මේක මට ලැජ්ජාවක් නේද?
සූකිරිට කියනවද?
දුවටයි අම්මටයි මූන දෙන්නෙ කොහොමද?
පත්තරවල මේ වා යයිද?
සූකිරිගෙ රියැක්ශන් එක මොනවගේ වෙයිද?
සීයක් ප්‍රශන ඔලුවට ආවේ රෑ නෙමෙයි

මම ගෙනත් දාපු කූඩුවෙම කොන්ඩ රැවුල් වවාගත්ත මුලු ඇගේම කුනු නාගත්ත අවුරුදු 75ක් 80 ක් වෙන කුනු නාකියෙක් හියියා...මිනිහා වයස නිසාම කුදුවෙලා ජරා ජීර්නවෙලා...මහ ජරස් යකෙක්...කාපු බුලත් වල කෙලපාරවල් මූන පුරා රැවුලෙ රැදිලා...පල්පුවක් දුන්කල නටු බුලත් පුවක් රොඩු එක්ක රැවුලේ රැදිලා රැවුලේ තැනින් තැන රතු දුබුරු පාට බුලත් කහට
ඒ මදිවට ඒ මිනිහා මැශිමක් වගේ පඩිනවා සැරින් සැරේට
මහා හයියෙන් ගොරොද්දේ ඇදලා ඉන්නතැනම කෙල ගහනවා
අතයි කකුලයිත් කුනුම කුනු රෙදි පටිවලින් වෙලලා
"ඉ ලන්දාරියා මොකද මේ පැත්තේ" මම කතකරේ නෑ මිනිහ්ගෙන් පුලුවන් තරම් ඈතට වෙලා වෙරි මතේ බිම වාඩි.වෙලා බිත්තියට පිට තියගෙන මකුනු දැල් බැදුනු රිමාන්කූඩුවෙකම්බි කූරු අතරින් පේන වහල දිහා බලන් හිටියා.

"මොකෝ ඔයතරම් බීලා...කෙල්ල වෙන එකෙක් එක්ක පැනලා ගියාද?...නැත්තන් ගෑනි ඔහේව එලියට ඇදලා දැම්මාද?..ගෑනියෙක් නිසානම් බිවුවේ කොල්ලා මහ මෝඩයෙක්....හහ හහ හහ....ට්‍රම්පට් එකක් ගහනවා වගේ සද්දෙන් ලොකූ පඩයකුත් යැවුවා."

"කෙල්ලෙක් නිසා නෙමෙයි බිවුවේ කොල්ලා පිටයන නිසා...කටයි පුකයි දෙකම වහගෙන නිදාගන්නවා""

මම එක දිගාට් ප්‍රශ්න අහන එක වදයක් නිසා හයියෙන් කෑගහලා කිවුවා

මට වෙරිමත බැහැගෙන එන නිසා ඉන්න තැන කතාකරන දේවල් ගැන දැනෙන්න තේරෙන්න ගත්තා....හෝටලේ දි වගේ මම මල මිනීයක් වගේම හිටියේ නෑ...මට මේ ගද බෝම්බ සද්දෙට ගහන නාකියා අප්පිරියයි

"උබ අපබ්‍රන්ශ කතාවක් කියලා...මට කට වහන් ඉන්න කියන්න බෑ....මට උබ කියපු හරුපේ තේරුනේ නෑ...නාකි වයසට කුතුහලේ වහ වගේ...නිකම්ම හදවත නවතිනවා....මොකෝ උබ කොල්ලෙක් නිසා බිවුවේ..උබේ යාලුවා පොල්ලක් තිබ්බද?...ණය දීමෙන් යාලුවාද මුදලද දෙකමද ..සමහරවිට ගෑනිද නැතිවිය හැක"

"ඔවූ මේක පූරුවෙ ආත්මෙක උන ලොකු ණයක් ගෙවාගන්න බැරුව දගලනවා"

"" උබ ...මම පින් කැටේ කඩාපු පන්සලේ ලොකු හාමුදුරුවො වගේ කතාකරන්න එපා..සිවුරක් ඇගේ එල්ලගෙන හිටියට මිනිහා මහ ලෝබ කුනා...නාකි ලමිස්සියන්ට දිව්‍ය ලෝකෙයි අපායයි පෙන්න පෙන්න සල්ලි ගරනවා""

"මොකද ඔහෙට කවුරුත් නැද්ද....වයසක කාලෙ බලා ගන්න?"

