ep 96

561 98 0
                                    

Ep 96
"මහත්තයා මහත්තයා..."
එලිවෙන්න ඔන්න මෙන්න තියෙද්දි නින්දගිය නිසා මම ඒවෙනකොටත් හිටියේ මර නින්දේ
දෝනි මාව හොලවලා නැගිට්ටපු නිසා මම ගැස්සිලා ඇහැරුනා

"සිකියුරියි සීයා කතාකරනවා තාත්තී..." මම් දෝනිව වඩාගෙන පහලට ගිහින් දූව ආයාට දීලා එලියට ගියා

"මහත්තයා යමු බලන්න ...ඊයෙ අපේ ගෙදරට පැනපු මිනිහා ඉන්මවා "

මමත් ඇදන් හිටිය ගල් ශෝටයි ටෑන්ක් ටොප් එකයි පිටින් ඇස්වල කබ කඩකඩ සිකියුරටි අන්කල් පස්සෙන් ගියා

අපේ ගෙදරට මිටර් 100ක් දුරින් මිනිහා වැටිලා

වටේ අපරාදයක් සිදුවු ස්තානයක් කියලා කහපාට පටි ඇදලා
වටේ මිනිස්සුත් 20ක් 30ක් පිරිලා

මුලින්මට ලැජ්ජ හිතුනා ...මේ කොට නිදියන ඇදුම් ඇදගෙන එලියට යන්න ..

ඒත් අපේ සික්කා මාව තල්ලු කරගෙන කරගෙන රවුමේ ඉස්සරහටම

සතෙක් කාලා ලු ...මිනිහා කාපු සතාවත් මරලා...නිකන් නාගමාපිලෙක් වගේ...

ඒ මිනිහා ඇදලා හිටියේ අපේ තාප්පේ පැටලුන රෙදි කෑලට සමාන ඇදුමක්

මම ඒමිනිහව දන්නෙ නෑ අවුරුදු 35ක් විතර මූන පුරා රැවුල වවපු මිනිහෙක්

මේ මිනිහද අපේ උඩ තට්ටුවේ හිටපු එකා...ඌ මොන මගුලකට අපේ රූෆ් ටොප් එකට වෙලා හිටියද ?

එතැන හිටපු චීෆ් ඉන්ස්පෙක්ටර් මහත්තයා මාව හදුනගත්තා ..මම් එයාව සූකිරි යන පාටි කීපෙකදිම මුන ගැහිලා තියෙන්වා

මම මිනිහට මගේ කතාව කියුවා

ඇත්තද ඒක හොද තොරතුරක් මේ ගැන වැඩි දුර කතා කරන්න මහත්තයලගෙ ගෙදරට යමුද?
අපිට ගෙදර වටේ ඉන්ස්පෙක්ශන් කරන්නත් ඕනි

මම ඒ ඔෆිසර් එක්ක ආවා තව පහක් හයක් විතර වෙන පොලිස් කන්ඩායමට මට ඇහුන දැක්ක දේවල් කියුවා

අර මිනිහගේ කැඩිච්ච කබා කෑල්ලත් තාප්පේ උඩ ගහපු කටු කම්බිවල පැටලිලා තියෙනවා පෙන්නුවා

ගේ වටේ ලොකු රවුමක් ගිහින් ඉන්ස්පෙක්ටර් අපේ ගාඩ්න් එකේ තිබුන පුටුවේ වාඩිවෙලා මාත් එක්ක කත කරා

HatharawaramWhere stories live. Discover now