"බලාගන්න...මොනව බලාගන්නද නාකි මගේ....කොහොමෞනත් කොල්ලො උබයි මමයි දෙන්නම එක වගේ උබත් මහපාරේ මමත් මහපාරේ...මම කෙලෙක් නිසා මහමගට වැටුනා...උබ කොල්ලෙක් නිසා මහමගට වැටුනා...කෙල්ලොද කොල්ලොද කියල බේදයක් නෑ...ආදරේ මල විකාරයක්...මිනිස්සු පිස්සො කරලා මහපාරට ඇදලා දානවා
මම නාකි හිගන්නෙක්...ඒත් මම හිගමට අලුත්...වෘතියක් විදියට ඉස්සර ඉදලා හිගාකාලා පුරුද්දක් නෑ...හිගාකන එකත් කලාවක් ඒක පුරුදුවෙන්න කල් යනවා...ඒකෙ තියෙන ප්‍රදානම දේ පොඩි වෙලාවක් ඇතුලත මිනිස්සුන්ගේ හිතේ අනුකම්පාවයි දුකයි ඇතිකරලා...පොකට් එකේ තියෙන සල්ලි එලිඅයට අදින්න පොල්බවන්න ඕනි....ඒක ලේසි නෑ...කියන දේ හිතට වදින්න කියන්න ඕනි...ලොකු ෆ්හුක හිතෙන කතාවක් වචන දෙක තුනකින්...අනෙක ඇගේ පතේ කෑල්ලක් දෙකක් අඩුනම් වැඩේ ලේසී...එහෙම නොබෙනවනම් අතක් පයක් කැඩිලා කොන්ද ඇදවෙලා පිලිකාවක් හැදිලා ඇස් පේන්නේ නෑ...වගේ දෙයක් තිය්‍රනවට වඩා ලොකු කරලා පෙන්වන්න ඕනේ...රගපානවා වගේම තමයි කට හඩ...මූනේ වේදනාව දුක...බැගෑපත් වීම පින් සෙන්ඩු වීම වගේ,ම පින්දීමත් හරියට කරන්න එපැයි...බස් එහෙක ඉස්සරහ ශීට් එකේ දෙතුන් දෙනෙක් අන්දවා ගන්නවා කියන්නේ වැඩේ ගොඩ...මිනිස්සු ආසයි අනුකරනය කරන්න...මුල ටික දෙනවනම් ..ඉතිරි උනුත් පෝලිමේ දෙනවා....මුල ටිඅක නුදුන්නොත් පිටිපස්සෙ දෙන්න ඉන්න උන්වත් දෙන්නෙ නෑ....වෙලාවකට හිතෙනවා සල්ලි කීයක් හරි ෆ්හීලා ඉස්සරහා ශීට් වල උන්ට කියන්න අනික් අයට ඔඒන්න සල්ලි දෙන්න කියලා....එහෙම කරන්න ඔඋලුවන්නම් ඒකත් හොද ආයෝජනයක් තමයි...කෝච්චි පෙට්ටියක එහෙම...ඒත් මට ඒ වගේ රග පෑම් බෑ...ඒ නිසා මට පාන්කාලක් ගන්න විතරයි සල්ලි ලැබුනේ....ඒත් අරක්කු කාලක් නොගහ පාරෙ අයිනෙ නිදියන්න බෑ බල්ලෙක්ට වත්...අරක්කු කාල ගන්න පින් කැටේ කැඩුවා....නොදකින් ලෝභ ගනයා...ඒකට එලාම් එකක් හයි කරලා...කැටේ අස්සට අත දැම්ම විතරයි මහ සයිරන්සර් සද්දය්ක් ඇහුනා...පාරෙ උන් මම ඔඇනගන්න කලින් අල්ලගත්තා.""
මේ මිනිහා...මම හිතපු තරම්ම මෝඩයෙක් නෙමෙයි වගේ...යමක් කමක් දන්න හිතලා කතාකරන මිනිහෙක් ඒ නිසා මම පොර එක්ක ටිකක් සාමදානෙන් කතා කරන්න ගත්තා...මගේ හිතේ ට්ජියෙන දුක යන්නත් එක්ක

"සීයා ආදරේ නිසා ගොඩක් විදවලා තියෙනව වගේ "

"නැතුව ...මගේ ඉහේ කෙස් ටික සුදු උනේ ...කෙහෙල්මල් ආදරේ හින්දමයි...මගේ ගෑනි ගිනි බෝමබයක්...ඒකිට කොයිවෙලෙත් මාව සැකයි.....බැදලා අවුරුදු 40ක් ගිහොලත් මට තේරෙන්නේ නෑ ..ඒ ගෑනි මන හත්තිලවුවක් මගෙන් බලා පොරොත්තුවෙනවද කියලා...ඒකිට මගේ ආදරේ ඔප්පු කරන්න කොහොමද කියලා මම දස අතේ කල්පනා කරනවා...මගෙර් පපු කැවුතු එලියට අරන් පෙන්නවා ඒවායේ කොහේ හරි ආදරේ ලියවිලා තියෙනවනම්.....ගොඩක් කල් ඉවසුවා....හහහහ...අවුරුදු 40ක් ඉවසනවා කියන්නේ ලේසි දෙයක්ද?....අපේ පුතා බැන්දා...ඌට දරුවෙක් ඉන්නවා...ගෑනි දරුවා බලනවා....දැන් මට මගේ නිදහස හොයාගන්න පුලුවන් නිසා මම ආවා...උන මාව හෙවුවද නැද්ද දනෙනෙ නෑ...සමහරවිට හොයන්න නැතුව ඇති....ඒකත් මට කමක් නෑ...මම මාස 5ක් තිස්සෙ පාරේ ඇවිදිනවා...ඒක හිතට නිදහසක්...ආදරෙයි කිය කිය සැක කරන එක හරියට...වස පොව පොව වමනේ කරනවනවා වගේ වැඩක්...වෙර්දනාවෙ ඉවරෙකුත් නෑ ...මැරිලා යන්න දෙන්නෙත් නෑ....මම ඒ ගෑනිට වැදලා කියුවා අඩල කියුවා...ඔලුවෙන් හිටගෙනත් කියුවා....ඒගෑනි ඔලුවෙන් මවාගත්ත මනස් ගාත ගැන හිතලා හිතලා මාත් එක්ක රන්ඩුම වෙනවා ...දැන් මම නැති උනාම ඒ ගෑනි නිදහසේ ඇති...සැක කර කර වැලලෙන්න දෙයක් නෑ නෙ"

"හරි පුදුම සීයගෙ කතාව ....මගේ කතාවෙ අනික් පැත්ත...සීය ආදරේ කරන කෙනා සීයව සැක කරන නිසා දුක් වෙනවා ...මම මගේ කොල්ලා ගැන මට සැක නිසා දුක් විදිනවා...අන්තිමේ සැක කරනකෙනයි...සැකේට අහුවෙන කෙනයි දෙන්නම දුක්බිදිනවා.....මම මෙතැනින් එලියට ගියාම සීයගෙ නෝනව හම්බෙන්න යන්නද?...ගිහින් කියන්නද කොයිතරම් සීයා එයාට ආදරේද කියලා"

"එපා ඕනෙ නෑ පුතේ ...ඒ ගෑනි ගොඩක් වයසයි දැන් මොලේ මලකඩ බැදිලා...පුතා නෙමෙයි ඔයගෑනිගෙ මහ එවුන් වලෙන් නැගිගලා ආවත් ඔය ගෑනි සැක කරන එක නැවත්තන්නේ නෑ...ඒක තමයි ඒ ගෑනිගෙ ජීවන වෘතිය...සැක කිරිල්ල නැවතුන දාට කරන්න දෙයක් නැතුව ඕකිගෙ පනයයි...ඒ ගෑනි දැන් සැක කිරිල්ලට ඇබ්බැහිවෙලා"

"අනේ මන්දා සීයේ...සීයා කියද්දි මටත් බය හිතෙනවා...සීයගෙ නෝන වගේ මමත් සැක කර කර ජීවිත කාලෙම විදවයිද කියලා "

"ඉතින් පුතෙ උබ සැක නොකර ඉදපන්කෝ...ඕකටබෙහෙත උබ ලගමනේ තිගෙන්නේ"

"සීයාවගේ නෙමෙයිනෙ මගේ කොල්ලා...ඌ හැම වෙලේම හැසිරෙන්නේ මට සැක හිතෙන විදියටමයි...එක අතකින් ගොඩක් ලස්සන සල්ලි තියෙන බලේ තියෙන එකෙක් කරේ එල්ල ගත්තට මට හොද වැඩේ...ඒ වගේ උන්ට රට වටෙන්ම ඉ ල්ලුම පරිස්සම් කරගන්න බෑ සීයේ"

"ඒවා ඔක්කොම ඔහේ තිබ්බ දෙන් ..ඒ කොල්ලා උබට අවන්කනම් එච්චරයිනේ...උබට ආදරේනම් අනික් ඒවා ගැන හිතන්න එපා...ඌ ලස්සන උන එකට ඌ මොනවා කරන්නද?...උබ හරියට කියලා බලපන්...සමහරවිට සල්ලී බලයයි අත ඇරලා ඒකා උබලගට ඒවී....මම අපේ ගෑනි කියුවනම් මම ලස්ස්න වැඩි නිසයි මාව සැක කරන්නේ කියලා...මම ඇසිඩ් ඩින්ගක් මූනේ ගාගෙන විරූපී වෙනවා...එතකොට ගෑනිට සක කරන්න දෙයක් නෑනේ"

"අපෝ සීයේ ඒකනම් මහ බයනක කතාවක්...මම නම් මගේ කොල්ලට කවදාවත් එහෙම කරගන්න දෙන්නේ නෑ...එයා ලස්ස්න නිසානේ මම මේතරම් ආදරේ"

"හජජජජජහ...හ්හාජ්..ඔය පැන්නෙ බලල මල්ලෙන් එලියට....උබත් ආදරේ ආදරේ කිය කියා කරනේ...බොරුවක්නේ...ඕක නිකන් රූපෙට තියෙන ආකර්ශනේ විතරයි ...ආදරයක් කොහෙන්ද ඔතන"

"නෑ සීයේ එහෙම කියන්න එපා...එයාට එක පාරක් වෙඩි වැදිලා එයා ගොඩක් විරූපී උනා...ඒත් එදා තනයි මට එයාගැන ගොඩක්ම ආදරේ හිතුනේ...එයා කොයිතරම් විරූපී අබ්බගාතයෙක් වෙලා හිටියත් මම එයාව කර උඩ තියන් බලාගන්නවා ...එයා නිසා මම කීප සැරක්ම මැරෙන්න ගියා...ඒවා ඔක්කොම එයා දනවා ..ඒත් එයා හදිස්සියෙම වෙනස් උනේ මොකද මන්දා "

"සමහර විට එයා වෙනස් වෙලා නැතුව ඇති....උබ එයා ගැන හිතන විදිය විතරක් වෙනස් වෙලා ඇති...හීන් සීරුවේ දෙන්න එක්ක එකතුවෙලා කල්පනා කරමා දෙන්නටම ඒක තේරෙයි.....ම්ම්ම් දැන් කතා කරා ඇති...නාකි මට නිදිමරන්න බෑ ගොඩක්...මේ පොලොව හීතලයි...වරෙන් උබත් මේ රෙදි කඩමාල්ල පෙරවගන්න...හීතලේ මේ බිම නින්දයන්නේ නෑ"

මම මුලු රෑම පන්සලක පිකැටයක් කඩපු ගදගහන නාකි හිගන්නෙක් බදාගෙන නිදාගත්තා
එකම රිමාන්ඩ් කූඩුවේ

යාන්තමට ඇහැ ඇරුනේ ලොකු ඔලුවෙ කැක්කුමක් එක්ක
රිමාන්ඩ් කූඩුවවටේ බැලුවෙ මම එක්ක නිදාගත්ත සීයව
සීයා නෑ...රෑම වෙන කූඩුවකට මාරුකරාද දන්නේ නෑ
මට ආයෙමත් ලොකු පාලුවක් එක්ක මූසිල හැගීමක්
මම වෙනුවෙන් කවුරුත් නැති අනාතයෙක් වගේ දැනුනා
කෑගහලා අඩන්න තරම්
මම කිසි දෙයක් හොරකම් කරේ නෑ කියලා පොලීසියට් කියන්න ඕනි උනත් ඒ ගොල්ලො මම කියන දෙයක් පිලිගනීද?
මම ලග හොරකන් කරපු බඩු තිබිලා මගේ කලිසම අස්සෙනෙයි ජැකට් එකේ සාක්කු ආසෙනුයි එලියට ගත්ත හැටි මතක් වෙනවා
අගමැති ආධිපාද රන්මාලා කොල්ලකයි....සෙකන්ඩ් ජෙන්ටල්මන් අලි හොරෙක්
ඔය වගේ සිරස්තල පත්තරවල යන්න ගත්තොත්
වහකන එක මීට හොදයි
මගේ යාලුවො එකෙක්වත් නෑ හදිස්සියකට උදවුවක් ඉ ල්ලගන්න පුලුවන් තැනක
වෙනදා නම් සූකිරිට එක කෝල් එක්ක් දීපු ගමන් මාව හොයාගෙන එයි
මොනව්ද උනේ කියලා අහන්නේවය්හ් නැතුව මාව බේරගෙන ගිහින් ඒක දැන් අපි අමතක ක්‍රමු ඔයා බීලා නේ හිටියෙ කියයි
ඒත් දැන් එයා මට ගොඩක් ඈතයි
මගේ කෙනෙක් නෙමෙයි වගේ
සමහරවිට එයා තාම ගෙදර නොගිහින් ප්‍රියන්ජල් වත් තුරුලුකරගෙන කොහේ හරි හෝටලයක නිදි ඇති
පට්ටම පට්ට තනිකමක් දැනුනා
මම ඔලුව රිමාන්ඩ් කූඩුවේ බිත්තියට තදකරගෙන ඇඩුවා
මට දූවත් අරගෙන සූකිරිට නොපෙනෙන තැනකට යන්න ඕනි උනා
"ඕයි විනෝද් ...මොනවඩ්න අයිසේ මේ කරගන්න විකාර වැඩ"
හොදට කටහඩ අහලා පුරුදුයි
මම ඔය් කට හඩින් ඇති වෙන්න බැනුම් අහලා ඇති ඉස්සර
පොඩ්ඩක්වත් මතක නැතුව හිටපු කෙනෙක් මගේ පිහිටට ඇවිත්
එකපරක් මම් වහබීලා මැරෙන්න ගිය සැරේ වගේම
"ගිහාන් අයියා"
රිමන්ඩ් කූඩුවෙ යකඩ පොලු අස්සෙන් අතදාලා ගිහන් අයියගෙ අත අල්ල ගත්තා
"තෑන්ක්ස් උපාලි...මේ මගේ යාලුවා තමයි"
"සීමාවක් නැතුව බීලා දාගන්න ලෙඩනේ" දකුනු ඉන්දියාවේ නලවෙක් වගේ උඩු රැවුල කර කව කව ඕඅයිසී කතාකරනවා
ඌ හොදට් දැකලා පුරුදුයි කවුරු වගේද?
දනුශ්ක් වගේ ඔවු අර කෙට්ටු නලුවා ඌවගේමයි
"ම්ට මෙයාව අරගෙන යන්න පුලුවන්ද මචන්"
"ඔවූ දෙන් ප්‍රශනයක් නෑ සී සී ටීවී වලඉන් අපි නියම හොරා අල්ල ගත්තා....ඒ කෙල්ල මෙහෙම උත්සව වලට ගිහින් හොරකන් කරන කෙල්ලෙක්....ඔයාගෙ යාලුවටත් කෙල්ලෙක් දැක්කම සිහිය නැති වෙනව වගේ නේ"
අප්ප්ට හුඩු අර කලු ගවුම ඇදපු කෙල්ල හෙරක්ද?
ඒකි මට මුවා වෙලා පටියෙ හිටපු ගැනුන්ගෙ රත්තරන් බඩු වටයි පිරිමින්ගෙ වොලට්වලටයි සුද්දෙ දෙන කෙනෙක්ද
"අර ඉන්නේ ලේඩිස් රිමාන්ඩ් එකේ මෙයාගෙ යාලුවා...හොටෙල් එකෙන් පැනලා යන්න හද්දි අපි අල්ලා ගත්තේ....අපේ ඩබ්ලිවු පීසී ලගෙ කම්මුල් පාරවල් පිරිමින්ගෙ ගුස්තිවලට වඩා සැරයි....ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් ඇත්ත වමරනවා එයින් පාරක් කෑවොත් "
මම රිමාන්ඩ් එකේ පොලු අතරින් එයාට වෙන්න තිබුන ලේඩීස් රිමාන්ඩ් එක බැලුවා...ඒකේ සිමෙන්ති බන්කුවක් උඩ ජර උන ඇදුම් ඇදගෙන පටියේ හිටපු කෙල්ල කකුල් දෙක අස්සෙ ඔලුව ගහගෙන ඉන්නවා
කට හැකර ගෑනිගෙ ඔක්කොම හුලන් බැහැල වගේ
"කෙලගෙ මරු ප්ලෑන් තිබිලා තියෙන්නේ..මෙයාට හොදලා පොවලා සිහිනැති කරලා සොෆා එකේ පතබාවලා ට්නියෙනවා.....පසෙ මෙයාට සිහිය නැති නිසා .හොරකන් කරපුවා මෙයාගෙ ඇදුම් අස්සේ හන්ගන්න...පුලුවන් තරම් හොරකන් කරලා මෙයාගෙ ඇදුම් අස්සේ හන්ගලා...ඉවර උනාම මෙයාට බීලා වැඩිවෙලා කියලා හෝටලේ සේවකයන්ට කියලම මෙයාව පහලට උස්සගෙන ගිහින් ...අර කෙල්ල එයාගෙ වාහනේදි මෙයාගෙ ඇදුම් අස්සේ තියෙන රත්තරන් බඩු අරගෙන මෙයාව කොහේ හරි පාරක දාලා යන්න....ඒක හොද ප්ලෑන් එකක්...හරියට මෙයාව පහලට ගෙන්න ගත්තොත් ආබරන ඔක්කොම මෙයාට....වැරදිලා හරි අහු උනොත් මෙයා හිරේ ගානට ගෑනි මාරුවෙලා යනවා...."
"කොහොමද මචන් හොරා විනෝද් මල්ලි නෙමෙයි කියලා දැනගත්තේ "
"මෙයා බීලා සිහි නැතුව හිටිය විදියට අපිට තේරුනා මෙයාට තනියෙම මෙහෙම හොරකමක් කරන්න බෑ කවුරු හරි ඉනවා ඇති කියලා...සමාන්‍යන් ඒ හෝටලේ රෑම් ඇතුලට සී සී ටීවී හයි කරන්නෙ නෑ...ඒත් ඔය උත්සවේට අගමැති තුමත් ඇවිලා වැඩි ආරක්ශාවට තමයි කැමරා හයිකරලා තියෙන්නේ....ඒවයෙ අර කෙල්ල හොරකන් කරනවා තියෙනවා....මෙයා හරිනම් ප්‍රයි මිනිස්ටර් රෙස්පෙක්ට් කරන්න ඕනි එයත් ඔය ඉවෙන්ට් එකට ආව නිසයි ඔයා ට මේ චෝදනාවලින් බේරෙන්න සහතික ලැබුනේ"
අනේ මේ ප්‍රයි මිනිටර්ගෙ රෙස්පෙක්ට් එක මම කියන්නෙ නෑ ...මට එහෙම කියන්න ඕනි උනත් මම නොකියා දත් මිටි කාගෙන හිටියා
"අපිටවැඩක් නෑ කගෙවත් පෞද්ගලික ජීවිත ඒත් මට මතකයි මෙයා උබත් එක්ක කාලයක් එකට හිටියා ඒකයි මම උබට කතාකරලා කියුවේ....අපි අර උදේශ්ගෙ වයිෆ් ගෙ මලගෙදරදි මෙයාව මුන ගැහුනනේ....ඊයෙ රෑ මෙතනට ගේන කොට මෙයාව මට අදුනගන්න බැරි උනා මූනෙම ,අඩ වගේ පාටක් ගලානේ හිටියේ...බලැන්ම මූන හේදුවාම පෙනුනේ ටිකක් විතර අදුනන මූනක්...මතක් කරනකොට කල්පනා උනා උබ එක්ක උදේශ්ගෙ බබා වඩාගෙන එයාගෙ වයිෆ්ගෙ ෆියුනරල් එකේ මෙයා හිටියා"
"ඒයි ඒයී ...පරිස්සමෙන් කතාඅ කරපන් මේ ඉන්නේ මේ රටේ සෙකන්ඩ් ජෙන්ට්ල් මන්ට් ...අපේ අගමැතිගෙ හස්බන්ඩ්"
"අඩේ ඒක මට පොඩ්ඩක්වත් මතක් උනේ නෑ නේ...අයියෝ...සර් සොරි සොරි අපෙන් මොනව හරි නරක විඩ්ගියෙ දෙයක් උනානම් එන්න එන්න එලියට සර්"
"සර් අපි සර්ව ඊයෙ එක්කගෙන ආවේ හොරකමට සැකපිට නෙමෙයි...අපි හොටෙල් එකෙන් එනකොටම නියම වැරදි කාරී හොයාගත්තා...ඒත් හෝටලෙන් කියුවෙ අරන් යන්න අධිකලෙස බීමතින් එයාලගෙ වැඩ වලට භාදාකරනවා කියලා...ඒවගේම එතැන ඉන්න අය සර් හොරා කියලා සර්ට කරදරයක් කරයි කියලා අපිට බය හිතුනා"
මේ මිනිහා ගිරවා වගේ කියාගෙන කියාගෙන යනවා...මට වදින්න පුලුවන් හැම පැත්තටම වදිනවා
"හරි හරි මහත්තයා...ඔයා කල හැමදේටම ස්තූතී පුලුවන්නම් මේ පිලිබදව කාටවත් ආරන්චිවෙන්න දෙන්න එපා...අඩුම ගානේ මගේ හස්බන්ගෙ සිකියුරිටි එකට ඉන්න ඔෆිසර්ලටවත්....ඇත්තටම මම ඊයෙ එතැනට ගියේ මගේ හස්බන්ඩ්ව පුදිම කරවන්න...ඒත් මම නොහිතපු විදියට මට වෙරි වැඩි උනා ඒකයි ඔක්කොම වැරදුනේ "

"හහහ..හහ...කොයි තරම් ලස්ස්න ආදරකතාවක්ද?....අපරාදෙ සර්ප්‍රයිස් එක දෙන්න බැරි උනේ....කමක් නෑ වැඩදිලා ගිය වැඩක්නේ ...මම කාටවත් කියන්නෙ නෑ සර්...බය වෙන්න එපා...."

"මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද ?"

"කියානන් සර් ඕනෙ උදවුවක්"

"අර මාත් එක්ක හිටපු වයසක මනුස්සයා...එයා කොහෙද?...අපි එයාව එයාගෙ ගෙදරට බාර දෙන්න ඕනි..පාරේ හිගා කෑවට ඒ සීයා හොද පවුලක මනුසයෙක්"

"ආඅ...සර් කලබල වෙන්න එපා...ඒ මනුසායගෙ පුතයි නෝනයි ඊයේ මහ රෑම ඇවිත් ඒ මනුසයව අරගෙන ගියා...පුදුමේ කියන්නේ මිනිහා යන්න බෑ හිරේම ඉන්න ඕනි කියුවනේ...පස්සේ ඒ වයසක නෝනා...මගේ ඉස්සරහා පොරොන්දුවෙලා ගියේ ආයෙ වයසක මිනිහව සැක කරන්නේ නෑ කියලා...නාකි මනමාල විසේ..කිට පස්සේ ජෝඩුවට මාව මතකත් නෑ...පුතා මතකත් නෑ...දාසයෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි වගේ අත් අල්ලගෙන යන්න ගියා ..හහහාහ"

ඒක එහම උන එක හොදයි මොනව උනත් හොදට ආදරේ කරන ජෝඩුවක් ඒකෙන් මගේ හිතට පොඩි සතුටක් දැනුනා

"බූරුවා...පිස්සුද බන් උබට...අරවගේ වෙස්වලගෙන ගිහින් බීලා චාටර් වෙන්න...මට බොරු කරන්න එපා පුතෝ උබ සර්ප්‍රයිස් එකකට නෙමෙයි ගියේ....කියනවා මොනව හරි ප්‍රශනයක් තියෙනවද ඔය දෙන්නා අතරෙ"

ගිහාන් අයියා ඉස්සර වගේම මට බනිනවා කාර් එකේ එනගමන්
එයා මගේ ලොකු අයියා වගේ නේ ...ඒ නිසා මොනව කියුවත් තරහ එන්නේ නෑ...ඔහේ ඔලුව පහත් කරන් කිටියා
"කතා කරනව ඉතින් මොකද උගුඩුවා වගේ බලන් ඉන්නේ" වාහනේ ලොකු වන්ගුවක් එක අතින් ගන්න ගමන් මට ලොකු ටොක්කක් ඇන්නනා
"අයියේ....මට කවුරුත් නෑ බන් මේවා කියන්න...මගේ ඔවුල කැඩෙලා යනවා ...මගේ ඇස් ඉස්සරහා මගේ හීන ලෝකෙ පුපුරනවා...මට කරගන්න දෙයක් නෑ...මම මහ අවාසනාවන්තයෙක් අයියේ" මම මෙච්චර වෙලා හිතේ කැකෑරි කැකෑරි තිබුන දුක පුපුරලා යන්න දුන්නා
උදේශ් අයියා පැත්තකින් වහනේ නවත්තලා මාව තුරුලු කරගත්තා
මගේ ඇගේ තිබුන මඩ පාට මේකප් එයාගෙ නිල් පාට ශර්ට් එකේ ගෑවුනා
"හරි දැන් අඩන්න එපා මගේ මල්ලි නේ....මේ වෙලා වෙ දූ නෑ...උදේශ් ඉන්නවා ගෙදර ...එහේ යමු...වොශ් එකක් දලා ...මොකද උනේ කියන්න කෝ...අපි බලමු අපිට මොකක්ද කරන්න පුලුවන් කියලා....කෝ දැන් නාඩ ඉන්න...මම හිතනෙ නෑ ලොකු දෙයක් වෙලා ඇති කියලා...උබ කලබල වෙනවා වැඩී...ඒකයි හැම ප්‍රශෙනම අවුල් වෙන්නේ...බොරුව්ට පොඩි දේවල් ලොකු කරගෙන යකා නටනවනේ...සූකිරි එහෙම නරක එකෙක් නෙමෙයිනේ...මම කතාකරන්නම් එයා එක්ක ...හෙමින් සැරේ කියන්න කො ප්‍රශෙනේ"
උදේශ් අයියගෙ වචන මට පොඩි සැනසිල්ලක් ගෙනාවා
මගෙන් කිසිම දෙයක්...අඩුම ගානේ බෝල්ට් වගේ ආදරේව්ත් බලා පොරොත්තු නොවී මම වෙනුවෙන් ගොඩක් දේවල් කරපු මනුස්සයෙක්...ඒ අතින් මට සතුටුයි අමාරුවෙ වැටෙන හැමවෙලේම කවුරු හරි ඉන්නවනේ උදවු වෙන්න
මම යන්න ආසම තැනක් ගිහාන් අයියගෙ ගෙදර
පවුලක ජීවත් වෙන්න කියාපු තැනක්
සූරියගහ මදිරේ තරම්වත් සූකිරිගෙ බන්ගලාවෙ දහයෙන් එකකවත් ලොකු නෑ
ඒත් කියාගන්න බැරි මොකද්ද සිරියාවක් තියෙනවා
මුලින්ම මම මෙතැනට ආවේ උදේශ් අයිය ගෙ වයිෆ් මැරෙන්න ටිකලකලලට කලින්
ඒ කාලේ මේක ගරා වැටුන මහා අබලන් තැනක්
ඒත් දැන් ඒක දිව්‍යලෝකයක් වගේ
ගිහාන් අයියා අතතියන ඕනෙ දෙයක් රත්තරන් වෙනවා
ඒ හිතහොද මිනිස්සුන්ට දෙවියො සලකන නිස වෙන්න ඇති
"අපෝ මෙන්න අපිව මතක් වෙලා එක්කෙනෙක්ට....එන්න එන්න ලොකු ලොකු මිනිස්සුන්ට අපේ දුපත් පැල හරියයිද මන්දා"
උදේශ් අයියා වෙනද වගේම උනුසුම් විදියට අපිව පිලිගත්තා
"ඕඕ...බොලේ...මොකද්ද ගිහා...ඔයා මේ පොඩි එකාව චොකලට් සිරප් එකකවත් ඩිප් කල්ලද ගෙනාවේ...මේ ඇග පුරාම මොනවද?"
"උදේ....මේ මලයට වොශ් එකක් දාන්න පෙනවන්නකෝ...මම අදින්න සරමකුයි ශර්ට් එකකුයි බලන්නම්
ඒ දෙන්නා මගේ ලොකු අයියාලා දෙන්නා ගේ මට කොප්පිත් හදලා දීලා මාත් එක්ක කතාකර කර හිටියා
"මල්ලි ඔයාට කතා කරන්න ඕනි කියුවනේ...ඔයා තනියෙම කතාකරන්න ඕනිද නැත්තන් උදේශ් හිටියට කමක් නැද්ද?"
"කොහොමත් බැදපු මිනිහෙක් එක්ක තනියෙම කතාකරනවට වඩා දෙන්නක එකට ඉදලා කතා කරන එක හොදයි"
"මේ මේ ඔයාලට මොනව හරි කතාකරන්න තියේනම් කතාකරගන්න...මම උදේට කෑම හදන්නම්...මම මේ ඉදි ආපාන් හදන්න පිටි අන අන හිටියේ"
එහෙනම් අපි යමු කිචන් එකට...ඉදිආප්ප හදන ගමන් කතාකරමු""මම කියුවා
ගිහාන් අයියා ඉදියප්ප මිරිකනවා උදේශ් අයියා තම්බනවා...වට්ටි වලින් ගලවනවා
ඒ දෙන්න මගේ කතාව අහගෙන වැඩ් කරා...මම ඉකිගගහන වෙලාවට දෙන්නම වැඩ නවත්තලා මගේ ඇගට හේත්තුවෙලා හිටියා
"ඇත්ත්ටම මල්ලියා මටනම් උබේ කතාව ඇහුවම ලොකු ප්‍රශනයක් පේන්නේ නෑ...ඕක උබලා දෙන්නගෙ තේරු,ම් ගැනීම පිලිබද ප්‍රශනය්ක් ...ටිකක් හෙමින් කල්පන කරලා කතාබහ කරොත් ඕක විසදිලා යයි"
උදේශ් අයියා අන්තිමට එයගෙ විනිශ්චය දුන්නා
මටනම් ඒකට තරහ ගිය...ඌ මගේ යාලුව විදියට අතරමැද තැනක නොසිට සූකිරිට් බැන්නනම්. මගේ හිත හැදෙනවා
ඕනෙ කෙනෙක් දුක කියලා බ්ළාපොරොත්තු වෙන්නේ තුන්වෙනි පාර්ශවය තමන්ගෙ පැත්තගනී කියලනේද
"මල්ලි ඔයාලා තරුණ උගත් අය අපි වගේ නෙමෙයි මේවා පිලිගන්න එකක් නම් නෑ....එත් නරකද කේන්දර බැලෙවුවොත්....සමහර කාල වලට මිතුරුවෙලා ඉන්න ග්‍රහයෝ නීච වෙනවා...ඒ කාලවලට කිරි පැනිවගේ ඉන්න පවිල් කැඩිලා ඉහිරිලා යනවා...මේ කේනදර බලන අය් හරියට කොල්ලො දෙන්නෙක්ගෙ පොරොන්දන් ගලපන්න් දන්නේ නෑනෙ...ගේ මැරේජස් හොරොස්කෝප් බලන්නේ නැතුව වෙන නිසා...අපි පුලුවන් වෙලවට කේන්දර බලවලා වතාවත් කරන්න ඕනි ""
මටනම් ඒක මහ විකාරයක් වගේ ඒහෙම දේවල් හොදයි උදේශ් අයියා වගේ සාම්ප්‍රදායික අයටනම්
මම තම්බපු ඉදියප්පමක් නිකම්ම කටට දගහ්ත්තෙ මම ඒ ගැන ලොකු උනන්දුවක් නැතිබව ඔඑන්වන්න
"ඔයාට කියන්නම් මල්ලි...අපි දෙනගේ කේන්දර ගැන....මමයි අක්කයි බැන්දෙ කේන්දර බලන්නෙ නැතුව ....මොකද මගේ කේන්දරේ ඉස්සර ඉදලාම කියලා තිබුනා විෂ්ධ චක්‍ර දෝශයක් තියෙනවා කියලා තිබුනා...ඒවගේ අය බදින්නෙ නැතුව මහන කරන්න කියලයි තියෙන්නේ...මොකද එයාලට කසාදජීවිතයක් ගතකරන්න බෑ....ඒ කේන්දරෙන් බදින කෙනාට මාරක අපල ගේනවලු...අපි බැදපු දවසෙ ඉදලම ප්‍රශන් එක පිට එක ආවා....මගේ වයිෆ් සුරන්ගනාවියක් වගේ හොදම හොද කෙනෙක් ...එයාගෙ ලස්ස්නත් එහෙමමයි බලන්නකො වෙඩින් ෆොටෝවල එයාගෙ ලස්සන...එයා මට ගොඩක් හොදට සැලකුවා මාව සතුටෙන් තියන්න හැමදේම කරා...ඒත් අපිට හැම වෙලේම මොකක් හරි ලොකු ප්‍රශනයක් තිබුනා...එයාගෙ අම්මා තාත්තා එක ලග මැරුනා...අපේ තත්තා මැරුනා..අම්මා ලෙඩ උනා...මේ ගෙදර මගේ ඉඩම ඒකට අපේ ලොකුන් තාත්තා නඩුවක් දැම්මා....ඒකෙන් ගේ හදන වැඩ නැවතුනා....ලමයි හිටියෙ නෑ....ලමයි නෙතුව දුක් විදලා දුක් විදලා ...දරුව ලැබෙන්න ආවා විතරයි එයාට කැන්සර් එඅකක හදුනා....මේවගේ ප්‍රශ්න ගොඩයි....ඒත් මට තාම දුකයි මගේ අහින්සක කෙල්ල පොඩ්ඩක්වත් වෙනස් උනේ නෑ අන්තිම මොහොතවෙනකන්ම"
උදේශ් අයියා පිටිපසේන් ගිහින් ගිහාන් අයියා එයාව බදාගෙන නලල ඉම්බා...උදේශ් අයියගේ ඇස් වල කදුලු මෝදු වෙනවා
උදේශ් අයියා ආයෙමත් කතාකරා ගිහාන් අයියා එයාගෙ ඇස් වල කදුලු පිහිදන ගමන්
"ගිහාන් මට එකට ඉමු කියලා යෝජනා කරද්දි මම ඒකට බය උනා ...කලින් වතාවෙ උනදේ නිසා...අපි ගිහින් කේන්දර බැලුවා ...කේන්දර බලපු වෙදමහත්තයා කියුවා....ලෝකෙ මට ගලපන්න පුලුවන් එකම කේන්දරයයි තියෙන්නේ ...ඒක හරියටම හොයාගෙන කියලා...ගිහාන්ගෙ ග්‍රහපිටීමෙන් මගේ අපල ඔක්කොම කැපිලා යනවලු....කොහොමටත් ගිහාන්ගෙ කේන්දරේ අපල විභන්ගන යෝගයක් තියෙනවලු ඒකියන්නේ මොනතරම් අපල තියෙන කෙනෙක් එක්ක උනත් ඉන්න පුලුවන් ගතියක් ....මම දන්නෙ නෑ ඒවා මොනතරම් ඇත්තද කියලා ....ඒත් අපි දෙන්නා එකට ඉන්න ගත්ත දවසේ ඉදලා කරදර අඩු උනා....ඉඩමෙ නඩුව ලොකුතාත්තා අයින්කරගත්තා...මැරෙන්නම ගිය අම්මා හොදටම හොද උනා....ගෙදර වැඩ මාස කීපෙකින් ඉවර උනා...අපි දැන් හිතේ කරදරයක් නැතුව ඉන්නවා...එකම දුක මගේ වයිෆ් අපි අතරෙ නැති එක...ඒත් එයා උනත් අපේ පව්ල ඩිහා බලල ඉන්න තැනක ඉදන් සතුටුවෙනව ඇති ඒකයි මේ ගෙදර මේ තරම් ලස්ස්න...අපි හැමෝම පුලුවන් හැමවෙලේම පින්කම් කරලා එයාට පින් දෙනවා"
කේන්දර්‍ර කොහොම වෙතත් ගිහාන් අයියා කරන වැඩක් හරියට කරන මිනිහෙක්
එයාගෙ සාත්තුව නිසා උදේශ් අයියගෙ අම්මා හොදවෙන්න ඇති
ගෙදර හදන වැඩෙත් ගිහාන් අයියා පිලිවලට කරපු නිසා ඉක්මනින් ඉවර වෙන්න ඇති
ගිහාන් අයියා කියුවා මට මතකයි එයා ඉතුරු කරපු සල්ලි ටිකක් උදේශ් අයියගෙ ලොකු තාත්තට දීලා නඩුව ශේප් කරගන්න කතාවක්
එහෙම බැලුවම කේන්දර නිසා නෙමෙයි ගිහාන් අයිය නිසයි කදර විසදුනේ
අනේ මගේ සූකිරිත් ගිහාන් අයියා වගේ ආදරනීය කෙනෙක් උනානම්
ගෙදර වෙනුවෙන්න් මීටවැඩිය කැපවෙන...ගිහාන් අයියා වගේ මාවයි දූවයි බලා ගන්න ...වෙන උන් ගැන නොහිත වැඩිය දැගල්ලි නැතුව තැමපත් විදියට ඉන්නවනම්
නිවිහැන හිල්ලේ පිලිවලට වැඩටික කරන් දේශපාලනේ අත ඇරලා මම එක්කම ඉන්නවනම්
අපෙත් අපල ඔක්කොම දුරු වේවි
දූව දහම්පාසල් දාලා උදේශ් අයියගේ අම්මත් ආවා භාවනා පන්තියත් ඉවර උනාට පස්සේ
ඇන්ටිත් එක්ක පොඩ්ඩක් කතාකර කර ඉදලා මම ආවේ දෝනිව මතක් උන නිසා
මම් එයාට රෑත් කීප සැරයක්ම කතා කරා...අද වැඩක ඉන්නෙ කියලා
හාන් එයා කැමති නෑ රෑට මමයි සූකිරී දෙන්නම පිට ඉන්නවට
ගිහාන් අයියා මාව හෝටලේට ඇරලුවා මම මගේ වාහනේ තිබුන ඇදුමක් අරගෙන වෙහිකල් පාක් එකේදිම ඇදිම් මාරු කරන් ගිහාන් අයියට යන්නන්ම් කියලා ගෙදර ආවා
සූරියගහ මන්දිරේට එනකොට සූකිරි පත්තර බලනවා දෝනි සෙල්ලම් කරනවා
මට ඒක දැකලා යකා නැග්ගා
"මොකද දෝනි අද දහම්පාසැල් ගියේ නැත්තේ" මම් එනවා දැකලා ඇගේ එල්ලුනු දූව වඩාගන්න ගමන් මම ඇහුවා
"තාත්ති නෑනේ"
"ආඅ මෙන්න හරි වැඩකනේ මේ අප්පච්චි හිටියෙ...."
"මම දූගෙ පබලු ,ආලෙ දාපු තැන දන්නේ නෑ"
"ඔවු ඉතින් ඔයා දනෙ කොහොමද දරුවගෙ වැඩ ගැන හොයලා බලන්නෙ මම නේ...මාලෙ නෑ කියලා දහම්පාසල් නොයව ඉන්නවද...යනගමන් කඩේකින් එකක් අරන්දෙන්න තිබුනන්නෙ"
"ඔන්න පොඩ්ඩි මම කියුවනේ...තත්තිගෙන් බැනුම් අහන්න වෙන්නෙ මට කියලා....එයාගෙම මාලෙයි දහම්පාසල් බැජ් එකයි නැතුව යන්න බෑ කියලා ඇඩුවෙ දෝනිමයි....ඔයාඔයගෙ දූගෙන්ම අහගන්න"
සූකිරි බලල ඉන්න පත්තරේ දකට නවලා පුටුවෙන් නැගිටින ගමන් කියුවා
"දුව යන්න ගිහින් ආයා එක්ක ලේස්තිවෙන්න ...දොලහට පස්සේ භක්තිගීත පුරුදුකරනවා කියලා දහම්පාසලේ සන්ගීතසර් මැසේජ් එකක් දාලා තිබුනා ..ඒකටවත් යන් අඩු ගානේ...නැත්තන් කන්ඩායමෙන් මොයාව අයින් කරයි"
මම දූව බිමින් තියලා එයාගෙ රූම් එක පැත්තට තල්ලු කරනගමන් කියුවා
"ඒක හොදයි අපි තුන්දෙනාම යන් අපිට පන්සලුත් ගිහින් එන්න පුලුවන්..." සූකිරි මගේ දිහා බලාගෙන කියුවා
"නෑ නෑ ඔක්කොම යන්න ඕනි නෑ දූගෙ වැඩේට එක්කෙනෙක් ගියාම ඇති...එහෙනම් මම ගෙදර ඉන්නම් ඔයා දූව එක්කගෙන යන්න...එත් ඔයා ඔය ආරක්ශකයො ගොඩක් එක්ක පන්සලට ගියාම ...පන්සලේ වදින්න එන අයටත් කරදරයි...දහම් පාසලේ ලමයින්ටයි ගුරුවරුනත් බාදා වෙනවා" මම සූකිරිගේ පැමිනීම ප්‍රතික්ශේප කරා
"ඊයෙ කොහෙද ගියේ...ඔයා යන තැනක් එන තැනක් කියන්නෙත් නෑ දැන්"
"ඇයි මට මගේ වැඩ කරගන්න හොද නැද්ද...ඔයාට විතරද වැදගත් ව3ඩ තියෙන්නේ...මට හදිස්සි වැඩක් වැටුනා ඒකයි ගියේ"
"මම ඔයාට කියුවා මම යන තැනනම්...ප්‍රොවිශල් කවුන්සිල් නොමිනේශන් සෝට් කරලා ඉවර වෙද්දි රෑ දෙකහමාරයි මම තුනට ගෙදර ඇවිත් බැලුවා ඔයා නෑ...ෆෝන් එකත් ඕෆ්"
නොදකින් බූරුවා ලස්ස්නට බොරුව එද බාපු හැටි
බොරු කියන්න එපායකෝ කියලා දත් ටික බඩට යන්න හොම්බට හැටක් දෙන්න හිතුනත් එහෙම කරන්න බෑ
මම හිය හොරගමනත් අහුවෙනවනේ
අනික රිමාන්ඩ් එකේ රැයක් ඉදලාඅ ඇවිත් මෙහෙම ලොකුකම් දාන්නත් බෑනේ
"නාමා යෝජනා කොහොම වෙතත් තමුසෙට මගුල් යෝජනානම් ඕනෙ තරම් එනවා ඇති...ඒවා තෝරලානම් මහන්සි ඇති...මගෙන් අහගන්න එපා..." මම ගිහින් කේන්තියත් එක්ක දඩස් ගලා දොරවහගත්තා කේන්තියට
ඇද උඩට වැටිලා කෙස් අදිනගමන් කොට්ටෙත් හප හප කල්පනා කරේ
මූ ඊයෙ තව මොන මොන වනචර වැඩ්කරලා ගෙදර එන්නා ඇද්ද
ශික් මට බීල වෙරි නොවී මුගේ පස්සෙ ගිහින් ජරාවැඩක් කරද්දි අතටම අල්ලගෙන මේ බොරු සම්බන්දෙ ඉවරයක් කරන්න තිබුනේ
මට අපේ අතීතෙ ලස්ස්න ආදරනීය සිද්දි අමතක වෙලා නරක නපුරු තැන් ආයෙ ආයෙ පේන්න ගත්තා
සූකිරි මම කොලබ ඇවිත් එයාව හොයගෙන ගියාම මට බැනපු හැටි
එදා මම වැඩ කරපු ක්ලබ් එකේ අනික් අය ඉස්සරහ මට බැනපු හැටි
මම වහ බීලා දුක් බිදිද්දි එයාගෙ අරමුනට යන්න ඔනි කියලා මාව දාලා ගිය හැටි ඔක්කොම මතක් වෙලා
මට සූකිරිව එපාම උනා
ඒකත් පුදිම වැඩේ කියනේ...අපිට මිනිහෙක් ගැන නරක ඔඇත්ත ඔඒන්න ගත්තම එයා ගැනතිබුන නරක්q දේවල්ම මතක් වෙනවා...හොද ඔක්කොම අමතක වෙනවා

Czytaj Dalej

To Też Polubisz

1.4M 47.6K 61
Myanmar × BL Uni/Zaw [ 2 ] Warning..... Start Date: 29.9.2023 End Date: 20.11.2023 Photo Crd
1.3M 93.9K 126
credit to original author Shui Qian Cheng. This story belongs to Rosy0513 . I am just a translator. This cover photo is not belong to me.
1.6M 66.2K 77
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...